Colombo Telegraph

බැඳගත් පළාත් සභා බෙරය ගැසීම!

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

මැතිවරණ නීති උල්ලංඝනයන් හා අනික් හිරිහැරකිරීම් චෝදනා මැද වුවද ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ජය අපට ගෙනෙන පණිවුඩය නම් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවේ’ යන්නය. සිය ශක්තිය ප්‍රදර්ශනයට අවස්ථාව උදාකළ ජනාධිපතිතුමන්ට ද්‍රවිඩ සන්ධානය ස්තුතිවන්ත වියයුතුය. මෙම මැතිවරණ ප්‍රතිපලය සන්හිදියාවට යන නව දුෂ්කර මාවතක් විවරකරයි. ඉන් මතුවන දේශපාලන  යතාර්ථයන් සමග සංහිඳියා ක්‍රියාදාමය අත්වැල් බැඳගෙන යයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මෑතකදී පැවසූයේ “ප්‍රජාතන්ත්‍රවාදය සරලව මැතිවරණ පැවැත්වීම පිලිබඳව නොවේ; කෙසේවුවද, සියලු ශ්‍රී ලාංකික ජනකොටස්වලට ඔවුන් ලැබියයුතු සාමය හා ගරුත්වය සහිත ජීවත්වීමට වැඩිමනත්ව ක්‍රියාකළ යුතුය” කියාය.  ශ්‍රී ලංකා ජනරජයට හා ද්‍රවිඩ සන්ධායනයට මෙය උගතහැකි මූලික මාර්ගෝපදේශයකි.  රජය හා ද්‍රවිඩ සන්ධානය විසින් සැමට සාමය හා ගරුත්වය සඳහා වැඩිමනත් ලෙස කළයුතු ක්‍රියාමාර්ග ගැන සොයාබැලීම මෙහිදී අපේක්ෂාවයි.

දෙපාර්ශ්වයම මුහුණදියයුතු, මැතිවරණයෙන් පසු පැනනැගී ඇති යතාර්ථයන් කිහිපයකි.

මහහඬ දෝංකාරනගන ජාතිකත්ව ධ්‍රවීකරණය හෙවත් කේන්ද්‍රීයකරණය එකකි. උතුරු පළාත් සභාවේදී ආසන 30/38 ද්‍රවිඩ සන්ධානය ජයගති. එසේම වයඹ හා මධ්‍යම පලාත්වල රජය පහසු ජයක් ලැබීය. පළමුවැන්න ද්‍රවිඩ ජාතිකත්වය හා ජනතාව මුහුණදුන් දුක්බරභාවයන්ට පලියක්ගැනීමේ ප්‍රතිපලයක් යයිද, දෙවැන්න රජයේ යුධජයග්‍රාහිත්වය සමග මුසුවූ ත්‍රස්තවාදීන් සමූලඝාතනයේ සන්තුෂ්ටිය පිළිබිඹුකරන ජාතිකත්ත්වයකියි කෙනෙකු පැවසිය හැකිය.  මේ දෙපසේම දකින ජාතිකත්ව ධ්‍රවීකරණය දේශපාලන මහා ව්‍යසනයකින් තොරව යුහුසුළුව දියවීයතියි අපේක්ෂා කළනොහැකිය.  

 

තවත් යතාර්ථයක්, රජයේ ප්‍රකාශකයින් ද්‍රවිඩ සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය ‘බෙදුම්වාදී’යයි මැතිවරණයෙන් පසුවද දිගටම පැවසීම මත පැනනැගී ඇත.  ඔවුන්ගේ තර්ක නිවැරදිනම් උතුරෙන් ලද මහා ජයග්‍රහණය රට බෙදා වෙන්කිරීම තහවුරුකරන ජනමතයක්යයි බෙදුම්වාදියෙකු වන වී. රුද්‍රකුමාරන් වැනි අයෙකු අරුත්දක්වනු ඇත.  රුද්‍රකුමාරන්ට සමාන්තරව සිතන තමිල්නාඩුවේ වයිකෝ හා රාමදොස්  මැතිවරණ ප්‍රතිපලය ද්‍රවිඩ ඊලමක් සඳහායයි නිගමනය කරති.  වාසනාවකට, මේ චෝදනා නගනවිට ද්‍රවිඩ සන්ධාන නායකත්වය ඒවා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළේය.

