Colombo Telegraph

මං(තී‍්‍ර) විතරක් ඇතිද?

චරිත හේරත්

චරිත හේරත්

ලංකාවේ දේශපාලන සස්කෘතියට අදලව සැළකීමේදි ඉතාමත් වැදගත් භූමිකාවක් ගන්නා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කාර්යභාරය ගැන ලියන රචනයකින් ම මෙම තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කළේ විශේෂ හේතුවක් නිසාය. රටේ විධායකය එක් පැත්තකිනුත් ජනතාව අනෙක් පැත්තෙනුත් තබා සළකා බැලීමේ දි හරියටම මැදට ගත හැක්කේ ව්‍යවස්ථාදයකයා හෙවත් මන්තී‍්‍රවරයායි. නිදහසින් පසු අපේ රටේ ප‍්‍රතිපත්ති සැළසුම් කිරීම සහ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම් ක්ෂේත‍්‍රයේත් නීති නිර්මාණය කිරීමේත් ප‍්‍රධානතම තීරක බලවේගය වූයේත් ඔහුය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සමප‍්‍රධායේම දිගුවක් ලෙසින් ආරම්භ වූ අපේ පාර්ලිමේන්තුවේ මේ මන්ත‍්‍රී පිළිබද කාරණයේ අපි වැදගත්කම දෙන්නේ තෝරන මන්තී‍්‍රවරයා කවුද යන්න මිස ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්න නොවේ. සරලවම කීවෝතින් මන්තී‍්‍රවරයාට ව්‍යවසථාදයකයා කියන්නේ ඔහු ව්‍යවස්ථාව නිර්මාණය කිරීම නිසා බවත් එම ව්‍යවස්ථාවට අනුකූලව නීති සෑදිමෙ සදහා මහජනතාවගේ නියෝජතයා නිසා බවත් බොහෝ මන්තී‍්‍රවරුන්වත් දන්නේ නැති ගානය. ඇත්තටම අපේ රටේ ව්‍යවස්ථාදයක සභාවේ ඇති වැදගත්කම ගැන ඒ සභාවේ සභිකයින්ටවත් එතරම් වැටහීමත් නොමැති වීම පටන් ගත්තේ 1977 ව්‍යවස්ථාවෙන් තෝරා ගත් මනාප මන්තී‍්‍රවරුන්ගේ ආගමනයත් සමගය.

මෙම තීරු ලිපියේ ඉදිරි සතිවල ලියන්නට බලාපෙරොත්තු වන්නේ එක් අතකින් මන්තී‍්‍රවරුන් සමග ජනතාව ගොඩනගා ගන්නා සමාජ සම්මුතියට අදළ කළාපයක දේශපාලනය වන බැවින් මන්තී‍්‍රවරයා ගැන මුළින්ම කථා කරමින් සාකච්ජාව ආරම්භ කිරීම වඩාත් සුදුසු ය.

අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදි සාකච්ජා වූ ප‍්‍රධාන මාතෘකාවක් වන විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගත්විට ද අපට හමුවන ගැටලූවක් වන්නේ වීධායකත්වයෙන් ඉවත් වන්නට සුදුසු ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. පාර්ලිමේන්තුව ගැන රටේ බරපතළ සාකච්ජාවක් කිරීම හරහා ශක්තිමත් සහ බුද්ධිමත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායමක් හද ගන්නේ නැතිව විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට ඉක්මන් නොවිය යුතුය යන්න එහි අනෙක් පැත්තයි.

