Colombo Telegraph

බලවත්ම විධායක ජනාධිපති ක‍්‍රමය ඇත්තේ ලංකාවටයි

ජයම්පති වික‍්‍රමරත්න

2013 ජුනි 18 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවේ සිංහල පරිවර්තනය

ප‍්‍රශ්නය:

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

1978 ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවේ හොඳ නරක ගැන දේශපාලනික සහ ජනතා මතවාද විවිධයි. ඒ ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රධාන අහිතකර අංග පැහැදිළි කරන්න පුළුවන් ද?

78 ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නේ තමයි, බලය ඉතා අධිකතර අන්දමින් එක අතක ගොනු වීම. ඒ කියන්නේ, ජනාධිපතිවරයාගේ අතේ ගොනුවීම. විධායක ජනාධිපති ක‍්‍රමය තියෙන තවත් රටවල් තියෙනවා. ඒත් ඒ සෑම රටකම, ජනතා ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න විදිහේ ආරක්ෂණ විධිවිධාන දාලා තියෙනවා. උදාහරණයක් විදිහට, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට බැහැ, ව්‍යවස්ථාදායකයේ, ඒ කියන්නේ සෙනේට් සභාව අනුමැතිය නැතිව, ඇමතිවරුන්ව සහ විනිශ්චයකාරවරුන්ව පත්කරන්න. ඒ වගේම, පරිපාලනය ගැන යම් කිස ආකාරයක පාලනයක් අභ්‍යාස කරන, ඉතා ක‍්‍රියාශීලී කොන්ග‍්‍රස් කමිටුත් ඒ රටේ තියෙනවා. ඊටත් වඩා, ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය පවතින්නේ, ව්‍යවස්ථාදායකයෙන් මුළුමණින්ම වෙනස්ව. සෙනෙට් සභා සාමාජිකයෙකුට බැහැ, කැබිනට් ඇමති ධුරයක් දරන්න. උදාහරණයක් වශයෙන්, සෙනෙට් සභා මන්ත‍්‍රීවරියක් වූ හිලර් ක්ලින්ටන්ට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වශයෙන් පත්වෙන්නට, සෙනෙට් සභාවෙන් ඉල්ලා අස්වෙලා, සෙනෙට් සභාවේ අනුමැතියත් ගන්න සිද්ධ වුණා. ඒක නිසා, ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට තනතුරු සහ වරදාන දීලා නම්ම ගන්න පුළුවන් කමක් ජනාධිපතිවරයාට නැහැ. සෙනේට් සභාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකුත්, මුළු නියෝජන මන්ත‍්‍රණ සභාවමත් සෑම අවුරුදු දෙකකට වරක්ම ඡුන්දයෙන් පත්කර ගන්න නිසා, ඔවුන් ඡුන්ද පාවිච්චි කරන අන්දම නිරතුරුව පරීක්ෂාවට ලක්වෙනවා. ලංකාවේ වගේ නෙවෙයි, ඒ රටවල්වල සිවිල් සමාජය හරිම බලසම්පන්නයි. ඒක නිසා, තමන්ගේ මන්ත‍්‍රීවරු ඡුන්ද පාවිච්චි කරන ආකාරය ගැන තියුණු පරීක්ෂාවක් ජනතාවගේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඒ වගේම, අපේ රටේ වගේ නෙවෙයි, මන්ත‍්‍රීවරු බොහෝ දුරට ස්වාධීනයි.

ලංකාවේ සංස්කෘතික ප‍්‍රශ්නෙකුත් තියෙනවා. ඇමරිකාවේ දේශපාලඥයෝ තමන්ගේ පක්ෂ සීමාවන් පවා ඉක්මවා යමින් ඇතැම් කාරණාවලදී ජනාධිපතිවරයාට විරෝධය පළ කරන සංස්කෘතියක් එරටේ තියෙනවා. අපේ රටේ එහෙම සංස්කෘතියක් නැහැ. ලංකාවේ වගේ, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඇමරිකාවේ ජනාධිපතිවරයාට බලයක් බැහැ. මේ සංස්කෘතික සාධකය වැදගත්. විධායක ජනාධිපති ක‍්‍රමයක් තියෙන ඊනියා ‘තුන්වැනි ලෝකයේ’ රටවල්වල දකින්ට තියෙන්නේ, ඉතා අධිකාරිවාදී යාන්ත‍්‍රණයක්.