කෙසේවුවද, මැතිවරණය අවසානය සමගම මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් “එක්සත් නොබෙදුණු රටක්තුල ද්‍රවිඩ කතාකරන ජනයාට යම්තරමක ස්වයංපාලනයක් දෙන මෙන්” රජයෙන් ආයාචනය කළේය.  ඔහු එයින් බෙදුම්වාදය බැහැර කළේය. එහෙත් එහි අවශ්‍යවූ ස්වයංපාලන වපසරිය සැඟවී තිබුණි. නීති සකස්කිරීම (154උ වගන්තිය), මුදල් සම්පත්කරණය (154ජ වගන්තිය), පිරිස් කලමනාකරණය (පළාත්සභා පනතේ – IV කොටස) ආදිය සඳහා බලය හා අධිකාරය මගින් ‘යම්ප්‍රමානයක ස්වයංපාලනයක්’ පලාත්සභාවලට ආරෝපණය වන්නේ ඒවා බලයබෙදාගැනීමේ නීත්‍යානුකූල අත්‍යාවශ්‍යතාවයන් වනහෙයිනි; එහෙත්, වපසරිය 13 ව්‍යවස්ථා සංශෝධනයෙන්, ව්‍යවස්ථාවෙන් හා පළාත්සභා පනතින් බැහැරවන්නේනම් එය ගැටලුවක්වනු ඇත.

දැනටමත් ද්‍රවිඩ සන්ධානයට / උතුරු පලාත්සභාවට ඇති “රටේ පරමාධිපත්‍ය හා භූමියේ අඛන්ඩභාවය සුරැකීමේ මහා වගකීම” සිහිපත්කරමින් බැසිල් රාජපක්ෂ ඇමතිතුමන් අවවාදත්මකවී ඇත. ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශනය දමිල හා මුස්ලිම් ජනයා වෙනුවෙන් ඉල්ලා සිටි යුක්තිය, සමානාත්මතාවය, සාමය හා ආරක්ෂාව, සිංහලයින් සමගද බෙදාහදාගන්නා ලෙස බැසිල් රාජපක්ෂ ඇමතිතුමන් ද්‍රවිඩ සන්ධානයෙන් වක්‍රව ඉල්ලා සිටී. ආරක්ෂාව සංවෘත විෂයකි. එතුමා මෙහිදී එය සඳහන්කිරීම සමහරවිට සැඟවුණු තර්ජනයක්ද වීයහැකිය. එනිසා දෙපාර්ශ්වයම පරිස්සමින් ගමන් කළයුතු අතර එමගින් හදවත් හමුවීම අත්‍යවශ්‍යවේ.

