Colombo Telegraph

කරෙයිනගර්: ජීවන සයුරක වඩබාගින්න

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

“මම රාජචන්ද්‍ර. අවුරුදු 13 දීයි මම තාත්තා එක්ක මාළු ඇල්ලීම ජීවිතය කරගත්තේ. 1975-1983 කාලය වෙනකම් ඉන්දියානු ට්‍රෝලර් ප‍්‍රශ්නය අපිට තිබුණේ නෑ. කරෙයිනගර් වල පවුල් 59ක් හිටියා. ඒ කාලේ වෙද්දි අපේ සමිතියේ සාමාජිකයින් 175ක් හිටියා. ඉස්සර හැම මාළුම හිටියා. හොඳින් වෙළඳාම් කළා. ලොරි 3-4ක් කරවලම කොළඹ ඇරියා. ඒ කාලේ අපි සතුටින් හිටියා”

යුද්ධයෙන් පසු සමහර උතුරුකරයේ මිනිසුන් ජීවිතය පටන් ගෙන ඇත. සිය රැුකියාවම ජීවන පැවැත්ම බවට තීරණය කොට ඒ වෙනුවෙන් ජීවන උපාය මාර්ග භාවිතයන් ගොඩ නගාගත් මිනිස් කොට්ඨාසයකගේ ජීවිත අරගලයට පදනම්වන අභියෝගකාරී ප‍්‍රශ්නයක් ගැනයි මාගේ මේ අවධානය “දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් ඇතැයි හා ඔවුනට දේශපාලන විසඳුමක් දිය යුතු යැයි ඉදිරිපත් කෙරෙන කතිකාවට ඔබ්බෙන් ඇති සුවිශේෂි ගැටලූ මොනවාද? ඒ අතරින් මූලික ගැටලුව වන්නේ උතුරුකරයේ දෙමළ ජීවන ප‍්‍රජාව මාළු ඇල්ලීම සහ වෙළඳාම විෂයේ මුහුණදෙන වත්මන් ප‍්‍රශ්න සමුහය යැයි හැදින්විය හැක. ඒ සටහන සදහා මා යොමු කෙරන ක්ෂේත‍්‍ර ප‍්‍රදේශය වන්නේ කරෙයිනගර් මුහුදු ආශ‍්‍රිත ගම් වැසියන්ගේ ජීවන භාවිතයයි.” සෘජුවම සදහන් කරනවා නම් ඔවුන් මුහුණ දෙන අභියෝගය වන්නේ ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රා සිය වෙරළ තීරයට පැමිණ මාළු අල්ලීම නිසා උද්ගත වී ඇති වියවුලයි. එය හුදු ආර්ථික කාරණයකට එහා ගොස් ඔවුනගේ සිය ජීවන පැවැත්ම ම අර්බුදයට යවන සංකීර්ණත්වයක් අත් කරගෙන ඇත” ඒ ප‍්‍රවේශය මත සිට මා මේ ලිපියට අරුත් සැපයීම වෙනුවෙන් යාපන ධීවර සමිතියේ ලේකම් ලෙස සහ අම්බාල් ධීවර සමිතියේ සභාපති ලෙස රාජචන්ද්‍ර මහතා දැක්වූ අදහස්වලට ණය ගැති වෙමි.

