19 April, 2024

Blog

මොන සැකසාංකා තිබුණත් මධ්‍යස්ථ බහුතරය වර්ධනය වනු ඇත

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ මේ දක්වා වන ක‍්‍රියාකාරීත්වය මගින් එය ශක්තිමත් ආණ්ඩුවක් නොවේය යන්නක් පෙන්නුම් කෙරෙන බවට වන පොදු හැඟීමක් තිබේ. ඒ නිසා, වර්තමාන නායකත්වය යටතේ මොන තරම් කාලයක් එම ආණ්ඩුවට අල්ලාගෙන සිටීමට හැකි වේද යන කුකුසක් කා තුළත් ඇත. අනාගතය සඳහා ආයෝජනය කිරීම සඳහා විශේෂයෙන් ව්‍යාපාරික ප‍්‍රජාවට ආණ්ඩු ස්ථාවරත්වය අවශ්‍ය කරන්නේය. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ස්ථාවර වන බවටත්, තමන්ට නරක ආකාරයෙන් බලපෑ හැකි ප‍්‍රතිපත්තිමය හදිසි ආපසු හැරීම් සිදු නොවන බවටත් විශ්වාසයක් ඔවුන්ට තිබිය යුතුය. ආණ්ඩුව ශක්තිමත් නැතැ යි යන හැඟීම යම් තාක් දුරකට ඇති වන්නේ, මෙය සභාග ආණ්ඩුවක් වන නිසාත්, එහි ප‍්‍රධාන පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂය නොවන නිසාත් ය. එහෙත් බොහෝ කොට එම හැඟීමට පාදක වන්නේ, තමන්ගේ ප‍්‍රතිවාදීන්ට එරෙහිව ආණ්ඩුව තදබල පියවර නොගැනීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂගේ අනපේක්ෂිත පරාජය තුළ, නව ආණ්ඩුව සහ දූෂණ විරෝධී ව්‍යාපාරය විසින් වැරදි නිවැරදි කරනු ඇති බවට තදබල විශ්වාසයක් සහ අපේක්ෂාවක් ඔහුට එරෙහිව ඡුන්දය පාවිච්චි කළ අයවළුන් තුළ ඇති වුණි. දූෂණය සම්බන්ධයෙන් ද, මත්ද්‍රව්‍ය සහ අනීතික මද්‍යසාර වෙළඳාම සම්බන්ධයෙන් ද, යටිතල සංවර්ධනයේ කොන්ත‍්‍රාත් හරහා තමන්ගේ මඩි සරිකර ගැනීම සම්බන්ධයෙන් ද හිටපු පාලකයෝ මැතිවරණ ව්‍යාපාරය තුළ බරපතල විවේචනයට ලක්වූහ. එසේ වෙතත්, මේ දක්වා එම දේවල් සම්බන්ධයෙන් අළුත් ආණ්ඩුව පියවර ගෙන නොතිබීම නිසා ඉහත කී උසස් අපේක්ෂා සාධනය වී නැත.

ආණ්ඩු මාරුවෙන් සති හයකටත් වැඩි කාලයක් ගත වී ඇතත්, හිටපු ආණ්ඩුවේ වැරදි කළ පුද්ගලයන් මේ දක්වා නීතිය ඉදිරියට පමුණුවා නැත. එසේම දේශපාලනික රැුළිවලට බස් යොදවා මිනිසුන් අද්දවා ගැනීමට තරම් නිදහසක් ද ඒ අතරේම ඔවුහූ භුක්ති විඳිති. මේ නිසා, වර්තමාන ආණ්ඩුවේ ඇතැමුන්ට හිටපු ආණ්ඩුවේ ඇතැමුන් සමග අයථා ගනුදෙනු ඇතැ යි හුදී ජනතාව අතර කියැවේ. එහෙත් මේ තත්වය වෙනත් ආකාරයකින් පැහැදිළි කළ හැකිය. නව ආණ්ඩුවේ ප‍්‍රධාන පොරොන්දුවක් වුණේ, යහපාලනයයි. ඊට අන්තර්ගත වන ප‍්‍රධාන කාරණයක් වන්නේ නීතියේ ආධිපත්‍යයත්, නිසි පිළිවෙලත් අනුගමනය කිරීමයි.