ප‍්‍රංශයේ හෝ ඇමරිකාවේ ව්‍යවස්ථාවේ තියෙන ආකාරයේ ආරක්ෂණ විධිවිධාන ඇති කරගන්න අපට බැරි වෙලා තියෙන්නේ, ඒ දේශපාලන=සංස්කෘතික වෙනස නිසා. තව ප‍්‍රශ්නයක් තමයි, ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි කම. ස්වෛරීයි කියලා සැළකෙන ජනතාවකට, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්වලට අදාළව එම ස්වෛරීත්වය ජනාධිපතිවරයා විසින් උල්ලංඝණය කරන අවස්ථාවක දී, ඔහුට විරුද්ධව නඩු කියන්න එම ස්වෛරී ජනතාවට අයිතියක් නැති වීම හරිම විහිළුවක්.
ප‍්‍රශ්නය:

පසුගිය දා මහනායක හිමිවරුන් වෙත පිළිගන්වපු, ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්, ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ මගින් යෝජිත ව්‍යවස්ථා සංශෝධන මාලාව සකස් කළ නීතිඥ කණ්ඩායමේ ඔබත් සාමාජිකයෙක්. ලංකාවට අවශ්‍ය කරන්නේ අළුත්ම ව්‍යවස්ථාවක් ද, එහෙම නැත්නම්, විධායක බලය මැඩලන ප‍්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පමණක් ප‍්‍රමාණවත් නැත් ද?

සමස්ත ව්‍යවස්ථාව මුළුමණින්ම වෙනස් කරන්න ඕනේ. ඒත්, අළුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න ගියොත් වෙන්නේ, විවිධ පක්ෂවල පරස්පර මතිමතාන්තර තියෙන නිසා, කිසි දවසක ප‍්‍රමාණවත් එකඟතාවක් ඇති කරගන්න බැරි වෙන එකයි. උදාහරණයක් වශයෙන්, බලය බෙදාහැරීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එවැනි විවිධ මතිමතාන්තර තියෙනවා. ඒක නිසා, ශ‍්‍රී ලංකාවේ යථාර්ථය සැළකිල්ලට ගනිමින්, අළුත් ව්‍යවස්ථාවකට යන්න තියෙන්නේ, අදියර දෙකකින් හෝ තුනකින්. හදිසි අවශ්‍යතාවක් වශයෙන් තියෙන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකට ආපසු යන එක.
ප‍්‍රශ්නය:

‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ නව ව්‍යවස්ථා යෝජනා තුළ ඇති ප‍්‍රධාන කාරණා විස්තර කළොත්?

විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් අපි යෝජනා කරනවා. ජනාධිපතිවරයාව තෝරාපත්කර ගන්නේ පාර්ලිමේන්තුවෙන්. ඔහු කටයුතු කරන්නේ, අගමැතිවරයාගේ උපදෙස් උඩ. ජනාධිපතිවරයා තමයි, පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ලබන කෙනාව අගමැතිවරයා වශයෙන් පත්කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන වෙලාවක, භාරකාර ආණ්ඩුවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන්නෙත්, ජනාධිපතිවරයා.

අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්වත්, නීතිපති ඇතුළු වෙනත් එවැනි උසස් තනතුරු සඳහාත් පුද්ගලයන් පත්කිරීම සඳහා, අළුතෙන් හඳුන්වා දීමට නියමිත ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අවශ්‍ය කරනවා. ඒ වගේම, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වගේ ස්වාධීන කොමිෂන් සභා, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කෙරෙනවා.

ප‍්‍රශ්නය:

ඔබේ අදහසේ හැටියට, පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක තියෙන විශේෂ යහපත් අංග මොනවද?