ද්‍රවිඩ සන්ධානයේ ආධාරකරුවන් සමහරෙකු කලින් එල්ටීටියේ බෙදුම්වාදීත්වයට සහයෝගය දැක්වූහ. ඔවුන් අතුරින් සමහරෙකු, (ඇයට අගෞරවයෙන් තොරව)- ආනන්දී සශිධරන් වුවද සංසන්දනාත්මකව ලබා ඇත්තේ අඩු දේශපාලන අත්දැකීම්ය. මා නිලමය වශයෙන් සමුවී ඇති එලිලන් (වවුනියා/ත්‍රිකුණාමලය), එලම්පරිදි (යාපනය), ලක්ෂ්මන් (මන්නාරම) ඉතා ඉහල පුහුණුවක් ලද, මතුපිටින් මෘදු, එහෙත් ඇතුළතින් ඉතා දැඩි චරිත ඇත්තෝ වූහ.  සමහරවිට එලිලන්ගේ අතුරුදහන්වීම බිරින්දවූ සශිධරන් සිත්හි තැන්පත්භාවය වියකාදමා, එහි නොමැකෙන මෘත සිහිවටනයක් නෙලන්ට ඇත. දැන් ඕ දරුනුලෙස විපතටපත් කාන්තාවන්, අතුරුදහන්වූවන්ගේ ඥතීන්, පරාජිත එල්ටීටිය නියෝජනය කරයි. බොහෝවිට ඇය උතුරු පලාත්සභාවේ අමාත්‍යවරියකවනු ඇත. සිවිල් පරිපාලනය, ඇයට හිරිහැර කළේයැයි චෝදනාලද හමුදාව, දේශපාලන චරිත සමගද ඇයගේ නිලමය සම්බන්ධතා තැන්පත් හා මිත්‍රශීලී ලෙස සිදුවුවහොත් මැනවි.  ඇයගේ ක්‍රෝධය හා දෘඩවුණු වෛරය බිම්මට්ටමට රූරා ගියහොත් ඇය එකාග්‍රකර හා සංහිදියාව බිදින, ගැටළු ආකර්ෂණය කරන ලක්ෂයක්වනු ඇත. කලින් සඳහන් කළ රාජපක්ෂ ඇමතිතුමන්ගේ ප්‍රතිචාරය, එල්ටීටීඊ කාදරයන්ගෙන් වියහැකි මෙම තත්ත්වය ඔහු සිත්තුල කරක්ගැසීම නිසාවූයේයයි සිතේ. ද්‍රවිඩ සන්ධානයේ නායකයින්ට, නිදැල්ලේ එවන් තත්ත්වයක් පැතිරීම වලක්වාගැනීම සඳහා ධනාත්මක පාලනයක් තබාගැනීමේ වගකීම පැවරේ.

සිවුවැනි යතාර්ථයක් වන්නේ බැලූබැල්මට ව්‍යවස්තා විරෝධීයයි පෙනෙන අභිමතාර්ථ පක්ෂ ප්‍රකාශනයේ අඩංගුවී තිබීමය.  අති බහුතරයකින් පක්ෂ ප්‍රකාශනය ජනතාව විසින් තහවුරුකළේය යන ජයකාමයෙන් ඒවා ක්‍රියාත්මකකිරීමට උතුරු පළාත්සභාව ක්‍රියාකරයිද?  ව්‍යවස්තාමය ලෙස කළනොහැකි දේ කිරීමට නීතිවිශාරදයකුවන ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රියා නොකරනු ඇතියයි සිතමි.  දැනටමත් නීතිවිරෝධී මගක නොයන බවට ඔහු ප්‍රකාශ කර ඇත. ඔහු එය බින්දහොත්, රජයේ ගැටුම්කාරී විෂදල විවරවනු ඇත. එවැනි ගැටුම්කාරීබව, දැඩි ධ්‍රවීකරණයට ලක්ව ඇති දකුණේ සිය ජනප්‍රියභාවය වැඩිකරගනීමට රජයට උපකාරීවනු ඇත.  කෙසේවුවද, උතුරු පළාත් සභා ජයග්‍රහණය, ජාතික ගැටලුවට අවසන් විසදුම නොවෙතැයි විග්නේස්වරන් මහඇමතිතුමා ඔප්පුකරනු ඇතියි මට තවමත් විශ්වාසයක් ඇත.

පස්වැනි යතාර්ථයක් නම් මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශකළ, ප්‍රකාශනයේ ඇතුලත්, වෙනත් දැඩි අපේක්ෂා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද්‍රවිඩ සන්ධානය නොවලහාම පෙළඹීමය. ප්‍රධාන ලෙස ඒවානම් තමන්ට එරෙහිවූ  ආණ්ඩුකාරවරයා, දැඩි මතභේදයට ලක්ව ඇති ඉඩම් හා පොලිස් බලතල, නිර්හමුදාකරණය, මානව හිතවාදී පොරොන්දු ආදියයි. අවසන් කරුණු චන්ද දැඩිව ආකර්ශනය කළ හෙයින් උතුරු පළාත්සභාව ඒවා ක්‍රියාත්මකකිරීමට දැඩි බැඳීමක් ඇත.

