26 April, 2024

Blog

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහා එන්නත් සොරකම

අරුන්දතී සංගක්කාර

මෙලොව අධමතමයන් දේශපාලකයන් යයි සිතිවිල්ලක් ඇතැම් සිතක පහල වන්නට පුලුවන. රටේ ස්වාධිපත්‍යය ඇතුළුව වැදගත් සියලු දේ දේශපාලකයන්, ධවතුන් සහ බලවතුන් සොරා ගනිතැයි සිතද්දීම ගාලු මුවදොර පැත්තෙන් චීන මකරා කළ එළි බැස්සේය.

එතනින් මේ ජාතික තොවිලය නැවතුනි නම් දුක නැත.

එන්නත සොරකමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ එළි බැස ඇත.

සංගමය පමණක් නම් මොකද? සංගමයේ අම්මලා, තාත්තලා, මාමණ්ඩිලා, නැන්දම්මලා, සහකරුවන්, සහකාරියක් මදිවාට කුඩා දරුවන් මේ මහා කර්තව්‍යයට බැස ඇත. මුළු සංගම් ජින්බෑන්ඩ් එකම, මලකඩ කෑ සදාචාර ලොරියේ නැගී, පිල් විදහා ගත මොණරුන් මෙන් එන්නත උදුරා ගැනීමට යති.

පිල් විදහා ගත මොණරා නොදන්නා එක දෙයක් ඇත.

පිල් විදහා නටන විට පශ්චාත් භාගය නිරුවතිනි.

ආරක්‍ෂිත ඇඳුම් කට්ටල වලට යටින් තවත් රෙදිද ඇඳගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය වෙත පෝරමයක් යොමු කරමින් ඇස්ට්‍රසේනෙකා එන්නතේ පළමු හා දෙවෙනි එන්නත සහ වෙනත් කොවිඩ් එන්නත් සියළඟම පවුලේ ඥාතීන්” හට කොපමණ අවශ්‍යදැයි විමසා දත්ත ගබඩාවක් සකස් කර ඇත. මෙයට රජයේ අනුමැතිය ලැබී ඇතිවාට​ සැකයක් නැත. “ළඟම පවුලලෙස අර්ථ දක්වා ඇත්තේ සහකරු/කාරිය, මව, පිය, නැන්දම්මා, මාමණ්ඩිය සහ දරුවන් ආදී වශයෙනි. මේ දත්ත ගබඩාවේ දස හැවිරිදි දරුවන්ගේ දත්ත පවා එන්නත සඳහා ඉදිරිපත් කර ඇත! මෙය අකටයුතු නාදකයකු විසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලබා දී ඇති ඇති බව එහි කර්තෘ උවිඳු කුරුකුලසූරිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇත.  

මොළෙන්ද හිතන්නේ GMOA? හදවතක් තිබේද ඔබලාට?

ජනතාවගේ දෙවන මාත්‍රාව සොරා ගෙන පලවෙනි මාත්‍රාව පවුලට විදීම

අක්‍රමිකතාවය වැජඹෙන මේ ඛේදජනක රටේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත 950,000 දෙනෙකුට ලබා දී බොහෝ කල් ඉකුත් වී ඇත. ඔවුන් අතරින් නීත්‍යාණුකූලව​ සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ අතිශයින්ම සුළුතරයකි. ජනතාවගේ දෙවන මාත්‍රාව රාජ්‍යය හරහා (සොරා) ලබා ගෙන සිය පවුල් වල අයට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා දීමත තැත් කිරීමේ සදාචාරය කුමක්ද? මේ වන විට කොවිඩ් 19 සඳහා වන එන්නත් වල පළමු මාත්‍රාව ලබා දෙනුයේ චීනයෙන් ගෙන්වූ සිනොෆාම් එන්නත වැඩි වශයෙනුත්, ස්පුට්නික් එන්නත ඊට අඩු වශයෙනුත්ය. සෞඛ්‍ය අමාත්යංශය විසින් රටෙහි ඉතිරි වී ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දෙවන මාත්‍රාව සඳහා පමණක් බවද, ඒවා පළමු මාත්‍රාව සඳහා ලබා නොදෙන ලෙසද උදක්ම නියෝග කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ ඔවුන්ගේ පවුල් සිටින්නේ රටේ නීතියටත් උඩින් ? සිය සංගමයට රටේ ජනතාවගෙ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව සිය බලය සහ තත්ත්වය පාවිච්චි කර උදුරා ගැනීමට ඇති අයිතිය කුමක්ද? එසේ ලබා ගන්නා එන්නත පළමු මාත්‍රාව ලෙස සිය පවුල් වලට විද ගැනීමට ඔවුන්ට බලය ලැබුනේ  කෙසේද? ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දිය යුත්තේ දැනට පළමු මාත්‍රාව ලබා ගෙන ඇති සියලු දෙනාටය​. එයද වඩාත්ම රෝගී, දුර්වල, ප්‍රතිශක්තිය අඩු අයට පළමුව ලැබිය යුතුය. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාවේ දිනය කල් ඉකුත් වී බොහෝ කල් ගතව ඇත.

