19 April, 2025

Blog

රජය සිය මන්දගාමී වේගය පිළිබඳව පැහැදිලි කළ යුතුය

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්‍රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ අතර, ලෝකය කොළඹ වීදිවල ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරීමක් පිටත සිට නැරඹුවේය. මැතිවරණ සමයේදී ආණ්ඩු පිහිටුවීමට සහ අවිහිංසාවාදී මහජන විරෝධතා හරහා වීදිවලදී ආණ්ඩු බිඳදැමීමට ජනතාවට බලය සහ අයිතිය ඇති බව අරගලය පෙන්වාදුන්නේය. මෙය කලාපයේ අනෙකුත් රටවල්, විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය සහ පාකිස්ථානය, උදාහරණයක් ලෙස ලබාගත් ඉතා ප්‍රබල පණිවිඩයක් විය. සංකීර්ණ ගැටළුවල අන්තර් සම්බන්ධිතභාවය පිළිබඳ අවබෝධයක් ඇති සහ රෝග ලක්ෂණ පමණක් නොව මූල හේතු ආමන්ත්‍රණය කරන විවිධ අංශ සහ මට්ටම් හරහා වැඩකරන ‘පද්ධති චින්තනය’ අනුගමනය කිරීමක් වෙනුවෙන් එවැනි ක්‍රියාවලියක් ඉල්ලා සිටින බව දැකගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ, බලය ජනතාව සතුව ඇති බවත්, ඔවුන් එය රජයට භාරනොදී, විශේෂයෙන් එය ජාතික අවශ්‍යතාවට හානි කරන්නේ නම්, නිෂ්ක්‍රීය වීමට සහ රජයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩනොදෙන බවත්ය. අරගලය සමයේදී මෙන්, වෙනසක් සඳහා සාමූහික උත්සාහයක් නිර්මාණය කිරීම සඳහා දේශපාලන පක්ෂ, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් ඇතුළු අංශ හරහා සහයෝගීතාවයක් ද මෙයින් ඉල්ලා සිටී.
අරගලය විරෝධතා ව්‍යාපාරය විසින් වීදි බලය හරහා පෙරළා දැමූ පාලනය, සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ රට තුළ පෙර නොවූ විරූ දැවැන්ත 2/3 බහුතරයකින් තේරී පත් වූ එකකි. එහි ධුර කාලයෙන් වසර තුනකට වැඩි කාලයක් ඉතිරිව තිබිණි. එහෙත් එය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට වඩා ජාතික අවශ්‍යතා අනතුරේ හෙළන බව පැහැදිලි වූ විට සහ ව්‍යසනකාරී ආර්ථික බිඳවැටීමක් ඇති කළ විට, ජනතාවගේ බලය නැවැත්විය නොහැකි විය.

මීට වසරකට පෙර බංග්ලාදේශයේ ද එවැනිම තත්වයක් ඇති වූ අතර, ෂෙයික් හසීනාගේ පාලනය විසින් ජනතාවට ලබාදීම වෙනුවට, තම පාලක පක්ෂයේ ආධාරකරුවන්ට රජයේ රැකියා කෝටාවක් ලබාදීමට තීරණය කළේය. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, මෙය බංග්ලාදේශ ජනතාවට ප්‍රකෝප කිරීමක් බවට පත්විය. ශ්‍රී ලාංකික ජනතාව මීට වසර දෙකකට පෙර තමන්ගේම රටේ අත්දුටු ආකාරයටම, රට පාලනය කළ පිරිස තුළ දූෂණය සහ ජනතා හිතවාදී නොවන බව පිළිබඳ හැඟීම ඔවුන් දුටුවේය. මෙම ප්‍රතිපත්තිය සිසුන් විසින් මෙහෙයවන ලද දැවැන්ත විරෝධතා ඇති කළ අතර, සාධාරණ අවස්ථා ලබාදී, ඥාති සංග්‍රහය අවසන් කරන ලෙස ඉල්ලා තරුණයෝ වීදි බටහ. පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් පොරොන්දු ඉටුනොකළ පාලනයක් පෙරළාදැමීමට ඔවුහු රූපවාහිනියෙන් සහ සමාජ මාධ්‍යවලින් දුටු ශ්‍රී ලාංකික ආදර්ශය අනුගමනය කළහ

