Colombo Telegraph

මෛති‍්‍රට ගහන්නේ කවුද?

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආන්දොලනාත්මක ශී‍්‍රලනිප සංවත්සරය අවසන්ය ඊට අපේක්‍ෂා නොකළ තරම් සුවිසාල ජනකායක් සහභාගි විය. ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේන සම්මේලනය අමතා කළ කතාව විශිෂ්ඨ ප‍්‍රකාශයකි. නිදහස් ලංකාවේ පක්‍ෂ දේශපාලනය පිළිබඳ කළ තුලනාත්මක විග‍්‍රහයකි. ඔහු එක් අවස්ථාවක ‘මට ගහන්නේ ඇයි ද?’’කියා හදිසියේ විමසීය. ඒ වදන් කිහිපය සමග ජනාධිපති වරයාගේ හඬ වෙනස් විය. මුහුණේ පෙනුම අමුතු විය. මේ හැ`ගුම්බර අවස්ථාව කැමති කෙනෙකුට නැවත නිරික්‍ෂණය කළ හැකිය. ජනාධිපති මෛති‍්‍ර ඒ සම්මේලනය ඇමතුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හැටියට ය. ඔහු ඒ ප‍්‍රශ්නය ඇසුවේ රටේ නායකත්වයට තමන් තෝරා ජයග‍්‍රහණය කරවූ සිවිල් සමජයෙන් නොවේ. එහෙම කියන්නේ පැලැන්තියකට හිරවූ රටේ නායකත්වයට බිය සැක නැතිව ද මෛති‍්‍රපාල සිරිසේන තෝරා ගෙන ඇති නිසාය. එසේ නම් මෛති‍්‍රට මේ ගහන්නේ කවුද? ඔහු උද්වේගයෙන් මෙසේ විමසිය. මට ගහන්නේ මම පැලැන්ති කාරයෙකුගේ පුතෙකු නොවන නිසාද මට ගහන්නේ ගොවියෙකුවූ මගේ පියා දෙවන ලෝක යුද්ධයට දායකවූ සොල්දාදුවෙකු නිසාද මට ගහන්නේ අප සතු සකල දේපල අක්කර පහක කුඹුරක් නිසාද මෛති‍්‍ර මෙසේ ප‍්‍රශ්න කළේ මේ රටේ වරප‍්‍රසාද නොලත් සකල ජනතාව වෙනුවෙනි.

මෛති‍්‍ර නොවැම්බර් 21 වෙනි දින කිසිවෙකුට විකිණුනේ නම් නැත. ඔහු සිය පක්‍ෂය අතහැර සිවිල් සමාජයට බද්ධ වුණේ නිසරණධ්‍යාසයෙනි. ඔහු පැමිණියේ සිය මරණය හිසෙහි කොටගෙන ය. ඒ කාගෙන්ද යන්න වඩා හොඳීන් දන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ය. පක්‍ෂයේ යටගියාව සිහිපත් කළ මෛති‍්‍ර පක්‍ෂ නිර්මාතෘ බණ්ඩාරනායක විනාශ කළේ තම පක්‍ෂය විසින්ම බව නොවලහා කීය. එකී ම්ලේච්ඡ ඝාතනයට පසුව පැවති 1960 මාර්තු මහ මැතිවරණයේදී ‘‘අතේ ලේ …’’ යනුවෙන් පති‍්‍රකාවක් ජනතාව අතර බෙදා හැරිණ. එය පසුපස සිටියේ එක්සත් ජාතික පක්‍ෂය නොවේ. එය පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ කි‍්‍රයාවකි. මඑපෙය අද මෙහෙයවන්නේ පිලිප්ගේ පුත‍්‍ර දිනේෂ් ගුණවර්ධන විසිනි. කුඹුරු පනත වරාය සහ බස් ජනසතුව වැනි ප‍්‍රගතිශීලි ව්‍යාපෘතීන්ට එරෙහිව ශී‍්‍රලනිපය තුල කැළඹීලි සහ බොහෝ අරගල පැවතිණ. ඒ ආණ්ඩුවේ ප‍්‍රගතිශීලින්ට එරෙහිවය. එදා බණ්ඩාරනායකව වර ගැන්වූයේ ප‍්‍රගතිශීලි පිලිප් ගුණවර්ධනලා ය. ශී‍්‍රලනිපය නොවේ. කුඹුරු පනතට එරෙහිව පොළොන්නරුවේ ගොවින් ලෙස කොළඹ හාදයන් අමුඩ ගස්වා යැවූ පෙලපාලිය පිටුපස සිටියේ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකි. එකී තොරතුරු සහිත බුද්ධි අංශ වාර්තා හෙළි පකරන ලෙස පිලිප් අරගල කළේය. මෛති‍්‍ර සිහිපත් කළ කැබිනට් වර්ජනය එහි ප‍්‍රතිපලයකි. අර්බුදය පිපුරුණේ පිලිප් ඇතු`ථ ප‍්‍රගතිශීලින් ආණ්ඩුවෙන් විසිවීමෙනි. පිලිප් විපක්‍ෂයට එක් වෙමින් මැති සබේ කළ කතාව දිනේෂ් ගුණවර්ධන නැවත කියවා බැලිය යුතුවේ. මට ගහන්නේ ඇයි කියා හැ`ගීම් බරව මෛති‍්‍ර ඇසූ ප‍්‍රශ්නයට පිළිතුර එහි ඇතුලත් වේ. කුරුණෑගලට රැුස්වූ පාක්‍ෂියන් පක්‍ෂයේ ලේ ගෑවුණ ඒ ඉතිහාසය යළි ඉපදීමට ඉඩදිය යුතු නැත. 