mahinda2015අධිකරණයක් ඉදිරියේ සනාථ කළ නොහැකි සිද්ධි සම්බන්ධයෙන් අත ගැසීමට ආණ්ඩුව පසුබට වනු ඇත. සාමාන්‍ය තත්වයන් යටතේ අධිකරණයක් ඉදිරියට පමුණුවන වංචා සහ දූෂණ විමර්ෂණ නඩු ආරම්භ වීමට මාස ගණන් ගතවන බවත්, අවසන් වීමට තවත් අවුරුදු ගණන් ගත වන බවත් කවුරුත් දනිති. අදාළ ලිපිගොනු විනාශ කොට ඇති තත්වයකදී, සාක්ෂි විකෘති කොට ඇති තත්වයකදී සහ විශේෂයෙන් වැරදිකරුවන් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් වන අවස්ථාවකදී මේ තත්වය තවත් දුෂ්කර වන බව නොකිවමනා ය. වර්තමාන තත්වය සම්බන්ධයෙන් බලන විට, අයථා අන්දමින් උපයා ගත් ධනස්කන්දය විදේශයන්හි සඟවා ඇතැ යි චෝදනා කෙරෙන අවස්ථාවක එවැනි සිදුවීම් සොයා බැලීමට විශේෂඥතාවක් ද අවශ්‍ය කරන්නේය. එවැන්නක් අපට යහමින් නැත.

වෙනස අගය කරමු

වර්තමාන ආණ්ඩුව දුර්වල යැයි චෝදනා කරන අය, එම ආණ්ඩුව රටේ දේශපාලනය තුළට ගෙනැවිත් තිබෙන සාධනීය වෙනස අගය කිරීමට අසමත් වෙති. බලයේ සිටින අයවළුන්ව විවේචනය කරන්නන් ඉලක්ක කොටගෙන ආණ්ඩු බලය හිතුවක්කාරීව පාවිච්චි කිරීමේ පුරුද්ද දැන් දක්නට නැත. ඒ වෙනුවට තමන්ගේ අදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීමට හැකියාවත්, ඒ වෙනුවෙන් දඬුවමකට ලක්නොවෙතැ යි යන විශ්වාසයත් සාමාන්‍යයෙන් තිබේ. ඇත්ත වශයෙන්ම නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා මේ විවරව ඇති ඉඩකඩ, නව ආණ්ඩුව වැඩි කලක් පවතින එකක් නැතැ යි යන මතය සමාජගත කිරීම සඳහා විපක්ෂයේ වාචාල සුළුතරයක් විසින් පාවිච්චි කරනු ලැබේ. ඊට අමතරව, නව ආණ්ඩුව මේ රට බෙදා වෙන් කිරීමටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවට යටහත් තැනක් බවට එය පත්කිරීමටත් කටයුතු කරමින් සිටින බවට යම් බියක් ජනතාව තුළ ජනිත කිරීමට යොදා ගන්නේද එසේ වෙනස් අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා විවරව ඇති ඉඩකඩයි.

