Colombo Telegraph

සද්දන්ත සුදුඅලි පොර

ඔස්‌ටින් ප්‍රනාන්දු

ඔස්‌ටින් ප්‍රනාන්දු

මා මිත්‍ර ආරියරත්න හේවගේ ශූරීන් මුදල් කොමිසමේ සභාපති ලෙස මා ලියූ ‘පළාත් සභා සුදුඅලි හා කොළඹ සද්දන්ත සුදුඅලි‘ ලිපියට ප්‍රතිචාර ලෙස “බලය බෙදාහැරීම හා ප්‍රාදේශීය සංවර්ධනය” මැයෙන් දිවයින පුවත්පතට 13/7/2013 දින ලියූ ලිපියට ප්‍රතිචාරයක්‌ අවශ්‍යයි මා සිතුවේ තර්ක විතර්ක කිරීමේ ආශාවෙන් මඩනා ලද සිතින් නොව එතුමාගේ ලිපිය ශාස්‌ත්‍රීයමය අගයක්‌ සංවාදයට එකතු කළ හෙයිනි.
හේවගේ මහතා කෘතහස්‌ත ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකි. ඔහු ඉදිරිපත් කරන අදහස්‌ මුදල් කොමිසමේ සභාපතිතුමා ලෙසද වලංගුවේ. එමනිසා ඒ අදහස්‌/අර්ථකතන විවිධ තරාතිරම්වල පිරිස්‌ අතරට අභියෝගයකින් තොරව ප්‍රචලිතවීම මගින් පළාත් සභා පිළිබඳ සංවාදයට අස්‌ථාවර මතිමතාන්තර අන්තර්ග්‍රහණයට ඉඩකඩ පැවතීම නුසුදුසු බවද මම සැලකුවෙමි.

මාගේ මුල් ලිපිය ජනාධිපති ලේකම්තුමා විසින් පළාත් සභා ‘සුදුඅලි’ ලෙස නම් කිරීම මුල්කොට ලියවුනි. එහි වූ වාක්‍ය හතර පහකින් මුදල් කොමිසමට අදාළව ප්‍රකාශිත අදහස්‌ කිහිපයක්‌ සමග එකඟ නොවීම මා මිතුරු සභාපතිතුමාගේ ප්‍රතිචාරයට හේතුවී ඇත. මාගේ ලිපියේ පළකළ පරිදි ජනාධිපති ලේකම්තුමා ‘බලය පහළම මට්‌ටමට ගෙන යායුතු බවත්’ පළාත් සභා උප-ජාතික මට්‌ටමේදී පරමාර්ථ ඉටුකර නොමැති බවත් සඳහන් කර තිබුණි.

සභාපතිතුමාගේ ලිපිය අවසන්භාගය කියවන විට පෙනීයන්නේ ජනාධිපති ලේකම්තුමාගේ අදහස්‌ සභාපතිතුමා විසින් සංඛ්‍යාති හා කරුණු සහිතව අභියෝගයකට ලක්‌කරන බවය. පළාත් සභා “ප්‍රශංසනීය කාර්යභාරයක්‌ ඉටු කර” ඇති අතර “අධ්‍යාපන” සෞඛ්‍ය වැනි සේවාවන් සැපයීමත්” කෘෂිකර්ම සංවර්ධනය තුළින් ආහාර සුරක්‌ෂිතභාවය රැකගැනීමත් පළාත් සභා විසින් අත්කරගෙන තිබෙන මූලික ජයග්‍රහණ” බව සභාපතිතුමා එහිදී පවසයි. ජනාධිපති ලේකම්තුමා පළාත් සභා සමාලෝචනයේදී නිවැරදිද” මුදල් කොමිසමේ සභාපතිතුමා නිවැරදි දැයි නොදැන මා අතරමන්වේ. රජය තුළ පළාත් සභා පිළිබඳව ඒකාග්‍ර මතයක්‌ නැතිවා සේම නිලධාරී පැලැන්තිය තුළද එය ප්‍ර්‍රතිබිම්බිත බවට මේ සාක්‌ෂිද?

