Colombo Telegraph

විධායකය විසින් තනි කැමැත්තට පත් කළ ශ‍්‍රී ලංකාවේ ඞී ෆැක්ටෝ අගවිනිසුරුවරයා කැකිල්ලේ නඩු තීන්දු දීම ආරම්භ කළේය

විධායකය විසින් තනි කැමැත්තට පත් කළ ශ‍්‍රී ලංකාවේ ඞී ෆැක්ටෝ අගවිනිසුරුවරයා කැකිල්ලේ නඩු තීන්දු දීම ආරම්භ කළේය. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ අලූත්ම නෛතික ප‍්‍රවණතාවය වන්නේ ගැටලූව ඇති කළ පුද්ගලයා වෙතම ගොස් ගැටලූව ගොඩින් බේරාගැනීමයි. එවිට වරදකරුවාම තීන්දුකරු බවට පත්වෙයි. එසේනම් ලංකාවට අධිකරණ, විනිසුරුවරුන් හෝ නීතීඥවරුන් කුමටද? මේ සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම ”ශ‍්‍රී ලංකාව: අධිකරණයේ අධිකාරිය රැඩිකල් ලෙස අත්හැරීම-බලතල බෙදීමට එල්ල කළ ප‍්‍රහාරයක්” යන මැයෙන් ඉදිරිපත් කළ විමසුමයි, මේ.

මොහාන් පීරිස්

අග විනිසුරු මොහාන් පීරිස්, මෙයට දින කිහිපයකට ඉහතදී මූලික අයිතිවාසිකම් අයදුම්පතක් තවදුරටත් සලකා බැලීම නතර කර දැමුවේ, නඩුවට අදාළ ගැටලූවල අභ්‍යන්තරට යාම සඳහා අවශ්‍ය තාක්ෂණික නිපුණත්වය අධිකරණයට නොමැති බව සඳහන් කරමිනි. මෙම තීරණය දෙනු ලැබුවේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩුවකදී ය. බීබීසී සිංහල සේවය වාර්තා කළේ, නීතීඥවරුන් ශ‍්‍රී ලංකාවේ තිබෙන හැම ප‍්‍රශ්නයක් ගැනම නඩු ගොනු නොකළ යුතු යැයි ද අගවිනිසුරුවරයා තවදුරටත් සඳහන් කළ බවයි.

අදාළ ආණ්ඩුවේ ආයතන සමග මෙකී ගැටලූ විසඳාගැනීම සඳහා කතාබස් කරන ලෙසට නීතීඥයන් විසින් ස්වකීය සේවාදායකයන් හට උපදෙස් දිය යුතු යැයි ද ඔහු සඳහන් කළේය. ඔහු නැවත නැවතත් කියා සිටියේ මෙකී නඩුවලදී උද්ගත වන තාක්ෂණික ගැටලූ බොහොමයක් විමසා බැලීම සඳහා අධිකරණයට ශක්නුවත් බවක් නොමැති බවයි.
තාක්ෂණික නොහැකියාව මත මූලික අයිතිවාසිකම් අයදුම්පතක් විභාග කිිරීම අත්හිටුවීමේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙබඳු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රථම අවස්ථාවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන පරිදි, මූලික අතියිවාසිකම් අයදුම්පතක් ගොනු කළ වහා, අධිකරණය එහි හරය විමසා බැලිය යුතු වන අතර, එහි විභාගකිරීමට කරුණක් තිබේ නම් අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත්කර නඩු විභාගය සඳහා නියම කළ යුතුය. මෙම අවසන්න අදියරේදී නීතීඥවරුන් විසින් සිය ලියකියවිලි සම්පූර්ණ කර සිය කරුණු කියාපෑම් ඉදිරිපත් කළ විට අධිකරණය විසින් ගැටලූව පිළිබඳ තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. නඩුව විමසා බැලීම සඳහා තාක්ෂණික නිපුණතාවක් නොමැති වීමේ පදනම මත අධිකරණය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාමය විධිවිධාන අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

අගවිනිසුරුගේ මෙම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තත්වයට බරපතළ ලෙස හානි සිදුකරනු ඇත. ශ‍්‍රී ලංකාවේ නීතියේ පදනම මත තමන් ඉදිරියේ තබන සියලූ ගැටලූ විනිශ්චය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ශක්නුවත් යැයි බලාපොරොත්තු වේ. වාර්තා වූ පරිදි අගවිනිසුරු කියා තිබෙන්නේ අදාළ මහජන ආයතන වලට සම්බන්ධ ගැටලූ විසඳීම නීතීඥවරුන් විසින් භාරගත යුතු බව සහ එහිදී ඒවාට මැදිහත් වී ඒවා සමථයකට පත් කළ යුතු බව ය.