කෙසේ වෙතත් මේ රටේ සාමාන්‍ය ජනතාව මේ අනතුරු ඇඟවීම් මීට පෙරත් අසා තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ වෙනත් දෙයකි. ඔවුන්ට අවශ්‍ය කරන්නේ, තමන්ගේ ජීවන තත්වයන් නගා සිටුවන සහ ඒ සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන දූෂණය අවම කිරීමත් සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කෙරෙන ආණ්ඩුවක් බලයට පත්කර ගැනීමයි. මීට පෙර පැවති ආණ්ඩුව ශක්තිමත් එකක් වූ බව ජනප‍්‍රිය පිළිගැනීමක් තිබේ. එය කෙතෙක් ශක්තිමත් වීද යත්, එහි නායකත්වය ගන්නා ඕනෑම තීන්දුවක් ක‍්‍රියාවේ නංවාලීම අපහසු නොවිණ. එවැනි තීන්දු හරහා වෙනත් අයගේ අයිතීන් උල්ලංඝණය විණි ද සහ එම තීන්දු නීත්‍යානුකූල විණි ද යන්න පවා ප‍්‍රශ්නයක් නොවුණි. ඒ අනුව ජනතාවගේ ඉඩම් සහ දේපල පැහැර ගැනුණු අතර ඒවාට නීත්‍යානුකූල ඔප්පු තිබියදී පවා ඒ ස්ථානවලින් ඔවුන්ව පලවා හැරුණි. යුද අපරාධ සඳහා නඩු පැවරීමක් වෙතොත් එය වළක්වා ගැනීම සඳහා උදව් විය හැකි ජාත්‍යන්තර උපදේශකයන්ට, පාර්ලිමේන්තුව පවා මගහැර ගොස් විශාල ගාස්තු ගෙව්වේ ද එම ආණ්ඩුවේ පැවති ඒ ශක්තිය පාවිච්චියට ගනිමිනි. කොටින්ම එම ආණ්ඩුවේ ආකල්පයට වෙනස්ව විකල්ප අදහස් දැරීම එදා බියකරු දෙයක් විය. ඒ තරමට ඔවුන් සතුව තිබූ බලය නීතියකට යටත් නොවූ තරමි.

සාධනීය ක‍්‍රියාකාරීත්වයන්

අළුත් ආණ්ඩුවේ මූලික ශක්තිය වන්නේ, විකල්ප අදහස් දැරීමට සහ ප‍්‍රකාශ කිරීමට ලබා දී ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය හරහා මීට වඩා යහපත් අනාගතයක් පිළිබඳව දී ඇති අපේක්ෂාවත් ය. ඒ අතරේ, තමන්ගේ දින 100 වැඩ සටහන දියත් කිරීමත්, සාධනීය ක‍්‍රියාකාරීත්වයන්හි යෙදීමෙන් පොදු ජනතාවගේ සහයෝගය දිනා ගැනීමත් ආණ්ඩුවේ බලාපොරොත්තුවයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් බොහෝ දේවල් ක‍්‍රියාත්මක කොට තිබේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීම මගින්, වැඩි වෙමින් පැවති ජීවන බර සැහැල්ලූ කොට තිබේ. ස්වාධීන රාජ්‍ය ආයතන පිහිටුවීම ඇතුළු යහපාලනයට අදාළ නව නීතිරීති සකස් කිරීමේ අවසාන අදියරට මේ වන විට ආණ්ඩුව පැමිණ සිටී.

උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් ගත් විට, එම පළාත් දෙකට සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම වැනි, දින 100 වැඩ සටහන යටතේ සඳහන් නොවුණු යහපත් ක‍්‍රියාවන් ද දැකිය හැකිය. තවමත් හමුදාව එම පෙදෙස්වල සිටියද, එම පළාත්වාසීන් පාලනය කිරීමේදී හමුදාමය මැදිහත් වීම අවම වී ඇත. ඊට අමතරව, එම ජනතාවගේ ඉඩම් ආපසු ඔවුන්ට ලබා දීමට ද කටයුතු කොට තිබේ. එසේම එම ප‍්‍රදේශයට විදේශිකයන් සහ මාධ්‍යවේදීන් යාම සම්බන්ධයෙන් එතෙක් පැවති බාධක ඉවත් කොට ඇති අතර, ඒ හරහා මුළු රටම වඩාත් විනිවිද පෙනෙන පාලනයක් සහිත රටක් බවට පත්කොට තිබේ. ආණ්ඩුවේ මේ ගමන සිදුවන්නේ හෙමින් වුවත්, එය නිවැරදි මගේ යන බව පැහැදිළි ය.

