Colombo Telegraph

රාජ්‍යයට ඕනෑම දෙයක් අරගෙන ආපසු දෙන්න පුළුවන්, නමුත් ගත්තොත් ආපසු දෙන්න බැරි එක දෙයක් තිබෙනවා, ඒ තමයි ජීවිතය

ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා 1956 දී පාර්ලිමේන්තුවේදී කිව්වා, “රාජ්‍යයට ඕනෑම එකක් අරගෙන ආපසු දෙන්න පුළුවන්, නමුත් ගත්තොත් ආපසු දෙන්න බැරි එක දෙයක් තිබෙනවා, ඒ තමයි ජීවිතය” කියලා. ඒ නිසා අප ඉතාමත්ම ප්‍රවේශම් වන්න ඕනෑ. මොකද, ලෝකය පුරාම නි‍ර්දෝෂී පුද්ගලයින් මරණ දණ්ඩනයට ලක් වෙලා තිබෙනවා.

ඉදිරිපත් කර ඇති යෝජනාව මඟින් බාල අපරාධ රැල්ලකට ප්‍රතිචාර දක්වමින් සාකච්ඡා කරන්නේ අපරාධ යුක්ති ක්‍රියාදාමයේ අවසාන අදියර ගැන පමණයි. නමුත් ඊට වඩා එය හුඟක් දීර්ඝයි. එයට අපරාධය හඳුනා ගැනීම, අපරාධය නිසි ලෙස විමර්ශනය කිරීම, අපරාධකරුවා අල්ලා ගැනීම, ඉක්මනින් නඩු පැවරීම, ඉක්මනින් නඩු විභාගයට ගැනීම, සාර්ථක ලෙස පැමිණිල්ල මෙහෙයවීම, වරදකරු කිරීම සහ දණ්ඩනය යන දීර්ඝ අපරාධ යුක්ති ක්‍රියාදාමයක් තිබෙනවා. එල්ලුම් ගහ නොවෙයි, රජ කාලයේ වාගේ උල තැබීම ආපසු ගෙනාවත් අපරාධකරුවෙක් වැරැදිකරුවෙක් කරන්න බැරි නම් වැඩක් නැහැ.

2015.10.06

[අ.භා. 5.19]
ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙම ඉදිරිපත් කර ඇති යෝජනාව මඟින් බාල අපරාධ රැල්ලකට ප්‍රතිචාර දක්වමින් සාකච්ඡා කරන්නේ අපරාධ යුක්ති ක්‍රියාදාමයේ අවසාන අදියර ගැන පමණයි. නමුත් ඊට වඩා එය හුඟක් දීර්ඝයි. එයට අපරාධය හඳුනා ගැනීම, අපරාධය නිසි ලෙස විමර්ශනය කිරීම, අපරාධකරුවා අල්ලා ගැනීම, ඉක්මනින් නඩු පැවරීම, ඉක්මනින් නඩු විභාගයට ගැනීම, සාර්ථක ලෙස පැමිණිල්ල මෙහෙයවීම, වරදකරු කිරීම සහ දණ්ඩනය යන දීර්ඝ අපරාධ යුක්ති ක්‍රියාදාමයක් තිබෙනවා. එල්ලුම් ගහ නොවෙයි, රජ කාලයේ වාගේ උල තැබීම ආපසු ගෙනාවත් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපරාධකරුවෙක් වැරැදිකරුවෙක් කරන්න බැරි නම් වැඩක් නැහැ. එම නිසා අර මා කලින් සඳහන් කළ එක step එකක් හෝ miss වුණොත් මේ කුමන දඬුවම තිබුණත් වැඩක් වන්නේ නැහැ. එම නිසා අවශ්‍ය වන්නේ ඒ එක එක පුරුක ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම ස්ත්‍රීන් සහ ළමයින්ට එරෙහිව කරන අපරාධවලදී පොලිස් නිලධාරින්, පැමිණිල්ල මෙහෙයවන්නන් සහ විනිසුරන් එවැනි කාරණා පිළිබඳ සංවේදී කිරීම අත්‍යවශ්‍යයි. මොකද, අපි තවමත් සිටින්නේ පුරුෂාධිපත්‍ය බොහෝදුරට තිබෙන සමාජයකයි. ඊළඟට පොලීසියට අවශ්‍ය පුහුණුවීම්, අලුත් ක්‍රම – modern methods – ඒ වාගේම පරීක්ෂණ, නඩු පැවරීම සහ නඩු විභාග ආදිය ප්‍රමාදයක් නැතුව ඉටු කිරීම වැනි කාරණා ඉතාමත් අවශ්‍යයි. එහෙම නැතුව අන්තිම පියවර වන දඬුවම ගැන විතරක් කථා කළාට අපි කොහාටවත් යන්නේ නැහැ.

