Colombo Telegraph

හම්බන්තොටදී ‘‘මං මීඩියා’’ කී මාධ්‍යවේදියාට​ ලැබුණේ ස්පොට් ෆයින් එකකි

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

හම්බන්තොට වරාය වර්ජනය අතර, මාධ්‍යවේදියෙකු පහර කෑම ආන්දෝලනාත්මක එකකි. ඊට පෙර ඊනිවුස් මාධ්‍යට එරෙහි ආරංචි පැතිරිණ. හම්බන්තොට පහරදීම වැරදිය කියන මාධ්‍ය ඊ නිවුස් ඊ නිවුස් වලට එරෙහි ප‍්‍රහාරයට උල් පන්දම් දෙති. මේවා නිසා යහ පාලන ප‍්‍රතිරූපය විකෘති විය හැකිය. රටේ බහුතර මාධ්‍ය ජනවාරි ජයග‍්‍රහණයේදී සිටියේ සිවිල් සමාජයේ සතුරා සමගය. ඔවුන් අදත් ඒ සතුරු බලවේග ශක්තිමත් කරති.

‘‘මම හැම එකාගේම මාලූ කනවා මගේ මාලූ එකෙක්වක් කන්නේ නෑ යනුවෙන් කපුටා විස්සෝප වෙතැයි ගැමියෝ කියති. කපුටා එසේ කියන්නේ පම්පෝරියට නොවේ. තමන් ගැන පවත්නා ආත්මානුකම්පාව හෝ පිළිකුල විය හැකිය. සමහර භික්‍ෂුන් චීවරය ගුලි කර සමාජ සමයං පවත්වති. බොහෝ දෙනා සිවුර නිසා නිහඬව බලා සිටිති. භික්‍ෂුන් චීවරධාරින් වී, චීවරය නීල පට වස්ත‍්‍රය වී, මහා සාසනික විනාසයක් විහින් අත්කර ගනිති. හම්බන්තොටදී ගුටි කෑමෙන් මාධ්‍ය ව්‍යාපාරයද භික්‍ෂු සමාජය මෙන් නිගරුවට, අවමානයට පත්වේ.

වර්ජන පිකටින් කරවන්නේ එකම පිිරිසකි. බොහෝ සාමකාමි වර්ජන පිකටින් අතර, ඇයි ගහන් නැත්තේ අසමින් ලේ ඉල්ල්නෝ සිටිති. ඔවුන්ට රැුක ගැනිමට දෙයක් නැත. ඇත්ෙ දිනා ගැනීමට ලෝකයකි. අවශ්‍ය අරගල පමණකි. මේ කරන්නේ අදහස් ප‍්‍රකාශනය සහ විරුද්ධ වීමේ අයිතියට මුවා වී ජනතාවට පාරේ යාමට ඇති අයිතියට මෙන්ම නීත්‍යානුකූල ආණ්ඩුවට රට පාලනය කිරිමේ අයිතියටද බාධා කිරීමය. උද්ඝෝෂකයන්ගේ ලේ සොලවා වරද ආණ්ඩුවට පැවරීමේ උවමනාවෙන් ඔවුන් හැසිරෙති. මේ බරපතල කුමන්ත‍්‍රණයකි. එය මාධ්‍ය මැනවින් දැන සිටිති. කැඩුණ බෝක්කුවක් දිරාගිය පාලමක් පෙන්වා ජන ජීවිතය පත්වූ අනතුර පෙන්වන ජන මාධ්‍ය ‘‘………..තුමනි, මේ ඔබේ අවධානය පිණීසයි’’ කියති. ඒ ජන මාධ්‍ය පාර හරස් කරමින් වර්ජන තර්ජන පිකටින් හරහා මිනිසුන් ගැහැනුන් දරුවන් දැරියන් රෝගීන් මහල්ලන් විඳීන වදය පිළිබඳ ප‍්‍රබල පණිවිඩය සමාජයට නිකුත් කරන්නේ නැත. ස්වේච්ඡුාවෙන් පාරට පැන ගුටිකන තක්කඩින්ට අපේ මාධ්‍ය වටිනාකම් දෙමින් සිටිති. හම්බන්තොටදී ලැබුණේ ඊට පිළිතුරකි. හෙවත් ලැබිය යුතුව තිබුණ තෑග්ගකි.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් යම් තැනකට පැමිණ ආපසු හැරිණ. ඒ ඇයි? මාධ්‍යකාරයන් කි පරිදි රැුහේ එකෙකු වීම පිණිසය. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මුලින් ඇසුවේ හම්බන්තොටදී පහර කෑ මාධ්‍ය වේදින්ට මාධ්‍ය ආයතන නිසි පරිදි ගෙවනවාද කියාය. එය ප‍්‍රශ්නයෙන් මගහැර යාමකි. එක්නැලිගොඩ මාධ්‍ය වේදියෙක්ද කියා වරක් පත්තර කාරයෙකු අසා තිබිණ. පහර දීමක සහ මිනි මැරීමක අවමානය එසේ යටපත් කළ හැකිද? හම්බන්තොට පහරදිම ගැන දිවයින පත‍්‍රයේ ආරක්‍ෂක ලියුම්කරු මෙසේ කියයි. ‘‘විදේශ නැව් ප‍්‍රාණ ඇපයට ගැනිමට වර්ජකයන්ට කිසිදු හිමිකමක් නැත්තාසේම, නාවික හමුදාපතිට සිවිල් ඇඳුමෙන් සැරසී එම අර්බුදයට මැදිහත්විමට කිසිදු හිමිකමක් නැත. ’’ නාවික හමුදාපති නිල ඇඳුම් ඇඳ සිටියා නම් ….? මේ කිසිවෙකු යථාර්ථය නො දකී. උගුරට හොරා බෙහෙත් කති. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් රස්සාවත් වරදත් දෙකම රකින්නට තැත් කරයි. එක්නැලිගොඩ ඇසූ කෙනා ඒ කතාව කිවේ රණවිරු උණ නිසාය. දිවයින කාරයා මාධ්‍ය මැදිහත්වීම යටපත් කර අනම් මනම් ලියයි.
හම්බන්තොටදි මාධ්‍ය වේදින් ගුටි කෑවේ ඇයි?

