Colombo Telegraph

ලංකාවේ මරු සිටින දිසාව යාපනේද?

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

යුද්ධය අතර සහ යුද්ධයට පසුව මම කිහිප වරක් යාපනේ සංචාරය කර ඇත්තෙමි. යුද්ධයට පසුව යාපනේ කළ සංචාරය මට පරිපූර්ණ ඇවිදිමක් නොවීය. එහිදී මට කිසිදු සාමාන්‍ය පුරවැසියෙකු හමුවීමට අවස්ථාව ලැබුණේ නැත. ආපසු ගම් බලා එන දවසේ දුම්රිය පොලේදී මට කොළඹ යාමට පැමිණී තරුණ කාන්තාවක හමු විය. ඇය තමා හඳුන්වා දුන්නේ මෙසේය.

‘‘මම අම්මා කෙනෙක්. දෙ දරු මවක්. වෘතියෙන් ගුරුවරියක්. මගේ සැමියාත් ගුරුවරයෙක්.’’ මා මහනුවර කී විට ඇය පි‍්‍රතියෙන් මෙසේ කීවාය.

‘‘මම වසර දෙකක් ගුරු පුහුණුව සඳහා පේරාදෙණීයේ හිටියා.

‘‘මොකද හිතෙන්නේ අපෙ ගම් පළාත් ගැන……

‘‘එහෙ හොඳයි දේශ ගුණය හරි වෙනස්. අපට සාමාන්‍ය ජනතාව එතරම් මුන ගැසුණේ නැහැ. ගුරු විදුහල් කාර්ය මණ්ඩලයේ ඔක්කෝම යහපත් මිනිස්සු.

‘‘යුද්දෙය පස්සේ කොහොමද ඔයාලාගේ ජීවිතවල තත්වය… මම මගේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

‘‘වෙනස්. සංසුන්. යම් යම් ගැට`ථ තියෙනවා. ඒවා කලබල කාලයට සාපේක්‍ෂකව ගණන් ගත යුතු නැති තරම්.

‘‘මොනවද ඔයාලට තියෙන ප‍්‍රශ්න….

‘‘ගුරුවරියක් හැටියට මම දකින්නේ අපේ දරුවන්ට සිංහල ඉගෙණ ගන්න ගුරුවරු නැතිකම. රටේ දකුණේ ජනතාව සමග එකට වැඩ කරන්න අපි සිංහල දැන ගන්න ඕනැ. ඔයාලාගේ පළාතේ දෙමළ උගන්වන ගුරුවරු ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. පොදුවේ අපට අපේ ළමයින්ට සිංහල දැනුම අවශ්‍යයි.’’ මේ දෙබස හරහා යාපනේ සමස්තය නිරූපනය වෙතැයි මම නො සිතමි. එහෙත් ඇය ගුරුවරියක විම නිසා, කාටත් වඩා ප‍්‍රදේශයේ තත්වය දනිතියි මම සිතමි.

යුද්ධයට පසුව යාපනේ මිනිස්සු සිතන්නේ එහෙමය. එහෙත් දකුණේ අපි යාපනේ මිනිසුන් ගැන එසේ සිතන්නේ නැත. මම මෙහිදී උතුරේ ජනතාව යාපනේ මිනිසුන් ලෙස හඳුන්වනු ඔබ නිරික්‍ෂණය නොකළ විය හැකිය. මගේ ඒ රිද්මයට බොහෝ හේතු ඇත. කුඩා අවදියේ අපේ ගම් පලාත්වල වෛද්‍ය මිනින්දෝරු ඉංජිනේරු ආදි බොහෝ වෘතින් සඳහා පැමිණ සිටියේ උතුරේ පුරවැසියන්ය. අපේ වැඩිහිටියන් ඒ වෘතිකයන් හඳුන්වන ලද්දේ යාපනේ මිනිස්සු යාපනේ මහත්තුරු කියාය. කිසි දිනෙක අපේ වැඩිහිටියන් යාපනේ ජනතාව දෙමළුන් ලෙස සැලකුවේ නැත. ඔවුන් දෙමළුන් ලෙස සැලකුවේ වතු කම්කරුවන් ය. සිංහල දෙමල වෙනස හෝ හිදැස ඇතිවුණේ බි‍්‍රතාන්‍යයන් ගෙනා වතු කම්කරුවන් නිසා බව මම අනුමාන කරමි.

