

හර්ෂ ගුණසේන
ජනාධිපතිවරණයට පෙර මම සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටියෙමි. ජනාධිපතිවරණයෙන් පසුව කුමක් වේදැයි යන ප්‍රශ්ණය නැගුන විට මා කීවේ අනුර කුමාර දිසානායක ජය ගත හොත් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාෂණයේ ණය තිරසරභාවය පිලිබඳ විශ්ලේෂණය නැවත සාකච්ඡා කරන බව තිබුණත් ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව අනුව වැඩ කරගෙන යනු ඇති බවත් ඔවුන්ගේ ප්‍රශ්ණය වන්නේ රාජ්‍යය කුඩා කිරීම ආශ්‍රිත ධනේශ්වර ප්‍රතිසංස්කරණ කිරීමට ඔවුන් අසමත් වීම හරහා මුල්‍ය අරමුදල සමඟ සමඟ ඇති එකඟතාව පවත්වාගැනීමට වන අපහසුතාව හේතුවෙන් ඔවුන් අර්බුදයකට යනු ඇති බවත්ය.
ජනාධිපතිවරයා ‘රාජාසන කථාව’ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව zoom හරහා ඇතිවූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ කතිකාව වැඩසටහනේදී ජනාධිපතිවරයා වෙනත් ජවිපෙ නායකයන් සමඟ සැසඳීමේදී දකුණට බර කෙනෙක් බවත් ජනාධිපතිවරයා මුදල් ඇමැති වීම මගින් පාර්ලිමේන්තුව සතු මුදල් පාලනය එයින් ගිලිහෙන බැවින් මා ප්‍රතිපත්තිමය වශයෙන් එය අනුමත නොකලත් මුදල් අමාත්‍යංශය ජනාධිපති විසින් දැරීම සුදුසු බවත් කීවෙමි.
බලයේ සිටින්නේ මාලිමාව නොව ජවිපෙ බවත් ඔවුන්ගේ වාමාංශික ප්‍රතිපත්ති හේතුවෙන් අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පමා වන බවත් යම් හෙයකින් ජනාධිපතිවරයාට සිය ස්ථාවරය තහවුරු කර ගත හැකි නම් තත්ත්වය වෙනස් වනු ඇති බවත් කීවෙමි. අයවැය කථාවේදී සිදුව ඇත්තේ එයයි.
ලංකාවේ ජනතාව ආණ්ඩුව විසින් රාජ්‍ය ව්‍යවසාය විකිණීම පිළිබඳව කම්පා වෙති. ඔවුන් ඒවා හඳුන්වන්නේ ජාතික සම්පත් ලෙසය. මම එවැනි අයගෙන් මයික්‍රෝ සොෆ්ට් ආයතනය ඇමෙරිකාවේ ජාතික සම්පතක් නොවේදැයි අසන්නට පුරුදුව සිටියෙමි. මෙම ආයතන අකාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේ වියදම දරන්නේ ඔවුන් බව ඔවුන්ට නොවැටහේ. ඔවුන් සිතන්නේ ආණ්ඩුව විසින් කෙසේ හෝ ඒවා පවත්වාගෙන යා යුතු බවය. පවත්වා ගෙන යන විට මෙම ආයතන බලයේ සිටින පක්ෂයේ අපහරණයට ලක් වේ. ඒවා විකුණන විට දේශපාලනඥයන්ගේ අන්තේවාසිකයන්ට ඒවා විකුණු අවස්ථා ඉතිහාසයේ තිබේ. ඉහත සඳහන් කළ ජනතාව මෙම ආයතන මනා විනිවිද භාවයකින් යුතුව විකුණන වාටද අකමැති වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුර කාලය තුළ කිසිම රාජ්‍ය ආයතනයක් ප්‍රතිසංවිධානය හෝ පුද්ගලීකරණය ප්‍රමාද කළේ විශේෂයෙන්ම ජවිපෙ විසින්ද සම්මාදම් වූ මෙම ඊනියා ජනමතය හේතුවෙන් යයි මම අනුමාන කරමි. දැන් සිදුවන්නේ ජවිපෙ මතවාදය ජවිපෙ විසින්ම නිශේධනය කිරීමයි. මෙය රටට යහපතකි. ඉදිරි වර්ෂ වලදී මෙරට වාම මතවාදය ජවිපෙ විසින් අතුගා දැමීමේ ඉඩක් තිබේ. එසේ නොවුන හොත් රට අතු ගෑවී යනු ඇත.
