Colombo Telegraph

ඒරියල් ෂැරෝන් යනු කවුද?

ජොනතන් පවර්

ජොනතන් පවර්

මැද පෙරදිග ලෝකයාට බියකරු සිහිනයක කල් ගෙවන්ට සිදුවුණේ, එක්තරා දුරකට, ඊශ‍්‍රායලේ ශ්‍රේෂ්ඨතම ජෙනරාල්වරයෙකු සහ අගමැතිවරයෙකු බවට රුසියානු සම්භවයෙන් යුත් පුද්ගලයෙකු පත්වීම හේතුවෙනි. ඔහුගේ නම ඒරියල් ෂැරොන් ය. මේ මිනිසාගේ ඇතුල් සිත කෙසේ විණි ද? 1982 දෙසැම්බර් 17 වැනි දා ඊශ‍්‍රායලේ ‘ඩවාර්’ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡුාවකින් එය අපට හඳුනා ගත හැකිය. ඔහු සමග මේ සම්මුඛ සාකච්ඡුාව පැවැත්තුවේ, ලෝක ප‍්‍රකට ලේඛකයෙකු සහ නවකතාකරුවෙකු වන, ඊශ‍්‍රායල් ජාතික කීර්තිමත් මාධ්‍යවේදී, ආමෝස් ඕස් ය. එම සම්මුඛ සාකච්ඡුාවේ දී ඒරියල් ෂැරොන් මෙසේ සඳහන් කෙළේය:

‘‘ඊශ‍්‍රායලය, ඔබට කැමති ඕන නමකින් ඔබ හඳුන්වන්න. ඕනේ නම්, යුදෙව්-නට්සි රාජ්‍යයක් කියලා කියන්න. ජීවත් වෙන යුදෙව්-නට්සිවාදියෙක් හොඳයි, මැරිච්ච ශාන්තුවරයෙකුට වැඩිය. මං ගඩාෆි වගේ ද කියන මට ප‍්‍රශ්නයක් නෙවෙයි. වෙන ජාතිවල එවුං ලව්වා මාව වර්ණනා කරවා ගන්න මට ඕනේ නැහැ.. මගේ ළමයින්ට විරුද්ධව අතක් උස්සන ඕනම එකෙක්ව මං නැති කරනවා. ඌවත් නැති කරනවා, උගේ ළමයින්වත් නැති කරනවා, හොඳින් හෝ නරකින්…

අද්විතීය යුදෙව් සදාචාරයක් ගැන කියන පිස්සු කතාවලින් අපිට වැඩක් නැහැ. හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් ගන්න තියෙන පාඩම් ගැන, හිට්ලර්ගේ ගෑස් කාමරවල අත්දැකීමෙන් පස්සේ බිහිවෙන්න තිබුණු පිරිසුදු යුදෙව්වෙක් ගැන කියන විකාර කතා ගැන අපි තකන්නේ නැහැ. අර ‘එයින් හිල්වි’ කියන බඹර කූඩුවත් (ලෙබනනයේ තිබූ විශාලතම පලස්තීන සරණාගත කඳවුර) සහමුලින්ම අතුගාලා දාපු නැති එක අපි කරපු වැරැුද්දක්.’’

ෂැරෝන් මුලින්ම ආන්දෝලනයට ලක්වුණේ, පලස්තීන ගම්මානයක් වූ ‘කිබියා’ හිදී කළ සංහාරයක් හේතුවෙනි. ඊශ‍්‍රායල් නගරයක් වන ‘යෙහුඞ්’ හිදී 1953 දී එක් ගැහැනියක් සහ දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන්, එම සිද්ධියෙන් දින දෙකකට පසු, ඔහුගේ විධානයෙන් යුත් ඊශ‍්‍රායල් හමුදා කණ්ඩායමක් මේ පලස්තීන ගම්මානයට පහර දුන්හ. එහි දී නිවාස 45 ක් පමණ, ඒවායේ විසූ මිනිසුන් ද සමග ගිනි තැබුණි. ගැහැනුන්, පිරිමින් සහ ළමුන් 67 දෙනෙකු එහි දී මියගියහ.