දිගටම පවතින ප‍්‍රශ්නය

ජනාධිපතිවරණය අවසන්ව වැඩි දවසක් යන්නට මත්තෙන්ම අන්තවාදී ජාතිකත්වය දකුණෙන් මෙන්ම උතුරෙන් ද හිස එසවීම මගින් නැවත වරක් පෙන්නුම් කරන්නේ, අප මුහුණදෙන බරපතලම ප‍්‍රශ්නය රටේ පවතින වාර්ගික විභේදනය බවයි. ජයග‍්‍රහණය කළ ජනාධිපතිවරයාට වඩා හිටපු ජනාධිපතිවරයා සිංහලයන් බහුතරයකගේ ඡන්දය ලබා ගත් බව, මෑතකදී විපක්ෂය පවත්වන ලද රැුළියකදී අවධාරණය කෙරුණි. තවද, වර්තමාන ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරන බවටත්, දෙමළ සහ මුස්ලිම් ඡන්ද කෙරෙහි විශ්වාසය තබන නිසා රටේ මහ ජාතිය වන සිංහලයන් පාවා දීමට යන බවටත් එහිිදී චෝදනා කෙරුණි. අනිත් පැත්තෙන්, නිදහසේ පටන් ලංකාවේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරයක් දියත් කර ඇති බවටත්, ඒවා විභාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීමටත් උතුරු පළාත් සභාව මගින් යෝජනා සම්මත කර ගැනීම, මේ වාර්ගික ජාතිකත්වයේ කැඩපතක් බඳු ය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය හරහා අප දැක්කේ මධ්‍යස්ථ අදහස්වල ජයග‍්‍රහණයකි. සිංහල ජාතිකත්වය උපරිමයෙන් පාවිච්චි කිරීමට කැසකැවූ හිටපු ජනාධිපතිවරයාව පරාජය කිරීම සඳහා මෙරටේ මධ්‍යස්ථ බහුතරයක් ජනතාව සිය ඡන්දය පාවිච්චි කොට ඇති බව අප අමතක නොකළ යුතුය. වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය කළා සේ මෙවරත් උතුරු නැගෙනහිර ඡන්දය වර්ජනය කැරැුවීමට අන්තවාදී දෙමළ ජාතිකවාදීන් තැත් කළත් එම පළාත්වල දෙමළ ජනතාව පොදි බැඳගෙන ඡන්ද පොළට ආහ. පැවති ආණ්ඩුවේ දූෂණය සහ බල අපහරණය පිළිබඳ ප‍්‍රවෘත්ති දිනපතා හෙළිදරව් වීමත්, වර්තමාන ආණ්ඩුව ජනතා මට්ටමින් ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ ප‍්‍රවේශයක් ගැනීමත් නිසා, ඒ මධ්‍යස්ථ බහුතරය ජනාධිපතිවරණයට කලින් සිටියාට වඩා මේ වන විට විශාල වී ඇතැ යි සිතිය හැකිය.

*2015 පෙබරවාරි 23 වැනි දා‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ’ පළවූ Moderate Majority Will Continue To Grow Despite Misgivings නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    ජෙහාන් කතාකරන්නෙ කටින් විය නොහැකියි. අාණ්ඩුව (යහපාලන) කෙරෙහි අැති මහජන විශ්වාසය කඩා වැටී අැත්තෙ තමන්ගේ ප‍්‍රතිවාදීන්ට එරෙහිව ආණ්ඩුව තදබල පියවර නොගැනීම නිසා යයි හුවා දැක්විමට තරම් ජෙහාන්ලා බංකොලොත් වීම ගැන මම නම් පුදුම වෙන්නෙ නැහැ. ජෙහාන් කියන විදිහට දැන් තමයි මිනිස්සුන්ට රැස්වීම් වලට බස්වල යන්න නිදහස තියෙන්නෙ. එතකොට පහුගිය ජනාධිපතිවරණ කාලෙ සිරිසේනගෙ රැස්වීම් වලට සෙනග ගියේ කරත්ත වලින්ද? එසේම විශාල ජන සහභාගිත්වයක් තිබූ නුගේගොඩ රැස්වීම කිසිම පුද්ගලික රූපවාහිනියක නොපෙන්නුයේ අැයි?