වාම මතවාදය ලෙස මා ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ විශාල රාජ්‍යයක් නඩත්තු කිරීමයි. ජවිපෙ ආදායම් බෙදීමේ විෂමතාව ගැන කථා කරන්නේ මෑතක සිටය. එයට පෙර මම ඒ ගැන කථා කර ඇත්තෙමි. ‘Rapid Response’ නමින් ජවිපෙ කොවිඩ් යුගයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔවුන් විසින් 1977 දී ඇතිකළ විවෘත ආර්ථිකය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. රනිල් වික්‍රමසිංහ නව ලිබරල් වාදියකු ලෙස හංවඩු ගැසුවත් ඔහු රාජ්‍ය නියාමනය ශක්තිමත් කරන නව ලිබරල් වාදයට එරෙහි පනත් විශාල සංඛ්‍යාවක් සම්මත කර ගෙන ඇත.
වර්ෂ 2025 සඳහා වන අයවැය කථාවේ යම් දක්ෂිණාංශික නැඹුරුවක් සහිත යෝජනා පහත දැක්වේ.
මෙරට භාවිතා වන උසස් තත්වයේ අමුද්‍රව්‍ය දැරිය හැකි මිලකට ආනයනය සඳහා තීරු බදු සංශෝධනය කරන බව ජනාධිපති වරයා අයවැය කථාවේදී කීය. මෙය ආනයනය නොකර අපනයනය කිරීමට පමණක් බලා සිටීමට විරුද්ධ වේ. එමෙන්ම උපායමාර්ගික හවුල් කරුවන් සමඟ විශේෂයෙන්ම ආසියාන් සංවිධානයේ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය. මැතිවරණ ප්‍රකාශයේ සඳහන්වූ ආකාරයට පවතින වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීමක් නැත. විදේශ වෙළෙඳ ගිවිසුම් වලට ඉහත සඳහන් කල වාමවාදී දේශප්‍රේමී ජනතාව විරුද්ධය.
ජනාධිපතිවරයා අයවැය කථාවේදී රාජ්‍යය පමණට වඩා විශාල බව පිළිගත්තේය. ආයතන රැසක කාර්යයන්හි ඵලදායිතාව සමාලෝචනය කිරීමට කමිටුවක් පත්කර කුමන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කළ යුතුද වසා දැමිය යුතුද යනාදිය තීරණය කරනු ලැබේ. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය ව්‍යවසායයන් පරිපාලිතයන් (subsidiaries) ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරිත්වය සහ පාලනය ඇති පරිපාලක සමාගමක් (Holding Company) පිහිටුවනු ලැබේ. මෙම කටයුතු සඳහා පසුගිය රජය විසින් කමිටුවක් පත් කර මේ ආකාර නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. මෙම පරිපාලක සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කරන්නේ නම් සුදුසු යයි සිතමි.
එමෙන්ම ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිතා නොකළ ඉඩම් මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ප්‍රාදේශීය වැවිලි සමාගම්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වලින් පාලනය කරන ඌන උපයෝජිත ඉඩම්ද ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙන බවද කොළඹ වරායේ යෝජිත දෙවන බටහිර පර්යන්තය සහ උතුරු පර්යන්තය සම්බන්ධව ව්‍යාපෘති අභිලාෂයන් කැඳවීමට ද කටයුතු කරන බව ඔහු කීය. මේවා විකිණීම් නොවන විකිණීම් වේ. රටේ අවශ්‍යතාව එයයි.
රජය ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බවද ඔහු කීය. ලාභාංශ පිටරට ගෙන යාමේ විවේචනය දැන් වලංගු නොවේ.
රාජ්‍ය සහ පෞද්ගලිකත්ව සහභාගිත්වයෙන් හා රාජ්‍ය සහභාගිත්වයෙන් තොරව පෞද්ගලිකව අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන කලාප පවත්වාගෙන යාම සඳහා රජය විසින් සහයෝගය ලබා දේ. මෙම ආයෝජන කලාප යෝජනා විවිධ අයවැය මගින් යෝජනා කරතිබුණද ඒවා ක්‍රියාත්මක නොවිය.
ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ ආරක්ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂක පනතක්ද රාජ්‍ය සහ පුද්ගලික සහයෝගිත්වය සම්බන්ධ පනතක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු කීය.