මෛති‍්‍ර සිය කතාව අතර, මේ ආරම්භ කළේ ශී‍්‍රලනිප රජයක් පිහිටුවිමේ සටන බව දැඩි සේ අවධාරණය කළේය. මෛති‍්‍ර එසේ කීවාට, ඔහු නායකත්වය දෙවරක් පරාදවී ඇත. හේතුව ජනවාරි ජයග‍්‍රහණය හරහා ජනතාව අපේක්‍ෂා කළ වෙනසට දායකවිමට තවම ශී‍්‍රලනිපය අකමැති නිසාය. ජනවාරි ජයග‍්‍රහණය පාවාදී මෛති‍්‍රට ශී‍්‍රලනිපය සමග ගමනක් යා නොහැකිය. යුගයේ දේශපාලන සත්‍ය එයයි. ශී‍්‍රලනිප සම්මේලනයේ විචිත‍්‍ර උත්කර්ෂය නිවෙස් වල සිට නැරඹූ බහුතරය මෛති‍්‍රට තැමතිය. එහෙත් තවමත් රාජපක්‍ෂලා විශ්වාස කරන හෙයින් ශී‍්‍රලනිපට කැමති නැත. යකාට රට ගියත් නැවත මහින්ද රාජපක්‍ෂට නොයා යුතුය යන රටේ දේශපාලන යථාර්ථය වේ. එහෙත් ශී‍්‍රලනිපයේ මුල්පෙළේ සමහරු අදත් මහින්ද අතහැර නැත. ඔවුන්ට අවශ්‍ය රටේ නායකත්වය මහින්දට ලබා දිමටය. කුරුණෑගල වේදිකාවේ මුල් පෙළේ අසුන් ගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ දුමින්ද දිසානායක හැර වෙන කිසිවෙකු ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිෙසේන සමග සිටියේ නැත. කුරුණෑගලට ආ පිරිසෙන් බහුතරයද ජනවරියේ සිටියේ මෛති‍්‍ර සමග නොවේ. කොටින්ම කියයි නම් ජනවාරි 7 වෙනිදාත් මෛති‍්‍රට එරෙහිව වස් කවි කී අවලාද නැගුවෝ අද මෛති‍්‍ර ළ`ග ගැවසෙති. ඒ තත්වය තුල මෛති‍්‍ර කැඳවූ සම්මේලනය සාර්ථක වීම ගැන ඔවුන් සතුටු නොවේ. ඒ මෛති‍්‍ර අනුගත යහ පාලන මත වාදයට ඔවුන් වෛර කරන නිසාය. එහි පුදුමයක් නැත. ජනවාරියේ මෛති‍්‍රව රටේ ජනාධීපති කළේ ශී‍්‍රලංකා කාරයන් නොවේ. එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සියයට අනූනවයයි දශම නවයක්ම ප‍්‍රාර්ථනා කළේ මෛති‍්‍ර පරදීවා යන කියාය.
රටම දන්නා පරිදි ශී‍්‍රලනිපයේ ශුද්ධවූ අරමුණ පොදු ජනයාගේ යුගයකි. 56 පෙරළිය සමග තේමිස්ලා මුදියන්සේ තෙන්නකෝන්ලා ටි.බී. තෙන්නකෝන්ලා පාර්ලිමේන්තු ගියේ ඒ ශුද්ධවූ අරමුණ යථාර්ථයක් කරමිනි. සත්‍ය ලෙසම ඒ අරමුණ ජනතාව විසින් පක්‍ෂයේ හිස මත තැබුව වගකිමකි. ශී‍්‍රලනිපය බලයට පත්ව කෙටි කලකින් තම නායකයාට එරෙහිව කැරළි ගැසූහ. ඒ පොදු ජන යුගය බිහි කිරිිමේ පොරොන්දුව ඉටු නොකරතී කියා නොවේ. එකී අහිංසක අපේක්‍ෂා වලින් නායකයා ඈත් කිරිම පිණීසය. තහවුරු නොකළ සිද්ධියක් අනුව එක් කැබිනට් රැුස්විමක් අතර, සභානායක සී.පිද සිල්වා උන් හිටි ගමන් රෝගී විය. එයින් ඔහුගේ ජීවිතය බේරිණ. එහෙත් මියයන තෙක්ම ඔහුට කතා කිරිමේ හඬ හැසිරවිමේ සාමාන්‍ය තත්වය අත්පත් කර ගත නොහැකි විය. පසුව දැන ගන්නට ලැබුණේ අගමැති බණ්ඩාරනායක පිණිස සැකසුණ විෂ යෙදූ කිරි වීදුරුව සී.පි. පානය කළ බවය. සීපී. ද සිල්වා හදිසියේ රෝගී වීම බණ්ඩාරනායක ඝාතනය වීම සහ දහනායක රටේ අගමැති වීම එක දෙක තුන ලෙස පෙළ ගැසුණ සිද්ධින් වෙති. පිලිප් සිය ඡුන්ද සටන අතර, අතේ ලේ නම් දැන්වීම පළ කළේ ඒ නිසාය. එසේම රටක් හැඬවූ අගමැති ඝාතනයට පසුව පැවති ඡුන්දයේ සානුකම්පිත වාසිය ශී‍්‍රලනිපයට නොලැබුණේ මේ නිසාය.

