28 March, 2024

Blog

බොදු බල සේනා වෙසක් කුසල්: වෙසක් උත්සවය නිවැරදිව සැමරිය යුත්තේ කෙසේද ?

වෙසක් උත්සවය නිවැරදිව සැමරිය යුත්තේ කෙසේද ? බොදු බල සේනා නිවේදනය පහත දැක්වේ.

01. වෙසක් උත්සවය ශ‍්‍රී ලාංකික අපගේ පමණක් නොව බෞද්ධ ලෝකයාගේම ප‍්‍රමුඛතම ආගමික උත්සවය බව. ඒ නිසා එහි ඇති ජාතික අනන්‍යතාවන් සේම බෞද්ධ හර පද්ධතිය මත පදනම්ව ගොඩනැගුණු විශ්ව අනන්‍යතාවන් ද ආරක්‍ෂා කිරීමට අප සැම වග බලාගත යුතුබව.

02. බුදු දහම අප ආරක්‍ෂා කරන්නේ හා පෝෂණය කරන්නේ එය අප අනුගමනය කරන දහම නිසාම නොව මේ ශ්‍රේෂ්ඨ දහම මිනිසා සතා සීපාවා ගහකොල පරිසරය මහපොළව ආදී සමස්ත ජීවි-අජීවි පද්ධතියේම යහපැවැත්ම පිළිගන්නා, ඒ යහපැවැත්ම තහවුරු කිරීමට අදාළ මගක් පෙන්වාදෙන දහමක් නිසා බව. ලෝකය අද මුහුණ දී තිබෙන ආර්ථික සාමාජ දේශපාලනික පාරිසරික ආදී සියලූ අර්බුද සමහන් කිරීම සඳහා ශක්තිමත් මග පෙන්වීමක් කරන්නේ බුදු දහම පමණක් බව.

03. වෙසක් උත්සවය ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී පැවැත්විය යුත්තක් වුවද එහි කෙරෙන ආමිස කටයුතු අපි ප‍්‍රතික්‍ෂේප නොකරන බව. ආමිස කටයුතු බුදු දහමේ හර පද්ධතියට එකඟව කළයුතු බව අපි අවධාරණය කරන බව.

04. වෙසක් සමයේ බොහෝ දෙනා යොමු වන්නේ අලෝක කරණයටයි. මෙදින තම නිවස හෝ ව්‍යාපාරික ස්ථානය විශේෂයෙන් අලෝකවත් කරන්නේ ඇයිද යන්න විමසුවොත් බොහෝ දෙනෙකුට ඒ සඳහා ධර්මානුකූල පිළිතුරක් දිය නොහැකියි. සෙසු අයත් කරන නිසා පෙර සිට දිගට කරගෙන ආ නිසා එය කරන බවයි කියන්නේ. වෙසක් දිනයේ අපේ නිවස හෝ අපේ වටපිටාව විශේෂයෙන් ආලෝකවත් කරන්නේ එම දිනය බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට ප‍්‍රඥාලෝකය දුන් දිනය නිසා එය සංකේතවත් කිරීමටයි. ඒ බව බෞද්ධ අප විශේෂයෙන්ම මතක තබාගත යුතුයි. එසේම ඒ දිනයේ විදුලි හෝ පහන් ලෝකයට වඩා මිනිස් හදහවත්වල ප‍්‍රඥාලෝකය දැල්වීමට අවශ්‍ය කටයුතු අප විසින් කළයුතු බව. අනවශ්‍ය ආකාරයේ විදුලිය අපතේ යැවීම්, පරිසරයට හා සතුන්ට හානි වන පොලිතින් භාවිතය, ස්වභාවික සම්පතක් වන පොල්තෙල් විශාල වශයෙන් දැවීම ආදිය බෞද්ධ ප‍්‍රතිපත්තිවලට පටහැනි බව.

