Colombo Telegraph

මහ ජාති වෘක්ෂය වටා එතුනු වැලක්සේ ජීවත්වීමට අපේ කැමැත්තක් නැත​

සී.වී. විග්නේස්වරන්

සී.වී. විග්නේස්වරන්

මහ ජාතිය වෘක්ෂයක් ලෙසත් සුලූ ජාතීන් ඒ වටා එතුනු වැලක් ලෙසත් ජීවත් වීමෙන් ජාතික ඒකාග‍්‍රතාවය ඇතිවේ යන්න මේ රටේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත. මෙම අදහසට උතුරු නැගෙනහිර ජනතාව එකඟ නොවේ. එය පිළිගත නොහැකි අදහසකි. ඓතිහාසික වශයෙන් අනාදිමත් කාලයක සිට දෙමළ කතා කරන ජනතාව මෙම ප‍්‍රදේශවල මහ ජාතිය ලෙස ජීවත්වූ අතර අදටත් එසේ ජීවත් වේ. පසුගිය සියවසේ මුල් කාලයේ සිංහල නායකයන්ව සිටි සර් ජේම්ස් පීරිස් හා ඊ.ජේ. සමරවික‍්‍රම වැනි මහතුන්ද මෙම අදහස සනාථ කොට ඇත.

උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කථාකරන ජනතාව මහ ජාතිය වශයෙන් මෙම ප‍්‍රදේශවල ජීවත්වූ බව ප‍්‍රකට කරුණක්ව ඇත. එබැවින් අභිමානයෙන් හා ගෞරවයෙන් ඔවුන්ට ජීවත්වීමට අයිතිය ඇතිබව පිළිගත යුතුව ඇත. වෘක්ෂයන් දෙකක් එකිනෙක හා ගැටෙමින් වැඩෙන්නා සේ ජීවත්වීමට අප ජනතාව කැමැත්තක් දක්වති. ගසට එතෙන වැලක් සේ ජීවත්වීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. ගරුත්වයෙන් ජීවත්වීම, තිරසර ජීවීතයක් සඳහා හේතුවන බීජයක් වන්නේය. අවශ්‍යතා අතහැරීම, භීතියෙන් මිදීම ආදිය තිරසර ජීවිතයකට අවශ්‍යවන බීජයන්ය.

අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතතුමනි, ගරු රාජ්‍ය දූතමණ්ඩලවල නියෝජිතවරුනි, ගරු ඇමතිවරුනි, ගරු ආණ්ඩුකාර තුමනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි, ගරු නියෝජ්‍ය ඇමතිවරුනි, ගරු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුනි, උතුරු පළාත් සභාවේ සභාපතිතුමනි, උතුරු පළාත් සභාවේ ගරු ඇමතිවරුනි, උතුරු පළාත් සභාවේ ගරු මන්තී‍්‍රවරුනි, ජනාධිපති ලේකම් තුමනි, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරි වරුනි, ති‍්‍රවිධ හමුදාපති වරුනි, පොලිස්පති තුමනි, සම්භාවනීය අමුත්තනි, විශේෂ අමුත්තනි, විවිධ සේවාවලට අයත් රාජ්‍ය නිලධාරිවරුනි, මාගේ සහෝදර සහෝදරියනි,

යුද්ධයෙන් දැඩිලෙස බැට කා නොයෙන් අයුරින් පීඩාවට පත්ව දුක්ඛිතව එහෙත් විශ්වාසයේ පහන් සිළුව සිත තුළ රුවාගෙන සිටින අපගේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ඔබ සියලූ දෙනාම අද දින මෙම ස්ථානයේදී ඉතා ආදරයෙන් පිළිගන්නෙමි. පෙරේදා මා මන්නාරම බලා ගමන් කරමින් සිටියදී අතිගරු ජනාධිපති තුමාගේ ලේකම් අබේකෝන් මහතා අද දින පැවැත්වෙන මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදුකරන ලෙස මගෙන් ඉල්ලා සිටි අතර මා එම කාර්යය සඳහා එකඟතාවය ප‍්‍රකාශ කළෙමි. එයට හේතව වශයෙන් දක්වනවා නම් මෛතී‍්‍ර පාලනයක් ඇති කිරීම සඳහා හද පත්ලෙන්ම පෙරට ආ අය වන්නේ අපගේ ජනතාව වීමය. පැහැදිලි වශයෙන්ම පෙර සිටි ජනාධිපතිවරයාගේ පරාජයට හේතු වූයේ මෙරට සුලූ ජාතීන් බව මේ අවස්ථාවේ ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එබැවින් මෛතී‍්‍ර රජයෙන් සාමය ඇති කොට තිරසර රටක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන ජනාධිපතිතුමනුත් එතුමාගේ අමාත්‍ය මණ්ඩලයත් නිලධාරීනුත් ආධාරකරුවනුත් ඉතා ආදරයෙන් පිළිගනු ලබන්නෙමි. එසේම විදේශ දූතමණ්ඩලත් විශේෂයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා.

