20 September, 2024

Blog

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි. ඔහු පසුගිය සතියේ සහභාගී වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඉදිරි දුෂ්කර මාර්ගය සඳහා ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සහතික කරන මැතිවරණ සඳහා බලාසිටින පිරිස් මෙය ධණාත්මකව දකිනු ඇත. රට ගෝලීය වශයෙන් පිළිගැනුණු බංකොලොත්භාවයේ ගිලී ඇති අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක රටේ මුල් පුටුවට දැරුවද, රටේ බලවත්ම තනතුර වන වත්මන් ජනාධිපති ධුරයට එවැනි ජනවරමක් ලැබී නොමැත. පළාත් සහ ප්‍රාදේශීය යන රජයේ අතරමැදි මට්ටම් දෙකම, තේරී පත් වූ නියෝජනයක් නොමැතිව අක්‍රියව පවතී. ජනවරමකින් තොරව පාලනය ඉදිරියට ගෙනයෑම පාලකයන්ට ගැටළුවක් විය නොහැකි නමුත්, අවසානයේ එමගින් දිගුකාලීන කැරලි ගැසීමකට මග පෑදීමට ඉඩ ඇත.

අවාසනාවකට මෙන්, මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැබෑ අභිප්‍රාය පිළිබඳ සැකයට වඩා වැඩි යමක් පවතී. වත්මන් ජනාධිපතිවරයා දශක ගණනාවක් පුරා දිවෙන ආණ්ඩු තුනක සාමාජිකයකු වූ අතර, ඒ කිසිදු අවස්ථාවක නියමිත වේලාවට මැතිවරණ නොපැවැත්විණි. 1981 දී මහමැතිවරණය වසර හයකින් කල්දැමීමට රජය ජනමත විචාරණයක් පවත්වන විට ඔහු අධ්‍යාපන ඇමැතිවරයා විය. 2017 දී, පළාත් සභා සඳහා මැතිවරණය කල්දැමුණු මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් රජය විසින් ආරම්භ කරන විට ඔහු අගමැති විය. නැවතත්, 2022 දී, අද දක්වා කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව රජය ප්‍රකාශ කරන විට ඔහු ජනාධිපති විය.

මෙම සැකය තවත් වැඩි කරමින්, කැබිනට් ප්‍රකාශක සහ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ, “මුල්‍ය වර්ෂයක ආදායම් සහ වියදම් සමතුලිත කිරීම රජයට ඇති වඩාත්ම දුෂ්කර කාර්යයයි. දිගු කාලීන අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණ සෙවීමේ ක්‍රියාවලියක අප නිරතව සිටින අතර, ඒ අතරතුර මේ වසරේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන්කර තිබේ” යනුවෙනි. රුපියල් බිලියන 10ක් යනු මැතිවරණ කොමිසම 2022 දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කළ මුදලයි. ප්‍රශ්නය වන්නේ මේ කාලය තුළ, ඉහළ උද්ධමනයක් පවතින අවස්ථාවක, ජාතික මැතිවරණ දෙකෙහිම වියදම් පියවා ගැනීමට මෙම මුදලම ප්‍රමාණවත් වේද යන්නයි.

නිදහස සීමාකිරීම

2024 දී, ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වෙන බවට ඇඟවුම් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වී තිබූ ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට රජය විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. නැවත අලුත් කළයුතු රජයේ බලපත්‍ර මත ඔවුන් සහ ඔවුන්ගේ පවුල් දශක ගණනාවක් තිස්සේ භෝග වගාකර ඇති ඉඩම් කට්ටිවල හිමිකාරීත්වය ගොවි පවුල් මිලියන දෙකකට ලබාදීමට රජය තීරණය කර ඇත. වතු ක්‍ෂේත්‍රයේ, මෙතෙක් තේ සහ රබර් වතුවල දශක ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩකළ ඉඩම් නොමැති වැටුප් ලබන්නන්ට තමන්ගේම නිවාස සහ ගෙවතු සාදාගැනීමට ඉඩම් හිමිකම ලබාදෙන බවද ප්‍රකාශවී තිබේ. ඉඩම් අයිතිය ජනතාව වෙත පැවරීම මගින් එක්කෝ ඒවායේ ආයෝජනය කිරීමට හෝ මහා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන බහුජාතික සමාගම්වලට විකිණීමට ඔවුන්ට බලය ලැබෙනු ඇත. එහෙත් පවතින දුප්පත්කම නිසා මේ ඉඩම අඩු මිලට අලෙවි නොකළ යුතු බවට වගබලාගත යුතුය. එහි ප්‍රතිඵලය සැබවින්ම ගොවීන්ට ලැබීමට නම් අවම වශයෙන් වසර 05ක් සඳහා ඉඩම් විකිණීමට සීමා පැනවීමට වැදගත් විය හැකිය.

