Colombo Telegraph

කොළඹට පණිවිඩයක්: පොදුරාජ්‍ය මණ්ඩලීය රැස්වීම

ජේම්ස් මැන

ජේම්ස් මැන

ඉන්දියාව ජාත්‍යන්තර දුර්දශාවක දෝෂාරෝපණයට =අහේතුකව= ළඟදීම යටවෙනු ඇත.

1991 පටන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් සහ මිනිස් අභිමානය වෙනුවෙන් තිරය පසුපස කටයුතු කළ ප‍්‍රබල ආයතනයක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය යි. උදාහරණයක් වශයෙන්, තනි පක්ෂයක් බලය හොබවන රාජ්‍යයන්හි දේශපාලන නායකත්වය බහු=පාක්ෂික ක‍්‍රමයක් වෙත තල්ලූ කිරීමට එය සමත්ව ඇති අතර මැතිවරණවලින් පරදින නායකයන් එක දිගටම බලයේ රැුඳී සිටීම එම සංවිධානය මගින් අධෛර්යමත් කොට තිබේ. එය සතු මේ ප‍්‍රශංසණීය වාර්තාව දැන් නිස්කාරණේ නාස්ති වීමට ආසන්නයි.

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුව ලබන නොවැම්බරේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ, විවිධ අකටයුතුකම්හි නියැළුණු ආණ්ඩුවක් රජයන ශ‍්‍රී ලංකාවේ ය. මෙම හමුව එම ස්ථානයෙන් වෙන තැනකට නොයතොත්, එය එම ව්‍යාපාරය සතු යෝනිසෝ කාර්යභාරය අතහැරියා වන්නේය. එම ව්‍යාපාරයේ වැනෙනසුළු මහලේකම් කමලේෂ් ෂර්මා, මෙම රැුස්වීම පැවැත්වීමේ ස්ථානය මාරු කිරීමට විරුද්ධව සිටී. ඔහු, හිටපු ඉන්දියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන නිසා, ඒ පිළිබඳ වරද පැටවෙනු ඇත්තේ ඉන්දියාවට ය.

දැනටමත් එසේ සිදුවීමට පටන්ගෙන තිබේ. ඇතැම් විචාරකයන් කියන පරිදි, ශ‍්‍රී ලංකාවේ හිත නොරිදෙන සේ ක‍්‍රියා කිරීමට ෂර්මාට බලපෑම් කරන්නේ ඉන්දියාවයි. හේතුව, ලංකාවේ පැතිරෙමින් ඇති චීනයේ බලපෑම ඉදිරියේ ලංකාව තවදුරටත් අමනාප කර ගැනීමට ඉන්දියාවට ඇති නොකැමැත්තයි. චීනය ඉතා විශාල වශයෙන් ලංකාවේ ආයෝජනය කරයි. තමාට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් චීනයෙන් පිරිනැමෙන ඩොලර් මිලියන 9 ක මුදලක් ගැන වාර්තා වීම වැළැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ පුවත්පත් කතුවරයෙකුට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් දුන් බව ප‍්‍රසිද්ධ යි. කෙසේ වෙතත්, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයාගේ රාජකාරියට අකුල් හෙලීමට ඉන්දියාව මේ දක්වා කටයුතු කොට නැත.

නවදිල්ලියේ විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සහ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩලීය අංශවලට අනුව, ශ‍්‍රී ලංකාවේ නායකයන් සහ ඔවුන්ගේ හිතුවක්කාර ක‍්‍රියාකලාපය ගැන ඉන්දියානු නායකයන් සිටින්නේ අසන්තෝසයෙනි. මේ නිසා, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුව පවත්වන ස්ථානය ගැන දැඩි තීරණයක් ගත යුතු බවට ඉන්දියානු නායකයන් පෞද්ගලික මට්ටමකින් පොදුරාජ්‍ය මණ්ඩලයට බලපෑම් කරන බව කියැවේ. එහෙත්, බයාදු මහලේකම්වරයා එම අදහස ප‍්‍රතික්ෂේප කොට තිබේ.