එය රටේ ආරක්‍ෂාව ගෞරවය නොතකා හැසිරුණ මාධ්‍ය වේදියෙකුට ලැබුණ ස්පොට් ෆයින් එකකි. ඊ නිවුස් කාරයා කොටු කිරිමට සහාය දෙන මාධ්‍ය ද්විත්වය හේමන්ත වර්ණකුලසුරිය ලවා කියවන්නේ හෙට දෙන නඩු තීන්දුව ගැන අද අනාවැකී කීමේ බරපතල කමය. (ඊ නිවුස් කාරයාට ඊට උත්තරයට යටත්ව-අගති රහිතව) එය වරදකි. යුධ අවසන්වූ පසුව, කොළඹ සිදු කළ ඝාතන සහ පුද්ගල අතුරුන්වීම් ගැන කොටුවූ හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාවට රණවිරු පදක්කම්, බුද්ධි අංශ හැඳුනුම් පත් පෙන්වති. අධීකරණය අවශ්‍ය සහාය දීමෙන් හමුදාපති වැළකී සිටියි. ජාත්‍යන්තර නාවික නීතිය උල්ලංඝනය කරමින් හැසිරුණ හම්බන්තොට වර්ජකයන් ඉවත් කිරීමට කැඳවූ නාවික හමුදාවේ රාජකාරියට බාධා කිරීම සහ මාධ්‍ය නිදහස අතර ප‍්‍රමාණය දුර කොතෙක්ද?

