25 April, 2024

Blog

රනිල්, අපි සෙල්ලමක් කරමුද?

ගෘෂා ඇන්ඩ්රූස්

රනිල්, රනිල්, රනිල්….,

ඔබ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේ කළ කතාව අසා මම ඉතා ලැජ්ජාවට පත් වුනා. පසුව මා සිතුවේ මම එසේ ලැජ්ජාවට පත්වන්නේ කුමටද? මම ඔබේ බිරිඳ වත් දරුවෙක් වත් නොවෙයිනේ? ඉතින් ඇති එහෙම හිතෙන්නේ? ඔබ අදටත් ලංකාවේ සක්‍රීය දේශපාලනයේ යෙදෙන සවිඥානික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා නිසයි. ඔබේ හරිවැරදි, ගුණනුගුණ කෙසේ වෙතත් අනාගතයට අපව ගෙන යයි කියා ඔබ වෙනුවෙන් පෙනී සිටිය නිසයි. ඔබව නිර්ප්‍රජාතනත්‍රවාදී ලෙස දෝෂාභියෝගයකින් එලවා දාමන්නට සිරිසේන ඇතුළු අන් අය කැස කවද්දී ඔබ වෙනුවෙන් කුරුක්ෂේත්‍රයේ ඔබට වචනයකින් හෝ පලිහක් වූ නිසයි. ඔබ මත ජනමාධ්‍ය සහ ඔබේ ප්‍රතිමල්ලවයන් ඇඳ තිබෙන විකට විනාශකාරී ප්‍රතිරූපයට හදවතින්ම අභියෝග කරමින් ඔබගේ මනුෂ්‍යත්වය සහ දේශපාලන ස්වංය්භූ ඥානය වෙනුවෙන් නැගී සිටිය නිසයි. මා හොඳින්ම දන්නා පරිදි ඔබ කදිම, සුකුමාර, හැදිච්ච ගති ගුණ තිබෙන, ඉවසීම සහ තාදී ගුණය පුහුණු කළ, පිටට පෙනෙන දේශපාලන සත්වයාගෙන් ඔබ්බට ගිය කුමක් හෝ වැදගත් කමක් තිබෙන මනුෂ්‍යයෙකු බව මා සිතූ නිසයි.

ඔබ වෙනුවෙන් කෙදිනක හෝ පෙනී සිටියානම් එසේ කළේ  ඔබ මා විසින් අදහන දෙයියකු නිසාවත්, මම ජනබලයට කොළඹට ඇවිත් ලයිට් කාණුවකින් එල්ලෙන බැට් මෑන් හෝ ස්පයිඩර් මෑන් ආවේශ වූරනිල් ගේ වහලෙකුනිසා වත් නොවෙයි. ඔබේ සිතේ මේ රට ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෙහි පපු කමක් තිබෙයි හැම විට සිතු නිසයි.

ඔබේ එජාප සංවත්සර කතාව අහලා මට ලැජ්ජයි රනිල්.

මට ලැබුණු අගමැති මෙහෙමද?

රනිල් ඔබට මෙතරම් කතා ලියන්නන්ගේ සහ සිතන්නන්ගේ අහේනියක් ඇති බව මා දැන සිටියේ නැහැ. පහත ලියුමේ මුලින් ලියා ඇත්තේ ඔබේ පක්ෂ කාර්යාලයෙන් නිකුත් කළ ඔබේ කතාවේ සමහර කොටස්. ඊට පහළින් තද කළු අකුරින් ලියන්නේඔබේ හදවතේ මිනිසෙක් ඉතිරිව ඉන්නවා නම් ඔබ කිව යුතුව තිබූ කතාව. පරක්කු වුනාට මොකද, ඔබ මාව දන්නේ නැති වුනාට මා ඔබව දන්නවා නේ?

ලෑස්තිද රනිල්මේක හරි විනෝදාත්මක සෙල්ලමක්. පොඩි ළමයෙකුට වුනත් මේ සෙල්ලම කරන්න පුළුවන්.

අද දින අප එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සමරනවා. ෆාම් කෝට් මන්දිරයෙන් ආරම්භ වුනු එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයයි.”

