Colombo Telegraph

වඩාත් ශක්තිමත් ප‍්‍රජාතන්ත්‍ර​වාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත

රිචඞ් අර්මිටේජ් (හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්) සහ​ කාරා බ්‍යු (හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්) –

ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී තිබුණි. ආණ්ඩුවේ හමුදා සහ දෙමළ කැරලිකරුවන් අතර සිදුවූ ගැටුමේ අවසාන වසර කිහිපය තුළ එම දෙපාර්ශ්වයෙන් සිදුකළ එවැනි අපරාධ අතරට, නීති විරෝධී ඝාතනය, බලහත්කාර පැහැරගෙන යාම්, ලිංගික හිංසනයන් සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම් අයත් වෙයි. දෙපාර්ශ්වය විසින්ම කරන ලද එවන් අපරාධ ඇතුළත් එකී අවාසනාවන්ත ඉතිහාසය තුළ, වගවීම පිළිබඳ ඉල්ලීම නැවත ඉස්මත්තට පැමිණ තිබේ. යුක්තිය ඉල්ලා සිටීම වූ කලී, ඇති වූ තුවාල සුවපත් කර ගැනීමේ ක‍්‍රියාවලියක පවතින අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් ඒ හේතුව නිසාම, අනාගතය කෙරෙහි රැුඳවිය යුතු අවධානය අපෙන් මගහැරී යා යුතු නැත. අනාගතයක සාර්ථකත්වය බොහෝ සෙයින් රැුඳෙන්නේ, සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරැුකෙන දේශපාලන විසඳුමක් මත ය.

රිචඞ් අර්මිටේජ් (හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්)

පසුගිය ජනවාරියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව බලයෙන් පලවා හරින තෙක්, යුක්ති ධර්මය සහ වගවීම සම්බන්ධයෙන් වන ලංකාවේ කැරැුට්ටුව අතිශය පාපිෂ්ඨ විය. බොහෝ දෙනා ජයග‍්‍රහණයක් වශයෙන් සළකන ලද යුද්ධයේ නිමාවත් සමග, ඔහුගේ නායකත්වය යටතේ මෙකී ප‍්‍රතිපත්ති බොහෝ කොට නොතකා හැරුණි. මේ නිසා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් නිර්දේශ කරන දීර්ඝ ප‍්‍රතිවිපාකදායී සංක‍්‍රාන්තික යුක්තිය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවත් කොටස්කරුවන් වන මිශ‍්‍ර අධිකරණයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් වීම පුදුමයක් නොවේ.

කෙසේ වෙතත්, අද තිබෙන වෙනස වන්නේ, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ වන නව ආණ්ඩුව, ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ප‍්‍රගතියක් පෙන්වා තිබීමයි. පසුගිය ජනවාරි මාසයේ සිට, ඔවුන් ගැටුම් පැවති පළාත්වල සිවිල් පරිපාලනය ශක්තිමත් කොට තිබේ. එසේම සාමයේ ප‍්‍රතිඥාවක් නිකුත් කොට තිබේ. සෑම වාර්ගික සහ ආගමික ප‍්‍රජාවකටම අයත් වින්දිතයන් සිටින බවත්, ඔවුන්ගෙන් ඇතැමෙකුගේ ජීවිත අහිමිව ඇති බවත් පිළිගෙන තිබේ. එසේම යහපාලනය සවිමත් කිරීමේ පියවරද ඔවුන් ගෙන තිබේ.

මේ හේතුව නිසා, සමාදානය සහ වගවීම පිළිබඳ පොදු එකඟතා යෝජනාවකට ඇමරිකාව ප‍්‍රමුඛ පාර්ශ්ව තල්ලූ වී තිබේ. ශ‍්‍රී ලංකාවත් එම යෝජනාවේ සම-අනුග‍්‍රාහකයෙකි. ඒ මගින්, බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සහ අඩමාන යුද අපරාධ ගැන නඩු පැවරීම ‘ශ‍්‍රී ලාංකීය අධිකරණ යාන්ත‍්‍රණයක්’ තුළ සිද්ධ වෙනු ඇත. එම යාන්ත‍්‍රණයට, දේශීය සහ විදේශීය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන් සහ නීතිඥයන් ඇතුළත් වනු ඇත. මේ යෝජනා කෙටුම්පත ශ‍්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවටත් එකඟ විය හැකි අවස්ථාවක් වශයෙන් ඇතැමුන් හඳුන්වන අතර, එම ක‍්‍රියාවලිය පසුපස ඇති අභිමතය ක‍්‍රියාවට නැංවීම දීර්ඝ වූත්, විවාදාපන්න වූත් ක‍්‍රියාවලියක් වනු ඇත.

කොටින්ම, ශ‍්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සහ වගවීම සපුරා අත්‍යාවශ්‍ය වෙතත්, එය පහසු කාරියක් නොවන බව කිව යුතුය. අදාළ සියලූ දෙනාගේ නිශ්චිත අවධානය සහ කැපවීම ඒ සඳහා අවශ්‍ය කෙරේ. එම නිසැක අවබෝධය මත පිහිටමින්, කෙසේ වෙතත්, වගවීම පිළිබඳ අවධානය තුළ දිය වී යාමට, සමහර විට ඊට වඩා වැදගත් විය හැකි තිරසාර සාමයක් සඳහා අවශ්‍ය කෙරෙන දේශපාලන විසඳුමට ඉඩ හල යුතු නැත.

මෑතකදී ශ‍්‍රී ලංකාවේ පවත්වන ලද මැතිවරණ, වෙනසක් සඳහා දුන් ජන වරම් ය. වඩාත් සම්මුතිකාමී නව ආණ්ඩුවක් කොළඹ බිහි වීම, සමස්තයක් වශයෙන් ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරෙන ආකාරයෙන් දෙමළ දුක්ගැනවිලිවලට තිරසාරව ආමන්ත‍්‍රණය කිරීමේ අවස්ථාවක් උදා කර දී තිබේ. මේ තත්වය තුළ, ප‍්‍රභාමත්, සාධාරණ සහ සියල්ලන්ගේ අවශ්‍යතාවන්ට සංවේදී වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් සඳහා සියල්ලන් උරදිය යුතු අතර, එය සාක්ෂාත් කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව කවුරුත් යොමු විය යුතුව ඇත.

ජාතියක් වශයෙන් එසේ යුක්තිය සොයා යාම, දේශපාලනික විසඳුමකින් විතැන් වීමට හේතුවක් විය යුතු නැත. මන්ද යත්, අනිත් සියල්ලට වඩා, තිරසාර සාමයක් ස්ථාපිත කර ගැනීමේදී වැදගත් වන්නේ දේශපාලන විසඳුමක්ම වන බැවිනි.

*2015 ඔක්තෝබර් 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “A More Robust democracy will Safeguard Peace in Sri Lanka” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’

Back to Home page