ජනවාරි 9 වෙනිදා මේ රටේ ොබහෝ දේ සිද්ධ විය නව වසරක් රට කෑඑවුන්ට යහතින් තම ගුබ්බෑයම් කරා යාමට ඉඩ දිම ඉන් එකකි. එය ඓතිහාසික ලාංකේය පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නතර කිරිමකි. එය හොඳය. එහෙත් එහි අනිටු විපාක බොහෝය. අද එල්ලූම් ගහට නියම වූ නූරියේ අතකොටාත් දැන් සනිපද අසන තරමට තත්වය අහිත කර විය. අපේ මාධ්‍ය ප‍්‍රද්රශනය කරන හැසිරිමද එවැන්නකි. රතුපස්වල සිද්ධිය ගැන අකුරක් නොලියූ මාධ්‍ය එකල විය. එකී මාධ්‍ය ප‍්‍රකාශන විකිණිමට ගෙනාවොත් කඬේත් ගිනි තියනවා කියන තරමට වැලිවේරියේ මිනිස්සු සහාසික විය. ලසන්ත මරා දැමූ වේලේ මාධ්‍ය හැරිරුණේ කෙසේද? අද මාධ්‍ය ජනවාරි වෙනස නිසා නිදැල්ලේ නොව දඩාවතේ යමින් සිටිති. නිලධාරියෙකුුට රාජකාරියක් කිරිමට ඉඩ නැත. කෙනෙකුට ජොලියේ එළියේ චූ කිරිමේ නිදහස පවා මාධ්‍ය අසුරා නැත. මාධ්‍ය තමා මෙනා නිදහස වත් අනෙකාගේ හප්පන්න ඔට්ටු නැත. නන්දිකඩාල් යුද්ධ පොත ලියු රණවිරු ගුණරත්න අපොස සාපෙල ලියන දරුවෙකුගේ කන අත ගාන්ට යාම ගැන නිශ්ශබ්ද මාධ්‍ය නාවික හමුදාපතිට උඩ දමමින් ගසති. රාවය පත‍්‍රය තෙක් කිසිදු මාධ්‍යක් නන්දිකඩාල් චන්ඩියාගේ සෙල්ලම ගැන අකුරක් ලියා නැත. මේ කි‍්‍රයාත්මක වන්නේ නිදහස් ජාතික මාධ්‍ය සම්ප‍්‍රදාය නොවේ. ජනවාරියේ ප‍්‍රතික්‍ෂේප වූ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමකි. ආණ්ඩුවක් සමග මාධ්‍ය කරන හැටි මහින්ද රාජපක්‍ෂ කි‍්‍රයාවෙන් ඔප්පු කළේය. ඒ පූවාදර්ශ අනුව යන තැනට මේ ආණ්ඩුව තල්ලූ කළොත් ප‍්‍රතිපල දරා ගත යුතුවේ. මර්වින් සිල්වාගේ පුතාගෙන් ගුටි කෑ බුද්ධි අංශ මේජර් වරයා වෙනුවෙන් එදා මාධ්‍ය පෙනි සිටියේද? මර්වින් සිල්වාගෙන් ගුටි කෑ රූපවාහිනියේ ටී.ඇම්.ජී. චන්ද්‍රසේකර වෙනුවෙන් එදා මාධ්‍ය පෙනි සිටියේද? සමහර විට ඊට හේතුව පැවති ආණ්ඩුවේ බලය විය හැකිය. මේ ආණ්ඩුවත් ජනතාව පක් කළ ආණ්ඩුවකි.

නැගෙනහිර මහ ඇමති නාවික නිලධාරියෙකුට බැන වැදිණ. ඒ හරහා හමුදා කැරැුල්ලකින් බලය අල්ලන තරමට මාධ්‍ය රටම උණුසුම් කළහ. එයින් චූන් වූ ති‍්‍රවිධ හමුදා බලධාරින් මහ ඇමති වරයාට ආරක්‍ෂාව නො දෙන බවට ඒකාබද්ධ නිල නිවේදනයක් නිකුත් කළහ. ති‍්‍රවිධ හමුදාවන්ට එසේ කළ හැකිද? එදා කිසිදු මාධ්‍යක් ඒ නිවේදනය හරහා රට තුළ නිර්මානය වන අනාරක්ෂික භාවය ගැන කතා නො කළේ නොදන්නාකම නිසා නොවේ. කාසිය අසූචි මත තිබුණද දිව දමා ගැනීමෙන් ලැබෙන වාසියට කාලයක් තිස්සේ පුරුදුව සිටි නිසාය.

