Colombo Telegraph

ශ‍්‍රී ලංකාව: මානව ඛේදවාචකයේ කතාන්දරය පවසන ග‍්‍රන්ථයක්

එරාන් වික‍්‍රමරත්න – 

එරාන් වික‍්‍රමරත්න

බැසිල් ප‍්‍රනාන්දුගේ මනා ලෙස පර්යේෂණ කිරීමෙන් පසුව පළ කර තිබෙන ලේඛන එකතුව, 1998 දක්වා ආපස්සට දිවයමින්පුද්ගලික ආරක්ෂාව සහ අභිමානය අපරාධ යුක්තික ක‍්‍රමය තුළ පේ‍්‍රෂණය කිරීම කෙරෙහි රාජ්‍යයාන්ත‍්‍රණය දක්වන කැමැත්තේ ඛේදනීය කතාන්දරයක් කියාපායිඑහි සඳහන් සිද්ධි විශාල සංඛ්‍යාවකින් විසන්ධි වූ සිරුරුපුළුල් ලෙස පැතිර පවත්නා ලිංගික අඩන්තේට්ටම්බලහත්කාරයෙන් සාගින්නේ තැබීම සහ වෛද්‍යප‍්‍රතිකාර ලබාදීම යළි යළිත් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ බිහිසුණු චිත‍්‍රයක් ඇඳ තබයිවඩාත්ම වැදගත් දෙයවාර්තාගත කර තිබෙන මේ සිදුවීම් වසර 15 කට අධික කාලයක් පුරා පැතිරුණු ඒවා වීමයිසෑම කතාන්දරයකින්මසමානකම් නැවත නැවතත් පුනරුච්ඡුාරණය කෙරෙයිබොරුකල්පිත හෝ නිස්සාර චෝදනා නගා පුද්ගලයන් අත්අඩංගුවට ගැනෙන අතර ඉන්පසු ක‍්‍රමය මෙහෙයවන්නන්ගේ දෑත් තුළ ප‍්‍රචණ්ඩ සහ කුරිරු සැලකීම්වලට ලක්වෙති.ඔවුන් එය සිදුකරන අවස්ථාවලදීසිදුවූ අයුක්තියට වගවීම සිදුවන්නේ ඉතා කලාතුරකිනිතවද අපහරණයන් සිදුකළ පොලීසිය  එල්ල වන අභියෝග නිතරම පාහේ නිශ්ශබ්ද කෙරේමෙය සිදුවනුයේ අධිකරණ පද්ධතියේ අයුතු පමාවහෝ එයට බාහිරව තවතවත් ප‍්‍රචණ්ඩත්වය යෙදවීම සඳහා තර්ජනය කිරීම මගිනි.

වධ හිංසා වින්දිතයෝ සහමුලින්ම පාහේ සමාජයේ දුප්පත් සහ කොන්වූ අය වෙතිඅධ්‍යාපනයධනයහෝ දේශපාලන සබඳතා අඩුකම විසින් වින්දිතයා අවදානම්වලට පහසුවෙන් ලක් වන්නෙක් බවට පත්කරයිවධ හිංසාවට විරෝධයපෑම සඳහා වින්දිතයාගේ හැකියාව සහ බොරු චෝදනාවලට එරෙහිව සටන් වැදීමේ හැකියාව අවමයක් වන අතරඑයින් ඔවුහු අසාධාරණ ක‍්‍රමයක පහසු ගොදුරු බවට පත්වෙති.

