Colombo Telegraph

ජිනීවා සහ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම

හරීම් පීරිස්

හරීම් පීරිස්

රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හිටපු නායක සහ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂපාතී මිත‍්‍රයෙකු වන හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා, මෑත කාලයේ ඔහුම ප‍්‍රධානත්වය ගත් නීති දෙපාර්තමේන්තුවේ වර්තමාන ඉහළ නිලධාරීන් පිරිසක් ශ‍්‍රී ලංකාව සහ එහි පශ්චාත්=යුද කාලීන ජාතික සංහිඳියාවට අදාළව ඇමරිකාව ගෙන එන යෝජනාවකට එරෙහිව පෙනී සිටීම සඳහා ජිනීවා නුවර බලා යන විට, ඇත්තෙන්ම අන්දමන්ද වෙනවා ඇති.

දශක තුනක් දිග් ගැස්සෙමින් රට විනාශයට පත්කළ සහ ජාතීන් භේදභින්න කළ යුද්ධය අවසානයේ ඊට අදාළ කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ සභාපතිත්වය දැරුවේ ඔහු ය. ඔහු සමග, වැදගත් හිටපු උසස් රාජ්‍ය නිලධාරීන් තවත් කිහිප දෙනෙක් ද එම කොමිසමට අයත් වූහ. මේ කොමිසම පත්කෙරුණේ, මේ කරුණුවලටම අදාළව එක්සත් ජාතීන්ගේ මහලේකම් තමාට උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේම විද්වත් මණ්ඩලයක් පත්කිරීමෙන් පසුව ය. රට පුරා පැවැත්වූ ප‍්‍රසිද්ධ විමර්ශන සභා, ලිඛිත නියෝජනයන් සහ යුද්ධය පැවති ප‍්‍රදේශවලට කරන ලද ක්ෂේත‍්‍ර ගමන්බිමන්වලින් පසුව, අවුරුද්දකටත් වැඩි කාලයකින් පසු මෙම කොමිසම සිය අවසන් වාර්තාව සහ නිර්දේශ ඉදිරිපත් කෙළේය.

මූලික වශයෙන් මෙම නිර්දේශ ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටි යෝජනාවක් ගිය වසරේ (2012* එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඇමරිකාවෙන් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව සැලකිල්ලට ගැනීම වළක්වනු වස් ශ‍්‍රී ලංකා ආණ්ඩුව කෙළේ, සියයකට අධික පිරිසකගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් විනෝද සවාරියකට ජීනීවා නුවරට පිටත් කොට හැරීමයි. ඇමරිකානු යෝජනාව සෑහෙන වැඩි ඡුන්ද සංඛ්‍යවකින් සම්මත විය. ඉන්දියාව ද එම යෝජනාවට සහාය දැක්වීම එදා කැපී පෙනුණි.

එම යෝජනාව ඉදිරියටත් ගෙන යමින් මේ වසරේදීත් ඉදිරිපත් කෙරෙන අළුත් යෝජනාව පහසුවෙන්ම සම්මත වනු ඇත. ගිය වසරේ දී මෙන් මෙවර මහා සටනක් දෙන්නට ආණ්ඩුව තීරණය කෙළේ නැත. ඒ නිසා විශාල පිරිසක් ලංකාවෙන් යැවුණේ ද නැත. කෙසේ වෙතත්, ගිය වසරේත් මේ වසරේත් ජාත්‍යන්තර ප‍්‍රජාව අපෙන් ඉල්ලා සිටින්නේ, අපේම වන ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ වාර්තාව සහ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසයි. එහෙත් එය නොකර මගහැරීමට රාජපක්ෂ පාලනය ගන්නා උත්සාහය, එම වාර්තාව සම්පාදනය කළ සී. ආර් ද සිල්වා ඇතුළු විද්වත් නියෝජිතයන් තුළ චිත්ත වික්ෂේපයට හේතුවක් වන අතරේ, රටේ සිහිබුද්ධිය ඇති ජනතාව තුළ ද ප‍්‍රහේලිකාවක් ජනිත කරනු ඇත.

