Colombo Telegraph

රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (2)

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

කට්ටිවාදී පර්යාලෝකය

කෙසේ වෙතත්, වික‍්‍රමසිංහ කෙරෙහි විශේෂයෙන් දෙමළ ජනතාව අතරේත්, පොදුවේ වෙනත් සුළු ජාතික හා සුළු ආගමිකයන් අතරේත් පවතින මේ ස්වාභාවික ළැදියාව ගැන කොටි සංවිධානය සිටියේ සතුටකින් නොවේ. කොටින්ගේ පටු සහ කල්ලිවාදී ආකල්පයෙන් ගත් විට, ඔවුන්ගේ කැමැත්ත තිබුණේ රනිල් වික‍්‍රමසිංහ පරාජය කොට මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණයක් දැකීමටයි.

මේ ව්‍යාකූළ කල්පනාවට තුඩුදුන් හේතු ගණනාවක් තිබුණි. ඒ අතරින් වඩාත් වැදගත් කාරණය වුණේ, වඩාත් අනම්‍යශීලී දරදඬු පාලනයක් කොළඹ ස්ථාපනය වීම, නැවත යුද්ධයකට යාමේ මගහසර පාදන්නක් වශයෙන් කොටි සංවිධානය දැකීමයි. එවැනි පාලනයක් යටතේ යුද්ධය නැවත හටගත්තොත් ජාත්‍යන්තර ප‍්‍රජාව එකී පාලනයට ඉඳුරා විරෝධය පාති යි ඔවුහූ සිතූහ. එවැනි තත්වයක් කොටි සංවිධානයට වාසිදායක වෙතැ යි ඔවුන් ගණනය කර තිබුණි.

අනිත් පැත්තෙන්, රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි අමනාපයක් සහ සැකයක් ද කොටි සංවිධානයට තිබුණි. දෙමළ ජනතාව ඔහුට සහාය දැක්වීම, ඒ සැකය තවත් තීව‍්‍ර කෙළේය. අති විශාල දෙමළ සහයෝගයක් සහිතව චන්ද්‍රිකා කුමාරණතුංග බලයට පත්වූ වාතාවරණය නැවත දැකීමට ඔවුන්ගේ කැමැත්තක් නොවීය. එසේම, ජාත්‍යන්තරය තුළ වික‍්‍රමසිංහට ඇති බලයත් කොටි සංවිධානයේ බියට තවත් හේතුවක් විය. නැවත යුද්ධයක් ඇති වන අවස්ථාවක බලයේ සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ නම්, ජාත්‍යන්තර සහයෝගය තමන්ගේ පැත්තට දිනා ගැනීමට ඔහු සමත් වෙතැ යි කොටි සංවිධානයට සිතුණි. වික‍්‍රමසිංහ වැනි නම්‍යශීලී නායකයෙකු මුල් පුටුවේ තියාගෙන නැවත යුද්ධයකට යාමක් ජාත්‍යන්තර ප‍්‍රජාව නොඉවසතියි ඔවුන්ට සිතුණි.

වික‍්‍රමසිංහ ගෙනා සටන් විරාම ගිවිසුම, දීර්ඝ කාලීනව ගත් විට, තමන්ව දුර්වල කොට බෙලහීන කිරීම අරමුණු කරගත් යටිකූට්ටු වැඩක් විය හැකිය යන දීර්ඝ සංවාදයක් බොහෝ කලක් තිස්සේ කොටි සංවිධානය අභ්‍යන්තරයේ සාකච්ඡුා වෙමින් තිබුණි. කොටි හිතවාදී අදහස් පතුරුවන්නන් විසින් එය හඳුන්වන ලද්දේ ‘සාම උගුලක්’ වශයෙනි.

