Colombo Telegraph

බෞද්ධකම දුෂ්සීලයන්ගේ ගොදුරක්ව

චන්ද්‍ර​රත්න බණ්ඩාර

චන්ද්‍රරත්න බණ්ඩාර

කි‍්‍රෂ්ණරාජා ටොරොන්ටෝ නුවර සාර්ථක මුද්‍රණ ව්‍යාපාරයක් කරන ඉන්දීය සම්භවයක් සහිත මිත‍්‍රශීලී ලාංකීය දෙමළ තරුණයෙකි. ඔහුගේ මුද්‍රණාලය සිංහල අපගේ මෙන්ම දෙමළ කාගේත් බංග්ලාදේශ පකිස්ථානු හා වෙනත් බොහෝ ජාතිකයන්ගේත් මුද්‍රණ කටයුතු කරනු ලබයි. ඔහු දැඩි හින්දු භක්තිකයෙකි. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කොට ප‍්‍රභාකරන්ගේද දිවි තොර කළ බව නිවේදනය වූ දිනයේම වාගේ කි‍්‍රෂ්ණාරාජා මට හමු විය. දැඩි හින්දු භක්තකයෙකු වූ ඔහු කීවේ ප‍්‍රභාකරන්ගේ විනාශය තීරණය වූයේ යාපන ජනයා ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන්ට සමාන කරන්නට පටන් ගත් දා සිට බවය. කි‍්‍රෂ්ණරාජාගේ ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන් කිරීමේ කතාව ඇත්තක්යයි මම තවත් දෙමළ ජාතිකයන්ගෙන් අසා දැන ගතිමි. කි‍්‍රෂ්ණරාජා කෙතරම් අකමැත’ වුවත් ්මෙම ප‍්‍රවාදයෙන් ගම්‍ය වන්නේ දෙමළ ජනයා කෙතරම් පීඩාවකට පත් වුවද ඔවුන්ගේ අරගලය පූජනීය බවත් ඔවුන් විසින් ඵහි නායකයා දෙවියකුසේ සලකන බවත්ය. එනම් දෙමළ ඉතිහාසයට ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය වඩාත් විශාල වටිනාකමක් ලබාදී ඇති බවයි. එපමණක් නොව ලෝකයේ විවිධ තන්හි ජීවත්වන දෙමළ සමාජයන් අතර යළිත් වරක් යාපන සමාජය උත්කෘෂ්ට වූ වගයි. හින්දු ආගම හා එහි ඉතිහාසය සටන්කාමිත්වය අධිනිශ්චය කරන්නකි. එ් අනුසාරයෙන්ද එල්ටීටීඊ අරගලය දෙමළ ඉතිහාසයට විශාල දෙයක් ලබා දී ඇත.

උතුරේදී නිල වශයෙන් දෙමළ අරගලය පැරදවීමෙන් පසුව එහි හිදැස පුරවන්නේ  සිංහල අන්තවාදය  විසින් මුස්ලිම් සතුරකු සොයාගෙන ඔහුට සටනට අඬ ගැසීමෙනි. විශේෂයෙන් වර්තමාන රෙජීමයේ ආධ්‍යාත්මික ආරක්ෂකයන් වන රණකාමි භික්ෂූන් වහන්සේලාට රිසිසේ එ් අවදානම් සහගත තිරස්චීන කටයුත්තේ යෙදීමට නීතිය නිහඬ කර තිබේ. හලාල් වැනි සාකච්ඡාවෙන් විසඳාගත හැකි ප‍්‍රශ්න මුස්ලිමුන්ට හා අනෙකුන්ට කිසිදු අසාධාරණයක් නොවන සේ සාකච්ඡා මගින් විසඳා ගත හැකිව තිබියදීත් කටයුතු සිද්ධ වූයේ මුස්ලිම් හදවත දරුණු ලෙස පාරා දැමීමෙනි. මුස්ලිම්වරුන් ව්‍යාප්තවාදී අරමුණකින් වුවද බොහෝ දරුවන් හදද්දී ඊට සමගාමීව දරුවන් හදන ලෙස කැත නැතුව කියන්නේ බුද්ධ චීවරය දරාගත් උපසම්පදාවෙන් දෙවන වරටද ශික්ෂිත කරනු ලැබූ භික්ෂූන්ය. කෙසේ වෙතත් වැඩි ජනගහණයක් දරා ගැනීමට හැකි ආණ්ඩු ක‍්‍රමයක් ලංකාවේ නැති අතර එවැනි ආණ්ඩුවක් ඉදිරි කාලය තුළ බලයට පත්වන බවක්ද පෙනෙන්නට නැත. එහෙයින් උපදින දරුවනට සිදුවන්නේ මීටත් වඩා අසරණ බවින් යුතුව ජීවත් වීමටයි. ඒ බැරිකමවත් හිතාගෙන ආණ්ඩු කළ යුත්තේ කාටත් පොදුවේ උපත් පාලන නීතියක් ඇති කිරීමය. එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන්නක් නිසා මුස්ලිමුන්ට හෝ බෞද්ධයන්ට හෝ ඊට විරුද්ධ විය නොහැකිය. එහෙත් එය එවැනි විනීත ක‍්‍රමයකට විසඳීමට අසමත් ආණ්ඩුව එය කිරීම පවරන්නේ තමන්ගේ භික්ෂු බල ඇණියටයි. 

