20 April, 2024

Blog

දෙරණ, කුණු විකුණන​ මාධ්‍ය සහ​ මීතොටමුල්ල: ලැජ්ජා සහගත සුබ අලුත් අවුරුද්දක් වේවා!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

කැලැන්ඩර කොළවලත්, මාධ්‍ය ව්‍යාපාර අතරතුරේත් “සිංහල-දෙමළ අලුත් අවුරුද්ද” යැයි සඳහන් වුවද අවුරුද්ද සෑම විටම සිංහලයාගේ තනි බූදලක් බවට පත්කරගෙන හමාර බවට මා තැබූ එක්තරා ෆේස්බුක් සටහනකට ලැබූ තිබුණු ප්‍රතිචාරවලින්ද ඒ බව තහවුරු වුණි. මිනිසුන් ක වෙනුවට මෙය “සිංහල අලුත් අවුරුද්ද” ලෙසම නම් කොට, සිංහලයන් පමණක්ම සැමරීම වඩා අර්ථාන්විත බව මා කියූවේ එහෙයිනි. “අවුරුද්ද යනු දෘෂ්ටිවාද අතහැර ආතල් ගැනීමේ දිනයක්” බව එක්තරා මහතෙකු අවධාරණය කර තිබුණි. එහෙත් මීතොටමුල්ල දෛවෝපගත ලෙසම ඒ ‘ආතල්’ සියල්ලම කුඩු කළේ ඇසිල්ලකිනි. දෙමළාට තියා සබුද්ධික හා සවිඥානික සිංහලයන්ටවත් (එවැන්නන් සිටී නම්) අවුරුදු නොකෑමට හැකි පරිසරයක් නිර්මාණය කර තිබියදී වුවද මිනිසුන් අලෙවි කිරීම පුරුද්දක් කරගත් අවස්ථාවාදී මාධ්‍යයන් වටා එක්රොක් වූ අති බහුතර සිංහල සමාජය යහමින් අවුරුදු සැමරීය. ඒ ගැන අපට ඇත්තේ ඊර්ෂ්‍යාවක් නොව ජුගුප්සාවක් බව කිව යුතුය. මා සිතන්නේ මෙය මිනිසුන් වශයෙන් අපට අලුතින් හිතන්නට ඉඩ පාදන අවුරුද්දක් බවයි. අලුත් අවුරුදු ලබන්නේ අලුතින් සිතන්නට හැකි මිනිසුන්ට පමණි. 48 සිට එක්කාසු කරන ලද කුණු කන්ද කඩා වැටී උන්හිටි තැන් අහිමි වූ මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කණගාටු වන අතරම අදටත් තමන්ගේ හදවත සමග ඈඳුණු ඉඩකඩම් ඉල්ලා සිටින තවත් එවැනිම අවතැන් ජනතාවක්ද මෙරට වසන බව අලුතින් සිතීමටවත් මෙය ආරාධනාවකි.