සාර්ව ආර්ථික දත්ත මගින් ආර්ථික වර්ධනය ඉහළ යන බව පෙන්නුම් කරන බැවින් ජනගහනයේ දුප්පත් කොටස් මත බර පැටවෙන බදු අඩුකිරීමේ හැකියාව ගැන ද ජනාධිපතිවරයා කතාකරයි. ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට ජයගැනීමට ඇති ස්ථිරම මාර්ගය වනුයේ ජනතාවගේ ජීවන තත්ත්වය යථාතත්ත්වයට පත්කිරීම සහ වැඩිදියුණු කිරීමයි. මෑතක සමාරම්භක සැසියේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදී, වැඩිවන දරිද්‍රතාවය, මන්දපෝෂණය, පාසල් හැරයෑම සහ සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බිහිසුණු පුවත් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්වලට එරෙහිව ගතයුතු පියවර ගැන අවධානය යොමුකර තිබිණි. “පෙර නොවූ විරූ වේගයකින් කඩා වැටුණු රටේ ආර්ථිකය, V හැඩයේ ප්‍රකෘතිමත්වීමේ බලාපොරොත්තුවක් හා සමානවන පරිදි රොකට් වේගයෙන් ඉහළ යමින් කැපීපෙනෙන පෙරළියකට ලක්ව ඇති බව” ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

මහජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට අමතරව රජය උත්සාහ කරන්නේ මහජන විරෝධයන් හමුවේ තම ස්ථාවරය ශක්තිමත් කර ගැනීමටත්, විශේෂයෙන්ම ඊට විරුද්ධ අදහස් සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට හෝ සීමා කිරීමටත් වගබලා ගැනීමටය. එම උත්සාහයන් පැමිණෙන්නේ, අදහස් පළකිරීම නීතිවිරෝධී ලෙසින් නම්කිරීම සහ ඒවා අපරාධ ලෙස නම්කිරීම වැනි නීතිමය ස්වරූපයෙනි. සමාජ මාධ්‍ය භාවිත කරන විවේචනාත්මක හඬවල් නිශ්ශබ්ද කරමින් මහජන විවාදය තමන්ට පක්ෂව හැරවීම සඳහා රජයේ සාමාජිකයන්ට බලය ලබාදෙන කුරිරු නව නීති ත්‍රිත්වයක පළමුවැන්න ඔන්ලයින් ආරක්ෂණ පනත නියෝජනය කරයි. පාර්ලිමේන්තුවේ මතභේදාත්මක තත්වයන් යටතේ මෙම පනත් කෙටුම්පත සම්මත විය. අවසන් කිරීමට ආසන්න ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයට තර්ජනයක් වන විකාශන අධිකාරී පනත් කෙටුම්පත යන තවත් කුරිරු නීති දෙකක් සම්පාදනය වෙමින් පවතී. වත්මන් අර්බුදයට රට ගෙනගිය දේශපාලන නායකයන්ව ප්‍රසිද්ධියේ විවේචන කරන සහ විකල්ප යෝජනා කරන හඬවල් මෙම නීති මගින් නිහඬ කිරීමට ඉලක්ක කරගෙන සිටින බවක් පෙනෙන්නට තිබීම මෙහි ඇති හාස්‍යයට කරුණයි.

