Colombo Telegraph

බල්ලොත් එක්ක බෑ: රණකාමී බුදු දහම, බුදු දහම සහ ලංකාවේ දේශපාලනය

චන්ද්‍රරත්න බණ්ඩාර

චන්ද්‍රරත්න බණ්ඩාර

මා ශී‍්‍ර ලංකාවේ බුදුදහම දකින්නේ මහා සංස්කෘතියක් නිර්මාණය කළ එහි ප‍්‍රධානම සංඝටකය ලෙසයි. එහි ගැබ්වුණු සහනශීලීත්වය හා නිදහස වඩා මානුෂවාදී සමාජයක් නිර්මාණය කරන්නට දායක වූ බවයි මගේ අදහස. මූලික බුදු දහමේ අංග රැුක ගනිමින්ම සංස්කෘතික අලංකාරයක් ඇති කිරීමට එය මේ රට තුළදී දායක වී තිබෙනවා. ලංකාවේ චෛත්‍යය, බුදු පිළිමය, බිතු සිතුවම් වැනි දෑ ලෝකයේ වෙනත් එවැනි නිර්මාණවලින් වෙනස් වන අතර ඒවායින් උත්පාද කරන සංවේදනය, භක්ති රසයක් පමණක් නොව සෞන්දර්ය ගුණයෙන්ද යුක්තයි. බුද්ධාගම්කාරයෙකු නොවන පුද්ගලයෙකුට එහි භක්ති රසය අදාළ නොවුණත් එහි ගැබ්වූ සෞන්දර්ය මගහැර යන්නට ඔහුට බෑ.

බුදු දහම එහි හරයෙන්ම තර`ගය හා රණකාමිත්වය ප‍්‍රතික්ෂේප කරනවා. බුදුන් දවස සිය ගණන් ශාස්තෘවරු ඉන්දියාවේත් බුදුන් වැඩ සිටි මධ්‍ය ප‍්‍රදේශය පුරාත් වාසය කළා පමණක් නොව බුදුන් සමග සංවාදවලට පවා සහභාගි වුණා. බෝසතුන් බුදුවීමට පෙර ආලාරකාලාම හා උද්දකරාම පුත‍්‍ර වෙත ගොස් ඔවුන්ගෙන් හැදෑරුවේ යම් යම් පරස්පරතා තිබුණු දහම් මාර්ග දෙකක්. පස්වග මහණුන්ගෙන්ද උන්වහන්සේ ඉගෙන ගත්තා. පසුව ඒ සියල්ලගෙන් ඉවත්වූ උන්වහන්සේ අන්තවාදී නොවූ මැදුම් පිළිවෙතක් ඔස්සේ ලෝකය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා බුද්ධත්වයට පත් වූ බවයි කියවෙන්නේ.

ජෛන මහා වීර බුදුන් වහන්සේ තරම්ම අවිහිංසාව පරමය කොටගත් මහා පුරුෂයෙක්. ඇතැම් විට බුදුන් වහන්සේටත් එහා ගිය අවිහිංසාවක් ජෛන මහා වීරගේ දේශනාවල ගැබ්ව පැවතුණා. එදවස, බුදුන්වහන්සේටත් වැඩි අනුගාමික පිරිසක් ජෛන මහාවීරට හිටියා. ගෞතම බුදුන් ශාක්‍ය වංශයෙන් ජන්ම ලාභය ලබන විට ජෛන මහා වීර කෝලිය වංශයේ උපත ලබනවා. බුදුන් වහන්සේ තරම්ම ගැඹුරු දහමක් ඔහුත් දේශනා කළා.

බුදුන් වහන්සේගේ කාලයේදීම වෙනත් දෙයක් දේශනා කළත් ජෛන මහා වීර බුදුන් වහන්සේගේ නොමඳ ගෞරවයට ලක්වුණා. වරක් සිය පිරිවර සමග කිඹුල්වත දෙසට වඩින බුදුන් වහන්සේට, පිරිවර සමග විරුද්ධ දිශාවට වඩින ජෛන මහාවීර මුණ ගැසෙනවා. පටු පාරක වූ හමුවේදී එවකට රහත් භාවයට පත්ව නොසිටි බුදුන් වහන්සේගේ අග‍්‍ර ශ‍්‍රාවක ආනන්ද හිමියන් යෝජනා කළේ බුදුන් වහන්සේ සහ පිරිවරට පාරෙන් ඉවත්ව නොයන ලෙසයි. එහෙත් බුදුන් වහන්සේ ජෛන මහාවීරගේ අවිහිංසාවාදයේ තරම හා ශ්‍රේෂ්ටත්වය කියාදී ජෛන මහාවීරයන්ට ඉඩ සලසා සිය පිරිවර සමග පටු මගින් ඉවත් වෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ තුළ තිබූ සහනශීලිත්වය, අන් මත ඉවසීමේ ගුණය.
එ් වගේම වරෙක බුදුන් වහන්සේ සමග සාකච්ඡුාවකට ජෛන මහාවීරයන් ජේතමනාරාමයට එනවා. බුදුන් වහන්සේ ජෛන මහාවීරයන්ගේ පෙර මගට පැමිණ පිළිගන්නා අතර, අනතුරුව ආරාමය තුළට ගොස් සුහද සාකච්ඡුාවක නිරත වීමෙන් පසුව මහාවීරයන් ඇරලීමට දොරටුව දක්වාම ආපසු ගමන් යනවා.

බුදුන් වහන්සේ ජීවතුන් අතර සිටියදීමත්, අවම වශයෙන් සමස්ත ඉන්දියාවවත් බුදු දහම වැළඳගන්නේ නෑ. ජෛන මහාවීර ඇතුළු විවිධ ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් භාරතය පුරා සිටියා. ෂඨ් ශාස්තෘවරු විශාල දායක පිරිසක් සහිතව භාරතය පුරා විහිද සිටියා. බුදුන් වහන්සේ එ් කිසිදු දහමකට නිග‍්‍රහ කළේ නෑ. වාදාභිමුඛ වුණේ නෑ. බුදුන් වහන්සේ පැවසුවේ තමන්ට සත්‍යයයි සිතේ නම් පමණක් මා කියන දේ විශ්වාස කරන්න කියලා.