සම්පත් කළමනාකරණය හා මූල්‍ය බලතල පිළිබඳව ප්‍රකාශනයේ ඉල්ලීම් සඳහා ද්‍රවිඩ සන්ධානය හා රජය නව මෙහෙයුම් ක්‍රමවේද සකස්කළ යුතුවේ. අපර-සුනාමි මෙහෙයුම් කළමනාකරණ ව්‍යුහය (P-TOMS) හා අතුරු ස්වයං-පාලන අධිකාරිය (ISGA) වැනි සංවිධාන ව්‍යුහයන් ද්‍රවිඩ සන්ධානය විසින් ඉල්ලා නොසිටිතියි මම අපේක්ෂා කරමි. මන්ත්‍රී සුමන්තිරන්ගේ ස්වයංපාලන පරාසය ඒවාට විෂමයයි සිතමි.

13 ව්‍යවස්ථා සංශෝධනයේ (පරිශිෂ්ට II) පරිදි සියලුම පළාත්සභාවලට ඉඩම්බලතල බෙදාදීමට මම සහාය දැක්වීමි. (2013 සැප්තැම්බර් 26 දින ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව ඉඩම්බලතල පලාත්සභාවලට නොව රජයට හිමි බව වාර්තාවුනි. තොරතුරු මදහෙයින් කරුණු නොදක්වතත්, බැලූ බැල්මට එය ද්‍රවිඩ සන්ධානයේ අපේක්ෂා බිඳදමා ඇතියයි සිතේ.) රජයේ ඉඩම් පිලිබඳව, මාද සහභාගීවී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සකස් කරන ලද අධ්‍යයනයකට කෙසේවුවත් අවධානය යොමුකරමි. අප දරාසිටි මතය උක්ත වාර්තාගත අධිකරණ මතයට සම නැත.

කෙසේවුවද, කිනම් ජාත්‍යාලීය භාවයකින්වුවද දුරස්තවී හෝ ආරක්ෂාව පිලිබඳ තත්ත්වයන් සැලකිල්ලට ගෙන, රජයේ ඉඩම් පිළිබඳව රජය හා උතුරු පළාත්සභාව අතර සංවාදයක් අත්‍යවශ්‍ය වේ. එමගින්  අනික් පාර්ශවයෙන් ඉදිරිපත් කරන ඕනෑම කරුණක් ප්‍රතික්ෂේපය වෙනුවට එකිනෙකාගේ අවශ්‍යතා අවබෝධයෙන් පිළිගෙන ක්‍රියාකිරීමට ඉඩ සැලසේ.

ජාතික ඉඩම් කොමිසමක් (13 සංශෝධනයේ පරිශිෂ්ට II- 3.1 පරිදි) පත්කිරීම නිවැරදි පළමු පියවර වියහැකිය.  ආරක්ෂක අංශයන්ගේ රජයේ ඉඩම් ඉල්ලීම් පවා, නව මෙහයුම් ක්‍රමවේද පරිස්සමෙන් සකස්කිරීම මගින් සපුරාලීමට හැකිවනු ඇත. මේ සඳහා වෘත්තීයමය සුදුසුකම් ඇති, දේශපාලනික හා වාර්ගික සැලකුම් ඉක්මවා ක්‍රියා කළහැකි පුද්ගලයින් කොමිසමටත්, එහි තාක්ෂණික ලේකම් කාර්යාලයටත් පත්කළ යුතුවේ.