මෙය එක්තරා දුරකට, දෙමළ ජනතාවගේ සැබෑ උවමනාවන්ගෙන් කොටි සංවිධානයේ කල්පිත උවමනාවන් වෙනස් වූ ආකාරය දක්වන ආස්ථානයකි. සාමාන්‍ය දෙමළ ජනයාට යුද්ධයක් අවශ්‍ය කෙළේ නැත. ඔවුන්ට අවශ්‍ය කෙළේ යුද්ධයක් වළක්වන හොඳම අපේක්ෂකයා ජයග‍්‍රහණය කැරැුවීම මගින් සාමය ගැනත්, බලය බෙදා ගැනීම ගැනත් කොටි සංවිධානය සමග සාකච්ඡුා පහසු කරවන පරිසරයක් බිහිවනු දැකීමයි. ඒ අර්ථයෙන් ගත් විට, සාමාන්‍ය බුද්ධිය පැත්තෙන් ද, අතීත අත්දැකීම් පැත්තෙන් ද, වඩා යහපත් අපේක්ෂකයා වශයෙන් ඔවුන් දැක්කේ රනිල් වික‍්‍රමසිංහවයි. එම අපේක්ෂාව රනිල් වික‍්‍රමසිංහගේ පාලනයක් යටතේ සාක්ෂාත් වෙයි ද නොවෙයි ද යන්න ඔවුන්ට වැදගත් නොවුණි. රාජපක්ෂගේ ස්ථාවරයත්, ඔහු සන්ධානගතව සිටින වෙනත් කොටස්වල ස්ථාවරයනුත් සැලකිල්ලට ගත් විට, සාමාන්‍ය දෙමළ ජනයාගේ සාමය පිළිබඳ අපේක්ෂාව තුළ වඩා සුදුස්සා වුණේ නිසැකවම රනිල් වික‍්‍රමසිංහයි.

එහෙත් කොටි සංවිධානය ඒ දෙස බැලූවේ මුළුමණින් වෙනස් ආකාරයකිනි. හමුදාවාදී කොටින්ට අවශ්‍ය කෙළේ මහින්ද රාජපක්ෂ කෙනෙකි. යුද්ධය ඇවිලී යන පරිසරයක, රාජපක්ෂට වඩා වික‍්‍රමසිංහ භයානක ය. කොටින්ව භීතියෙන් මුසපත් කරන්නේ රාජපක්ෂ වැනි වීරයෙකු යැයි දකුණේ ඡුන්දදායකයන් සිතුවත් සැබවින්ම, 2005 මැතිවරණ සමය වන විට කොටි චින්තනය තුළ බලපැවැත්වූ ගතිකය ඊට ඉඳුරා ප‍්‍රතිපක්ෂයයි. රනිල්ගේ දකුණේ විරුද්ධවාදීන් ඔහු දුර්වල ද්‍රෝහියෙකු වශයෙන් දුටුව ද, පවතින තත්වය කොටි චින්තනය තුළ සංජානනය වුණේ, වික‍්‍රමසිංහගේ මැතිවරණ ජයග‍්‍රහණයක් පෙරලා තමන්ට විනාශකාරී විය හැකි අවස්ථාවක් වශයෙනි. මෙහි දී ඔවුන් මහින්ද රාජපක්ෂව ගණනය කොට තිබුණේ වැරදියටයි. යුද්ධයක් ආවොත් රාජපක්ෂ ‘දුර්වල සහ අකාර්යක්ෂම’ නායකයෙකු වනු ඇතැ යි යන්න ඔවුන්ගේ තක්සේරුව විය.

උත්ප‍්‍රාසාත්මක පරස්පරය

ඒ හේතුවෙන් ඇති වුණේ උත්ප‍්‍රාසාත්මක පරස්පරයකි. දෙමළ ජනයාට අවශ්‍ය කෙළේ, කොටින් සමග සාමය ගැන සාකච්ඡුා කළ හැකි ජනාධිපතිවරයෙකි. කොටින්ට අවශ්‍ය කෙළේ සාමය කඩාකප්පල් කොට යුද්ධය කැඳවාගෙන එන ජනාධිපතිවරයෙකි. දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය බිල්ලට ගියේ ඒ තතු යටතේ ය.