කෙසේවුවද මා බාලාංශ පන්තියේදී ‘කුමාරෝදය. නම් පොතෙහි දුටු ‘ඔබ ඇත්පොරය දුටුවෙහිද?’ යන ප්‍රශ්නයට එකල මට පිළිතුරක්‌ නොවුයේ මා ඇත්පොර දැක නොසිටි හෙයිනි. වියපත්ව සිටින අදවැනි දිනක කොළඹ සද්දන්ත සුදුඅලි පොරයක්‌ මෙසේ දුටුවිට ළදරුසමයේ අඩුවක්‌ පිරිමැසුනයි සියුම් සතුටකට ද හේතුවේ`

මීට අමතරව මුදල් කොමිසමට බැහැරවූ කරුණු කිහිපයක්‌ ගැන ද (උදාහරණ ලෙස ජාතික ප්‍රතිපත්ති සැදීම) සභාපතිතුමා දෙවනුව අදහස්‌ ඉදිරිපත්කරයි.

මුදල් කොමිසමේ කාර්යභාරය

මුලින්ම එතුමා මවිසින් රචිත “එමෙන්ම, මහා භාණ්‌ඩාගාරය පළාත් සභාවලට අරමුදල් නිදහස්‌ කිරීමේදී මධ්‍යයේ දේශපාලන හා පරිපාලන සිතැඟි ප්‍රමුඛකොට ප්‍රමාදකිරීම් කළේය. දැනුදු කරයි. මුදල් කොමිෂන් සභාව සෑමවිටම මධ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සානුකම්පිතය” යන වැකිය උපුටා එරෙහිව කරුණු දක්‌වයි.

මා තවමත් එම අදහසේ එල්බගෙන සිටින බව මුලින්ම පවසනු රිසියෙමි.

එසේ මා සිතන්නේ එතුමා උපුටා දැක්‌වූ 13වන ව්‍යවස්‌ථා සංශෝධනයේ 154ජ (3) වගන්තියෙහි “පළාත් අවශ්‍යතා සපුරාලීමේ කාර්යය සඳහා ප්‍රමාණවත් අරමුදල් ආණ්‌ඩුව විසින් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව සහ කොමිෂන් සභාව විමසා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර දීමය යන ප්‍රකාශය මුලින්ම නිවැරදිකරමිනි. එතුමා “….අයවැය ලේඛනයෙන් වෙන්කර දිය යුත්තේය” වෙනුවට “..වෙන් කර දීමය” යයි පැවසීමෙන් වගන්තියේ ව්‍යවස්‌ථාමය අනිවාර්යභාවය බැහැර කර ඇත. “වෙන්කරදීමය” වෙනුවට “වෙන්කරදිය යුත්තේය” සමග හඹායාම මුදල් කොමිසමේ අනීවාර්යමය කාර්යභාරය වේ. එය නොසිදුවුවහොත් මධ්‍ය සන්තර්පණය/ සම්බාහනය කරන්නේ යෑයි චෝදනාව මුදල් කොමිසම පසුපස හඹනු ඇත.

පළමුවම “පළාත් සභා අවශ්‍යයතා සපුරාලීමට ප්‍රමාණවත්” මුදල් සම්පතක්‌ කොමිසම නිර්දේශිත පරිදි පළාත් සභා අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් වූයේද යන්න මුදල් කොමිසමේ සභාපතිතුමාට හෝ බැහැරින් සිටින අපට වඩා දන්නේ පළාත් සභා අධිකාරීන්ය. ඊටත් වඩා තත්ත්වය හොඳින්ම දන්නේ සම්පත්වලින් පලප්‍රයෝජන අපේක්‌ෂිත පළාත්බද පොදු ජනතාවය. පොදු ජනතාවට වඩා ආසන්න අවශ්‍යතා මොනවාදැයි දැනගැනීමට ඇති එක සරල මාධ්‍යයක්‌ නම් සිංහල ප්‍රවෘත්ති රූපවාහිනියෙන් රාත්‍රියේ නැරඹීමය. මේ ප්‍රවෘත්ති රජය/ පළාත්සභා / පළාත් පාලන ආයතන/ සංස්‌ථා විවේචනය කරති. ඒවායේ පළාත්බද අඩුපාඩු ලෙස සැමවිටම පාහේ අප දැක ඇත්තේ කුඩා පාලමක්‌ හෝ බෝක්‌කුවක්‌ හෝ අතුරු මාර්ගයක්‌ හෝ ජලනල පද්ධතියක්‌ නොමැතිවීම හෝ සමුපකාරයක හෝ පාසලක හෝ අඩුපාඩු නිසා ජනතාව විඳින දුක්‌ගැහට එළිදැක්‌වීමක්‌ය. මේ බොහෝ විවේචන පළාත් සභා කාර්යයන්ට සබැඳි හෙයින් සම්පත් හිඟකමක්‌ නිසා එසේ වූයේ නම් මුදල් කොමිසම එවන් පළාත් සභාවලට සාධාරණය ඉටුකර ඇත්දැයි ප්‍රශ්නය ඉදිරිපත්වනු ඇත.