ව්‍යවස්ථාමය ක්‍රියාවලිය

සමානකම් තිබියදීත්, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ නැගිටීම් අතර ප්‍රධාන වෙනස්කම් ද තිබේ. ශ්‍රී ලංකාවේ, විරෝධතා ව්‍යාපාරය තම කාර්යය ඉටුකළේ අවම ජීවිත හානි සමඟිනි. බංග්ලාදේශයේ, ඒකාධිපති පාලනයක් මෙන් වූ සහ විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කිරීමේදී ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයක් භාවිත කළ රජයට එරෙහිව ජනතාව බලමුලු ගැන්විණි. ශ්‍රී ලංකාවේ, බල සංක්‍රාන්ති ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූලව නියම කර ඇති එකක් වූ අතර, එය ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ විට, අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, එය පාර්ලිමේන්තුවේ ඡන්දයක් හරහා ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට ඔහු සමත් විය. ජනාධිපති වික්‍රමසිංහ තම අමාත්‍ය මණ්ඩලය තෝරා පත්කර ගත් අතර, ඔහුගේ ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් එම කණ්ඩායම සමග පාලනය ගෙනගියේය. රටේ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණය වූ පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

බංග්ලාදේශයේ, අගමැතිනි හසීනා විදේශගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව නව අගමැතිවරයෙක් තෝරා පත්කර ගත්තේ නැත. ඒ වෙනුවට, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් රාජ්‍ය නොවන සංවිධාන නායක මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කළේය. බංග්ලාදේශයේ ඇති ප්‍රශ්නය නම්, මෙම අන්තර්කාලීන පාලනය මැතිවරණයකින් තොරව කොපමණ කාලයක් රට පාලනය කරනු ඇත්ද යන්නයි. බලයෙන් පහකරන ලද අගමැතිනිය ඇතුළු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කඩිනමින් මැතිවරණ ඉල්ලා සිටී. කෙසේවෙතත්, වීදිවල පාලනය පෙරළා දැමූ සහ ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයක් අත්විඳි විරෝධතා ව්‍යාපාරයේ නායකයන් මේ අවස්ථාවේ මැතිවරණ පැවැත්වීමට කැමති නැත. සිදු වූ දෙයෙහි සත්‍යය තහවුරු කරගැනීමට සහ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිත කළ අයව වගකිවයුතු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියකට යටත් කිරීම වෙනුවෙන් වූ අවශ්‍යතාව ඔවුහු ඉල්ලා සිටිති.

ඊට වෙනස්ව, ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීම සඳහා නීතිමය හා ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් හරහා ගමන් කළ ශ්‍රී ලංකාවේ, අරගලය විරෝධතා පැවති අවස්ථාවේ තනතුරු දැරූ අයට එරෙහිව සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලීන් සඳහා ඇති ඉල්ලුම ඉතා අල්පය. එසේත් නැතිනම් ඇත්තෙම නැත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ චෝදනා ඇති අයට පවා නිදහසේ මැතිවරණවලට තරඟ කිරීමට අවසර ඇත. එහෙත් ඔවුන් මැතිවරණයේදී අන්ත ලෙස පරාජයට පත් වූ අතර, ජනතාව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් සහිත නව ජාතික බලවේග ආණ්ඩුවක් තෝරා පත්කර ගත්හ. ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලනයට අලුත් වන අතර, අතීතයේ රට පාලනය කළ අය සමඟ ඔවුනට කිසිදු සම්බන්ධයක් නැත. මෙය ශක්තියක් මෙන්ම දුර්වලතාවක් යන තත්වයන් දෙකම නියෝජනය කෙරේ. නව ආණ්ඩුවේ සාමාජිකයන් ජනතාවගේ ජීවිතය වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් පරමාදර්ශී සහ අවංකවීම ශක්තියකි. එහෙත් ඔවුන්ගේ උපදේශන ලබාගැනීම්වලින් තොර වර්තමාන ඇතැම් තීරණ, නිදසුනක් ලෙස, දෙමළ පීඨ සහ සිසුන් බහුතරයක් සිටින නැගෙනහිර විශ්ව විද්‍යාලයට සිංහල ජනවාර්ගිකත්වයෙන් යුත් කවුන්සිල සාමාජිකයන් බහුතරයක් පත්කිරීම වැනි අසාර්ථක වන අවස්ථා දැකගත හැකිය