එහි ප්‍රථම මාත්‍රාව ලබා ගත්තවුන්ගේ ප්‍රතිශක්තිය තරමක් අඩු වෙමින් පවතී. එසේ තිබියදී ඥාති සංග්‍රහය​ යන පදනමේ සිට සැමට අයිති දෙවන මාත්‍රාව තම පවුල් වලට ප්‍රථම මාත්‍රාව ලෙස ලබා ගන්නේ කෙසේද?

ඇත්තටම පාදෙණිය, හෙදියකගේ, බස්  රියදුරෙකුගේ, පොලිස් නිලධාරියකුගේ, බැංකු නිලධරයකුගේ මව, පියාට වඩා වෛද්‍යවරයකුගේ මව, පියා වෙනස් වන්නේ කොහොමද?

වෛද්‍යවරුන්ගේ පවුල් ආරක්ෂිතය

යථාර්තවාදීව සැළකුව හොත් වෙනත් වෘත්තීය පිරිසකගේ පවුල් වලට වඩා වෛද්‍යවරුන්ගේ පවුල් වල සාමාජිකයින් සුරක්ෂිතය. සෞඛ්‍ය සේවකයින්ගේ ධුරාවලියේ ඉහලම සෞඛ්‍ය අධ්‍යාපනය ඇත්තේ වෛද්‍යවරුන්ටය​. බොහෝ විට හෙදියන්, උපස්ථායකයන්, සම සෞඛ්‍ය​ වෘත්තිකයන්, සනීපාරක්ෂක සේවකයන් වැනි සේවකයන්ට වැඩ වැඩියෙන් ධනය ඇත්තේ ඔවුන්ටය. එනයින්ම වෛද්‍යවරුන් න්‍යෂ්ටික පවුල් වශයෙන් වෙන් වෙන්ව ජිවත් වීමට ඇති සම්භාවිතව වැඩිය. කලම්බු ටෙලිග්‍රාෆ් සතු දත්ත ගබඩාවේ හැටියට නම් ශ්‍රීලංකාවේ වෛද්‍යවරුන් ජිවත් වන්නේ කසි කබල් ඉන්දීය ටෙලි නාට්‍යයක පවුල් මෙන් අම්ම, තාත්තා, මාමණ්ඩිය, නැන්දම්මා, අක්කා, නංගි, මල්ලි, මාමා, බිරිඳ, සැමියා, දූ දරුවන් වැනිළඟම පවුලේසියල්ලන්ම සමඟය​. එය එන්නත සිය සනුහරය වෙනුවෙන් කඩා වඩා ගැනීමට ලියන බොරු බව දරුවකුට වුව පැහැදිලිය.

පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල (PPE) ලබා දීමේදී වෛද්‍යවරුන් හට ලැබිය හැකි හොඳම PPE ලැබේ. ඔවුන් හට වෛරසයෙන් ආරක්ෂා වීමට වැඩිම දැනුම ඇත. එයට හේතුව විශ්වීය සුරක්ෂිතතා පුරුදු (universal safety precautions) පිලිබඳ ඔවුන්ගේ දැනුම උපරිම වන බැවිනි. තවද තම ඉදිරියට එන රෝගියා කොවිඩ් අසදිතයකු බව නිතර ඔවුන් සැක කරන නිසාවෙන් වෛද්‍යවරුන්  නිරන්තරයෙන්ම තම ආරක්ෂාව ගැන සුපරීක්‍ෂාකාරීය​. රෝහලට එන රෝගීන්ද තමන් එන්නේ කොවිඩ් රෝගීන් පිරී සිටිය හැකි රෝහලකට බැවින් ආරක්‍ෂිත ලෙස හැසිරීමේ සම්භාවිතාව වැඩිය.