දෙවනුව මෙසේ චෝදනා මුඛයෙන් කරුණු ඉදිරිපත්වූවිට නිසැකවම ප්‍රත්‍යqත්තරවන්නේ මුදල් වෙන්කර නොමැති බව හෝ නිලධාරී හිඟ බවය. මේ හේතු දෙකටම බැඳීමක්‌ මුදල් කොමිසමට ඇත්තේ පළාත් අයවැයට අරමුදල් වෙන්කිරීමට මුදල් කොමිසම අධිකාරිත්ත්වයක්‌ දක්‌වන හෙයිනි. මෙයින් පෙනෙන්නේ එක්‌කෝ මේ අවශ්‍යතා මුදල් කොමිසමට අපේක්‌ෂිත පරිදි ඉදිරිපත්වී නොමැති බවයි. රජය ප්‍රදානය කරන අරමුදල් පළාත් අතර බෙදීමේදී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති හෙවත් පළාත් සැලසුම් ඉදිරිපත් කිරීම ගැන ප්‍රතිපත්ති සාධනයට මුදල් කොමිසමටදී ඇති බලය ඤ(13 ව්‍යවස්‌ථාවේ 154ජ(4) (අ)% නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මීට හේතුවන්ට ඇත. සමහරවිටෙක පළාත් සභා අවශ්‍යයතා නිසිපරිදි දැන්වුවද මුදල් කොමිසම ඒවා ඔවුන්ගේ අධ්‍යයනයන් මත පිහිටා බැහැරකර ඇත්ද? සමහරවිට පළාත් සභාවලට රජය දක්‌වන ප්‍රමුඛතාවය මත භාණ්‌ඩාගාරය මුදල් කොමිසමේ නිර්දේශිතපරිදි අවශ්‍යයම මුදල් නොසැපවූවා විය හැකිය. එහෙයින් පළාත් අයවැය ලේඛනයට චුදිත අංශවලට මුදල් වෙන් කිරීමට අතපසුවන්ට ඇත. එවිට මෙහිදී පැනනැගෙන මෙහෙයුම් බොහොමයක වගවීම මත කොළඹ පාදකකරගත් සද්දන්ත සුදුඅලියෙකු ලෙස මුදල් කොමිසම ගැනද කෙනෙකු අදහස්‌ ප්‍රකාශ කළහොත් පුදුමයක්‌ද?

තෙවනුව විද්‍යර්තීන් ‘Principle of Subsidiarity” සංකල්පය මගින් පැහැදිලිකරන්නේ රාජ්‍ය හා උප පාලන ඒකක විසින් පොදුජන අවශ්‍යයතා ඉටුකිරීම උචිතම මට්‌ටමේදී සිදුකිරීම නම් ශ්‍රී ලංකාවේ බලය බෙදීමෙන් එය ඉටුවී ඇත්ද යන්න මේ විවේචන විසින් ප්‍රශ්නාභිමුඛ කරනු ලැබේ. කෙසේ වුවද, මිත්‍ර සභාපතිතුමා මෙවැනි ප්‍රවෘත්ති ගැන බලන්නේ, බලය බෙදාදීමට අභිප්‍රෙරණයකට වඩා භෞතික අවශ්‍යතා මහජන ප්‍රමුඛතාවයන් උලුප්පා දක්‌වන බවට හේතු-ප්‍රත්‍යක්‌ෂ ගොඩනැඟීමටය. එය බලය බෙදාදීමට එරෙහි පාර්ශ්වද ඉදිරිපත්කරන තර්කයක්‌වීම අහඹුවක්‌ ලෙස සලකන්නේ මුදල් කොමිසමේ සභාපතිතුමා දේශපාලන ආධ්‍යාශයන් නොමැත්තෙකු ලෙස මා සිතන හෙයිනි.

