Colombo Telegraph

ඩේලි නිවුස් ! දයාසිරිට ලිංගික අතවර කළේ කවුද?

ජෝන් අමරතුංග

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙන්ම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයෙන්ද ඉල්ලා අස්වූ අතර, පාර්ලිමේන්තුවේදී ඔහු කළ කතාව මම හෙළා දකිනවා. එහිදී ඔහු කියූ කරුණු අසත්‍ය බවද සඳහන් කළ යුතුයි. දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ඉල්ලා අස්වීමට පෙර දින වයඹ පළාත් සභා මැතිවරණය පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂය විසින් සිදු කරන ලද සාකච්ඡාවේදී ඔහු ඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන ආකාරයට අදහස් ප‍්‍රකාශ කළා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම හදිසියේ ගත් තීරණයක් බව පෙන්වීමට උත්සාහ කර ඇති බව දැන් පැහැදිලිව පෙනෙනවා.

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාගේ ඉල්ලා අස්වීම හදිසියේ ගත් තීරණයක් නොවන අතර, එය අවුරුදු 3-4 ක් තිස්සේ ගනු ලැබූ තීරණයක් බව කිව යුතුයි. මීට පෙර පැවැති වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ඔහු ආණ්ඩුවට එක්වීම පිළිබඳව කසුකුසුවක් පැවතුණා. පක්‍ෂය තුළ ආරවුල් ඇති කොට පක්‍ෂය හැර යාම සඳහා ඔහු හේතු සාධක සෙවීමට උත්සාහ කළා.

මීට මාස 7-8 කට පඹණ ඉහතදී ‘වයඹට සිරි – දයා සිරි’ යනුවෙන් පෝස්ටර් මුද්‍රණය කළ බවට ප‍්‍රවෘත්ති පළ වනවා. මාකොළ පිහිටි මුද්‍රණාලයක දී ඒ කටයුතු සිදු කොට තිබෙනවා. ඔහු ඉතාම කපටි දේශපාලනඥයෙක් ලෙස පක්‍ෂය අස්ථාවර කිරීමට මැතිවරණයක් කට ළඟට පැමිණ තිබියදී එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට තීරණය කළා.

තමන්ට ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අවශ්‍ය යැයි කියමින් දයාසිරි ජයසේකර මීට පෙර ප‍්‍රශ්නයක් ඇති කළා. එසේ ඉල්ලා සිටියේ එහි සභාපති ධූරයට මා පත් කිරීමෙන් පසුවයි. නමුත් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා පත් කරන්නේ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉල්ලීමක් අනුවයි. එම ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතුය.

පක්‍ෂයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ නොකරන බව කියමින් විනය කමිටුව හමුවේ සමාව ඉල්ලූ නිසා ඔහුගේ විනය පරීක්‍ෂණ අවසන් කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා කළ ප‍්‍රකාශයේ ලිඛිත සාක්‍ෂි අප ළඟ තිබෙනවා. එමෙන්ම, පළාත් සභා මැතිවරණයේ වැඩ කටයුතු කිරීම සඳහා කොට්ඨාශයක් භාර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම පිළිබඳව මේ වන විට ආණ්ඩුව තුළම විශාල කැළඹීමක් ඇති වී තිබෙනවා. වයඹ පළාත් සභාව පරාජයට පත් වනු ඇතැයි ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සංවිධාන කමිටුව බිය වී සිටියා. එම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් ලබා ගනිමින් එම පරාජයට මුහුණදීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සඳහා දයාසිරි ජයසේකර නම් කිරීම පිළිබඳව
ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම තුළ අර්බුද ඇති වී තිබෙනවා. එම නිසා ඔහු එම තනතුරට නම් කරාවි දැයි ප‍්‍රශ්නාර්ථයක් අද තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට එම තනතුර ලබාදිය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස් වී තිබෙනවා.

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ලිංගික අතවර සිදු වූ නිසා පක්‍ෂයෙන් ගිය බවට වාර්තාවක් ‘ඬේලි නිවුස්’ පුවත්පතේ පළ කොට තිබෙනවා. එම අතවරය සිදු වූයේ කාන්තාවකගෙන්ද, එසේත් නැතිනම් පිරිමියෙකුගෙන් දැයි මා දන්නේ නැහැ. වගකිව යුතු ජාතික පුවත්පතක් එවැනි පුවතක් පළ කරන්නේ කුමන පදනමක් යටතේ ද?

*2013-07-25 වැනි දින කොළඹ – රාජගිරිය ජාතික වතුකම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ජාතික සේවක සංගමයේ සභාපති ජෝන් අමරතුංග මහතා.

Back to Home page