ලාභාංශ නැවත ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක්ස්ථාපනය කරමින් මෙරට ව්‍යාපාරිකයන්ට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ඉවත් කරන බවද ඉඩම් වල වාණිජ භාවිතය වැඩි කිරීම සඳහා බිම්සවිය වැඩසටහන කඩිනම් කරන බවද ඔහු කීය. මෙම අරමුණෙන් ම අසුගිය ආණ්ඩුව ආරම්භ කල උරුමය වැඩ සටහන ගැන සඳහනක් නොවිය.
ඉහත සඳහන් කල යෝජනා වලට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ යෝජනාව කුමන රජයක් මගින් හෝ කළ යුතු එකකි.
සුළු හා මධ්‍ය පරිමාණ නැංවීම සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවන බවද එහි පළමු පියවර ලෙස රාජ්‍ය බැංකු හරහා සංවර්ධන බැංකු වල කාර්යය ඉෂ්ට කර ගැනීමට කටයුතු කරන බවද නවෝත්පාදන වාණිජකරණය සඳහා අරමුදලක් ඇතිකරන බවද අයවැය කථාවේ සඳහන් කරන ලදී. මෙම අරමුදල පාවිච්චි කරන ආකාරය ගැන විස්තරයක් නැත.එය ණයක් ලෙස නොව ආපසු අයකර ගැනීමේ ක්‍රමවේදයක් සහිත මූූලික ප්‍රාග්ධනය සැපයීමක් විය යුතු යයි සිතමි.
පහත සඳහන් යෝජනා අයවැය පිළිබඳව වන විවේචන වේ.
පොහොර සහනාධාරය සඳහා රු.බිලියන 35 ක් වෙන් කර ඇති අතර වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රු. බිලියන 78 ක් වෙන්කර ඇත. කෘෂි ක්ෂේත්‍රයේ ඵලදායිතාව වර්ධනය සඳහා වෙළඳ බෝග කුඹුරු ඉඩම් වල වගා කිරීමට ඉඩ දිය යුතුය. ගොවිජන සංවර්ධන පනත අනුව මේ ඉඩ අහුරා ඇත.
වී මිලදී ගැනීම සඳහා වෙන්කර ඇති රු.බිලියන 5 ක මුදලත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා වෙන් කර ඇති මුදලත් නාස්තියක් වනු ඇත. ගුවන් සමාගමට මේ මුදල වෙන් කර ඇත්තේ ණය ආපසු ගෙවීමට සහ පොලිය ගෙවීමටයි. පවතින ණය ගෙවීම නිසා නැවත ණය ගැනීමට සමාගමට හැකිවනු ඇත. සමාගම මෙහෙයුම් වියදමට වඩා වැඩි ආදායමක් ලබන නිසා රජයෙන් ඒ සඳහා මුදල් නොගෙවන බව ජනාධිපතිවරයා කීය. බොහෝ විට සිදුවිය හැක්කේ ඉදිරි අයවැයකින් නැවත ණය ආපසු ගෙවීම සඳහා මුදල් වෙන් කිරීමයි. අයවැය කථාවේ උපලේඛන III අනුව වියදම් යෝජනා වලින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ වැටුප් වැඩිකිරීම සඳහා රු. බිලියන 110 ක් වන අතර දෙවන විශාල ප්‍රතිපාදනය ගුවන් සමාගමටයි. මෙය පොදු දේපල අවභාවිත කිරීමක් බවත් පසුගිය ආණ්ඩු කළ අපරාධයට වර්තමාන ආණ්ඩුවද සම්මාදම් වන බවත් මෙහිලා නිශ්චිතව සඳහන් කරනු කැමැත්තෙමි.
එමෙන්ම නව පත්වීම් සඳහා වන ඇබෑර්තු දැනට සේවයේ දී සිටින බොහෝ විට ස්ථිර කාර්යයක් නැති උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගෙන් නොපුරවන්නේ මන්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුය. සමහර විට ඔවුන් පවතින ඇබෑර්තු සඳහා නුසුදුසු විය හැකිය. එනමුත් ඒ පිළිබඳව අවම උත්සාහයක් හෝ ගෙන නැත.
