24 June, 2025

Blog

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද?

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය පළාත්පාලන මැ තිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබ) විසින් වැඩිම ඡන්ද ප්රමාණයක් ලබාගත් නමුත් පසුගිය මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්රමාණයේ විශාල අඩුවක් දක්නට ලැබේ. ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද අත්ව ඇත්තේ එම ඉරණම මයි.

අප නිදහස ලබන විට ප්රධාන දේශපාලන පක්ෂ වූයේ එජාප සහ ලසසප යි. දශක ගණනාවකට පසුව එජාප සහ ශ්රීලනිපද ප්රධාන පක්ෂ විය. ශ්රීලනිප පසුව ලසසප සහ කොප සහ තවත් පක්ෂ සමඟ සන්ධාන ගතවී පොදුජන එක්සත් පෙරමුණ බිහිවිය. පළමුව පැරණි වමද දෙවනුව එජාප සහ ශ්රීලනිපද ජනප්රියත්වයෙන් ගිලිහි ගියේය. ඉන්පසුව එජාප වෙනුවට විපක්ෂයේ බලය ලබා ගත් සජබ ද ශ්රීලනිප වෙනුවට ආණ්ඩු බලය ලබාගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණද උපත ලැබිය.

ශ්රී ලංකාවේ ප්රථම වතා වට පොදුජන පෙරමුණේ ජනතා ඡන්දයෙන් තෝරාගත් ජනාධිපතිවරයා ජනතා විරෝධතා මගින් පන්නා දමනු ලැබිය. මෙම විරෝධතා පළමුව අවිහිංසාවා දී වුවත් ආණ්ඩු පක්ෂයේ හිංසනයට ප්රතික්රියා වශයෙන් මහජන විරෝධයද හිංසාකාරී වූ අතර පසුව අයුතු ජනරාශි එයට මැදහත් විය. ලංකාවේ සන්නද්ධ කැරලි තුනක් ඇතිවූ නමුත් රාජ්ය නායකයා මේ අයුරින් පන්නා දැමීමට නොහැකි විය.

පත්කළ ජනාධිපතිවරයා විසින් පන්නා දමනු ලැබූ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පුර්ණ කළ අතර නව ජනාධිපතිවරයා ජාත්යන්තර මුල්ය අරමුදලේද සහාය ඇතිව බංකොලොත් ස්වභාවයෙන් රට මුදවා ගත්තේය ඉන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මහජන ඡන්දයෙනි.

සාධාරණ හේතු තිබුනත් ජනතාව විසින් පවතින ආණ්ඩුවද විපක්ෂයද ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සුබදායක නොවේ. මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවති අතර සම්ප්රදායික පක්ෂ එකිනෙක අහෝසි වූයේ ඒ අනුවයි.

ලංකාවේ මහජන මතය අන් බොහෝ රටවල මෙන් ක්ෂණික ප්රතිඵල අපේක්ෂා කරන අතර ඔවුන් ක්ෂණික ප්රතිලාභ ද බලාපොරොත්තු වේ. වර්තමාන ආණ්ඩුව පොරොන්දුවූ පරිදි ප්රතිඵල පෙන්වීමට අසමත්ව තිබේ. එහි ප්රතිවිපාක ඔවුන් විසින් විඳදරාගත යුතුව ඇත. නමුත් ලංකාවේ ආර්ථිකයට තවත් ආණ්ඩු පෙරලීමේ විරෝධතා  ව්යාපාරයක් දරා ගැනීමේ හැකියාවක් නැත.

ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව වූයේ රාජ්යයට දරා ගත නොහැකි ප්රතිලාභ ජනතාවට ලබාදීමයි. මේ ප්රතිලාභ වූයේ රාජ්ය ආයතන විසින් බෙදා හරින ලද විදුලි බලය සහ ඉන්ධන එහි පිරිවැයට වඩා අඩු මුදලකට ජනතාවට දීමත් ඵලදායිතාවයෙන් අඩු විශාල සේවක පිරිසක් රාජ්ය අංශයේ තබාගැනීමත් ආණ්ඩුව සන්තකයේ පාඩු ලබන වාණිජ ව්යාපාර පවත්වාගෙන යාමත්ය. මෙම ක්රියා වලියෙන් වාසි ලැබූ ඡන්දදායකයන් කල්පනා කළේ ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව රාජ්ය බලය හෙබවූ දේශපාලන පක්ෂ විසින් රාජ්ය දේපළ සොරකම් කිරීම බවයි. ජාජබ විසින් ආණ්ඩු බලය ලබා  ගැනීම උදෙසා මෙම සංකල්පය ජනගත කරන ලදී. රටේ සංවර්ධනය උදෙසා ද ආයෝජන ගෙන්වා ගැනීම උදෙසා ද දුෂණය අවම කළ යුතු අතර රාජ්ය කටයුතු විනිවිද භාවයකින් යුක්තව කළ යුතු නමුත් ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව දුෂණය නොවේ.