ඒ පසුබිම තුළ, තමන් නොකියා කියන දෙය නාහන දෙමළ ජනයා වික‍්‍රමසිංහට විශාල වශයෙන් සහයෝගය පෑමට යන බව එල්.ටී.ටී.ඊ. සංවිධානයට වැටහුණි. වික‍්‍රමසිංහව කෙලින්ම ඉලක්ක කිරීමට කොටි සංවිධානය මෙහෙයැවුණේ ඉන් පසුවයි. කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ කේ. වී. බාලකුමාරන් ප‍්‍රසිද්ධියේම වික‍්‍රමසිංහව විවේචනය කරමින්, ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙන්නාගෙන් වඩාත් ‘භයානක’ පුද්ගලයා ඔහු බව කියා සිටියේය. දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් ද ඒ හා සමානම අදහසක් ඉදිරිපත් කෙළේය. ඊට සමගාමීව, කොටි සංවිධානයත්, කොටි හිතවාදී මාධ්‍ය ජාලයත් වික‍්‍රමසිංහ එල්ල කරගනිමින් තියුණු ප‍්‍රහාරයක් දියත් කෙළේය. එක්සත් ජාතික පක්ෂය සමග සසඳන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, දෂ්ට කිරීමට පෙර පිඹින පොළෙඟකු බවත්, එක්සත් ජාතික පක්ෂය නොකර සද්දෙන්ම දෂ්ට කරන පොළෙඟකු බවත් ඔවුහූ කියා සිටියහ.

මේ සමගම, ඡන්දය දැමීමෙන් ජනතාව වැළැක්වීමේ වක‍්‍රාකාර මෙහෙයුමක් ද දියත් විය. ජාත්‍යන්තර ප‍්‍රජාව පරීක්ෂාවෙන් බලා සිටි තතු යටතේත්, සටන් විරාම ගිවිසුමක් තමන් පාර්ශ්වකරුවන් වීම නිසාත්, ඡන්දය වර්ජනය කරන මෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටීමේ පුලූවන් කමක් කොටි සංවිධානයට තිබුණේ නැත. මේ නිසා ඒ කාර්යය වෙනුවෙන් ඉදිරිපත් වුණේ, ඔවුන්ගේ අවශේෂ සංවිධානයන් ය. එහි දී ශිෂ්‍ය සංවිධාන ප‍්‍රමුඛ විය.

එසේ තිබියදීත්, දෙමළ ජනතාව රනිල්ට ඡන්දය පාවිච්චි කිරීමට යොමු වෙමින් සිටින බව පෙනෙන්ට තිබුණි. සිංහල-බෞද්ධ හෙජමොනිය හරහා නැවත වරක් යුද්ධය ඇති වීම වැළැක්වීමට නම් එකම මාර්ගය රනිල් වික‍්‍රමසිංහ බලයට පත් කිරීම බවට ජනයා අවබෝධ කර ගනිමින් සිටියහ. රනිල් ඔවුන්ගේ සාධනීය තේරීම වුණා නොවේ. එහෙත් මහින්දට සාපේක්ෂව ඔහු කෙරෙහි දෙමළ ජනයාට යම් අපේක්ෂාවක් දල්වාගත හැකි විය.

දැන් ඇණය තවත් තද කිරීමට කොටින්ට සිදුවිය. 2005 නොවැම්බර් 10 වැනි දා ඔවුන්ගේ ගැත්තන් වූ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වීමට ඔවුන් තීරණය කෙළේ එබැවිනි. එහි දී, ඡන්දය වර්ජනය කිරීමට ‘ජනතාව’ තීරණය කොට ඇති බව, සම්බන්දන් ප‍්‍රකාශ කොට සිටියේය. කොටි සංවිධානය සහ දෙමළ ජාතික සන්ධානය කෙළේ හුදෙක් තමන්ගේ ’ඔවුන්ගේ’ අභිලාෂය ප‍්‍රකාශයට පත්කිරීමකි.