වරෙක කොසොල් දේශයේ චාරිකාවේ වඩින බුදුන් වහන්සේට කේසපුත්ත නමැති ගමේ කාලාමවරු බුදුන් වහන්සේගෙන් මෙලෙස අහනවා.
‘‘හිමියනි, කේසපුත්ත නියම්ගමට එන්නාවූ සමහර මහණ බමුණන් වෙති. ඔවුහු තමන්ගේ දහම් උද්දීපනය කර දක්වති. වර්ණනා කරති. අන් අයගේ ඉගැන්වීම් හෙළා දකිති. එ්වාට අවමාන කෙරෙති. එ්වා නිසරුකර පෙන්වති. ඒවාට පරිභව කරති. මේ මහණ බමුණන්ගෙන් කවරෙක් නම් ඇත්ත කියයිද? කවරෙක්ද නම් බොරු කියයි ද? යනුවෙන් අප තුළ සැකයක් විචිකිච්ඡුාවක් පවතී.”

එවිට බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙයි.

“කාලාමයිනි, නුඹළා සැක ඇතිකර ගැනීම සුදුසුය. විචිකිච්ඡුා ඇති කර ගැනීම සුදුසුය. සැක කළ යුතු තැනම නුඹලා තුළ විචිකිච්ඡුාවක් උපනි. එව, කාලාමයෙනි, නුඹලා වෛදික ශ‍්‍රැති සම්ප‍්‍රදායේ එන හේතුවෙන්, පරම්පරාගතව පැවත එන හේතුවෙන්, මෙසේ වී යැයි කියන හේතුවෙන් පූජනීය ග‍්‍රන්ථයන්හි එන හේතුවෙන්, තර්කානුකූල වන හේතුවෙන්, න්‍යායානුකූලවන හේතුවෙන්, මේ කරුණු යහපත් යයි තමාට හැඟී යන හේතුවෙන්, තමන් සිතා බලා පිළිගත් කිසියම් දෘෂ්ටියක් හා සමන වන හේතුවෙන්, එම ඉගැන්වීම් කිසියම් පිළිගැනීමක් ඇති අයෙකුගේය යන හේතුවෙන්, ගුරු ගෞරවය හේතුවෙන්, පිළිගත යුතු නැත. කාලාමයෙනි, මේ දේ අකුසල්ය, මේ දේ සාවද්‍යය, මේ දේ ප‍්‍රබුද්ධ නැණවතුන් විසින් ගර්හිතය, සපුරන ලද සමාදන්වන ලද මේ දේ අහිත, දුක පිණිස පවතී යයි යම් විටක නුඹලාම අවබෝධ කොට ගන්නාහුද, එවිට එම දේ අත්හළ යුතුය.”

බුදුන් වහන්සේගේ ධර්මය අවිහිංසාව මත පදනම් වූ තර්ක බුද්ධියට ගෝචර වූ එකක්. බුදු දහම නිදහස් සිතකින් හදාරණ කිසිවකුට එය මූලධර්මවාදීව පාවිච්චි කළ නොහැකියි.

බුදුන් වහන්සේ සිය සංඝ සමාජය පදනම් කරගෙන විශාල වශයෙන් ඉගැන්වීම් කළ කෙනෙක්. උන් වහන්සේගේ සමස්ත ජීවිතයම තමන් අවබෝධකරගත් දෙය දේශනා කරමින් සාකච්ඡුා කරමින් හැසිරුණා. විද්වතුන් කියන ආකාරයට බුදුන් වහන්සේ කවමදාවත් ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයෙන් පිටතට ගොස් නැහැ. මූලික බුදු සමයට අයත් ග‍්‍රන්ථ කිසිවක බුදුන් බොහෝ දුර බැහැර ගිය වගක් සඳහන් වන්නේ නැහැ. බැ?රුම් ඉතිහාසය හෝ පුරාවිද්‍යාවේ බුදු හිමියන් ලංකාවට වැඩිය බවක් කියවෙන්නේ නෑ. මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන්නේ බුදුන් වහන්සේ ලක්දිවට වැඩි බවට පුරා විද්‍යානුකූල සාක්ෂි කිසිවක් සොයාගත නොහැකි බවයි. එහෙත් අපගේ ජාතිකවාදීන් කියන්නේ බුදුන් වහන්සේ වාර තුනක්ම ලංකාවට වැඩිය බවත්, එ් තුන් වාරයේදීම මේ රට හා බුදු සසුන සිංහල ජාතියට කැප කළ බවත්ය. ලංකාවේ සිංහල ජාතිකවාදය පැන නගින්නේ මෙම ප‍්‍රාථමික මිථ්‍යා පදනමේ සිටයි. ලංකාව සිංහලයන්ට පමණක් අයිතිය, එයට වෙනත් හිමිකරුවන් නොසිටියේය, නොසිටිය යුතුය, යන ප‍්‍රවාදය ගොඩ නගන්නේ යටකී මිථ්‍යාවේ එල්බ ගනිමිනි.

සියලූ අයිතීන් තිබුණු, සක්විති රජුන්ගේ පවා ඇසුර ලැබූ බුදුන් වහන්සේට, තමන් ඉපදී බුදු වී පිරිනිවන් පෑ දේශයවත් බුදු දහමේ පරවේණියට නොපැවරූ උන්වහන්සේ තමාට එ වැනි සම්බන්ධයක් නොමැති රටක තමාට වැඩි සම්බන්ධයක් නැති ජාතියකට එකී දහම පවරා දේවිද? ති‍්‍රපිටකයට ඇතුළත් කිසිදු සූත‍්‍රයක ලංකාවට වැඩි බවක්වත් , එසේ වැඩම කොට දෙසූ දෙයක්වත් දක්නට ලැබෙන්නේ නෑ. මේවා අප සිතා බැලිය යුතු කාරණා.

