Colombo Telegraph

අපේ සදාචාරය සහ කොළඹ සිවිල් සමාජයේ දේශපාලනය

චරිත හේරත්

චරිත හේරත්

නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ වෙබි අඩවියකට ලියා තිබු දේශපාලන කාරණයක් ගැන මම ලියු සටහනකට ඔහු විසින් පෙරළා ප‍්‍රතිචාරයක් දක්වා තිබුනි. එම ප‍්‍රතිචාරයේ හරය වූයේ “මේ රජයේ යහපාලනය ගැන ප‍්‍රශ්න කිරිමට පසුගිය රජයේ නිළධාරීන් / හෝ සහායකයින් වූ මා වැන්නවුන් සදාචාර අයිතියක් නොමැති’ බවයි. නිර්මාල්ගේ සටහනේ කෙටි අර්ථය එය වුවත් අවශ්‍ය නම් විස්ථීර්ණ නිර්වචනයක් දක්වා වර්ධනය කළ හැකිය. ඔහු කියන්නේ මෙවැනි අදහසකි. ‘පසුගිය රජය වැරදි වැඩ රාශියක් සිදු කර තිබේ. ඒවාට එරෙහිව හොද වැඩ රාශියක් සිදු කිමට අවශ්‍ය ‘යහපත් සමාජයක්/සාධාරණ සමාජයක්/මෛත‍්‍රී සමාජයක් සැකසසී සදහා’ නිර්මාල් ද ඇතුලත් කණ්ඩායමක් විසින් අලූත් ජනාධීපතිවරයෙක් සහ රජයක් පිහිටුවා ගෙන තිබේ. දැන් (නිර්මාල් සිතන පරිදි) මේ පරණ පාළනය නරක නිසාත් අලූත් පාළනය හොද නිසාත් ඒ නරක පාළනයට සමරිබන්ධ අය මේ හොද පාළනය ගැන ප‍්‍රශ්න කිරීම​ නොකළ යුතුය’ වැනි අදහසකි. මෙය ඔහුගේ කෙටි සටහනට මාගේ අවධාරණයක් මිස නිර්මාල්ගේම වචන නොවුනත් මෙම ප‍්‍රශ්නය මීට පෙරදීද අඩු වැඩි ආකාරයෙන් ඔහු (ශිරාල් සමග මා/ධමිම සහභාගී වූ රූපවාහිනී වැඩ සටහනක ත්) ඉදිරිපත් කළා මතකය. එසේම පසුගිය දිනක​ කොළඔ විශ්ව විද්‍යාලයේ කළාගාරය ඉදිරිපිටදී නැවතත් ‘මේ සදාචාර ප‍්‍රශ්නය’ දමා ගැසූ හෙයින් මේ ගැන සාකචිජා කිරීම සුදුසු යැයි සිතුවෙමි. එනිසා මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ අපේ සදාචාරය පිළිබද නිර්මාල් මතු කරන ප‍්‍රශ්නය ගැනත් එසේම ඔහු නියොජනය කරන කොළඔ සිවිල් සමාජ කණ්ඩායමේ දේශපාළනය ගැනත් කරුණු කීපයක් සාකච්ඡා කිරීමටයි.

(1)