අයවැය ඇස්තමේන්තු අනුව රජය 2024 වසරට වඩා 2025 වසරේදී වක්‍ර බදු වලින් රු. බිලියන 571 ක්ද තීරුබදු වලින් රු. බිලියන 174 ක්ද බලාපොරොත්තුවේ. මෙටර් රථ ආනයනයේදී අයකරන බදු ඉහත වර්ග දෙකටම අයත්වේ. පසුගිය පෙබරවාරි 19 දින CMA ආයතනය විසින් පවත්වන ලද 2025 අයවැය පිලිබඳ සම්මන්ත්‍රණයේදී KPMG ආයතනයේ සුරේෂ් පෙරේරා මෝටර් රථ ආනයනය වෙනුවෙන් පනවා ඇති බදු පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් එම බදු බොහෝ සෙයින් වැඩි බවත් බදු අයකිරීමේ මූලධර්ම අනුව එක්තරා මට්ටමකට වැඩියෙන් බදු පැනවුවහොත් බලාපොරොත්තුවන මුළු බදු ආදායම නොලැබිය හැකි බවත් කීය. මෙයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව ප්‍රකාශ කළේ මෝටර් රථ බද්ද අසාධාරණ විය හැකි නමුත් රජයට මේ මගින් “කෙසේ හෝ” රු. බිලියන 300 ක් අවශ්‍ය බවත්ය. මේ අනුව ඉහත බදු දෙවර්ගයෙන් වැඩිවන රු. බිලියන 745 න් රු. බිලියන 300 ක් මෝටර් රථ ආනයනයෙන් රජය බලාපොරොත්තුවේ.
ඒ අනුව රජය මෝටර් රථ ගෙන්වන්නේ ඒ මගින් ලැබෙන බද්දේ ඒකායන බලාපොරොත්තුව මතය. මෙය අවදානම් සහගත සූදුවකි. රු. බිලියන 300 කින් වියදම් වැඩි කළේ මේ ආදායම බලාපොරොත්තුවෙනි. යම් හෙයකින් සුරේෂ් පෙරේරා සඳහන් කරන ආකාරයට මේ ආදායම නොලැබුනොත් හෝ විදේශ වෙළෙඳාම සම්බන්ධයෙන් ඩොලරයට ඇතිවන බලපෑම හේතුවෙන් මේ ආනයනය නැවත සිමා කිරීමට රජයට අවශ්‍ය වුවහොත් හෝ ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් බරපතල ගැටලුවකට මුහුණ පාන්නට රජයට සිදුවේ.
සාමාන්‍යයෙන් මෙරට අයවැය ලේඛන වල පොදු ලක්ෂණයක් වනුයේ අයවැය යෝජනා ක්‍රියාත්මක නොකිරීමයි. ආණ්ඩුවට ඇති මුදල් අපහසුතා නිසා මේවා කුණු බක්කියට විසිවේ. ප්‍රථමයෙන්ම මෙයට මුහුණ දෙන්නේ ප්‍රාග්ධන වියදම්ය. වෙනත් වචන වලින් කිවහොත් මේ මොහොතේ අත්‍යවශ්‍ය වූ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන මුදල්ය. එසේ කැපෙන්නේ වැටුප් වැනි පුනරාවර්තන වියදම් කෙසේ හෝ කළ යුතු නිසාය. උදාහරණයක් දෙන්නේ නම් 2024 සඳහා ප්‍රාග්ධන වියදම රු.බිලියන 1701 ක් ඇස්තමේන්තු කර ඇති අතර 2024 ජුනි වන විට වියදම් කර ඇත්තේ රු. බිලියන 245 කි. කාර්ය සාධනය 14.4%කි. ජුනි වන විට මෙය 50% ආසන්නයේ තිබිය යුතුය.මුළු ආදායමේ කාර්ය සාධනය 45.3% ක් වන අතර පුනරාවර්තන වියදමේ කාර්ය සාධනය 42%කි. (2024 අයවැය ඇස්තමේන්තු– මුදල් අමාත්‍යංශය) එමෙන්ම 2023 අයවැය යෝජනා වලින් ඉෂ්ට කර ඇත්තේ 16% ක් පමණි. 2022 වසරේ එය 4% ක්වූ අතර 2021 වසරේ එය 6% කි. (www.publicfinance.lk) එබැවින් මේ අයවැය යෝජනා මම බරපතල ලෙස ගණන් නොගනිමි. ඒ ගැන විවාද කිරීම නිෂ්ඵල කාර්යයකි. ඒ ගැන සැලකිල්ල යොමු කළ යුත්තේ ඒවා ඉටුවූ පසුවය. එනමුත් අයවැයෙන් පෙනෙන්නට තිබෙන දක්ෂිණාංශික නැඹුරුව හෙවත් ජවිපෙ ප්‍රතිපත්ති ස්ථාවරයෙන් විතැන් වීම යථාර්තයක් වන ලකුණු පෙනෙන්නට තිබේ.