නොවිසඳුණු ගැටළු

නව ආණ්ඩුවට ඇති ගැටලුව නම්, නොවිසඳුණු ජනවාර්ගික ගැටුම ඇතුළුව, සංවේදීතාව සහ උපදේශන යන දෙකම විසඳීමට අවශ්‍ය වන, දැවැන්ත නොවිසඳුණු ගැටලු සහිත රටක් ඔවුන්ට උරුම වීමයි. ඕනෑම මිනුමක් අනුව වඩාත්ම දැවෙන ගැටලුව වන්නේ ජනගහණයෙන් සියයට 25 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති ආර්ථික ගැටලුවයි. එය වසර තුනකට පෙර පැවැති ප්‍රතිශතය මෙන් දෙගුණයකි. ඉහළ මට්ටමේ පාරිභෝගික වියදම් පෙනෙන්නට තිබුණද, ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය සැළකිව යුතු ලෙස වැඩි වී තිබේ. බොහෝ මිනිසුන්ට ඇති ගැටලුව වන්නේ, එදිනෙදා ජීවිතය ආර්ථික වශයෙන් පවත්වාගන්නේ කෙසේද යන්නයි. පසුගිය ආණ්ඩුව විදේශ ණය ආපසු ගෙවීමේ සහ අයවැය තුලනය කිරීමේ ප්‍රධාන බර ජනගහණයේ දුප්පත් කොටස් මත පැටවූ අතර, ඉහළ අන්තයේ සිටින අය අතහැර දැමුවේ ඔවුන් ආර්ථිකයේ ඇන්ජිම වනු ඇතැයි අපේක්ෂා කරමිනි. නව පාලනයට මෙම අසමානතාව වෙනස් කිරීමට සිදුවුවද, අතීතයේ වැරදි ක්‍රියාවලින් රජයේ භාණ්ඩාගාරය හිස් වී ඇති බැවින් එය පහසුවෙන් කිරීමට ඉඩක් නැත.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තිබියදීත්, ආණ්ඩුවට ආර්ථික සම්පත් නොමැතිකම සහ අතීතයේ ක්‍රමවලට ඇලී සිටින පවතින ක්‍රමයේ අවාසනාවන්ත තත්වය හේතුවෙන් සිය උත්සාහයන් අඩපණ වී ඇත. අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති දිසානායක මේ පිළිබඳව සෘජුව ප්‍රකාශ කර ඇත. ඔහු පැවසුවේ, “රට සෙවනැලි අපරාධකාරී රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. මතුපිටින් ක්‍රියාකාරී පොලිස් බලකායක්, මිලිටරිය, දේශපාලන අධිකාරියක් සහ අධිකරණයක් අපට දැකිය හැකි වුවද, මෙම ව්‍යුහය යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නන්, ආරක්ෂක හමුදා සහ නීති වෘත්තිකයන් සමඟ සබඳතා ඇති සන්නද්ධ පාතාලයක් පවතී. මෙම සෙවනැලි රාජ්‍යය විසුරුවා හැරිය යුතුය. මෙම ගැටලුව සමඟ කටයුතු කිරීමට ප්‍රවේශයන් දෙකක් තිබේ: අපරාධකාරී පාතාල ලෝකය සමඟ පෙළගැස්වීම හෝ එය තීරණාත්මකව තුරන් කිරීම. සංවිධානාත්මක අපරාධ සමඟ සහජීවනයෙන් කටයුතු කළ පෙර පරිපාලන මෙන් නොව, ජාතික ජන බලවේග ආණ්ඩුව එය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටී.”