සිව්වැනිව, මුදල් කොමිසමේ නිර්දේශ අනුව ජාතික අයවැය ලේඛනගත මුදල් ප්‍රතිපාදන මහා භාණ්‌ඩාගාරය විසින් යාවත්කාලීනව පළාත් සභාවලට නිදහස්‌කරන්නේද යන්න වැදගත්ය. මේගැන හොඳින්ම දන්නේ පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්, ප්‍රධාන ලේකම්වරුන්, මුදල් නියෝජියත ලේකම් වරුන් හා ගණකාධිකාරිවරුන්ය. මුදල් හිඟය මත කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට බැරිව ලතවීම් දැන් නොසිදුවෙතැයි සභාපතිතුමා ප්‍රකාශ කරන්නේද? බොහෝවිට මෙය භාණ්‌ඩාගාරයේ ද්‍රවශීලතා තත්ත්වය මත සිදුවේ. එසේ සිදුවූවිට මුදල් කොමිසම එවැනි තත්ත්වයකින් පළාත් සභා මුදා ගැනීමට ඉදිරිපත්වී සහන ලබාගෙන ඇත්ද? එවැනි මැදිහත්වීමක්‌ මුදල් කොමිසමේ ව්‍යවස්‌ථාපිත කාර්යභාරයට අයත් නොවෙතැයි, අසංවේදීව, ඒ ගැටලුව නිරාකරණය පළාත් සභාවලට පවරා මුදල් කොමිසම දුර්මුඛව සිට ඇත්ද? විශේෂයෙන්ම මුදල් ලේකම්තුමා මුදල් කොමිසමේ සාමාජිකත්වය දැරීම එවැනි සහායක්‌ ඉලක්‌ක කරගැනීමට ආධාරක වියහැකි සංසිද්ධියක්‌ නොවේද? ප්‍රතිපාදන නිර්දේශයට අමතරව මෙවන් අවස්‌ථාවලදී මුදල් කොමිසම අක්‍රියවූයේ නම්, ඒ රජයේ මුදල් බලධාරීන් සම්භාහනය සඳහා වීයෑයි කෙනෙකු වැරදිලෙස හෝ සිතුවොත් වරදක්‌ ඇත්ද?

පස්‌වැනිව, පසුගිය සමයේදී පළාත් සභා කාර්යභාරයන් රජයන් විසින් ‘උදුරාගත්’ අවස්‌ථා වීය. එය වත්මන් රජය පමණක්‌ නොව දැනට විපක්‌ෂගතව සිටින එජාප දේශපාලන අධිකාරිත්ව සමයන්හිදීද සිදුවූවකි. එවන් අවස්‌ථාවලදී, තම ව්‍යවස්‌ථාමය රාජකාරියවන පළාත්සභා සඳහා රජය විසින් වසරක්‌ පාසා ප්‍රදානය කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදාදීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සාධනයට වන ගැටුම්, අපහසුකම්, ව්‍යවස්‌ථාපිත බලධාරිත්ත්වය මත පිහිටා කරුනු දැක්‌වීමක්‌ සිදුවිය යුතුව තිබිණි. එසේ වූයේ නම් යෙහෙකි. මුදල් කොමිසම ද එවිට හැසුරුණේ ඉඩම් බලතල ඉල්ලා උපරිමාධිකරණයට (2003) ගිය, එහෙත් මෑතදී ඉඩම් බලතල අනවශ්‍ය යෑයි පළාත් සභාවල යෝජනා සම්මත කළ, පළාත්සභා දේශපාලන බලධාරීන් දේශපාලන නිරුවත ප්‍රදර්ශනය කළ අන්දමින්ම නිහඬව සිටීමෙනි. අන් වචනයෙන් කිවහොත්, රජයේ දේශපාලන හෝ පරිපාලන අවශ්‍යතාවයට ගරුසරුකර, තම ව්‍යවස්‌ථාපිත බලධාරිත්ත්වයට වදින පහර දරාසිටියේ ‘අපි රජයට පක්‌ෂපාතීන් නිසා කළහැකි දෙයක්‌ නොවීය’ යි නිහඬභාවයට ප්‍රමුඛත්වය දීමෙනි. පිරිවැටුම් බද්ද ‘උදුරා’ ගන්නාවිට එසේ කරන බව හොදින් දැනසිටි මුදල් ලේකම්වරයාගේ ක්‍රියාමාර්ග ව්‍යවස්‌ථා සම්පාදකයින් අපේක්‌ෂා කළ කාර්යභාරය වූයේ දැයි සැකයකි.

