Colombo Telegraph

ප‍්‍රකට අසරණකම විදහා දක්වන විනිශ්චයික කි‍්‍රයාවලියේ ප‍්‍රමාදයන්



බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

ශ‍්‍රී ලංකාව: නෛතික බුද්ධියේ පිරිහීම : ප‍්‍රකට අසරණකම විදහා දක්වන විනිශ්චයික කි‍්‍රයාවලියේ ප‍්‍රමාදයන්

2003 ජනවාරි මස 28 වැනි දින එවකට 18 හැවිරිදි වූ තරුණයෙකු විසින්, 2002 අපේ‍්‍රල් 18 වැනිදා සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2006 ජූලි 14 වැනිදා පැවසුවේ අනිසි ප‍්‍රමාදයකින් තොරව නඩු නොඇසීම නිසා ශ‍්‍රී ලංකා රජය විසින් එම තරුණයාගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි. කෙසේ නමුත් ඔහුගේ නඩුව ශ‍්‍රී ලංකා අධිකරණ ඉදිරියේ තවමත් ඇසෙමින් තිබේ. හෙවත් දික්ගැස්සෙමින් තිබේ. දැන් ඔහුගේ වයස අවුරුදු 30කට වැඩි ය. 2002 සිට මේ දක්වා ආණ්ඩු හතරක් මාරු වී තිබේ. කෙසේ නමුත් මේ කාලය මුළුල්ලේම අධිකරණ මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු අසා අවසන් කරන්නට සමත් වී නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC)වෙත සිදුකළ පැමිණිල්ලේදී ඔහු පහත සටහන් ඉදිරිපත් කළේ එකී ප‍්‍රමාදය සිදුවූයේ කෙසේදැයි විදහා දැක්වීම සඳහා ය.
2004.10.13     –    නඩුව කැඳවූ නමුත් සාක්ෂි නොගත්තේය.

2005.02.02    –    නඩු දිනයක් වූ නමුත් සාක්ෂි නොකැඳවුණේය.

2005.05.05    –    සාක්ෂි විමසීම ඇරඹුණි. විනාඩි 45-50 අතර කාලයක් සාක්ෂි ගත්තේය.

2005.07.12    –    තවදුරටත් සාක්ෂි කැඳවිණි. විනාඩි 25 ක පමණ කාලයක් සාක්ෂි ගත්තේය.

2005.08.23    –    පැමිණිල්ලෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ඇරඹුණේය. විනාඩි 45 ක පමණ කාලයක් සාක්ෂි සටහන් කර ගැනුණේය.

2005.11.28    –    නඩුව කැඳවා කිසිදු සාක්ෂියක් සටහන් කර නොගෙන කල් දැමුණේය.

2006.05.04    –    මීළ`ග නඩු දිනය.

2004 සහ 2006 අතර කාලය තුළ නඩුව 8 වතාවක් කැඳවූ නමුත් එහිදී නඩුව අවසන්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ වූයේ ඉතා ම`ද වශයෙනි. 

ඉන්පසුව ද නඩුව කල්දැමුණු වාර ගණන ලැයිස්තුගත කළහොත් එය අනිවාර්යයෙන්ම ඉතා දිගු ලැයිස්තුවක් වනු ඇත. 

මේ ආකාරයේ ප‍්‍රමාදයන්ගේ තිබෙන බියජනක සහ අප‍්‍රසන්න දෙයක් වන්නේ මෑතකාලීන දශකවල ශ‍්‍රී  ලංකාවේ බරපතළ අපරාධ නඩුවක් වුවත් ඇසෙන්නේ මේ අන්දමට වීමයි. ආරම්භයේ සිට අවසානය දක්වා නොකඩවා නඩු ඇසීම කෙළවර වන්නේ ජූරියේ විභාග අතහැර දැමීමෙනි.

අධිකරණවලදී සිදුවන නඩු පමාවන් ගැන සාමාන්‍යයෙන් කියැවෙන නිදහසට කාරණය වන්නේ අධික නඩු තොගයක් ගොඩ ගැසී තිබීමයි. මේ නිදහසට කාරණය ප‍්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙසේ සඳහන් කරයි.