leelagemalli / February 21, 2025
ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ගියේය. බොහෝ දේ පිළිබඳ අවම දැනුමක් AKD සතුව නොමැත. මෙය දිනෙන් දින පැහැදිලි වෙමින් පවතී. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ, ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බවයි.
–
ඔවුන් කතා කළේ සහ පොරොන්දු දුන්නේ අන් අය මෙන් නොවේ. නව සංස්කෘතියක් ගැන කතා කළ අය, අද කරන්නේ කුමක්ද? අද ඔබ ජාතික ආරක්ෂාව ලෙස දකින්නේ කුමක්ද? සෑම කෙනෙකුම ප්‍රශ්න කරන්නේ, ඔවුන් එය සාර්ථකව කළමනාකරණය කරන්නේ නම්, මාධ්‍යයට උඩඟු කතා හැර … මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ඉදිරියේ බොරු කියයි, මාධ්‍ය නිසි ප්‍රශ්න මතු නොකරයි… ඇයි? රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම 89-භීෂණ යුගය ගැන මුමුණයි.
–
සියල්ලටම වඩා, අද ඔවුන්ගේ ඉලක්ක එක පොරොන්දුවක් හෝ ඊට ආසන්න එකක් නොවේ. ප්‍රශ්න කළහොත්, ඔවුන් එසේ නොකියූ බව පැවසීමට ඔවුන් නිර්භීත ය. ඔවුන්ගේ බොරු අන් අය මෙන් දිගටම පවතී. සමහර දේශපාලනඥයින් සඳහා ආරක්ෂාව කපා හැරීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් තම රැකියා කපා හැරීම පමණක් නොවේ, නමුත් ඔවුන්ට තවදුරටත් වැටුප් ගෙවනු ලැබේ, කෙසේ වෙතත් ඔවුන් එය නිසි ලෙස කළමනාකරණය කර නොමැත.
/
leelagemalli / February 24, 2025
සියල්ල වැරදුනහොත්, සමහර නායකයින් ආගමික වන්දනාමාන යොදා ගනිමින් රැවටිලිකාර ජනතාව ආකර්ෂණය කර ගැනීමට සෑම උත්සාහයක්ම දරන්නේ එම ගෞරවය හිමි රටේ එවැනි ස්ථානයකට වන්දනාමාන කිරීමෙනි.
අතිගරු තඹුත්තේගම බුරම්ෆි සින්චෝ විසින් උපුටා දක්වන ලදී (2021 දී, එවකට ජනාධිපති ගෝඨාභය වෙත ඇඟිල්ල දිගු කරමින්).
–
https://www.youtube.com/watch?v=aaI7zXPQysA
AKD අද කරන්නේ කුමක්ද? ඔහු සරමක් ඇඳගෙන උඩු යටිකුරු වී සිටිනවාද? ඔහු පැවසූ දේ ඔහුට බූමරංගයක් නොවේද? පට්ටපල් බෝරු (අන් කිසිවෙකු මෙන් අමූලික බොරු) මත පදනම් වූ AKDISM ප්‍රවර්ධනය කළ අපගේ පිංගෝනාවරුන්ට අපි අනතුරු ඇඟවූයේ මෙයයි. ඔහු අද දේශනා කළ සියල්ල බිඳ දමමින් සිටී – ජනාධිපතිවරයාට ලැජ්ජයි!
/
leelagemalli / February 21, 2025
මම හිතන්නේ මිනිස්සු ආයෙත් රැවටුනා. අද ඔවුන් වැඩ කරන්නේ වැඩිවියට පත් වූ යෞවනයන් වගේ. එකතු කිරීම හෝ වී හෝ ජාතික ආරක්ෂාව නඩත්තු කිරීම සම්බන්ධයෙන් වේවා, ඔවුන් ඔවුන්ගේ දුර්වල හැකියාවන් පෙන්වා දී ඇත. ඔවුන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් රැස් කරන්නන් ආරක්ෂා කරයි. AKD කිසිසේත් පිරිසිදු නැත, නමුත් ඉහළ ශ්‍රේණියේ විශාල බොරුකාරයෙකි. ඔහු අද ඔහුගේ කතාවලට සහභාගී නොවන බැවින් ඔහුගේ මැලවීම බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පෙනෙනු ඇත.