අද දින අප එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සමරනවා. ෆාම් කෝට් මන්දිරයෙන් ආරම්භ වුනු එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයයි, එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතියේ පක්ෂයයි. අපේ පක්ෂය සියලු ආගම් එකතු කළ හැකි පක්ෂයයි.

ලංකාවේ තියන විශාලතම තනි දේශපාලන පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලබා ගන්නට පුරෝගාමී වුනු පක්ෂයයි. අපේ රට නිදහස ලබා ගන්නට පුරෝගාමී වුනු පක්ෂයයි. නිදහස ගැන කතා කරනවානම් ශ්‍රී ලංකාවේ ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යූඑන්පී එකම තමයි.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය සමරනවා කියන්නේ කිසිම ජාතිආගම් කුල භේදයකින් තොරව අපේ රටේ ජනතාවගේ නිදහස, ශක්තිය, දැක්ම සමරනවා කියන එකයි. මේ රටේ ඕනෑම ජාතියකට අයත් කෙනෙකුට ඉහලට නගින්න පුළුවන් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඕනෑම කුලයක කෙනෙකුට ජනාධිපති වෙන්නට නිදහස තිබෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඕනෑ පන්තියක කෙනෙකුට අගමැති වෙන්නට, ජනාධිපති වෙනාට පුලුවන් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

සමාජ සාධාරණත්වය, මිනිසුනේගේ සමානාත්මතාවය ප්‍රායෝගිකව අදහන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එහෙම හිතනවා නම් සමාජවාදී කියන පක්ෂ වලට වඩා එක්සත් ජාතික පක්ෂය සාධාරණයි; සමාජවාදීයි.

අපි මේ සමරන්නේ වගේ පුළුල් දර්ශනයක් තියන, හැම පුරවැසියෙක්වම සම බිමක තියන්ට හැකියාවක් තියන, මනුෂ්‍යත්වය අදහන දේශපාලන පක්ෂයක 72 වන සංවත්සරයයි

පසු ගිය දා මට දුරකථන ඇමතුමක් ලැබුනා. ජනබල රැලිය පැවැත්වීමට සූදානම කර ඇති නිසා අපේ මේ සංවත්සර උත්සවය පැවැත්විය යුතුයි විමසා සිටියා. පොහොට්ටුව කොළඹ වට කරලා බලය ලබා ගනාවා යයි මාධ්‍යයෙන් පවසා ඇති බවත් ශිෂ්‍යයන් සහ ජනතාව බයට පත් වී ඇති බවත් ඔවුන් මට පැවසුවා. නමුත් අවසානයේ බලන විට පොහොට්ට්ටුවේ ජන බලයත් මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුනා” (උපුටා ගත කොටස් ) (රනිල් ඔබ අගමැති නේ? නිසාපචවැනි වචන පාවිච්චි කරන්නට එපා!)

පසු ගිය දා මට දුරකථන ඇමතුමක් ලැබුනා. ජනබල රැලිය පැවැත්වීමට සූදානම කර ඇති නිසා අපේ මේ සංවත්සර උත්සවය පැවැත්විය යුතුයි විමසා සිටියා. පොහොට්ටුව කොළඹ වට කරලා බලය ලබා ගනාවා යයි මාධ්‍යයෙන් පවසා ඇති බවත් ශිෂ්‍යයන් සහ ජනතාව බයට පත් වී ඇති බවත් ඔවුන් මට පැවසුවා.

නමුත් මම පොහොට්ටුවේ බලය ගැන වත් එක පාර්ශවීයව, එක කොටසකට විතරක් සේවය කරන මාධ්‍ය වල බලය ගැන වත් වධ වෙන්නේ නැහැ. මම ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයේ නායකයා විදිහට ගරු කරන්නේ ජනතාවගේ බලයටයි.