නව වන සියවස පමණ ඈතට ඇදෙන ඉතිහාසයක් සහිත ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව සිය ඉතිහාසය මුළුල්ලේම මෙවැනි අඩන්තේට්ටම්වලට මුහුණ දුන්නේය. එ් සා දුෂ්කර තත්ත්වයන්ද අවබෝධ කරගත් මුස්ලිම්හු ජන සංයුතියෙන් තමන්ට වඩා ශක්තිමත් අනෙකුත් ජනප‍්‍රජාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත් පාඩම උගත්හ. මහනුවර රජුගේ ආශිර්වාදය ලබාගත් මුස්ලිමුන් සිංහල ස්ති‍්‍රන් කසාද බැඳගෙන සිංහල කුල වැද්දුමද ලදහ.

වෙළෙඳාමේදී මුස්ලිමුන් සම්ප‍්‍රදායිකව දක්වන හුරුබුහුටිකම එම ක්ෂේත‍්‍රයේදී අනෙක් ජාතින් අබිබවා සිටී. හර’යට මැලේසියාවේදී මැලේවරු අබ’බවා චීන්නු වෙළඳාමේදී ඉදරියෙන් සිටන්නාක් මෙනගි 1915 දී මෙන්ම අදත් මේ බුහුටිකමට එරෙහි වන්නේ සිංහල ව්‍යාපාරිකයෝය. සහගහන බොරු දෙසමින් මුස්ලිම් වෙළෙඳ ආයතනවලට කඩා වදින්නේ එහෙයිනි. ඒ බලඇණි පිටුපස සිටින සිංහල ව්‍යාපාරිකයෝ මුස්ලිමුන් එකී ක්ෂේත‍්‍රයෙන් පළවා හරිමින් එ් අවස්ථා තමන්ට අත්පත් කර ගැනීම ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිමුන් රණකාමීත්වය ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ජාත්‍යන්තර නෑයන්ගෙන් වෙන්වුණු ගති සිරිත් ප‍්‍රගුණ කළ යහපත් මිනිසුන් කොටසකි. ඔවුන් එ් අරුතින් රොෂින්වරු හෝ පකිස්තානුවන් හෝ මැද පෙරදිග මුස්ලිමුන්ගෙන් වෙනස් වෙති. එහෙත් මේ වැදගත් මනුෂ්‍ය කණ්ඩායම තමන්ට එරෙහිව අන්තවාදී සේනාවන් කරන නොපනත්කම් තමන් අදහන දෙවියන් හා බෙදා ගනිමින් ඒවා සිය සංස්කෘතික ඉතිහාසයට එක්කර ගන්නා බව අප අමතක කළ යුතු නොවේ.