ඊළඟට, සමාජ සාධක – social factors- පිළිබඳව සොයා බැලිය යුතුයි. දරුවන්ගේ අනාරක්ෂිත වටපිටාව පිළිබඳව සොයා බැලිය යුතුයි. අප දන්නා පරිදි, සමහර මව්වරු පිට රට ඉන්නවා; රැකියාවලට යනවා. එවිට ඔවුන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන සොයා බැලිය යුතුයි. අපට ඒගොල්ලන්ට කියන්න බැහැ, “පිට රට යන්න එපා” කියලා. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. අපට කියන්න බැහැ, “රස්සාවට යන්න එපා” කියලා. නමුත් සමාජයට වගකීමක් -a social responsibility එකක් – තිබෙනවා, මේ පිළිබඳව කටයුතු කිරීමට. ඒ වා‍ගේම ප්‍රමාණවත් දැනීමක් ලබා දෙන්නට ඕනෑ.

අද අප දන්නවා, ලෝකය පුරාම ළමා අපචාර සිදු වන බව. කනගාටුවෙන් වුණත් මා කියන්න ඕනෑ, මේ අපරාධවලට කිට්ටු නෑදෑයන් සම්බන්ධ බවට සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන බව. ඒ පිළිබඳව දෙමව්පියන් දැනුවත් කරන්න ඕනෑ. ළමයන්ට පවා පාසල්වලින් යම් දැනුවත් කිරීමක් කිරීම අත්‍යවශ්‍යයි. එවැනි පියවර ගන්නේ නැතිව අවසාන පියවර ගැන කථා කරලා වැඩක් නැහැ.

මරණ දණ්ඩනය පිළිබඳව කථා කිරීමේදී මා මේ කරුණු ටිකත් කියන්න කැමැතියි. දකුණු අප්‍රිකාවේ සුප්‍රසිද්ධ නඩුවක් වන මක්වන්යානේ නඩුවේදී මරණ දඬුවමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතු වුණා. ව්‍යවස්ථාධිකරණය මෙසේ කිව්වා: “The greatest deterrent to crime is not the death penalty, but the likelihood that offenders will be apprehended, convicted and punished. It is that which is lacking in our criminal justice system.” එහි සිංහල පරිවර්තනය මෙයයි. අපරාධ වැළැක්වීමේ ලොකුම නිවාරකය වන්නේ මරණීය දණ්ඩනය නොවේ. ඒ වූ කලී වරදකරුවන් අල්ලා නඩු පවරා දඬුවම් කිරීමට ඇති හැකියාවයි. අපේ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රම පද්ධතිය තුළ නැත්තේද එයයි.

මා දේශපාලන වශයෙන් ලංකා සම සමාජ පක්ෂයට සම්බන්ධවයි හැදුණේ වැඩුණේ. ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.‍එම්. පෙරේරා මහතා 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කියා සිටියා, “දතට දතක් සහ ඇසට ඇසක් යන පැරැණි මතයෙන් අප දුරු විය යුතුයි” කියලා.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා 1956 දී පාර්ලිමේන්තුවේදී කිව්වා, “රාජ්‍යයට ඕනෑම එකක් අරගෙන ආපසු දෙන්න පුළුවන්, නමුත් ගත්තොත් ආපසු දෙන්න බැරි එක දෙයක් තිබෙනවා, ඒ තමයි ජීවිතය” කියලා. ඒ නිසා අප ඉතාමත්ම ප්‍රවේශම් වන්න ඕනෑ. මොකද, ලෝකය පුරාම නි‍ර්දෝෂී පුද්ගලයින් මරණ දණ්ඩනයට ලක් වෙලා තිබෙනවා.