දැන් මෙම වාර්තාව ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය විශේෂ කමිටුවකට භාර දී තිබේ. එහි සභාපතිත්වය උසුළන්නේ, ජනාධිපති ලේකම් සහ දේශීය සිවිල් සේවා ප‍්‍රධානී ලලිත් වීරතුංග ය. මේ පිරිස බොහෝ කාලයක් මහන්සි වී, අදාළ නිර්දේශ සඳහා වන ‘ක‍්‍රියාන්විත සැලැස්මක්’ සම්පාදනය කළෝය. තත්වාකාර අගවිනිසුරු වන (ඔහුගේ පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කෙරෙන බැවින් සහ අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ප‍්‍රසිද්ධියේ එම පත්වීම ප‍්‍රතික්ෂේප කරන බැවින්* මොහාන් පීරිස් සමග මේ කියන විශේෂ කමිටුව කියා සිටින්නේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කොට තිබෙන බවකි. එහෙත් වීරතුංග මහතා සහ ඔහුගේ කමිටුව සමගත්, ඔවුන්ගේ ‘ක‍්‍රියාන්විත සැලැස්ම’ සහ ඔවුන්ම කියන ප‍්‍රගතිය සමගත් ලෝකයා එකඟ නොවෙත්. එවැනි පිරිස්, මීට අදාළ තොරතුරු පැහැදිළි කරගැනීමේ විශිෂ්ඨ වැඩ කොටසක් ඉටු කර තිබේ. ඔවුන් කළ පර්යේෂණ සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධියට පත්ව ඇත. මේ ‘ක‍්‍රියාන්විත සැලැස්ම’ තුළ, කොමිසමේ ප‍්‍රධාන සහ මූලික නිර්දේශ නොසළකා හැර ඇති බවත්, කොමිසමේ නිර්දේශ සහ මේ කියන යෝජිත ක‍්‍රියාකාරකම් අතර බරපතල නොපෑහීමක් ඇති බවත්, ප‍්‍රශ්නයට අදාළ ප‍්‍රතිකර්ම හෝ ප‍්‍රතිසංස්කරණ කිසිවක් කෙරී නැති බවත්, කොමිසම නිර්දේශ කළ පරිදි, පවතින තත්ත්වයන් වෙනස් කරනවා වෙනුවට ඒවා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් ඇති බවත්, එවැනි අධ්‍යයනයන් හරහා පෙන්නුම් කර දී තිබේ. ඒ නිසා, මූලික වශයෙන් ගත් විට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත ශී‍්‍ර ලංකාව පිළිබඳ යෝජනාව තුළ, ලලිත් වීරතුංග මහතාවත්, මොහාන් පීරිස් ඇතුළු එම කමිටුවත් දෝෂදර්ශනයට ලක්කෙරේ. එය, රාජ්‍ය මාධ්‍ය සහ රජයේ ප‍්‍රචාරක කෝවෙන් සැපයෙන තොරතුරු අන්ධ භක්තියෙන් අදහන්නේ නැති පිරිස් එකඟ විය හැකි ස්ථාවරයකි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් පැනනැගී ඇති දේශපාලන විවාදය තුළ, ලංකාවට සහ ලාංකිකයාට අදාළ වැදගත් සහ ප‍්‍රධාන කරුණා දෙක ආකූල කෙරේ. ඒවා නම්: (1* ශ‍්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්ත්වය කුමක් ද? (2* පශ්චාත්=යුද කාලීන ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රවර්ධනය කවරේ ද?
1. ශ‍්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්ත්වය කුමක් ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට එරෙහිව දැන් ගෙනෙන අළුත්ම යෝජනාව තුළ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව රජයේ ආරක්ෂක අංශ යොදාගෙන ව්‍යවස්ථා විරෝධීව (ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කොට ඇති පරිදි* ඉවත් කරනු ලැබීමේ සිද්ධිය සඳහන් කෙරේ. ස්වාධීන අධිකරණයක් යනු, නීති විරෝධී රාජ්‍ය බලය ඉදිරියේ, බොහෝ විට, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් රැුකදෙන අවසාන රැුකවල් වළල්ලයි. එසේම, මූලික අයිතිවාසිකම් පෙත්සම් යනු, පුරවැසියන් සතු වැදගත් ව්‍යවස්ථානුකූල සහ නෛතික ආරක්ෂණයන් ය. එය, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වේවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වේවා, නිදහස් වෙළඳ කලාප සේවකයන් වේවා, වධබන්ධනයට පත් වින්දිතයන් හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැුඳවියන් වේවා, අධි=ආරක්ෂිත කලාපවල ඉඩම් අහිමිවූවන් වේවා, කාටත් පොදු ය. දැන් ජනාධිපතිවරයාගේ සෘජු පාලනය යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකාව යනු, රජය පැත්තෙන් සිදුවන කිසි මානව හිමිකම් උල්ලංඝනය වීමක් නැති දේශයකැ යි අපට කියනු ඇත. කෙසේ වෙතත්, දිවි ගලවාගෙන විදේශගත වූ අයවළුන් විසින් දැන් ටිකෙන් ටික ප‍්‍රසිද්ධියට පත්කරන, අධිකරණයක් ඉදිරියේ සාක්ෂි වශයෙන් භාරගත හැකි, අත්දැකීම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඉදිරියේ, ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නග්න අපලාපනයන් දීර්ඝ කාලීන විසඳුමකට ඔරොත්තු නොදෙනු ඇත.
2. ‘උගත් පාඩම් කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සහ ජාතික සංහිඳියාවේ ප‍්‍රවර්ධනය