.
මේ රට සාන්තුවරයන්ට වඩා වැරදිකරුවන්ගෙන් පිරී ඇත.
රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඔවුන්ගෙන් පිරී ඇත. එබැවින් ඔවුන් සමඟ පමණක් වැඩ කළ හැකි ඕනෑම නායකයෙකුට මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ සමාජය නැවත ගොඩනැගීම මන්දගාමී චලනයකින් කළ යුතු බැවිනි. අද සිට හෙට දක්වා එය ක්‍රියා කළ නොහැක. හොඳ පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා එය වැඩි ආයෝජනයක් කළ යුතුය. මාධ්‍ය එම විශාල උත්සාහය තුළ තම යුතුකම් වඩා හොඳින් දැනුවත් වීමට දශකයක් ගත විය හැකිය. මේ රටේ ප්‍රධාන බාධකය මාධ්‍යයි. සාක්ෂාත් කරගත යුතු ඕනෑම යහපතක්. නීතිඥයින් සහ ඔවුන්ගේ කණ්ඩායම් ලෙස මාධ්‍ය ඉතා ආත්මාර්ථකාමී ය. කුණු කඳු පැවතීම එම ප්‍රදේශවල බොහෝ දෙනෙකුට වාසිදායක වන්නේ ඔවුන්ගේ ජීව ශක්තිය විනාශ කිරීමට වඩා එයින් බැඳී ඇති බැවිනි. ඒ නිසා අපේ රටවල ද විශාල නගර මධ්‍යයේ කුණු කඳු පවතී: දකුණු ආසියාව යනු අනෙකුත් භූගෝලීය ස්ථාන හැර ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශ සමූහයකි. ලෝකය ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළහොත්, දුප්පත්කම යාචකයින්ගේ තුවාල මෙන් පවතිනු ඇත.
/
leelagemalli / February 21, 2025
ආපසු හැරී බලන්න, සංසන්දනය කරන්න, එවිට එය ඔබේ වසා දැමූ මනස විවෘත කරනු ඇත.
.
රටකජු විකිණීමට සහ බොරු කීමට AKD දක්ෂ විය හැකි නමුත්, රටක් පාලනය කිරීමට ඔහු දක්ෂ නොවන බව පැහැදිලිය. බලයේ සිටින මිනිසා දැන් මුහුණ දෙන දේ බලන්න.
ඔහු එදා රට පාලනය කළේ නම්, අද උසාවි කාමරවල අත්අඩංගුවට ගත් අය ආරක්ෂා කිරීමට නොහැකි නම් ඔහු ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන්ගේ දින 100 සමඟ සසඳන විට සිරිසේන සහ AKD අතර වෙනස කුමක්ද?
–
මෙම L මණ්ඩල නායකයාගේ පාලනය යටතේ ජාතික ආරක්ෂාව කෙතරම් පහත් මට්ටමකට ඇද වැටී තිබේද? කාංසාවන් පෙර නොවූ විරූ ලෙස වර්ධනය වෙමින් පවතී.
ඒ සමඟම, එය දුෂ්ට රාජපක්ෂ බලවේග නැවත බලයට පත්වීමට උපකාරී වේ. උපාධි මාතෘකා නොසලකා, මිනිසුන් ඇත්තටම කියන්නේ මොවුන් යොවුන් දේශපාලනඥයන් හා සමාන බවයි. එකම විකල්පය වන්නේ රටේ ආර්ථික පුනර්ජීවනය අත්කර ගන්නා තෙක් වසර කිහිපයක් සඳහා සියලුම දේශපාලන නියෝජිතයින්ගෙන් සමන්විත කොමිසමක් මගින් පාලනය කිරීමට ඉඩ දීමයි.