කරෙයිනගර් යාපනයට කිට්ටුව ඇති ගමකි. කැෂුරිනා වෙරළ තීරයට යාබදව ඇති මෙම ගමෙහි පවුල් 318ක් පමණ සිටින අතර ඔවුන්ගේ ධීවර සමිතිය සිය එදිනෙදා ජීවිතයේ ඉතා වැදගත් කොටසක් ඉටු කරයි. “කරෙයිනගර් ධීවර සමිතිය යනු සමුපකාර සමිතියකි. එය සැම එකාටත් එකා සැමටත් යන මූලික ආදර්ශය පදනම් කොට ඇරඹි නමුත් අද වන විට භාවිතය තුළ අසමත්ව ඇති රාජ්‍යය සමාජ සේවා සමුපකාර ප‍්‍රවර්ගයක් නොවේ” එසේම එය රාජ්‍යය නොවන සහනාධාර සමිතියක්ද නොවේ. මෙය සාමාන්‍ය ජනයා සිය පැවැත්ම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔවුනගේ අරුතින් භාවිතයට ගැනෙන හා එයට නියම අරුතක් දුන් සමිතියකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අතැම් මූලික ලක්‍ෂණ විදහාපාන සංවිධානයකැයි මා නම් කරන්නට කැමතිය. එහි සභාපතිගේ සිට විහිදෙන සාමාජිකයෝ සියල්ලන් ගම්වැසියන්ය. සමූපකාර සමිතියේ තනතුරු 13න් කාන්තාවන්ට තනතුරු 6ක් හිමිය. ඔවුනටම අයත් කුඩා අයිස් කර්මාන්තයක් තිබේ. මෑතකදී පිහිටුවන ලද එය මෙතෙක් ලාභ ලබා දිවෙන අතර එය රැුක බලාගන්නේ කාන්තාවන් විසිනි. සාමාන්‍යයෙන් රු. 75,000-80,000 ක් අතර මුදල් ප‍්‍රමාණයක් සෑම මසකම සමූපකාරය තුළ සංසරණය වන අතර මෙමගින් සමූපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ට විවාහ, අවමංගල උත්සව සඳහා මෙන්ම සිය ජීවන මාර්ග නැවත ගොඩනැගීම සඳහා මුදල් සහනාධාර පොළියක් යටතේ ලබා දීම සිදු කරයි. ඒ අතර දැල් මිලදී ගැනීමට හා කරවල වේලීම සඳහා භූමිතෙල් ගැනීම වැනි කාරණා වලට මෙම මුදල් ණයට දෙන අතරම එමගින් ලැබෙන ලාභයෙන් මුළු සමිතියම නඩත්තු වෙයි. මා ඇලූම් කළම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මූලධර්මයක් භාවිතා කළ අවස්ථාවක් වූයේ මාළු කේවල් කරන ස්ථානයේ සිදුවන චර්යාවන්ය. ධීවරයන් විසින් සිය සමිතිය විසින් තැනූ ගොඩනැගිල්ල වෙතට සිය මාළු රැුගෙන එයි. එම මාළු මිලදී ගැනීමට වෙළන්ඳෝ එම ගොඩනැගිල්ල තුළ වන සිමෙන්තියෙන් තැනූ වේදිකාවක් වැනි උස් ස්ථානයක් වටා රැුස්වෙති. ඒ මත මාළු කේවල් කරන තැනැත්තා සිටින අතර මාළු මිළ ගණන් ලියන තැනැත්තා පුටුවකුත්, මේසයකුත් තබා ඒ අසල රැුදී සිටියි. පළමුව එක් ධීවරයෙක් සිය මාළු ප‍්‍රමාණය එම වේදිකාව මතට හලන අතර මාළු වෙළෙන්ඳන් එම මාළු ප‍්‍රමාණයට අදාල මිල ගණන් කියනු ලබයි. වැඩිම මිල කියූ තැනැත්තාට එම මාළු ප‍්‍රමාණය ලැබේ. තවත් එවැනිම ධීවරයෙක් සිය මාළු ප‍්‍රමාණයද වේදිකාව මතට දමයි. නැවතත් පෙර පරිදිම එය කේවල් වේ. වැඩිම මිල කියූ තැනැත්තා එය ගනු ලබයි. ඔබ බලා සිටියහොත් එය මිනිසුන් විසින් සිය පැවැත්ම සඳහා සකසාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙවලමක එක්තරා ආකෘතියක් යැයි ඔබට සිතේවි. ඒ හැරුණු කොට සිදුවන අපූර්ව දෙයක් වනනේ සෑම ධීවරයෙක්ම සිය උපයා ගත් මාළු ප‍්‍රමාණයෙන් එක් මාළුවෙක් එහි අසල ඇති කූඩයකට දමයි. එසේ කරන්නේ මන්දැයි මම විමසිමත් වීමි. එම මාළු යනු ධීවරයෙක් අසනීපයකට හදිසි අන්තරාවකට ලක් වූ විට ඔවුන් වෙනුවෙන් වෙන් කළ කොටසක් ලෙස ඔවුන් වෙනුවෙන් නැවත ලබාගැනීම සදහා සමිතියට ලබාදෙන කොටසයි. එනම් එම මාළු ධීවරයන්ගේ සුභ සාධනය උදෙසාය. කිසිවෙකුත් එයට විරුද්ධ නොවේ. සියලූ මිල ගණන් සටහන් කෙරෙන අතර වෙළෙන්ඳන් වෙන්දේසිය අවසන මුදල් ගෙවා මාළු රැුගෙන යා යුතුය. මුදල් අයකැමි ගැහැණියකි. මාළු වෙළෙන්ඳන් මෙන්ම ධීවරයන්ට සමිතිය මගින් කිරි තේ සංග‍්‍රහයක් කරනු ලැබේ. ඉන් ඉපයෙන මුදල් සමිතියේ ලාභය සඳහාය. එය එකිනෙකා එකිනෙකා වෙනුවෙන් පවතිනවාය යන්න පිළිඹිඹු කෙරෙන ජීවන උදාහරණ භාවිතයක් වැනිය.