රාජපක්‍ෂ කාලයේ වර්ජන පිකටින් කළ අය කීවේ අනේ අපට ගහන්ට එපා කියාය. අද අසන්නේ ඇයි අපට ගහන්නේ නැත්තේ කියා ය. හේතුව එදා මෙදා අතර ඒ වෙනස ය. පානීය ජලය ඉල්ලා වීදි බැස්ස රතුපස්වල ජනතාවට හමුදාව වෙඩි තැබූ දවස මතකද? එදා බුකවා සිටි මාධ්‍ය හම්බන්තොට වරායට නාවික හමුදාව කැඳවීම ප‍්‍රශ්න කරති. කටුනායකදී පොලිසිය වෙඩි කෑ වෙළඳ කලාප ශ‍්‍රමිකයන් රට යවන නිමි ඇඳුම් කන්ටේනර් අවහිර කළේ නැත. හලාවතදී වෙඩි තැබුවේ අඩු මිල දෙනවා කී භූමිතෙල් ඉල්ලා පාරට බැස්ස ධීවරයන්ටය. මේ සිද්ධි සමග ආබාධීත රණවිරුන්ට පොලිසිය පහර දුන් සිද්ධිය සසඳා බලමු. ඉල්ලීම දිනා ගෙන සිටි ආබාධිතයන් වෙනුවෙන් අතපය ඇති එවුන් පාර හරස් කොට ඇයි ගහන් නැත්තේ කියා ඇසුහ. කඩු මුගුරු තුවක්කු සමග වැඩ කරන සෙබලූන් ගෙන් එසේ ඇසූ විට ඉතිරි වන්නේ ඇස් කන් නාසා පමණකි. ඒ බව දන්නා ජාකොබ්ලා මේ සෙල්ලම දිගටම කරගෙන යති. ‘‘මං මිඩියා…..’’ කියන්නෝ ඒ කුණුහරුපයේ පැවැත්ම පිණිස ලාම්පු අල්ලති. රණවිරු ආබාධිතයන් පහර කෑ මොහොතේ එහි සිටියේ රාජපක්‍ෂ නම බාහුවේ පච්ච කොටා ගත් හමුදාවෙන් පැන ගිය සිවුරු කාරයන්ය.(මෙසේ ආමන්ත‍්‍රණය කිරිම ගැන පිළිවෙත් සපුරණ මහ ස`ග රුවන අනුකම්පා කරනු ඇත.) දිඹුලාගල හාමුදුරුවෝ දඹගස්ආරේ හාමුදුරුවෝ සටන් කාමිහූ වූහ. උන්වහන්සේලා ජන ශූන්‍ය සාර බිම් ජනාවාස කොට බෞද්ධයන් පදිංචි කරවා බිම් අස්වැද්දූහ. උන් වහන්සේලා බුද්ධාගමට අමතරව ජාතිය පෝෂණය කළහ. දිඹුලාගල හාමුදුරුවෝ යකුන් ඇදහූ වැද්දන් බෞද්ධයන් කළහ. ආදි වාසි දරුවන් පැවිදි කළහ. වර්තමානයේ කුමක් සිද්ධ වේද? සිල් ගන්නා සැදැහැතියන්ට පිසුනා වාචා පරුසා වාචා ශික්‍ෂාපද කියා සිල් සමාදන් කරවිමට අම්පිටියේ මංගල භික්‍ෂුව සුදුසු නැත. පුවතක සිද්ධියක පූර්වාපර සන්ධී ගලපා රටට හෙළිකළ යුතුය. ක‍්‍රැස්තෝ මියගිය අවස්ථාවේ කියුබාවේ බැටිස්ටා ගැන මාධ්‍ය මේ නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන සුදුසුකම් නැති යෝෂීත රාජපක්‍ෂ නාවික හමුදාවට බඳවා ගත් නිලධාරියා බව නො කියති. මේ කුහකකම නිසා, ‘‘මං මීඩියා……’’ ලැයිසොම අලූත් කළ යුතුව ඇත. නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන නො බියව ඒ කළේ ඒ ටික විය හැකිය.

තව දුරටත් ලංකාවේ මාධ්‍ය යනු කී වෙනිදෝ ආණ්ඩුව විය නො හැකිය. අපේ මාධ්‍ය භාවිතය අලිතාලියා ගුවන් යානය අල්ලා ගත් සේපාල ඒකනායකගේ තත්වයට පත්ව ඇත. සේපාල ඒකනායක එසේ කළේ සිය දරු පවුල වෙනුවෙනි. අද මාධ්‍ය එහෙම කරන්නේ ජාතික ආරක්‍ෂාව හෝ රටේ සිවිල් පාලනය ස්ථාපිත කිරිමට නම් නොවේ. තවත් පවුලක් වෙනුවෙනි. කොටුව දුම්රිය පොලේදී බ‍්‍රහස්පතින්දා මාධ්‍ය කිවේ අපිට ඇත්ත ලියන්න ඉඩ දෙන්න කියාය. ඔවුන් ඇත්ත ලියන්න ඉඩ අවසරය ඉල්ලති. සමහර ඇත්ත වහන්න කප්පම් ගනිති. සමහර ඇත්ත වහන්න ගොස් කනේ පාර කති. හම්බන්තොට ප‍්‍රශ්නයේ මුල කුමක්ද? වරාය තැනීම නොවේ. වරාය විකිණීම නොවේ. වරායට ගත් සේවකයන් වරාය අධිකාරියට සම්බන්ධ නොකිරීමය. එය ආණ්ඩුවක් ගත් තීරණයකි. ආරවුල පටන් ගත්තේ ආණ්ඩුවක් ගත් තීරණය වැරදි නිසාය. ඒ හිලව්වට නැව් අත් අඩංගුවට ගත හැකිද?

