Colombo Telegraph

ලිබරල්වාදයේ උඩ සම සීරීම

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

අලුත් වටයකින් ආගමික ලේ පිපාසයක් යළි දළුලා වැඩෙනු පෙනේ. එය ”සිංහලේ” නම් වේ. එනමින් යුත් ස්ටිකර් ඇලවූ වෑන් හා ඩිෆෙන්ඩර් වීදීවල තැන තැන ගමනේය. මුස්ලිිම් වැසියන්ගේ නිවෙස්හි තාප්පවල හා ගේට්ටුවලද සිංහලේ කියා නොබියව ලියැවේ. ඒ හා සමාන්තරව රුපියලයේ අගය පෙර නොවූ විරූ ලෙස අවප‍්‍රමාණය වීමත් කොළඹ නගරය මුල් කරගනිමින් මෙගාපොලි ව්‍යාපෘතිය සඳහා ලහි ලහියේ සුදානම් වීමත් වැඩ කරන ජනයා වෙනුවෙන් යැයි කී (කලින් රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමටයි කියා වීදි බැසි) ඊනියා වෘත්තීය සමිති රැුසක් අලූත් රෙජීමයට කඩේ යාමත්, තන පටයක් ප‍්‍රසිද්ධියේ විසිකිරීම නිසා මෛතී‍්‍ර සංස්කෘතිය කලඑළි බැසීමත්, රාජ්‍යය නිර්බාධවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සහාය දක්වන පහල පංතික පිරිස් පහලවීමත් ලංකා දේශපාලන කරළියේ දැන් රඟ දැක්වෙන සංදර්ශන කිහිපයකි. යහපාලන්තයේ අසිරියක මහත! අලුත් පාලනය විසින් ගොඩනගන මේ සමාජ අර්බුදයන්ගේ අතුරු මුහුණක් ලෙස පෙනී සිටින සිංහ ලේ පිපාසය හා රාජ්‍ය නිර්බාධවාදය යෝජනා කරන පිරිස් මතු පිටින් විපක්ෂය ලෙසත් ඇතුලතින් ආණ්ඩුව ලෙසත් එකිනෙකා පෝෂණය කර ගනිමින් සිටිති. ආර්ථික හෝ සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අලූත් විකල්පයක්ද මේ? ඇත්තටම මේ පිරිස් පසුපස ඇති අවතාර මොනවාද?

මගේ විශ්වාසය නම් රාජපක්ෂ රෙජීමය හා සම්බන්ධ කොන්ත‍්‍රාත් මගින් මුදල් ඉපැයීම හේතුවෙන් අලූතින්ම මතු වූ කොම්ප‍්‍රදෝරු පන්තියේ නියෝජනයකි මේ. හරක් හොරු හා තාජ් සමුදාා එකට එක මුහු වූ කාලයක මහාමාර්ග ඉදි කිරීම, රජයේ ආයතන ගොඩ නැගීම, වංචනික ටෙන්ඩර් කටයුතු, කප්පම්, අල්ලස් හා කොමිස් ඇතුලූ මගඩි සේවා ඔස්සේ විශාල මුදල් කන්දරාවක් කෙටිකලකින් ගොඩ ගසා ගැනීමට මේ පිරිසට හැකි විය. මෙය කිසිසේත්ම ඔවුන් අපේක්ෂා නොකළ ආකාරයේ ලොතරැුයියකි. එලෙසම යුද්ධයෙන් පසු ඇති වූ බැංකු ක‍්‍රමයේ නැගීම තුළ ණය ගැනීමෙන් එක තට්ටුවක් ටයිල් කර සාදාගත් මේ පිරිස ඊළග තට්ටුව හදන්නට සිය දරුවන්ට බාර කර හිත හදාගනී. රාජ්‍යය විසින් අසීමිතව ණය ගැනීම ආර්ථික වර්ධනයක් ලෙස නම් කරද්දී යට කී පිරිසට එය ලාභය ගොඩ ගසන පින් බලයක් විය. මෑත මතු වූ පන්සල් පෙළපාලි, බුදු පිස්සුව හා මුස්ලිම් වෛරය යනු එම නව තත්වයේ එක්තරා මතවාදී ප‍්‍රකාශනයකි. අපගේ අවධානය වන්නේ මෙය අහම්බයක් නොවන බවයි. මීට දශකයකට දෙකකට පමණ පෙර ලේ නොඉල්ලා අනෙකාගේ ලේ හෙල්ලූ සංවිධාන වෙනුවට දැන් ප‍්‍රසිද්ධියේ ලේ ඉල්ලීම හා සිය පවිත‍්‍ර ලේ පිළිබඳ කිසිදු චකිතයකින් තොරව කතා කිරීමට හැකි පිරිසක් නිර්මාණය වීමේ පසුබිම මෙයයි. සිය ජීවිතවල අහම්බ සිදුවූ පිරිස් මේ ගොඩෙන් බහුතරයයි.