සත්‍ය වශයෙන්ම අපේ අපරාධ යුක්තික ක‍්‍රමය එහි වින්දිතයන්ව දෙවරක් අසමත් කරන්නා සේ පෙනේඅපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අපරාධකරුවන් වරදකරුවන් කිරීමෙන්වළක්වා ඔවුන්ව ආරක්ෂා කිරීම මගින්භ‍්‍රාන්ත වූ සමාජයක අපට ජීවත් වන්නට ඉඩ හැරීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සඵල විචාරය සඳහා වන අවකාශයන් හකුළවාලීම මගිනිවධ හිංසාවෙන් මිදීම සඳහා වන අයිතිවාසිකමමූලික හා විශ්වීය එකකිඑක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයවධ හිංසාව සහ වෙනත් කෲරඅමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය සහ 1994 අංක 22 දරණ ශ‍්‍රී ලංකාවේම වධ හිංසා පනත මගින්නිදහස් මිනිසෙකු ලෙස වධ හිංසාවන්ට ලක් නොවී ආරක්ෂිත පරිසරයක ජීවත් වීමේ නෛතික අයිතිය පුද්ගලයෙකු හට තිබෙන බව පිළිගනියිවධ හිංසාවෙන් නිදහස් වීමේ අයිතිය අපේ අවධානය සඳහා සුදුසු වන්නේ එම අයිතිය අවලංගුවීම අපගේ මනුෂ්‍යත්වයේ සකල නිර්මිතය  සෝදාපාළුවට ලක්කරන බවට තර්ජනය කරන හෙයිනිනිල වශයෙන් සිදුකරන වධ හිංසාව සඳහා රජය සම්බන්ධ බවට වන කරුණ ගැන සැකයක් නැතමෑත කාලයේදී චීනයනයිජීරියාව,පාකිස්ථානය ආදී රටවල් වලින්  රජය විසින් වධ හිසාවන් සිදුකළ බවට නිදර්ශන ගණනාවක් අප අසා තිබේකෙසේ නමුත්ආශ‍්‍රිත කරුණු කෙසේ වුවත්සියලූ රාජ්‍යයන් එය වැරදි යැයි විශ්වාස කරන බව අවධාරණය කිරීම වටියි.වධ හිංසාවට සම්බන්ධ සියල්ලෝම එය බලගතු ලෙස ප‍්‍රතික්ෂේප කරතිතමන්ගේ පුරවැසියන් වධ හිංසාවට ලක්කිරීමේ අයිතිය සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු රාජ්‍යයක් ‘ස්වාධිපත්‍යය’ යොදාගන්නේ නැත.

කිසිම පොලිස් නිලධාරී පුද්ගලයෙකු වධ හිංසා කි‍්‍රයාවන්ගේ නොයෙදෙන – සම්පූර්ණයෙන්ම නිදහස් සමාජයක් අපට බලාපොරොත්තු විය හැකි යැයි උපකල්පනය කිරීම ඇතැම්විට අතාත්වික දෙයක් වන්නට පුළුවනිඑසේ වුවත්,පුද්ගලයාට මේ ක‍්‍රමය අසාර්ථක කළ හැකි බව තහවුරු කිරීම අපේ රාජකාරියයික‍්‍රමයපුද්ගලයාව අසාර්ථක කරන්නේ නැත.

මේ වධ හිංසා සිදුවීම් වාර්තාගතකරණයෙන් පෙනී යන පරිදිසාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීම සඳහා වන අකමැත්තඅත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්උසාවි මට්ටමේදී විසමානුපාතික ප‍්‍රමාදයන්,සිය විධිනියෝගයන් යටතේ කි‍්‍රයාකිරීම සඳහා ජාතික මානව හිමිකම් කවුන්සිලයට පිරිනමා තිබෙන බලයේ අඩුපාඩු සමග එක්වූ සෑම තැනම පිසදා පැතිර තිබෙන දේශපාලන අනුග‍්‍රාහකත්වය විසින් සමථකාරී ක‍්‍රමයක් පුළුල්අපහරණයකට විවෘත කර තිබේමෙහි ප‍්‍රතිඵලයක් ලෙසනිල වධ හිංසාව ඉවසා දරාගත යුතු බවට පමණක් නොව එය දිරිමත් වනු ඇති බවටත් වන ගැටලූකාරී ()යුක්තියේ කතාන්දරයක් ඉතිරි වෙයිසැබවින්ම එයකාලයක්තිස්සේ බන්ධනාගාර බිත්ති තුළින් කාන්දු වී ශ‍්‍රී ලංකා සමාජයේ මනෝවිභීතිය තුළට විශාල වශයෙන් තෙත බැස තිබෙන කතාන්දරයකිඒවා මගින් නීතියේ ආධිපත්‍යයේ වඩාත්ම දෘෂ්‍යමාන ස්ථම්භය නියෝජනය කරනා බැවින් පොලිස්බලකාය අතර වධ හිංසාව පැතිර පැවතීමසාමාන්‍ය ජනතාවගේ ජීවිතවල යථාර්ථයෙන් නීතියේ පවිත‍්‍රතාවය අවතැන් කිරීමට විශාල වශයෙන් දායක වනු ඇත.

