ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ප‍්‍රකාශයක් –
වැලිවේරිය, රතුපස්වල ඝාතන විසින් ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය තියුණු නාභිගත වීමකට ලක් කර තිබේ. හමුදාවේ කි‍්‍රයාවන් මගින් ඝාතනයට ලක්වීම හෝ සෙසු ආකාරයකින් බරපතළ ලෙස තුවාල ලැබීම පිළිබඳ චෝදනා ඔප්පු කිරීමේ භාරය දැන් ජනතාව මතට මාරු කර තිබේ. මේ අතර හමුදාව විසින් සිදුකළ මේ හිංසාවන්ගේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වීම හේතුවෙන් ජනතාව භීතියෙන් ජීවත් වෙති.
සියලූ අපරාධ රජයට එරෙහි අපරාධ ය සියන්න මූලිකම මූලධර්මයන්ගෙන් එකකි. ඒවා සිවිල් වැසියන් විසින් සිවිල් වැසියන්ට එරෙහිව සිදුකළ ඒවා වුවත්, පොලීසිය හෝ හමුදාව වැනි රජයේ නියෝජිතයන් විසින් සිවිල් වැසියන්ට එරෙහිව සිදුකළ ඒවා වුවත් විමර්ශනය කිරීමේ සහ වරදකරුවන් ට දඬුවම් පැමිණවීමේ භාරය තිබෙන්නේ රජය වෙත ය.
වරදකරුවන් රජයේ නියෝජියන් බවට චෝදනා නැගෙන විට එකී චෝදනා නිසි ලෙස විමර්ශනය කිරීමටත් අපරාධකරුවන් හැකිතාක් විගස අධිකරණ ඉදිරියට ගෙන ඒමටත් රජයට විශාල භාරයක් තිබේ. මෙකී මූලික බැඳීමට ද ශ‍්‍රී ලංකාව ව්‍යතිරේඛයක් සේ ය. රාජ්‍ය නියෝජියන් විසින් සිදුකළ අපරාධ ඔප්පු කිරීමට සිදුව තිබෙන්නේ ද ජනතාවට ය. ඒ, ඔවුන් තාඩන පීඩනවලටත් තර්ජනයන්ටත් ලක්වන අතරතුරම ය.
රාජ්‍ය නියෝජිතයන් ඝාතන සහ රජයට එරෙහි වෙනත් අපරාධවලට සම්බන්ධ බවට චෝදනා පවතින විට එම ගැටලූ විමර්ශනය කිරීම සඳහා රජයට තමන්ගේම නියෝජිතායතන තිබේ. එබඳු විමර්ශනයන් සිදුකරන ක‍්‍රමවේදය හමුදා මෙන්ම පොලිස් අත්පොත්වලද මනා ලෙස දැක්වේ.
හමුදා මෙහෙයුමකදී සිදුකළ අපරාධ පිළිබඳ සාක්ෂි පහත දැක්වෙන නියම කර තිබෙන කාර්යපටිපාටීන්ගෙන් ලෙහෙසියෙන්ම අල්ලා ගන්නට පුලූවන. මෙහෙයුමට නායකත්වය දුන් අය එයින් අපේක්ෂා කළේ කුමක්ද යන්නත් මෙහෙයුමට සහභාගිවූවන් කි‍්‍රයාකළ යුතුව තිබුණේ කුමන නීති රෙගුලාසි යටතේද යන්නත් දනිති. උල්ලංඝනයන් සිදුව තිබේ නම්, ඒ උල්ලංඝනයන් මොනවාද යන්න සඳහන් කිරීමත් ඉන් පසුව එකී උල්ලංඝනයන් සිදුවූයේ කෙසේදැයි මෙහෙයුමට දායක වූවන්ගෙන් ප‍්‍රශ්න කිරීමත් මෙහෙයුම ට නායකත්වය දුන් අයගේ රාජකාරියයි.
රාජ්‍ය නියෝජිතයන් වන අය, සිදුවූයේ කුමක්දැයි ස්වකීය ප‍්‍රධානීන් හට හෙළිකිරීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේවල් අතරින් එකකි. මෙය පවා කළ නොහැකි නම් රජය සහ මෙහෙයුම ට නායකත්වය දුන් අය සහ මෙහෙයුමට සම්බන්ධ වූ අය අතර පවතින සම්බන්ධතාවයම ප‍්‍රශ්නකාරී වේ.
ඒ මට්ටමේ විනයක්වත් සහතික කළ නොහැකි නම් රජයේ නියෝජිතයන් ඔවුන්ගේ බැඳීම් නිසියාකාර ලෙස පවත්වාගෙන යන බවට සහතික වීම ආණ්ඩුවේ නායකත්වයේ වගකීමයි.
එසේ වුවත්, ඉහතින් දැක්වෙන කාටුනය පෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ හැම දෙයක්ම තනිකරම ඔලූවෙන් හිටවී ඇති බවයි. තවද ඒ තත්වයට බිලිවී ඇති ජනතාවම තමන්ගේ විමර්ශකයන් සහ අභිචෝදකයන් බවට පත්වන තත්වයට ඇද දමා ඇති බවයි.
*ආසියානු මානව හිමිකම් කොමිසම: ආසියානු මානව හිමිකම් කොමිසම කලාපීය වශයෙන් කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර ආසියාවේ මානව හිමිකම් සුරක්ෂණය සහ ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ඒවා අධීක්ෂණය, කඩවීම් ලේඛනගත කිරීම හා යුක්තිය සහ ආයතනයික ප‍්‍රතිසංස්කරණ සඳහා උපදේශන ලබාදීම සිදුකරයි. හොංකොං හි පිහිටා තිබෙන ආසියානු මානව හිමිකම් කොමිසම 1984 වසරේ පිහිටුවනු ලැබීය.
Arumugan / August 23, 2013
Lankawe prashna manawa himikam mandalawala genihin ratata videsha balapam athikarana eka hari waradi.sidda una deta rajaya parikshana karamin inne.e nisa sdarana wisadumak labena thuru iwasimen bala sitima janathawage uthukamak.
/
Pabodha / August 23, 2013
එතකොට හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ ඒ පරීක්ෂණත් හමුදාවටම බාර දීමත් සාක්කි දෙන්න නම් කෑම්ප් එකට වරෙව් කියන එකත් හරිද ආරුමුගන්?
/