සිංහල බෞද්ධයා මෙරට ජනවාර්ගික සංයුතියේ විශාල කොටසක් නියෝජනය කිරීම නිසා බලය දරන්නෝ බලය ආරක්ෂා කිරීමටත්, බලය අපේක්ෂා කරන්නෝ එය ලබා ගැනීමටත් සිංහලකම හා බෞද්ධකම ආරක්ෂා කරන බව පෙන්වන්නට උත්සාහ කරනවා. එහෙත් ඇත්ත එය නොවේ. යාතුකර්ම හා හින්දුත්වය මත පදනම් වූ දේව විශ්වාෂ පද්ධතියක් මතයි අපේ රට කරවන ඇත්තන්ගේ සැබෑ විශ්වාෂය පදනම්වී ඇත්තේ.

ජාතින් හා ආගම් අතර සංහිඳියාවක් ඇති කරමින් ජනතාවගේ හදවතට නොව බුද්ධියට කතා කළ හැකි නායකයන් බිහි නොවීම නිසා ඇති වූ ජාතික හා ආගමික විකෘතීන් කියා නිම කළ නොහැකියි.

ලංකාවේ පාලකයා එන්න එන්නම ¥ෂිත හා මිනීමරු වූ ආකාරය ඔබට කියන්නට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ අතේ ඇති ලේ හැම ශුද්ධ දෙයකම තවරනවා. ආගම් ශුද්ධ වූ දේවල් නිසා හෝ ඒවා ස්පර්ෂ නොකර අතහරින්නේ නැහැ. ලංකාවේ බුදු දහමට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ එ් අශුද්ධ ස්පර්ෂයට ගොදුරුවීමේ අවාසනාවන්ත ඉරණමටයි.

මධ්‍යතන යුගයේ දී රාජ්‍ය පාලනය ආගම හා ගැට ගැසීම නිසා ජන ජීවිතවලටත්, කි‍්‍රස්තියානියටත් අත් වූ ඉරණම එ් ජාතින් මැනවින් අවබෝධ කර ගත්තා. ජාතික රාජ්‍ය බිහිවීමත් සමග ආගම හා දේශපාලනයට එකට පෑහීමක් නැති බවත්, එ් දෙක එක්ව තිබීමෙන් දෙකටම විනාශය ගෙනෙන බවත් අවබෝධකර ගත්තා. ‘දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත්’ යන ආප්තය පැමිණුණේ ඒ සමගමයි. මේ වෙන්වීම බටහිර සමාජ දියුණුවේ එක සාධකයක්.

මේ බටහිර ආදර්ශය මැනවින් වටහාගෙන ආගම දේශපාලනයෙන් වෙන් කර ගනිමින් අනාගාමික රාජ්‍යයක් බිහිකර ගත් හා එහි වටිනා ප‍්‍රතිඵල භුක්ති විඳින ආසියානු රාජ්‍යය ඉන්දියාවයි. ඉන්දියාව සිය නිදහස් සටනේදීම ආගම දේශපාලනයෙන් වෙන් කළ අනාගත ඉන්දියාවක් ප‍්‍රාර්ථනා කළා. එ් සඳහා දැනුවත්වම කි‍්‍රයාකාරී වුණා. ඉන්දියානු නිදහස් සටන ඉන්දීය ආගමික ජාතික විවිධත්වයේ සාමූහික එකතුවීමේ ප‍්‍රතිඵලයක්. එම නිදහස් අරගලයට පන්නරය දීමට මුස්ලිම්වරු සිටියා. හින්දු සමාජ්, බ‍්‍රහ්ම සමාජ්, වැනි එකිනෙකට නොපෑහෙන හැම කෙනෙක්ම එකම විමුක්ති ධජයක් යටතේ උපරිම කැපකිරීම් කරමින් එහි සිටියා.

මේ සියල්ල එකතු කරමින් නවීන ඉන්දියාවක් ගොඩ නගන්න මහත්මා ගාන්ධි නියෝජනය කළ පුළුල් ඉන්දීය භාවයත්, නේරු වැනි නායකයන් තුළින් නිරූපණය වූ මහා නවීනත්වයත් ඒකරාශී කරගත්තා. නිදහසින් පසු බිහිවිය යුතු ඉන්දියාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් එහි නායකයන්ට තිබුණා. එහෙයින් ඉන්දීය නිදහස යනු යටත් විජිතවාදයෙන් ලැබූ නිදහසක් පමණක් නොව, ආචිර්ණ කල්පික තමන්ගේ සම්ප‍්‍රදායෙන් පැමිණි පීඩාවන්ගෙන් ලද නිදහසකුත් වෙනවා.

අප‍්‍රමාණ ආගමික හා කුල පීඩනයට එරෙහිව ඉන්දියානුවන් සකසා ගත් ව්‍යවස්ථාවෙන්ම එයට උත්තර සොයා ගත්තා. ඉන්දියාවේ පීඩිතම කුලයක් නියෝජනය කළ අම්බෙඞ්කාර්තුමා එම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයායි.

ඉන්දියාවේ ආගමික විවිධත්වයත්, නවීන ලෝකයේ ජයග‍්‍රහණයනුත් මැනවින් අවබෝධ කරගත හැකි නායකයන් ඉන්දියානු නිදහස් සටනේ මුල් ස්ථානවල සිටීමත්, නිදහස් ඉන්දියාවේ පාලකයන් ඔවුන්මවීමත් හේතුකොටගෙන ඉන්දියානු ව්‍යවස්ථාවෙන්ම ඉන්දියාව අනාගමික රාජ්‍යයක් බවට පත් කෙරුණා.

බුදුරදුන්, ජෛන මහාවීර වැනි විශිෂ්ටයන් පමණක් නොව, හින්දු විස්වාසයන්හි අගතැන්හි වැජඹෙන රාම, ලක්ෂ්මන් වැන්නන්ගේද, තවත් සිය ගණන් ශාස්තෘන්ගේද නිජබිම වූ ඉන්දියාවේ, ව්‍යවස්ථාව තුළින්ම ඉන්දීය රජය අනාගමික එකක් සේ හැඳින් වුණා. අනාගමික යන්නෙන් හැඳින්වෙන්නේ රාජ්‍යය ආගම් ප‍්‍රවර්ධනයට බැඳී නොසිටින බවයි.