පිළිගත නොහැකි නීති

සිවිල් අවකාශයට එරෙහිව මතුවීමට ඇති අලුත්ම තර්ජනය වන්නේ, සිවිල් සංවිධාන විසින් තමන් කරන කාර්යය වෙනුවෙන් නීතිමය තත්ත්වය ලබාගැනීම සඳහා භාවිත කරන ලද 1980 ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත ප්‍රතිස්ථාපනය කර, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය සඳහාවන කෙටුම්පතක් හඳුන්වාදීමට කෙරෙන සැලසුමයි. එම නීතියේ නමට අනුව එය අනිවාර්ය ලියාපදිංචි කිරීමක් නොවේ. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට උරුම වූ පොදු නීති සම්ප්‍රදායට අනුව ලියාපදිංචිවීමට කැමති සංවිධානවලට විකල්ප රාශියක් පවතී. නීත්‍යානුකූල ස්වරුපයක් ලබාගැනීමට හෝ රජයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචිවීමට අවශ්‍ය නම් සමාගම් පනත යටතේද එය සිදුකළ හැක. මේවන විටත් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ මහ බැංකුව පදනම් කරගෙන නිසි අවධානයෙන් කටයුතු කරන බැංකු හරහාය. ඒවා පරිත්‍යාගශීලීන්ගේ විගණනයට යටත් වේ. ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන අනෙකුත් රාජ්‍ය ආයතන විසින් අධීක්ෂණය කරනු ලැබේ. යෝජිත නව නීතිය ඉන් වෙනස් වන්නේ, එය ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන හෝ භාර හෝ පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ඒවා වුවද, සියලුම සිවිල් සංවිධානවලට එක් ස්ථානයක ලියාපදිංචිවීමට බලකෙරෙන බැවිනි. නව නීතියට අනුව සංවිධාන සියල්ලන්ම දැනට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචිය සහ අධීක්ෂණ ක්‍රියාවලිය හරහා සිවිල් සමාජය පාලනය කිරීමට රජය උත්සාහ කරන රටාවක් මෙමගින් නැවත නැවතත් දක්නට ලැබේ.

පොලිසිය ක්‍රියාත්මක වන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මේ වන විට ජාතිකව හා අන්තර්ජාතිකව අවධානයට ලක්ව ඇත්තේ, එහි මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය හේතුවෙන් දස දහස් ගණනක පොලිස් වැටළීම් සහ සැකසහිත තත්ත්වයන් යටතේ අත්අඩංගුවට ගැනීම් හේතුවෙනි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පිහිටි ස්ථානය පවතින්නේ, මහජන අමාත්‍යාංශය යටතේය. මෙම නීතිය හා සාමයේ රාමුව යටතේම රජය විසින් සිවිල් සංවිධාන සළකන බවට ලබාදෙන ඇඟවුම විසින් නිර්මාණය කෙරෙන්නේ සෘණාත්මක පණිවිඩයකි. මෙම නව නීතිය, ඔවුන්ට අපරාධ නඩු පැවරීමට සහ සිරගත කිරීමට අවස්ථාව විවෘත කරනු ඇත. ‘මූලික සංස්කෘතික වටිනාකම්’ වලට එරෙහිව යන බව පවසමින් සංවිධාන අත්හිටුවීමට හෝ වසා දැමීමටද මෙමගින් හැකිය. මෙම සීමාවන් අනුව, අනාගමික රාජ්‍යයක් ඉල්ලා සිටීම, සමලිංගික අයිතිවාසිකම් සඳහා හෝ ගබ්සා කිරීමේ අයිතිය සඳහා හඬනැගීම, මූළික සංස්කෘතික වටිනාකම්වලට පටහැනි යැයි අර්ථ දැක්විය හැකිය. ආණ්ඩු තම විරුද්ධවාදීන් ලෙස දකින අයට හෝ යටත් නොවන අයට පීඩා කිරීමට නීති භාවිත කර ඇති ආකාරය අනුව, මෙය බිය උපදවන යෝජනාවකි.

2018 දී වත්මන් ජනාධිපතිවරයා අගමැති වූ මීට, පෙර පැවැති ආණ්ඩුවද එවැනිම නීතියක් ගෙන ආවේය. එවකට ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පැවැතියේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේය. අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනා සම්බන්ධයෙන් නැසූ කන්ව සිටිද්දී, සිවිල් සමාජ නායකයෝ පිරිසක් එවකට අගමැති වික්‍රමසිංහ හමුවී තම ආයාචනය ඔහු වෙත ඉදිරිපත් කළහ. දින කිහිපයක් ඇතුළත නීති කෙටුම්පත හකුළාගත් අතර, සිවිල් සමාජය සඳහා ඔවුන්ගේම නිර්දේශිත රාමුවක් සම්පාදනය කරන ලෙස අගමැතිවරයා විසින්, කරුණු ඉදිරිපත් කළ එම සිවිල් නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, වසර දෙකක කාලයක් සිවිල් සමාජයක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ආකෘතියක් සකස් කරන ලද අතර, ලාභ නොලබන අංශය වෙනුවෙන් නීතිමය රාමුවක් සඳහා මාර්ගෝපදේශ මූලධර්ම සැකසීමට පියවර ගැනිණි. මෙම මාර්ගෝපදේශ මීට වසරකට පෙර රජයට ද ඉදිරිපත් කර ඇති නමුත් ඒවායේ අන්තර්ගතය හෝ අරමුණු වර්තමාන නීති කෙටුම්පතේ නොමැත. මෙම තත්ත්වය තුළ, 2018 වසරේ දී මෙන්, ඔහුව දැන් ජනාධිපතිවරයා ලෙස හමුවීමට සිවිල් සමාජය බලාපොරොත්තු වනු ඇත. ප්‍රජාවගේ සහ රටේ සමස්ත අභිවෘද්ධිය සඳහා හැරවිය යුත්තේද එම රෝදයම විය හැකිය.