    ශ්‍රීලනිප යෙන් පැන ගිය සිරිසේන පොදු අපේක්‍ෂක වී බහුතර චන්ද ලබාගෙන ජනාධිපති වූ බව සැබෑය. නමුත් සිරිසේනගේ අාණ්ඩුව එළිපිට මෙහෙයවන්නෙ රනිල් ය යටින් මෙහෙයවන්නෙ චන්ද්‍රිකා ය. අැමතිවරුන් බහුතරය පාර්ලිමේන්තුවෙ සුළුතරය වන එජාප යෙන්ය. පාර්ලිමේන්තුවෙ බහුතරය පවත්වා ගන යන්නෙ බලහත්කාරය යොදා ගෙනය. වචනයෙ පරිසමාප්තියෙන් රනිල්/චන්ද්‍රිකා/සිරිසේන අාණ්ඩුව රෙජිමයක්ය. නවක ශ්‍රීලනිප මංත්‍රිවරුන් ගේ පැන්ෂන් එකට සුදුසුකම වන වසර පහ සම්පූර්ණ වූ පසු එ් බලහත්කාරය අහෝසි වනු අැත. මධ්‍යස්ථ බහුතරය වර්ධනය වනු අැතැයි ජෙහාන් කියන්නෙ මොන අර්ථයෙන් දැයි මට නම් නොවැටහේ.

    අාණ්ඩුව (යහපාලන) කෙරෙහි අැති මහජන විශ්වාසය කඩා වැටී අැත්තේ තමන්ගේ ප්‍රතිවාදීන්ට එරෙහිව ආණ්ඩුව තදබල පියවර නොගැනීම නිසා යයි හුවා දැක්වීමට තරම් ජෙහාන්ලා බංකොලොත් වීම ගැන මම නම් පුදුම වෙන්නෙ නැහැ. ජෙහාන් කියන විදිහට දැන් තමයි මිනිස්සුන්ට රැස්වීම් වලට බස්වල යන්න නිදහස තියෙන්නෙ. එතකොට පසුගිය ජනාධිපතිවරණ කාලෙ සිරිසේනගෙ රැස්වීම් වලට සෙනග ගියේ කරත්ත වලින් ද? ඔය කියන නිදහස තියනව නම් විශාල ජන සහභාගිත්වයක් තිබුණ නුගේගොඩ රැස්වීම කිසිම පුද්ගලික රූපවාහිනියක නොපෙන්නුයේ අැයි?

    අාණ්ඩු ස්ථාවර වන්නේ මහජන ප්‍රසාදය දිනා ගන්න හැකි වෙන වැඩ කිරීමෙන් පමණයි. දැන් රනිල්/චන්ද්‍රිකා/සිරිසේන අාණ්ඩුව කරන්නෙ වැඩ කරන එක නොවෙයි මාධ්‍ය සංදර්ශනයි. අර පොලිස් රාලහාමි කෙනෙක් කුඹුර දිගේ සරා ගොය්ය පස්සෙ එලවගෙන ගිහින් අැල්ලුව වගේ වැඩයි: ඝෝටාගෙ රු. බිලියන 8ක් අැල්ලුවා. ඝෝටා කට උත්තර නැතිවෙන්න දුන්නා. අායුධ නැව් අැල්ලුවා. අායුධ නැව් අයිති කාරය උත්තර දුන්නා. පිටරට නැව් වල අාරක්‍ෂක වැඩ දැන් වැඩ කරන හිටපු රණවීරුවො පැමිනිල්ල දමපු එවුන්ට විරුද්ධව උද්ඝෝෂන කලා. මුදල් අැමතිටයි ජෙප්පොන්ටයි කට උත්තර නැති උනා. මාධ්‍ය සංදර්ශන තියල බොරු කරල මිනිස්සුන්ව චූන් කරන්න පුළුවන් ටික කාලයයි. නුගේගොඩ මිනිහා එ්ක පැහැදිලිව පෙන්නුවා. රනිල් කියන්නෙ නුගේගාෙඩ ගිය අපි බේබද්දොලු. මාර්තු 6 වනදා නුවරදී රැලිය දැක්කහම රනිල්ට තරු පෙනේවි.