‘‘…. 3 ෙඡ්දයේ 2 වන වගන්තිය යටතේ (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ* නෛතික ප‍්‍රතිකර්මයන් ප‍්‍රතිඵලදායක බව සහතික කිරීම සඳහා රාජ්‍ය පාර්ශවයන්ට බැඳීමක් තිබේ. කඩිනම්භාවය සහ ප‍්‍රතිඵලදායක බව, වධහිංසාව සම්බන්ධ විනිශ්චයන්හිදී විශේෂයෙන් වැදගත් වේ. දේශීය අධිකරණවල නඩු ගොඩගැසීම පිළිබඳව රාජ්‍ය පාර්ශවයන් විසින් ලබාදෙන පොදු තොරතුරුවලින් අදහස් වන්නේ ඉහළ අධිකරණ නඩුකාර්යපටිපාටීන් බව හැෙ`ග්. මෙසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන ප‍්‍රස්තූතකරුගේ මූලික අයිතිවාසිකම් නඩු විභාගයට කලක් යන තෙක් තීන්දුවක් නොලැබෙනු ඇත. රාජ්‍ය පාර්ශවයන් විසින් සැපයිය යුතු සහනයන් ලබාදීම දික්ගැස්සී ඇති විටදී සහ එය ප‍්‍රතිඵලදායක නොවන විටදී රාජ්‍ය පාර්ශවයන් සම්මුතිය යටතේ තමන්ට තිබෙන වගකීම්වලින් අත්මිදිය නොයුතුය යන්න කවුන්සිලයේ සැලකිල්ලට භාජනය වෙයි. මේ හේතු නිසා කවුන්සිලය නිගමනය කරන්නේ සම්මුතියේ 7 වන වගන්තිය සමග කියැවෙන 3 ෙඡ්දයේ 2 වගන්තිය රාජ්‍ය පාර්ශවය විසින් උල්ලංඝනය කර තිබෙන බවයි….’’

අධිකරණය ඉදිරියේ දීර්ඝ කාලයක් දික්ගැස්සෙමින් තිබෙන නඩු සහ සිද්ධි සමීපව අධ්‍යයනය කරන්නේ නම් නඩු ප‍්‍රමාදයන් සිදුවන්නේ අධිකරණ ඉදිරියේ නඩු ගොඩගැසී තිබෙන නිසා ම නොවන බවට තර්කයක් ගොඩ නැගෙනු ඇත. 

සාමාන්‍යයෙන් නඩු කල් දැමෙන හේතු පහත පරිදි ලැයිස්තුගත කළ හැකිය.

  • නීතීඥයන් පුද්ගලික හේතු මත නඩු කල් දැමීමට අවසර පතන අතර අධිකරණය එම අයදුම්පත්වලට ඉඩ ලබාදෙයි.
  • බොහෝ නඩු එකම නඩු දිනයකදී කැඳවන අතර මේ නිසා සියලූ නඩු එම දිනයේ ඇසිය නොහැකි වෙයි.
  • කුමන හෝ හේතුවක් නිසා විනිශ්චයකාරවරයා නොපැමිණීම
  • 
ලඝුලේඛකයන් නොමැති වීම හෝ ඒ හා සමාන වෙනත් තාක්ෂණික ගැටළු වැනි ශුද්ධ පරිපාලන හේතු මත. 

මේ කිසිදු ගැටළුවක් නඩු ගොඩගැසීම නිසා හටගන්නා ඒවා නොවේ. මේවා සියල්ලම නිසැක වශයෙන්ම කළමනාකරණ ගැටළු ය.

නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් මෙවැනි කල්දැමීම්වලින් බහුතරය වළක්වා ගත හැකිය. කෙසේ නමුත් කළමනාකරණ කුසලතාවයන් සම්බන්ධයෙන් විනිසුරුවරුන් හෝ අධිකරණයේ සෙසු කාර්යමණ්ඩලය පුහුණු කිරීම සඳහා මුලපිරීම් නැත. උසාවි කළමනාකරණය සඳහා වඩාත් ඵලදායී ක‍්‍රම හඳුන්වාදීමට කිසිම උනන්දුවක් නැත. උදාහරණයක් වශයෙන්, සෙසු බොහෝ රටවල සාක්ෂි සටහන් කර ගැනීමේ ක‍්‍රමවේදයන් සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග රැුඩිකල් ලෙස වෙනස් වී ඇත. නඩු කාර්යපටිපාටීන් ඩිජිටල් ක‍්‍රමයට පටිගත කිරීමේ නියමු ව්‍යාපෘතිය කොළඹ සහ මහනුවර වාණිජ මහාධිකරණය හා සෙසු දිසා අධිකරණ අටකදී ආරම්භ වුණේ 2007 වසරේදී ය. නමුත් ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතිය අත්හැර දමන ලදී. අධිකරණ කටයුතු  වාර්තා කිරීම සඳහා ඩිජිටල් ක‍්‍රමය යොදාගන්නේ නම් විනිශ්චයික කි‍්‍රයාවලිය සඳහා ගත වන කාලය අඩුකිරීමට ඉතා විශාල වෙනස්කම් සිදුකළ හැකිය. එවැනි කාර්යයන් සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීම ඉතා මිල අධික දෙයකි. කෙසේ නමුත් මෙවැනි වෙනස්කම් හඳුන්වාදීමේ තිබෙන දුෂ්කර අංගය වන්නේ එවැනි ක‍්‍රමයක් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උසාවි කාර්ය මණ්ඩලයේ සහ විනිශ්චයකාරවරුන්ගේ කැමැත්ත පිළිබඳ කාරණය ය. මෙතැන නොමැති දෙය කැමැත්ත සහ කුසලතාවය පමණක් වන අතර අමතර වියදම ඔවුන් විෂයෙහි බලපාන කරුණක් නොවේ.