අදත් ආධ්‍යාත්මක නායකයන් ඉන්දියාවේ උපදිනවා. ඔවුන් වෙත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඇදී යනවා. ඔවුන් තමන්ගේ කටයුතු කරගන්නවා. එහෙත් ඒ කිසිවක් උදෙසා විශේෂ ආධාර අනුබල දීමක් ඉන්දියානු පාලන තන්ත‍්‍රයන් විසින් කරන්නේ නෑ. පොදු දේපළ එ් සඳහා වැය කරන්නේ නෑ. එහෙත් ඒ ඒ ආගම් වෙනුවෙන් හෝ ආගම් අතර හෝ යම් ප‍්‍රචංඩ කි‍්‍රයාවක් සිදු වුවහොත් එ්වා සංසිඳවීමට හෝ මැඩ පැවැත්වීමට නීතිය හා නීතිය රකින ආයතන මැදිහත් වෙනවා.

මෙතන සිටින සමහරුනට මතක ඇති 1991 වර්ෂයේදී උත්තර ප‍්‍රදේශයේ අයෝධ්‍යාවේ පිහිටා තිබූ බාබ්රි මස්ජීඞ් නමැති මුස්ලිම් දේවස්ථානයක් හින්දු අන්තවාදීන් පිරිසක් විසින් කඩා බිඳ දැමුවා. ඒ සඳහා භාරතීය ජනතා පක්ෂයේද සහය ලැබුණා. කඩාකප්පල්කාරී පිරිස කියා සිටියේ කඩා බිඳ දැමූ මුස්ලිම් දේවස්ථානය ඉදිකර ඇත්තේ ඊට බොහෝ කාලයකට ඉහත එතන තිබූ රාම දොවොලක් මත බවයි. මේ කඩා බිඳ දැමීමෙන් පසු එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි, ‘නරසිංහරා ඕ’ මහතා ජාතිය අමතා මෙහෙම ප‍්‍රකාශ කළා.

‘මම හින්දු ආගම අදහන කෙනෙක්. එමෙන්ම ඉන්දියාවේ බහුතර ජනතාවකුත් හින්දු. එහෙත් ඉන්දියාව රාජ්‍යයක් වශයෙන් අනාගමිකයි. රාජ්‍යයට ආගමක් නෑ. එහෙයින් රජයක් වශයෙන් හින්¥න් කළත් මේ අපරාධය අපට අනුමත කරන්න බෑ. එහෙයින් මුස්ලිම් දේවස්ථානය කඩා දැමූ අපරාධකාරයින්ට එරෙහිව අප නීති මගින් කටයුතු කරනවා.

මීට සමාන උදාහරණයක් අප රටේ සිද්ධ වුණා. හැබැයි පාලකයන් එතනදී කි‍්‍රයා කළේ නරසිංහ රා ඕ අගමැති තුමා වගේ නෙමෙයි. පසුගිය අවුරුද්දේත් මේ අවුරුද්දේත් හලාවත මුන්නේශ්වරම් කාලි දේවාලයේ වාර්ෂිකව සිදු වූ බිලි පූජාවට හෙළ උරුමය පක්ෂය හා අමාත්‍ය මර්වින් සිල්වා මැදිහත්වී එය කඩාකප්පල් කර දැමුවා. එය සිදුවූ ආකාරය මදක් සැලකිල්ලට ගතහොත් එහි පවත්නා සංකීර්ණ තත්ත්වය ලිහා සරලව අවබෝධ කරගත හැකියි.

මුන්නේෂ්වරම කාලි දේවාලයේ වූ බිලි පූජාව වරදක් හෝ පාපයක් සේ ගැනෙන්නේ එය කරන හින්දුන්ට හෝ ඔවුන්ගේ දර්ශනයට අනුව නොව, බෞද්ධයන්ට හා බෞද්ධ දර්ශනයට අනුවයි. බෞද්ධ ආගමික දේශපාලනයේ කසකරුවා වන ආචාර්ය මර්වින් සිල්වා කිපෙන්නේත්. සිංහල බෞද්ධ ජාතිකවාදී පක්ෂය සේ ගත හැකි හෙළ උරුමය එය මැඩ පැවැත්වීමට මහත් වෙහෙසක් දරන්නේත්, බෞද්ධ රාජ්‍යය තුළ හින්දු ආගමික කටයුතු නිදහසේ සිදු නොවිය යුතුය යන කාරණය පදනම් කරගෙනයි.
කැනඩාවේ ද, හින්දු ආගම අදහන ජනයා වාසය කරන වෙනත් බොහෝ බටහිර රටවල ද, ලංකාවේ මෙන්ම කාලි දේවාල පිහිටා තිබෙනවා. එහෙත් එ්වායේ බිලිපූජා කරන්නේ නෑ. එයට හේතුව එ් රටවල පවත්නා සත්ව හිංසාව වැළැක්වීමේ ආරක්ෂණ නීති හා පනත් විසින් කවුරු මොන අයුරින් කළත් එවැනි සත්ව ඝාතන නීතිමය වරදක් වන නිසායි. කිසිදු ආගමකට විශේෂ වරදාන නොදෙන හා විශේෂ බාධා නොපමුණුවන රජයන් කටයුතු කරන්නේ පොදු මහජන සුබ සිද්ධිය පළමු තැනට ලා සලකමිනි.
එංගලන්තයේ ලන්ඩන් නුවර ආසන්නයේ ලංකාවේ දෙමළ ජනයා විසින් මෙහෙයවන විෂ්ණු දේවාලයක් තිබෙනවා. දහස් ගණන් බැතිමතුන් යන එන මේ දේවස්ථානයේ ශුද්ධ වූ ගවයෙක් හිටියා. යන එන බැතිමතුන්ගේ වැදුම් පිදුම්වලට ලක්වූ මේ ගවයා නියෝජනය කළේ විෂ්ණු දෙවියන්ගේ වාහනයයි. මේ ශුද්ධ වූ ගවයාට දේවාත්මයක් ඇතැයි විශ්වාසයක් තිබුණා. අවාසනාවකට දේව බලය පරදා මේ ශුද්ධ ගවයාට ගවකුර වසංගත රෝගය වැළඳෙනවා. මෙහිදී ලන්ඩන් නගර සභාව මේ දේවාත්මයක් සහිත ශුද්ධ ගවයා මරා දමන්නට සැරසෙනවා. එහිදී විෂ්ණු දේවාල පාලක සභාව නගර සභාව ගත් තීරණයට එරෙහිව අධිකරණ කි‍්‍රයාවලියකට අවතීර්ණ වෙනවා. විෂ්ණු දේවාල පාලක සභාව කියන්නේ එංගලන්තයේ පවත්නා ආගම ඇදහීමේ නිදහස මේ ගවයා මරා දැමීම නිසා උල්ලංඝනය වන බවයි. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් ශුද්ධ වූ ගවයා මරා දැමීමට තීරණය කරනවා. මේ තීරණය සඳහා පදනම් වූ නඩු තීන්දුවේ වාර්තාව පිටු 1778කී. එම නඩු වාර්තාවට අනුව කියන්නේ පොදු යහපත තකා ගවයා මරා දැමීමෙන් එංගලන්තයේ පවත්නා ආගමික නිදහස අහෝසි නොවන බවයි.