නඩු මාර්ගය සහ ගොඩින් බේරාගැනීම අතර වෙනස

ඔහුගේ/ඇයගේ අයිතිවාසිකම් ආණ්ඩුවේ අධිකාරියක් මගින් උල්ලංඝනය වී ඇති බව සහ ඔහු/ඇය එකී උල්ලංඝනය සඳහා හානිපූරණයක් සිදුකරගැනීම සඳහා නීතියේ පිහිට තිබිය යුතු බවට සිතන පාර්ශවයක් සමග නඩු කීමේ කි‍්‍රයාවලිය ආරම්භ වේ. එබඳු ගැටලූවක් නැවත සාකච්ඡුා මේසයට යොමුකිරීම වනාහී සමස්ත ගැටලූවම අධිකරණයෙන් පිටත තැබීමකි. අධිකරණයේ අධිකරණ බලය මගින් නඩුකියන්නාට නීතියෙන් හිමිවන දෑ සොයාබැලීමක් සිදුකරයි. ඔහු/ඇය අධිකරණයට එන්නේ අධිකරණය සිය නීතිමය හිමිකම් සාක්ෂාත් කරනු ඇතැයි සහ ඒවාට අදාළ මහජන අධිකාරිය ගරුකරනු ඇතැයි යන පදනමෙනි. ඔහු සිය ගැටලූව යොමුකරන්නේ අධිකරණමය තීන්දුවක් සඳහා මිස මුල් අවස්ථාවේදීම සිය අයිතීන් උල්ලංඝනය කර තිබෙන මහජන අධිකාරියේ තීරණයක් සඳහා නොවේ. 

අධිකරණය ඉදිරියේ සිය ගැටලූ විභාග කිරීමෙන් නඩු කියන්නන් නෙරපා හැරීම මගින් නඩු කියන්නන්ගේ අයිතිවාසිකම් බරපතළ ආකාරයට උල්ලංඝනය වෙයි. අධිකරණය යම් ගැටලූවක් තුළට ගමන් නොකරන බව සහ සාමාන්‍ය නෛතික කි‍්‍රයාදාමයට ඉඩ නොදෙන බවට තීරණය කරන විට පුරවැසියා නීතියේ නිසි කි‍්‍රයාදාමයෙන් පිටත තැබෙයි.

එහි ප‍්‍රතිඵලය වන්නේ, නඩු කියන්නා ව මහජන අධිකාරියේ හොඳහිතට භාජනය කරවීම සහ තමන් විසින් කරන ලද වැරැුද්ද නිවැරදි කර ගැනීමට මහජන ආයතනය අකමැති වන්නේ නම්, ගැටලූව එතැනින් නිම වීමයි. මේ අනුව තමන් විසින් සිදුකරන ලද උල්ලංඝනයන් ට අදාළ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සලකා බැලීම සඳහා අධිකරණවලට තාක්ෂණික ශක්නුතාවක් නොමැතිවීම යන පදනම මත අධිකරණ විසින් එකී අයදුම්පත් සලකා නොබලන බව දැනගන්නා නිසා, මහජන අධිකාරීන් ට පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අතිවිශාල බලයක් සැපයෙනු ඇත. මේ අනුව පුරුවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් නිහීන ලෙස උල්ලංඝනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබූ මේ තීරණය නිසා උද්ගත විය හැකි ප‍්‍රතිඵලයක් සේ පෙනේ.