සභාපතිතුමන් පවසන්නේ ව්‍යවස්‌ථාව පරිදී මුදල් කොමිසමේ කාර්යභාරය පැහැදිලිකර ඇති බවය. අරමුදල් පළාත් අතර බෙදාදීමේ ප්‍රතිපත්ති සාධනය සහ පළාත් මුදල් කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කොමිසමට යොමුගත යම් කරුණක්‌ සම්බන්ධයෙන් එතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීම සිය කාර්යභාරය ලෙස එතුමා පවසයි. මා පවසන්නේ එම කාර්ය භාරය ඉටුකිරීමේදී ධනාත්මකව ප්‍රතිපත්ති නිර්මාණයට ලද ව්‍යවස්‌ථාමය අධිකාරය යටතේ පළාත් අවශ්‍යතා පිළිබඳ සංවේදී වියහැකි බවයි. එසේ නොවීම හිඩැසක්‌ බවයි. එසේ හිඩැසක්‌ ඇති කිරීමෙන් මුදල් කොමිසමද එක්‌තරා අන්දමක කොළඹ පාදක සද්දන්ත සුදු අලියෙකු වීද?

පළාත් සභා කාර්යසාධනය

නැවතත් සභාපතිතුමා ‘පළාත් අවශ්‍යතා හඳුනාගෙන ඒ ඒ පළාත්වලට ප්‍රතිපාදන සපයා දීමේ කාර්යභාරය තුළ මුදල් කොමිෂන් සභාව විසින් පුනරාවර්තන මෙන්ම ප්‍රාග්ධන ස්‌වරූපයේ ප්‍රතිපාදන ද වෙන්කරනු ලබයි යෑයි පවසා ප්‍රතිපාදන විශ්ලේෂණයකද -පුනරාවර්තන හා ප්‍රාග්ධන ලෙස- යෙදෙයි. මම ඒ විභජනය සමග එකඟ වෙමි. මෙම විභජනයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන ප්‍රතිශතයන් සටහන් වූයේ නම් කොමිසම පුරාෙ-රුවෙන් දක්‌වන සංඛ්‍යාති පිළිබඳ ඇතිවන්නේ කනගාටුවකි. ඤමා විදේශගතව සිටින හෙයින් මේ සංඛ්‍යාති ඉදිරිපත් කිරීමට අපහසු වුවත්, මගේ මතකයේ හැටියට (නිවරදි කිරීමේ අවස්‌ථාවය ඇතිව) පළාත්සභා ප්‍රාග්ධන පිරිවැය මුළු ප්‍රතිපාදනයන්ගෙන් 20%වත් නොවේ.% විදේශාධාර ලද ව්‍යාපෘති ඇත්නම් මේ ප්‍රතිශතයේ වැඩිවීමක්‌ සමහර විටෙක පෙන්නුම්කරනවා විය හැකියි සැකකරමි.

2010 සිට 2012 දක්‌වා අවුරුදු තුනකට රුපියල් බිලියන 75 පළාත් සභාවලට ලබාදී ඇති බව සභාපතිතුමා සාඩම්බරයෙන් පවසන්නේ, මෙම තෙවසරක ප්‍රතිපාදන සමුච්චය ඉක්‌මවා වසරකට රුපියල් බිලියන 90 පමණ දිවි නැගුම. වැනි ආර්ථික සංවර්ධන අමාත්‍යාශය යටතේ ඇති එක ව්‍යාපෘතියකට 2012 අයවැයෙන් වෙන්කර ඇතියයි මාධ්‍ය හෙළිකිරීම් ඇති පසුබිමකය. තවත් උදාහරණයක්‌ ලෙස දැක්‌වුවහොත් 2012 අයවැය කතාවේදී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ යටතේ රුපියල් බිලියන 123ක්‌ ජාතික මාර්ග පද්ධතිය දියුණුකිරීම ව්‍යාපෘතියට වෙන්කර ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරන අතරතුරය. මෙවන් පසුබිමකදී සාමාන්‍යයක්‌ ලෙස ගත්විට වසරකට පළාතකට රුපියල් බිලියන 3ක්‌ ප්‍රාග්ධන ප්‍රතිපාදනය ආඩම්බරවීමට හේතුවක්‌ද? මේ මුදල් වෙන්කිරීම් සමහර පළාත් සභා විෂයන් නීතිවෙනසකින් නිහඩ කරගෙන ලබාහත් ප්‍රතිපාදන වෙති. එවිට මුවින් නොබැන සිටින මුදල් කොමිසමක්‌ හා පළාත් සභා තිබීම කොතරම් ආඩම්බරයක්‌දැයි අප ප්‍ර¨ශ්න කළයුතු නැත්ද? මෙය රජය /මාධ්‍ය සන්තර්පනයක්‌ නොවේනම් කුමක්‌ද? අනික්‌ අතට මුදල් කොමිසම පළාත් සභා ගොලුවී සිටින විටෙක මොරදෙන්නේ කුමකට දැයි සිතන්නටද ඇත`