එංගලන්තයේ 1950 දී තිබුණු සුප්‍රසිද්ධ නඩුවක් තමයි, තිමති එවන්ස් සම්බන්ධයෙන් වූ නඩුව. ඔහුව එල්ලා මරලා අවුරුදු ගණනාවකට පස්සේ ජෝන් ක්‍රිස්ටි නමැති පුද්ගලයෙක් කිව්වා, “ඔහු නොවෙයි මම තමයි මිනී මැරුම කළේ” කියලා. ඔය වාගේ උදාහරණ ගණනාවක් තිබෙනවා. උතුරු අයර්ලන්තයේ ගැටුම තිබුණු කාලයේ පැවතුණු නඩු දෙකක් තිබෙනවා. “Guildford Four” කියලා “Guildford” කියන pub එකට බෝ‍ම්බ ගැසීම සම්බන්ධයෙන් නඩුවක් තිබෙනවා. ඒ වාගේම “Maguire Seven” කියලා තවත් නඩුවක් තිබෙනවා. පළමුවැනි නඩුවෙන් හතර දෙනෙක් වරදකරුවන් වුණා. දෙවැනි නඩුවෙන් හත් දෙනෙක් වරදකරුවන් වුණා. මේ නඩුවලදී ඔවුන් වරදකරුවන් වු‍ණේ ඔවුන් කළ පාපෝච්චාරණ අනුවයි. උසාවිය කියා සිටියා, මේ පාපෝච්චාරණ ඔවුන් කැමැත්තෙන්ම කළ ඒවාය කියලා. හොඳ වෙලාවට ඒ වන කොට මරණ දඬුවම ඉවත් කරලා තිබුණා. අවුරුදු ගණනාවකට පස්සේ එළිදරවු වුණා, ඔවුන් කළ පාපෝච්චාරණ බලෙන් ගත් ඒවාය කියලා. හොඳ වෙලාවට ඒ වන කොට මරණ දඬුවම තිබුණේ නැහැ. 1994 දී රුසියා‍වේ පනස් දෙදෙනෙකු මරා දැමූ, ඇන්ඩ්‍රේ විකටිලෝ නමැති serial killer කෙනෙක් සිටියා. ඔහුව එල්ලා මැරුවා. ඔහු එල්ලා මැරීමට හේතු වුණු එක මිනීමැරුමක් සඳහා ඒ වන කොටත් ඇලෙක්සැන්ඩර් ක්‍රැව්චෙන්කේ නමැති වෙන කෙනෙකුව එල්ලා මරලා ඉවරයි. පොලීසිය කියා සිටියා, “We wanted to stop the killings quickly” කියලා. ඒ නිසා අසරණ මිනිහෙක්ව අරගෙන ගියා.

ඇමෙරිකාවේ මරණ දඬුවම සම්බන්ධයෙන් වූ සංඛ්‍යා – figures – ගැන අප අද කථා කළා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඇමෙරිකාවේ මරණ දඬුවම තිබෙන ප්‍රාන්තවල සිදු වන අපරාධ සහ මරණ දඬුවම නැති ප්‍රාන්තවල ෝවන අපරාධ ප්‍රතිශතය අතර තිබෙන වෙනස පිළිබඳ දත්ත ඇතුළත් ලේඛනය හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම සඳහා මා සභාගත* කරනවා.

* පුස්තකාලයේ තබා ඇත.
* நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.

1991 සිට 2013 දක්වා සෑම අවුරුද්දකම මරණ දඬුවම තිබෙන ප්‍රාන්තවල crime rate එක වැඩියි. 1991 එය සියයට 7ක් පමණයි. අද එය සියයට 22ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. සමහර අවුරුදුවල එය සියයට 44 දක්වා වැඩි වෙලා තිබෙනවා. එයින්ම තේරෙනවා, මරණ දඬුවම නිවාරකයක් නොවෙයි කියලා.