නීතීඥවරුන්ගේ භූමිකාව ට හානි කිරීම

නීතීඥවරුන්ගේ භූමිකාව වන්නේ සිය සේවාදායකයන් විසින් නගනු ලබන නීතියට අදාළ ගැටලූවල වෘත්තීය සේවාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සහ සේවාදායකයන් විසින් එකී ගැටලූ අධිකරණය වෙත ගෙන යන්නැයි ඉල්ලා සිටින විට එම කි‍්‍රයාවලිය සඳහා ඔවුන්ට උපකාර කිරීමයි. අධිකරණයෙන් ප‍්‍රතිකර්මය නොසොයා ඒ වෙනුවට මහජන අධිකාරීන් සමග පුද්ගලික සමථකරණයන්ට යන්නැයි සිය සේවාදායකයන්ට පවසනු ඇතැයි නීතීඥවරුන්ගෙන් අපේක්ෂා කිරීම ඔවුන්ගේ භූමිකාවට බරපතළ ලෙස හානි පැමිණවීමකි. නීතීඥවරයෙක් යනු හුදු මැදිහත්කරුවෙක් නොවේ.

සිය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සිතන හෝ සිය හිමිකම් වලට ගරු කර නැතැයි සිතන පුද්ගලයන් වෙත ලබාදිය හැකි ප‍්‍රතිකර්ම අනුව සහ නෛිතක කි‍්‍රයාදාමය අනුව නීතීඥවරයාගේ භූමිකාව නිශ්චය වේ. නීතිඥවරයා සහ ඔහුගේ/ඇයගේ සේවාදායකයා අතර පවතින සම්බන්ධතාවය පදනම් වන්නේ සේවාදායකයන්ගේ ගැටලූව පිළිබඳ අවබෝධය මත ය. එම අවබෝධය අනුව සේවාදායකයාගේ ගැටලූව සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ නෛතික ප‍්‍රතිකර්මයක් තිබේද නොතිබේද යන්න පිළිබඳ උපදෙස් ලබාදීම නීතීඥවරයාගේ රාජකාරියයි. නීතියේ නිසි අවබෝධය මත සේවාදායකයා අධිකරණයට සිය ගැටලූව ගෙන යාමට අදහස් කරයි නම්, නීතීඥවරයා ඔහුට/ඇයට සහයෝගය ලබාදීමට බැඳී සිටියි. නීතීඥවරයාගේ කාර්යභාරය වන්නේ සේවාදායකයන්ට ඔවුන්ගේ නෛතික හිමිකම් අත්නොහරින ලෙසට උපදෙස් ලබාදීමයි. එසේ අත්හරින ලෙසත්, මහජන අධිකාරීන් සමග සමගි සමාදානයකට යන ලෙසත් සේවාදායකන්ට උපදෙස් ලබාදීම දක්වා නීතීඥවරයාගේ භූමිකාව හීන වේ නම්, එය නීතීඥවරයාගේ භූමිකාවේ සිදුවන මූලිකම රූපාන්තරණයකි. විපරිතයකි. මේ මාර්ගයෙන් නීතීඥවරු, මහජන අධිකාරීන් සහ ඔහුගේ/ඇයගේ සේවාදායකන් අතරට යන අතරමැදියන් බවට පත්වෙති. මේ අතර තමන්ට ඔවුන් ඉදිරියට පැමිණීමට හේතුවක් නැතැයි පවා මහජන අධිකාරීන් විසින් නීතීඥවරුන්ට පැවසීමට ඉඩ තිබේ.

තාක්ෂණික ගැටලූ සඳහා නිපුණතාව සම්බන්ධයෙන් වන ප‍්‍රශ්නය

අධිකරණය ඉදිරියට එන බොහෝ ගැටලූ, ඒවා මූලික අයිතිවාසිකම් මත පදනම් වූ ඒවා වේවා නැතිනම් සිවිල් නඩු පැවරීම හෝ අපරාධ නඩුවිධානය පිළිබඳ හෝ වේවා, ඒවායේදී පැන නගින ගැටලූ සම්බන්ධයෙන් අධිකරණයට සම්පූර්ණ දැනුමක් නොමැති ප‍්‍රශ්න රාශියක් තිබෙන්නට පුළුවන. සියලූ රටවල නීති මගින් මේ ගැටලූවට විසඳුමක් සොයාගෙන තිබේ. එම විසඳුම වන්නේ අධිකරණය ඉදිරියට කැඳවන විශේෂඥ මත මාර්ගයෙන් එය සිදුකිරීමයි. අධිකරණයට සාක්ෂි කැඳවීමේ මාර්ගය හරහා විශේෂඥ මත ඉල්ලා සිටීමට පුළුවන් අතර එසේ ඉදිරිපත් වන විශේෂඥ මතයන් මත පදනම් ව අධිකරණයට සිය තීන්දු ලබාදීමට පුළුවන. යම්කිසි විශේෂිත විෂයයක් සම්බන්ධයෙන් අධිකරණයට තාක්ෂණික දැනුමක් නොමැති වන විටදී අධිකරණය විසින් බුද්ධිමතුන්ගේ දැනුම ලබාගැනීමේ හැකියාවෙන් යුතු යැයි සහ නීතිය පිළිබඳ දැනුමෙන් යුක්ත යැයි අපේක්ෂා කරන අතර මේ අනුව තමන් ඉදිරියේ පළ කෙරෙන විශේෂඥ මත අනුව තීන්දුවක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරයි. 