Latest comments

  • 1
    1

    ජනතාව භුක්ති විඳින මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. එය වසා නොදැමිය යුතු අතර කෙසේ වෙතත්, රස්තියාදුකාරයින්ට හෝ වෙනත් අයට මෙම ජාතිය විනාශ කිරීමට ඉඩ දීම නතර කළ යුතුය. ලංකාව විනාශයි. සිංහල දන්න අය පැහැදිලි ඇති, යූ ටියුබ් කාරයෝ තමන්ගේ වීඩියෝවල අශෝභන භාෂාව පාවිච්චි කරනවා. ඔවුන් එවැනි දර්ශන ද ප්‍රදර්ශනය කරයි.

    වරක් මට හැම්බර්ග්හි හෝ එක්සත් රාජධානියේ කොහේ හරි ගුවන් තොටුපලක පින්තූරයක් ගැනීමට අවශ්‍ය වූ නමුත් securities මට එය කිරීමට ඉඩ දුන්නේ නැත.
    අධිවේගී දුම්රියේ (TGV හෝ ICE) ගමන් කරන සමහර මගීන් ද ගැහැණු ළමයින් හා පිරිමි ළමයින්ගේ පින්තූර කිහිපයක් ගැනීමට උත්සාහ කරන නමුත් එය නිරීක්ෂණය කළ අය ඔවුන් අල්ලා ගත් දුරකථන වලින් ඒවා මකා දමන ලෙස කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටියහ. 2018 මැයි මාසයේ සිට බලපැවැත්වෙන පුද්ගලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යුරෝපයේ විශේෂ ව්‍යවස්ථාදායක සංශෝධන ඇත.
    .
    මේවා වෙනස් කරුණු දෙකකි. උදාහරණයක් ලෙස, යුරෝපීය රටවල් සෑම තැනකම කැමරාවලට ඉඩ නොදේ. ශ්‍රී ලංකාවේ, ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය දැන් නූගත් සහ අඩු අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් සහ මිනිසුන් සඳහා හොඳම ආයුධය බවට පත්ව ඇත. It is like the monkeys started to use the barber s knife.

    ඕපාදූප සහ මිථ්‍යාවන් පහසු ඉලක්ක වෙත ප්‍රවර්ධනය කරන යූ ටියුබ්කරුවන් සිටී. සමහරු පහසුවෙන් වැටේ. එම යූ ටියුබ්කරුවන් ඔවුන්ගේ දෛනික පාන් උපයා ගැනීම සඳහා නිවැරදි යැයි සිතන ඕනෑම දෙයක් ප්‍රවර්ධනය කරයි.

  • 1
    1

    නව නීති ගෙන ඒමට එරෙහිව කවුරු මොනවා කීවත්, කළත් ඒවා මේ සමාජය ආරක්ෂා කර ගැනීමට ඉක්මනින් ගෙන ආ යුතුයි.සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල මෙන් නොව ඇතැම් සම්මතයන්ට අනුව සයිබර් නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපේ තරුණ පරපුර ආරක්ෂා කරන්න. සමහර යූ ටියුබ් කරුවන්ට කිසි දිනක තම අන්තර්ගතය ඉක්මනින් උපයා ගැනීමට නොහැකි වන පරිදි සිංහල කුණුහරුප වීඩියෝ ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතුය.

    https://www.youtube.com/watch?v=G0xqkk21pXo

    මිථ්‍යාවන් සහ අසත්‍ය නොවේ නම්, බොහෝ ශ්‍රී ලංකාවේ යූ ටියුබ්කරුවන් ඉලක්ක කරන්නේ ඕනෑම පහත් මට්ටමේ ප්‍රවෘත්ති පතුරුවන්නන්ගේ පහසු ගොදුරක් වන මිනිසුන්ගේ සාමාන්‍ය දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට වඩා ඔවුන්ගේ සාක්කුවේ ඉපැයීම් පමණි.