/
leelagemalli / February 21, 2025
හර්ෂ, උන් තාමත් එහෙම කරනවා. උන් සංජානන අක්‍රමිකතාවයෙන් පෙළෙනවා. මාධ්‍ය පවා හැසිරෙන්නේ කවුරුහරි තමන්ගේ ඉන්ද්‍රියන් 5 කුලියට ගන්නවා වගේ. සාමාන්‍ය මිනිස්සු ඇත්තටම පෙනෙනවාට වඩා මෝඩයි. උන් හිතට එන ඕනම දෙයක් විශ්වාස කරනවා. අපේ “බණ්ඩාරවැල්ල දෙයියෝ” එදා කිව්ව දේ මතක නම්, අද එයා CT එකේ හැංගිලා ඉන්නවා. NPP එකේ එයාගේ සමීපතමයන් විසින් එයාව රවට්ටලා. මට මතකයි මගේ ආදරණීය නැසීගිය මහාචාර්ය කුමාර් ඩේවිඩ්. එයා ජීවතුන් අතර හිටියා නම්, පසුගිය හිස් මාස 4 තුළ AKD අත්කරගෙන තියෙන දේ ගැන පැහැදිලි විශ්ලේෂණයක් අපිට ගෙනත් දෙන්න තිබුණා.
.
උන්ට කවදාවත් නිශ්චිත න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි එයාලා දැනට පවතින ආර්ථික ප්‍රශ්න ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා එක්ක තර්ක කරන්න ප්‍රතික්ෂේප කළේ.
.
උන් තමන්ගේ වාචාලකම සතුටු කරන්න ඉඩ දුන්නා. මේ බල්ලෝ ඒක කරන්නේ කැපී පෙනෙන්න අයිතියක් දෙන විදිහට.
දැන් හොඳ RW දිහා ආපහු හැරිලා බලනකොට, එයා කවදාවත් එයාගේ දේශපාලනය ගැන පුරසාරම් දොඩන්නේ නැහැ, නමුත් 2022 ජූලි මාසයේ ඉඳන් පාතාලයෙන් ජාතියක් බේරා ගන්න බූරුවෙක් වගේ වැඩ කළා, අන්තිමේදී එයාව ප්‍රතික්ෂේප කළා. මම හිතන්නේ එයා ආයේ කවදාවත් මේ ජාතියට උදව් නොකළ යුතුයි. ඒක තමයි මගේ පැතුම. වැරදිකරුවන් මේ ජාතියේ නායකයන් වීමට සුදුසුයි. මට අපේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මම කවදාවත් ශ්‍රී ලාංකිකයන් සමඟ වැඩ කරලා නැහැ, මම ගෙදර යන අතරතුර පවා මම ඒ රටේ ජීවත් වෙලා නැහැ.
/
leelagemalli / February 22, 2025
විශේෂඥයින් පවසන්නේ අද වන විට ජාතික ජනතා බලය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන ඇති බවයි. සත්‍යය නම් ඔවුන් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 5 00 000 (මිලියන 0.5) කට පමණක් සීමා වී ඇති බවයි. ඔවුන්ට ඡන්දය දුන් අනෙක් බොහෝ දෙනෙක් ජාතික ජනතා බලයට ගරු කළහ.
–
1989-92 කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් මිලියන 5 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් මිනීමරුවන් සහ ෆැසිස්ට්වාදීන් ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මාධ්‍ය එය අපගේ ඉතිහාසයෙන් මකා දැමීය. කෙසේ වෙතත්, ජාතික ජනතා බලවේගයේ බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණ ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමෙන් වළක්වනු ලැබේ. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් පාලනය කරන බව කියනු ලැබේ. එය විශ්ව විද්‍යාලවල වේවා, වෘත්තීය සමිතිවල වේවා, ජනතා විමුක්ති පෙරමුණේ ෆැසිස්ට්වාදීන් පෙරමුණ ගත්හ. අද, පාලක රජයට එරෙහිව තවදුරටත් විරෝධතා නොමැති බැවින් එය වෙනස් වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ මේ ජාතියේ සැබෑ පිළිකාවයි, අපි අපේ ආර්ථිකය හොඳින් පවත්වාගෙන යාමට නම්, ඔවුන් සියල්ලන්ම අනෙකුත් රටවලට වඩා හොඳ අනාගතයක් සඳහා සිරගත කළ යුතුය.
/
leelagemalli / February 22, 2025
Apologies, not 5 millions but 50 000 of youth.
/
leelagemalli / February 23, 2025
They are like srilanken ahikuntika folk. sygonina in germany are like them.
https://www.youtube.com/watch?v=2vKhhqVNd4c&t=30s
/