05. දන්සැල් වෙසක් උත්සවයේ තවත් විශේෂ දෙයක්. දානය යනු බුදු දහමේ ඉගැන්වෙන ඉතාම ඉහළ මට්ටමේ ප‍්‍රතිපත්තියකි, පාරමිතාවකි. මෙයින් ප‍්‍රධාන පරමාර්ථ තුනක් ඉටු කරගැනීමට අපේක්‍ෂිතයි. එනම් (1.)පුණ්‍යශක්තීන් වර්ධනය, (2.) අධ්‍යාත්මික පාරිශුද්ධියට අදාළ කුසලතා සංවර්ධනය හා (3.)සමාජ සුභ සාධනයයි. දැන් පැවැත්වෙන බොහෝ දන්සැල් මේ මුඛ්‍ය පරමාර්ථ තුනෙන්ම බැහැරව ඇති අතර සමාජයටද මහත් හිරිහැරයක් වන මට්ටමට වැටී තිබේ. දන්සැල් දියයුත්තේ තම පෞද්ගලික ධනයෙනි. නොඑසේනම් ස්වකැමැත්තෙන්ම වෙනත් අයෙක් දෙන ධනයෙනි. අද බොහෝ දෙනෙක් දන්සැල් දෙන්නේ තම ධනයෙන් නොවේ. මේ සඳහා මුදල් බඩු ආදිය එකතු කෙරේ. බොහෝවිට එය කරන්නේ ඍජු හා වක‍්‍ර බලපෑම් මගිනි. නොදුන් විට අපහාස කරයි අවමන් කරයි. එවිට දෙන තැනැත්තා මේ සඳහා යමක් දෙන්නේ අපිරිසිදු සිතකිනි. එවිට පින් සිදුනොවේ. ආරම්භ වන්නේම හිංසාකාරී ක‍්‍රියාවන්ගෙන් පාප සිතිවිලිවලිනි. මේවා කරන අය තුළ ඇත්තේ ද ප‍්‍රසිද්ධිය කැපී පෙනීම දේශපාලන වාසි ආදී පාපී අකුසල චේතනාය. ඒ නිසා පළමු අභිමතාර්ථය කිසිසේත් ඉටු නොවේ.

දානය ආධ්‍යාත්මික අපිරිසිදුතාවන් වන ලෝභ දෝෂ මෝහ ආදී අකුසලතාවන් දුරු කර හා ත්‍යාගී ගුණය මිත‍්‍රත්ත්වය ප‍්‍රඥාව වැඞීම සඳහා උපකාරී කරගන්නා වූ ක‍්‍රියාකාරකමකි. අද දන්සැල්වලින් ඒ දේ සිදු නොවේ. දෙන්නේ යමක් බලාපොරොත්තුවෙනි. ඒ නිසා එය දානයක් නොව වානිජ කටයුත්තකි, ගනුදෙනුවකි.

තුන්වෙනි කරුණ නම් සමාජ සුභ සාධනයයි. පොදු යහපත වෙනුවෙන් කළයුතු දේ වශයෙන් දැන්සැල් පැවැත්වීම අපේ පුරාණ සම්ප‍්‍රදායයි. උදාහරණ වශයෙන් පැරණි අනුරාධපුර නගරයේ පැවති මහාපාලි දාන ශාලාව හැම දිනකම පැවැත්වූවකි. මෙයින් මැති ඇමති සිටුවරු හෝ සාමාන්‍ය ජනතාව ආහාර නොගත්හ. දුගීන් මගීන් යාචකයින් හා නගරවාසී පැවිද්දන් සඳහා මෙය සූදානම් කර තිබුණි. එය සමාජයේ අවශ්‍යතාවකි. අදත් වැඩිහිටි නිවාස ළමා නිවාස ස්වභාවික ආපදාවලින් අනාථවූවන් ආබාධිත රණවිරුවන් ආදී සමාජය විසින් රැුකගතයුතු පිරිස් අනන්තවත් සිටී. මේ දන්සැල් දෙන අය මෙම සමාජ සුභසාධනයට දායක වන්නේද? මේවා අප ප‍්‍රශ්න කළයුතුයි.

06. හිංසාව බුදු දහම අනුමත නොකරයි. එසේ වුවත් දනසැල්වල බොහෝ හිංසාවන් කෙරේ. මුදල් එකතු කිරීමම බොහෝ දෙනෙකුට කරන හිංසාවකි. දන්සැල් පවත්වන අවස්ථාවේ මාර්ග අවහිර කරමින් ද ඇතැම්විට වාහන බලෙන් නවතා අකැමැති දේවල් බලයෙන් මෙන් කෑමට බීමට බල කරන අවස්ථා කොතෙකුත් තිබේ. මේවා සම්පූර්ණයෙන්ම බොදු ප‍්‍රතිපත්තිවලට පටහැනි බව.