මුදල් කොමිසමට පරිබාහිර කරුණු

මුදල්කොමිසමට බැලූබැල්මට පරිබාහිර වුවද පළාත් සභාවලට අදාළ කරුණු කිහිපයක්‌ සභාපතිතුමා දක්‌වා ඇති යයි මම මුලදී පැවසුවෙමි. ඒවා පිළිබඳව මෙහිදී විස්‌තරාත්මක නොවෙමි.

මුදල් කොමිසමට බැහැර දේශපාලන වශයෙන් වර්තමානයේ සංවේදී විෂයක්‌වන උප-ජාතික ආයතන ක්‍රියා කළයුත්තේ ජාතික ප්‍රතිපත්තිය අනුව බව සභාපතිතුමා පවසයි. ඊට හේතු ලෙස 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ සංවෘත ලැයිස්‌තුවේ පළමුවෙන්ම ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ සටහන එතුමා උපුටා දක්‌වයි.

එහෙත් 13 සංශෝධනයේ එකම විෂයක්‌ ගැන පමණක්‌ ජාතික ප්‍රතිපත්ති සාධන යාන්ත්‍රණයක්‌ දක්‌වා ඇත. ඒ රජයේ ඉඩම් පිළිබඳවය. එහි ෂෂ පරිශිෂ්ඨයෙහි 3.1 සඳහන් ජාතික ඉඩම් කොමිෂන් සභාව 1987න් පසු කිසිම රජයක්‌ විසින් පත්කර නැත. ව්‍යවස්‌ථානුකූලව එයට සියලු පළාත් සභාවල නියෝජිතයින් ඇතුළත් වියයුතු විය. මගේ මුල් ලිපියෙන් එජාප රජය ඊට දැක්‌වූ ගරුසරුව පෙන්වාදුනි. ඒ වෙනුවට වර්තමානයේ සිදුවන්නේද එයමය. ඒ රජයේ ඉඩම් ප්‍රතිපත්ති සාධනය ජනාධිපති ලේකම්, ඉඩම් ලේකම්, ස්‌වදේශ ලේකම්, ඉඩම් කොමසාරිස්‌ ජෙනරාල් ආදීන් ස්‌වකැමැත්තෙන්ම පවරාගැනීමයි. මේ පියවර ව්‍යවස්‌ථානුකූලයයි මා මිත්‍ර සභාපතිතුමා පවසන්නේ නම් එතුමාද ව්‍යවස්‌ථාවේ හතරවන උපලේඛනයේ සඳහන් ව්‍යවස්‌ථාව ආරක්‌ෂාකොට අනුගමනය කරන්නෙ යෑයි මුදල් කොමිසමේ සභාපති ධුරයට පත්වූ දිනයේ දුන් දිවුරීම එවක්‌ පටන් බිඳදමා ඇත. කෙසේ වුවත්, එතුමා කලින් උද්ධෘත කළ ජාතික ප්‍රතිපත්ති තර්කය එම බරින්ම ජාතික ඉඩම් කොමිසම පත්කිරීමේ අත්‍යාවශ්‍යභාවයට යෝජනාකිරීමට සභාපතිතුමන් දෙඅත් එසවීමට සූදානම්ද? මා සිතන්නේ නොමැතියයි කියාය.