මේ අනුව ප‍්‍රතිසංස්කරණ රඳා පවතින්නේ නීතිය පිළිබඳ මහජන විශ්වාසය නැවත ඇති කිරීම සහ ශ‍්‍රී ලංකා පුරවැසියන් සුරක්ෂණය කිරීම සඳහා එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන හැකියාව තුළ රැුකවරණ භාරයේ සිටිනපුද්ගලයන් සමග පොලීසියඔවුන් නිර්දෝෂීද වැරදිකරුවන්  යන්න නොකතා අන්තර්කි‍්‍රයා දක්වන ආකාරයපශ්චාත් යුධ ශ‍්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය වැඩිදියුණු කිරීමේ නව මාර්ගයක් විදහා දක්වන බව පෙනේ.

The Narrative of Justice told through Stories of Torture Victims ග‍්‍රන්ථය අසාර්ථක වූ ක‍්‍රමයක් පිළිබඳ ශාස්ත‍්‍රීය කතාන්දරයක් නොවේඑය අපේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය ගෙන හැර දක්වනමානව ඛේදවාචකයේ කතාන්දරයයිවධ හිංසාව සමාජ උවදුරකිඑහි පැවැත්ම සඳහා හේතුවන කිසිදු ඉවසා දරා සිටීමේ සීමාවක් තිබිය නොහැකියවධ හිංසාවෙන් තොර වූ ලෝකයක් පිළිබඳ සංකල්පය අප වැළඳගත යුතුය.වින්දිතයන්ගේ කතාන්දරය කියවන විට කෝපය මෙන්ම අනුකම්පාව  ඇතිවේබැසිල් ප‍්‍රනාන්දුගේ විශ්ලේෂණය අපව ප‍්‍රතිසංස්කරණ සඳහා වන පරම අවශ්‍යතාවය වෙත මෙහෙයවයි.

 

අප විසින් පොලීසිය හමුදාමය ආයතනවලින් අසම්බන්ධිත කළ යුතුයශ‍්‍රී ලංකාවේ පොලීසිය හා හමුදාව අතර තිබෙන හරස් බැඳීම් විසින් අභ්‍යන්තර සාමය හා බාහිර ආරක්ෂාව අතර සීමාවන් අපැහැදිලි කිරීමට හේතු වී තිබේ.මෙමගින්සිවිල් අකීකරුතාවයේ සෑම අවස්ථාවක්  පාහේ බලය අයුතු ලෙස යෙදවීමට ඉඩ සලසන ‘බාහිර තර්ජන’ ලෙස අමුතුවෙන් සැලකීමට ඉඩ ප‍්‍රස්ථා සලසා තිබේතවද අප විසින් පොලීසිය නැවත ශිෂ්ටත්වයට පත් කළ යුතුය.පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටි වැලිවේරිය නිරායුධ ජනතාවට පසුගියදා එල්ල වූ හමුදා ප‍්‍රහාරයපොලීසිය හා හමුදා සටන් අතර පැහැදිලි වෙනසක් තිබිණි නම් වළක්වාගත හැකිව තිබුණේයසෑම පොලිස් නිලධාරියෙක්ම ස්වකීයමානව හිමිකම් වාර්තාව’ මත පදනම්  පරීක්ෂාවට ලක්කිරීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතු අතර වධ හිංසා හෝ අමානුෂික/අවමන් සහගත සැලකිලිවලට අදාළ කි‍්‍රයාවන් සිදුකළ බව සොයාගතහොත් එම පොලිස් නිලධාරීන් සේවයෙන්පහ කළ යුතුයවරදකරුවන්  හුදෙක් ස්ථානමාරු ලබාදීමෙන් අදහස් වන්නේ වරදකට ඉවසා සිටීමයි.