ප‍්‍රධාන සුලු ජාතින් දෙක සිංහල සමාජයෙන් එල්ල වන පීඩාවන් න’සාම දෙමළ මුස්ලිම් සාමුහිකත්වයක් නිර්මාණය කර ගැනීමට අනාගතයේදී සමත් වන බව පෙනෙන්නට ත’බේ. දෙමළ සමාජය තමන් කලක් මුලුල්ලේ ලද ප’ඩාව න’සාම ඉතිහාසයට අංග සම්පූර්ණ වීරයෙක් නිර්මාණය කරගෙන ඇතිවාක් මෙන්ම ශක්තිමත් ඩයස්පෝරාවක්ද නිර්මාණය කරගෙන ඇත. දැන් පවතින මුස්ලිම් විරෝධය හමුවේ තවමත් මුස්ලිම් නායකයන් කරන්නේ පීඩකයින්ගෙන් සාමය බලාපොරොත්තු වීම වුවත් එය ඉෂ්ට නොවුනහොත් ශක්තිමත් මුස්ලිම් ජාත්‍යන්තරයෙන් සහාය ලබා ගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත. එසේ වුවහොත් ඉතිහාසයේ අන් කවරදාවත් නොවැටුනු අගාධයකට අපේ මව් රට ඇද වැටෙනු නිසැකය.
මම උපතින්ම සිංහලයෙක් මෙන්ම බෞද්ධයෙකි. සිංහලත්වය හා බෞද්ධකම යන දෙකටම අදාළ සාර්ථථයන් සමුහයක් දැනුවත්ව හඳුනාගෙන ඇති හෙයින් උත්පත්තික බෞද්ධ කමෙන් එහාට ගිය අවබෝධවත් සිංහලයෙකු හා බෞද්ධයෙකු ලෙස පෙනී සිටීමට මට හැකියාවක් ඇත. ලංකාවේ දෙමළ අරගලය දෙසත්, මුස්ලිම්වරුනට එල්ල වී ඇති පීඩනයන් දෙසත් මා බලන්නේ සිංහලකමේද බෞද්ධකමේද ආරක්ෂාව පෙරටුවේ තබාගෙනය.

යට කී ලෙස දෙමළ ජනයා හා මුස්ලිම්වරුන් මුහුණ දෙන පීඩනයට මුහුණදීමේදී ඔවුන් ඒ කටුක තත්වයන් අනුසාරයෙන් වුවද අවම වශයෙන් තමන්ට වැදගත් ඉතිහාසයක් නිර්මාණය කරගෙන ඇතත්, සිංහල බෞද්ධ අපට සිදුව ඇත්තේ පීඩකයාගේ හා ඝාතකයාගේ වෙස් මුහුණු පැළඳීමටය.

බුදු දහම මේ භූමියේ උපන් සිංහල ජාතියට අනර්ඝ සංස්කෘතික මිශ‍්‍රණයක් ලබාදුන් දහමකි. අන් කවර ආගමකටවත් නොමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග මුල් බුදු දහමට ම (බුදුන් දෙසූ දහමටම) ඇතුළත් ධර්මයකි. සකල විධ වර්ගවාදයන් මූලික දහම තුළින්ම ප‍්‍රතික්ෂේප කළ අති උතුම් සද්ධර්මයකි. හින්දු සංස්කෘතිය තුළින් අනාදිමත් කාලයක සිට කුල පීඩනයෙන් බැට කෑ ඉන්දීය දලිත්වරු සිය නායකයා (ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයා මෙන්ම ඉන්දියාව බිහිකළ අතිශ්‍රේෂ්ට උගතෙකි) වූ ආචාර්ය ඇම්බෙඞ්කාර් සමග බුදු දහම වැළඳ ගන්නේ වර්ගවාදයට සැබෑ බුදු දහමේ ඉඩක් නැති නිසාය.

එහෙත් අද ලංකාවේ බුදු සමය අයාලේ යමින් එහි සාරර්ථයන් විනාෂ කරගන්නා භික්ෂු සමූහයකගේ ගොදුරු බවට පත්ව පවතී. ලංකාවේ පොලිස්කාරයා දෙස පොදුවේ ජනයා දකින්නේ සම්ප‍්‍රදායිකවම අයහපත් ආකල්පයකිනි. එ් තත්ත්වයට අද බෞද්ධ භික්ෂුවද පත්ව සිටී.

ලංකාවේ භික්ෂුව අයාලේ ගොස් ඇති තරමටම බුදු සමයද අයාලේ ගොස් ඇත. විවිධ ස්වරූපයේ භික්ෂු හැසිරීම් බෞද්ධ ස්ථාපිතයේ පවත්නා සාරාර්ථයන් හා අනාගතවාදී ගුණය සූනු‍්‍ර විසුනු කරමින් පවතී. බොදු බලසේනා, සිංහල රාවය, රාවණා බලය වැනි අන්තවාදි හැසිරීම් බොහෝ කිට්ටුවන්නේ සහයෝගශීලී බුදු දහමට නොව මැද පෙරදිග මුස්ලිම් යුදෙව් හා කි‍්‍රස්තියානි මූලධර්මවාදීන්ටය.