මෙහිදී මුළින්ම නිර්මාල්ට මතක් කළ යුත්තේ දේශපාළනයේ සදාචාරය පිළිබද ප‍්‍රශ්නය ඔහු සිතන තරම් සරල නිරපේක්‍ෂ විනිශ්ෂයක් නොවන බවයි. එය සංකීර්ණ සාපේක්‍ෂ තේරුම් ගැනීමකි. දේශපාළනයේ ‘හොද-නරක’ සහ ‘යහපත-අයහපත’ ගැන වේගයෙන් සිල්ලරට තීරණ ගැනීමට නිර්මාල්ට අයිතියක් ඇතත් එම තීරණ තමන්ගේ මතයන් (opinion) මිස හැමෝම පිළිගතයුතු දත්තයක් (data) ලෙසින් පිළිගැන්වීමේ කිසිදු ශාස්ත‍්‍රීය හෝ සදාචාරමය පදනමක් ඔහුට නොමැත. දැන් නිර්මාල්ගේ ‘සාධාරණ සමාජය’ ‘යහ පාළනය’ වැනි අදහස් යනු පවතින සහ පැවතුණු තත්ත්වයන්ට එරෙහිවී ගොඩනගා ගත් මතයන් මිස රටේ සියල්ලන් විසින් පිළිගත යුතු පරම සත්‍යයන් නොවේ. අනෙක් අතට මෙවැනි සංකල්ප මගින් සිදුවන්නේ නිශ්චිත කරුණක් විස්තර කිරීමේ (explantion) ක‍්‍රියාවලියක් නොව අපේක්‍ෂිත කරුණක් නිෂ්පාදනය කිරීමේ (production) සහ අර්ථකථනය කිරීමේ (interpretation) භාෂාත්මක ගොඩනැංවීමකි. එනිසාම එය දේශපාලනමය වු කථිකා අවකාශයක්/ කථිකාමය කියවීමක් (discursive reading) තුළ ගොඩ නගා ගන්නා සාපේක්‍ෂ පිළිගැනීම් වේ. මෙම සමහර පිළිගැනීම් වල සිට පෙරළාඑදි නෙදා ක්‍රියාකාරිත්වය​ දක්වා ගමන් කරන විට සමහර තැනක දත්තමය කාරණයක් මතු කර ගැනීමේ ඉඩක් පැවතුනත් අපි ගණුදෙණු කරමින් සිටින දේශපාළන අවකාශය කරුණු මත නොව මතවාද/අර්ථකථන මත පදනම් වන ක්ෂේත‍්‍රයක් බව යෝජනා කිරීමට කැමැත්තෙමි. තවත් පැහැදිලිව කිවහොත් යහපාලනය යන ජත්‍ර​පදය (umbrella term) යටතේ සිට සංවාදය කරන විට එය අලංකාරිකයක් වන අතර එයින් ව්‍යුත්පන්නව නිශ්චිත කාරණයක් දක්වා ගමන් කළ විට පෙරළා ගොඩ නැගෙන්නනේ අලංකාරිකය සහ නිශ්චිත කාරණය අතර ඇති ගැලපීම සහ නොගැලපීම අතර ගැටුමයි. මෙම නොගැලපුම මතු කිරීම කුමන ආණ්ඩුවක් සමිබන්ධයෙන් වුවද සිදුකළ හැකි වුවත් බල දේශපාලන ක්ෂේත‍්‍රයේ වැදගත් වන්නේ එය නොව එවැනි පදනමක් ඇතිව හෝ නැතිව ගොඩ නගන අලංකාරිකයන් (යහපාලනය වැනි) මතට සමාජ සම්මුතිය ලබා ගැනීම සදහා කරන්නාවූ අරගලයයි. දැන් පසුගිය ජනවාරී 8 දින අප පසු කරනු ලැබුවේ එවැනි ක්‍රියාදාමයක් වන අතර නිර්මාල්ලාගේ අලංකාරිකය රටේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකගේ සමිමුතිය ලැබුනු අතර අප ඉදිරිපත් කළ අදහසට 45% ක් ලබා ගනිමින් පරාජයට පත්වුයේය. මෙම අලංකරිකයන්ගෙන් එහාට වු ‘බිම‘ තත්ත්වය සමග එය කරුණුමය වශයෙන් එකගවීම හෝ එකගනොවීම සහ මෙම අලංකාරිකයන් ගැන වූ දේශපාලන සංවාද ක්ෂේත‍්‍රය යනු එකක් නොව දෙකකි. එනිසාම නිර්මාල්ගේ හොද යහපත් සමාජය ගැන හෝ යහපාළනයක් ගැන එකගත්වයක් නොමැති මට එම අලංකාරිකයට එරෙහිවීමට ඔහුගෙන් සදාචාර බලපත‍්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