මැතිවරණවලට වඩා සංක්‍රාන්ති යුක්තිය සහ අතීත අපරාධ සඳහා වගවීම ප්‍රමුඛත්වය ගත යුතු යැයි ඉල්ලා සිටින බංග්ලාදේශයේ විරෝධතා නායකයන් මෙන් නොව, ශ්‍රී ලංකාවේ නව පාලනය මාස දෙකක් ඇතුළත පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරමින් සිටී. මෙම තීරණය ව්‍යවස්ථාමය ජනවරම සමඟ සමපාත වන අතර පෙර ආණ්ඩුව නොසළකා හැර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තහවුරු කිරීමක් බවද දැකගත හැකිය. කෙසේවෙතත්, ප්‍රධාන දේශපාලන මාරුවකින් පසු මෙතරම් ඉක්මණින් මැතිවරණ පැවැත්වීම යම් අවදානම්කාරී තත්වයක්ද නිර්මාණය කරනු ලබයි. ආර්ථිකමය වශයෙන් අරගල කරන පවුල්වලට ආර්ථික සහන ගෙනඒම සහ දූෂණයට වගකිව යුතු අයට නඩු පැවරීම වැනි ප්‍රධාන පොරොන්දු නව පාලනය තවමත් ඉටු කර නොමැත. බෞද්ධ ප්‍රජාවේ සාමාජිකයන් ජීවත් නොවන ස්ථානවල බෞද්ධ ආගමික ස්ථාන ගොඩනැගීම වැනි දැවෙන වාර්ගික හා ආගමික දුක්ගැනවිලි ද විසඳාගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත. ඡන්දදායකයන්ගේ ඉවසීම නැති වුවහොත්, දේශපාලන අස්ථාවරත්වය නැවත නිර්මාණය විය හැකිය. ඡන්දය දීමට තීරණය කරන විට ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය. පුරවැසියන් ලෙස ඔවුන් පද්ධතිමය වෙනසට කාලය ගතවන බව හඳුනාගත යුතුය.

Latest comments

  • 2
    0

    ජෙහාන්,
    ඔවුන්ගේ හැකියාවන් මැතිවරණයට පෙර ප්‍රකාශ කළ තරම් ආකර්ෂණීය නොවේ.
    . බොහෝ අය මෙය දිනපතා දකිනවා. ඔවුන් රූපවාහිනී විවාදවල සරල මාතෘකා සඳහා පවා හොඳින් සූදානම් නැත. වරක්, වාදපිටිය හෝ ඒ හා සමාන සතිපතා රූපවාහිනී සංසදයක දී ඇමතිවරියක් තමාටම විහිළු කර ගත්තාය. ඇය නීතිඥවරියක් විය යුතුයි. නමුත් ඇය සරල ප්‍රශ්නයකට පිළිතුරු දෙයි: “අපි විපක්ෂයට මුහුණ දිය යුත්තේ ඇයි?” – නැතහොත් දවසින් දවස මෝඩ වන සමාන මෝඩ පිළිතුරු.

    ඔවුන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස උසස් කරන ලද සුනිල් හඳුන්නෙත්ති, නිල්වලා ගඟ සහ එහි කිඹුල් තර්ජන පිළිබඳ “සුරංගනා කතාවකට” එරෙහිව තම භාෂාව වැරදි ලෙස භාවිතා කිරීමෙන් සිංහල සාහිත්‍ය විශේෂඥයින්ගේ සියලු වාර්තා බිඳ දැමීය.

    අමතක කරන්න එපා: ආචාර්ය. ජාතික ජන බලවේගයේ නායිකාව ලෙස හරිනි අමරසූරියගේ කීර්ති නාමය දිනෙන් දින හීන වෙමින් පවතින්නේ, පාර්ලිමේන්තුවේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේදැයි ඇය නොදන්නා බැවිනි. රනිල් වික්‍රමසිංහ මුලින් සහයෝගය දැක්වූවත්, ඇය ඒ අවස්ථාවේ ඔහුට හයියෙන් පහර දුන් ආකාරය මට මතකයි. ජර්මානු Chanzellor මර්කල් අපේ Harini තරම් අහංකාර නොවීය. අමරසූරිය. මම හිතන්නේ ඔවුන්ගේ අත්දැකීම් නොමැතිකම (L-බෝඩ් පැදීම) අද තරුණයින්ට පවා පැහැදිලියි. AKD නායකත්වයෙන් යුත් රජය ගැන මම කලකිරී සිටිමි.