යාපනේ නැවත මහ හඬින් හුස්ම ගනිමින් සිටියි. අපට එය ඇසෙන්නට පටන් ගෙන ඇත. එය යහපත් නැත. 1980 ගණන්වල මුල් කාලයේ දිවයින දිනපතා ප‍්‍රකාශනයේ මුල් පිටුවේ යාපනේ නමින් වෙනම තීරුවකට දකුණේ ජනතාව හුරු කළා මට මතකය. යාපනේ සිදුවන දේ අප දැනගත යුතුය යන යටි සිත අපට නිර්මානය වුණේ එහෙම විය හැකිය.

යාපනේ සිදු වන්නේ කුමක්ද? අපි මේ ප‍්‍රශ්නය උනුන් ගෙන් විමසමින් සිටිමු. බොහෝ දේ සිදුවි ඇති යාපනේ තවත් බොහෝ දේ සිදුවිය හැකිය. දිය හැකි එකම උත්තරය එයයි. ඒ ගැන කිසිවෙකු කිසිදු සාංකාවක් ඇතිකර ගත යුතු නැත. එය වළක්වා ගැනීමට වගකිව යුත්තන් උනන්දු නොවේ. රාජ්‍ය මාධ්‍ය අභ්‍යන්තර යුද්ධයකට මැදිව සිටිති. ජාතිවාදි ආගම්වාදි කල්ලි නිදහසේ පන්දු කෙළිති. යාපනේ සිදු වන්නේ කුමක්ද? කියා ඇසීීමට සිදුව ඇත්තේ ඒ නිසාය. කොළඹ කුණු ගමෙන් ගම ප‍්‍රතික්‍ෂේප කරමින් සිටිත්. ඒ දුර්ගන්ධය පැවැත්මට හානිකර හෙයිනි. ජාතිවාදය අපරිනත දේශපාලනය රැුස් කරන කුණු කන්දකි. අප එයද ප‍්‍රතික්‍ෂේප කළ යුතුවේ.

රටෙන් කොටසක් ලෙස යාපනේ නො දකින සිරිතක් අපට ඇත. මෙයින් වසර හැට හැත්තෑවකට පෙර ‘‘උතුර’’ සහ ‘‘යාපනේ’’ ගැන අප මෙසේ සිතුවේ නැත. දකුණේ අයට උතුර සිහි කළේ නැකතක් හෝ ශුභ මූර්තියක් නිසාය. එදා දකුණේ සේවය කළ යාපන වැසියන් අපට මහත්තුරුන් මිස දෙමලූන් නොවිය. නාග දීපය වැඳ පැමිණී දකුණේ මිනිස්සු යාපනේ සිරිත් විරිත් ගැන සති ගණන් කතා කළහ. ඒ යාපනය ඒ උතුර අද අපට මරු සිටින දිසාව වුණේ රටේ අපරිනත දේශපාලනය නිසා ය. මිෂනාරින් ආගමනය රටේ සුළු ජාතික කණ්ඩායම් බෞතිස්ම කළහ. ඒ හරහා ඔවුන් බි‍්‍රතාන්‍ය පාලකයන්ට අනුරූපව හැසිරුනාහ. යුරෝපා අගමික චින්තනය ඔවුන් අපෙන් ඈත් කළහ. මහාචාර්ය මලලසේකර වරක් මෙසේ කීය. ‘‘ බෞද්ධ භික්‍ෂුන් උතුරු නැගෙනහිර ධර්ම ප‍්‍රචාරය කර තිබුණා නම් ජන වාර්ගික ප‍්‍රශ්නයේ හැඩය වෙනස් වනු නියතය.’’ උදෘතය අවසන්ය. උතුරට බුදු දහම නොයාම නිසා සිංහල දෙමල අපරිනත දේශපාලනය ඉස එසවිය. නියෝජිත පාලනය ආරම්භය ලංකාවම තෝරා පත් කර ගත් නියෝජිතයා යාපන වාසි බුද්ධිමතෙකි. එහෙත් අප ඉතිහාසය පුරා යහපත වෙනුවට අයහපත තෝරා ගත් බව පෙනේ.