ලංකාව වැනි රටවල ස්වභාවික ආපදාවල උවදුර දැනෙන්නේ ඒවාට ඍජු ලෙසම ගොදුරු වන අයට පමණි. ඒ හැරුණු කොට තවත් කණ්ඩායම් රැසකටම ඒවා වෙස්වලාගත් ආශිර්වාද බවට පත් වන අයුරු සුනාමි ඛේදවාචකයේදී අපි හොඳාකාරවම දුටුවෙමු. මීතොටමුල්ලත් දැනටමත් එවැනි සිදුවීමක් බවට හැරවෙමින් පවතින ලකුණු තිබේ. ගංවතුර ගලන කාලෙට බෝට්ටුවලින් ගොස් කෝලිකුට්ටු බෙදන, මිනිසුන්ගෙන් එකතු කර ගන්නා ආධාර ද්‍රව්‍ය ඇසුරුම්වල තමන්ගේ නම සහ පක්ෂය සඳහන් ලේබල් ගසා වින්දිතයන්ට බෙදා ෆේස්බුක් දාන දේශපාලඥයන් අපි කොතෙකුත් දකිමු. අප මිත්‍ර පිලිප් ශාන්ත පළ කර තිබුණු එක්තරා ෆේස්බුක් සටහනකට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක ගම්‍ය කර තිබුණේ ‘මේ සිදුවීමේ වගකීම එදා මෙදාතුර කාලයේ දේශපාලනයෙහි පංගුකාරයන් වූ අප’ භාරගත යුතු බවයි. මෙය ඉතා අපූරු කතාවකි. එසේ නොවේ නම් සුපුරුදු ටොපියකි. මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ අවදානමක් ඇති බවට විද්‍යාත්මක නිගමනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ මීට කලකට පෙරදීය. මෙවැනි සිදුවීම්වලින් පසුව වගකීම භාර ගන්නා ‘හිටපු’ දේශපාලඥයන්ගේ මෙකී විසුළු ප්‍රකාශ අප තුළ ඇති ජුගුප්සාව තවතවත් වැඩි කරනු සමත්ය. ඇමැතිකම් දරන කාලයේ පොල් ගෑම වෙනුවට දේශපාලනය කළා නම් සහ කරනවා නම් මෙවැනි ඛේදවාචක ඇති නොවන බව මොවුන් වටහා ගත යුතුය. අනෙක් අතට, ජනාධිපතිගේ සිටම ‘ගොඩේ කමේ’ (මා ‘ගොඩේ’ යන්න යොදන්නේ වෙනම තේරුමකින් බව සලකන්න) ගිලී සිටින රටක ආචාර්ය අනුරුද්ධගේ නිගමනය වැනි විද්‍යාත්මක ප්‍රකාශනයකට වඩා මංජුල පීරිස් වැනි අවස්ථාවාදී මිථ්‍යාදෘෂ්ටික ආචාරියෙකුගේ ප්‍රකාශයක් බරපතල ලෙස දැනෙන්නට ඉඩ ඇති බව අපි වටහා ගත යුතු වෙමු. මීතොටමුල්ලේ කුණු කන්ද නිසා රටටත්, රටේ නායකයාටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත්, සංඝ රත්නයටත් අපල බවත්, එම අපලයෙන් ගැලවීමට නම් එය වඩා ඉවත් කළ යුතු බවත් ජ්‍යොතිශ පිස්සෙකු ලව්වා කියවන්නට නුවණත් ආචාර්ය අනුරුද්ධට පහළ වූවා නම් බොහෝ දුරට ඔය කුණු ගොඩ අද එහි නැත. මෙය අප සමස්ථ ජාතියක් ලෙස ලැජ්ජා විය යුතු කාරණයකි.

දේශපාලඥයන් හැරුණු විට ලංකාවට ප්‍රගතිය කරා ගමන් කිරීමට ඇති ලොකුම බාධාව නම් ජ්‍යොතිශ මිථ්‍යාදෘෂ්ටිකයන් සහ ඔවුන් කරපින්නාගෙන ජනතාව අතර වැඩඹෙන ජඩ මාධ්‍යයන්ය. ඒ අතරින්ද ප්‍රමුඛ තැනක් ගන්නා දෙරණ දැනටමත් මීතොටමුල්ලේ ඛේදවාචකයට ලක් වූ මිනිස් ජීවිත ජාවාරම් කිරීමේ ම්ලේච්ඡ වැඩේ පටන් ගෙන හමාරය. ඒද තනිවම නොව මංජුල පීරිස් නමැති තක්කඩි ජාවාරම්කාරයා සමගිනි. අදාළ ලිපිය තවමත් මේ සබැඳිය වෙත පිවිසී කියවිය හැකි අතර එහි මෙසේ සඳහන් වේ:

“මේවා සන්තෝසයෙන් කියන්න පුළුවන් කාරණා නම් නෙවෙයි. එත් මංජුල පීරිස් මහතා මෙහෙම අනාවැකියකුත් කිව්වා කියලා ඔයාලට වටහලා දෙන්න ඕන නිසාමයි අපි මේවා කියන්නේ.
“මේ අවුරුද්දේඅකල් මරණ නිසා ජනයාගේ සතුටට හානී  වෙනවා“ ඒ මංජුල පීරිස් මහතා අවුරුදා දා කියූ අනාවැකියක්.
මේ අනාවැකිය හරි ගිහින් කියල තමයා සමාජයේ මෙන්න අන්තර්ජාල පරිශිලකයන්ගේ අදහස වෙලා තියෙන්නේ.
ඒ පසුගිය දා මීතොටමුලේ කුණු කන්ද නාය ගිහින් විශාල මරණ ප්‍රමාණක් සිදුවුණා. ඒ ඛේදවාචකය නිසා තවත් මරණ හමුවෙයි කියලා තමයි කියන්නේ.
සමහරවිට මංජුල පීරිස් වැනි මුග්ධයින් බිහි කරන්නටත්, දෙරණ වැනි තුට්ටු දෙකේ ජඩ මාධ්‍යයන් ඉදිරියේ රැස් කකා මේ වර්ගයේ වැඩසටහන් නරඹන්නටත් දායක වූ අය මීතොටමුල්ලේද සිටින්නට ඇත! හෙටත් සිටිනු ඇත!

කල්තබා සැලසුම් කරගෙන සිටි පරිදිම අවුරුද්ද විකුණා කෑමේ සැමරුම් මාෆියාව දියත් කෙරුණු අතර ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් තරමක් සැර බාල කොට අවුරුදු සැමරුම් වැඩසටහන් පවත්වන ලෙස ඉල්ලා තිබුණි. මාධ්‍ය ආයතනවල විවිධ තනතුරු දරන මගේ ‘ප්‍රගතිශීලී සහ ජනතාවාදී’ මිතුරන්ද අවුරුදු ජාවාරමට අදාළ විවිධ සැරසිලි ආදිය රූපගත කොට ෆේස්බුක් අවකාශයේ බෙදා හරිනු දක්නට හැකි විය. සමහරවිට මේ අයට ඇති ගැටළුව නම් විසි හය දෙනෙකු මැරුණු සිද්ධියක් ජාතික උවදුරක් ලෙස ගෙන සැමරුම් නතර කිරීමට තරම් බරපතල හේතුවක් නොමැති බව විය හැක. එහෙත්, ජීවිත කාලය පුරාවටම මහජනතාවගේ මුදල් හා දේපොල කොල්ලකමින් තමන්ගේ හත්මුතු පරම්පරාවටම හම්බකළ දේශපාලඥයෙකුගේ අභාවයක් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්නට ඔවුන්ට බැරිකමක් නැත. මේ නිසා, සුළු ජාතික අයිතිවාසිකම් ගැන අප ලියන හැම විටම අනවශ්‍ය තරම් කලබල වන නෝනලා මහත්වරුන් දැන් කල්පනා කළ යුත්තේ දේශපාලනික සහ මාධ්‍ය පාතාලය අභියස සිවිල් පුරවැසි ජීවිත යනු වාර්ගික භේදයකින් තොර ‘සූපින්’ දේවල් පමණක් බවයි. මේ නිසා, මීතොටමුල්ල අපට පාඩම් රැසක් ඉගෙන ගැනීමටත් අලුතින් හිතන්නටත් කදිම අවස්ථාවක් පාදා දී තිබේ. කෝලිකුට්ටු දේසපාලුවන්ටත්, ජ්‍යොතිශ පිස්සන්ටත් රටේ ඉරණම පාවා දුන්නේ පිටසක්වළින් පැමිණි අය නොවේ. අපමය. මෙවැනි ඛේදවාචක පවා ඉතාම අවස්ථාවාදී ලෙස භාවිත කරන ජඩ මාධ්‍යයන්, ඒවායෙහි විකාශය වන ගොන් විසුළු වැඩසටහන් නිසා ජනප්‍රිය කරවන්නේද අපමය.