2008 දී ඉහළ පොලිස් නිලධාරින් 500කගෙන් ඇහුවා, බල අපරාධ වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කොපමණ වැදගත්ද කියලා. ඔවුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් කියා සිටියා, ඒක තමයි අඩුම වටිනාකමක් තිබෙන සාධකය කියලා. ඒ අනුව අපට පෙනී යනවා, මෙය වැරදිකරුවන් සියලු දෙනාම එල්ලලා, විදුලි පුටුවට යවලා ගන්න පුළුවන් විසඳුමක් නොවෙයි කියලා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, “Journal of Criminal Law and Criminology”හි පළවූ ආචාර්ය මයිකල් එල්. රැඩලෙට්ගේ ලිපියෙන් කොටසක් මම ඊළඟට උපුටා ගන්න කැමැතියි. ඒ ලිපියේ ඔහු මෙසේ කියනවා.
I quote:

“Our survey indicates that the vast majority of the world’s top criminologists believe that the empirical research has revealed the deterrence hypothesis for a myth….”

ලෝකයේ සිටින ඉහළම අපරාධ විද්‍යාඥයින් කියා සිටිනවා, “මේක මිත්‍යාවක්” කියා. ඔවුන්ගෙන් සියයට 88.2ක් කියා සිටියා, “මරණීය දණ්ඩනය නිවාරකයක් නොවෙයි” කියලා.

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Presiding Member)
Hon. Member, your time is over.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (DR) Jayampathy Wickramaratne)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මට මිනිත්තු දෙකක් දෙන්න.

ඊළඟට ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි තර්ගුඩ් මාර්ෂල් නමැති සුප්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙකුත් කියා සිටියා, “මරණීය දණ්ඩනය නිවාරකයක් නොවෙයි” කියලා. He stated, I quote:

“In light of the massive amount of evidence before us, I see no alternative but to conclude that capital punishment cannot be justified on the basis of its deterrent effect.”

අපරාධ නඩුවලට පෙනී සිටින නීතිඥවරු දන්නවා සැලසුම් කරලා මරන කොට – in planned murders – ඔවුන් දඬුවම දිහා බලන්නේ නැහැ කියලා. ඔවුන් හිතන්නේ, “මේක foolproof. අපි අහු වෙන්නේ නැහැ” කියලායි. මේ පිළිබඳව ද ඇමෙරිකාවේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්ව සිටි එච්.ලී. සරොකින් කියා සිටිනවා, මෙන්න මෙය.

I quote:

“Persons contemplating murder do not sit around the kitchen table and say I won’t commit this murder if I face the death penalty, but I will do it if the penalty is life without parole.”

ඔවුන් කල්පනා කරන්නේ නැහැ, “මරණ දඬුවම තිබෙන නිසා මම මේක කරන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා හිර දඬුවම ලබා දෙනවා නම් ඒකට කමක් නැහැ” කියලා. එහෙම වෙන්නේ නැහැ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය කිව්ව එක කාරණයක් පිළිබඳව මම එකඟ වෙනවා. ඒ තමයි, සමහර වැරදිවලට තිබෙන දඬුවමේ ස්වභාවය. මම හිතන විධියට ඒවා පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. ඒ වාගේම දිගටම වරදකරුවන් කරන්න ඇප දීම පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතුයි. නමුත්, අපි දිය යුත්තේ අපරාධ යුක්ති ප්‍රතිචාරයක්, not a knee-jerk reaction. Otherwise, we would only be scratching the surface; අපි නිකම් මතු පිට හූරනවා විතරයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන්, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි පසු ගිය 27වන දා “රාවය” පුවත් පතට දුන්න interview එකේ කොටස් කිහිපයක් කියවන්නට මම කැමැතියි. එහි මෙසේ සඳහන් වනවා:

“…. අපේ සමාජය තුළ මෙවැනි තිරිසන් සිද්ධීන් ඇති වෙන්න මිනිසා පෙලබෙන හේතු කාරණා තිබෙන්න පුළුවන්. අපි ඒවා මොනවත් හොයන්නේ නැතිව
නීතිය අතට ගන්න යනවා. රටක නීතියක් ගැන නොදන්නා හෝ නීතියක් නැති රටක මිනිස්සු හැසිරෙන්නේ මේ විධියටයි. … වැරදිකරුවන්ට
හෝ අපරාධකරුවන්ට දඬුවම් අවශ්‍යයි. ඒවාට ක්‍රම සහ විධි සකස්කර ගත යුත්තේ බුද්ධිමතුන් සාකච්ඡා කිරීමෙන්. … මිනිස්සු කෑ ගහපු පළියට
වැරදිකරුවන්ට දඬුවම් දෙන රටක් රාජ්‍යයක් ලෝකේ කොහේවත් නැහැ.”

