Colombo Telegraph

පැරණි වමේ කාර්යභාරය අවසානද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයට සති කිහිපයකට කලියෙන්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වන අපගේ හිතවතෙකු සමඟ අපි කෙටි දේශපාලන සංවාදයක යෙදුණෙමු. මෛත‍්‍රීපාල සිරිසේන-මහින්ද රාජපක්‍ෂ දෙපළ අතර පැවති ජනාධිපතිවරණ සටනේදී කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු සියලූ වාමාංශිකයන් මෛත‍්‍රී සමඟ එක පෙළට සිටගත යුතු නොවේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. “යූඑන්පී එකත් එක්ක එක වේදිකාවට නගින්නෙ කොහොමද? අපි මුළු ජීවිත කාලෙම දේශපාලනේ කලේ යූඑන්පී එකට විරුද්ධවනෙ.” අපේ මිතුරා පිළිතුරු දුන්නේය. 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එජාප බහුතරයකින් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් අනතුරුව, අපේ මිතුරා යළිත් හමුවීය. “අපි කිව්ව හරි නේද? දැන් බිහිවෙලා තියෙන්නෙ යූඑන්පී ආණ්ඩුවක්නෙ. රෙද්දක් ඇඳගෙන ඒ අයත් එක්ක එකට කැබිනට් එකේ වාඩිවෙන්න පුළුවනෑ අපිට. ඕකනෙ අපි මුල ඉඳලම කිව්වෙ, ඔයගොල්ලො මහ ලොකුවට මෛත‍්‍රීව කර තියාගෙන ගියාට අන්තිමට එන්නෙ යූඑන්පී ආණ්ඩුවක් කියල.” අපේ හිතවතා ආඩම්බරයෙන් මෙන් දිගට ම කියාගෙන ගියේය.

අපගේ මිතුරා පමණක් නොව, ලාංකේය වාමාංශිකයන් බොහෝ දෙනෙකුගේ හදවත් තුළ කිඳා බැසගත් එජාප විරෝධයක් පවතින්නේය. එජාපය කවදත් ප‍්‍රතිගාමී, ධනේශ්වර පැළැන්තිය නියෝජනය කරන්නේය සහ ශ්‍රීලනිපය ප‍්‍රගතිශීලී කඳවුරට වැඩි නැඹුරුවක් දක්වන්නේය යන අදහස ලාංකේය වාමාංශිකයන් තුළ දිගු කලක් තිස්සේ මුල් බැසගෙන තිබෙන්නේය. එහෙත්, මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසාන අවධියේ, ශ්‍රීලනිපයේ එකී ප‍්‍රගතිශීලී මුහුණුවර මුළුමනින්ම විනාශ වූ බව, ප‍්‍රගතිශීලී හා වාමාංශික යැයි කියාගන්නා අපේ බොහෝ දේශපාලනඥයන්ට තේරුම් ගැනීමට නොහැකි වීම (නැතිනම්, එකී සත්‍යයය පිළිගැනීමට සූදානම් නොවීම) කනගාටුවට කරුණකි. මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රගතිශීලී දේශපාලන නායකයෙකු ලෙසට ප‍්‍රතිරූපයක් දිගු කලක් තිස්සේ දිනාගෙන සිටීම (එය කොතෙක් දුරට ව්‍යාජ එකක්ද යන්න වෙනම කරුණකි), මෙම රැුවටීමට බලපෑ ප‍්‍රධාන සාධකයක් බව ඇත්තය. එසේ වුවද, 2009 මැයි මාසයේ සිවිල් යුද්ධය නිමාවීමෙන් පසුව රට ආඥදායකත්‍වයක් කරා ඇදී යද්දීත්, අපේ සමහර වාමාංශික දේශපාලනඥයන් නිහඬ සහයෝගාත්මක ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සැබැවින්ම කනගාටුවට කරුණකි.