මුන්නේෂ්වරම් කාලි දේවාලයේ බිලි පූජාව ශිෂ්ටත්වයට පටහැනි ම්ලේච්ඡු කි‍්‍රයාවක්. එය ඇතැම් ශිෂ්ට ජන කොටස්වල හිත් රිදවන කාරණයක්. එහෙත් එය වැළැක්විය යුත්තේ බෞද්ධ මූලධර්ම මත පිහිටා නොව, පොදු නීතියේ යහපත හා සත්ව ආරක්ෂණ ක‍්‍රමවේදයක් ඔස්සේයි. පොදු සත්ව ආරක්ෂණ ක‍්‍රමවේදයක් අපේ රටට නැත. එහෙත් එවැනි ක‍්‍රමවේද දියුණු රටවල තිබෙනවා.

ආගම් සතු සත්‍යය සාපේක්ෂ දෙයක්. එය ඒ එ් ආගමිකයාට සාපේක්ෂයි. එවැනි සාපේක්ෂ වූ ලෝකෝත්තර දෙයක් අරබයා මිනිසාගේ පොදු යහපත සඳහා බැඳී සිටින ලෞකික රාජ්‍යයකට අනුකූල විය නොහැකියි.

රාජ්‍යය පවත්වාගෙන යන්නේ මහජනයාගේ බදු මුදලින් සහ IMF, ලෝක බැංකුව හා රට රටවල් දෙන ආධාර හා ණය පදනම් කර ගනිමිනි. එ් ආධාර බදු හෝ ණය ආගමික කටයුතු සඳහා වියදම් කරන්නට රජයකට යුතුකමක් හෝ අයිතියක් ඇත්තේ නැත. බදු මුදල් ලැබෙන්නේ බෞද්ධයන්ගෙන් පමණක් නොවේ. කි‍්‍රස්තියානි, හින්දු, මුස්ලිම් කවුරුන් වුවද බදු මුදල් ගෙවයි. විදේශ ආධාර ලැබෙන්නේ ආගමික පුනරුදයක් ඇතිකිරීමට නොවේ. ආර්ථික හා මානව සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටයි.
ආගම හා රාජ්‍යය එකක්ව පැවති මධ්‍යකාලීන යුගය යනු ම්ලේච්ඡුත්වයේම ප‍්‍රකාශනයකි. ආගමික අනෙකා විනාශ කිරීම පමණක් නොව එකම ආගමේ වෙනත් පාර්ශ්වයක සිටින අනෙකා විරුද්ධවාදියකු ලෙස ගෙන විනාශ කිරීමද එ් කි‍්‍රයාවලියටම අයත් විය. බුදුන් වහන්සේගේ දර්ශනයේ පදනමම අවිහිංසාවාදී වන්නාසේම, අනෙකුත් ප‍්‍රධාන ආගම් මිනීමැරීම් යුක්ති යුක්ත කරන්නේ නැහැ. එහෙත් සමස්ත යටත් විජිත යුගය පුරාම ආගම වෙනුවෙන් මිනී මැරුම් සිදු විය. ඔවුන් එය සැලකුවේ මිනිසුන් ශිෂ්ටත්වයට පත් කිරීමක් ලෙසයි. ශතවර්ෂ ගණනක් ආගමික ශාස්තෘන්ගේ දර්ශනයට එරෙහිව කි‍්‍රයාත්මක වූ මේ ආගමික ම්ලේච්ඡුත්වය ලෝක යුද්ධ දෙකක් හා විවිධ සමාජ විප්ලවයන් හරහා ලැබුණු ‘මහා අවබෝධයක්’ ඔස්සේ රාජ්‍යය හා ආගම එය බැඳුණු මූලයන්ගෙන්ම වෙන් විය.

එතැන් සිට වැදගත්වූයේ විවිධ ලබ්ධි ගත් මිනිසා නොව පොදුවේ මිනිසාය. ඔහුගේ යහපත සැලසීම රාජ්‍යයේ ප‍්‍රධාන කාර්යයක් විය. නීතියේ පරමාධිකාරිත්වය රජය සතු එකකි. එය තවත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට එය බෙදා දිය නොහැකිය. එය එසේ නොවන්නේ නම් එයින් හැඟවෙන්නේ රාජ්‍ය අසමත් රාජ්‍යයක් බවයි.

බෞද්ධ භික්ෂුන් හා ඔවුන්ගේ සහචරයන් ආගම් උන්මාදයෙන් මන්මත්ව අසරණ මුස්ලිම් පිරිසක් එදිනෙදා ආගමික කටයුතු කරන දේවස්ථානයක් කඩා බිඳ දමද්දී එයට මැදිහත්වී එ් ප‍්‍රචණ්ඩත්වයට එරෙහි නොවන්නේ අසමත් රාජ්‍ය පාලනයක් නොවේද?