  • 2
    0

    බූරු AKD නායකත්වය දෙන ශ්‍රී ලංකා රජය දිනෙන් දින දුර්වල වෙමින් පවතින්නේ ඒ කාලයේ ඔවුන් උපකල්පනය කළ සියල්ල අද ඔවුන්ට ගැටලුවක් බවට පත්ව ඇති බැවිනි. ඔවුන් පොරොන්දු වූ සියල්ල අද ඔවුන්ට පටහැනි වී ඇත. එකම ප්‍රේක්ෂකයින් ඉදිරියේ පෙනී සිටීමට පෙර ඔවුන්ට නිහඩව සිටීම හැර අන් කිසිවක් නැත. AKD හි රජය නිදහසින් පසු වඩාත්ම හාස්‍යජනක රජයයි.
    .https://www.youtube.com/watch?v=AvyYpgmBCq0&t=21s
    1) පසුගිය මාස 3 තුළ පමණක් රජය ට්‍රිලියන 2.3 ක (මිලියන 1000 x මිලියන 1000) ණයක් ලබාගෙන ඇත. ඒ කාලය තුළ, පෙර රජය ණය ගත් අතර, JVP හඬන ළදරුවන් හයියෙන් කෑ ගැසූ අතර, එය ඊටත් වඩා විශාල බාධාවක් බවට පත්විය. දැන් මේ මෝඩ මිනිසා වික්‍රමසිංහ මහතා කළ සියල්ල කරයි. එය පමණක් ඔහුගේ නොමේරූ බව ඔප්පු කරයි. සාමාන්‍යයෙන් අපේ රජයක් ණය නොගැනීම නොවැළැක්විය හැකිය. කෙසේ වෙතත්, වෙනස නම් වත්මන් රජය වත්මන් විපක්ෂයෙන් එවැනි තර්ජනවලට මුහුණ නොදීමයි.
    .
    2) තේරී පත්වීමට පෙර අභියෝග කළ සෑම දෙයක් සඳහාම AKD තමාටම වෛර කර ගැනීමට සිදුවනු ඇත. “තීරණාත්මක දේවල් පැවසීමට” පෙර ඔහුට ඉගෙන ගැනීමට කිසිවක් නැත. අවධානය ලබා ගැනීම සඳහා මිනිසුන් මෝඩයන් බවට පත් කරනු ලැබේ. AKD හි උද්යෝගිමත් වේදිකා කතාවලට අනුව, ජාතියක් ලෙස අපට ආපසු ගෙවීමට ඇත්තේ “SOCHCHAM NAYAK – එනම් සඳහන් කිරීමටවත් වටින්නේ නැත… බිලියන 40 ක් ඔවුන් එය රටකජු මුදලක් ලෙස හැඳින්වීමෙන් කුපිත විය. .

  • 3
    0

    It is fair to call them KAIYYANAYAKAs:
    https://www.youtube.com/watch?v=lCSH5hPLhB4
    මම හිතන්නේ මිනිස්සුන්ට යමක් කරයි කියලා විශ්වාස කරන්න කියලා බල කරලා තියෙනවා, නමුත් ඉදිරියේදී එන ලකුණු නම් බලාපොරොත්තු බිඳක්වත් දෙන්නේ නැහැ. මිනිස්සු අද ඉස්සරට වඩා දුක් විඳිනවා.

  • 3
    0

    බූරුවන්ගේ කෑගැසීම්වලට අපිව ඉදිරියට ගෙනියන්න බැහැ
    https://www.youtube.com/watch?v=a7Q1lnz8Lhk
    .
    ජාතියක් වශයෙන් අපි කොතරම් ලැජ්ජා විය යුතුද?