අනෙක් අතට නිර්මාල් ද ඇතුලත් කොළඔ සිවිල් සමාජයේ අයගේ දේශපාළනය පැත්තෙන් පමණක් ම මෙම තර්කය තේරුම් ගත්තත් ඔවුන්ගේ අදහසේ ඇති බංකොලොත් බව හොදින්ම පෙන්වා දිය හැකිය. මෙය නිදර්ශනයක් මගින් තේරුම් ගැනීම තරමක් පහසුවේ. මේ දේශපාලනය හරියට උස පැනීමේ තරගයක් වැනිය. කොළඔ සිවිල් සමාජය තර්ක කළේ එතෙක් උස පනිමින් සිටි ක‍්‍රීඩකයා පනින උස (ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම) මදි බවත් සමහර අවස්ථාවල ඔහු ‘උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් රිංගා එහා පැත්තට යන බවත්’ තවත් සමහර අවස්ථාවල ‘තමන්ගේ දිනුම තම පවුලේ දිනුම’ ලෙසින් සළකන බවත් වැනි චෝදනා නිසා ඔහු වෙනුවට වෙනත් කී‍්‍රඩකයෙකු සොයා ගතයුතු බවත්ය. දැන් සිවිල් සමාජයට අනුව මේ ‘නරකට උස පනින‘ ‘හරියට උස නොපනින’ සහ ‘සමහර අවස්ථාවල පනිනවා යැයි පෙන්වමින් හොරෙන් එහා පැත්තට පනින’ කී‍්‍රඩකයාට එරෙහිව අලූත් කී‍්‍රඩකයෙකු තරගයට කැදවා තිබේ. එහෙත් දැන් කී‍්‍රඩා පිටිය සුදානම් විය යුත්තේ සහ පේ‍්‍රක්‍ෂකයින් වශයෙන් අප බළාපොරොත්තු විය යුත්තේ පරණ “කී‍්‍රඩකයාට වඩා ‘උඩින් පනින’ / උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් ‘රිංගා නොයන’/ තමාගේ ජය පවුලේ ජයක් ලෙසින් කොසලකන කී‍්‍රඩකයෙකු සහ කණ්ඩායමක් “වෙනුවෙන්ය.

එසේම සිවිල් සමාජය ලෙසින් තමාව හදුන්වා ගන්නා ‘බස් සංගම්වල අය‘ ‘හෙද සංගම්වල අය’ සහ ‘ආචාර්ය සංගම්වල අය’ දැන් ඇහැ ගහගෙන සිටිය යුත්තේ අලූත් කී‍්‍රඩකයින් පරණ අයට වඩා උඩින් පනිනවාදැයි බැලීමටයි. පැන්නා වගේ ගොස් හොරෙන් රිංගනවාදැයි බැලීමටයි. උස පැනීමෙන් ලද ජය පවුලේ අයගේ ජයක් ලෙසින් සකනවාදැයි බැලීමටයි. එහෙත් සිදුවෙමින් පවතින්නේ පරණ කී‍්‍රඩයින් ගැන හැගීමීබරව කථා කිරීම සහ පරණ චෝදනා මිටියම යලි යලිත් ඉදිරිපත් කිරීම මිස අලූත් තත්වයන් ගැන විමසිලි ඇසින් බැලීම නොවේ. කොළඹ සිවිල් සමාජයේ හුගක් අය සිතා ඉන්නේ ‘තරගයේ සියලූ නීති රීති අදාළ වන්නේ’ පරණ සිටි අයට පමණක් බවයි. මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුවී ඇත්දැයි මේ අයගෙන් ඇසුවහොත් කියන්නේ ‘ඕක මොකක්ද ඉස්සර ඔය වගේ දේවල් කොචිචර වුනාද’ කියාය. නිර්මාල් අසනු ඇත්තේ ‘ඔය ප‍්‍රශ්නය අහන්න ඔයාට තියෙන සදාචාර අයිතිය කුමක්ද‘ කියාය. නිර්මාල්ට අනුව පරණ තරගයට සුභ පැතුවෝ හෝ එයට සහභාගී වූවෝ අලූත් තරගයේ නීති රීති ගැන ප‍්‍රශ්න නොඇසිය යුත්තෝය. එසේ බලාපොරොත්තු වන ගමන් ඔවුන් අලූත් තරගකරුවන් ‘උස පනිනවායැයි පෙන්වමින් හොරෙන් යටින් රිංගා ගිය විට’ ශාස්ත‍්‍රීයභාවය පෙන්වීමට නොයෙක් තර්ක ගෙන එන්නේ එය ‘දැක්කේ නැති’ ගානටය.