කෙසේ වුවද වෙන්දේසියේ මිල ගණන් පිළිබඳව ඔබට ද මට ද සතුටු විය හැකි නොවේ. ඔවුනගේ ජීවිතයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය පටන් ගන්නේ එහිදීය. මාළු වෙන්දේසියේ වැඩිම මාළු මිල ගණන වූයේ රු. 950 කි. එයද එක්වතාවකි. අනෙකුත් සියලූ මිල ගණන් රු. 350, රු. 250, රු. 200, රු. 650, රු. 750, රු. 800 ලෙස විය. මේ කරෙයිනගර් ධීවරයකුගේ දවසක ආදායමයි.

“අපිට මෙහෙම නැහැ ඉස්සර. ඉස්සර හොඳට මාළු තියෙනවා. ඒ 1983 ට පෙර කාලය සතුටු කාලයක් වුනා. 1983 දී රජය විසින් යාපන ප‍්‍රදේශයේ මුහුදු ආරක්‍ෂක සීමාවන් පැනෙව්වා. අපිට පාරු වලින් විතරයි යන්න ඉඩ ලැබුනේ. ඒ කාලේ තමයි ඉන්දියානු ටෝලර් යාත‍්‍රා අපේ වෙරළ තීරයට එන්න පටන් ගත්තේ. ඉස්සෝ, දැල්ලෝ, මුහුදු කුකුලා වැනි මසුන් විකුණලා ඒ අය හුඟක් සල්ලි හම්බ කලා. ගැඹුරු මුහුදට අපිට යන්න බැරි වීමත්, ඉන්දියානු මාළු අල්ලන්නන් ලාබ ලැබීමත් සමග ඔවුන් අපේ වෙරළ තීරයට පැමිණීම සිය ජීවන උපාය මාර්ගය කර ගත්තා. ඉතින් දැන් ඒක අපේ ජීවන පැවැත්මට තර්ජනයක් වෙලා. අපිට ලැබෙන මාළු ප‍්‍රමාණය දැන් එදා වේලටත් මදි.”