07. දන්සැල් තොරණ වෙසක් පහන්කූඩු ආදියේ පූර්ව ප‍්‍රචාරක දැන්වීම්වලට බුදුරුව යොදා ගැනීම කෙරේ. මෙය නුසුදුසු බව. ඒ ප‍්‍රචාරක දැන්වීම් බොහෝ අවස්ථාවල වතුර කානු ගස්මුල් ආදී තැන්වල දමා තිබේ. වෙසක් උත්සවයෙන් පසු ඇතැම්විට මේ බැනර් බුදුරුව තිබියදීම වෙනත් දේ සඳහා යොදා ගැනුණු අවස්ථා අප දැක ඇත. එබැවින් ප‍්‍රචාරණ කටයුතු සඳහා බුදුරුව යොදාගැනීම නතර කළයුතු බව.

08. බොදු බැතිය වැඞීම යැයි කියමින් කරන තොරණ හා පහන්කූඩු ප‍්‍රදර්ශනය, සුභපැතුම් පත් ජාවාරම, ආනයනික වෙසක් සැරසිලි ජාවාරම ආදීය අද වෙසක් උත්සවයට මුවා වී කරන මුදල් හම්බකිරීමේ ජාවාරමක් වී තිබේ. මේවා මුදල් අය කර පෙන්වීම නතරකළ යුතු බව. නොමිලේ කළ නොහැකි අය එසේ කිරීමෙන් වැළකිය යුතුයි. එයින් වෙසක් උත්සවයට කිසිදු හානියක් නොවේ. මහජනතාව ද මුදල් අය කර පෙන්වන වෙසක් සැරසිලි නැරඹීම නොකළයුතු බව.

09. වෙසක් කූඩු පිටරටින් ආනයනය කිරීම වහාම නතර කළයුතු බව. දරුවන්ට සියතින්ම වෙසක් සැරසිල්ලක් කිරීමට වැඩිහිටියන් ඉගැන්වියයුතු ආකාරය.

10. වෙසක් උත්සවයට කිසිදු සම්බන්ධතාවක් නැති වෙස් මුහුණු ඔලූබක්කන් නැටවීම අසෝභන ඇඳුම් ඇඳගෙන මාර්ග අවහිර වන සේ කරන අශික්‍ෂිත හැසිරීම වගකිවයුතු අංශ විසින් නතර කළයුතු බව. මේවා නතර කිරීමට නීති ප‍්‍රතිපාදන මෙන්ම සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු අමාත්‍යංශවලට පූර්ණ වගකීමක් ඇති බව.

11. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පරිසරහිතකාමී පුද්ගලයින් අතර ප‍්‍රමුඛතම තැනැත්තාය. එසේ නම් වෙසක් දිනයේ අප අතින් වන පරිසර හානි වැළැක්වියයුතු නොවේද? පුවක් පොල් කෙසෙල් වැනි ගස් විශාල වශයෙන් විනාශ කිරීම, පරිසරයට සතුන්ට ඉතා අහිතකර පොලිතින් මහාපරිමාණයෙන් පරිසරයට එකතු කිරීම, ශබ්දවාහිනී යන්ත‍්‍රමගින් කරන පරිසර ¥ෂණය ආදිය මගින් අප කරන වෙසක් උත්සවය අර්ථවත්ද? මේවා නතර කළයුතු බව.

12. වෙසක් සමයේ ජනමාධ්‍යවල හැසිරීම බෞද්ධ පරමාර්ථ ඉස්මතු කිරීමට වඩා වානිජ පරමාර්ථයන්ගෙන් සිදුවේ. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව නළු නිළියන් සේ ප‍්‍රචාරක දැන්වීම්වලට යොදා ගැනේ. මෙය මාධ්‍ය විසින් නැවැත්වියයුතු බව. භික්‍ෂූන් වහන්සේලා ද ඒ සඳහා පෙනී සිටීමෙන් වැළකියයුතු බව.

13. ටෙලි නාටක හා චිත‍්‍රපටවලට බුදු දහම හෑල්ලූවන ආකාරයෙන් බුදු දහමේ යෙදුම් හා නම් යෙදීම. බෞද්ධයින්ගේ මුදල් ගසාකෑම සඳහා බුදු සිරිත හෝ බෞද්ධ ඉතිහාසයේ සිද්ධි පදනම් කරගෙන නිර්මාණය කරන චිත‍්‍රපට අප හෙළා දකින බව. එය බුදු දහමේ නාමයෙන් කෙරෙන වංචනික වැඩක් බව අවාරණය කළයුතුයි.

