12 July, 2025

Blog

“මොකද්ද යකෝ ඒ වුණේ?”

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

මා විසින් මෙහි සටහන් කරන්නට යන්නේ ඔබ සිතූ පරිදි “ඒ සිදුවීම” පිළිබඳව නොව සැප්තැම්බර් 21 දා සිදු වූ සිදුවීම පිළිබඳවය. ඔබ සිතූ සිදුවීම ද 21 දා සිදු වූ වෙනස තවමත් නිසිලෙස ජීර්ණය කරවාගත නොහැකිව අජීර්ණය වී බඩේ රුදාවෙන් පෙළෙන කිහිප දෙනෙකුගේ කුහකකමේ විලාපයකි. එවැන්නවුන්ගේ සිත් සුවපත් කිරීම වෙනුවෙන් ලිවීමට තරම් මට කාලයක් නොමැති නිසාම මේ ඒ පිළිබඳව නොවේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සාක්‍ෂරතාවය අතින් බලන කල ඉතාමත්ම ඉහළින් සිටින රටක් වූවද බුද්ධි මට්ටම අතින් සිටින්නේ කිනම් ස්ථානයක ද යන්න ගැටළුවකි. අකුරු ලිවීමේ සහ කියවීමේ හැකියාව පමණක් අවශ්‍ය වූ යුගයක් තිබුණ ද අප විසින් එම යුගය පසුකොට හමාරය. එනිසා සාක්‍ෂරතාවය තවදුරටත් නිර්ණායකයක් ලෙස සැලකිය යුත්තක් නොවේ ය යන්න මගේ අදහසයි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර තඹුත්තේගම තමන්ගේ ආදී සහෘදයන් සහ ගුරුවරුන් අතර පැවති සුහද හමුවේදී කළ ප්‍රකාශයක් මාගේ සිතට තදින්ම කා වැදුණි. එනම් ඔහුත් සමඟ ජනාධිපතිවරණයේදී තරඟ කරන අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොළඹ රෝයල් කොලීජියෙන් ද තවකෙකු ගල්කිස්සේ සෙන් තෝමස් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූවන් වන අතර, දෙදෙනෙකු හිටපු ජනපතිවරුන්ගේ පුත්‍රයන් වන අතර අනෙකා හිටපු ජනපතිවරයෙකුගේ බෑණනුවන් කෙනෙකු වේ යයි පවසමින් සිනහ මුසු මුහුණෙන් යුතුව “එතකොට මම?” යනුවෙන් ප්‍රේක්ෂකාගාරයෙන් විමසුවේ සංසන්දනයේ බරපතලකම කියා පෑමේ අදහසින් විය යුතුය. අවසානයේදී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කළ ගමේ කොලු ගැටයා රටේ ජනාධිපති විය. වැඩවසම් සමාජ ක්‍රමය තුළ මනෝමය වශයෙන් ජීවත් වන බොහෝ පිරිස් හට සැප්තැම්බර් 22 දා අළුයම දෙක තුන වනවිට කියවුණේ “මොකද්ද යකෝ ඒ වුණේ ?” යනුවෙනි.

ඒ සිදු වූයේ දශක ගණනාවක් තිස්සේ ප්‍රභූ පැලැන්තියේ පීඩනයට ගොදුරු වූ පීඩිතයන්ගේ පීඩනය මුදා හැරීමකි. අනෙක් අතින් ගෝල් ෆේස් අරගලයේ ව්‍යවස්ථානුකුල අත්හදා බැලීමකි. එය කිනම් ආකාරයකින් නිර්වචනය කළ හැකි වූවද එමගින් ඊනියා ප්‍රභූ පැලැන්තියට ලබා දුන් පණිවුඩය නම් එක සමානය. ඒ වූ කලී “තමන්ගේ යැයි හැඟෙන එකෙකු “ජනතාව විසින් තමන්ගේ ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමයි. ඇතැමෙකු එකී වෙනසට ප්‍රිය කරද්දී තවකෙක් එම වෙනස ජීර්ණය කරගැනීම සඳහා කාලයක් ඉල්ලති. තවත් කෙනෙක් එය ප්‍රතික්‍ෂේප කරති. දැන් මේ ගතවන්නේ එම සංක්‍රාන්ති සමයයි. එහිදී “තමන්ගේ වරිගෙ එකෙක්” ජනාධිපති වීම හේතුවෙන් විධායක ජනාධිපති තනතුර ජනතාකරණය වී එහි ගරුත්වය අඩු වී ඇති සැටියක් ඇතැමුන්ගේ වචන වලින්ම පෙන්නුම් කරයි.