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරමින්, 2009 මැයි මාසයේදී අපේ වීරෝදාර හමුදා ලැබූ ජයග‍්‍රහණය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනා අතරම, එය මහින්ද රාජපක්‍ෂ පාලනයේ හැරවුම් ලක්‍ෂය බවට ද පත්වූයේය. දශක තුනක ම්ලේච්ඡු යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවීම පිළිබඳව කිසිදු විවාදයක් නැතත්, එය හිතුවක්කාර පාලනයක් ගෙනයාම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු බලපත‍්‍රයක් ලෙස සැලකිය නොහැකිය. නමුත් 2009න් පසුව සැබෑවටම සිදුවූයේ යුද ජයග‍්‍ර‍්‍රහණයට මුවාවී මුළු රටම ඒකාධිපතිත්‍වයක් කරා ඇදගෙන යාමය. සංවර්ධනය යැයි කියමින් මහා පරිමාණ දූෂණ-වංචාවලට පුළුල් අවකාශයක් විවර කිරීමය. පාර්ලිමේන්තුවේ සිට ප‍්‍රාදේශීය සභාව දක්වා සියලූ තරාතිරම්වල දේශපාලනඥයන් හිතුමතේ නීති විරෝධී ජාවාරම්වල නිරතවීමට පුළුල් ඉඩකඩක් විවර වූ අතර, දූෂණය-වංචාව දරුණු පිලිකාවක් ලෙසින් සමස්ත ලාංකේය දේහය ම වෙලා ගත්තේය. රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු අතර, සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. මුළු රටම රාජපක්‍ෂ පවුල් පාලනයට යටත් වූයේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. 18වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම ප‍්‍රවණතාවයේ උච්චස්ථානයක් වූ අතර, ඒ හරහා රාජපක්‍ෂ මහතාට සදාකාලිකව බලයේ සිටීමට නීත්‍යානුකූල අවකාශය විවර කර දුන්නේය.

මෙම තත්ත්වය, වාමාංශික හෝ ප‍්‍රගතිශීලී දේශපාලනයට කිසිසේත්ම නෑකම් නොකියන, අතිශය ප‍්‍රතිගාමී මෙන්ම භයංකර එකක් බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ලාංකේය බහුතර ජනතාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටා රොක්වූයේ මෙම අතිශය ප‍්‍රතිගාමී පාලනය පෙරළා දැමීම උදෙසාය. මෙම පසුබිම තුළ, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කණ්ඩායම නියෝජනය කළේ වඩා ප‍්‍රගතිශීලී මතවාදයක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිළ ප‍්‍රතිගාමිත්‍වය නියෝජනය කළ බවත් ප‍්‍රගතිශීලී යැයි කියාගන්නා අපේ බොහෝ දේශපාලනඥයන්ට තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වශී බන්ධනයන්ට හසුවීම නිසා හෝ, එසේත් නැතිනම්, තනතුරු-වරප‍්‍රසාදවලට ඇති ඇල්ම නිසා හෝ සමහර වාමාංශික දේශපාලනඥයන් දිගින් දිගටම රාජපක්‍ෂ සරණ යාම (අදටත් මහින්දගේ පිහිටෙන් නැගිටින්නට උත්සාහ දැරීම) සැබෑවටම කනගාටුවට කරුණකි.

වර්තමානයේ ඇතැම් වාමාංශික දේශපාලනඥයන් මෙතරම් බංකොලොත් තත්ත්වයකට පත්ව සිටියද, ඔවුන් නියෝජනය කරන පැරණි වාමාංශික දේශපාලන පක්‍ෂවලට ප්‍රෞඩ ඉතිහාසයක් ඇත්තේය. අද වාමාංශික දේශපාලන කඳවුර නියෝජනය කරන තරුණ පරපුරේ සමහර උදවිය පවා නොදැන සිටියාට, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්‍ෂය වන්නේ ලංකා සමසමාජ පක්‍ෂයයි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන වැනි පතාක යෝධයන්ගේ මූලිකත්‍වයෙන්, 1935 දෙසැම්බර් 18දා පිහිටුවනු ලැබු ලංකා සමසමාජ පක්‍ෂයෙන් එදා මෙදා තුර ඉටුවූ සේවය සුළුපටු නොවන්නේය. 1936, 1947 සහ 1956 යන වසරවල පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී ප‍්‍රධාන විපක්‍ෂය බවට පත්වීමෙන්ම, එවකට ලංකා සමසමාජ පක්‍ෂය සතුව තිබුණු ජනපි‍්‍රයතාවය පැහැදිලි වන්නේය. ඒ අවධියේ ලෝ පුරා වාමාංශික දේශපාලන ව්‍යාපාරය ස්ටාලින්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් ලෙස කඳවුරු දෙකකට බෙදී සිටි අතර, එම මතවාදී අරගලයෙන් බේරීමට ලංකා සමසමාජ පක්‍ෂය ද අසමත් වූයේය. ස්ටාලින්වාදයට නැතහොත් මොස්කව් පාලනයට නැඹුරුවක් දැක්වූ ෙදාස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ, එම්.ජී. මෙන්ඩිස්, පීටර් කෙනමන්, ඒ. වෛද්‍යලිංගම් වැනි දේශපාලන නායකයන්ගේ මූලිකත්‍වයෙන්, 1943දී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය බිහිවන්නේ මෙම පසුබිම තුළය.