(2)

රටක බල දේශපාලනය සදහා ඝෘජු මැදිහත්වන දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයන් එක් අතකිනුත් ජන්දායකයින් අනෙක් අතිනුත් වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයන් දෙකක් ලෙස ස්ථාන ගත කළ විට ඒ දෙකට මැදින් වූ අවකාශය තුළ ඒ දෙපැත්තටම විවිධ ආකාරයේ සමිබන්ධතා හා බළපෑමි සහිත කළාපයක් ලෙසින් සිවිල් සමාජය ස්ථානගත වේ. ඒ නිසාම එක් අර්ථයකින් සිවිල් සමාජය ඝෘජු බල දේශපාලනයේ අවශ්‍යතාව වෙනුවෙන් කෙලින්ම පෙනී නොසිටින ‘දේශපාලන සමාජයට‘ එරෙහිව පිහිටන භූමිකාවක් ලෙසින් පිළිගනු ලබන අතර අනෙක් අතින් සාමාන්‍ය පොදු සමාජ අවකාශයේ ගැටලූ හා අවස්ථා (issues and conditions) වෙනුවෙන් පෙනී සිටින හෙයින් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයටම අයිති කලාපයක් බවට ද පිළිගනු ලැබේ. එය තවත් පැහැදිලිව කිවහොත් සිවිල් සමාජය කි‍්‍රයාත්මක වන්නේ ඝෘජු බල දේශපාලනයේ සහභාගිත්ව අරමුණුවලින් මිදුණු එහෙත් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනස් කිරීම් සම්බන්ධ ක්ෂේත‍්‍රයක් තුළය. මෙම තත්වය ප‍්‍රජාතනත‍්‍රවාදය සම්බන්ධ න්‍යායාත්මක කාරණයක් හරහාද තේරුම් ගත හැකිය. න්‍යායාත්මක තළයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ භාවිතාවන් දෙකක් පවතින බව පිළිගනු ලැබේ. එයින් එක් භාවිතාවක් වන්නේ පටිපාටිගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි (procedural democracy). එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක පවතින නිශ්චිත ක‍්‍රියාකාරකම් හා පටිපාටීන් විධිමත් ලෙසින් පවත්වා ගෙන යාමයි. මැතිවරණ පැවැත්වීමල දේශපාළන පක්‍ෂ යාන්ත‍්‍රණයල පාර්ලිමේන්තුව යනාදිය පරිහරණීය සාධක ලෙසින් පවත්වා ගෙන යාම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පටිපාටිගත භාවිතාවට අයත් වේ. එහි දෙවන භාවිතාව වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති සාංගමික භාවිතාවයි. Associational democracy ලෙසින් ඉංගී‍්‍රසියෙන් එය හදුන්වනු ලැබේ. ප‍්‍රජාතනත‍්‍රවාදී සමාජයක පටිපාටීන් කොතරම් හොදින් පවත්වාගෙන ගියත් එයින් එහි ආකෘතිකමය වු (forms) පැවැත්මක් මිස අභ්‍යයන්තරික අන්තර්ගතයන් (contents) ගොඩ නැගෙන්නේ නැති බැවින් මෙම සාංගමික භාවිතාව ඉතාමත් අත්‍යාවශ්‍ය කාර්යයක් සිදු කරන බව පිළිගනු ලැබේ. දැන් සිවිල් සමාජයේ / පුරවැසි සමාජයේ දේශපාලනය ස්ථානගත වන්නේ මෙම සාංගමික භාවිතාවේ අවකාශය තුළය. ජනමාධ්‍ය /සිවිල් සංවිධාන/බුද්ධිමතුන් (වෘත්තීය සමිති නොවේ) මෙහිදී විශේෂයෙන් හදුනාගත හැකි සිවිල් සංචරකයන් වේ. මෙම භාවිතාවන් දෙකෙහි ඇති විශේෂත්වය නමි පටිපාටිගත ප‍්‍රජාතනත‍්‍රවාදී භාවිතාවේ ඇති බලය ඉල්ලීම / බලය වෙනුවෙන් ඒකරාශීවීම සහ ඒ වෙනුවෙන් අලංකාරිකයන් හරහා ඇත්ත හෝ බොරු කීම වැනි කි‍්‍රයාමාර්ග වලින් වෙන්වු භූමිකාවක් සාංගමික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක්ෂෙත‍්‍රය මගින් නිරූපනය විය යුතු වීමයි. සාංගමික මැදිහත්වීම බල පිරමීඩයේ ඉහල තළයට සමිබන්ධ නොවිය යුත්තාසේම එහිම යටි ස්ථරය වූ ජනතා කාණ්ඩ (තම සාංගමික අභිමතාර්ථයන්ට අයත් ජනතා කණ්ඩායම්) ස්වකීය මැදිහත්වීම තුලින් නියෝජනය කිරීම සහ දේශපාලන අවකාශයේ පවතින ව්‍යුහාත්මක වෙනස්වීම් නියොජනය කිරීම බලාපොරොත්තුවේ. සිවිල් සමාජය පිළිබද හේගල් ගේ ඉදිරිපත් කිරීම්වල සිට සියලූ ඉදිරිපත් කිරීම් විධිමත්ව සාකචිජා කළත් මෙම තත්වය පැහැදිලි කළ හැකිය.