මේ තත්ත්වයට සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි නායකත්වයන් මුළුමනින්ම වගකිව යුතුව පවතී. ඔවුන් සියවසකට පමණ වැඩි කාලයක් තිස්සේ තම භික්ෂු සංඝයා මෙහෙයවීමේ වගකීම පැහැර හැර ඇත. මේ භික්ෂු නායකයන් වෙනස් වන ලෝකය හඳුනා ගැනීමේ හැකියාව තමන් නොලද්දා මෙන්ම තම පිරිවර භික්ෂුන්ද එමගට යොමු නොකළහ. සියම් නිකායික භික්ෂුහු සිය පාරම්පරික ඉඩ කඩම්වල හා එයින් ලැබෙන අස්වැන්න රැක බලා ගන්නා ආරක්ෂකයන් පිරිසක් බවට පත් කළ අතර ධනය රැස් කිරීම පිළිබඳව හා අල්පේච්ඡුතාව පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් අමු අමුවේ උල්ලංඝනය කළහ. ආවා වූ නොආවාවු සංඝයාට පොදුවේ අයිති පන්සල් හා දේපල තම සන්තකයේ රඳවා ගැනීමට උසාවිගානේ වඩින්නට භික්ෂුන්ට සිදු විය. ධනයෙන් ආඪ්‍ය වූ මේ භික්ෂුන්ගෙන් ඇතමුන් අනියම් පවුල් ගොඩනගමින් අනාචාර ජීවිතයකටද ඇබ්බැහි විය. දේපල රැකීමට දේශපාලකයන් අවශ්‍ය වූ නිසා කවර තරමේ දුෂ්ටයෙකු වුවත් තම අරමුණු උදෙසා කැමැත්ත පළකරන දේශපාලකයාට සහාය දැක්වීය. එ් මදිවාට ගොවිගම කුලයට පමණක් සියම් නිකාය විවෘත කිරීම මගින් නවීනත්වයේ මන්දමාරුතයත් සමග විනාශ විය යුතුව තිබුණු ශී‍්‍ර ලාංකික කුලවාදයේ කෘර ආරක්ෂකයන් වීමට සියම් නිකායික භික්ෂුන්ට සිදුවිය.

සියම් නිකාය ගොවිගම කුලයට සීමාවීමෙන් අන්‍යකුලයන් ලද බලවත් සමාජ පීඩාව අමරපුර හා රාමඤ්ඤ නිකායන් බිහි කළේය. එනයින් අමරපුර නිකාය ගොවිගම නොවන කුලයන්ගේ ආරක්ෂකයාද ප‍්‍රකාශකයාද බවට පත්විය. අද තත්වය වන්නේ අමරපුර නිකායේ කුල නියෝජනයේ සුළුතර මානසිකත්වය නිසා ඔව්හු සියම් නිකායටත් වඩා කුල වාදී වීමයි.
පසුගිය සියවස් එක හමාර පමණ තුළ බුදු දහමට ඉඳුරාම පටහැනි කුලය නම් ප‍්‍රපංචය රැක ගැනීම හා ධනය රැුස්කිරීම හරහා බෞද්ධ භික්ෂුවට තිබිය යුතු නිරවුල්ව ලොව පිරිසිඳ ගැනීමේ හැකියාව ලබාදුන් ශාස්තෘවරයාගේ මග ගැනීමට නොහැකි විය. බුදුන්ගේ සමයේම අනුප‍්‍රාප්තික බව (නියෝජ්‍ය බුදු පදවිය) හා සංඝ පාලනය ඉල්ලූ දේවදත්වයන් ගේ මග යමින් අද ලංකාවේදී බුදු සමය බලවත් ප‍්‍රපාතයකට හෙළමින් සිටී.