ලාංකේය වාමාංශික ව්‍යාපාරය සිය ළදරු අවධියේ සිටම මෙයාකාරයට විවිධ මතවාදී අරගලවලට මුහුණ පෑවද, සමාජවාදී (විශේෂයෙන් මාක්ස්වාදී) දේශපාලන සංකල්ප ලාංකේය සමාජයට හඳුන්වාදීමෙහිලා පැරණි වාමාංශික නායකයන්ගෙන් ඉටුවූ මෙහෙය කිසිසේත්ම අඩු තක්සේරු කළ නොහැකිය. ධනවාදී සමාජයක් තුළ පීඩිත පන්තිය සූරාකෑමට ලක්වන ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලාංකේය කම්කරු ජනතාවට මුල්වරට ලබාදුන්නේ පැරණි වාමාංශික නායකයන්ය. වෙනත් වචනවලින් කියතොත්, ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරය නිවැරදි දේශපාලන දැක්මක් සහිතව මුවහත් වන්නට පටන් ගැනෙන්නේ සමසමාජ-කොමියුනිස්ට් පක්‍ෂවල මඟ පෙන්වීම යටතේය. දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් බවට පත්වූ, 1953 හර්තාලය ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නේය.

කෙසේ වුවද, බොහෝ දේශපාලන විචාරකයන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ ද පිළිගැනීමට අනුව, ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ බිඳවැටීමේ ආරම්භය සිදුවූයේ ශ්‍රීලනිපය සමඟ සන්ධානගත දේශපාලනයකට එළැඹීමෙන් පසුවය. (එවකට එය හඳුන්වනු ලැබුවේ “සභාග දේශපාලනය” ලෙසටය). 1964දී පැවති ලංකා සමසමාජ පක්‍ෂ සම්මේලනයෙන් පසුව, සුළු ධනේෂ්වර, එහෙත් ප‍්‍රගතිශීලී කඳවුරට වැඩි නැඹුරුවක් දක්වන ශ්‍රීලනිපය සමඟ සන්ධානගතවීමේ තීරණයකට එළැඹුණේය. 1970දී, ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂවලින් සමන්විත සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම, ශ්‍රීලනිප-වාමාංශික සන්ධාන දේශපාලනයේ සුවිශේෂී කඩඉමක් වන්නේය. සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ රැුසක් දියත් කෙරුණු බව ඇත්තක් වුවද, වැඩි කල් නොගොස් ශ්‍රීලනිපයේ ධනේෂ්වර බලවේග ආණ්ඩුව තුළ වාමාංශික මතවාදය යටපත් කර නැගී සිටියේය. අවසානයේ, සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂයේ ම නායකයන්ට එල්ල වූ චෝදනාව වූයේ, ඇමති වරප‍්‍රසාද වෙනුවෙන් සමාජවාදී අරමුණු පාවා දුන්නේය යන්නයි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂය ම බරපතල සෝදාපාලූවකට ලක්වූයේ මෙම පසුබිම තුළය.