අග විනිසුරු මොහාන් පීරිස්ගේ ස්ථාවරය වන්නේ, අධිකරණයට බුද්ධිමතුන්ගේ මතයන් ලබාගැනිමේ හැකියාව සහ තාක්ෂණික ගැටලූ සම්බන්ධයෙන් තමන් ඉදිරියේ තැබෙන විශේෂඥයන්ගේ මත සමග ගනුදෙනු කිරීමේ නෛතික දැනුම නොමැති බව නම්, එවිට ප‍්‍රශ්නය වන්නේ තාක්ෂණික ගැටලූ සම්බන්ධයෙන් දැනුම නොමැති වීම නොව අධිකරණවලට නිපුණතාවයක් නැති බව කියාපෑමට නොහැකි ගැටලූ පිළිබඳ ව නිපුණතාවක් නොමැති වීමයි. තමන් වෙත සාක්ෂි සමග ඉදිරිපත් වන බුද්ධිමතුන්ගේ දැනුම සම්බන්ධයෙන් නිපුණතාවක් නොමැති යැයි කියාසිටීමට හෝ තමන් ඉදිරියට එන ගැටලූ සම්බන්ධයෙන් විශේෂඥයන් නගන ප‍්‍රශ්න සමග ගනුදෙනු කිරීම සඳහා සුදුසු නීතිමය දැනුමක් නැතැයි කියාසිටීමට අධිකරණයට අයිතියක් නොමැත.

අධිකරණයේ කි‍්‍රයාකාරිත්වය අත්හැර දැමීම

තමන් නිපුණත්වයෙන් හීන බව සහ ඒ අනුව සිය ගැටලූවලට නෛතික ප‍්‍රතිකර්ම සොයන පුරවැසියන් විසින් ඉදිරිපත් කරන අයදුම්පත් විමසා නොබලන්නේ යැයි අධිකරණ තීන්දු කරයි නම්, එය පැහැදිලිවම අධිකරණ නියැළිය යුතු වන අධිකරණ කි‍්‍රයාවන් ඒවා විසින්ම අත්හැර දැමීමකි.

විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන විට සිදුකරන එක් උපකල්පනයක් වන්නේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි ද ඇතුළත්ව තමන් ඉදිරියේ තබන සියලූ සාක්ෂි විමසා බැලීමේ බුද්ධිමය හැකියාව සහ නෛතික පසුබිම ඔවුන් සතු බවයි. තාක්ෂණික ගැටලූ සම්බන්ධයෙන් එබඳු සාක්ෂි ඉදිරිපත් වන විට අත්‍යවශ්‍ය ප‍්‍රශ්න එකී විශේෂඥයන්ගෙන් විමසීමටත්, එකී ගැටලූ සඳහා තීන්දුවක් ලබාදීමට අදාළ වන අත්‍යවශ්‍ය පැහැදිලිකිරීම් ඔවුන්ගෙන් ලබාගැනීමටත් අධිකරණයට අයිතිය තිබේ. විශේෂඥ උපදෙස් ලබාගැනීම හැරුණු විට, අධිකරණය විමසා බලන ගැටලූවට අදාළ විය හැකි පැහැදිලිකිරීම් අධිකරණය ඉදිරියේ තබන ලෙස නීතීඥවරුන්ගෙන් ඉල්ලා සිටීමට ද අධිකරණයට අයිතිය තිබේ. අධිකරණය ඉදිරියේ පැන නගින අදාළ ගැටලූ සම්බන්ධයෙන් මගපෙන්වීම සැපයීමට නීතීඥවරු ද සිය වෘත්තියෙන්ම බැඳී සිටිති. 