ඊට සාපේක්ෂව බස් රියදුරෙක් ගැන සිතමු. ඔහුට සෞඛ්‍ය දැනුම සාපේක්ෂව අඩුය. ඔහුට වෛද්‍යවරයකුට ලැබෙන PPE නොලැබෙයි. නමුත් අනෙක රෝගියකුයි සැක නොකරන සිය ගනනක් මිනිසුන් ඔහුටද මුණගැසෙයි; ලඟින් ගමන් කරයි; බස් රථ පිරෙයි. ජනතාව අතර රෝග ලක්ෂණ ඇති හෝ නැති ආසාදිතයන් පිරි ඉන්නට පුළුවන.

එසේ නම් වඩාත් අවදානම් වෛද්‍යවරයාගේළඟම පවුල? බස් රියදුරාගේළඟම පවුල?

දැන් වසර එකහමාරක් තිස්සේ IDH රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සියලු ශ්‍රේණි වල සෞඛ්‍ය විරුවන් රැසක් අඛණ්ඩව කොවිඩ් රෝගීන් දහස් ගණනකට සේවය කරති; සුවපත් කරති. GMOA “අවදානම් පවුල්තර්කය සැබෑවක් නම් IDH රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගේ “ළඟම​ පවුල්දැන් වන විට අසාදිත විය යුතුය; මිය ගොස් වන්නටද පුළුවන. සියදොස්තර නෑයාකොවිඩ් අරගෙන ගෙදර ගොස් ඔවුන් ආසාදිතයන් කර දැම්මා යයි ඔබ අසා තිබේද?

එය එසේ නොවෙයි.

සත්‍යය නම් GMOA සාමාජිකත්වය සිතන්නේ දොස්තර වීමේ සිවිල් බලය ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අයවිශේෂිතයන්බවට පත් කරන බවය. සැබවින්ම අවදානම් සහිත, බෝ නොවන රෝග සහිත, ප්‍රතිශක්තිය හීන මිනිසුන් ගේ ජිවිත කුණු කුඩයට ගියාට කමක් නැති බවය.

වෛද්‍යවරුන්ගේ පවුල් වල ඥාතීන් සිතන්නේද අපේ පවුලේ දොස්තර එකනෙක් සිටිද්දී දොස්තර කම පාවිච්චි කර පෝලිම් පැන ගෙන අපි එන්නත විද ගන්නේ නැතුව බෝසතුන් වන්නේ කුමටදයන්නය. එසේ පෝලිම් පැන්න වීමදොස්තර නෑයා” ගේයුතුකමබවය.

මේ ඔබ දකින්නේ පුහු මානයයි; මමංකාරයයි; බලය  අවභාවිතයයි;අත්මාර්තකාමිත්වයයි.

අන් කිසිවක් නොවෙයි.

මට නැවතත් පැහැදිලි කරන්න; වෛද්‍යවරයාගේ අම්මා බස් රියදුරාගේ අම්මාට වඩා, ඇම්බියුලන්ස් රියදුරාගේ අම්මාට වඩා, සුවසැරිය රියදුරාගේ අම්මට වඩා වටින්නේ කොහොමද?

එහෙම වෙන්නේ කොහොමද?

ලෝක සෞඛ්‍ය සංවිධානය කවර අවස්ථාවකදී හෝ වෛද්‍ය වරුන්ගේළඟම පවුලඅවදානම් පිරිසක් ලෙස නිර්වචනය කර ඇතිද?

ලේ බැම්ම සදාචාරය ඉක්මවයිද? ඥාති සංග්‍රහය සාධාරණත්වය, යුක්තිය, සම බිම ඉක්මවයිද?

මේ දොස්තරලා දින කිහිපයකට පෙර පෝලිම පැන එන්නත විද ගෙනකොරෝනා මගේ ඇඟේ එල්ලී ගෙදර ආවොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු, නිවසේ සිට රැකියාව කරන (work from home ) සිය 24 හැවිරිදි දියණිය අසාදිත වී, රටටම කොවිඩ් බෝ විය හැකි නිසා පෝලිම් පැනීමෙන් තමා කළේ  ජාතික සේවයක් බව කියූලිබරල්කලාකරු අශෝක හඳගම නොදෙවෙනිය!