රාජචන්ද්‍ර සිය ගම්වැසියන්ටත්, තමාටත් ඇති ප‍්‍රශ්නය පැහැදිලි කළේ එසේය. එය සිය පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් වන්නේ වෙනත් ජීවන මාදිලින් ඔවුනට සිය ගමෙන් උපයාගත නොහැකි නිසාය. එසේ මාළු හිග වීම සුළු පටු ප‍්‍රශ්නයක් නොවේ. ප‍්‍රශ්නය තවත් දුරදිග යන්නේ වෙනත් පාරිසරික කරුණු ද ඊට අයත් වන නිසාය.
“ඉන්දියන් ධීවරයන්ට වගේ මාළු අල්ලන්න අපිට ට්‍රෝලර් යාත‍්‍රා නැහැ. ඒවා නැති වෙන්නේ සල්ලි නැති නිසාම නෙමෙයි. ට්‍රෝලර් යාත‍්‍රා මගින් මාළු ඇල්ලීම අපි වගේ ජීවත්වන මිනිසුන්ට සුභදායක නැති නිසා. ට්‍රෝලර් යාත‍්‍රා පැමිණිම විසින් මුහුදු පතුලේ සිටින මාළු, බීජ, වටිනා මුහුදු ශාක විනාශයට පත් වෙනවා. ඉතින් නැවත මාළු ඇති වෙන්නේ නැහැ එහෙම වුනාම.” (ට්‍රෝලර් යාත‍්‍රා හඳුන්වා දීම මුලිකව ඉන්දියාවෙහි ව්‍යාප්ත වන්නේ 1970 දීය) “1990 ට පෙර ඉන්දියානු සාම සාධක හමුදාව ඉන්න කාලේ ඔවුන්ගෙන් අවසර පතක් අරන් මුහුදු යන්න හැකියාව තිබුනා. ඒ කාලෙත් ඉන්දියන් ට්‍රෝලර් යාත‍්‍රා දිගින් දිගටම අපේ මුහුදු සීමාව මෙපිටට පැමිණීම වර්ධනය වෙමින් තිබුණා.”

රාජචන්ද්‍ර සිය ජීවිතයත් කරෙයිනගර් ගමෙහි ජීවන තත්වයනුත් වෙනස් වීමට අදාල වූ කාලයන් සඳහන් කරමින් සිය කතාව කරගෙන ගියේය.”1991 අපි අවතැන් වුනා. මේ ගමෙන් යන්න වුනා. උදව් උපකාර කරන්න කෙනෙක් හිටියේ නැහැ. සමහර ආහාර සහනාධාර ලැබීම් තිබුණා. වෙන කරන්න කිසිවක් තිබ්බේ නැහැ. ඉතින් ඛගඔගඔගෑග එකට වැඩ කරන්න සිද්ධ වුනා. 1991 සිට 1996 වෙනකම් එහෙමයි ජීවත් වුනේ. ඒ කාලයේ වෙනකම් අපිට මුහුදු වෙළඳාම් කරන්න බැරිවුනා. 1996 ගමට නැවත ආවත් මුහුදු වෙළඳාම් කරන්න දුන්නේ නැහැ. 1999 ආයෙමත් ඉඩ ලැබුණා දවල් කාලයේ මුහුදු යන්න.”

මේ කරෙයිනගර් ගම්වැසියන්ගේ ජීවිතය සකස් වූ ආකාරයයි’ යුද්ධය නිසා ඔවුනගේ ජීවන මාර්ගයට බාධා වී තිබුණි’ 2004 සුනාමියෙන් ජීවිත ගණනක් අහිමි වුව ද ඔවුන් එම ගමෙහි ජීවිතය අත් නොහැරියේය’ යුද්ධය අවසන් වීමෙන් පසු ඔවුනෙගේ ජීවන පැවැත්ම අවුලට යවන ප‍්‍රධාන ප‍්‍රශ්නයට ඔවුහු දැන් අවතීර්ණව සිටිති’ ඊට විසඳුම් සෙවීම ඔවුනගේ මූලික පරමාර්ථය වී ඇත’