    සිරිසේන ජනාධිපති කලේ කැඳ හැලි එකතුවකින්. උන්ට තිබුනෙ වෙන වෙනත් දැක්ම සහ ප්‍රතිපත්ති. උන්ට එකම එක පොදු බලාපොරොත්තුවක් පමණයි තිබුනෙ. එ් තම තමන්ගෙ බලාපොරොත්තු වලට අැනයක් උන මහින්ද පන්න එක පමණයි. හිටපු රටේ නායකයට හොරා හොරා හොරා කියල පච කෙලල ඔහු පන්නා ගත් පමණින් රටක දේශපාලනය ස්ථාවර වෙන්න නැති බව ජෙහාන් දැන ගන්න ඔිනා. නොගැලපෙන කල්ලි එකට හිට ගත්තාට එකට වැඩ කොරන්න බැරි බවත් ජෙහාන් දැන ගන්න ඔිනා. ඔන්න ඔතනයි මේ කැඳ හැලි අාණ්ඩුවට ප්‍රශ්නය තියෙන්නෙ.

    සිංහලයො 58%ක් සිරිසේනට විරුද්ධවයි චන්දෙ දුන්නෙ. නමුත් දෙමළ සහ මුස්ලිමුන් 85% ක් සිරිසේනට පක්‍ෂවයි චන්දෙ දුන්නෙ. සිරිසේන 51.25%ක් ගත්තෙ සිංහල සුළුතරයෙන් සහ දෙමළ සහ මුස්ලිමුන් බහුතරයෙන්. එ්ක පෙන්වා දෙන එකේ වරද මොකක්ද කියල ජෙහාන් අපට කිව යුතුයි. ජන වර්ගය කුමක් උවත් තමන් දිනවපු අයගෙ අවශ්‍යතා මත පදනම් ව වැඩ කරන්න සිරිසේන ජනාධිපතිට ප්‍රතිපත්තියක් හැකියාවක් තිබිය යුතුයි. රට ස්ථාවර වෙන්න නම් සිරිසේන ජනාධිපතිගෙ ශ්‍රිලනිප මංත්‍රිවරු සිරිසේන ජනාධිපතිගෙ ප්‍රතිපත්ති අනුමත කල යුතුයි. තම මංත්‍රිවරු හසුරවා ගන්න සිරිසේනට political acumen තිබිය යුතුයි. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සිරිසේනට හසල බුද්ධියක් සහ තීන්දු තීරණ ගැනීමෙ හැකියාවක් සහ එඩිතර කමක් තිබිය යුතුයි. තමන් නායකත්වය ඩැහැ ගත්ත ශ්‍රිලනි පක්‍ෂයේ මංත්‍රිවරුන්ට ඔවුන් චන්දය දිනූ සන්ධාන පක්‍ෂ වල රැස්වීම් වලට නොයන ලෙස සිරිසේන තහන්චි දමන්නෙ ඉහත සඳහන් කල හැකියාවන් කිසිවක් ඔහුට නැති නිසයි. සිරිසේනට ශ්‍රිලනි පක්‍ෂයේ බහුතරයේ පක්ෂපාතීත්වය නැති නිසයි.

    රනිල්/චන්ද්‍රිකා/සිරිසේන අාණ්ඩුවෙ අය වැය හරියටම පුස්ස බින්ද වගෙයි. පාර්ලිමේන්තු චන්දෙ බලාගෙන එජාපය තමන්ගෙ අය වැයෙන් රටේ භාණ්ඩාගාරය දන් සැලක් කොලා. කොළඹ කොටස් වෙළඳ පොල වැටිල. රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවපාත වෙලා. විදේශ සංචිතය අඩු වෙනවා විතරක් නොවෙයි වැඩිකල පඩි සහ අඩු කල බදු මුදල් පියවා ගන්න සල්ලිත් අච්චු ගහල. ඩොලර් බිලියන 4ක් නය ගන්න IMF ගිය මුදල් අැමති හිස් අතින් අාපහු අැවිත් (චැනල් නිවුස් එ්ෂියා කියවන්න). රවි කියෙව්ව රනිල්ගෙ අය වැය තනිකරම සෙප්පඩ විජ්ජාවක්. රජයේ සේවකයො ලක්‍ෂ 15 කගෙ අතට සල්ලි ලැබුණා. නමුත් පුද්ගලික අංශයෙ සේවකයො ලක්‍ෂ 65ක් වන බහුතරයටවිඩි පඩි නෑ. උන් අද කබලෙන් ලිපට වැටිල. එලවලු, කෑම බඩු වෙළඳපොලේ හිඟයි නැතිනම් ගිනි ගනන්. දැන් පොල් ගනන් බහින කාලේ එ්ත් ගෙඩිය රු75/-යි. හාල් රු100/-යි. වට්ටක්කත් රු 190/- යි. දෙල් ගෙඩිය රු.80/-යි. පොලොස් රු. 60/-යි. අයවැය සහන වාෂ්ප වෙලා. මහින්ද කරගන ගිය සංවර්ධන වැඩ අද මන්ද ගාමි වෙලා සමහර එ්වා නතර වෙලා. තව මාස කිහිපයකින් එ්වායෙ වැඩ කල අයට යහපාලනයෙ තරම දැනෙනවා. ෆයිල් උස්සන් යන හොරු අල්ලන මාධ්‍ය සන්දර්ශන දැන් මිනිස්සුන්ට අැති වේගන යි යන්නෙ. මිනිස්සුන්ගෙ අමාරුකම් වහන්න රනිල් ජාති වාදයක බයිල කියල සිංහල පත්තර කාරයින්ට තර්ජන කරනවා. ‘යහපාලනය’ මේවා ලියන අපි පස්සෙ පන්නන්න කවද පටන් ගනියිද දන්නෙ නැහැ. රනිල්ට රබන් ගහල පන්නන්න ඔිනා නිසා මමත් තව කිහිප කෙනෙක් එක්ක කල් තියාම යනවා 6වනද නුවර රැලියට සහභාගි වෙන්න.