සම්පත් කළමනාකරණයට හා මූල්‍ය කළමනාකරණයට 13 සංශෝධනය යටතේ ඉඩලබා ඇත. මෙහිදී පවා ඩයස්පෝරා මැදිහත්වීම්, ව්‍යපෘති මූල්‍යකරණය සඳහා ඩයස්පෝරා මුදල් කැපකිරීම් ආයතනිකකරණය (උදා: ලයිබීරියානු ඩයස්පෝරා උපදේශක මණ්ඩලය) හා සාර්ව ආර්ථික පරිසරය තුල විදේශ සම්පත් ආකර්ෂණය කරගැනීම ආදී කරුණු සාකච්චාවෙන් විසඳා ගතයුතුවේ. එල්ටීටිය මෙන් මස් රාත්තලම ඉල්ලාසිටින කණ්ඩායමක් ලෙස ද්‍රවිඩ සන්ධානය හැගීම් නොදැන්විය යුතු අතර, ද්‍රවිඩ සන්ධානය කරන සියලුම ඉල්ලීම් රට බෙදීමට පියවරක් ලෙස රජයද නොසිතියයුතුවේ. මීට දෙපාර්ශවය අතර විශ්වාසය අත්‍යවශ්‍ය වේ.

ආරක්ෂක බලධාරීන් විසින් පොලිස් බලතල පිළිබඳව යම් ප්‍රශ්න ඉදිරිපත්කර ඇත. ඒවා දෙපාර්ශවය අතර සාකච්චාවට බඳුන් වියයුතුය.  දෙපාර්ශවයෙන්ම සාකච්චාවට එළඹිය යුත්තේ දැඩි මතධාරීන් නොවියයුතුයයි මම විශ්වාස කරමි.  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැනි, මහ ඇමති විග්නේස්වරන් සමග සාකච්චා කළහැකි පිරිසක් ජනාධිපතිතුමා අසල සිටිති.  රජය සමග කටයුතු කිරීමට විග්නේස්වරන් එකඟතාවය ප්‍රසිද්ධියේ පලකිරීම පසුපසින් සාධනීය අවස්ථා පාදා ගතයුතුය.  බාධක අවස්ථා උද්ගතකරන ගැටළුවලට පිළියම් යොදාගැනීමට අර්ධ-දේශපාලනීය උපදේශක කාර්යසාධක බලකායක් පිහිටුවීම සුබපලදායී පරිපාලන ක්‍රියාමාර්ගයක් වියහැකිය.

සංවර්ධනය පමණක් ජනතාවගේ හදවත් හා මනස් දිනා ගැනීමට මගක්ය යන න්‍යාය බිඳවැටීම මැතිවරණයෙන් එළිදැක්වුණු තවත් යතාර්ථයකි. බිඳුණු හදවත් සංවර්ධනයෙන් සුවපත් නොකළ හැකිය යන අදහස රජය පාර්ශවයෙන්ද වක්‍රව සටහන්වන අදහසක් සුවසේවා අමාත්‍යවරයාද ප්‍රකාශ කරතිබුනේද මෑතදීය. විවරවූ නෙතින්, සංවර්ධන අලන්කාරෝත්තිය පසෙකතබා, මානව අවශ්‍යතා දෙස බලා, ඊනියා ජනතා නියෝජිතයන්යයි කියාගන්නා අයවලුන් නොව, සියලු ජනකොටස් නියෝජනයන්ට ප්‍රමුඛකරණය, තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ජනිතකල සංවර්ධනයේ හිමිකම පැවරෙන නව සහභාගිත්ව කළමනාකරණ ආකෘතියක් ගොඩනැගීමට කාලය එළඹ ඇත.  දැන් උතුරු පළාත් සභාව තේරී ඇතිහෙයින්, එය ආසන්නයේදීම ජනතාව බිහිකළ නිලමය නාලිකාවවන හෙයින් අනීවාර්යයෙන්ම සංවර්ධන ක්‍රියාදාමයට යොදාගතයුතුය.