මෙබඳු හැලහැප්පීම් රාශියක් මැද්දේ වුවද, ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පැරණි වාමාංශික පක්‍ෂ කවදත් නිවැරදි ස්ථාවරයක පිහිටා කටයුතු කළේය. සිංහල මහ ජාතියට ලැබෙන අයිතීන් හා වරප‍්‍රසාද එලෙසින් ම සෙසු ජාතීන්ට ද ලැබිය යුතු යැයි නිරන්තරයෙන් කියා සිටි පැරණි වාමාංශික නායකයෝ, ජාතිවාදයේ සියලූ මුහුණුවර තරයේ ප‍්‍රතික්‍ෂේප කළහ. එවන් ස්ථාවරයක් හේතුවෙන් දේශපාලන පොරපිටියේ තමන්ට සිදුවිය හැකි අවාසිය නොතැකූ පැරණි වාමාංශික නායකයෝ, නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් වෙනුවෙන් තරයේ පෙනී සිටියහ. 1987 ජූලි 29 දින අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුමෙන් හඳුන්වා දුන් පළාත් සභා හරහා බලය බෙදීමේ ක‍්‍රියාවලියට සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂය ම සහයෝගය පළකරනු ලැබුවේ එම ස්ථාවරය මත පිහිටාය. රට තුළ සියලූ ජාතිකවාදී බලවේග විරෝධතාවය පළකරද්දී, සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂය 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය පළකරනු ලැබුවේ, සැබෑ වාමාංශිකයෙකුට කවර වූ බලය බෙදීමකට එරෙහි විය නොහැකි නිසාය.

එහෙත් කනගාටුවට හේතු වන්නේ, 2009 මැයි මාසයේදී යුද්ධය නිමවීමෙන් පසුව ද මහින්ද රාජපක්‍ෂ රජය දිගින් දිගටම ජාතිවාදී මඩ ගොහොරුවේ එරෙද්දී, පැරණි වම නියෝජනය කරන දේශපාලන නායකයන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. යුද ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි සන්ධාන රජයේ ඇතැම් බලධාරීන් ජාතිවාදී සටන්පාඨවලට මුවාවී තම තමන්ගේ දූෂිත ක‍්‍රියාකාරකම් වසා ගැනීමට වෙර දරද්දී, පැරණි වාමාංශික නායකයන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. විවිධ නම්වලින් බිහිවූ අන්තවාදී ආගමික සංවිධානවලට හිතුමතේ ජාතිවාදය-ආගම්වාදය අවුලවද්දී මුනිවත රැුකීමය. පැරණි වමේ දේශපාලන නායකයෝ එසේ නිහඬව සිටිමින්, මහින්ද රාජපක්‍ෂ රජයේ අවසාන අදියරේ ප‍්‍රතිගාමී පාලනයට සහයෝගය දුන්නාහ. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී වඩා ප‍්‍රගතිශීලී පිළ නියෝජනය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදැක්වීමෙන්, පැරණි වම මෙතෙක් රැුකගෙන ආ ස්ථාවරය විකෘති කළහ. ඇතැම් වාමාංශික නායකයෝ එතෙකින් නොනැවතී, හොඳටම වැටී සිටින මහින්ද සමඟ යළි නැගිටින්නට උත්සාහ කරති. වඩාත් නිවැරදිව කියතොත්, මහින්දගේ පිහිටෙන් යළි නැගිටින්නට උත්සාහ කරති. පැරණි වමේ ඓතිහාසික කාර්යභාරය මේ වන විට හමාර වී ඇත්දැයි අපට අසන්නට සිදුව ඇත්තේ මෙම පසුබිම තුළය. කවර වූ දේශපාලන බලවේගයකට වුවද, මානව ඉතිහාසයේ කිසියම් කාල පරිච්ෙඡ්දයක් තුළ නිශ්චිත කාර්යභාරයක් පැවරී ඇත්තේය. එමෙන්ම, කවර වූ දේශපාලන බලවේගයක් වුවද කාලානුරූපීව වෙනස් නොවුණහොත්, ඉතිහාසයේ කුණු බක්කියට තල්ලූවීමේ තර්ජනයක් ඇත්තේය.

Back to Home page