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා වට පදනම් වූ රාජ්ය ණය තිරසාරත්වය පිලිබඳ නැවත විශ්ලේෂණයක් කරන බව ජාජබ මැතිවරණ ප්රකාෂණයේ සඳහන් වුවත් ජනාධිපතිවරයා බලයට ඒමට පෙර කියා සිටියේ මූල්ය අරමුදල සමඟ එකඟතාව දිගටම පවත්වා ගෙන යන බවයි. මෙය රටේ පැවැත්ම සහ ආණ්ඩුවේ පැවැත්ම සඳහා ගත හැකි සුදුසුම පියවරයි.

මූල්ය අරමුදලේ තුන්වන වාරිකය ගෙවීම ආණ්ඩුවේ 2025 අයවැය ඉදිරිපත් කරන තෙක් පමාවිය. එය ගෙවනු ලැබුවේ ඉන් පසුවය. දැන් හතරවන වාරිකය ගෙවීම විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කරන තෙක් පමා කර තිබේ. මූල්ය අරමුදල සමඟ වූ එක් කොන්දේසියක් වන්නේ විදුලි බලය සහ ඉන්ධන සඳහා පිරිවැය මත පදනම් වූ මිල ක්රමයකි. ආණ්ඩුව ඉන්ධන සඳහා මෙය ක්රියාත්මක කළ අතර විදුලි බලය සඳහා  එය ක්රියාත්මක කිරීම පැහැර හැරියේය. එබැවින් විදුලි බිල ළඟදීම ඉහල යනු ඇත.

මෑතකදී ජනාධිපතිවරයා ඉතා ප්රශස්ත ආකාරයට මෙම මිල සූත්රය පැහැදිලි කරනු මම අසා සිටියෙමි. ඔහු අතීතයේදී කී දේ පදනම් කරගෙන ඔහු විවේචනය නොකළ යුතු යයි සිතමි. මක් නිසාද යත් එය කිරීමට ඔහු අසමත් වුවහොත් රට අර්බුදයකට යනු ඇත. ඔහුගේ ක්රියා වලට ප්රතිවිපාක ඔහු විසින් විඳිය යුතුය. යම් හෙයකින් මලිමා වට ඡන්දය දුන් දුර නොදක්නා ජනතාව මෙයට විරුද්ධ වුව හොත් අප විසින් ආණ්ඩුව ආරක්ෂා කළ යුතු වේ. ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරගත් පනත අනුව විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමත් විදුලි පිරිවැය වැඩි කිරීමට දායක වන අකාර්යක්ෂමතා සහ නාස්ති විදුලි බල මණ්ඩලයෙන් ඉවත් කිරීමත් පද්ධතියට පුනර්ජනනීය විදුලි බලයේ දායකත්වය වැඩි කිරීමත්ය. ආණ්ඩුවේ දැක්මේ ඇති දුගී බව නිසා හෝ කෙටි දුර පමණක් පෙනෙන මාලිමා ඡන්ද දායකයන්ට ඇති බිය නිසා හෝ මේ කටයුතු සිදුවන්නේ නැත. විදුලි බල මණ්ඩලයේ වෙබ් පිටුවට අනුව එහි අවසන් වාර්ෂික වාර්තාව නිකුත් වී ඇත්තේ 2022 වර්ෂය සඳහාය. මේ පමාවට වගකිව යුතු අය සේවයෙන් ඉවත් කිරීමට සුදුස්සෝ වෙති.

රජය සතු ව්යාපාර ආර්ථික වශයෙන් සහ වෘත්තීමය වශයෙන් සාධනීය ලෙස පවත්වා ගෙන යාම සඳහාත් භාණ්ඩාගාරයට මේවයින් ඇති අයහපත් බලපෑම සමනය කිරීම සඳහාත් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට මේවා යේ ආයෝජනය කිරීම සඳහාත් රාජ්ය වාණිජ ව්යාපාර කළමනා කරණය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව සහ එය කැබිනට් මණ්ඩලය අනුමත කළ බව 2025 අප්රේල් 29 දින කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස ප්රවෘත්ති සාකච්ඡාවේදී කීය.

මෙය ජජබ පෙර ක්රියාකා රිත්වයට සහ ශ්රී ලන්කන් ගුවන් සමාගමට 2025 අයවැයෙන් මුදල් වෙන්කර එය ආණ්ඩුව යටතේ දිගටම පවත්වා ගෙන යාමට එරෙහි වන අතර එය ඉතාමත් හොඳ ක්රියාවක් බව සටහන් කළ යුතුය. මෙයින් පෙනී යන්නේ ආණ්ඩුව සිය පෙර වැරදි වලින් අනුක්රමයෙන් ඉවත් වන අතර සෙමෙන් නමුත් නිවැරදි තීරණ ගනිමින් සිටින බවයි.