එක එක මාධ්‍ය ආයතන වැරදි ප්‍රවෘත්ති පැතිරුවාට ජනතාව ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා, අන්තර්ජාලය හරහා මිනිසුන් ගේ හිතේ තියන ඇත්ත අදහස්, විශ්වාස, බලාපොරොත්තු එලියට එනවා. අපි ජීවත් වෙන්නේ සම්ප්‍රදායික කතා වලින්, රැවටීම් වලින් ඔබ්බට ගිය මිනිසුන් ඉන්න සමාජයක. එකිනෙකා තොරතුරු තාක්ෂණයෙන්අන්තර්ජාලයෙන් ෆේස් බුක් එකෙන් දැලකින් වගේ බැඳිලා ඉන්න, අදහස් වේගයෙන් හුවමාරු වෙන, ජනතාවගේ මතයට ලොකු ඉඩක් තියන නූතන සමාජයකයි. නූතන සමාජයේ ඉන්න මිනිස්සු, ගොවියෙක් වුනත්, දොස්තර කෙනෙක් වුනත්, ලිපිකරුවෙකු වුනත්, ශිෂ්‍යයෙකු වුනත්, කම්කරුවෙකු වුනත් රවට්ටන්නට බැහැ. ඔවුන්ගේ බලය ඔවුන් අඳුනාගෙන තියනවා.

මිනිස්සුන්ව අරක්කු පොවලා, බත් පැකට් එක දීල, මුදල් දීලා දේශපාලන රැලි වල ඇවිද්දවපු සමාජය අවසාන වේගෙන යනවා. අපි සත්‍යය වෙනුවෙන්, ප්‍රතිපත්ති වෙනුවෙන්, සංවර්ධනය වෙනුවෙන් පාරට බහින සමාජයක් ඇති කරන්නයි එක්සත් ජාතික පක්ෂය විදිහට හිතන්න ඕනේ

පොහොට්ටුව වැනි ජනතාවගේ සංවේදීතාවය. දුප්පත්කම ප්‍රයෝජනයට ගෙන ජනතාවම රවට්ටන සංවිධාන ඇතැම් මාධ්‍ය විසින් පුම්බා තැබුවාට එයට ආයුෂ නැහැ. අපි සමාජයේ මිනිසුන් එකතු කරන්නට කරන්නට සමහර ජන මාධ්‍ය සමාජයේ මිනිසුන්ගේ ඔලුවට අන් ගැන විෂ පොවනවා, සැකය ඇති කරනවා, භීතිය ඇති කරනවා.

ලෝකය පුරාම සාම්ප්‍රදායික දේශපාලනයට අභියෝගක් වී තිබෙන පොපියුලිස්ම් වසංගතයට අපි නිසි පිළිතුරු දිය යුතුව තිබෙනවා. මේ වසංගතය ලංකාව පුරාත් පැතිරෙමින් තිබෙනවා. මේ අය ප්‍රශ්ණවලට පිළිතුරු සපයනවා වෙනුවට වෛරය, කේන්තිය වපුරනවා. නව මාධ්‍ය හරහා පැතිරෙමින් යන මේ අභියෝගයත් සමඟ අපිට අලුත් දේශපාලනයක් සෙවීමට බලකර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාවය අදහන දේශපාලකයෙක් නැගී සිටින විටම ව්‍යාජ තොරතුරු වපුරන සමාජ මාධ්‍ය දේශපාලකයාගේ ප්‍රතිරූපය විනාශ කර ජාතිවාදය කෲරත්වය වපුරනවා. නැගෙන නැගෙන ප්‍රජාතාන්ත්‍රීකයාව සමාජ මාධ්‍ය රැල්ලෙන් අපකීර්තිමත් කර යටපත් කරනවා. මේ රැල්ලට යට වුනොත් යට වුනාමයි. රැල්ල අභිබවා සත්‍යයේ රැල්ල මතු කළ යුතුයි. අපේ පක්‍ෂයේ නායකත්වයට එන ඉදිරි පරම්පරාව ඉදිරියේ අභියෝගයත් තිබෙනවා.

අපි ජන මාධ්‍ය වල බලයත් තේරුම් ගන්ට ඕනෑ.

ජනතාව එක්ක, මාධ්‍ය එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වී ඉන්ට ඕනෑ. අපි අයට වග වෙන්ට ඕනෑ; වග කියන්ට ඕනෑ. අප සමාජය එකමුතු කරන්ට උත්සාහ කරනකොට දේශපාලනය කරන, ජන මාධ්‍ය කරන, ව්‍යාපාර කරන ඇතැම් අය සමාජ භේද කරනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු භේද පිටු දකින පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂය හදන්නේ පුරවාසියාව. අපේ පක්ෂය ජයග්‍රහණය භුක්ති විඳින්ට ඕනේත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි. නීතිය කඩලා අසාධාරණ විදිහට පාක්ෂිකයාව ටකරන් ශීට් එකෙන්, සමුර්ධි සහනාධාරයෙන්, රැකියා චිට් එකෙන් වහල් කමට ගන්ට හොඳ නැහැ. ඒක මනුෂ්‍යත්වයේ අභිමානයට හොඳ නැහැ. අපි පාක්ෂිකයා ගරු කරනවානම් ඔවුන් අපි ඉදිරියේ කොන්ද කෙලින් තියන්, අපිව විවේචනය කරන්ට පුළුවන් අපිත් එක්ක සම බිමක ඉන්ට පුළුවන් පුරවැසියන් කරන්ට ඕනේ.