    ප්‍රජාවන් අතර සහ ප්‍රජාවන් තුළ බෙදීම් ඇති කරන ප්‍රවෘත්ති පැතිරීමට එරෙහිව ඉන්දියාව පවා යම් ආකාරයක තහනමක් ලබා ඇත. ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් ද දැනටමත් ඔවුන්ගේ සීමාවන් සකසා ඇත. ශ්‍රී ලංකාවේ සෑම ස්මාර්ට් දුරකථන හිමියෙක්ම ප්‍රසිද්ධියේ ඔවුන්ගේ අපවාදාත්මක ක්‍රියාවෙන් පහසුවෙන් හසු වන පුද්ගලයින්ට ගෞරවයක් ලෙස කැමැත්තෙන් තොරව ඕනෑම අයෙකුගේ ඡායාරූප ගැනීමට අභියෝග කරයි. වරක් පවසා ඇති පරිදි, හැම්බර්ග් බර්ලින් හෝ එක්සත් රාජධානියේ සෑම ගුවන් තොටුපළකම, ඔවුන් තම මගීන් කිසිදු අත්තනෝමතික පුද්ගලයින්ගේ කැමරාකරුවන් විසින් අල්ලා ගැනීමට ඉඩ නොදේ. නමුත් ශ්‍රී ලංකාවේ ඔවුන් එය ප්‍රසිද්ධියේ ඝාතන වලදීත් මළ සිරුරුවලට ගරු නොකිරීමේදීත් අපයෝජනය කරයි.

  • 1
    1

    No matter what anyone says or does against bringing new laws, they should be brought soon to protect this society.
    Unlike in Singapore and Middle Eastern countries, cyber laws should be implemented according to certain norms. Protect our youth. Sinhala dirty videos should be banned in Sri Lanka so that some YouTubers will never be able to monetize their content quickly.

    Myths and if not false, most Sri Lankan YouTubers are only targeting their pocket earnings rather than improving the general awareness of the people who are easy prey for any low level news spreaders.

    Even India has some sort of ban against spreading divisive news between and within communities. America, Germany, UK and other countries have also already set their limits. Every smart phone owner in Sri Lanka is challenged to take photos of anyone without consent as a mark of respect for people who are easily caught in their abusive behavior in public.
    As once said, in Hamburg Berlin or some airports in the UK, they don’t allow their passengers to be captured by any arbitrary people’s cameras. But in Sri Lanka they abuse it in public killings and disrespecting dead bodies.

  • 0
    0

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කාර්යයට සෑම දෙනාම ඉදිරිපත් නොවන බව ම්ලේච්ඡ ඉතිහාසයකට හිමිකම් කියන ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරමින් සිටියේය. තේරී පත් වූ කිසිදු නායකයෙකු එසේ කිරීමට අසමත් වූයේ මන්දැයි ඔවුන්ට කිසිදා ගැඹුරු සිතිවිල්ලක් නොතිබුණි. ඇයි දෙයියනේ මේ භාරකාර ආණ්ඩුවේ උන් ඒක කරන්න ලෑස්ති වෙද්දි JVP පාරේ හිටගෙන ඉන්නේ?
    https://www.youtube.com/watch?v=CttCzlpYpBE
    මම හිතන්නේ ලංකාව පහසුවෙන් නොමඟ යවන මෝදයන්ගෙන් පිරී ඇත. ඔවුන් කවදාවත් අතීතයෙන් ඉගෙන ගන්නේ නැහැ. ඔවුන් RABBLEROUCER ට නැවත ගින්නට ඉන්ධන එකතු කර ප්‍රයෝජන ගැනීමට ඉඩ සලසයි. මම හිතන්නේ කිසිම කොන්දේසියකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සියලු දෙනා එකඟ විය යුතුයි. AKD ප්‍රමුඛ කණ්ඩායම් මත පමණක් විශ්වාසය නොතබා රට පාලනය කිරීමට යහපත් දේශපාලනඥයන් එකතු විය යුතු බව මගේ අදහසයි. AKD ගේ මැතිවරණය ගෝඨාභය කතාවේ දෙවන කථාංගය වනු ඇත. පසුගිය දිනක ඉන්දියානුවන් ඔවුන්ට කළ ආරාධනය ඔවුන් ඉක්මවා ගිය ආකාරය බලන්න? එය ශ්‍රී ලංකාවේ දකුණේ කැරලිකරුවන් මෙල්ල කිරීමට ඉන්දියානුවන් කළ උපායක් බව සැබෑය

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.