එන්නත දීමට කප්පම් ඉල්ලීම

මේ කොවිඩ්  වසංගතය පුරාවටම තම කෙතරම් තුච්ඡ, අමානුෂිකයන් රැසක් දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා ඇත. GMOA විසින් සිදු කලේ කුමක්ද? රජයේ අසමත්භාවයේ නිරුවත වැසීමට වාෂ්ප මුට්ටි, දුම් හට්ටි, පැණි ප්‍රවර්ධනය කිරීමය. ඔවුන් උත්සහ කලේ සිය සංගමය හරහා මිත්‍යාවට විද්‍යාවේ සළු පිලි ඇන්දවීමය. සිය සාමාජිකත්වයේ ජීවිතය රැකීම සඳහා එන්නත වහාම ගෙන්වා ගැනීමට ඔවුහු රජයට බල නොකළ. ඔවුන්ගේ සදාචාරගේ අලස බව කොතෙක් යත් වෛද්‍යවරුන් හට එන්නත ලැබුනේ වසංගතය පටන්ගෙන වසරකුත් ගිය තැන . ඔවුන් මහජනතාවට එන්නත ලබා දීමටද උත්සුක නොවුහ. කිසිදු ශිෂ්ට සමාජයක් වසංගතයක් හමුවේ නොකරන බලි තොවිල්, අංජනම්, මිත්‍යා මත පතුරමින් ඔවුහු කල් ගෙවුහ.

හදිසියේම ඔවුන්ට නවතම අධි අවදානම “විද්‍යාත්මක​ කුලකයක්සොයා ගැනීමට හැකි වී ඇත. එනම් සිය සාමාජිකත්වයේළඟම පවුලයි“. නමුත් ලෙයට ප්‍රේම කිරීමට මිලක් තබා ඇත. සිය සාමාජිකත්වයෙන් එන්නත අවශ්‍ය යයේ තොරතුරු ඉල්ලන ලිපියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ එන්නත ලබා දෙන්නේ සමාජිකත්ව මුදල් ගෙවා ඇති අයට පමණක් බවය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සාමාජික මුදල ලෙස වාර්තා වන්නේ රුපියල් 6000 කි. එය ගෙවීමෙන් පමණක් දැන් වෘත්තීය සමිති ()මානුෂිය මෙහෙයුමේ ඵල නෙලා ගත හැක.

නිකම් ඉන්නා එකේ ගණනක් හදමුද?

GMOA වාර්ෂික සමාජිකත්ව මුදල = රු 6000

GMOA සාමාජිකයන් ගණන = 23 000

සාමාජික මුදලින් වාර්ෂික අදයම = රු 130,000,000 (රුපියල් මිලියන 138)

එනයින් GMOA සාමාජික මුදලින් පමණක් මාසික ආදායම = 130,000,000/ 12 = රු 11,500,000

මෙයින් කොපමණක් ස්ථාවර තැන්පතු වල ඇතිද?

මේ ධනස්කන්ධයෙන් කොපමණ මුදලක් සංගමය සිය සාමාජිකයන්ගේ යහපත වෙනුවෙන් කොවිඩ් වසන්ගත සමයේ වියදම් කලේද?

නිරෝධායනය වූ, කොවිඩ් වැළඳීමෙන් රෝහල් ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් මේ මුදලින් සංගමය කුමන සුබ සාධනය​​ක් කලේද?

දැන් හදා ගත්ළඟම පවුලේදුක සැප කොවිඩ් වැළඳුනු විට ඔවුන් විමසුවාද? ඔවුන් අවම වශයෙන් කොවිඩ් සැදුනු සමාජිකය පිළිබඳව දත්ත ගබඩාවක්වත් පවත්වාගෙන ගියේද? සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක කට්ටල කියක් ලබා දීමට මේ මුදල් වැය කලේද? ඔවුන්ගේ ත්රිශුලය වුයේදුම් හට්ටිවතුර මුට්ටි සහ පැණි “!

නමුත් දැන් ඔවුහුසාමාජික මුදල් පිහියසාමාජිකත්වයේ බෙල්ලට තබා ජනතාවගේ එන්නත සොරා ගෙන එය බෙදා ගැනීමට කප්පම් එකතු කරති.