ආමෝස් ඕස් සමග පැවැත්වු ඉහත සඳහන් සම්මුඛ සාකච්ඡුාවේ දී ෂැරෝන් සඳහන් කරන, සාබ‍්‍රා සහ ෂතියියා සරණාගත කඳවුරු, 1982 සැප්තැම්බර් 16 සහ 18 යන තෙදින තුළ, ෆැලැන්ගිස්ට්වරුන් විසින් විනාශ කරන ලදි. මේ කඳවුරු දෙකේ විසූ 800-3500 ත් අතර වන පලස්තීන සරණාගතයන් පිරිසක් එහි දී ඝාතනය කෙරුණි. ෆැලැන්ගිස්ට් මැරයන් මේ කඳවුරුවලට ඇතුළු වී හැකි තාක්, පලස්තීන ගැහැණු, පිරිමි සහ ළමුන් ඝාතනය කරන අතරේ, එම කඳවුරු දෙක වට කොට, එහි සිටියවුන්ට පිටවීමට ඉඩ නොදී, එම මිනීමරුවන්ට ආරක්ෂාව සපයන ලද්දේ, එවක ආරක්ෂක ඇමතිවරයාව සිටි ෂැරොන්ගේ නියෝගයෙන් එහි සිටි ඊශ‍්‍රායල් හමුදාවන් විසිනි.

මේ ඝාතනය පිළිබඳව සොයා බැලීමට ඒ වසර අවසානයේ පත්කළ, ඊශ‍්‍රායල් අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කොමිෂන් සභාවක්, මෙකී ජන ඝාතනයට ඒරියල් ෂැරොන් ‘පෞද්ගලිකව වගකිව යුතු’ බවට නිගමනය කෙළේය.

2000 සැප්තැම්බර් 28 වැනි දා, ෂැරොන් සහ 1000 කට වැඩි ඔහුගේ සහචර පොලිස් නිලධාරීන් පිරිසක් ‘ටෙම්පල් මවුන්ට්’ මුස්ලිම් සිද්ධස්ථානයට ගියහ. මෙය, මහම්මද්තුමා එක රැුයකට ස්වර්ගයට වැඩම කළා යැයි සැළකෙන, ඉස්ලාම් ආගමේ තෙවැනි පූජණීය සිද්ධස්ථානය වශයෙන් සැළකේ. ෂැරෝන් එය යුදෙව් බිමකැ යි කියා සිටියේය. ඔහුගේ තර්කය වුණේ, රෝම පාලකයන් විසින් විනාශ කරන ලද යුදෙව් දේවස්ථානයක නටබුන් ඊට පහළින් තිබීමයි. මේ කියන ප‍්‍රදේශය, අවුරුදු 1300 ක අඛණ්ඩ මුස්ලිම් ජනාවාසයක් විණැ යි යන්න ෂැරොන්ට වැදගත් නොවිණ. එහෙයින් ඔහුගේ නියෝගය මත, එම ස්ථානය සදාතන ඊශ‍්‍රායල් පාලනය යටතට පත්කෙරුණි.

ශාන්ත පීතර දේවස්ථාන චතුරශ‍්‍ර වීදිය දිගේ උඩඟුවෙන් ඇවිදගෙන ගොස්, එම බිම් ප‍්‍රදේශයට කිතුණුවන්ට ඇති අයිතියට ෂැරොන් ගර්හා කළොත් එය කිතුණුවන්ට කෙසේ දැනෙනු ඇත් ද? යුදෙව්වන්ගේ පූජණීය ‘විලාප ප‍්‍රාකාරයට’ (වේලිං වෝල්) ඉහළින් ඇති කඳු ශිඛරයේ පිහිටි කොතේ, පලස්තීනුවන් විසින් තමන්ගේ දේශපාලන ධජයක් එල්ලූවොත්, එය යුදෙව්වන්ට කෙසේ දැනෙනු ඇත් ද?

2001 පෙබරවාරි මාසයේ ෂැරොන් ඊශ‍්‍රායල් අගමැති ධුරයට තේරී පත්විය. ඔහු ඊට පෙර ‘ටෙම්පල් මවුන්ට්’ මුස්ලිම් දේවස්ථානයට කළ හදිය, මේ ඡුන්දයේ දී ඔහුගේ වාසියට සිටි බවට සැකයක් නැත.