මගේ ලිපියේ විවිධ නඩු තීන්දු පිළිබඳව උපුටා දක්‌වන අතර 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව ගැන අවධානයක්‌ යොමු නොකිරීම එතුමා සඳහන් කරයි. පැහැදිලි කිරීමක්‌ වශයෙන් කිවයුත්තේ මගේ කලින් ලිපියේ තේමාවට ඒ තීන්දුව එතරම් වැදගත්ලෙස මා නොසැලකූ බව හා මා සඳහන් නොකළ තවත් තීන්දුද ඇති බවය.

අවසන් වශයෙන් සභාපතිතුමා වර්තමාන දේශපාලන බලධාරීන් නිරතුරුව සඳහන් කරන “ජාතික ඒකාග්‍රතාවය, සමගිය හා සදාචාර සංවර්ධනය රැකෙන පරිදි බහුතර ජනතාවගේ ජීවන මට්‌ටම ඉහළ නැංවීම” ගැන සඳහන් කරයි. ඒ සඳහා “අඩු වශයෙන් සැමට පොදු මූලික අවශ්‍යතා සැපයීම මෙහිදී අරමුණු කරගෙන ක්‍රියා කිරීම වැදගත් බව පවසන නිසාම ඡරසබජසචකැ දෙ Sමඉsසාස්‌රසඑහ සංකල්පය ඊට යොදාගත හැකි නොවේ දැයි ප්‍රශ්නයක්‌ ඇසීම සුදුසුයි සිතමි. එය එතුමා විසින් තම ලිපියේ දක්‌වා ඇති ජයග්‍රහණ ලබාගත් සංවිධාන මධ්‍ය වූ පළාත් සභා මගින්ම එකඟතාවන් මත ‘ජනතා සහභාගිත්වය ඇතිව සමාජ හා ආර්ථික සංවර්ධනය හා යහපාලනය කරා යොමුවන ප්‍රායෝගික ක්‍රියාවලියක්‌ තුළින් සාක්‌ෂාත් කරගත හැකිදැයි විමසීම මෙහිදී නුසුදුසුද? එය එතුමාගේ සිත් බැඳගත් පළාත් සභාවන්ට සුදුඅලි ලේබලය ඇලවීමට (එතුමා නොකළද) වඩා උචිතයයිද සිතමි. එම ක්‍රියාමාර්ගයෙදී විද්‍යාර්ථී න්‍යායන් පදනම් කර ගැනීම සුළු වශයෙන්වත් උපකාරීවෙතැයි විශ්වාසයක්‌ මා සිත්තුළ ඇත. විද්‍යාර්ථීන් මේ නිගමනයන්ට පැමිණ ඇත්තේ දිගු අත්දැකීම් මගින් බව අමතක නොකළ යුතුය.

මගේ කලින් ලිපිය මගින් උත්සාහගත්තේ සාර්ථක බලය බෙදීමක්‌ සඳහා පළාත් සභා බලවත් කිරීම සුදුසුබවත් පළාත් සභාවල ඇති දුබලතා මෙන්ම කොළඹ බලධාරීන්ගේ සද්දන්ත සුදුඅලිත්ත්වයන්. පළාත් සභා දුබලවීමට හේතුවී ඇති බවත් උකහා දැක්‌වීමටය. ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සැලකිය යුතුය යන සභාපතිතුමන්ගේ අදහස සමග මා එකඟ වන්නේ මා කලින් ලියූ ලිපියේද පැවසූ පරිදි ව්‍යවස්‌ථාවට අධිකරණ තීන්දු හා සංවේදිත්වයට ගරුකරමින් අප හැසිරිය යුතු හෙයිනි.

ප්‍රායෝගිකත්ත්වය යනු රජයේ ප්‍රකාශකයින් මගින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මැතිතුමාට ‘පොඩියන්’ (පැන්චෙක්‌) යයි ආමන්ත්‍රණයනම් නොවේ· විශේෂයෙන්ම සම්බන්දන් මැතිතුමා පසුගිය සතියේ ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් එතුමා හමුවී ගැටලු පිළිබඳ සාකච්ඡාද පැවැත්වූ හෙයිනි. ජනාධිපතිතුමා පැන්චන්. හමුවී කාලය කාබාසිනියා නොකරන බවට මට විශ්වාසය· රජයේ ප්‍රකාශකයන්ට අවිශ්වාසය·.

*ඔස්‌ටින් ප්‍රනාන්දු, හිටපු ආරක්‍ෂක ලේකමි

Back to Home page