අද අපේ දේශපාලන සංස්කෘතිය තුළ තියෙන, දඩුවමකින් තොරව වැරදි කරන්නට කෙනෙකුට ලැබිලා තියෙන හයිය වගේ දෙයක් නැති කරන්න, පාර්ලිමේන්තු ක‍්‍රමයකින් තොරව හිතන්නවත් බැහැ. ඒ ක‍්‍රමයේ තියෙන ප‍්‍රධාන වාසියක් තමයි, අගමැතිවරයා පාර්ලිමේන්තුවට හෝ පක්ෂයට උඩින් නොසිටීම. වර්තමාන ජනාධිපති ක‍්‍රමයේ තියෙන බලතල සීමා කෙරෙන නිසා, පාර්ලිමේන්තුව හසුරුවන්න වර්තමාන විධායක ජනාධිපතිවරයාට තියෙන හැකියාව අළුත් ක‍්‍රමය යටතේ නැති වෙනවා. දැන් තියෙන විදිහට, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සහ පාර්ලිමේන්තු සැසිවාර හමාර කරන්න විධායකයට පුළුවන්. ඒක නිසා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ නැහැ. පාර්ලිමේන්තු ක‍්‍රමයක දී, යම් විදිහකින් අගමැතිවරයාට තමන්ගේ බහුතර බලය පාර්ලිමේන්තුව ඇතුළේ නැති වුණොත්, අගමැති ධුරයේ රැුඳී ඉන්න ඔහුට පුළුවන් කමක් නැහැ. ඒකෙන් පේන්නේ, අළුත් ක‍්‍රමය යටතේ පත්වෙන විධායකය, ඒ කියන්නේ අගමැතිවරයා, පාර්ලිමේන්තුවට යටත් කියන එකයි.
ප‍්‍රශ්නය:

ඔව්, ඒත් පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක දී, විධායකය (අගමැති* ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රීය සුජාත භාවය අත්කර ගන්නේ ව්‍යවස්ථාදායකයෙන් නිසා, ව්‍යවස්ථාදායකය සහ විධායකය අන්‍යොන්‍ය වශයෙන් බැඳෙනවා. ඒකෙන් වෙන්නේ, බල විභජනයට හානි පැමිණවීම. පැහැදිළි බල විභජනයක් නැති කම, වර්තමාන දේශපාලන සංස්කෘතිය ගැන තියෙන ප‍්‍රධාන විවේචනයක් වෙන තත්වය තුළ, පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළත් එවැනි බල විභජනයක් නැති වීම උත්ප‍්‍රාසයක්. ඒ ගැන මොකක් ද කියන්න තියෙන්නේ?

විධායකය, ව්‍යවස්ථාදායකයට සම්බන්ධ වීම ගැන මගේ ප‍්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ බල විභජනයක් අපිට අවශ්‍යත් නැහැ. වෙස්ට්මින්ස්ටර් මාදිලිය තුළදී වගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විධායක බලතල දැරීම ගැන මගේ ප‍්‍රශ්නෙකුත් නැහැ. ඇත්ත වශයෙන්ම, ඒ මාදිලිය ශ‍්‍රී ලංකාවේ දී සාර්ථක වෙලා තිබුණා. තවත් බොහෝ පාර්ලිමේන්තුවාදී රටවල ඒ ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා. හැබැයි, අධිකරණය නම්, වෙනම ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතිය යුතුයි.
ප‍්‍රශ්නය:

විධායක ජනාධිපති ක‍්‍රමයක් නොතිබුණා නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ත‍්‍රස්තවාදී උවදුර දුරු කරගන්න බැරි වෙන්න තිබුණා කියලා සමහරු තර්ක කරනවා. ඒ මතයට ඔබ එකඟ ද?