    රනිල්/චන්ද්‍රිකා/සිරිසේන කැඳ හැලි අාණ්ඩුව බලයට එන්න පාර කැපුවෙ සෝභිත (මාදුලුවාවේ) උන්නාන්සෙගෙ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය යි. සෝභිත උන්නාන්සෙගෙ මුල්ම ඉල්ලීම උනේ මාස හයෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. එ් පරමාර්ථය අවංක වෙන්න පුළුවන්. නමුත් එ්ක කිහිප දෙනෙක්ගෙ උවමනාවට නොකල යුතු බවත් පෙනෙන තරම් සරල දෙයක් නොවන බවත් දින වකවානු දාලා කරන්න බැරි බවත් කැත්තෙන් පොල්ලෙන් ගහල එහෙන් මෙහෙන් කලොත් දේශපාලන වශයෙන් රට අස්ථාවර වන බවත් සෝභිත උන්නාන්සේ නොදැනද හිටියෙ?

    උගත්තු කියන කළුසුදු බක්කො සහ ජෙහාන්, ප්‍රොෆෙසොරි ඩේවි,ඩ් ජයම්පති වගේ [Edited out] ඔය සෝභිත උන්නාන්සෙගෙ ඉල්ලීම් වල නියම අයිති කාරයයො බව ඉල්ලීම ඉල්ලන හැටියෙන්ම අපට නම් එ් දින වලම වැටහුනා. ඔය ඉල්ලීම යට තිබුනෙ මහින්ද පන්නල දේශපාලන වශයෙන් රට අස්ථාවර කරල ඊලම සහ නසරිස්තානෙ හදන විජාතික කුමන්ත්‍රණයයි. ඊට පස්සෙ එජාපෙ ටිඑන්එ් මුකො ජප්පො හෙල උරුමෙ උන් ශ්‍රිලනිප න් පැනපු උන් සහ මෙකී නොකී උන් එකතු උනේ සෝභිත උන්නාන්සෙගෙ පරමාර්ථ මුදුන්පත් කොර ගන්න නම් නෙවෙයි. තම තමන්ගෙ වෙන වෙනත් අවශ්‍යතාවන් ඉටු කර ගැනීමටයි. පෙනෙන හැටියට අද ජෙහාන්ලට ප්‍රශ්ණෙ වෙලා තියෙන්නෙ කුමන්ත්‍රණයෙ දෙවෙනි කොටස වන යැංකි ඩූඩොල් රනිල්ට විධායක බලය තතු කර දීම මැතිවරණය කල් දැමීම නිසා හිර වෙන එකයි.

    • 0
      0

      YESyou are the only person who has all along speaking by your other end.

  • 0
    0

    Mamasuba patanawa

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.