මම හිතන විධියට මේවා අපි බරපතළ ලෙස සාකච්ඡා කළ යුතු කරුණුයි. නිකම් මතු පිට – surface – විතරක් හූරලා, knee-jerk reactionsවලින් මෙවැනි ප්‍රශ්න විසඳීමට යෝජනා ඉදිරිපත් කිරීම ගැන අප නැවත සලකා බැලිය යුතුයි. බොහොම ස්තුතියි.

Unedited speech

2015.10.08

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (DR) Jayampathy Wickramaratne)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අපි ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳවයි සාකච්ඡා කළේ. ගරු පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමා කිව්ව ආකාරයට මේ විෂයය පිළිබඳව මගේ පෞද්ගලික උනන්දුවක් තිබෙන නිසා විවාදයේ අවසාන කථිකයා හැටියට කථා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මා සතුටු වනවා. එතුමා කියූ පරිදි, I have been a consultant to the UN Office on Drugs and Crime for three years and I have some experience in this regard.

හැබැයි, අද වැඩියෙන්ම සාකච්ඡා වුණේ අපේ දේශීය ප්‍රශ්න පිළිබඳවයි. ඒකට හේතුව කුමක්ද කියා අපි තේරුම් ගත යුතුයි. නමුත් ඊට ඉස්සෙල්ලා අන්‍යෝන්‍ය නීති සහාය – mutual legal assistance – පිළිබඳව, ආධාර ලබා ගැනීම පිළිබඳව, අදාළ ජාත්‍යන්තර ප්‍රමිති පිළිබඳව වචන කීපයක් කියන එක සුදුසුයි කියලා මා හිතුවා. සමහර කාරණා ගරු පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමා දැනටමත් සඳහන් කළා.

I may be permitted to speak in English because of the necessity to use technical terms.

Mr. Presiding Member, Treaties on Mutual Legal Assistance facilitate the obtaining of evidence. For example, they facilitate the obtaining of evidence abroad in a manner that is admissible domestically. Summoning of witnesses; locating persons; producing documents and other evidence; issuing warrants which may have to be executed for example in China; exchange of information; police to police relationships and judicial assistance and resolving complications between countries with different legal traditions are facilitated under this. Sri Lanka and China have completely different legal traditions and that is why we need treaties of this kind.

Also, Mutual Legal Assistance is afforded for the taking of evidence or statements. Sometimes, the crime may have been committed in Sri Lanka, but the witness may have gone to China. So, how do you take evidence or statements in China? This type of MLA -Mutual Legal Assistance- provides for such recording of evidence. For service of judicial documents, documents have to be served on witnesses. We cannot do it ourselves. So, we need the assistance of the other country concerned. Searches, seizures, freezing of bank accounts abroad, examination of objects, sites, providing information, evidentiary items and expert evaluation come into play and that is why we need MLA Treaties like the one that we are approving. Sometimes, the originals or copies of bank documents or records are not here which are necessary for the prosecution and they may be available, for example, in a Government Department in China, in a bank or a business. The MLA would provide us the opportunity of obtaining such evidence through cooperation.

The MLA also is afforded for identifying and tracing proceeds of crimes. Sometimes, the crime is committed here but the proceeds of the crime are taken abroad and may be stored, for example, in some place in China or any other country. So, we need to get evidence of the proceeds of the crime.

This is also facilitating for voluntary appearance of persons in the requesting party. The domestic laws may have to be amended to afford MLA because there is also the issue of dual-criminality. For MLA to operate, the offence or the act concerned must be a criminal offence both in the requesting country and the requested country. Sometimes, it may not be so. When you have an MLA, that also helps us to improve our laws. We may find a particular act an offence in China, but not an offence here. Therefore, we may be able to improve our laws also as a consequence.
Next is voluntary sharing of information. That is very important and the issue of –

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Presiding Member)
Order, please! මේඅවස්ථාවේදී ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනය ගන්නවා ඇති.
අනතුරුව ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනයෙන් ඉවත් වුයෙන්, නියෝජ්‍ය කථානායකතුමා මුලාසනාරූඪ විය.
அதன் பிறகு, மாண்புமிகு லக்கி ஜயவர்தன அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. LUCKY JAYAWARDANA left the Chair, and MR. DEPUTY SPEAKER took the Chair.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (DR) Jayampathy Wickramaratne)

Hon. Deputy Speaker, I was on some of the legal issues that arise out of MLA. Sometimes, it is necessary for Sri Lanka to transfer a person detained in China or imprisoned in China to identify or to give evidence in this country.