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පැවැත්වෙන අතරතුරේ නිකුත් කළ හදිසි අන්තර්කාලීන නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දුවක් නොගත් බවට එදා එම කොමිසමේ සැසිවාර පැවැත්වෙන අතරේ පවා එහි සාමාජිකයෝ සිය කණස්සල්ල පළකළහ. අදත් ඔවුන්ට සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අවසරය ඇතොත්, තමන්ගේ අවසන් නිර්දේශ ආණ්ඩුව මගින් ක‍්‍රියාත්මක නොකර මගහැරීම ගැන ඔවුන් කණස්සල්ලට පත්වෙනවා නිසැකයි. යුද්ධය අවසන් වී අවුරුදු තුනකටත් වැඩි කාලයක් ගතව ඇතත්, උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වා නැත. එකම හේතුව, ඒ මැතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත්වන බවට ආණ්ඩුව තුළ ඇති හැඟීමයි. අතුරුදහන් වූ පුද්ගලයන්ට අදාළ වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන්, වින්දිතයන් මුල්කරගත් සංහිඳියා ක‍්‍රියාවලියක් ඇත්තේම නැති තරමි. යුද්ධයේ වැන්දඹුවන්, යුද්ධය නිසා අනාථ භාවයට පත් දරුවන්, පිරිමින් නැති පවුල් සහ යුද ආබාධිතයන් වැනි පිරිස් සඳහා වන ආධාර සහ ජීවිකා සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම් හැරුණු කොට ආණ්ඩුවේ ආධාර වැඩපිළිවෙලක් ඇත්තේම නැති තරම් ය. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව පුනරුත්ථාපනය කළ බවට ආණ්ඩුව ඉහළින්ම පාරට්ටු කරන අතරේ, 500 කට අධික රැුඳවියන් පිරිසක් (අවුරුදු 10 කටත් අධික කාලයක් තිස්සේ*, නඩු දැමීමකින් හෝ වරදකරු කිරීමකින් තොරව, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ තවමත් අත්අඩංගුවේ පසුවෙත්. බොහෝ විට, ඔවුන් කළ වැරදි වශයෙන් පවතින්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ නෑයෙකු ගැන තොරතුරු බලධාරීන් වෙත වාර්තා නොකිරීම හෝ එවැන්නෙකුට කෑමබීම දීමාදිය හෝ රැුකවරණ සැපයීම වැනි සිදුවීම් ය. හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් වන කරුණා සහ කේ.පී. වැන්නන්ට ආණ්ඩුව දක්වන උදාර දයාව, එල්.ටී.ටී.ඊ. හිතවාදියාට හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නොමග ගිය ත‍්‍රස්තවාදී ව්‍යාපාරය තුළ බිල්ලට පත් දිළිඳු දෙමළ ගැමියාට ආණ්ඩුව දක්වන බවක් පෙනෙන්නට නැත.

ලලිත් වීරතුංග සහ මොහාන් පීරිස් කමිටුව, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ඒවායේ සැබෑ අරුතින්, කඩිනමින් සහ පරිපූර්ණව කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබුණි නම්, ශ‍්‍රී ලංකාවේත්, එහි වෙසෙන සකල ජනතාවගේත් අනාගතය මීට වඩා යහපත් වන්නට තිබුණි. ජිනීවා නුවරදී ලෝකයා අපට කියන්නේ වෙන කිසිවක් නොව, එයයි.

*2013 මාර්තු 05 වැනි දා  පළවූ  Geneva And The Implementation of The LLRC ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page