නැහැ, මං එකඟ නැහැ. යුද්ධ තත්වයක් පාලනය කරගන්න බැරි වෙන්න, වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමයේ අගමැතිවරයෙකුට නැති බලතල මොනවද? උදාහරණයක් වශයෙන්, පාර්ලිමේන්තු මාදිලියේ ආණඩු ක‍්‍රමයක් තියෙන ඉන්දියාවට කිසි ප‍්‍රශ්නයක් නැතුව පුළුවන් වෙලා තියෙනවා, බෙදුම්වාදී කණ්ඩායම් සහ වෙනත් රැුඩිකල් සංවිධාන පාලනය කරගන්න. ඊශ‍්‍රායලයේ ස්ථාවරයට මං දේශපාලනිකව විරුද්ධ නමුත්, ඔවුන්ට තියෙන්නෙත්, අතිශය බලසම්පන හමුදාවක් සහිත පාර්ලිමේන්තු ක‍්‍රමයක්. ඒක නිසා, අර වගේ චින්තනයක් සනාථ කරන්න තර්කයක් ඇත්තේ නැහැ.
ප‍්‍රශ්නය:

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග සසඳනකොට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ බල විභජන සංකල්පයට බරපතල හානි පමුණුවන දරුණු තත්වයක් කියන විවේචනයක් තියෙනවා. ඔබේ අදහසේ හැටියට, 18 වැනි සංශෝධනය මගින් අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ මොන ආකාරයෙන් ද?

ජනතා ස්වෛරීත්වය සහතික කිරීමට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් අවසාන ආරක්ෂණයක් හෝ තිබුණා නං, ඒක මේ 18 වැනි සංශෝධනයත් සමග අහෝසි කෙරුණා. ඒ ස්වෛරීත්වය ආරක්ෂා කෙරෙන පියවර කිහිපයක්, 17 වැනි සංශෝධනයෙන් අරගෙන තිබුණා. ස්වාධීන කොමිෂන් සභා, ඒවාට කරන පත්කිරීම් සහ ‘ව්‍යවස්ථා සභාව’ මගින් වෙනත් උසස් තනතුරුවලට කෙරෙන පත්කිරීම්, ඊට ඇතුළත්. ඒ කියන්නේ, ‘ව්‍යවස්ථා සභාව’ හරහා යම් කිසි ජාතික එකඟත්වයක් ඇති වෙලා තිබුණා. ඒ වගේම, 18 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධුර වාර දෙකේ සීමාව ඉවත් කිරීමෙන් පසු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ බලගතුම විධායක ජනාධිපතිවරයා ඉන්නේ ලංකාවේ කිව්වොත්, ඒක අතිශයෝක්තියක් නෙවෙයි.
ප‍්‍රශ්නය:

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වාදය දැන් නැවතත් කරලියට ඇවිල්ලා. ආණ්ඩුවේම ඇතැම් කොටස් ඒක අහෝසි කරන්න කියලා ඉල්ලා හිටිනවා. ජාතික ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමට සහ වාර්ගික භේද සමනය කිරීම සඳහා, අළුත් ව්‍යවස්ථාවකටත් 13 වැනි සංශෝධනය වැනි ප‍්‍රතිපාදනයක් පැවතීම අත්‍යාවශ්‍යයි කියලා ඔබ හිතනව ද?

මගේ පුද්ගලික අදහස වෙන්නේ, (මේක ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ අදහසම නොවෙන්න පුළුවන්* 13 වැනි සංශෝධනය තුළ යම් අඩුපාඩු ඇතත්, ජාතික ප‍්‍රශ්නය විසඳීමට නම්, රාජ්‍ය බලය බෙදාහදා ගැනීමක් අත්‍යාවශ්‍යයි කියන එකයි. වර්තමාන දේශපාලන වාතාවරණය තුළ ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මේ 13 වැනි සංශෝධනය තිබුණත්, ඒක ක‍්‍රියාවේ යොදවන්න අවශ්‍ය කරන අව්‍යාජ දේශපාලනික උවමනාව කිසි ආණ්ඩුවකට තිබිලා නැහැ. සුළු ජාතීන් ඒකරාශීව ජීවත් වෙන ඕනෑම රටක, සුළු ජාතීන් සඳහා එක්තරා විදිහක ස්වයං=පාලනයක් ඔවුන් ඉල්ලා සිටිනවා. ඒ ප‍්‍රශ්නයට අපි ප‍්‍රවේශ විය යුත්තේ, බලතල බෙදාහැරීමේ ක‍්‍රමයක් තුළින්. අවශ්‍ය වෙච්ච වෙලාවක පළාතක පාලනයට මැදිහත් වෙන්න අවශ්‍ය බලතල මධ්‍යම ආණ්ඩුවට එම සංශෝධනයෙන්ම පැවරිලා තියෙන නිසා, 13 සංශෝධනය නිසා කේන්ද්‍රයේ බලය දියාරු වෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ.