“2009 යුද්ධයෙන් පසුව බැසිල් රාජපක්‍ෂ මහත්තයා අපට අවසර දුන්නා ගැඹුරු මුහුදට යන්න’ ඒත් ප‍්‍රශ්නය තමයි දැන් මාළු නොමැතිවීම’ තවමත් ඉන්දියන් ට්‍රෝලර් යාත‍්‍රා පැමිණෙනවා’ සෙනසුරාදා, සඳුදා, බදාදා ්අ ය එනවා’ ඒ දවස්වලට අපිට මුහුදු යන්න බැහැ, අපේ දැල් කැපෙනවා’ ලක්ෂ 10 කට වැඩි ප‍්‍රමාණයක් වටිනා අපේ දැල් විනාශ වෙලා තියෙනවා ට්‍රෝලර් යාත‍්‍රාවලට කැපිලා’ ඉතුරු දවස්වලයි අපි මුහුදු යන්නේ’ මේ ප‍්‍රශ්නය ගැන කතා කරන්න අපි පිරිසක් ඉන්දියන් වෙරළ තීරයේ නාගපට්ටන් වලට ගියා, ඔවුනට තියෙනවා ට්‍රෝලර් යාත‍්‍රා 1000 කට වැඩි ප‍්‍රමාණයක්. ඉතින් එයාලට ඒ තරම් ට්‍රෝලර් යාත‍්‍රා ප‍්‍රමාණයකින් මාළු අල්ලන්නේ කොහේද? ඒ නිසා ඒ අය මෙහෙට ආවා සහ ඒ අය එනවා දිගින් දිගටම. අපි සාකච්ඡුා කළා ධීවරයින් සමග. අනීතික දැල් භාවිත නොකිරීම පිළිබඳව. ඒත් තවම ප‍්‍රතිඵලයක් නැහැ. අපි හිතනවා මුහුදු සීමාවෙන් 75%ක ප‍්‍රමාණයක් හානි වී ඇතැයි කියලා මෙම මාළු ඇල්ලන විදිය නිසා.”

රාජචන්ද්‍රගේ කතාව බොහෝ දීර්ඝ විය. ඊට අදාල වූ යුධමය දේශපාලනයට සේම ඔවුන් මේ මුහුණ දෙන අර්බුදයේ අක් මුල් දිගු ඉතිහාසයක් කරා දිවෙයි.
“වෙනදාට අපි එක එක කාලයට අදාලව එක එක මාළු වර්ගයි ඇල්ලූවේ. දැන් ඒක එහෙම නැහැ. අපේ‍්‍රල් සහ මැයි මාසේ අග වෙනකම් මුහුදට යන්න බැහැ.”

ඔවුන්ගේ ධීවර සම්ප‍්‍රදාය අර්බුදයට ගොස් ඇති තතු පිළිඹිඹු කෙරෙන නිදසුන් මේවාය. මෙයට බොහෝ ලෙස හේතු වී ඇත්තේ ඉන්දියන් ට්‍රෝල්ර් යාත‍්‍රා ආක‍්‍රමණය විසින් මුහුදු සම්පත විනාශ වී යාමය. යාත‍්‍රාවන්ගේ යට කොටස මගින් මුහුදු බීජ විනාශ වීමත් සාගර ජෛව සමතුලිතය රදවන මසුන් ඩැහැ ගෙන යාම ඇතුලූ මුහුදු පරිසරයට ඉන් සිදුකරන ආපදාවන් රැුසකි. ඒ නිසාම ඉන් මේ මිනිසුන්ගේ ජීවන පැවැත්මද අවුලට හෙලා ඇත.