ආණ්ඩුව අනුක්රමයෙන් ශ්රී ලංකාවේ සමාජවාදය පිලිබඳව ඇති වැරදි මතවාද නිශේධනය කරමින්ද එම මතවාදවලට ආශීර්වාද කළ මුග්ධ ජනතාව තුෂ්නිම්භූත කරවමින්ද සිටියි. ඔවුහු ක්රමක්රමයෙන් මෙරටට අවශ්ය ධනේශ්වර ප්රතිසංස්කරණ කරමින් සිටිති. මෙය කළ හැක්කේ ඔවුන්ට පමණි. යම් හෙයකින් එසේ නොකළ හොත් ආණ්ඩුවේ විනාශය ඉතා කෙටි කලකින් සිදුවනු ඇත. එබැවින් අප සියලු දෙනාගේම සහයෝගය ඇතිව එය කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. වාමාංශික ආණ්ඩුවක් විසින් රට අවශ්ය ධනේශ්වර ප්රතිසංස්කරණ කිරීම උත්ප්රාසයකි. එනමුත් එය ශ්රී ලාංකික මොඩලයයි.

උත්ප්රාසය අවසන් නැත. ශ්රී ලංකාවට අවශ්ය සමාජවා දී ප්රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? එයට පෙර සමාජවාදී ප්රතිසංස්කරණ යනු මොනවාද? බොහෝ කාලයක සිට බොහෝ රටවල මෙන් ලංකාවේද ආදායම් බෙදීයාමේ විෂමතාවක් තිබේ. ජවිපෙ විසින්ද ජජබ විසින්ද මේ පිළිබඳව කථා කිරීමට පටන් ගත්තේ මෑතක දීය. රජයක් වශයෙන්  මේ ප්රශ්ණය ආමන්ත්රණය කිරීමට කළ හැකි එක් දෙයක් වන්නේ ගෙවීමට ශක්යතා වක් ඇති අය විසින් දරා ගනු ලබන ඍජු බදු වැඩි කිරීමත් ගෙවීමට ශක්යතාවක් ඇති නැති සියල්ලන් විසින් දරා ගනු ලබන වක්ර බදු අඩු කිරීමත්ය. බොහෝ කාලයක සිට ශ්රී ලංකාවේ ඍජු බදු සහ වක්ර බදු අතර අනුපාතය 20:80 විය. 2022 දී ඍජු බදු වැඩි වීමත් සමඟ මෙය වෙනස් විය.

මෙම අනුපාතය 40:60 මට්ටමට ගෙන ආ හැකි නම් ඉතා හොඳය. මේ සඳහා සමාජය පොහොසත් විය යුතු අතර වැඩි දෙනෙක් ආදායම් බදු  ගෙවිය යුතුය. එබැවින් මෙය කළ හැ ක්කේ අනාගත ධනේශ්වර ආණ්ඩුවකටයි. අනෙක් උත්ප්රාසය එයයි. යම් උදාහරණයක් දක්වන්නේ නම් වරෙක ධනේශ්වර ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමති වූ රොනී ද මැල්ගේ ආන්තික ආදායම් බදු අනුපාතය සමාජවා දී සිරිමා  බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් ඇමති ඇන්. ඇම්. පෙරේරාගේ ආන්තික අදායම් බදු අනුපාතයට වඩා වැඩිවිය.

ප්රශ්ණය වන්නේ මූල්ය අරමුදල සමඟ එකඟ වූ ධනේශ්වර ප්රතිසංස්කරණ කිරීමෙන් පමණක් ආර්ථික අර්බුදයෙන් ගොඩයා නොහැකි වීමයි. මේ ප්රතිසංස්කරණ ඉලක්ක කර ඇත්තේ රාජ්ය මූල්ය ස්ථාවරත්වයයි. එයට අමතරව අප විසින් ආර්ථිකය වැඩි අනුපාතයකින් වර්ධනය කර ගත යුතුය. ශ්රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය අනුව ආර්ථික වර්ධනයේ වැඩි බරක් තැබිය යුත්තේ අපනයනය ඉලක්ක කර ගත් විදේශ වෙළෙඳාමේ වර්ධනයකටයි. මේ සඳහා ආණ්ඩුවට පැහැදිලි දැක්මක් තිබිය යුතුය. ශ්රී ලංකාවේ මාධ්ය වාමාංශික ආණ්ඩු විසින් අනුදත් ආරක්ෂනවාදය ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ආරක්ෂනවාදය කිසිසේත්ම ප්රහාරාත්මක නොවේ. ප්රහාරාත්මක ආර්ථික ප්රතිපත්තියක විදේශ වෙළෙඳාම සඳහා වන තීරුබදු අඩුය. එම ප්රතිපත්තිය තුළ විදේශ වෙළෙඳ ගිවිසුම් ප්රමුඛත්වයක් ගනී. ඉන්දියාව යෝජනා කළ ආණ්ඩුව එකඟ නොවූ ඉන්දියාව හා ලංකාව අතර පාලමද මන්නාරම සිට ත්රිකුණාමලය දක්වා වූ අධිවේගී මාර්ගයද ඒ මගින් විශාල ආර්ථික වර්ධනයක් සහිත දකුණු ඉන්දියාව ලංකාවට සම්බන්ධ කිරීමද ප්රහාරාත්මක ආර්ථික ප්රතිපත්තියක අංග වේ. ඒ වෙනුවට ආණ්ඩුව ආරක්ෂාව සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට ලංකාව බැඳ තබා  ඇත.