ආර්. සම්බන්දන්

‘‘දකුණේ ප‍්‍රධාන සිංහල පක්ෂ දෙකේ ක‍්‍රියාකලාපය ගැන උතුරු නැගෙනහිර ජනතාව හොඳින් දන්නවා. ඒ පක්ෂ දෙකේ පාලන කාලවල අපේ ජනතාව හොඳට විඳවලා තියෙනවා. ඒක නිසා දෙමළ ජනතාව හිතන්නේ කොහොමද කියන එක ගැන අලූතෙන් දැනගන්න දෙයක් අපිට නැහැ. අපි මේ කාරණය ගැන හිතන විදිහත් එක්ක අපේ දෙමළ ජනතාව එකඟයි කියන එක පැහැදිළියි.’’ එදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ආර්. සම්බන්දන් කියා සිටියේය. ‘‘අපි දීර්ඝ වශයෙන් මේ ගැන සාකච්ඡුා කළා. අදහස් හුවමාරු කරගත්තා. මේ මැතිවරණයට අපි සහභාගී වුණොත්, අපේ ජනතාවගේ අනාගතයට ඒකෙන් වෙන්න පුලූවන් බලපෑම ගැන අපි සළකා බැලූවා.’’ ඔහු වැඩි දුරටත් කීය.

‘‘මේ ජනාධිපතිවරණය නිසා දකුණේ ඡන්දදායකයාගේ චින්තනය තුළ කිසි සාධනීය වෙනසක් ඇති වෙන එකක් නැහැ කියන එක ගැන අපි ඒකමතිකයි. දෙමළ ප‍්‍රශ්නය විසඳීම සඳහා මොනම සම්මාදමක්වත් ඒ මාර්ගයෙන් සිදුවෙයි කියලා අපිට කිසි විස්වාසයක් නැහැ. අන්න ඒක නිසයි, මේ ජනාධිපතිවරණය ගැන උනන්දු වීම අපේ පැත්තෙන් නිරර්ථක දෙයක් කියලා අපි තීරණය කළේ.’’

මේ සියල්ලට අමතරව, ජනාධිපතිවරණයට ‘නොගෑවී සිටීමට’ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිල වශයෙන් තීරණය කොට තිබුණි. මැතිවරණය වර්ජනය කිරීමට යන්නේ ජනතාව විසින් ය යන බොරුව ඔවුන් හැකි තාක් වැපිරුවේය. එහෙත් කොටි සංවිධානයේ අවාසනාවට මෙන්, දෙමළ ජනතාවගෙන් බහුතරයක් තවමත් සිතුවේ වික‍්‍රමසිංහ වෙනුවෙන් සිය ඡුන්දය පාවිච්චි කළ යුතු බවයි.

මේ අතරේ ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී. සංවිධානයත්, කරුණා අම්මාන් කණ්ඩායමත් මැතිවරණයට ජනතාව සහභාගී කර ගැනීම සඳහා උත්සුක වෙද්දී, කොටි සංවිධානයට තමන්ගේ ලොකු කම ගැන ප‍්‍රශ්නයක් ද පැනනැගුණේය. එනම්, තමන්ගේ හතුරන් ජනාධිපතිවරණය සඳහා පෙනී සිටින්නේ නම් තමන් ඊට අනිවාර්යයෙන් විරුද්ධ විය යුතුව ඇති බව ඔවුන්ට හැඟුණි. ගිනිගත්හේනේ පැවති රැුස්වීමකදී, නවීන් දිසානායක විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැණ වැදීමත්, මිලින්ද මොරගොඩ පළ කළ පුවත්පත් දැන්වීමකුත් නිසා තත්වය තවත් ව්‍යාකූල විය. මේ තත්වය තුළ, ජනාධිපතිවරණය වර්ජනය කැරැුවීම සහ රනිල් වික‍්‍රමසිංහ පරාජය කැරැුවීම කොටි සංවිධානය පැත්තෙන් අනිවාර්ය කෙරුණි. රනිල්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව එදා එල්.ටී.ටී.ඊ. චින්තනය බවට පත්විය.

(ඉතිරි කොටස හෙට)

*2014 ඔක්තෝබර් 24 වැනි දා How The LTTE Enforced A Boycott in 2005 To Prevent Ranil Becoming President නමින් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page