“ධීවරයින් දැල් ණයට ගන්නේ අම්බාල් සමිතියෙන්. ඉතින් ඒවා කැපිලා ගියාම වෙන පාඩුව කියන්න බැහැ. අපි එහෙම යන්නේ නැහැ. කට්ට මැරම් කියන පොඩි බෝට්ටු විශේෂයක් තමයි අපි භාවිත කරන්නේ. ඉතින් අපිට බැහැ ඉන්දියන් ට්‍රෝලර් යාත‍්‍රා එක්ක තරග කරන්න. එහේ මුදලාලි කෙනෙකුට යාත‍්‍රා 5-15 ත් අතර ප‍්‍රමාණයක් තියෙනවා. ඉතින් එයාලට ආදායමක් නැහැ ඒවා මුහුදු ගියේ නැතිනම්. මේක හුඟක් ලොකු ප‍්‍රශ්නයක්. අපේ සාකච්ඡුාවල අරමුණු වුනේ මේ යාත‍්‍රා පැමීණීම නැවැත්වීමයි.”

රාජචන්ද්‍ර සිය පැහැදිලි කිරීම තුළ අර්බුධයට අදාල දේශපාලනික කාරණාද සලකුණු කළේය. මත්ස්‍ය වෙළෙන්ඳන් මසකට රුපියල් ලක්‍ෂ 15-20 උපයන අවස්ථා ඇති නිසා දේශපාලනඥයින්ට මෙම තත්වය ප‍්‍රශ්නයක් ලෙස හදුනාගෙන විසදුම් සෙවීමට අවශ්‍ය නැත. මන්ද දේශපාලනඥයින්ගේ පැවැත්ම තහවුරු කරන්නේ මේ වෙළෙන්ඳන්ය යැයි කීමට සාධක බොහෝ ඇත. ඒ හැරුණු විට නීති විරෝධි මත්ද්‍රව්‍ය වෙළඳාම සමග මෙම ට්‍රෝලර් යාත‍්‍රා පැමිණීමේ ඇති සම්බන්ධය හදුනා ගැනීම අපහසුද නැත. මන්ද ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේ සලකුණු කිරීම හැර මුහුදෙහි සිදුවන ආරක්‍ෂක සෝදිසි කිරීම් නැත. මෙම තියුණූ ප‍්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට දේශපාලනඥයින්ට ඉඩ ලැබී ඇත්තේ ඒ අවසරයෙනි.

මිනිසුන්ගේ සම්ප‍්‍රදායික ජීවන භාවිතයන් හා වතාවත් සැකසී ඇති අයුරු පිළිබද අවධානයකින් තොරව තෝරන දේශපාලන උපාය උපක‍්‍රම නිසා සිදුව ඇති හානිය බරපතලය. නිදසුනකට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් හදුන්වා දුන් ගැමි මත්ස්‍ය සමිති විසින් එතෙක් පැවති ගමෙහි තිබූ සම්ප‍්‍රදායික සමූපකාර සමිති වලට සුවිශේෂී බලපෑමක් එල්ල කෙරෙණි. බොහෝ සමාජ සබඳතා දේශපාලනීකරණය වීමට ද මේ තත්වයන් බලපෑ බව බොහෝ මිනිසුන්ගේ අදහස විය. ඔවුන් විසින් ගොඩනගාගෙන තිබූ සම්ප‍්‍රදායික අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රික වතාවත් වෙනුවට බොහෝ හානිකර වතාවත් ඒ මගින් හඳුන්වා දුන් බවත් අවසන ඒවා සාර්ථක නොවූ බවත් ඔවුහු සඳහන් කළෝය. යම් ජන ප‍්‍රජාවකට අනන්‍ය වූ සම්ප‍්‍රදායික චර්යාවන් ගැන නොදැන ඉන් වියෝ වී කටයුතු කරන බොහෝ ව්‍යාපෘති අවසන අසාර්ථක හේතු වටහා ගැනීමට මින් ආලෝකයක් සැපයේ. බොහෝ රාජ්‍යය නොවන සංවිධාන විසින් ක‍්‍රියාත්මක කරන වැඩසටහන් සාර්ථක නොවීම කෙරෙහි මෙම ‘සුවිශේෂත්වය’ පිළිබඳ කාරණා අමතක කිරීම හේතු වී තිබේ. විශ්වීය අරමුණු වෙනුවෙන් සුවිශේෂත්වය අමතක කරන බොහෝ න්‍යායික ප‍්‍රායෝගික මැදිහත් වීම්හි අගතිය මින් පිළිඹිඹු කෙරෙයි.