බැසිල් රාජපක්ස ඇමතිතුමන් උතුරු වසන්තය වැඩසටහන මැතිවරණයට පසුදින උතුරු පළාත් සභාවට පැවරුම කියාපෑම දේශපාලන අලංකාරෝත්තියක් හා රජය පරාජයට පත්කළහොත් වීමට ඉඩ ඇති සංවර්ධනයේ බිඳවැටීම් පිලිබඳ තර්ජනයක් වූවා විය හැකිය.  එහෙත් මැතිවරණ ප්‍රතිපල තර්ජනය බොල්කර ඇතිහෙයින් උතුරු පළාත සඳහා නව සංවර්ධන ආකෘතියක් සකස් කිරීමට අලුතින් සිතිය යුතුයයි සිතමි. උතුරු පළාත් සභාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට ඇති සම සම්පත් ලැබේනම් උතුරු පළාත්සභාව අතින් එම සංවර්ධන ව්‍යායාමයන් අසාර්තකවේයැයි කෙනෙකු සැකකරන්නේ කුමකටද?  කෙසේවුවද, දකුණේ වුවද -විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ සමහරුන්- සම්පත් බෙදාහැරීමේදී (මධ්‍යයේ) වාසියට ක්‍රියාකරමින් සංවර්ධනය දුර්මුඛකරනු අප අත්දැක ඇත.  පළාත්සභා කාර්යක්ෂමභාවය, සාපල්‍යභාවය හා ආර්ථික වාසිසහගතව ක්‍රියාකිරීම මකා දැමීමට ඉඳහිට සිදුකරන තර්ජන, මහා ප්‍රහාරයක් පිලිබඳ මග සලකුණු ලෙස අප සනිටුහන් කරගත යුතුද?

විටෙක මා පවසා ඇත්තේ ද්‍රවිඩ සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය ජයග්‍රහණය සඳහා මාධ්‍යයක් පමණක් යයි සිතියහැකි බවත්, ඔවුන් ද්‍රවිඩ දේශපාලන භූමිකාවේ අන් සර්ව-අශුභවාදීන් මෙන් නොව දිගුදුර බැලිය යුතු බවත්ය.  එයම ප්‍රතිරාව කරමින් මා නිර්දේශ කරන්නේ මිරිඟු පසුපස දුවමින්, නව ආයතනික අභියෝග ප්‍රතික්ෂේප කරමින් හෝ ඉවතලමින් සිටිනු වෙනුවට, සහවාසයෙන් හා සහයෝගීතාවෙන් සිටීමේ මාර්ග සොයාගැනීමෙන් ද්‍රවිඩ සන්ධානයට වඩා පලදායී වාසි ලැබිය හැකිබවය. සංහිදියාව සඳහා එක්ව ක්‍රියාකිරීමට මාර්ග සකස් කරගැනීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වියයුතුය. ජනාධිපතිතුමන් නිව්යෝක් නුවර සිට කළ ප්‍රථම ප්‍රතිචාරයෙන් පෙනෙන පරිදි එය එතුමාගේද චින්තනය වේ. එවැනි සහයෝගිතාවක්, බලයට ඒමට ප්‍රථමයෙන්වුවද බාහිරයනට (තමිල්නාඩු වැනි) ඔවුන්ගේ රාජකාරියක් බලාගන්නට පැවසූ මහ ඇමතිවරයෙකුගෙන් අපේක්ෂා කළ හැකිය! මෙම තත්ත්වය නව සංහිදියා සමීකරණයට ගැලපේ.