ජාජබ ආණ්ඩුවේ බිඳ වැටීම සනිටුහන් කරනු ඇත්තේ අනාගත ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් දැක්මක් ආණ්ඩුවට නොමැති  වීමයි. එය රටටද අහිතකර ලෙස බලපානු ඇත.

Latest comments

  • 1
    0

    අපේ නායකයින්ට කතා කරන්න බැරි නිසා පිස්සු හැදෙනවා කියලා මම හිතන්නේ. ඔහු විශ්වවිද්‍යාල කැම්පස් එකක ඉගෙන ගන්න කොල්ලෙක් වගේ, විකාර කතා කරනවා…

    https://www.youtube.com/watch?v=Xtpvc6WoDIQ

    අපි මේකට ලැජ්ජයි… අද, ඔහු අවුරුදු 55 දී, ඔවුන් තවමත් පිස්සු බල්ලන් වගේ..
    . ඔවුන්ව වෙනත් පක්ෂ වලට ප්‍රසිදියේ හිරිහැර කරනවා. මට හිතෙන්නේ හරිම ප්‍රතමිකයි කියල..ඔවුන්ව බලයට ගෙන එන්නේ බලහත්කාරයෙන්… ඒක සාමාන්‍ය උගත් යට තේරෙන්න ඕනේ, නමුත් කවදාවත් අත්දැකීම් නැති මෝඩයෙක් කොහොමද ඉදිරියට යන්නේ? අනුර කුමාර අඩුම ගන්නේ, පොඩි ලමියින්ගෙන් ඉගෙන ගත යුතුයි.
    .
    බුකිනා ෆාසෝ වල ඉන්න අය මම දන්නවා. මට යාලුවෝ කිකිහිප දෙන්නෙක් හිඉටිය එය ප්‍රංශ කතා කොරන්නේ, එනමුත් ඉංගිරිසිසහ ජර්මන් කතා කොරනවා අපේ රටේ යට අවදා භාෂා ශාකෂර තව ය ඉතාම ම ඉහලයි…
    . ඔවුන් හරිම දක්ෂයි.. ඒ පොඩි රටේ මිනිස්සු ගොඩක් භාෂා කතා කරනවා. ලංකාවේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තම, ඔවුන්ගේ නහය ඉහළට යනවා. මම හිතන්නේ, අපේ රටේ මේ භාෂා දැනුම වෙඩි කොරන්නේ හරියට ඉන්වෙස්ට් කොරන්න වෙනවා… එය කල යුතුමයි…
    මොන පිස්සු බල්ලෙක් බලයට මිනිසුන් අතර වෛරය වපුරන්නේ නෙතිව වේද කොළ යුථුඉ.. මම අනුර කුමාරගේ මේ ගතිය 1% කත දකින්නේ නැහැ… එක අපිට ශාපයක් වෙනවා අනාගතයේදී මෙවැනි යක්කු වගේ එවුන් නායකයෝ කොරල කාලය කනකොට.

  • 1
    0

    Despite the fact that Bukino Faso has abundant soil resources, I believe our country is lacking in genuine leaders. I am impressed by the young leader of Bukino Faso, Ibrahim Taorere, who expresses his views to the West and the world in a more powerful manner than our AKD or Dr. Amarasooriya does.

    https://www.youtube.com/watch?v=gZOPYeatvg4

    Through religious propaganda, we should not manipulate people’s mindsets, is the message sent around the world by BF’s young leader in rejecting SAUDI’s offer to build over 200 mosques in BK. According to him, it is different because schools for unschooled children, rather than mosques, should be prioritized over other necessities.
    However brilliant the leader of Taorer should be…. God bless that country, which was captured by colonial powers and destroyed for decades.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.