මෙතෙක් කලක් “නූතන විහාර මහ දේවිය” එසේම “නූතන දුටුගැමුණු” විසින් පාලනය වූ පීඩිතයන්ට මේ සිදු වූ දෙය එක්තරා ආකාරයක අරුමයකි. රෙජෙකු දෝලාවෙන් ගමන් ගත්ත ද අපේ පංතියේ අපත් සමඟ ගැවසුණු එකෙකු දෝලාවෙන් ගමන් කිරීම පීඩිතයාට හාස්‍යකි. එනිසා තමන්ගේ ආරක්‍ෂකයෙකු විසින් දොර විවෘත කළ පසුව කළු පැහැයෙන් දිලිසෙන බෙන්ස් රථයෙන් එළියට පැමිණෙන මහින්ද රාජපක්‍ෂ හෝ රනිල් වික්‍රමසිංහ දකින්නා වූ පීඩිතයාගේ ඇඟේ මවිල් කෙලින් විය. හිරිගඩු පිපුණි. එහෙත් ඩබල් පොකට් කමිසය හැඳ තමන්ම මෝටර් රථයේ දොර අරිමින් එන අනුර කුමාර දුටු පීඩිතයාට ඇතිවන්නේ සිනහවකි. තවද එය එක්තරා ආකාරයක සිනා සාගරයකි. එවැන්නවුන් හැඳින්වීමට පීඩිතයන් යන වචනය වෙනුවට වැඩවසම් ක්‍රමයේ ප්‍රවේණි දාසයන් ලෙස හැඳින්වීම වඩා උචිත බව මගේ අදහසයි.

කණගාටුවට කරුණ වන්නේ වැඩවසම් යුගයේ ජීවත් වීමට ආශා කරන රදළයන් මෙන්ම ප්‍රවේණි දාසයන් ද තවමත් අප අතරේ සිටීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත තමන්ගේ මාධ්‍ය ආයතනයේ ලාංඡනය සහිත මයික්‍රෆෝන දිගු කරමින් ප්‍රශ්න අසන වාර්තාකරුවන් පිරිසකගේ වීඩියෝවක් පසුගිය දිනෙක දකින්නට ලැබිණ. එහිදී එකී වාර්තාකරුවන් වෙනුවෙන් මොහොතක් නැවතී පිළිතුරු දීමට තරම්වත් නිහතමානී කමක් නොතිබුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔවුන්ට පිළිතුරු ලබා දෙන්නේ ද ගමන් කරන අතරතුර දී ම ය. එහිදී ඇය විසින් ලබා දුන් එක් පිළිතුරකට මටද කියවුණේ “මොකද්ද යකෝ ඒ වුණේ..!” යනුවෙනි. එය මෙසේය. “පනස් හයේ බණ්ඩාරනායක පෙරළිය වුණේ නැත්නම් ජේවීපී එකට බලයට එන්න බෑනේ අද. සිංහල කතා කරන, ඉංග්‍රීසි කතා නොකරන, ගමේ කොල්ලෝ අද කොහොමද බලයට ආවේ? පනස් හයේ පෙරළිය හින්ද..” මෙයට කිනම් ආකාරයේ සටහනක් තබන්නේ දැයි මම බොහෝ වේලා කල්පනා කළෙමි.