කැබිනට් ඇමතිවරයෙක් පූජාවකට සූදානම් කර තිබූ සතුන් කිසිදු නීතිමය වලංගුතාවක් නොමැතිව ලොරියකින් පැහැර ගෙන ගොස් කරන කි‍්‍රයාව කැබිනෙට්ටුව තුළවත් ප‍්‍රශ්න නොකරන්නේ අප අසමත් රාජ්‍යයක් නිසා නොවේද?

නූතනත්වයට නොගැළපෙන බිලිපූජා වැනි දෑ නූතන සත්ව හිංසා පනතක් මගින් වළක්වා ලෞකික රාජ්‍යයේ පුරවැසියන්ට ඇතිවන සිත්වේදනාව වලක්වන්නට සමත් නොවෙන ආණ්ඩුවක් අසමත් රාජ්‍යයක් නොවන්නේද?

බුදු දහම රාජ්‍ය පාලනයේ හා ලාංකික දේශපාලනයේ කොටසක්වීම නිසා බුදුදහමට වී ඇති හානිය අප විමසා බලමු.

පුරාකතා, මිථ්‍යා කථා, සැබෑ ඉතිහාසයට මිශ‍්‍ර වූ මිථ්‍යාවන්, ඕනෑම ජාතියකට හිමි අලංකාරෝක්තීන්ය.් ලොව උසුලාගෙන සිටින සියුස් දෙවියා, ගින්නට, ජලයට අධිපති දෙවියන්, කාලය හරහා ගමන් කළ හැකි දෙවියන් රාශියක් ගී‍්‍රක ඉතිහාසයට අයත්ය. එවන් නිර්මාණශීලී පුරා කතා බොහෝ ඉපරැුණි ශිෂ්ටාචාරයන්ට අයත්ය. එ්වා ජාතියක සංස්කෘතිය අලංකාරවත් කරන අතර පිරුණු ජාතින් බවට පත්කරයි. එ්වා නූතන ලෝකය තුළ පවා සජීවීව රැුකෙන්නේ එ් එ් රටට ජාතියට අයත් අලංකාර ගුණය නිසාය. ඒවා වර්තමානයට ගළපා ගනිමින් භයානක පර්යේෂණ කිරීමට නොහැකිය. නොකළ යුතුය.

අපේ සිංහලයන්ගේ පුරාතන වීරයා සේ ගැනෙන්නේ දුටුගැමුණ රජුුය. එළාර හා කළ යුද්ධයෙන් සිදු වූ විශාල මනුෂ්‍ය ඝාතන නිසා ශෝකයට පත්ව සිටියදී රජතුමා අස්වැසූ රහතන් වහන්සේලා කියා සිටියේ ඔබ අතින් ඝාතනය වූයේ මිනිසුන් එකහමාරක් පමණක් බවයි. තිසරණ සහිත පංචශීලය සමාදන් වූ එක් අයෙකු හා තිසරණ පමණක් සමාදන් වූ එක් අයෙකු, (ඔහු මිනිස් භාගයක් ලෙස සැලකේ.) පමණක් බවත්ය. අනෙක් මැරුණු සියල්ල තිරිසනුන් හා සමානලූ. භව ආශාව අත්හරිමින් අවිහිංසාවේ උත්තම තැනට පත්වන රහත් හිමි නමක් ඝාතනය අනුමත කරනු ඇතැයි කවර තර්කයකට ගැළපේද? එය එසේ විය හැකිද? මහාවංශය ලියන ලද්දේ බුදු දහමට කැපවුණු භික්ෂුවක විසිනි. එහෙත් රහත් භාවය පිළිබඳ දැනුම අතින් බෙ?ද්ධ භික්ෂුවක ඔහු කෙතරම් දුබල තැනක සිටියේද?

මෙවැනි කතා අයත් විය යුත්තේ යට කී මිථ්‍යා කතා ගණයටමය. ඇත්ත වශයෙන්ම මහාවංශ රචකයා විසින් ප‍්‍රබන්ධිත මෙවැනි ඇතැම් කතා ඉතිහාසයකට ජාතියකට අලංකාරයක්වත් ගෙන එන්නේ නැත. ඒවා ජාතියක ම්ලේච්ඡුත්වය පමණක් කියා පායි.

වෙනත් ජාතින් මේවා ඉතිහාසය ලෙසවත් ගන්නේ නැත. එහෙත් අප කරන්නේ කුමක්ද? ආර්ථික හා දේශපාලනික පදනමකින් ඇති වූ ජනවාර්ගික අර්බුදයන්හි දෙමළ පාර්ශ්වයන් මැඩලීමට මේ මිථ්‍යාවන් පාවිච්චි කිරීමයි. සිංහල ජාතියට බුදුන් වහන්සේ විසින් ශී‍්‍ර ලංකාව පවරාදීමද එවැන්නක.ි
මහාවංශය මුලූල්ලේම පාහේ යහපත් ධාර්මික රජවරු බුදු දහමට දැක් වූ විශේෂ අනුග‍්‍රහයන් ගැන දැක්වේ. එය ඒ සමයේ ලෝක ප‍්‍රවනතාවකි. ආගම හා රාජ්‍ය එකට බැඳී තිබීම ලෝකය පුරාම සිදුවිය.