14. වෙසක් උත්සවය විධිමත් කිරීමටත් එහි ඇති ඉහත කී අශික්‍ෂිත දේ ඉවත් කිරීමටත් ආගමික කටයුතු අමාත්‍යංශය සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය ආදී වගකිවයුතු අමාත්‍යංශ ගන්නා වැඩ පිළිවෙළ ප‍්‍රශ්න කළයුතුයි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Wadak balan yanawa manussayo yanna,,, dont try to be patriots now. such a shame to buddhism

  • 0
    0

    First, you correct yourself then preach to others. In sri lanka, I only a handful a people will listen to you because they know you are Saffron robe thug. I have very good respect for all the -Pansil Robe who quiet and calm while observing everything according to the teachings of lord buddha.

  • 0
    0

    මේකත් කියෙව්වොත් හොඳයි

    වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?

    කොහොමත් රෑට ලස්සන කොළඹ පාට ලයිට් වලින් වැහිලා සුරපුරක සිරිගද්දී… බෙග් මාස්ටර්ගේ සිංදුවකින් කණ පුරවන් ඉස්සරහටම ඇවිදන් යන ඔයාගේ මුහුණ තෙමපු වතුර තුවක්කුවේ අයිතිකාරයා මම වෙන්න පුළුවන්… සමහරවිට ඔයා පහුකරන් ආපු බොන්ගෝ එකක් ගහගෙන පිස්සු නටන කොලු රෑන අතරේ මම ඉන්න පුළුවන් …. එහෙමත් නැත්තම් කණ ගාවම හඬ තලපු සැර නලා සද්දේට තිගැස්සුණු ඔයා ගෙදර යනකම්ම අපේ අම්මව මතක් කරන්නත් ඉඩතියෙනවා… :D

    මැයි මාසේ පටන් ගත්ත ගමන් සී.ආර් පොතක් උස්සන් ගමවටේ යන එකයි වෙසක් උත්සවය වෙනුවෙන් අපි හා හා පුරා කියලා ඉෂ්ඨ සිද්ධ කරන කාරණාව… ඊට පස්සේ සල්ලි එකතු කරන්න යන දවස් ටිකේ දෙයියනේ කියලා සයිවර් කඩෙන් කොත්තු කන්න පුළුවන්.. පිං අතේ වැඩක් කරන්නත් හයිය හත්තිය තියෙන්න එපැයි… නොකා නොබී කොහොමද :D

    සිල වීයාපාරේට දානේ බාර ගන්න කියලා ඉස්කෝලේ පන්තිබාර මැඩම් රුපියල් දහක විතර දඩයක් දාන එකයි… දහම්පාසලේ කුඩු තරෙගට කුඩු හදන්න පන්සලේ නයිට් ගහන එකයි අනුපිළිවෙලට එනවා… කිව්වට මොකද මං නම් අටපට්ටමක්වත් හදන්න දන්නේ නැහැ.. අමාරුවෙන් නෙළුම් මලක් හැදුවත් ඒක නිකන් පිසාහි ඇලවෙන කුළුන වගේ…. හැබැයි ඉතින් දහම් පාසලෙයි ඉස්කෝලෙයි කුඩු තරඟවලින් දෙවැනි තැන දිනලා තියේ.. සෙටිපිකට් එකත් තියෙනවා ගෙදර.. මගේ අවංක අතිජාත මිත්‍රයෝ උන් හදපු ඒවාට මගේ නමත් දැම්මා… කුඩු හදද්දී මං උන්ට ජෝක් කර කර වද දුන්න විතරයි :) දහම් පාසලේ තරගේදිනම් සල්ලිත් හම්බවුනා ^_^