මේ නිසා, ශී‍්‍රලනිපය බණ්ඩාරනායකලාගෙන් වියුක්ත පක්‍ෂයක් ගැන සිතන්නටත් බිය විය. එහි ප‍්‍රතිපලය ලෙස මැතිනිය කරළියට පැමිණ ඉතා විශිෂ්ඨ ලෙස ස්වකීය කාර්ය භාරය තම පක්‍ෂයටත් රටටත් ඉටු කළාය. ඉන්පසුව අනුප‍්‍රාප්තික චන්ද්‍රිකා තවත් පවුලේ කෙනෙකුට පක්‍ෂය සින්න කර ගියාද නැද්ද යන්න විවෘත කරුණකි. රටට සාපයක්වූ විධායක ජනාධිපති ක‍්‍රමය මු`ථනුපුටා දැමීම ශී‍්‍රලනිපයට පැවරී තිබිණ. 1994-2005 කාලයේ ඒ වෙනුවෙන් චන්ද්‍රිකා පෙනී සිටියාය. ඊට අවශ්‍ය සහාය එජාපයෙන් නො ලැබිණ. ඊළ`ගට ඒ පැවරුම පක්‍ෂ නායකත්වයට පත් මහින්දට බාර විය. ඔහු යුද ජයග‍්‍රහණයෙන් උදම්ව, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට බණ්ඩාරනායක ප‍්‍රතිපත්තියට පමණක් නොව, රටේ ප‍්‍රතිරූපයටද එරෙහි ආගන්තුක ගමනකට මුල පුරා ප‍්‍රධාන දේ්ශපාලන පක්‍ෂ පවා අකර්මන්‍ය කළේය. එහිදී තම පක්‍ෂයේ අනන්‍යතාව වෙනුවෙන් චන්ද්‍රිකා ද සිවිල් සමාජය සමග එක් විය. ඒ පිණීස උචිතයා තෝරා ගැනුණේ ශී‍්‍රලනිපයෙනි. මේ විස්තර කරන්නේ 1951 ආරම්භවූ ශී‍්‍රලනිපයට භාර ජාතික වගකීමය ටොප් හැට් සංස්කෘතියකට එරෙහි ස`ග වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නම් ගාමික බලවේගයට පාවඩ එ`ථවේ ශී‍්‍රලනිපය විසිනි. එච්.බී.තැන්නේ (දඹුල්ල) බි.එච්. අලූවිහාරේ (මාතලේ) වැනි රදළයන් වෙනුවට කවි කොල කාර ටී.බී. තෙන්නකෝන් සහ පත‍්‍ර කලා වේදි නිමල් කරුණාතිලක තෝ්රා යවමින් ජනතාව මේ අරගලය සනිටුහන් කළහ. එහි තේමාව වුනේ පැලැන්තියක් වෙනුවට මත වාදයක් දිනවිමය. මහින්ද ඒ මාවත වසා දමා ශී‍්‍රලනිපයේ පිය පුතුන් 18 දෙනෙකු පාර්ලිමේන්තු පළාාත් සභා තනතුරු සඳහා ඉඩ සලසා ඇත. අන්තිම සුද්දාත් මුහුදට විසි කර දකුණු අපි‍්‍රකාව නිදහස් කර ගැනිමට දිවුරා සිටි අපි‍්‍රකානු කොන්ග‍්‍රසය වෙනස් කිරිමට නෙල්සන් මැන්ඬේලා සමත් විය. ඔහු වසර 50කට පසුව, සුදු ජාතිකයන් ගෝත‍්‍ර වාදයෙන් මුදවා, දකුණු අපි‍්‍රකාව නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක් බිහි කිරීමට සමත් විය. මැන්ඬේලා ව්‍යාපාරය දිනා රට නිදහස් කළේය. ඉතිහාසය මෛති‍්‍රට රට භාරදි ඇත. ඔහුට ඇත්තේ පක්‍ෂය මෙහෙයවිමය.