රාජචන්ද්‍ර මෙම දේශපාලනීකරණයේ තවත් අගතියක් මෙසේ පෙන්නුම් කළේය. “2004 දී අපි සාකච්ඡුා පටන් ගත්තා ඉන්දියානු ධීවරයින් සමග. එයාලා එකඟ වුනා සිදුවන පාරසරික හානිය පිළිබඳව. 2010 දී ඔවුන් අපි එකඟ වුනා මෙලෙස මාළු ඇල්ලීම අවුරුද්දක් තුළ නැවතා දමන බවට. ඒත් එය එසේ වුයේ නැහැ. අපි ධීවරයින් ලෙස එකඟ වුනත් දේශපාලන කරුණු මත මෙහි නීත්‍යානුකූල බවක් දක්නට ලැබුනේ නැහැ.”

අප මේ ප‍්‍රශ්නයට පිළිතුරු සැපයිය යුතුය. ඒ වෙනුවෙන් අරගල කළ යුතුය. දකුණේ ධීවර අමාත්‍යවරයා ඇතුලූ පාලන තන්ත‍්‍රයට එම ගැටළුව ගැටළුවක් ලෙස නොපෙනනවා සේම උතුරේ දෙමළ ජනයා මුල් කරගත් දේශපාලන ආයතනය වන දෙමළ ජාතික සංධානයේ දේශපාලනඥයින්ටද එම ගැටළුව ගැටළුවක් ලෙස හදුනා ගැනීම සහ විසදුම් සෙවීම මග හැරී ගොස්් තිබේ.

මෙම මැදිහත් නොවීම් වලට හේතු විවිධ විය හැකිය. දකුණේ ධීවර ඇමතිවරයාට මෙම ප‍්‍රශ්නය දේශපාලනීකරණය වීම නිසා පිළිතුරක් දීමට අපොහොසත්ව ඇතැයි සිතා ගත හැකිය. එසේම දෙමළ ජාතික සංධානය විසින් ප‍්‍රශ්නය මගහැරීම තුළින් ඉගි කෙරෙන්නේ ඔවුන්ට හිමි වූ දේශපාලන වටපිටාවට තීරණාත්මක බලයක් නොලැබීම හෝ ධීවරයින් නියෝජනය කරන කුලය නම් වු සාධකයේ අගතිදායක බලයේ පරිමාවයි. ලංකාවේ චිරාගත සිංහල දෙමළ දේශපාලනය විසින් සමාජ ප‍්‍රශ්නයක් දෙස බලන්නේ ආගම, ජාතිය, කුලය යන මානයන්ගෙනි. කෙසේ වුව ද රාජචන්ද්‍රලාගේ ධීවර ජීවිතය පිළිබඳ ඔහුන්ගේම වදන්වලින් ඇසිය යුත්තේ වාර්ගික පදනම්ලින් ඔබ්බට ගොස් පුලූල් විසදුම් සදහා කැපවෙන සංස්කෘතික හා දේශපාලනික සමාජ අවකාශයක් තවමත් පවතිනවා යැයි විශ්වාස කරන නිසාය. සමුගැනීමට පෙර රාජචන්ද්‍ර මෙසේ කීය.

“මේ ප‍්‍රශ්නයට ඉක්මනින් ආමන්ත‍්‍රණය කළේ නැත්නම් ඒක අපේ ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක්. වේවි. බොහෝ අය මේ ප‍්‍රශ්නය ප‍්‍රයෝජනයට ගන්නවා. ඒත් අපිට ඒක ලොකු පාඩුවක්. මේක ජීවන රස්සාව විතරක් නෙවී අපේ ජීවිතය යි.”

Back to Home page