 

වඩා වෘත්තීය පොලිස් බලකායකට අඩු ආදායම් නිසා නිරන්තරයෙන් හටගන්නා පීඩනවලට ඔරොත්තු දිහ හැකි පරිදි මනා වැටුප් ලබාදිය යුතුයපොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා විශාල බරපැනක් යෙදවිය යුත්තේ ඔවුන් නීතියේ හායුක්තියේ ආරක්ෂකයන් හා ප‍්‍රවර්ධකයන්  යන අදහසින් මිස ආරක්ෂාව බලාත්මක කරන්නන් යන අදහසින් නොවේවධ හිංසාව මගින් ලබාගන්නා පාපොච්ඡුාරණවලට වඩා ආශ‍්‍රත කරුණු මත පදනම්  අභිචෝදනයන් සිදුකිරීමේහැකියාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වන තාක්ෂණය හා යන්ත‍්‍රසූත‍්‍ර සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම  හොඳ පුහුණුවක් ඌනපූරණය කිරීමට හේතු වනු ඇත.

 

කතුවරයා පිළිබඳ මත දැක්වීමක් සිදුනොකළහොත් මේ ග‍්‍රන්ථය පිළිබඳ මගේ මත දැක්වීම අසම්පූර්ණ වනු ඇතමා බැසිල් ප‍්‍රනාන්දු මුණගැසී තිබෙන්නේ එක් වරක් පමණිමෙහෙවරක යෙදී සිටින මිනිසෙකු වශයෙන් ඔහු මගේ සිතේප‍්‍රබලඒකාන්ත හැ`ගීමක් ඇති කළේයකොන් වූවන්අයුක්තියේ වින්දිතයන් සහ විශේෂයෙන්ම වධ හිංසාවන්  හා අවමන් සහගතඅමානුෂික සැලකිලිවලට භාජනය වන්නන් වෙනුවෙන් සටන් වැදීම ඔහු තුළට ආත්මගත වී තිබේමේකාර්යය සඳහා ඔහු කරන කැපවීම විසින් නියත වශයෙන්ම ඔහු ධනවතෙකු කර නැත වෙනුවට සිදුවී තිබෙන්නේඔහු උපන් බිමශ‍්‍රී ලංකාව තමන්ව සතුටින් පිළිනොගන්නා බව දැනී යාම නිසා ඔහු සිය මිතුරන් හා ඥාතීන්ගෙන් දුරස්වීමයිඅන් අයගේ න්‍යායපත‍්‍රයන්  වැඩකරනා කුලීකාරයන් නොව උතුම් අරමුණක් ලූහුබැඳ යන බැසිල් ප‍්‍රනාන්දු වැනි පරමාදර්ශීන් නිසා අපේ රට පොහොසත් වෙයිඔහුගේ දර්ශනයචින්තනයසාරධර්ම ප‍්‍රතිපත්ති සහ ඔහුගේජීවන රටාවඔහුගේ මේ නව ප‍්‍රකාශනය  පිටුපසින් උස්ව නැගී සිටියිජනතාව සිය ආණ්ඩුවට බිය වන නොව ආණ්ඩුව සිය ජනතාවට බිය වන රටකවිවෘත සමාජයක් පතනවිවෘත මනසක් සහිත ජනයා මේ පොත කියවිය යුතුම යැයිමම ප‍්‍රබල ලෙස නිර්දේශ කරමි.

 

*එරාන් වික‍්‍රමරත්න ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි

Back to Home page