බොහෝ සකි‍්‍රය අධිකරණ පද්ධතිවල මේ වන විට අපරාධ නඩු ඇසීම සහ අසා අවසන් කිරීම සඳහා ගත වන කාලය එක් අවුරුද්දකි. බරපතළ නොවන වරදවලට අදාළ බරපතළ නොවන නඩුවිභාගවලදී ගත වන කාලය ඊටත් වඩා අඩු ය. නීතීඥවරුන්ගේ විශ්වාසනීය භාවය උදෙසා නඩු දින ලබාදීමේ පුරුද්ද දැන් බොහෝ අධිකරණ බලයන් සහිත ප‍්‍රදේශයන් හි දැන් යල්පිනූ ක‍්‍රමයකි. බොහෝ නඩුවලදී විනිසුරුවරුන් එම ඉල්ලීම් සඳහා ඉඩ ලබානොදෙයි.

නඩු විසඳීමේ ප‍්‍රමාදය ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතියට අන් සියලූ ඒකල සාධකයන්ට වඩා වැඩි හානියක් සිදුකර තිබේ. එවැනි ප‍්‍රමාදයන්ට ලක් වන සියලූ දෙනා කාල කළමනාකරණයට අසමත් වෙති. එවැනි කාර්යපටිපාටියකට ලක්වීමට එරෙහිව නඩු කියන්නන් නීතීඥවරුන් හෝ විනිසුරුවරුන් හෝ මහජනතාව පවා නැගී නොසිටිති. මේ සකල ක‍්‍රමයේ මනෝවිද්‍යාත්මක ප‍්‍රතික්ෂේප කිරීම අතිශයින්ම ගැඹුරු ය. කෙසේ නමුත් ජනතාවට අපි‍්‍රයජනක වන මෙවැනි පරිචයන් වෙනස් කිරීම සඳහා මුලපිරීම හුදෙක්ම සිදුනොවන නිසා ඒවා තවදුරටත් කි‍්‍රයාත්මක වෙයි.

ශ‍්‍රී ලංකාවේ පවතින ආකාරයේ නඩු අසා අවසන් කිරීමේ ප‍්‍රමාදයන් සහ යහ පාලනය එකිනෙකට ගැළපෙන්නේ නැත. නඩු අසා අවසන් කිරීමේ ප‍්‍රමාදය යහපාලනයක් නොමැති බව විශාල වශයෙන් විදහා දක්වන්නකි. මේ අනුව, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව සහ විශේෂයෙන්ම එම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශය කෙටි කලක් ඇතුළත මේ ගැටළුව ආමන්ත‍්‍රණය කිරීමට සුදුසු පියවර ගත යුතු ය. මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන සඳහා පවතින ආණ්ඩුව විදේශ අධිකරණ බලයන්ගේ ද විශේෂඥ සහාය පතා ඇති අතර, නීතිමය ප‍්‍රමාදයන් එම විශේෂඥයන්ට සහාය විය හැකි තවත් එක් ක්ෂේත‍්‍රයකි. කළයුත්තේ ඔවුන්ගේ අධිකරණ පද්ධතිවල මෙම අනිසි ප‍්‍රමාදයන් මග හරවා ගැනීමට කරන්නේ කුමක්දැයි විමසීම පමණි. මෙමගින් අනිසි ප‍්‍රමාදයන්ගෙන් ඇතිවන සමාජමය අර්බුදය ජය ගැනීමට  හැකියාව ලැබෙනු ඇත.  ඕනෑම නඩුවක් කල්ගියේ මන්දැ එම හේතු ලැයිස්තුගත කළ විට බොහෝ නඩුප‍්‍රමාදයන්ට හේතුවන විසුළු සහගත සහ සුළු-නොවැදගත් හේතු පැහැදිලිව දැකගත හැකි වනු ඇත. මේ ඛේදජනක විසුළුසහගත තත්වය ඉතා ලෙහෙසියෙන්ම මග හැරගත හැකි දෙයකි. එවැනි වෙනසක ප‍්‍රතිලාභ පවතින්නේ කෙනෙකුට විස්තර කළ හැකි සීමාවට ද ඔබ්බෙනි. ඒ සඳහා කළ යුත්තේ අපරාධ තුරන් කිරීමට සහ සමාජ එකමුතුකම ඇතිවීම වෙත, නිසි ලෙස කි‍්‍රයාත්මක වන විනිශ්චයික කි‍්‍රයාවලියක් දායක වන්නේ කෙසේදැයි නිරීක්ෂණය කිරීම පමණි.

*මෙම ලිපියට පදනම් වන්නේ දේශීය හා අන්තර්ජාතික නඩු වාර්තා, ශ‍්‍රී ලංකාවේ නොයෙක් ප‍්‍රදේශවල නඩු කියන්නන් සමග සිදුකළ සාකච්ඡුා සහ මේ ගැටළු සම්බන්ධයෙන් කතුවරයා විසින් මීට පෙර ලියා ඇති සටහන් ය.

Back to Home page