මෙරට පාර්ලිමේන්තුව ආරම්භයේදිම එය ආයතනයක් ලෙසින් ගුරු කොට ගත්තේ බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේනතුව වන අතර එහි දි මුලික වශයෙන්ම උපකල්පනය කරනු ලැබුයේ රාජ්‍යය පාලනය අයිති වන්නේ එම රාජයයට අයත් ජනතාවට බවයි. ජනතාවට තමන් සම්බන්ධ තීරණයන් තමන්ටම ගැනීමේ ඉඩ නිර්මාණය කිරීම මෙහි අපේක්ෂිත අරමුණ විය. සරලව කීවහොත් මෙය හරියට මරණාධාර සමිතියක තීරණ ගැනීම වගේය. එහිදි සිදුවන්නේ එම මරණාධාර සමිතියට අයත් සියලූ දෙනා එක තැනකට එක්වී හැමොගේම කැමැත්තෙන් තීරණ ගැනීමය. එවිට තමන් අකමැති තීරණයක් වෙතොත් එයට විරුද්ධවීමටත් එහිදි හැකියාව තිබීම මෙහි දි වැදගත් කාරණයකි. එහෙත් රාජ්‍යයක දි මරණාධාර සමිතියකදි මෙන් සියලූ සාමාජකයින් එක තැනක එකට හිදුවා අත උස්සා තීරණ ගත නෙහැකිය. ඒ නිසා එයට විකල්ප වශයෙන් යොද ගත් ක‍්‍රමය වන්නේ රටේ හැමෝම එක තැනකට එක්වන්නේ නැතිව රුටේ හැමෝගේම නියෝජතයෙකු තෝරා එම නියොජතයින් ටික එක තැනකට එකතු වී තීරණ ගැනීමය. දැන් ලංකාවේ මේ නියෝජතයින් ගේ ගණන 225 වෙන අතර අනෙක් සියල්ලෝම වෙනුවෙන් මේ 225 දෙනා වෙත භාර දෙන ලද විශේෂ වගකීමක් තිබේ. මේ විශේෂ වගකීම නීතියක් වශයෙන් ඉදිරිපත් වන්නේ රටේ ව්‍යවස්ථාව තුළින්ය. ඒ අනුව ව්‍යවස්ථාදයක සභාවේ මන්තී‍්‍රවරුන් යනු ඒ අයගේ හොද නිසා කරන සමාජ සේවයක් නොව රාජ්‍යය පවත්වා ගෙන යාමේ වගකීමක් සහිත භාරධුර රුකියාවකි. එම වගකීම දරන්නට සුදනමක් සහ සුදුසුකමක් තිබීම අනිවාර්ය වන අතර එම වගකීමේ ස්වභාවය අනුවම අධ්‍යනය කිරීම සහ සාකච්ජාව සදහා යම් දැනුමකින් මදිහත්වීමේ හැකියාව අත්‍යාවශය සාධකයක් වශයෙන් පිළිගැනෙන්නේය.

මේ ආකාරයේ වගකීම් සහගත නියෝජත මන්ත‍්‍රීධූරයට තෝරා පත්කර ගන්නා ආකාරය පිළිබදව සහ තේරී පත්වන නියෝජතයිනගේ ස්වභාවය ගැනත් කථා කරන්නට මෙරට ජනතාවට විශේෂයෙන් සිදු වූයේ 1978 නව ව්‍යවස්ථාව යටතේ මනාප ජන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රීවරුන් ගේ සම්ප‍්‍රාප්තියත් සමගය.

මේ වන වි අපේ රටේ මන්ත‍්‍රී ධුරය මැනුවල් එක නැතිවූ විද්‍යුත් උපකරණයක් ගානට පත් වී ඇත. මන්තී‍්‍රවරුන් වශයෙන් පත්වන බොහෝ අය එයින් කරන්නේ කුමක්දැ යි දන්නේ නැත.

තමන් පත්වූ දිනයේ සිටම ඔවුන් උත්සාහ ගන්නේ ජනතාවත් තමාත් අතර පවතින සමාජ සම්මුතිය තඹ සතේකට මායිම් නොකරණ තත්වයකින් ඉන්නටය. පාක්ෂිකයින්ට බැණ වැදිමේ සිට ඔවුන්ට සියලූ අපහාස සිදුකරන්නේ තමා ඒ අයගේ නියෝජතයා ලෙස සිතා නොව ජනතාව තමන්ගේ නියෝජතයින් ලෙස සිතාගෙනය.

අනෙක් අතට බොහෝ මන්ත‍්‍රීවරු ඉන්නා බව පෙනෙන්නේ ඔවුන් පමණක් සිටියාම ඇති වැනි ආකල්පයකය. මේ තත්වය ආණ්ඩුවටත් විපක්ෂයටත් එක වගේ පොදුය. රටේ ප‍්‍රතිපත්ති හා රෙගුලාසි සම්බන්ධ තීරණයන් ගැනීමේ දි ඔවුන් අහන්නේ තමන්ගේ පක්ෂයේ ඉහල අයගේ අදහස් මිස පාක්ෂිකයින්ගේ හෝ පක්ෂයේ බුද්ධි මණ්ඩලවල අදහස් නොවේ. පක්ෂයෙන් අනෙක් පැත්තට පනින්නට තීරණය කරන විට විමසන්නේ තමන්ගේ බිරිද හා දුදරුවන් වැනි සහලේ නෑයන්ගෙන් පමණි. මන්ත‍්‍රීකම යනුම (හරක බාන යාන වාහන වැනි) තම පවුලේ දෙයක් බවට සිතන්නට ඔවුන් පටන් ගන්නා අතර ඔවුන්ගේ බිරින්දැවරු මුල සිටම සිතන්නේ සැමියාගෙන් පසු මේ පවුලේ දෙය තමන්ගේ දුවට හෝ පුතාට අරන් දෙන්නේ කෙසේද කියාය. සංවිධිත තාර්කික ව්‍යවස්ථාදයකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් 1948 සොල්බරිසාමි හෝ ජෙනින්ස් වැනි අය පූර්වකතය කළ මන්ත‍්‍රීවරයා දියවන්නාවටවත් පැන්නා දැයි සිතෙන තරමට මේ තත්වය දරුණුය. මේ වන විට මන්ත‍්‍රී තනතුර යනු මැනුවල් එක නැතිවූ විදුළි උපකරණයක් වැනි යැයි මා කීවේ එහෙයිනි. යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන හැටි ගෙදර කවුරුවත් දන්නේ නැත. බිරිද කැමති පරිදි තම තම නැණ පමණ සවි කරගත් පවුලේ උපකරණයක් බවට මන්ත‍්‍රීධුරය බරපතළ වේගයෙන් පත් වෙමින් තිබේ.