එක්සත් ජාතික පක්ෂය වහල්ලුන් අවශ්‍ය නැහැ.

තනි පුද්ගලයකු වන්දනා කරන, තනි පවුලක කුමාරවරුන්ට ඔටුනු පළඳන්න අපි ක්‍රියා කරන්නේ නැහැ. ජේ. ආර්. ජයවරධන ජනාධිපතිතුමා කිව්වා වාගේ ‘අපට රකින්නට පරපුරක් නැහැ; තර කරන්නට බූදලයක් නැහැ. ඔටුනු පලන්නට කුමරකුමරියන් නැහැ’ අපේ පරපුරත්, බූදලයත්, කුමරකුමරියනුත් මහජනතාවයි. මේ ප්‍රවේණි දේශපාලනය ගැන කතා කරන ගමන්ම මම පක්ෂයේ අනාගත නායකත්වය ගැනත් කතා කරන්න කැමැතියි

අපි අලුත් පරපුර ගොඩනැගිය යුතුයි. ඔවුන්ට රට බාර දිය යුතුව තිබෙනවා. 2025 වන තුරු මා සැලසුම් කරන්නම්. ඔවුන් 2030 දක්වා සැලසුම් කල යුතුයි. අපි දීර්ඝ කාලීන ගමනක් යා යුතුයි  (උපුටා ගත කොටස්)

රනිල්රනිල්.. රනිල්ටික් දාර්ශනික වෙන්න. ඔබටත් අපටත් හොඳයි. 2025 පෙර 2019 එනවා. ඔබ මෙහෙම කිව්වනම් මොකද?

අපි අලුත් පරපුරක් ගොඩ නැගිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ වහල්ලුන් හෝ ප්‍රවේණි දාසයින් නැහැ. අපේ පක්ෂය සිතන්නේ හෙට ඉදි වෙන නවීන, සමානාත්මතාවයෙන් යුත් ලෝකය ගැනයි. පක්ෂයේ අනාගතයත් වගේ විය යුතුයි.

පක්ෂ නායකත්වය කියන්නේ අභිෂේක කරලා කාගේ හෝ හිස මත තියන ඔටුන්නක් නොවෙයි. මම ඔටුන්න තියන්නේ ජනතාවගේ හිස මත විතරයි. රටේ ප්‍රජාත්නත්‍රවාදය ගැන වගේම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයත් මම අදහනවා. පක්ෂයට නායකත්වය දිය හැකි දෙවන පෙළ නායකයන්, පැහැදිලි, ප්‍රතිපත්තිගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වචන වලින් කියලා, ඉදිරිපත් වෙලා නායකත්වය ලබා ගන්ට තරම් පෞරුෂයක් තිබෙන කෙනෙක් වෙන්ට ඕනෑ. මාධ්‍ය ගේම් වලින්, අපහාසය තුලින්පක්ෂය දුර්වල කිරීම තුලින්, පාක්ෂිකයා භේද කිරීම තුලින් පක්ෂ නායකත්වයට ලඟා වෙන්ට අමාරුයි.

නායකත්වය ලැබිය යුත්තේ සුදුස්සාටයි. ප්‍රවෙණියට නෙමෙයි. ප්‍රයෝගයෙන් නෙමෙයි. මේ පක්ෂය තුළ නායකයා වෙන්ට ඕනෑම, උගත්, උද්ධිමත්ප්‍රතිශීලී, ජනතාවගේ ආදරය දිනා ගන්නා, ඉවසීම ඇති, සහජීවනය විශ්වාස කරන කෙනෙකුට. කෙනා ජාතිවාදය පිටු දකින කෙනෙක් වෙන්ට ඕනේ, උගත් වෙන්ට ඕනේ, සුදුසුකම් තිබෙන කෙනෙක් වෙන්ට ඕනේ, ලෝක නායකයන් එක්ක ගනු දෙනු කරන්ට පුළුවන් කෙනෙක් වෙන්ට ඕනේ. ජනතාවගේ දුක් පීඩා තේරෙන කෙනෙක් වෙන්ට ඕනේ.