මීටත් වඩා වෘත්තීය සංගමයක සදාචාරය ගරා වැටිය හැකිද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වාසියටලෝක සෞඛ්‍ය සංවිධානය” “WHO” යන වචන විසි කරති; කියවති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කවර හෝ ලේඛණයක​ වෛද්‍යවරුන්ගේ මවුපියන්, නැන්දම්මලා, මාමණ්ඩිලා, සහකරුවන් පෝලිම් පැන​ එන්නත ලැබිය යුතුඅති විශේෂ අවදානම් පිරිසක්ලෙස හඳුනා ගෙන ඇත්ද?

නිල බලයේ බලහත්කාරයෙන් කබරගොයන් තලගොයන් කළ නොහැක.

GMOA මහත්හොරුනි, ඔබලා තාමත් කබරගොයන්මය !!!

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Let me hope that “leelagemalli” and “Champa” weigh in with comments in Sinhala. I wish I could do it, but I’m not well-equipped to do so.
    .
    Note that Arundathie Sangakkara had earlier written this article in English:
    .
    https://www.colombotelegraph.com/index.php/vaccine-thieves-of-sri-lanka/
    .
    And now this:
    .
    https://www.colombotelegraph.com/index.php/the-great-vaccine-theft-by-the-gmoa/
    .
    Also a good article by Dr Janapriya in English:
    .
    https://www.colombotelegraph.com/index.php/stop-politicking-around-covid-19-shut-down-the-country-for-a-month/
    .
    But before that, he had written this in Sinhala:
    .
    https://www.colombotelegraph.com/index.php/m-m-janapriya-14-may-2021/
    .
    This is the all-important task before us. I hope that somebody will devise some means of educating the entire country through newspapers, Youtbes, Facebook, or other means. None of us has all the answers.

    • 3
      0

      කිසිම අවභොදයක්… මිනිසුන් ගැන කනගාටුවක් නැති තිරිසන් බල්ලන්.. නූගත් එවුන් මේ රටේ නායකත්වය පත්කරනගෙන… අපේ රටේ මිනිසුන්ට අත වෙලා ඇති දෙය ඉතා භයානකයි… චීන එන්නත කියන්න මුලු යුරෝපයම ප්රතික්ශේප කරපු එන්නතක්…. එනමුත් ඒකට ඉතා අදික මිලක් ගෙවිය යුතු වෙනව… දැනට පවතින එන්නත් අතර වැඩිම මිලක් උන එන්නත චීන එන්නත කියල මුලු ලොවම දන්නව.. එනමුත් අපේ බැල්ලිගෙ පුතාල මේ වා නොසලක… හරිය බලයෙන්… දූශනය වෙන්නට කැමති ගනීකාවන් සේ කට යුතු කිරීම මේ රටේ ඉදිරියට ඉතාමත් භයානකයි.. මේ එන්නත සම්බන්ත්ඩයෙන් මේ ලෝකයට හෙලිවී නැති දේවල් අනන්තයි.. චීනය හැම විටම මිනිසුන්ට සලකන්නෙ සත්තු විදියට… එහෙම රටක එන්නත් අපේ රටේ ජනයාට ලබාදීමට තරම්. පහත් වීම රටේ ජාතියට කරන විපැත්තියක් බව යුරෝපයේ ඉන්නා විචාරකයෝ පවසනව… මේකට හේතුව… රාජපක්ශ්වරුන්ගේ නූගත් කම… එවුන්ගේ බඩ කට පිරෙනවා නම්… රටේ ඉන්න අහිංසක මිනිසුන් බිලිදෙන්න උනත පාහර බල්ලන් කැමතියි..

  • 0
    0

    I’ve been repeatedly saying that Youtube is probably the way to reach out to Sinhala-speaking (and Tamil-speaking) audiences. What better example than this:

    .
    https://www.youtube.com/watch?v=AJCy-QK8IkY

    .
    The young Tamil MP from the Batticaloa District, Shanakiya Rasamanickam, speaking fluent, easy to follow Sinhalese, for almost half an hour. He’s being interviewed by a young, well-informed Sinhalese girl. At 2.00 am, I won’t claim that I was following allthis very carefully myself; it’s for somebody else to explore the possibilities.
    .
    The two in that “show” will not be aware that I have suggested this. Simple solution – make a comment on Youtube itself, saying how I got there. Copy-paste will here be a highly efficient and honest option.
    .
    Panini Edirisinhe of Bandarawela (NIC 48 3111 444 V) aka “Sinhala_Man”

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.