    දුක් මහන්සියෙන් දන්සලෙන් හම්බකරපු සල්ලිවලින් ගත්තු වතුර තුවක්කු, නලා , ලේසර් ලයිට් වලින් සන්නද්ධ වෙන අපි වෙසක් දවස් හතම කොළඹ වෙසක් සිරි විදිනවා… අනිත් මිනිස්සුන්ටත් වින්දවනවා… අපි වගේ කොලු රෑන් ගොඩක් කොළඹ වෙසක් බලන ඔබට මුණගැහේවි.. සමහරවිට මාවත්…. :) ඒත් ගොඩක් වෙලාවට ඔබ පවුලේ උදවිය සමග හෝ පෙම්වතිය සමඟ යනවා නම් මේ කොලු රංචු නිසා ඔබ පිඩාවට පත්වේවි… සමහර වේලාවට ඉතාමත් අසික්කිත විහිළුවලට මුහුණ දීමට සිදුවේවි… තට්ටම් යුගලය දැඩිලෙස හිරවෙන කලිසමක් ඇදපු ඔබේ පෙම්වතිය හෝ ඔබ* (*ඔයා ගැල් ළමයෙක් නම් ) පබළු තුවක්කුවකින් පිටවුනු උණ්ඩයක් නිසා උඩ පනින්නට ඉඩ තිබෙනවා… ඇත්තෙන්ම කොච්චර පං ගත්තත් අසික්කිත අමානුෂික විහිළුවලට මගේ කැමැත්තක් නැහැ.. මාත් අම්මා කෙනෙක්ගේ පුතෙක් නිසා… හැබැයි ඉතින් නංගෝ මට සෙට් වුනොත් වතුර තුවක්කුවකින් නම් මුහුණ හෝදනවා ඈ.. පොඩි කාලේ ඉදන් මං ගොඩක් ආස විනෝදාංශයක් ඒක.

    මං ඉපදුනු දවසේ ඉදන්ම කොළඹ වෙසක් එහෙමයි… ඉස්සරනම් එළි වෙනකම් බක්කෝ නටපු හැටි ඔබට මතක ඇති.. ඇයි හොල්මන් මන්දිර…. ඒවානම් ආණ්ඩුවෙන් තහනම් කරා.. හොද තීරණයක්… පැය භාගයක් දන්සල දීලා ඒ පැය බාගේ සින්දු කියපු බෙග් මාස්ටර්ව පැත්තක දාලා එළි වෙනකම් බිලා නටන්න පුරුදුවුනු සංස්කෘතියක් තමයි අපට ඉතුරු වෙලා තියෙන්නේ…

    ඇත්තටම ලොකු භක්තියකින් සැමරියයුතු බෞද්ධයන්ගේ ප්‍රමුඛතම ආගමික උත්සවය වුනත් අපේ රටේදී වෙසක් කියන්නේ සැණකෙළියක්… අවාසනාවන්ත තත්වයක් වුනත් නිවැරදිකල නොහැකි ලෙස මේක වර්ධනය වෙලා…

    සතර අත දිදුලන විදුලි බුබුළු.. කන් බිහිරි කරවන නලා හඩවල්… වෙස් මුහුණු දමාගත් තරුණියන්, ළමුන්… බෙර ගසමින් සින්දු කියමින් වාහනවල හෝ පයින් යන නඩ… ගැහැනුන් මෙන් ඇද නටන තරුණයන්… මේවා තමයි අපේ රටේ වෙසක් උත්සවට අනන්‍ය ලක්ෂණ…. අද ඊයෙක නෙමේ අනාදිමත් කාලයක ඉදන් මේවා පැවැත එනවා… ඉස්සර කරපු ගෝනි එළුවා සෙල්ලම ඔබ ආස ඇති.. හිස නැති කඳ.. නාග කන්‍යාවී වගේ දේවල් අදටත් දැක ගන්න පුළුවන්…. ඒ වගේම මෑතක සිට තරුණියන්ද වෙසක් එකට විකාර කරන්න පටන් අරන්… විදේශ විදි සැණකෙළිවලදී භාවිතා කරන මුහුණේ භාගයක් පමණක් වැසෙන වෙස්මුහුණු පැළදීම තරුණියන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්වෙලා තියෙනවා ගියවර වෙසක් උත්සවයේදී දැකගන්න ලැබුනා…..
    බහුරු කෝලම් ඉවත දමා ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට මගකියන ඉතාමත් නිර්මල දහමක ප්‍රමුඛතම ආගමික උත්සවය… ඒම ආගමට දැඩිලෙස එරෙහි භාවිතාවක් තුළ සැමරීමට ඒම ආගමේ අනුගාමිකයන් කටයුතු කිරීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්වයක්.. ඒත් අපි හැමෝම බලන්නේ විනෝද වෙන්න.. .මේක කියවන ඔබවත් ලියපු මමවත් වෙසක් දින හත සිල් ගැනීම සදහා යොදවන්නේ නැහැනේ… අපි හැමෝම විනොදවෙයි… කොච්චර දන්නවා වුනත් මම කරන දේ වැරදි කියලා විනෝදවීම සදහා ඇති අවස්ථාව මග හැරීමට මම සුදානම් නැහැ… සමහරවිට මේක කියවපු ඔබ මට බනිවී මම මහා අමනයෙක් කියලා.. නමුත් මම හදවතට එකඟව ඇත්ත කතා කරේ…. ඔබේ හදවතින් ඇහුවොත් ඔබට වැටහේවි ඔබත් මං තරම්ම අමනයෙක් බව…. වතුර තුවක්කු අරන් වතුර නොවිද්දට.. බොන්ගෝ ගහලා නැටුවේ නැති වුනාට.. ඔබත් වෙසක් දින තුළදී නව ගුණ වැල ගෙන අනිත්‍යය මෙනෙහි නොකරන බව මට විශ්වාසයි…. පොඩි පොඩි වෙනස්කම් තිබුනත් අපි හැමෝම එකම විදියටයි වෙසක් දිනය සමරන්නේ….