උතුරු පළාත් සභා මැතිවරණයට පෙර, මැතිවරණ ප්‍රකාශනයේ සංකල්පමය යෝජනා දෙස බලා රජය ඒවා ප්‍රතික්ෂේප කළහොත්, ද්‍රවිඩ සන්ධානයට අන්තර්ජාතිකය සමග අත්වැල් බැඳ ශ්‍රී ලංකා රජය දණ ගැස්වීමට තත්ත්වයක් උදාකර ගැනීමක් ඇතිවෙත්දැයි මමද සිතුවෙමි.  මැතිවරණයෙන් පසු යාපනයේ කලින් සිටි දිසාපතිවරයෙකුගෙන් විමසීමකින් පසු පෙනී ගියේ ද්‍රවිඩ සන්ධාන නායකයින් සමගින් තත්ත්වය වෙනස්වී ඇති බවය. ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්තන්, මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාතිරාජා, සුමන්තිරන් වැන්නවුන්ද, හිටපු මන්ත්‍රී වරයෙකු වූ පී. සිධ්ධාර්තන්  වැනි පළපුරුදු දේශපාලන නායකයින්ද, බුද්ධිමතෙකුවන මහ ඇමති විග්නේස්වරන් ආදීන් හර-කණ්ඩායමක සිටින නිසා,  අත්දැකීම් අඩු වෙනස් ස්වරූපී පුද්ගලයින් නිසි මගට ප්‍රවිෂ්ට වනු ඇත.  කෙසේවූවද, අත්පුඩි ගැසීමට අත් දෙකක් අවශ්‍යවන නිසා රජයේ ස්ථාවර, ආකල්ප හා ප්‍රවේශත් ද්‍රවිඩ සන්ධානය අන්තර්ජාතික පැමිනිලිකරුවෙකු වේද, නැත්ද යන්න තීරණය කරනු ඇත.  දෙපාර්ශවයටම ප්‍රධාන අභ්‍යාසය වියයුත්තේ සහජීවනය හා සහවාසය සඳහා විශ්වාසය ගොඩනැගීමය.

මැතිවරණයෙන් අනතුරුව උතුරුකරයේ දේශපාලන පසුබිමේ සිදුවීම් දෙස බොහෝ දෙනෙක් බලා සිටිති.  දේශීය වශයෙන් ද්‍රවිඩ සන්ධානය හා උතුරේ ජනතාව වෙති; දේශපාලන පැවැත්ම සඳහා තමිල්නාඩුවද, දේශපාලන, හමුදාමය, අභ්‍යන්තර මැතිවරණ, රාජ්‍යතාන්ත්‍රික, අන්තර්ජාතික, හා ඉන්දු-ශ්‍රී ලංකා හෙවත් රජීව්- ජේ.ආර්.ජේ. ගිවිසුම නිසා දිල්ලියත්, දියුණු බටහිර / නගෙනහිර රාජ්‍යයනුත් බලාසිටිති.  ඔවුන් එකිනෙකාට පුද්ගලිකවූ විචල්‍යයන් මත ඔවුන්ගේ ප්‍රතිචාර දක්වති.  කෙසේවුවද, ශ්‍රී ලංකාවට බොහෝ මැදිහත්වන්නවුන් හා විචල්‍යයන් සමග සමබරතාවය රැකගත යුතු හෙයින් අභියෝගවලට මුහුණ දීමට විනයාන්විත විය යුතුය.  එම විනයානුකූලත්වය තුල අවිචාරවත් ජාතිකත්වයට ඉඩක් නොමැත. ද්‍රවිඩ සන්ධානය හා උතුරු පලාත්සභාවෙන් කෙනෙකු අපේක්ෂා කළයුත්තේද ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ සංගමයේදී දැක්වූ දේශපාලන බලගැන්වීම හා සංහිඳියාව පිලිබඳ විශ්වාසය ප්‍රවර්ධනයයි.

මේ සන්දර්භයේදී රජය හා උතුරු පළාත්සභාව සියලු ශ්‍රී ලාංකික ජනකොටස්වලට “ඔවුන් ලැබියයුතු සාමය හා ගරුත්වය සහිත ජීවත්වීමට වැඩිමනත්ව ක්‍රියාකළ බව” ඔප්පු කළහොත් පළාත්සභා බෙරය ‘නියමෙට’ වාදනය කළේයැයි උක්ත සියල්ලෝම තුටුපහටුවනු ඇත; නොකළහොත් රටත්, අපේක්ෂා භංගවූවනුත් “ගහපු බෙරේකුත් නැත, බෙරේ පලුවකුත් නැත”යි ජිනීවාහිදී හෝ නිව්යෝක්හිදී දෙස්දෙවොල් තබනු ඇත.   

Back to Home page