දැන් අපේ රෙටි සිවිල් සමාජය ගැන සුමනසිරි ලියනගේ වරක් කියු පරිදි කොළඹ සිවිල් සමාජය හැසිරෙන්නේ නාමිකව සිවිල් වෙන ගමන් කායිකව බල දේශපාලනයේ හොදම මුරකරුවා ලෙසින්ය. නාමිකව සාංගමික වන ගමන් කායිකව ආණ්ඩුවටත් එහායින් එයට චරිත සහතික දෙමින්ය. අනෙක් අතට මෙම සිවිල් සමාජකරුවන්ගෙන් සමහරුන් ආණ්ඩුවත් සමග හැසිරෙන්නේ බල දේශපාලනයේ තමන්ට අහිමි වූ ‘යමක්’ ලැබී එය ආරක්‍ෂා කරන්නට තැත් කරණ කණ්ඩායමක් ලෙසින්ය. කොටින්ම කණ්ඩායමට අලූත් සාමාජිකයෙක් ඇතුලූවීමවත් නොරුස්සන අයුරින්ය. නලීන් සිල්වා මහතා වරක් කියුවේ කොළඹ සිවිල් සමාජය ‘හරියට හැව්ලොක් කී‍්‍රඩා සමාජය’ වගේ කියාය. මෙම කියමනෙහි විශාල සත්‍යයක් එකළට කෙසේ වෙතත් මෙකළට නමි තිබේ. එකම ක‍්‍රීඩකයා තරග කීපයකටම පෙනී ඉන්න තරමටම අද එය ‘සමාජය’ හැකිලෙමින් තිබේ. උදාහරණයක් ලෙසින් සිවිල් සමාජයේ නායකයෙකු ලෙස හදුන්වන සමන් රත්නප‍්‍රිය මහතා සැළකිය හැකිය. ඔහු හෙද සංගමයේ සභාපතිය. රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරුය. පුරවැසි බලයේ සම කැදවුම්කරුය. තවත් අපි නොදන්න සංවිධානවල තනතුරු දරනවාද විය හැකිය. කොළඔ සිවිල් බලය යනු ‘අපි කීපදෙනෙකුගේ බලය’ බවට පරමාණුකරණය වෙමින් තිබේ.

මැතිවරණ ඉලක්ක කර ගනිමින් කොළඔ කේන්‍ද්‍රියව ගොඩ නැගෙන මෙම බොහෝ සිවිල් සංවිධාන එක්කෝ මැතිවරණ ජයග‍්‍රහනයන් සමග සහාය දුන් පක්‍ෂයේ ඇතුලටම ගමන් කරමින් ‘සිවිල් බලය BOI-කරණය කරයි. නැත්නමි එම ආණ්ඩුවේ consultantලා බවට පත්වෙමින් මිලියන ගණනන් උපදේශක ගාස්තු ලබන කණ්ඩායමක් බවට පත්වේ. තවත් සමහරු තමන් කිසිම දේශපාලන කන්ඩායමකට අයිති නැති මධ්‍යස්ථභාවයක් පෙන්වන ගමන් ‘ආණ්ඩුවට එරෙහිව විවේචනයක් ගෙනෙන විට සදාචාර අයිතිය’ ප‍්‍රශ්නයකින් ආරක්‍ෂාවක් සපයයි. නිර්මාල්ගේ ප‍්‍රශ්නයෙහි නියම පාට පෙනෙනනේ එවැනි සන්දර්භයකදීය.

Back to Home page