ඔහුගේ දේශපාලන දිවියේ අවසාන භාගයේ දී, මූල්‍ය වංචා චෝදනා ගණනාවකට අදාළව, ඔහු ගැන පරීක්ෂණ පැවැත්වුණි. ‘ග‍්‍රීක කොදෙව් සිද්ධියට’ අදාළ ගනුදෙනු සහ 1999 මැතිවරණ ව්‍යාපාරය සඳහා යෙදවූ මුදල්වලට අදාළ විෂමාචාර චෝදනා එයින් ප‍්‍රමුඛයි. ‘ග‍්‍රීක කොදෙව් සිද්ධියේ’ ඔහුට විරුද්ධව පැවති චෝදනාව වුණේ, එක්තරා ග‍්‍රීක දූපතක සංවර්ධන කටයුතු කරමින් සිටි ඊශ‍්‍රායල් ජාතික ව්‍යාපාරිකයෙකු වන ඬේවිඞ් ඇපල්ට උදව් කිරීමට, ෂැරොන් විදේශ ඇමති වශයෙන් සිටි කාලයේ දී ප‍්‍රතිඥා දී තිබීමත්, ඊට ප‍්‍රතිඋපකාර වශයෙන් එකී ව්‍යාපාරිකයා විසින් ෂැරොන්ගේ පුතාට විශාල මුදලක් උපදේශන ගාස්තු වශයෙන් ගෙවීමට පොරොන්දු වී තිබීමත් ය. එහෙත්, මුල්‍ය අපචාරයක් පිළිබඳ කිසි නඩුවක් ෂැරොන්ට විරුද්ධව පැවරුණේ නැත. කෙසේ වෙතත්, ෂැරොන්ගේ පුතුන්ට ඩොලර් මිලියන 3 ක අල්ලසක් දී ඇති බවට තමන් සතුව සාක්ෂි ඇතැ යි පොලීසිය නිවේදනය කෙළේය. මේ නිවේදනයෙන් පැය 24 ක් ගිය තැන ෂැරොන් බරපතල හෘදයාබාධයකට ගොදුරු වී අධිමූර්ඡුාවට (කෝමාවට) පත්විය. ඒ 2006 ජනවාරි මාසයේ ය. කිසි දවසක ඔහු එයින් ගොඩ ආවේ නැත. එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි, ෂැරොන්ගේ සමීපතම උපදේශක, ඔහුගේ පුත් ඔම්රි, එම වසරේ දීම දූෂණ පිළිබඳ චෝදනාවට ලක්ව නව මසකට හිරේ ගියේය.

සබ්රා සහ ෂතියියා මහ සංහාරය තුළ යුද අපරාධ සිදුව ඇත් දැ යි සොයා බලන ලෙස බොහෝ දෙනා ඉල්ලීම් කළහ. ආමෝස් ඕස් සිය සම්මුඛ සාකච්ඡුාව හරහා පෙන්නුම් කළ පරිදි, ෂැරොන් යනු, ආණ්ඩුකරණය තුළ යම් හීලෑ වීමකට ලක්වූ බවක් පෙන්නුම් කළත්, ස්වභාවයෙන් දැඩි අන්තවාදී අදහස් දැරූවෙකි.

ඔහුගේ පුතා සමග මෙන්, යම් මිනිස් සංඥාවන් යාන්තමින් හැෙඟන තත්වයකින් එහාට කිසිවක් නොදැනෙන සහ නොහැෙඟන ශාඛයක් සේ ෂැරෝන් අවුරුදු ගණනාවක් තිස්සේම එසේ අධිමුර්ච්ඡුාවේ සිටීම, දෙවියන් වහන්සේ විසින් ඔහුව දෙන ලද දඩුවම යැයි ඇතැම්හු කියති. එය, මිනිසෙකුට වසන්නට සිදුවිය හැකි, දරුණුතම හිරගෙයයි.

*2014 ජනවාරි 16 වැනි දා ‘Daily Times’හි පළවූ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page