මුස්ලිම් අනෙකාට එරෙහිව 1915දී සිදුකළ අප දන්නා ඉතිහාසයේ මුල්ම ප‍්‍රහාරය පිළිබඳ නිර්මාණය වී ඇති සාහිත්‍යය සටහන් බොහෝය. ඒ අතර කුමාරි ජයවර්ධන එම ප‍්‍රහාරය හඳුනා ගන්නේ එවකට පැවති ආර්ථික හා දේශපාලන ගැටලූවල පිළිඹිඹුවක් ලෙසය. එසේම මුස්ලිම් ජාතිකයන්ගේ ආර්ථික කටයුතු හා සිංහල මුස්ලිම් වැසියන් අතර ග‍්‍රාමීයව ගොඩනැගෙමින් පැවති ආතතික තත්වය එහි තීව‍්‍රතාවය වැඩි කළ බව ඇගේ අදහසයි. වත්මන් සිංහලේ වැනි ව්‍යාපාර මෙම විශ්ලේෂණයට අවැසි අලූත් දේශපාලන ආර්ථික මුහුණුවර ලබා දේ. රාජපක්ෂ රෙජීමය තුළ නැගී ආ ග‍්‍රාමීය මැද පාන්තික මතවාදය දරාගත් කොම්ප‍්‍රදෝරු නව ධනපති පංතිය අද දවසේ මෙම අලූත් භූමිකාවට පන පොවමින් සිටී. එයට ආවරණය සැපයීමට සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරට පැමිණ ඇති නිසාම එය බුද්ධාගම හා මුස්ලිම් අතර වන ආගමික ප‍්‍රශ්නයක් ලෙස පමණක් සිතුවහොත් අපට බොහෝ දේ මග හැරී යනු ඇත. ආගම රාජ්‍යයෙන් හා එහි දේශපාලනයෙන් වෙන් කිරීම නූතන අදහසක් බව මානව විද්‍යාඥයෙකු වන තලාල් අසාද් තර්ක කරයි. ලංකාවේදී නම් මේ තත්වය හොඳින් අවබෝධ කර ගත හැක්කේ මේ භික්ෂූන්ට හා සිංහලේ වැනි ව්‍යාපාරවලට සහය දක්වන්නන්ගේ පංති මුහුණුවර විග‍්‍රහ කරගත් විටය. අවාසනාවකට මොවුන් පය ගසා සිටින ආර්ථික පදනම් සමග මොවුනට ඇති නරුමවාදී පැවැත්මේ ප‍්‍රතිඵලය ලෙස සිදුවන්නේ විකල්ප මතධාරීන් සමග දිගින් දිගටම ගේම ඉල්ලීමයි. මැද පෙරදිග සේවයට යන පිරිමින් හා ගැහැණුන් බහුතරය යනු මේ සිංහලේ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සුදානම් වන එක් සමාජ තීරුවක් පිළිබඳව නිදසුනකි.

රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීම වෙනුවෙන් වැඩ කළ බොහොමයකගේ ගණන් බැලීම වූයේ රාජ්‍ය ත‍්‍රස්තවාදයට ජාතිකවාදී නැගී සිටීම්වලට, දුෂණයට හා රාජ්‍ය මර්ධනයට අදාල චින්තනය පැරදවීමට ඔවුන් දායක වූවාය යන්නයි. එහෙත් එම ප‍්‍රයත්නය විසින් සිදු වූයේ පැවැති අත්තනෝමතික මාවතට කාලයේ ගැට්ටක් දැමීම පමණක් බව පෙනෙන්නට ඇත. හිරුණිකා වැන්නන්ගේ අවිචාර හැසිරීම්, පොලීසිය විසින් ජනතාවට පහර දීම් හා තරුණයන් මරා දැමීම්, ආර්ථිකය හැකි තරම් විවෘත කිරීම්, අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීම් ආදී මේ සියල්ල ඊට නිදසුන්ය. චින්තනමය වශයෙන් අපි එකම තැන බව පෙන්වන ප‍්‍රධාන නිදසුනක් ලෙස මෛතී‍්‍ර වෙනුවෙන් නිර්මාණය කර ඇති ප‍්‍රශස්ති ගීතය ගත හැකිය. මේ රාජ්‍යයේ පමණක් නොව සිංහල වැසියාගේද චින්තන සිතිජයයි. ලෝකයේ ආසියාතික අනෙක් රටවල් බොහොමයක මෙන්ම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුම ජාතික හා ආගමික අගතීන්ගේ තෝතැන්නකි. බහුතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අදහස් මෙරටේ චින්තනයට හසු වූයේ සිංහල බෞද්ධ පැරණි ශිෂ්ටාචාරයක් මුල් කොට ගෙනය. එය අරුමයක් නොවන ලෙසම අර්ථවත් වුයේ අනෙකා බැහැර කිරීමේ තාක්ෂණයට අනුවය. ඉතින් අද දක්වාම මේ චින්තනයට බැහැරින් අර්ථවත් වූ කිසිවක් වත්මන් ලංකා වැසියාගේ චින්තනයට එක් වූ බවක් පෙනෙන්නට නැත. ජාතික රාජ්‍ය නායකයින් පවා අප තවමත් පරිකල්පනය කරන්නේ රාජ උරුමයක අරුතින් වීම එහි ඛේදනීය නිදසුනකි. වත්මන් නායකයින්ට රාජ්‍යත්වය ආරූඩ කිරීම අතීත වැඩවසම් ලක්ෂණයන් යළි ඉපදවීමක් හැර අන් කුමක්ද?