මේ හැම දේටම වඩා පක්ෂයේ ඊළඟ නායකයා ලෙස මම ඉදිරිපත් වෙනවා ලියලා අවංකව සෘජුව කියන්ට පුළුවන් කෙනෙක් වෙන්ට ඕනේ. පුද්ගලයා වෙනුවෙන් මගෙත්, පක්ෂ නායකත්වයේත් හදවත විවෘතයි”

රනිල් , ඔබ දන්නවාද දන්නේ නැහැ මේ රටේ 52% “ගැහැණුහෝමෝ සේපියන් ලා ජාතියක් ඉන්නවා. එයින් එක්කෙනෙක්ව ඔබ විවාහ කරගෙනත් ඉන්නවා. නිසා මේ ටිකත් කිව්වනම් කොච්චර වැදගත්ද?

අපේ පක්ෂයේ අනාගත නායකත්වය පවුලකප්‍රවෙණියක වගේම පිරිමින්ගේ තනි බූදලයක් නොවෙන බව මම මතක් කරන්ට ඕනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පළාත් පාලන ආයතන වල 25% ක් කාන්තාවන් සිටිය යුතුයි කියන අයිතිහාසික සංශෝධනය ගෙනාවා. අපේ පක්ෂය ප්‍රජාත්නත්රවාදීයි. අපි ලිබරල් දර්ශනයක් තියන පක්ෂයක්. තුළ අපේ භේද නැහැ.

අපේ පක්ෂයේ අනාගතය නායිකාවක් අතේ තියෙන්ටත් පුළුවන්. අද දියුණු රටවල් බොහොමයක රාජ්‍ය නායකත්වයට පත් වෙලා ඉන්නේ කාන්තාවන්. තරුණ නායකයන්. අපි එක තේරුම් ගන්ට ඕනෑ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට අපේ පක්ෂය ගන, අපේ රට ගැන, අපේ ජාතියේ පුරවැසියා ගැන, කාන්තාවන් ගැන, අපේ ජාතියේ දරුවන් ගැන නිදහස් චින්තනයකින් බලන්ට ඕනැ.

අද උදෑසන අපේ අසල්වැසි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැරණි අධිරාජ්‍යවාදී නීතියක් වෙනස් කරමින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත මිනිසුන් කොන් කිරීම හෝ වෙනස් කොට සැලකීම නැවත්වූවා. මේ ලෝකයේ දියුණුව කරා යන රටවල් තමන්ගේ සමාජය ගැන එහි පුරවැසියන් ගැන හිතන්නේ එහෙමයි. ඔවුන් උත්සාහා කරන්නේ සමාජයේ සියලු කොටස් එකතු කරගෙනනව ලොවක් කරා යාමටයි. අපි දියුණුව කරා යන්ට නම් සියලු භේද පිටු  දකින්ට ඕනෑ. සාධාරණ ඇසින් සමාජය දිහා බලන්ට ඕනෑ. පටු අරමුණු වලින් මිදිලා පක්ෂය ගැන රට ගැන හිතන්ට ඕනෑ. මේ පක්ෂය ගොඩනගන්ට අනවශ්‍ය කෙනෙක් කියා කෙනෙක් නැහැ

ඉතින් රනිල්, දැනට මේ ඇති. ආයේ දවසක් මේ සෙල්ලම කරමු. එතකන් මතක තියා ගන්න, ඔබ රටක ජාතික නායකයෙක්. ඔබේ වචන උඩු සුළගේ ගසා ගෙන ගොස් ක්ෂය වෙන්නේ නැහැ. ඔබ දෙස මුළු මහත් ජාතියක් බලා ඉන්නවා.

දැනට නවතිමි,

ඔබේ හිතවත්

ගෘෂා

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Let sanity prevail. We all have to restore our pride and rid the servile mentality to stand up as a Nation.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.