ප‍්‍රශ්නය:

වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්ෙඡ්දයේ බරපතල හිඩැස් තියෙනවා නේද? උදාහරණයක් වශයෙන්, ‘ජීවිතයට ඇති අයිතිය’ සහ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ඒකේ නැහැ. එවැනි අංග අළුත් ව්‍යවස්ථාවේ ප‍්‍රමුඛ විය යුතු නැද්ද?

ඔබ හරි ෟ අපේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය තියෙන්නේ, අපි ජාත්‍යන්තර වශයෙන් බැඳිලා ඉන්න වගකීම්වලට හුඟාක් පස්සෙන්. අපේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ශක්තිමත් කරලා, ඒවායේ විෂය පථය පුළුල් කළ යුතුයි. උදාහරණයක් විදිහට, ‘මිනිස් අභිමානයට ඇති අයිතිය’ සහ වෙනත් සමාජයීය සහ දේශපාලනික අයිතීන් බලාත්මක කළ හැකි විදිහට ව්‍යවස්ථාවේ නැහැ.

මෙවැනි අයිතීන් බලාත්මක කළ හැකි ආකාරයෙන් ව්‍යවස්ථාපිත කිරීම නූතන ලෝකයේ එක් ප‍්‍රවණතාවක්. අපේ අළුත් ව්‍යවස්ථා සංශෝධන තුළ අපි ඒ වගේ අයිතීන් ඇතුළත් කරලා තියෙනවා.
ප‍්‍රශ්නය:

ගිය සැරේ මහ මැතිවරණයෙන් පස්සේ විපක්ෂයේ බොහෝ මන්ත‍්‍රීවරු ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අද වෙනකොට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ වුණාට, ඒක මහජන කැමැත්තක් නෙවෙයි. ඔබේ අළුත් ව්‍යවස්ථා යෝජනා තුළ, එවැනි පක්ෂ මාරු කිරීම් නවත්වන විධිවිධාන ඇතුළත් කරලා තියෙනවා ද?

කෙනෙක් පක්ෂය මාරු කළාම කරන්නේ, ඔහුට හෝ ඇයට විරුද්ධව පක්ෂයෙන් ගත හැකි විනය මාර්ග වළක්වන්න දිස්ත‍්‍රික් උසාවියට ගිහිල්ලා වාරණ නියෝගයක් ලබා ගැනීම. ඊට පස්ස්‍රේ ඒක හුඟාක් කල් ඇදෙනවා. එහෙම නඩු කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැහැ. ඒක නිසා, පක්ෂ මාරු කිරීමට එරෙහිව පනවන විධිවිධානවල අර්ථයක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා, ඒ වගේ පක්ෂ මාරු කරන අයට එරෙහිව ගත හැකි විනය ක‍්‍රියාමාර්ග පහළ උසාවිවලින් ඉවත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිපථයට ඇතුළත් කරන්න. මන්ත‍්‍රීවරුන්ව හිතුවක්කාර විදිහට පක්ෂයකින් මාරු කරන්න අවසර තිබිය යුතු නැති බව ඇත්ත. ඒත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ විනය ක‍්‍රියා මාර්ග පිළිබඳ බලය පැවරුවහම, දැන් වගේ නඩු දිග් ගැස්සෙන්නේ නැහැ.
ප‍්‍රශ්නය:

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය දඩිබිඩියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත වෙලාවේ ඒ ගැන ප‍්‍රමාණවත් මහජන සංවාදයක් ඇති වුණේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන ගැන මහජනතාවගේ පැත්තෙන් තියෙන්නේ ඇල්මැරිච්ච උනන්දුවක් කියලා ඔබ හිතනව ද?