තිස් අවුරුදු යුද්ධය 2009දී අවසන් විය. අපේ පාලකයන් සන්හිඳීයාව අමතක කර යුධ ජයග‍්‍රහණය තෙරුවන් සරණ ලෙස සිහි කළහ. අප දන්නේ යුද්ධය දිනූ බවය. යාපනේ ජනතාව දන්නේ යුද්ධය පරාද බවය. ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. යුද්ධය ඉවර නම් හමුදා කඳවුරු කුමකටද? උතුර විමසති. සාමාන්‍ය ගමක ජන ජීවිතතයට හමුදා කඳවුරක් කරන බලපෑම උතුරට මෙන්ම දකුණටද එකය. සිංහල මනම්පේරි සහ දෙමළ කි‍්‍රෂාන්ති කුමාරස්වාමි දෙදෙනාම හමුදා කඳවුරකදි දූෂණය කර මරා දැමීය. එකදු බෞද්ධයෙකු නැති උතුරේ ගමක බුදු පිළිම ඉදි කිරිම බුද්ධාගම නොවේ. එවැනි පිළිම කඩා විනාස කිරීමට ඉඩ සලසන බුද්ධාගම අපරිනත දේශපාලනය මිස ජාති හෝ ආගම් වාදය නොවේ.

ඇඹිලිපිටියේ සහ යාපනේ සිද්ධි දෙකම යට ගැසිමට පොලිසිය උත්හාස කළහ. අසාධාරණයට එරෙහි උද්ඝෝෂණ දෙමළ සිංහල ඇසින් නොබැලිය යුතුවේ. නව වසරක් පුරා සිදුවූ සමහර මිනිස් ඝාතන පාලකයන්ගේ ගිනුමට බැරවෙමින් පවතී. එක්නැලිගොඩට කොටි අවලාදය නගති. ලසන්ත මැරුවේ මිග් ගණුදෙනුව හෙළි කළ නිසා බව කියති. ලසන්ත ඝාතකයන් ගමන් කළ යතුරු පැදිය අත්තිඩිය ඇලෙන් හමු විය. මෙය ඇතුලත්මුදලි ඝාතනයට පසුව මුගලන් පාරෙන් සොයාගත් මළ සිරුරට අනුකූලය. සයිනයිඞ් කවා තිබුණේ විදේශ ගතවිමට කොළඹ ආ තම පුතු රඝුනාදන්ගේ බව ද්‍රවිඪ මවක් හෙළි කළාය.

ලසන්ත ඝාතකයන් ගමන් කළ WPHZ 5665 යතුරු පැදියේ එ දවසට හිමිකරු චෙට්ටිකුලමේ විනෝද් කුමාර් වීරසිංහම් නම් අයෙකි. 2009 ජනවාරි අවසානයේ හිසට වෙඩි තබා මරා දැමූ මළ සිරුරු දෙකක් අනුරාධපුර ගම්ඹිරිස්වැව තිබි හමුවිය. මළ සිරුරු හඳුනා ගැනිණ. ඉහත කී චෙට්ටිකුලමේ විනෝද් කුමාර් වීරසිංහම් එකෙකි. ඒ සමග ලසන්ත ඝාතන පරික්‍ෂණ අවසන් විය. කවුරුන් හෝ ලලිත් – ලසන්ත ඝාතන දෙකම සැඟවීම භාර කළේ එක් අයෙකුටය. කොළඹදී සිදුකළ ලලිත් ලසන්ත ඝාතන යටපත් කිරිමට මරා දැමුණ තරුණ ජීවිත උතුරට අයත්ය. අඟුලානේදී ඇඹිලිපිටයේදී පොලිසියෙන් මැරුම් කෑ ජීවිත දකුණට අයත්ය. ආයුධ පෙන්විමට ගොස් රාති‍්‍රයේ කැලෑ වලදී මැරුම් කෑ ජීවිත ලංකාවට අයත්ය. පවත්නා අවදානම පොදුය. එහි උතුරු දකුණු බෙදීමක් නැත. යාපනේ ජනතාව වීදි බැස හර්තාල් කිරීම දකින්නේ කොටි නැගිටිමක් ලෙසය. ඇඹීලිපිටිය ගැන කිසිවක් නො කියති.

යාපනේදී මට හමුවූ මව කී පරිදි, සිංහල ඉගෙණ ගෙන දකුණේ අය සමග වැඩ කිරිමට පවත්නා යාපනේ කැමැත්ත හරහා උතුර දෙස අපට බැලිය යුතුවේ.

Back to Home page