අද දින ආහාර ආරක්ෂාව හා තිරසර කෘෂිකර්මය යන සංකල්පය කි‍්‍රයාවට නංවන මෙම ආහාර නිපදවීමේ ජාතික වැඩ සටහන ඉරනමඩුවේදී ආරම්භවනවාග දේශීය නිෂ්පාදන දිරිගැන්වීමත් ස්වයංපෝෂිත තත්ත්වය ඇතිකරලීමටත් කාබනික පොහොර භාවිතය හුරු කරලීමටත් වෙර දරන සියලූ දෙනාම මේ අවස්ථාවේදී ආදරයෙන් පිළිගනු ලබනවා.

බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට අමතකවූූ නැතහොත් අමතක කොට දැමූ අපගේ ජනතාව මධ්‍යයේ සිට ජාතික මට්ටමේ උත්සවයක් වන මෙය අනාගතයේදී ජාතික ඒකාග‍්‍රතාවය හා තිරසර සංවර්ධනය වේගවත් කිරීමට හේතුවනු ඇතැයි බලා පොරොත්තු වෙමි. මහ ජාතිය වෘක්ෂයක් ලෙසත් සුලූ ජාතීන් ඒ වටා එතුනු වැලක් ලෙසත් ජීවත් වීමෙන් ජාතික ඒකාග‍්‍රතාවය ඇතිවේ යන්න මේ රටේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත. මෙම අදහසට උතුරු නැගෙනහිර ජනතාව එකඟ නොවේ. එය පිළිගත නොහැකි අදහසකි. ඓතිහාසික වශයෙන් අනාදිමත් කාලයක සිට දෙමළ කතා කරන ජනතාව මෙම ප‍්‍රදේශවල මහ ජාතිය ලෙස ජීවත්වූ අතර අදටත් එසේ ජීවත් වේ. පසුගිය සියවසේ මුල් කාලයේ සිංහල නායකයන්ව සිටි සර් ජේම්ස් පීරිස් හා ඊ.ජේ. සමරවික‍්‍රම වැනි මහතුන්ද මෙම අදහස සනාථ කොට ඇත.

උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කථාකරන ජනතාව මහ ජාතිය වශයෙන් මෙම ප‍්‍රදේශවල ජීවත්වූ බව ප‍්‍රකට කරුණක්ව ඇත. එබැවින් අභිමානයෙන් හා ගෞරවයෙන් ඔවුන්ට ජීවත්වීමට අයිතිය ඇතිබව පිළිගත යුතුව ඇත. වෘක්ෂයන් දෙකක් එකිනෙක හා ගැටෙමින් වැඩෙන්නා සේ ජීවත්වීට අප ජනතාව කැමැත්තක් දක්වති. ගසට එතෙන වැලක් සේ ජීවත්වීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. ගරුත්වයෙන් ජීවත්වීම, තිරසර ජීවීතයක් සඳහා හේතුවන බීජයක් වන්නේය. අවශ්‍යතා අතහැරීම, භීතියෙන් මිදීම ආදිය තිරසර ජීවිතයකට අවශ්‍යවන බීජයන්ය.