ප‍්‍රශ්නය තියෙන්නේ, මහජනයාට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාවක් නොදීම. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කරන්නේ සහ සම්මත කරගන්නේ, ඉහළ සිට පහළට එන ක‍්‍රමයකට. අනික, මේ කියන කෙටුම්පත් සම්මත කරගත්තේ ‘හදිසි පනත්’ විදිහට. එතකොට, ඒ පනත් ගැන ගැඹුරින් පරීක්ෂා කර බැලීමේ අවස්ථාවක් කොහොමත් මහජනතාවට සහ සිවිල් සමාජයට ලැබෙන්නේ නැහැ.
ප‍්‍රශ්නය:

ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු තියෙනවා. ඊට අමතරව, අළුතෙන් ඇති කරගත්ත 18 වැනි සංශෝධනය නිසා, ඉහළ උසාවිවල විනිසුරු පත්වීම් පිළිබඳ නිසි නියාමන පරිපාටියක් නැති බවට විවේචනයක් තියෙනවා. ඒ ප‍්‍රශ්නයට විසඳුමක් සඳහා මොන වගේ ක‍්‍රියාමාර්ගයක් ද අවශ්‍ය කරන්නේ?

‘පාර්ලිමේන්තු සභාව’ කියන්නේ බොරුවක්. මොකද, ඒ වගේ පත්වීම් නිසියාකාරව නිරීක්ෂණය කරන්න හෝ යම් පත්වීමකට එරෙහිව පාවිච්චි කළ හැකි නිෂේධ බලයක් හෝ ඒකට නැහැ. නමුත්, 17 යටතේ තිබිච්ච ‘ව්‍යවස්ථා සභාව’ එහෙම නෙවෙයි. එවැනි පත්වීම් ගැන යම් අධිකාරී බලයක් පාවිච්චි කරන්න ඒකට පුළුවන් කම තිබුණා. විනිසුරුවරුන්ගේ රැුකියාවේ සුරක්ෂිත භාවයක් තිබිය යුතුයි. දැන් වගේ, ඔවුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් හිතුවක්කාරීව කටයුතු කරන්න ජනාධිපතිවරයාට අයිතියක් තිබිය යුතු නැහැ. අද තත්වයේ හැටියට, විනිසුරුවරයෙක් උසස් වීම් ලබාගන්න නම්, ජනාධිපතිවරයාගේ හිත දිනාගන්න ඕනේ. එහෙම විය යුතු නැහැ. වෙනත් අංශවලින් උසස් අධිකරණවලට පත්වීම් කිරීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. උදාහරණයක් වශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් කෙරෙන එවැනි පත්වීම් ගන්න පුළුවන්. ඒත්, ඒ පත්වීම්වල පාරදෘෂ්‍ය භාවයක් තියෙන්න ඕනේ. යම් කිසි පරීක්ෂාවකට ලක්වෙන්න ඕනේ. ඒ වගේම ඒවා කුසලතා මත පදනම් වෙන්න ඕනේ.
ප‍්‍රශ්නය:

ජාතික ප‍්‍රශ්නය අප විසඳාගත යුත්තේ කොහොමද? අළුත් ව්‍යවස්ථාවකින් ඒ ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කළ යුත්තේ කොහොමද?