ඉංග්‍රීසිය හුදෙක් භාෂාවක් ලෙස පාවිච්චි වනවාට වඩා ශ්‍රී ලංකාවේ පාවිච්චි වන්නේ පංති ආයුධයක් ලෙසිනි. ඒ චන්ද්‍රිකා විසින් කියන ලද පනස් හයේ ශාපයේ ප්‍රතිඵලයි. අද සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා බොහෝ දෙනෙකුගේ ආච්චි හෝ සීයා ඉගෙන ගෙන ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. මුණුබුරන් ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙනි. සිදු විය යුතුව තිබුණේ සිංහල මාධ්‍යයෙන් අකුරු කළ ආච්චීට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලෝක දැනුම උකහා ගන්නා මුණුබුරෙකු සිටීමයි. එනිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක උදම් අනන පනස් හයේ පෙරළිය “පනස් හයේ ශාපය” ලෙසට අර්ථ දැක්වීමට මම වඩාත්ම කැමැත්තෙමි.

චන්ද්‍රිකා වටා රොක් වී සිටින සහ ඇය ඇසුරු කරන කිහිප දෙනා ඇය වෙත වැඩවසම් සමාජ ක්‍රමයක් නිර්මාණය කරදෙනවාට සැක නැත. එසේ නොවන්නට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ඇයට සිතාගත නොහැකි තරමට වෙනස් වී තමන්ගේ දෙමව්පියන්ගේ ආකල්ප ද වෙනස් කිරීමට සමත් වී ඇති බව ඇයට අවබෝධ වනු ඇත. සුළු පිරිසක් විසින් මවා දෙන ලෝකයක කල් ගෙවීමේ ඛේදය එයයි.

සැප්තැම්බර් 21 සිදු වූ වෙනස සම්බන්ධයෙන් විනිශ්චයන් ලබා දීමට අප ඉක්මන් නොවිය යුතුය. තවමත් ගත වී ඇත්තේ සතියකට ආසන්න කාලයකි. එම කාලය තුළ බොහෝ සාධනීය දේ සිදුව තිබේ. ලක්ෂ 57 ක් වූ ඡන්ද දායකයන් විසින් අත්හදා බලා ඇත්තේ ඔවුන්ට ශ්‍රී ලංකාව පිළිබඳව තිබූ අවසාන විකල්පයයි. එනිසා “මොකද්ද යකෝ ඒ වුණේ?” යනුවෙන් සිහි මුර්ඡා වූ යමෙකු වේ නම් දෑස් පිසදා පියවි සිහියට එන ලෙසට ආරාධනා කරමි. රට වෙනුවෙන් සාධනීය දෑ බොහොමයක් සිදු වීමට නියමිතය. එනිසා සෙස්ස පස්සට.

Latest comments

  • 1
    6

    AKD දැන් මාට්ටුයි. – ඔහු පොරොන්දු වූ පරිදි ඔහුට කිසිවක් රැගෙන යා නොහැක. ඔහු ජනාධිපති වීමෙන් පසුව තවමත් නිර්භීතව කටයුතු කර නැත. ආශ්චර්යයන් නැත, අපව පුදුමයට පත් කිරීමට හොඳ කිසිවක් සිදු නොවීය. ඇයි දෙයියනේ “පාස්කු ඉරිදා වාර්තාව” ගැන පිළිතුරු දීමෙන් වළකින්න: පොරොන්දු වූ පරිදි බැසිල්ට චෝදනා කිරීමේ අදහසක් නැත.
    :
    ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ නැඟූ බොහෝ චෝදනා අද ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අපහසු වී තිබේ. ඉතින් ඔහු කතා කරන්නේ කවදාද ??????
    :
    හිටපු ජනාධිපතිවරයා ජාතියට ඇත්ත කීවේ කෙසේ වෙතත් AKD බල්ලන් ජාතිය නොමග යැවීය. kARMIC පළිගැනීම් ඉක්මනින්ම ක්‍රියාත්මක වනු ඇත.
    වර්තමාන IMF නිර්දේශ අනුව DSA වෙනස් කිරීමෙන් AKD ඔහුගේ වර්ණ “අවම වශයෙන්” පෙන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    ඡන්දය දීමට පෙර ඔවුන් පොරොන්දු වූයේ මෙයයි. GOTA වගේම AKD එකත් වැඩි කල් පවතින්නේ නැහැ. ඉන්න බලන්න. මම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෙක් නොවේ, නමුත් මගේ හොඳ හෘදය සාක්ෂිය පැහැදිලිවම RW පරදවා ජාතිය අපි හරකිරි කළෙමු.
    .
    tbd