තැපැල් සේවක තේමිස්, කවිකොල කාර තෙන්නකෝන් පත්තර කාර නිමල් කරුණාතිලක සමග ගමන පටන් ගත් ශී‍්‍රලනිපය ආසන්න නව වසරක් අවතැන්ව සිටියාය. ඊට අවශ්‍ය නායකත්වය ශ‍්‍රීලනිපයට තෝරා දුන්නේ සිවිල් සමාජය විසිනි. එය හරියටම මගුල් ඇතු කොත්මලේ ගොස් ගැමුණු කුමරා තෝරා ගත්තා වැනි අහඹු මෙන්ම කිසිවෙකු නොඇදහූ සිද්ධියකි. තමන්ට ද්‍රෝහියා කී ශී‍්‍රලනිපය මෛති‍්‍රගේ නායකත්වය ගෞරවයෙන් පිළිගෙන හමාරය. එසේ නම් …‘‘මට ගහන්නේ මම පැලැන්ති කාරයෙකුගේ පුතෙකු නොවන නිසාද? ගොවියෙකුවූ මගේ පියා දෙවන ලෝක යුද්ධයට දායකවූ සොල්දාදුවකෙු නිසාද? සිරිසේනලාගේ සකල දේපල අක්කර පහක කුඹුරක් නිසාද ආදි ලෙස කුරුණෑගලදි මෛති‍්‍ර උද්වේගයෙන් ඇසුවේ කාගෙන්ද? තවමත් නායකත්වය සඳහා රාජපක්‍ෂ කෙනෙකු සොයමින් යන්නෝ මෛති‍්‍රගේ ප‍්‍රශ්න වැලට පිළිතුරු දිය යුත්තාහ. මේ තත්වය ගමේ ශී‍්‍ර ලංකා කාරයාට තේරුම් කරදිය හැකි නම් රටත් දිනුම් ය. පක්‍ෂයත් දිනුම් ය. එහෙත් අවදානම ඉවත්ව නැත.

Back to Home page