මේවා රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්න. සෑම ප‍්‍රජාවක්ම, රාජ්‍ය බලයේ පංගුකාරයෝ වෙන්න ඕනේ. ඒක, සමානුපාතික නියෝජනයකින් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ දෙවැනි මන්ත‍්‍රණ සභාවකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම්, ඇමති මණ්ඩලයේ යම් නියෝජනයක් සහතික කර දීමෙන් වෙන්න පුළුවන්. ඒ බලගැන්වීම ප‍්‍රාදේශීයව කිරීම තමයි, වැදගත්ම දේ. දැන් තියෙන ක‍්‍රමයේ හැටියට, ප‍්‍රධාන තීරණ ගැනෙන්නේ කොළඹින්. ඊට පස්සේ, ඒ තීරණ පළාත්වලට පටවනවා. එහෙම වුණහම, ප‍්‍රාදේශීය වශයෙන් කොන් වෙච්ච හැඟීමක් රට පුරාම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් එහෙම වෙන්නේ, අපේ රටේ යම් යම් ප‍්‍රදේශවලට සංකේන්ද්‍රණය වෙච්ච වෙනම සුළු ජාතික ප‍්‍රජාවන් ඉන්න නිසා. ඒක නිසා මගේ අදහස වෙන්නේ, බලය බෙදාහැරීමේ මෙවලමක් වශයෙනුත්, ආර්ථික සංවර්ධනය දිරිමත් කිරීමක් වශයෙනුත්, දේශපාලන බලය විමධ්‍යගත කිරීම ශක්තිමත් කළ යුතු බවයි.
ප‍්‍රශ්නය:

සමානුපාතික නියෝජන ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියලා ඔබ හිතනවද?

මං හිතන්නේ, සමානුපාතික නියෝජනය තමයි හොඳම ක‍්‍රමය. මොකද, ඒ යටතේ සෑම පක්ෂයකටම නිසි තැන ලැබෙනවා. ඒ වගේම, තමන්ගේම ආසනයට අයිතියි කියලා සළකන්න පුළුවන් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලත් ජනතාව සිතනවා. ඒ නිසා තමයි, මේ දෙකේ සම්මිශ‍්‍රණයක් සහිත ක‍්‍රමයක් යෝජනා කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන්, ජර්මනියේ තියෙන්නේ මේ ක‍්‍රම දෙකේම සම්මිශ‍්‍රණයක්. ඒ වුණාට පාර්ලිමේන්තුවේ සමස්ත සංයුතිය තීරණය කෙරෙන්නේ සමානුපාතික ක‍්‍රමයෙන්. මං හිතන්නේ, අපිත් ඊට සමාන ක‍්‍රමයකට එන්න ඕනේ. මනාප ක‍්‍රමය නං අන්තිම වින්නැහියක්. ඉස්සර තිබිච්ච ක‍්‍රමයේ හැටියට, ගුරුවරු, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු වගේ සමාජයේ වැදගත් පුද්ගලයෝ මැතිවරණවලට තරග කළා. දැන් එහෙම මිනිස්සුන්ට තරග කරන්න පුළුවන් කමක් නැහැ, මොකද සල්ලි නැති නිසා.
ප‍්‍රශ්නය:

ඇතැම් කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන මුස්ලිම් විරෝධය වගේ සිදුවීම් හරහා ආගමික නොඉවසීම මෑත කාලයේ ඉස්මතු වෙලා තියෙනවා. ආගමික වෛරය උසිගැන්වීම වැළැක්වීම සඳහා අළුත් ව්‍යවස්ථාවක අන්තර්ගත කළ හැකි විධිවිධාන මොන වගේ ද?

ව්‍යවස්ථාමය විධිවිධාන මගින් පමණක් මෙවැනි ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්ට පුළුවන් වෙයි ද කියන එක මං දන්නේ නැහැ. අත්‍යාවශ්‍ය සිවිල් සහ දේශපාලනික අයිතීන් තියෙන්න ඕනේ බවට සැකයක් නැහැ. විශේෂයෙන්ම, වෙනත් පුරවැසියන්ගේ අයිතීන්ට බාධාවක් නොවන ආකාරයෙන් කෙනෙකුට තමන්ගේ ආගම ප‍්‍රචාරය කිරීමට තියෙන අයිතිය වගේ දේවල් තිබිය යුතුයි. උදාහරණයක් වශයෙන්, කෙනෙකුට තමන්ගේ ආගම ප‍්‍රචාරය කරන්නට අයිතියක් ඇති බවත්, බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීමක් හෝ උපායශීලිව වෙනත් ආගමකට නම්මවා ගැනීමක් හෝ කිරීමට අයිතියක් නැති බවත්, ‘සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ පෙන්වා දෙනවා.