  • 1
    7

    cont
    AKD ඊයේ විදේශ තානාපතිවරුන් හමුවිය, ඇතැමුන් සිතුවේ ඔහුගේ හැසිරීම FASTING දුම්රියක් දෙස බලා සිටින හරකෙක් වැනි බවයි… … ඊයේ ඔහුට නොතිබුණු භාෂාව විශාල ප්‍රශ්නයක්. අසල්වැසි ඉන්දියාවේ දුප්පත් නායකයෙකු පවා AKD ගේ දැනුමෙන් ඔබ්බට ඉංග්‍රීසි කතා කරයි. සම්පූර්ණයෙන්ම බංකොලොත් වූ ජාතියක් “පරිවර්තකයන්” ගණනාවක් පත් කරන්නේ කෙසේද? අපට මුදල් නොමැති වුවද, ජපන්, චීන, ඉංග්‍රීසි නොවන යුරෝපීයයන් ලෙස හැසිරිය හැකිද?
    .
    ඊයේ AKD ඉන්දියානු සහ අනෙකුත් විදේශ දූත මණ්ඩල ඉදිරියේ තමාට හරි යැයි සිතන දේ කතා කිරීමට නොහැකි වීමෙන් කොපමණ වාරයක් අපහසුතාවයට පත් වූවාද?
    , අද ඔහු මානසික සරණාගතාගාරයක තබා ඇත- පාණිනි වැනි ඉංග්‍රීසි ගුරුවරුන්ට ඔහුගේ සිංහල දැනුම හොඳ නම් පරිවර්තකයෙකු විය හැකිය. ඔහුට කළ හැක්කේ කේලම් කීම පමණකි, ඉන් ඔබ්බට කිසිවක් නැත.. අද නායකයෙකු ලෙස AKD erformance මට සිරිසේනගෙන් සහ ගෝඨාභයගෙන් වෙනස් නොවේ.

  • 1
    8

    අවාසනාවකට මෙන්, සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාව යන දෙකම උදේ සිට සවස දක්වා මිනිසුන්ගේ සංඛ්‍යාත අපයෝජනය කරන මේ රට තුළ meida වහා ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇත. පෙර සිටි ඕනෑම නායකයෙකු අද අසභ්‍ය වචන වලින් ඉලක්ක කර ඇත, කාන්තාවන්ට ඊනියා බීච් බෝයි විලාසිතාවේ යූ ටියුබ්කරුවන් විසින් තනි අතින් පහර දෙනු ලැබේ. CBK ට ඊයේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී, එම අපයෝජන YOUTUBER වරුන්ට එරෙහිව අප සැවොම සාමූහිකව නැගී සිටිය යුතුය.

    මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් ද මිනිසුන්ට අවශ්‍ය “දැනගත්” වෙනස්කම් අතර විය යුතුය. ඔවුන් ඔවුන්ගේ වචන විනීත ලෙස සකස් කළ යුතුය. “SUDA CREATION ස්වභාවයේ YOUTUBERs” වැනි නූගත් මාධ්‍ය ධාවකයින්ට සවන් දීමෙන් තාරුණ්‍යය වඩාත් නරක අතට හැරෙනු ඇත:

    තේරී පත් වූ රජය එය යුගයේ අවශ්‍යතාවයක් ලෙස නොදකිනුයේ ඔවුන් ප්‍රසිද්ධිය අහිමි වේ යැයි බිය නිසා ය.

    AKD නායකත්වයෙන් තේරී පත් වූ නව රජය තවමත් සැබෑ ආදර්ශවත් පියවරක් ගෙන නැත. ඊශ්‍රායල-ඉරාන යුද්ධයක් ඇති වුවහොත්, වර්තමාන තත්වය නරක අතට හැරීමට දේවල් විශාල ලෙස වෙනස් වනු ඇත.
    .
    පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවන බොහෝ ප්‍රශ්නවලදී පවා කළ යුතු දේ කිරීමට ඔවුන්ට ධෛර්යයක් නැත. ඔබ සඳහන් කළ පරිදි, අපි බලා සිටිමු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.