දැන් මේ තත්වයෙන් අපි ගොඩ යන්නේ කෙසේදැයි සාකච්ජා කිරීමේ ව්‍යවස්ථාව නිර්මාණයට සූදනම් වන මේ යුගයේ විශේෂ අවධානයකට ගත යුතුය. මෙහිදි කිවයුතුම කාරනයක් වන්නේ මේ කාණ්ඩයට නොවැටෙන විශිෂ්ධ ගනයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙකු තමන් තුළින් ගොඩ නගා ගන්නට උත්සාහ ගන්නා සුලූතරයක්ද මේ මනත‍්‍රී කණ්ඩායම තුළ සිටින බවය. රමේෂ්, උදය, සේමසිංහ, පරණවිතාන, හර්ෂ සහ හර්ෂන වැනි අය මෙහිදි විශේසයෙන් සැළකිය හැකිය. මේ තරුණ මන්තී‍්‍රවරු තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට පක්ෂ භේදයෙන් තොරව සංවිධානය විය යුතුය. අරගල කළ යුතුය.

හරවත් යමක් කථා කරණ මන්ත‍්‍රීවරයෙකු, පොතක් කියවන මන්ත‍්‍රීවරයෙකු දකින්නට තමාව නියොජතයා බවට පත් කර ගත් සමාජය අපේක්ෂා කරන බවවත් ගෙදරින් නොඅහා පිළි ගැනීමට අපේ මන්ත‍්‍රීවරු නිහතමානී විය යුතුය.

අද යුගයේ මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධාන නමට අමතරව හදුන්වා දිමේ අරුම පුදුම නම් සහිත කන්ඩායමක් බවට පත්වී තිබීම මේ වන විට ඉතාමත් ප‍්‍රසිද්ධය. මීට ඉහත කාලයේ ජෙ. ආර්. ට ‘යැංකි ඩිකී’ කීවේ හෝ ආර්.ජී. ට ‘චීන ඩිකී’ කීවේ අද කාලයේ අයට ‘සර්පයා’ හෝ ‘චොකා’ කියන අර්ථයෙන් නොව ඒ නායකයින් පිළිගත් ප‍්‍රතිපත්ති හේතුවෙන්ය. නමුත් අද සමාජයේ පහලම තට්ටුවේ (ආර්ථික තත්වය මත නොව) සමාජ විරෝධී අයට ව්‍යවස්ථා සම්පාදනය ගැන කිසිදු උනන්දුවකින් තොරව ව්‍යවස්ථා සම්පාදකයෙකු බවට පත්වී තිබීම ව්‍යවස්ථාවෙන්ම වෙනස් කිරීමට මේ නව ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ උනන්දුවීම රටට ඉතාමත් යහපත්ය.

මගේ මිත්‍ර​යෙකු මා සමග කළ රූපවාහිනී වැඩසටහනකදි කීවේ ඔහු ගේ පැත්තේ සිටින සමාජ විරෝධී අයෙකු ප‍්‍රාදේශීය පළාත් පාලන ආයතනයකට ජන්ද ඉල්ලූ බවත් ඔහුගේ පෝස්ටරයේ ‘ටැංකිය ගාව උක්කුංට ජන්දය දෙන්න’ කියා තිබූ බවත්ය. අවසාන වශයෙන් කිව හැක්කේ මේ තත්වය මෙසේ ගියහොත් ටැංකිය ගාව උක්කුං පාර්ලිමේන්තුවට එන දවස වැඩි ඈතක නොවන බවය.

Back to Home page