 

“Freedom from want, freedom from war, freedom to live in dignity as mentioned in the historic UN document in larger freedom”

අද දින ආරම්භවන ආහාර ආරක්ෂාව හා තිරසර කෘෂිකර්මය යන සංකල්පය අවශ්‍යතාවලින් මිදීම යන්න අප ගන්නා කි‍්‍රයා මර්ගයේ එක් අංගයකි. ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරන අප අවශ්‍යතාවලින් මිදීම සම්පූර්ණ කරන්නෙමු. ඒ සමගම අප භීතියෙන් මිදිය යුතු වෙමු. ගෞරව සහිතව ජීවත්ව්ය යුතුවෙමු. අනෙකුත් පළාත් සභාවල මෙය කි‍්‍රයාත්මක වුවද අපගේ උතුරු නැගෙනහිර මෙය තහවුරු කොට නොමැතිවීම කණගාටුවට කරුණකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන ක‍්‍රමයකට අනුව අවශ්‍යතාවලින් මිදීම, භීතියෙන් මිදීම හා ගෞරව සහිතව ජීවත්වීම ආදිය සෑම මිනිසකුගේම අවශ්‍යතාවයක්ය යන්න අන්තර්ජාතිකව පිළිගත් සංකල්පයකි. එය කෑල්ලෙන් කෑල්ල ලබා දීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත් නොවේය යන්න අපගේ අදහසයි. ආහාර ආරක්ෂාව සමග ජනතාවට භීතියෙන් තොරව ජීවත්වීමේ අවශ්‍යතාවද ඇත. ඔවුන්ට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට අවස්ථාව සැලසිය යුතුය. ආහාර ආරක්ෂාව ලබාදීමට නම් ජනතාවට ආරක්ෂාවද අවශ්‍යවේ. එසේ නොවුවහොත් ජීවනාධාර බලෙන් ලබාදීම වැන්නක් ඇතිවේග භීතියෙන් හා දැඩි මානසික විකෘතිතාවක් සහිතව බලෙන් ජීවනාධාර ලබාගත් අප ජනතාව වහලූන් මෙන් කටයුතු කළ අවස්ථා නුදුරු අතීතයේදී සිදුවූ බවට තොරතුරු අප වෙත වාර්තාවී ඇත.

එබැවින් අතිගරු ජනාධිපති තුමනි, ගරු ඇමතිවරුනි, නිලධාරීවරුනි, මෙහි සිටින සහෝදර සහෝදරියනි, මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ජනතාවගේ වරමින් මෙම තත්තවයට පත් මා ගෞරව පූර්වකව අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මෙතෙක් කල් අපගේ ජනතාවගේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි ඇගයීමක් අන්තර්ජාතික සංවිධානවල සහයෝගයෙන් සිදුකොට නැත. 2003 වර්ෂයේදී මෙය සිදුවිය. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ආදි ආයතනවල ආධාර මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙය සිදුකරන ලදි. එසේ වුවත් ඉන් පසුව මෙය කි‍්‍රයාත්මක නොවීය. මෙය කි‍්‍රයාත්මකවිය යුතුය. මා මෑතකදී අප ජනතාවගේ සෑම අංශයක්ම නියෝජනයවන පරිදි සැකසූ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියෙමි. එසේ වුවත් මා වෙත ලබා දුන්නේ මානව සුභසාධක වාර්තාව පමණි. එහිද අප ජනතාවගේ සහජීවනයට බාධාවන කාරණා අන්තර්ගතව නොමැත.

අපගේ ඉඩම් වෙනත් අයගේ අයිතිය යටතේ පවතී. හිමිකරුවන්ට ඇතුලට යාමට අයිතිය නැති තත්ත්වයල ජීවනාධාර නොලැබීමේ තත්ත්වය, පශ්චාත් යුධ ඉච්ඡාභංගත්වය ආදිය එම පර්යේෂණවලට අඩංගුව නැත. යුද්ධයේ ප‍්‍රතිඵල වශයෙන් ඇතිවූ දුප්පත්කම දුරලීම සඳහා වූ පර්යේෂණ සිදුකොට නොමැ. ගම, ජන නියෝජිතයන් හා එක්ව ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ පර්යේෂණ සිදුකොට නොමැත. මෙය යුද්ධය අවසන් වූ වහාම කළයුතුව තිබිණි.