එහෙත් නූතනත්වය හරහා පොදු මිනිසාගේ මානව නිදහස හා පොදු යහපත සමාජය ඉස්මත්තට පැමිණිවිට ආගම හා රාජ්‍ය වෙන් විය.
ලාංකික බෞද්ධ පුනරුදයේ මහා කි‍්‍රයාවක් සේ සැලකිය හැකි භික්ෂු උපසම්පදාව මෙරට නැවත පිහිටුවන ලද්දේ මහනුවර යුගයේ දී ය. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ අනුග‍්‍රහයෙන් වැලිවිටි සරණංකර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සියම් රටින් මෙකී උපසම්පදාව ලංකාවට ගෙන ආවේය. එහෙත් ලංකාවේ බුදු සමය තුළ බොහෝ කුලවල උදවිය මහණ වුවත් යටකී උපසම්පදාව ලැබීමෙන් පසු මේ තත්ත්වය වෙනස් විය. රජුට හා ඔහුගේ නිලධරයන්ට දන නමා වන්දනා කළ හැකි ගොවිකුල භික්ෂුන් පමණක් උපසම්පදා කරන ලෙස වූ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ ඉල්ලීමට අවනතව එ් ඉල්ලීම එසේම ඉෂ්ට කරන්නට වැලිවිට හිමියන් ඇතුලූ සියම් නිකායික භික්ෂූන්ට සිදු විය. සෝපාක, සුනීත වැනි සැඩොල් දරුවන් මහණ කොට රහත් භාවයට පත් කළ මහා ගෞතමයාණන් වහන්සේගේ ශාසනය ලංකාවේදී (කි‍්‍ර.ව. 1746 දී* රාජ්‍ය බලපෑම් මත ගොවි කුලයට සීමා විය.

ඉන් අසහනයට පත්ව සිටි එහෙත් ආර්ථික සමාජයීය වශයෙන් වර්ධනය වෙමින් සිටි අන්කුලවල ඇත්තෝ බුරුමයට ගොස් වෙන වෙනම උපසම්පදාවී මෙහි පැමිණ අමරපුර නිකාය බිහිකර ගත්තෝය.

අමරපුර නිකායද කරාව, දුරාව හා හලාගම කුලවලට බෙදුනු අතර පිළිවෙළින් මහා ධර්ම රක්ෂිත නිකාය දුරාව කුලයටත්, සද්ධම්ම වංගික නිකාය හලාගම කුලයටත්, සද්ධම්ම යුක්තික නිකාය කරාව කුලයටත් පරවේනී විය.

ඔවුන් අතර අප‍්‍රමාණ ගැටුම් ඇතිවූ අතර දානයකට පිරිතකටවත් ඔවුන් වාඩි නොවූ යුගයක් තිබිණි. රාජ්‍ය බලයේ සමීපත්වය වැඩි වශයෙන් සියම් නිකායට තිබූ හෙයින් ඔවුන් රාජ්‍ය බලයේ නිකාය විය. ඉංගී‍්‍රසින් 1815 මුලූ ලංකාවම යටත් කර ගත් අතර සියම් නිකායේ ස්ථාන දෙකම(අස්ගිරි හා මල්වතු* ඔවුන්ට පක්ෂපාතී විය. එමගින් ඔවුන් පැරණි රජුන්ගෙන් ලැබුණු අනුග‍්‍රහයන් එ් පරිද්දෙන්ම තබා ගැනීමට උපක‍්‍රමශීලීව සමත් විය. ඒ පක්ෂපාතීත්වය හරහා ශී‍්‍ර ලංකා බෞද්ධ උරුමයේ ප‍්‍රධාන ස්ථාන සියල්ලම මේ නිකායට පරවේණි විය. දළදා මාලිගාව ඉන් ප‍්‍රධානය. සියම් නිකාය කෙතෙක් රාජපාක්ෂික වීද යත් ඉංගී‍්‍රසි පාලන සමයේදී උපසම්පදා යෝජිත භික්ෂුවක්ගෙන් මෙවැනි පොරොන්දුවක් ගත්තේය. ‘ඉංගී‍්‍රසි ආණ්ඩුවට එරෙහිව යම් අයෙක් කැරැුල්ලක් හෝ එවැනි එරෙහි වීමක් වෙතොත් එයට සම්බන්ධ නොවන බවටත් දැන ගන්නට ලැබුණහොත් වහා කාරක සංඝසභාවට දැනුම් දෙන බවටත්ය.’ ඒ.

අපගේ විමුක්තිකාමී යතිවරයෙකු වූ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් යට කී පාඨය මල්වතු විහාරයීය උපසම්පදා යොජිත භික්ෂුවක් කියවිය යුතු පාඨයක් සේ නොගෙන ඉවත්කරනු තුරුම උපසම්පදාව ලබානොගෙන එය ඉවත් කළ පසු මැදිවියේදී උපසම්පදාව ලබා ගත්තේය. මෙය ඉංගී‍්‍රසි පාලකයන් ලංකාවේ ප‍්‍රධාන ආගම යටපත් කරගත් අවස්ථාවකි.

දුගී දුප්පත් අසරණ මිනිසාගේ අසරණකම නිසාම ආගම දහමට බිය මිශ‍්‍ර ගෞරවයක් පවතී. ප‍්‍රජාපීඩක පාලකයෝ තම පාලන නොහැකියාව නිසා බිඳී වැටිය හැකි පාලන බලය රැුක ගැනීමට ආගම පිහිට කොට ගත්තේය. අරාබි ලෝකයේ ප‍්‍රජා පීඩක අවිය ඉස්ලාම් ආගමය. එය ඉස්ලාම් ආගමික පදනමේ ඇති විමුක්ති ඉඩකඩ වසාලයි.
ලංකාවේදී එය බුදු දහමයි. රාජ්‍ය ආයතන, පාසල්, විදේශ ¥ත සේවා කාර්යාල, අන් කිසිදු සුරුවමකට ඉඩක් නොදී බුදු පිළිම තබා ඇත්තේ කොල්වින් ආර් ද සිල්වා මහතාම සකස් කළ ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැුකීම රාජ්‍යයේ වගකීමක් යන පාඨය නිසාම පමණක් නොවේ. පාලකයාගේද, තම බහුතර යටත් වැසියාගේද ආගම නිසාය. එ් බුදු පිළිම තැබීමෙන් ඇතිවන යහපතක් නැත. ඇතිවෙන්නේ එම ආයතනවලින් සේවය ලබන අන්‍ය ආගමිකයන් තමන් මේ රටට අයත් නැති වරප‍්‍රසාද අහිමි පිරිසක්ය යන මානසිකයත්වයක් නිර්මාණය වීම පමණි.