Both parties would agree ordinarily to assist the other. The other country would assist to bring the witness concerned to Sri Lanka. He would be kept in custody of the requesting party and then we have to return him or her to the requested country without delay. That will also be possible with Mutual Legal Assistance.

I do not want to go through the procedure involved. I only want to emphasize that a request for mutual legal assistance shall be executed in accordance with domestic law of the requested State and where possible in accordance with procedures specified in the request.
Mutual Legal Assistance can be refused in certain cases. These are all laid down in the United Nations Convention against Transnational Organized Crime. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒකට UNTOC කියා

අපි කියනවා. අපේ පහසුවට අපි “යූඑන් ටොක්” කියනවා. ඒකේ අනු ව්‍යවස්ථාවක් හැටියට තමයි human trafficking පිළිබඳව තිබෙන්නේ. ඒ කියන්නේ සූරා කෑම සඳහා පුද්ගලයන් රැගෙන යාම. මේ සියල්ලම United Nations Convention against Transnational Organized Crime එකේ කොටස්. අපි මේ අනුමත කරන රෙගුලාසියට අදාළ පනත පොදු රාජ්‍ය මණ්ඩලයේ – Commonwealth එකේ- හරාරේ එකඟත්වයට අනුවයි සම්මත කළේ. ඒ වාගේම මතක් කළ යුතුයි, United Nations Convention against Transnational Organized Crime එකෙත් අපි කොටස්කරුවන් බව. එම නිසා අපිට විශාල වගකීමක් තිබෙනවා, මේ බල අපරාධ පිළිබඳව අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න. එසේ සහයෝගයෙන් වැඩ කර අපිට අවශ්‍ය අපේ ක්‍රමය දියුණු කර ගන්නවා වාගේම අනෙක් රටවලට උදව් කරන්නත් අපට යුතුකමක් තිබෙනවා.

එසේ කරන කොට අපේ පරමාධිපත්‍යයට හානියක් වෙනවා කියා, අපේ ආරක්ෂාවට හානියක් වෙනවා කියා එහෙම නැත්නම් අපේ රටේ මහජන සාමයට හානියක් වෙනවා කියා අපට පෙනෙනවා නම්, ඒ වාගේ වෙලාවට ඒ උදව්ව කරන්න; සහයෝගය දෙන්න අපි බැඳිලා නැහැ. අපේ නීතියට පටහැනි නම් අපි එසේ කරන්නේ නැහැ. මේ පිළිබඳව කියන්න ඉතාමත්ම වැදගත් කාරණයක් තිබෙනවා. අපි මෙහෙම බැඳුණාට අනෙකුත් රටවල් සමහරවිට දේශපාලන හේතූන් මත කෙනෙක්ව අපේ රටෙන් ඉල්ලනවා නම් අපි ඒ වෙනුවෙන් බැඳිලා නැහැ. සමහර විට ඒ රටෙන් දේශපාලන හේතූන් මත වෙනත් රටකට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙක් මේ රටේ ඉන්න කොට ඔහුව ඉල්ලා සිටිනවා නම්, ඔහු හෝ ඇයව දෙන්නට අපි බැඳිලා නැහැ. මොකද, ඒක දේශපාලන ප්‍රශ්නයක්. ඒ වාගේ සමහර විශේෂ අවස්ථාවන්වලදී ඒ ආධාර නොදී ඉන්නට අපිට යම් යම් ඉඩකඩ ලැබෙනවා. ඒ වාගේම අපිට යුතුකමක් තිබෙනවා, UNTOC එකට අනුව අනෙකුත් රටවලට හේතු දක්වන්නට.