ඒ වෙනුවට ඉහල මට්ටමින් මධ්‍යම රජයෙන් වැඩ සටහන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ප‍්‍රකාශ කොට ඇත. පහළ මට්ටමේ සිට ජනතා අවශ්‍යතා අවබෝධ කොට ගෙන කි‍්‍රයාත්මක කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කොට නොමැ. මහජන නියෝජිතයින් නොසලකා හැර ජනතා සේවයේ නිරතවීමට මධ්‍යම රජය වඩාත් නැඹුරුවක් දක්වා ඇත. 2003 වර්ෂයේ සිදු වූවාක් මෙන් සියළු අවශ්‍යතා සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කොට පළාත සංවර්ධනයට විශිෂ්ට වැඩ සටහන් සකස් කොට ජනතා අවශ්‍යතාවලට සවන් දී ඒවා කි‍්‍රයාත්මක කිරීමට දරන උත්සාහයකට කවර හෝ ආකාරයක බාධවක් අප විසින් නොකරන්නෙමු. එසේ වුවත් අපගේ වත්මන් තත්ත්වය තේරුම් නොගෙන අපට සිදුවූ පීඩාවන් විවිධ මට්ටම් වලින් පර්යේෂණ නොකොට දීර්ඝ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට අභිප‍්‍රායක් නොමැතිව මානව අවශ්‍යතාවලින් එක් අංශයක් පමණක් හුවා දක්වමින් මෙම වැඩ සටහන කි‍්‍රයාත්මකකිරීම අපගේ බලා පොරොත්තු කඩවීමකි.

එසේ වුවත් මෙය කි‍්‍රයාත්මක කිරීමට වෙර දරණ අයට අප ජනතාවගේ සුහදතාවය හිමිවන බව සතුටින් යුතුව ප‍්‍රකාශ කරමිග අතිගරු ජනාධිපතිතුමා ගොවි පවුලක උපන් අයෙකි. අපගේ ගෙවීන්ට එය එක් ආකාරයක සතුට ගෙන දෙන කාරණයකි. ඒකාධිපති වාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මග සැලසීමට සෑම අයුරකින්ම වෙර දරණ දෙමළ ජනතාවගේ ආදරයත් ගෞරවයත් ඔහුට හිමි වේ. එසේම ඔහු වෙනුවෙන් වසර දෙදහසකට පෙර අපගේ කාන්තා කිවිඳියකවූ ඖවෛයාර් ප‍්‍රකාශ කළ කියමනක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

නියර උස්වූ විට ජල මට්ටම ඉහල යයි
ජල මට්ටම ඉහල ගිය විට ගොයම උස්වේ
ගොයම වැඩුනවිට පවුල වැඬේ
පවුල වැඩුන විට රජු බැබලේ

ඉරනමඩු වැනි ජලාශවල වැව් බැම්ම ඉහළ යන විට එහි ජල මට්ටම ඉහල යයි. එනිසා නිරන්තර ජල සැපයුම ඇති වී ගොවීන්ගේ අස්වැන්න සරුවේ. අස්වැන්න සරු වූ විට ගොවීන් සතුටු වේ. ඉන් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යයි. ජනතාව සතුටින් සිටින විට රජුගේ කීර්තිය පැතිරේග මෙය ඖවෛයාර් විසින් ප‍්‍රකාශකොට ඇත.

එසේම ලෝකප‍්‍රකට කවියකු වූ තිරුවල්ලූවර් වසර දෙදහකට පෙර මෙසේ ප‍්‍රකාශ කොට ඇත. මෙම ස්ථානයේදී එයද ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

“ගොවීන්ට සතුටින් ජීවත්විය හැක. අනෙකුත් අයට ගොවීන් පසුපස යමින් හිගමන් යැදීමට සිදු වේ”

වල්ලූවර් මෙය සත්‍යයක් බව ලොවට හෙළි කළේය. ඒ මග යාමට පැමිණි ජනාධිපතිතුමාටත් විදේශ දූත මණ්ඩලවලටත් ඇමතිවරුන්ටත් අනෙකුත් සියලූ දෙනාටත් මාගේ හෘදයංගම ස්තුතිය මෙහිදී පුද කරන්නෙමි. ඔබගේ පැමිණීම මා හද පතුලෙන්ම අගය කරමි. ස්තුතියි, ආයුබෝවන්

*විනිසුරු සී. වී. විග්නේස්වරන් – මහ ඇමති – උතුරු පළාත -මෛති‍්‍ර රජයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ආහාර ආරක්ෂාව හා තිරසර කෘෂිකර්මය යන සංකල්පය කි‍්‍රයාවට නැංවීම හා ආහාර නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් කිලිනොච්චිය ඉරනමඩු ජලාශය අභියස 2015 ඔක්තොබර් මස 5 වන දින පෙරවරු 10ග00 ට පැවැත්වූ උත්සවයේ පිළිගැනීමේ කථාව

Back to Home page