    මේ අවාසනාවන්ත තත්වය වෙනස් කිරීමට ඇති හොදම විදිය තමයි වෙසක් පොහොය දින දෙක තුළ තොරණ සහ වෙසක් කලාප නොපවත්වා සිටීම.. එම දින දෙක ආගමික කටයුතු සදහා වෙන් කිරීම… අනෙක් දවස්වල තොරණ සහ වෙසක් කලාප පැවැත්වීම… ඒ ඇරෙන්න විකල්පයක් නැහැ… අවංකවම අපි වෙසක් සමරන විදිය ගැන තියෙන කලකිරිමටයි මේක ලිව්වේ.. දන්නවා කවදාවත් මේක වෙන්නේ නැහැ කියලා….. ඒත් මේ වැඩේ කරන්න පුළුවන් වුනොත්…………..

    නොලිමිට් යන උන්ට බිත්තර ගහන්න කාලේ නාස්ති කරන ඇයෝ මේවා ගැන හොයලා බැලුවනම්… ඇත්තටම අම්බයන්ගෙන් බුද්ධාගම බේරගන්න කලින් අපේම අයගෙන්, අපෙන්ම බුද්ධාගම බෙර ගන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් මේ මදාවියත් බොක්කෙන්ම සප් එක දෙනවා……..

    —————————————————————————————————
    ප.ලි

    # කොළඹ තියෙන දන්සල්වලින් සියට අනු නවයකම මගඩි ගහනවා කියන එකත් මට විමල් විරවංශ වගේ පපුවට ගහගෙන කියන්න පුළුවන්කම තියේ.. ඒක මං හොදින්ම දන්නා දෙයක..අපිත් ඕනතරම් මගඩි ගහලා තියෙනවා වගේම සමහර වෙලාවට අතේ තියෙන සල්ලිත් වියදම් කරන් දන්සැල් දීලා තියෙනවා කියලත් කියන්ට ඕනි :)

    # අක්කේ, නංගියේ, නැන්දේ

    වෙසක් බලන්න යද්දී දැඩි ලෙස ඇඟ පසඟ පෙනෙනා හෝ කාමුක හැගුම් උත්දීපනය වෙන ආකාරයේ ඇදුම් ඇදන් යන්න එපා.. ඒකෙන් ඔබටත් වඩා ඔබ සමග යන පිරිමි පාර්ශවයේ පුද්ගලයන් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්…. විස්සක තිහක කොලු රංචුවක් හමුවේ ඔවුන්ව නපුන්සකයන් කරන්න එපා. ඔබේ අඟ පසඟ පෙන්විය යුතුඅයට පෙන්විය යුතු තැන පෙන්වන්න ( ළමා සාරි ඇදන් යන්ට කිව්වා නෙවේ ඈ.. ඔය ඕගොල්ලොන්ට තියෙන්නේ ඇදුම් හැටහුටාමාරක්… ආත්මගරුත්වය රැකෙන ලස්සන ඇදුමක් අදින්න )

    # මේ අර අංකල්ගේ කොලම කියලා තිබ්බ බ්ලොග් කෑල්ලම තමයි දරුවනේ… ආපු ගියපු දරුවෝනම් බලනවා ඇති මේ මොන අටමගලයක්ද වෙලා තියෙන්නේ කියලා… තොරණේ විස්තර පස්සේ කියන්නම්… අදට මේ පොස්ට් එක ගැන හිතෙන දෙයක් කියලා යන්ටකෝ :))

    unclescolumn.blogspot.co.uk/2013/04/blog-post.html#more

  • 0
    0

    Sadu, Sadu, Sadu,
    All Sinhala Buddhists Have to followed this military type command given by BBS.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.