මෙම ප්‍රධාන කාරණය පිළිබඳව මම මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්න යන්නේ නැහැ. නමුත්, අපි අද වැඩියෙන් කථා කළේ අපේ දේශීය තත්ත්වය පිළිබඳවයි. මම හිතන්නේ ඒක ඉතා වැදගත්. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, ගරු සුමන්තිරන් මැතිතුමා ඉතා වැදගත් කාරණාවන් ගණනාවක් මතු කළා. පසු ගිය කාලයේ අධිකරණයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව; නීතිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව, නැත්නම් අක්‍රීයත්වය පිළිබඳව ඒ මන්ත්‍රීතුමන්ලාත්, අපිත් පොදුවේ එකට හඬ නැඟුවා. එම නිසා මම කියන්නට ඕනෑ, ඒ බොහෝ කාරණා පිළිබඳව අපේ යම් එකඟත්වයක් තිබෙන බව. නමුත් දැන් අපි මෙයට මුහුණ දෙන්නේ කෙසේද? කොහොමද අපි මෙයට ප්‍රතිචාර දක්වන්නේ? අපි කැමැති වුණත් නැතත් අධිකරණය පිළිබඳව පසු ගිය රෙජීමය කටයුතු කළ ආකාරයට අපිට කටයුතු කරන්න බැහැ. එම නිසා අපේ රටේ නීතියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපි කටයුතු කළ යුතුයි. නමුත් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒකට දැන් අපි ඉඩ කඩ ඇති කරගෙන තිබෙනවා. ජාතික එකඟත්වයක් ඇතිව අනාගතයේ දී මේ පත්වීම් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව, ඒ අනුව ජාතික එකඟත්වයක් ලබා ගෙන මෙවැනි අධිකරණ පත්වීම් කරන්න. ඊළඟ නීතිපතිවරයා පත් වෙන්නේ ඒ අනුවයි. මා දන්නා විධියට තව මාස කිහිපයකින් නීතිපති ධුරයේ පුරප්පාඩුව ඇති වෙනවා. එතකොට ඉස්සර කළා වාගේ ජනාධිපතිතුමාට ඕනෑ කෙනෙක් නොවෙයි එම තනතුරට පත් කරන්නේ. ජනාධිපතිවරයා නම් කළත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළ යුතු වෙනවා. පසු ගිය කාලයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ට වඩා ඉහළින් කනිෂ්ඨ විනිශ්චයකාරවරුන් පත් කෙරුවා. මීට පසුව එසේ කරන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. විශේෂ හේතු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එයට අනුමැතියක් ලබා දුන්නොත් පමණයි එසේ කරන්න පුළුවන් වන්නේ. ශිරානි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීමෙන් අපිට ඇති වූ හානිය පිළිබඳව බොහෝ දෙනෙක් කථා කළා. I am also one of the casualties. මම ඒකෙන් පීඩා විඳපු කෙනෙක්. ඒ නීතීඥ ප්‍රජාවට යම් නායකත්වයක් ලබා දීම හේතු‍ කොට ගෙන මට ඇති වුණු තර්ජන නිසා මාස කිහිපයක් පිට රට ගිහින් ඉන්නටත් සිදු වුණා. නමුත් අපි ඒවායින් පසු බැස්සේ නැහැ. අපි ආපසු ඇවිල්ලා ඒවාට හේතු වුණු රෙජීමය අවසන් කර සටන කෙළවර කෙරුවා.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරලා අපට ඉදිරියට යන්නට යුතුකමක් තිබෙනවා. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලකම් තිබෙනවා. අපි ඒවාත් හදාගෙන ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවදියේදී තවත් හොඳ, මීටත් වඩා හොඳ සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරමින් අපට ඉදිරියට යන්නට යුතුකමක් තිබෙනවා.

අද නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව බලවත් විවේචන එල්ල වුණා. ඒ බොහෝ විවේචන සමඟ අප පසු ගිය මැතිවරණ දෙකේදී එකඟ වෙලා ප්‍රසිද්ධියේ කථා කළා. නමුත් දැන් අපි කොහොමද ඒ ප්‍රශ්නය විසඳන්නේ? මේ ආණ්ඩුව පළමුවෙනි පියවර හැටියට නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළා. පසු ගිය අවුරුදු 5 තුළ නීතිපති දෙපාර්තමේන්තුව අපි හුඟක් වෙලාවට අමතක කළා. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ලංකා ඉතිහාසයේ කිසිම දිනෙක නොතිබූ පරිදි ජනාධිපතිවරයා යටතේ තිබුණා. ජනවාරි 08වෙනි දායින් පසුව ඒ සියල්ල වෙනස් කළා. දැන් ඒ දෙපාර්තමේන්තුවලට කටයුතු කරන්නට යම් නිදහසක් තිබෙනවා. නීතියට අනුව ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ආකාරයට ඒ නිදහස ඔවුන් පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සම්ප්‍රදායික වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතට ගැ‍නුණත් අධිකරණ අමාත්‍යවරයා කවදාවත් නීතිපතිවරයාට උපදෙස් දෙන්නේ නැහැ. එහෙම උපදෙස් දුන්නු කාලයකුත් තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්.