ඒ අර්ථයෙන් ගත්තහම, ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන වැදගත් වෙන්න පුළුවන්. ඒත්, මෑතක දී ඇති වෙච්ච ආගමික නොරිස්සුම් සහගත සිදුවීම්වලට සම්බන්ධ කිසි කෙනෙකුට විරුද්ධව නඩු පවරලා නැහැ. ඒත් එවැනි ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කරන නීතිමය ප‍්‍රතිපාදන දණ්ඩනීති සංග‍්‍රහයේ දැනටමත් තියෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ, ඒ වගේ ක‍්‍රියා සිද්ධ වෙන්නේ, ‘බලගතු පුද්ගලයන්ගේ’ ආශීර්වාදයෙන් කියලා දැන ගත්තහම, කිසි කෙනෙක් එවැනි වැරදිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පෙළඹෙන්නේ නැහැ.

රටේ ආණ්ඩුව, විශේෂ ජන වර්ගයකට පක්ෂපාතියි කියලා දැනෙන කොට, වෙනත් ජන වර්ග මේ වගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න බය වෙනවා. නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීනුත් නීතිය ක‍්‍රියාවේ යොදවන්න පස්ස ගහනවා.
ප‍්‍රශ්නය:

ශ‍්‍රී ලංකාවේ දේශපාලන හැඩරුව වෙනස් කිරීමට, වමේ දේශපාලනයේ පිරිහීම බලපාලා තියෙන්නේ මොන ආකාරයෙන් කියලද ඔබ හිතන්නේ?

වමේ සභාග දේශපාලනය අසාර්ථක වෙලා තියෙන බවයි පේන්න තියෙන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සභාගයකට ගිය වමේ නායකයන්ගේ අතින් අවංක වරදක් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වීමෙන් රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ. අපේ ප‍්‍රතිපත්ති ගැන අවංකව නැවත සිතා බැලීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම, අපේ වැරදි කල්ගත නොවී පිළිගත යුතුව තියෙනවා. ලෝකය පුරාම වමේ ව්‍යාපාරය විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල කරලා තිබුණත්, තවමත් ඒක ජීවමානයි. වමේ වගකීම වන්නේ, ඒ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් කිරීමයි.
ප‍්‍රශ්නය:

අළුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ දී ප‍්‍රමුඛත්වය දිය යුත්තේ කුමකට කියලා ද ඔබ හිතන්නේ?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රථම කාර්ය භාරයයි. ඒ සමගම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතුයි. ප‍්‍රමාණවත් බලපෑමක් ඇති කළොත්, මේ ආණ්ඩුව පවා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් දැනට ඇති කෙරෙන පීඩනය එක දිගටම පවත්වා ගත්තොත්, ඊළඟ ජනාධිපතිවරණයේ මූලික තනි තේමාව මේක වෙන්න පුළුවන්. ජනාධිපති රාජපක්ෂ ඒක තේරුම් ගත්තොත් එයාම වුණත් මේක වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒක අහෝසි කරනවා නං, අහෝසි කරන්නේ කවුද කියන එක අපිට ප‍්‍රශ්නයක් නෙවෙයි. එසේ නොවෙතොත්, ඊළඟ ජනාධිපතිවරණයේ දී එම ප‍්‍රශ්නය මූලික තේමාව වෙන එක නතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය:

1978 දී ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව මේ රටට ලැබුණා. 2000 දී, චන්ද්‍රිකා කුමාරණතුංගගේ අළුත් ව්‍යවස්ථා යෝජනා සකස් කිරීමේ මූලිකයෙක් ඔබ. දැන් ඔබ කරන යෝජනාවලියත්, ඔබේ වාමාවාදී ව්‍යවස්ථාවක් ද?

කොහෙත්ම නැහැ ෟ හැබැයි, අනාගතේ දවසක ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් වැදගත් බලපෑමක් ඇති කිරීමට තරම් මේ රටේ වමේ ව්‍යාපාරය ශක්තිමත් වේවා යන්න මගේ ප‍්‍රාර්ථනයයි.

*2013 ජුනි 18 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page