එ් එක පැත්තකි. සම්ප‍්‍රදායික ලාංකිය බුද්ධාගමේ ප‍්‍රධාන නිකාය තුනට ඇතුලත් නොවුණු ඇතමුන් භික්ෂු වෙස් ගෙන බුදු දහමේ තාර්කිකත්වය කෙලසන අපාය හා දෙව්ලොව පෙන්වමින් ලක්ෂ ගණන් ජනයා ආගමික උන්මාදයකට ඇද දමමින් සිටී. මේ ඇතැම් භික්ෂුහු අමරපුර නිකායට අයත් ඉතා සුලූ කුලයන් නියෝජනය කරන සාමාජික සංඛ්‍යාව දහයකට පහළොවකට සීමාවුණු නිකායන්හි මහන වී නිකාය මුද්‍රාව ලබා ගනිති. කවුරු හෝ ප‍්‍රශ්න කළහොත් කියන්නට එමගින් නිකාය සබඳතාවන් තනා ගනියි. 

මේ ආකාරයට විපරීත වූ භික්ෂු සමූහයන් මගින් එක් පැත්තකින් රණකාමීවත්, අනෙක් පැත්තෙන් මරණින් මතු ලෝකයට ඇති බිය දඩමීමා කරගෙනත් සමාජ දේශපාලනිකව හා ආර්ථිකව අසරණ ජනයා මුලා කරමින් තම අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටිති.

රණකාමී භික්ෂු නායකත්වය ජාතීන් අතර පැවතිය යුතු අත්‍යවශ්‍ය සාමය හා සංහිඳියාව විනාශ කරද්දී ආණ්ඩුව මෑත කාලීන දේශපාලන වාසි තකා නිහඬව සිටිති. නැත්නම් උඩගෙඩි දෙති. 

භික්ෂුවක් වීම පුද්ගල මනුෂ්‍ය ජීවිතයක බලවත් කැප කිරීමකි. එ් කැප කිරීමෙන් වන පීඩාව මග හරවා ලිය හැක්කේ භික්ෂුවක වීමේ අරමුණු වන දහම හැදෑරීම හා එහි නිරවුල් ලෙස නිරත වීමෙනි. එ් නිරතවීම බුදුන් දවස සංඝයාගේ හෝ අද සංඝයාගේ කියා වෙනසක් නැත. එසේ චීවරයක් දරා ගැනීමෙන් පසු කළ යුතු දෑ බුදුන් වහන්සේ විසින් නිරවුල්ව දේශනා කර ඇත. එය නොපිළිපදින භික්ෂුවට තම කැපකිරීම පිළිබඳ හීනමානයක් හා කාංසාවක් ඇතිවේ. අත්හරින තම ජීවිතය පිළිබඳ රෞද්‍ර සෝකයක් ඇතිවේ. භික්ෂුවක් බුදුන් දෙසූ මාර්ගයේ ගමන් නොකරන විට ජීවිතය භුක්ති විඳින ගිහියන් කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිවේ. බුද්ධ මාර්ගයෙන් පිට පනින සමාජ විරෝධියකු බවට පත්වේ. වැඩිහිටි කන්දේ වැඩිහිටි භික්ෂුවක් බාල දැරියන් සිරකරගෙන ලිංගික අතවරයන්ට ලක් කරන්නේත්, රුවන්වැල්ලේ සෝභිත ගිහියකුටත් වඩා අන්තවාදිව තක්කඩිකම් කළේත්, බේබදුකමට පෙළඹෙන්නේ හා විකෘති කාම අපරාධ සිදුවන්නේ මහත් කැපකිරීමෙන් ලද භික්ෂු භාවය එතැන් සිට බුදුන් දෙසූ මාර්ගයේ නිරවුල්ව ගමන් නොකරන නිසාය. එහෙත් චීවරයක් දරා ගන්නට ඇති සමාජ ගෞරවය සිය හීන මානයේ අඩුව පිරි දුෂ්ට වැඩපිළිවෙලවල් ජය ගැනීමට යොදවති. මේ තත්ත්වයට වගකිව යුත්තේ නොමග ගිය භික්ෂුන්ට වඩා ඔවුන් අයත් නිකායන්හි භික්ෂු නායකත්වයයි.

අද පත්ව ඇත්තේ දැනුවත් බෞද්ධයන් දුර්මුඛ කරවමින් සමාජ සාමගි‍්‍රය විනාශ කිරීමටත් ගැඹුරු ලෙසම සංහිඳියා සම්පන්න සිංහල බෞද්ධ සාරවත් උරුමයට විෂ  කැවීමටත් මේ භික්ෂූහු කි‍්‍රයාකිරීමය.
wanaapumala@gmail.com

Back to Home page