අද ගරු අධිකරණ අමාත්‍යවරයා අපට කිව්වා, රජයේ නීතිඥවරුන් 30දෙනෙකු පත් කිරීමට ඉල්ලුම් පත්‍ර කැඳවූවාම ඉල්ලුම් කරලා තිබුණේ 11දෙනායි කියලා. අපි කනිෂ්ඨ නීතිඥවරුන් කාලයේ කනිෂ්ඨ නීතිඥවරුන් හැම දෙනාටම වුවමනාව තිබුණේ රජයේ නීතිඥවරුන් හැටියට නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙන්නයි. අද මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. සමහර විට පහසුකම් සහ වැටුප් ආදිය ප්‍රමාණවත් නොවෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පසු ගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණු ප්‍රශ්න නිසා නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන්නට වැඩි කැමැත්තක් නැතිව වෙන්නත් පුළුවන්. එහෙම නම් එය කනගාටුදායකයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණයට අමතරව අපි ක්‍රියා පටිපාටි – procedures – පිළිබඳව යම් වෙනස්කම් ඇති කරගෙන යනවා. සිවිල් නඩු විධාන පිළිබඳව Pre-trial Procedure එක වෙනස් කරන්නට ඊයේ කැබිනට් මණ්ඩලය අනුමතිය දුන්නා. දීර්ඝ නඩු විභාගවලට යන්නේ නැතිව පුළුවන් නම් සාධාරණත්වයට යටත්ව, නීති – රීතිවලට යටත්ව කෙටියෙන් අවසන් කරන්නට පුළුවන්ද කියලා බලන්නට කැබිනට් මණ්ඩලය අනුමතිය දුන්නා. ඒ වාගේම අපරාධ – criminal – නඩු පිළිබඳවත් ඉක්මනින්ම කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට අපට බලාපොරොත්තු තියන්නට පුළුවන්.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉස්සෙල්ලා කියා සිටියා යල් පැනපු, හණමිටි නීති තිබෙනවා කියලා. ඒ කාරණයට මම සම්පූර්ණයෙන් එකඟයි. ඒ වාගේම, එතුමා කියා සිටියා සමහර පළාත්වලට ගියාම, මාර්ගයේ කහ ඉර සම්බන්ධව තිබෙන නීති කඩන එකට තමයි පොලීසිය මැදිහත් වෙන්නේ, නමුත් මිනී මැරුම්වලට මැදිහත් වන්නේ නැහැ කියලා. ඒක‍ වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් තේරෙන්නේ නැහැ කහ ඉර පනින එක, එහෙම නැත්නම් සුදු ඉර පනින එක, එහෙම නැත්නම් double lines පනින එක ගැන අමතක කරලා අනෙක් බල අපරාධ ගැන පමණක් කටයුතු කළ යුතුයි කියලා. අපට අවශ්‍ය වන්නේ බල අපරාධ වාගේම අනෙකුත් අපරාධ පිළිබඳවත් එක හා සමාන ලෙස ප්‍රතිචාර දක්වන පොලීසියක් සහ නීති පද්ධතියක්.
පසු ගිය කාලයේ අධිකරණයට සහ නීති ක්ෂේත්‍රයේ අනෙක් ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා. දැන් ඒවා නැති වේගෙන යනවා. ඒ අනුව අපට බලාපොරොත්තු තබා ගන්න පුළුවන් කියලා මම හිතනවා.

ලේකම්වරයා – Central Authority එක – පත් කිරීම පිළිබඳව ගරු අධිකරණ අමාත්‍යවරයා යමක් කියනවා ඇතැයි මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.

*speeches made by Comrade Jayampathy Wickramaratne in Parliament

Back to Home page