මාධ්‍ය කරුවා ගරු කළ යුතු නිර්නායක බොහෝය. පරම වගකීම නිවැරදි තොතුරු ජනතාවට ලබා දීමය. එකී කාර්යයේදී අත් නොහැර රැුකිය යුතු අපක්‍ෂපාති භාවය ඇත්තේම නැත. දැරිය යුතු සමාජ වගකීම් නො දරති. හම්බන්තොට සිද්ධිය සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයකට තමා සූදානම් බව නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන කියයි. හම්බන්තොට වරාය සේවක වර්ජනය දින ගණනාවක් පැවතිණ. වරායට පැමිණි වෙළඳ නෞකා වලට ආරක්‍ෂාව සැපයීම ජාත්‍යන්තර නීතියෙන් පැවරුණ වගකීමකි. එය ඉටු කිරිමේ වගකීම නාවික හමුදාවට පැවරී ඇත. රාජකාරි අතර බාධා ඉවත් කිරිමට හමුදා සතු අයිතියට ‘‘මං මීඩියා……’’ කියමින් අභියෝග කළ නො හැකිය. නාවික හමුදාපති අයින් වෙන්න කි විට අකීකරු වීම සහ ලැබුණ ස්පොට් ෆයින් එක යන දෙකම දැන් රටම දනිති. මදුරුවා නිසා ඩෙංගු බෝවෙන බව රටට කියන මාධ්‍ය වර්ජකයන්ගේ සීමා කියා දුන්නා නම් වරායට නාවික හමුදාව එන්නේ නැත. වර්ජකයන් හෝ ‘‘මං මීඩියා……’’ ගුටි කන්නේද නැත. ඒක අපට අයත් නැත. එහෙම කිව හැකිය. එසේ නම් හමුදා රාජකාරි වලට බාධා නො කළ යුතුවේ. ඒ අවස්ථාවේ ‘‘මං මීඩියා….’’ කීමෙන් සිද්ධ වෙන දේ අත් දුටුවෙහිද? නාවුක හමුදාපති කුණුහරුප කීවා කියති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කිවේ කුණුහරුප නොවේ. කරනීය මෙත්ත සූත‍්‍රය විය යුතුය. යහ පාලනය පටන් ගත් බවක් පෙනෙයි. තවම ඉස්සුවේ ගිනි තිබ්බේ මරා හැංගුවේ නැත. හමුදාවකට පොදු ආරක්‍ෂාව පිළිබඳ වගකීම් භාරදුන් විට එතන යුද්ධයකි.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා වරාය පරිශ‍්‍ර නිර්බාධීත විය යුතුවේ. අපේ වරාය පද්ධතිය ජාත්‍යන්තර කටයුතු සඳහා සුරක්‍ෂිත කිරිමට පොලිසියට කළ නොහැකිය. ජනාධිපති කාර්යාල පරිශ‍්‍රය සංවේදි ස්ථානයකි. එ තැනට බලෙන් කඩා වදින පිරිසක් මැඩ පවත්වා එහි ආරක්‍ෂාව සලසන ආරක්‍ෂක හමුදා වගකීමකි. මේවා දන්නා මාධ්‍ය කරුවෝ රීතියෙන් පිට සෙල්ලම් කිරීම කවුරුන් හෝ වහා නතර කළ යුතුවේ. අම්පිටියේ මංගල භික්‍ෂුවගේ කුණුහරුප මිශ‍්‍ර පිළිකුල් හැසිරිම අපේ මාධ්‍ය රටට නො පෙන්වති. එහෙත් නාවික හමුදාපති කී කුණුහරුප උලූප්පා දක්වති. ඒ භික්‍ෂුවගේ මතය පමණක් කීමට ජාතික පුවත් පත් පිටු ගණන් වෙන් කරති. දෙපාර්ශ්වයට කරුණු දැක්වීමට ඇති අයිතිය මෙහිදී ප‍්‍රතික්‍ෂේප වේ. තම මතය පමණක් රටට බෙදිමට පමණක් අපේ මාධ්‍ය කි‍්‍රයා කරති. රටේ පැවැත්ම සාමය ආරක්‍ෂාව පිණිස ආරක්‍ෂක හමුදා පාරට බැස්ස විට ඔවුන්ගේ අතපසුවීම් පමණක් රටට වාර්තා කිරිම තක්කඩිකමක් මිස මාධ්‍ය වගකීම නම් නොවේ. යුධ අපරාධ ලෙස ලෝකය දකින්නේ මේ තත්වයයි. යථාර්ථය එයයි. තම තරම තේරුම් ගැනීමට හම්බන්තොටදී ලැබුණේ ස්පොට් ෆයින් එකම සෑහෙයි. එය අසාධාරණ නැත.

Back to Home page