භික්ෂූන් වහන්සේලාට දේශපාලනික අයිතීන් තිබිය යුතු බව මම පිළිගනිමි. එහෙත් එය අධිකාරී බලයක් ලෙස කි‍්‍රයාත්මක වේනම් එය වැරදි සහගතය. ඔබ හැම එකඟවුවත් නැතත් ලංකාවේ බුදු දහම ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය අලංකාර කිරීමට විශේෂ මෙහෙවරක් කළ බව මම නම් පිළිගනිමි. ප‍්‍රධාන වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශීය භාෂා ශාස්ත‍්‍රයන්, දේශීය වෙදකම හා කලාශිල්පවල විශාලම අනුග‍්‍රාහකයන් විය. ලාංකීය සාහිත්‍ය උරුමයේ විශිෂ්ට කොටස්කරුවන් ඔවුන්ය. අතීතයේ රාජ්‍ය බල කේන්ද්‍ර වලින් පීඩාවට පත් අසරණ ගැමි ජනයා රැුක බලාගත් ආරක්ෂකයන්ද ඔවුන්ය. ඔවුනට සීමා සහිතවූ හෝ දැනුමක් ලබා දෙමින් සවිබල ගැන්වූවෝද මේ භික්ෂූන් වහන්සේලාය. පන්සලෙන් පාර්ලිමේන්තුවට හෝ රාජසභාවට නොවැඩිය උන් වහන්සේලා පන්සල තුලම වැඩ වසමින් අවට ජනයාගේ සරණීය මධ්‍යස්ථානය බවට එම පුදබිම පත්කර ගත්තෝය.

එහෙත් පාලකයන් විසින් භික්ෂුව නොමනා ලෙස නතු කර ගැනීම හරහා භික්ෂුව අන්ත ජාතිවාදයක් නියෝජනය කරන්නට පටන් ගත්තේය. අද භික්ෂුව අතින් ශාස්තී‍්‍රය සේවාවන් සිදුවන්නේම නැතිතරම්ය. ඉතාම සරල බණ හා පිරිත්වලින් ඔබ්බට ඔවුන් අතින් සිදුවන්නේ ජාතිවාදී දේශපාලනය කිරීමයි. අතලොස්සක් භික්ෂූන් ඉන් මිදී සිටින බව ඔවුන්ට ගෞරවයක් ලෙස සටහන් කරමි.

භික්ෂුවගේ බරසාර සමාජ නියෝජනය නිසාද, පාලකයන්ටද යහපාලනයක් තුළ සියලූ ආගමිකයන්ට හා ජාතින්ට සමානව සලකමින් ප‍්‍රජාතන්ත‍්‍රිව හැසිරීමට නොහැකි හෙයින්ද, පාලකයෝ ද මේ අප‍්‍රසන්න භික්ෂු හැසිරීම අනුමත කරති.

ලංකාවේ බහුතර ජාතියේ ප‍්‍රධාන කුලය නියෝජනය කරන මල්වතු අස්ගිරියේ ආශිර්වාදය තමන්ට වැදගත් හෙයින් පාලකයෝද අටපිරිකර පමණක් නොව බෙන්ස් කාර්ද රැුගෙන එ් ආයතනවල නායකයන් පුදති. උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා එ් එ් විහාරස්ථානවල ඉඩකඩම්වල ආරක්ෂාව තහවුරු කරති. පසුගියදා පැවැති ශී‍්‍රපාදස්ථාන නායක හිමියන් තේරීමේ ඡුන්දයේදී එක භික්ෂුවකට පක්ෂව සමස්ත රාජ්‍ය බලයම යෙ¥ අතර ප‍්‍රධාන විරුද්ධවාදියාට එරෙහිව තර්ජනය කොට නින්දා කළේය. මේ ආකාරයට පාලකයෝ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පාහේ තම අතවැසියන් නායකත්වයේ තබා ඇත.

මේ තත්ත්වයන් හා බුදුහිමියන්ගේ මූලික බුදුසමය අතර ඇති දුර කොපමණද?

මේ තිරස්චීන තත්වය බොදුනුවන් තවදුරටත් ඉවසන්නේ නැතිබව පෙනෙන්නට තිබෙන්නේ භික්ෂු නියෝජනය සහිත හෙළ උරුමය ඡුන්දවලින් පැරදීමෙන් පමණක්ම නොවේ. සමාජයේ උපහාසයට හා ගර්හාවට ලක්වීමත් සලකා බලන විටය.

මා ඉතා මෑතක දී නාට්‍යයක් නැරඹුවා. එහි නම වූයේ ‘බල්ලොත් එක්ක බෑ’ . එම නාට්‍යයේ නිරූපණයන්ට අනුව ඉතාම ගර්හා කටයුතු චරිත දෙක තම ආරක්ෂාව උදෙසා භික්ෂු වෙස් ගන්නවා. ඔවුන්ගේ ධර්මය නොදැනීම උපහාසයට ලක් කෙරෙනවා. එහෙත් සමස්ත නාට්‍ය ශාලාවම එයට විනෝදයෙන් හිනාවෙනවා.
මට හැඟීගියේ එය ලංකාවේ අයාලේ යන භික්ෂුශාසනයට සිනාවීමක් ලෙසයි. භික්ෂුව උපහාසයට ලක් කළ අතීත කලා කෘති සියල්ලම මහජන වෛරයට පාත‍්‍ර වුවත් ‘බල්ලොත් එක්ක බෑ’ වෛරයට පාත‍්‍ර නොවන්නේ’ මහජනයාට වෛරයක් ඇතිවීමට තරම් සෙනෙහසක් දැන් දේශපාලනයේ යෙදී සිටින භික්ෂූන්ට නැති බවයි.

*2012-09-27 වන දින බොරැුල්ල, කෝට්ටේ පාරේ, ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධායකත්වයෙන් පවත්වන මාසික වමේ කතිකාව යටතේ සැප්තැම්බර් දේශනය පැවැත්වූයේ චන්ද්‍රරත්න බණ්ඩාර විසිනි. මේ එම දේශනයේ සම්පූර්ණ පිටපතයි. මුලසුන දරණ ලද්දේ මහාචාර්ය කුමාර් ඬේව්ඞ් විසිනි.

Back to Home page