අමතක නොකරන්න. කළ යුත්තේ ගෙදර කුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීම පමණක් නොවේ. හිස්ගෙඩිවල ඇති කුණු කඳු ඉවත් කිරීමද අත්‍යවශ්‍යය. උන්හිටිතැන් සහ ආදරණීයයන් අහිමි වීමේ වේදනාවට වාර්ගික භේදයක් නොමැති බවද එවිට වැටහෙනු ඇත. මේ බැරෑරුම්ව කල්පනා කිරීමට කාලයයි.

ashanweerasinghe@gmail.com

#Meethotamulla

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    If the Government offered another site for the unauthorized citizens living around the dump site to move and if they decided otherwise, then we should not blame anybody but those who decided to stay themselves.

    • 2
      0

      Those people didn’t go to reside by the garbage dumpsite, the government took garbage to their naighborhood and dump it. Also, there had been a court order; dump site should be limited to 2 acres and now it has become 17 acres. Why those people move from their residence? It is disgusting politicians and their greedy of commission from contractors created this tragedy.

  • 2
    0

    75 PC Sri Lankan are Buddhist and most of them go to a Temple on Poyaday to observe Lord Buddhas teaching and to do the Buddhist rituals. But approximately 50pc of them go after people like Manjula and Totawaththa to know what hold for them in the future. Sri Lankas are subjected to two evils, one is to establish a Revolutionery Socialist government other one is to defend on Astrology. Even our Buddhist monks do engaged in these two evils to make money. If Sri Lankan can stop their greediness for wealth most problem we face as a Nation can be overcome, but the fight to be rich makes every one a corrupt person. Thanks to OPEN Economy we are sinking in a hole without a bottom and politicians without proper education and those with an Education like JVP brothers fail to understand SriLanka has turn 360 degrees and most people like to live in comfort. The writer has come out with the naked truth but the TV channels may not even think about the country as their moto is money.

  • 1
    0

    පෘතුවිය විශ්වයෙහි මැද පිහිටා අැතැය් සහ එය පැතලියය් විශ්වාස කල එදා පමණක් නොව තාරකා විද්‍යාව ගැන සහ විශ්වයේ දිග-පලල ගැන දැනුම් සම්බාරයක් උකහා ගෙන අැති අද කාලයේත් මැවුම් කරු සහ මැවුම්කරැගේ පුතා යය් සහ මැවුම්කරැගේ ප්‍රොෆට් යයි කියා ගත් මිනිසුන් කියු පට්ට පල් බොරු අනාවැකි ලෝක ජනගහනයෙන් භාගයකට වඩා විශ්වාස කරති.

    බොරැ අනාවැකි කියන්නේ ජෝතිෂ කාරයින් පමනක්ද? යහ්වේ කීවා කියා ‘පරණ බය්බලයේ’ බොරැ අනාවැකි ලියා අැත. යේසුස් කීවා කියා ‘නව තෙස්තමේන්තුවේ’ බොරැ අනාවැකි (false prophecies) ලියා අැත. අල්ලහ් කීවා කියා කුරාණයේත් බොරැ අනාවැකි ලියා අැත. ඉහත කී පොත් වල අැති දේව වාක්‍ය තම අාගමිකයන්ට වර්ගවාදය සහ අාගම් වාදය පැහැදිලිව උගන්වය්. නමුත් අෂාන් වැනි NGO වලන් යැපෙමන් බටහිරයන්ට කඩේ යන ලියුම් කරුවන්ගේ හිස් ගෙඩි වලට වැටෙන්නේ ජෝතිෂ කාරයින් විස්වාස කරන සිංහලයින්ගේ මිත්‍යාව සහ සිංහලයින්ට නැති වර්ගවාදයක් පමනි. ලැජ්ජා නැති කමක මහත; මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් ‘ජඩපාලකයන්’ බේරා ගන්න ‘ජඩපාලන’ ගැත්තෝ දෙරණට පහර දෙති, උඩ බලාගෙන කෙල ගසති, වසර 2000 කට වඩා පැරනි සිංහල සංස්කෘතියට පහර ගසති.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.