  • 5
    0

    Lester the genius who is forced to think all others are stupid. Elsewhere you had made the statement@
    .
    “I don’t waste time or energy on stupid people.”

    Btw, none of us thought LS could be stupid. But you insist. We really learn a lot from SJ, OC and LS. I’m humbled to respect everyone equally.
    .
    As usual you may disagree, but everyone feels that you are not normal and trying to be something you are not.
    It’s obvious to anyone with some common sense, not necessarily need to have studied rocket science.
    .
    The point is that you have never proven what you are saying, but move on to the next statement. If you need clarity, the CT archives will help you.
    :
    So OC clearly said that what you said and did was very stupid. Since most of us in CT are graduates (at least with a basic degree), we don’t need to prove that you are graduates or what your qualifications are. My Bosnian neighbor who works as a mechanic at BOSCH looks like an engineer to his peers. However, he is a mechanic. Similarly, whether you can be an engineer or not… what matters to us is not who you are.. however the meaning of your ideas. Basta.

    • 2
      0

      LM,
      Some Lester from the archives:
      “Everyone is born and dies at exactly one instant.”-Lester
      “Turks are Muslims. Therefore they are Arabs”- Lester
      ““The flaw is not in the AI, but lack of imprecision in human language” – Lester

      • 1
        0

        Hello OC,
        His is unique and now thinks we are all stupid 🙄 people. I think the loser is fallen 😕 deep and about to commit suicide soon. He sounds somewhat depressed

  • 2
    5

    Leela

    අනේ උබලටත් පිස්සු බන්.මේ නාකි හම්පඩයක් වටෙ කැරකි කැරකි ප්‍රශ්න අහනව😂😂😂😂😂

    Do not take slum dwellers seriously.

    As for you, you are bashing the country and people every day from abroad. No shame? කුහකකම ඉරිසියාව පැළිලා මැරෙයි යකෝ තව ටික කාලයක් ජීවත් වෙලා ශ්‍රී ලංකාව දියුණු වෙන හැටි දැකල මාතෘ භූමියෙන් සමාව අරන් .යන්නම යමං.

    • 3
      0

      Self Procliamed IQ-GENIUS@
      ඇත්තටම මම හිතන්නේ නැහැ ලංකාස්කොට් හිස් භාජනයක් කියලා. ඔහුගේ අදහස් වලින් අපට එය කියවිය හැකියි. අපි මෝඩයන් නොවේ. අනෙක් අය කුමන වර්ණයට, ජාතියට, ආගමට ගරු කළත්, ඔවුන් අන් අයට පහර නොදෙන තාක් කල්, අපි සියලු දෙනාම ඔවුන්ට එක හා සමානව සැලකිය යුතුයි
      බුද්ධිමත්ම දෙය නම් අන් අයට පෞද්ගලිකව පහර දීම නොවේ. කෙසේ වෙතත් ඔබ සහ දීප්ති නම් උඩඟු කාන්තාව නිරන්තරයෙන් එසේ කරයි. That is in your blood.
      :
      මම හිතුවේ මුඩුක්කු වැසියන් ඔබ ඔබම බවයි. අනෙක් සියල්ලන්ම මධ්‍යම පාන්තික ජීවන රටාවන් ගත කරනවා.
      .
      ඔබ ජීවත් වන්නේ කොහේද හෝ ඔබ කරන්නේ කුමක්ද යන්න මට අදහසක් නැත, නමුත් ඔබ අතිශයෝක්තියට නංවන දේ අනුව, ඔබ සමබර බව අපෙන් කිසිවෙකුට දැනෙන්නේ නැත.
      ඔබේ ඒවා ඔබ ගැන සහ ඔබ ඔබේ ජීවනෝපාය උපයන ආකාරය ආදිය ගැන ඇසෙන බැවින්. අනෙක් කිසිවෙකු ස්වයං ජයග්‍රහණ ගැන කතා නොකරයි.