ශ‍්‍ර‍්‍රී ලංකා නීතීඥ සංගමය සලකා බැලිය යුතු ප‍්‍රශ්නයක්

නීතීඥවරුන් අධිකරණයට පැමිණීම වෙනුවට මහජන අධිකාරීන් වෙතට යා යුතු බව අගවිනිසුරු විසින් සඳහන් කිරීමේ ගැටලූව නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සමග බරපතළ ලෙස ගණන් ගත යුතු ප‍්‍රශ්නයකි. නීතියේ පදනම අනුව සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම මගින් නීතීඥ සංගමය මේ ගැටලූව සම්බන්ධයෙන් වන නෛතික තත්වය පැහැදිලි කර ගත යුතු වේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැටලූව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව කුමක් වුවත් එය නීතිය මත පදනම් විය යුතුය. අධිකරණය නීතිය මත පදනම් නොවී තීන්දු ලබාදෙයි නම් එය, අධිකරණ විසින්ම නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. මෙය, නීතිය මගින් නියම කර තිබෙන කාර්ය පටිපාටියට මෙන්ම අධිකරණය ඉදිරියේ සහ සිය සේවාදායකයන් ඉදිරියේ ඔවුන්ගේ නෛතික ස්ථාවරත්වයටද බලපෑම් කරන්නක් වන හෙයින් නීතීඥ සංගමය මෙම ගැටලූව සලකා බැලිය යුතු වේ. එසේ කිරීමේදී, මහජන අධිකාරීන් නඩුවල අවසන් බේරුම්කරු වූ අතීත නඩු පරිශීලනයට ගනිමින් මෙම තීරණය මගින් ¥ෂණය වැඩිදියුණු වියහැක්කේ කෙසේදැයි සැලකිල්ලට ගත යුතු ය. 

නඩු ගොනු කරන විට මහජන අධිකාරිය එක් පාර්ශවයක් විය හැකිය. පුරවැසියා අනෙක් පාර්ශවයයි. මේ පාර්ශවයන් දෙක අතර තරගයක් තිබේ. අගවිනිසුරුගේ තීන්දුවෙන් අදහස් කරන දෙය නම්, එම පාර්ශවයන්ෙ දෙකෙන් එකකට එකී ගැටලුව සම්බන්ධයෙන් අවසන් බේරුම්කරු බවට පත්වීම සඳහා බලය ලබාදෙන බවයි.

අධිකරණවල තාක්ෂණික නිපුණතාවය පිළිබඳ නෛතික තත්වය නීතීඥ සංගමය විසින් පැහැදිලි කර ගත යුතු වේ. සමහර සුවිශේෂී විෂයයන්හිදී අධිකරණ විසින් සිය තාක්ෂණික නිපුණතාවය පිළිබඳ ගැටලූව සමග කටයුතු කළේ කෙසේද යන්නට ලෝකයෙන් ඇති තරම් ප‍්‍රායෝගික දැනුම ලබාගත හැකිය. මෙම ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කර ඒ මාර්ගයෙන් විසඳාගත යුතු වේ.

ඇත්ත වශයෙන්ම, මේ ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණය සමග බේරුම්කර ගැනීම සඳහා පමණක් නොව අධිකරණ තුළ නඩු පැවරීම මගින් ද විසඳාගැනීමට නීතීඥ සංගමයට අයිතිය තිබේ. මෙය, නීතිය මගින් සංස්ථාපනය කළ නිසි කාර්ය පටිපාටිය සමග දැවැන්ත නෛතික වැදගත්කමකින් යුතු නිසා අවශ්‍ය නම් නඩු පැවරීම මගින් හෝ නීතීඥ සංගමය අවසානාත්මක ලෙස ගැටලූව විසඳාගත යුතු ව තිබේ.

ශ‍්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ වෛකල්පික ප්‍රොටෝකෝලයේ පාර්ශවයක් වන හෙයින් මේ අනුව නඩු පැවරීමට මෙන්ම මේ ගැටලූව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ගෙන යාමට ද නීතීඥ සංගමයට හැකියාව තිබේ.

 

Back to Home page