ලංකාවේ දෙමළ සුළුතරයට වැදගත් බලතල සහිත ස්වයං=පාලනයක් ඇති කිරීමට ලංකාවේ පාලකයන් ඉන්දියාවට දී තිබූ සහතිකය ගිය මාසයේ රාජපක්ෂ පාලනය විසින් කුණු කූඩයට දමනු ලැබීම ඉන්දීය රජයේ විශේෂ අප‍්‍රසාදයට හේතුවක් වී තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇති පරිදි, දැන් සිදුවන්නට යන්නේ බලතල තව තවත් මධ්‍යම ආණ්ඩුව තුළට සංකේන්ද්‍රගත කර ගැනීමකි. ඒ ගැන ඉන්දියාව නෝක්කාඩුවෙන් සිටියදී ගිය මාසේ බුද්ධගයාවට සහ තිරුපති කෝවිලට ගිය මහින්ද රාජපක්ෂව මුණගැසීමට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ කිසි ඇමතිවරයෙකු ආවේ නැත.

යුද්ධයට සම්බන්ධයක් නැති උතුරේ දෙමළ වැසියන්ට යුද්ධයේ අවසාන අදියරේ දී අත්වූ මෘග ඉරණම ඉන්දීය නායකයෝ හොඳින් දනිති. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත්කරන ලද පරීක්ෂණ කමිටුවක්, ශ‍්‍රී ලංකා හමුදාවේ ක‍්‍රියාකලාපය දුටුවේ ‘පිළිකුල් සහගත’ හැසිරීමක් වශයෙනි. තවත් මෑතක දී, එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන්ගේ දොළොස් හැවිරිදි පුතා ශ‍්‍රී ලංකා හමුදා අත්අඩංගුවේ පසුවෙද්දී, අතේ දුරක සිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නිරූපණය කෙරෙන බි‍්‍රතාන්‍යයේ ‘චැනල් ෆෝ’ රූපවාහිනියේ නිෂ්පාදිත චිත‍්‍රපටිය ඉන්දියානු රූපවාහිනී නාලිකාවකත් පෙන්්වනු ලැබීම ඊට සාක්ෂියකි.

ලංකාවේ පාලකයන්ගේ හැසිරීම මතුවට යහපත් වනු ඇති බවට පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා තුළ ඇති නියාලූ අපේක්ෂාවට ප‍්‍රතිපක්ෂව, යුද්ධය අවසන් වීමේ පටන් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය එක දිගටම තුඩුදී ඇත්තේ තව තවත් බරපතල සැක සාංකාවන්ටම බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් අදහස් ප‍්‍රකාශ කළ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ සහාය රාජ්‍ය ලේකම්වරයා, ජාත්‍යන්තර මානවවාදී නීති උල්ලංඝනය කළ ගඩාෆිගේ පුතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කොට ඇති වරෙන්තුව පිළිබඳ ආදර්ශය සැළකිල්ලට ගන්නැ යි අනතුරු අඟවා තිබේ.

මෑතක දී, ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය ආණ්ඩුවේ කැමැත්තට පටහැණි ආකාරයේ තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළ විට ඇයව දෝෂාභියෝගයට ලක්කරන ලදි. මෙය, අධිකරණයේ ස්වාධීනත්වයට අදාළ පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රතිපදා උල්ලංඝණය කිරීමකි. ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ඊට විරෝධය පළකොට, ඒ ගැන සාකච්ඡුා කිරීම සඳහා ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ. ඇස්. වෙර්මා ලංකාවට එවීමට සූදානම් වූ අවස්ථාවේ, ලංකා ආණ්ඩුව ඔහුට වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කෙළේය.

සන්නද්ධ රහස්‍ය කණ්ඩායම්, ආණ්ඩුවේ විරුද්ධවාදීන්ව තවමත් පැහැරගෙන යති. ඝාතනය කරති. තුවාල සිදුකරති. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා 2009 දී පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයට පත්කළ පරිදි, ‘‘2006 වසරේ සිට මාධ්‍යවේදීන් 9 දෙනෙකු ඝාතනය කොට ඇත. 27 දෙනෙකුට පහර දී ඇත. 5 දෙනෙකු පැහැරගෙන ගොස් ඇත’’. බී.බී.සී. වාර්තාකරුවෙකුට වරක් කායිකවම පහර දුන් එක් ඇමතිවරයෙකු 2010 දී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට සිටි පරිදි, ‘‘අන්තිමේ දී එල්ලලා මරන්න සිද්ධ කරන විදිහට මාධ්‍යවේදියෝ ලියන්න නරකයි’’. ආණ්ඩුව විවේචනය කරමින් ලිපි ලියන කොළඹ මාධ්‍යවේදියෙකුගේ නිවසට කඩාවැදුණු තුවක්කරුවෝ, මීට සති දෙකකට පෙර, ඔහුට වෙඩි තබා, ඔහු මියගොස් ඇතැ යි සිතා පළා ගියහ.

පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි, ‘‘රටක ස්වාධීන මාධ්‍ය මෙසේ හිංසනයට පත්කරන සහ හිතුවක්කාරී ක‍්‍රියාවන්ට ගොදුරු කරගන්නා ආණ්ඩුවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කියා ගැනීමට අයිතියක් නැත. ශ‍්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික ප‍්‍රතිපත්ති අහලකටවත් එන්නේ නැත.’’ කෙසේ වෙතත්, ආණ්ඩුවේ මර්දනයට මුහුණදී ඇත්තේ මාධ්‍යවේදීන් පමණක් නොවේ. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට ආණ්ඩුව කැසකවති යි කී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ද මැරයෝ පිහියෙන් ඇන්නෝය.

විවිධ ජාත්‍යන්තර සංවිධාන මගින් කෙරෙන විවේචනාත්මක ප‍්‍රකාශන, හුදෙක් බොරු ප‍්‍රචාර වශයෙන් බැහැර කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙතයි. එහෙත් ඒ ගණයට වැටෙන වැදගත් ආයතන ගැන සිතීමේ දී එවැනි කතාවක් පිළිගැනීම අසීරුය: රතු කුරුසය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමරිකානු සෙනේට් මණ්ඩලය, ඔස්ටේ‍්‍රලියානු සහ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු, පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය සංවිධානය, බී.බී.සී. ලෝක සේවය, ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් ප‍්‍රාරම්භකත්වය, හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ තවත් එවැනි සංවිධාන.

රටේ පාලක මානසිකත්වය වටහා ගැනීමට, ස්වාධීන පුවත්පතක් වන ‘සන්ඬේ ලීඩර්’ කතුවරියට, ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2012 ජුලි මාසයේ දවසක් ටෙලිෆෝනයෙන් බැණවැදුණු ආකාරය සැලකිල්ලට ගන්න. ආරක්ෂක ලේකම්වරයා කරන්නේ තමාට තර්ජනයක් දැ යි කතුවරිය ප‍්‍රශ්න කළ විට ඔහුගේ පිළිතුර වුණේ: ‘‘ඔව්, තර්ජනයක් තමයි. මාධ්‍යවේදියෝ කියන උඹලා, ගූ කන ඌරෝ. උඹ ඇවිල්ලා ගූ කන ඊරියෙක්. හුකන ඊරියෙක්. මං උඹව හිරේ දානවා. මිනිස්සු ඇවිල්ලා උඹව මරයි.’’ මේ විදිහට තවත් බොහෝ දේ කියා තිබේ. මෙම සිද්ධියට අදාළ දුරකථන සංවාද දෙකේ දී, මෙවැනි අසභ්‍ය වචන 22 වරක් පාවිච්චි කොට තිබේ.

භයානක කාරණය වන්නේ මෙයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වුණොත්, ඊළඟ දෙවසර තිස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය ආයතනවල වැඩකටයුතු සම්බන්ධීකරණය කෙරෙන්නේ ලංකාවේ නායකයන් විසිනි. එනම්, ඉහත සඳහන් ඔවුන්ගේ සියළු මානව හිමිකම් උල්ලංඝණයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොහොබිනා හැසිරීම් ගැන කටයුතු කිරීම පැවරෙන්නේ ද ඔවුන්ටම ය.

මිනිස් ශිෂ්ඨත්වය අරභයා පොදුරාජ්‍ය මණ්ඩලය සතු කීර්තියේ බලමහිමය තවදුරටත් ආරක්ෂා කරගත යුතු නම්, ඔවුන්ගේ නායක සමුළුවේ ස්ථානය වෙනස් කළ යුතුය. එසේ නොවුණහොත් එහි වගකීම පැවරෙන්නේ, එහි මහ ලේකම්වරයාට මිස, ඔහු ඉන්දියානුවෙකු වුව ද, ඉන්දියානු ආණ්ඩුවට නොවේ.

* ලේඛකයා, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. 2013 මාර්තු 07 වැනි දා ‘ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්’ හි පළවූ A message to Colombo: The Commonwealth Meeting ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page