අනෙක් අතට අපගේ චින්තනය අධිනිශ්චය කරලන සිංහල බෞද්ධත්වය ගොඩනැගී ඇත්තේ දෙමළ මුස්ලිම් අනේකත්වය හරහාය. යටත් විජිත සමයේ ධනය උපයා ගත් කරාව, දුරාව හා සලාගම කුලවලට අයත් පිරිස් අධ්‍යාපනය තුළින් සමාජ සංචලනය අත්පත් කරගත්තේ ජාතිකවාදය දේශපාලන උපාය මාර්ගයක් ලෙස මුලින්ම භාවිතා කිරීමෙන් බව නොරහසකි. ඔවුන්ගේ දේශපාලන සාමාජිකත්වය නියෝජනය වූයේ සිංහල බෞද්ධ පහල පාංතික සමාජ තීරුවලිනි. ජාතිකවාදී නොවන මේ පිරිසේ අනෙක් කාණ්ඩය වූයේ රාජ්‍ය නිර්බාධවාදී ප‍්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ය. උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මිලට ගත හැකි අයට විවෘත කරන්න යැයි ඉල්ලා සිටින්නේ මේ පිරිස්ය. අවාසනාවක මහත නම් මේ පිරිස් තමන්ටවත් මිලදී ගත නොහැකි දේ වෙනුවෙන් පෙනී සිටීමය. මේ පිරිස් කොයි තරම් අවාසනාවන්තද යත් ඔවුනට තමන් ආසා කරන තැනකින් පවුල පිටින් ගොස් ආහාර වේලක් පවා භුක්ති විඳිය නොහැකිය. නැතහොත් ඒ පිළිබඳ සිය දහස් වාරයක් සිතිය යුතුය. ධනවාදය කි‍්‍රයාත්මක වන රටවල ආර්ථිකය පිළිබඳ මෙලෝ හසරක් ඔවුනට නැති බව මාගේ අදහසයි. එසේ නොවේනම් නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්න යැයි සිහියකින් ඉල්ලා සිටීමට නොහැකි වනු ඇත. කෙසේ වුවත් මේ අය සමග ආර්ථික අර්ථයෙන් හෝ සංවාදයක් කිරීමට හැකි මුත් ලේ ඉල්ලන ජාතිවාදී පිරිස් සමග නම් කළ යුතුව ඇත්තේ වෙන දෙයකි.

ඒ නිසාම අනෙකා ඉවසීම කෙසේ වෙතත් සංස්කෘතිකව දියුණු පුද්ගලයෙකු තැනීම වෙනුවෙන් අප සමාජය මුලධාර්මිකව වෙනස් කළ යුතුව ඇත. අවශ්‍ය වන්නේ ප‍්‍රතිසංස්කරණ නොවේ. සංස්කෘතික ජීවියෙක් වීමට ඔබට බොහෝ දේ අවශ්‍ය නොකරතත් ඒ පිරුණු විමුක්තිය ලබන්නට අඩුම තරමේ වින්දනීය සංස්කෘතියක මුලික ලක්ෂණවත් තහවුරු කළ යුතුවේ. පිනෙන් අර්ථකතනය වන පුද්ගල ඉරණම වෙනුවට සමාජ ඛණ්ඩාංක මත ජීවිතය සොයා ගැනීමට නම් අප සංස්කෘතිය නම් කලාපය තුළ වන දේශපාලනය හඳුනා ගත යුතුව ඇත.

Back to Home page