      මගේ ආච්චි අපට නැවත නැවතත් කිව්වා එවිට කුහුඹුවෙකුගේ මුත්‍රා බිංදු ඔහුට හෝ ඇයට විශාල ජලාශයක් ලෙස පෙනේ. ඔබේ අදහස් වලින් මම දුටුවේ එයයි. so pathetic !
      .
      මම මව්බිමේ ජනතාවට බැණ වදින්නේ ඔවුන් කිසි විටෙකත් මුළු ජාතියේම යහපත සඳහා වෙනස් නොවන බැවිනි. දැන් ජවිපෙ ලේ උරා බොන අය කාලය නාස්ති කරති. They killed hundreds of my peers in 89-92.
      නැවතත්, නාමල් බේබිට අවස්ථාවක් ලැබෙනු ඇත. So why not put the blame on the stupid majority ? එය දුප්පතුන් දිනෙන් දින දුප්පත් වන රවුමක ඇවිදීමකි. They are hopeless today.

      මෝඩ දේශපාලනඥයන් විසින් ඔවුන් කී වතාවක් නොමඟ යවන ලදී. රට සංවර්ධනය වෙමින් නොමැත.
      මෙච්චර කල් සිංහල බෞද්ධ මිථ්‍යාවන් සහ අනෙකුත් ඒවා වැරදියි

    • 1
      0

      “කුහකකම ඉරිසියාව පැළ මැරෙයි යකෝ තව ටික කාලයක් ජීවත් වෙලා ශ්‍රී ලංකාව දියුණු වෙන හැටි “දැකල මාතෘ භූමියෙන් සමාව අරන් .යන්නම යමං.” Funny, how could this guy misinterpret that? Isn’t that crazy?🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏

      ද්වේෂ සහගත විය යුත්තේ ඇයි..?
      . මිනිස්සු වැරදි කරන තැන මම පෙන්වා දෙනවා. එසේ කිරීම අපගේ යුතුකමයි, මම පසුගිය දශක 3 තිස්සේ විවිධ ආකාරවලින් එසේ කරමින් සිටිමි.
      ඊට අමතරව, මම වසරකට අවුරුදු 2-3 ක් ආපසු ගෙදර යනවා. මගේ මව් රටට ඇති බැඳීම නිසා නොවේ නම්, මම එය මගේ සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගන්නේ ඇයි?
      ඔවුන් වෙනුවෙන් charity work කිරීම හැර වෙනත් කිසිදු ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ මා සතුව නොමැත. වැඩිහිටියන් කෙරෙහි මගේ අනුකම්පාව සහ දරුවන් කෙරෙහි ඇති ආදරය සහ සැලකිල්ල නිසා මම එය කරමි.

    • 1
      0

      “කුහකකම ඉරිසියාව පැළ මැරෙයි යකෝ තව ටික කාලයක් ජීවත් වෙලා ශ්‍රී ලංකාව දියුණු වෙන හැටි “දැකල මාතෘ භූමියෙන් සමාව අරන් .යන්නම යමං.” Funny, how could this guy misinterpret that? Isn’t that crazy?🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏

      ද්වේෂ සහගත විය යුත්තේ ඇයි..?
      . මිනිස්සු වැරදි කරන තැන මම පෙන්වා දෙනවා. එසේ කිරීම අපගේ යුතුකමයි, මම පසුගිය දශක 3 තිස්සේ විවිධ ආකාරවලින් එසේ කරමින් සිටිමි.
      ඊට අමතරව, මම වසරකට අවුරුදු 2-3 ක් ආපසු ගෙදර යනවා. මගේ මව් රටට ඇති බැඳීම නිසා නොවේ නම්, මම එය මගේ සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගන්නේ ඇයි?
      ඔවුන් වෙනුවෙන් charity work කිරීම හැර වෙනත් කිසිදු ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ මා සතුව නොමැත. වැඩිහිටියන් කෙරෙහි මගේ අනුකම්පාව සහ දරුවන් කෙරෙහි ඇති ආදරය සහ සැලකිල්ල නිසා මම එය කරමි. xxx

    • 1
      0

      Hello Lester,
      Excuse my poor Sinhala it will improve over the next month or so.
      සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙහිම තර්ක එක හා සමාන බව මට පෙනේ.
      සුභ පැතුම්!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.