20 April, 2024

Blog

ශ්‍රී ලාංකික වීමෙන් සිංහලකම වැනසේද ?

මහාචාර්ය කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

අලුතින් යෝජිත උප්පැන්න  සහතිකයෙහි ජාතිකත්වය හැඳින්වීම සඳහා ශ්රීලාංකික යන්න යෙදීම පිළිබඳව ඇතමුන්ගෙන් විරොධතා එල්ල වන බවක් සමාජ මාධ්‍යවලින් අසන්නට ලැබේ﮿ පවත්නා උප්පැන්න සහතිකයෙහි ඇති ජාතිය යන්න ජාතිකත්වය යනුවෙන් වෙනස් කිරීම සිංහල ජාතිකයින්ට කරන අසාධාරණයක් බව විරොධතා කරුවන්ගේ අදහස වන බව පෙනේ﮿ මෙහි සත්‍යතාවක් තිබේදැයි විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි﮿ 

මූලික වශයෙන් මෙම විරොධතාව එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ​ ජනතාවගේ මුරදේවතාවුන්යයි  කියා ගන්නා භික්ෂූන් අතරින් ඇතැමුන්ගෙන් බව දක්නට ලැබේ﮿ භික්ෂූන් වහන්සේ කෙනකුට එසේ විරුද්ධ විය හැක්කේ සිංහල බෞද්ධ ජනතවට එයින් හානියක් වන්නේ නම් පමණි﮿ 

රටක ජනතාවගේ ජාතිකත්වය හුවා දැක්වීමට වඩා ජාතිය හුවා දැක්වීම එරට ජනතාවගේ යහපතට හේතුවිය හැකිද? ජාතිය හා ජාතිකත්වය අතර වෙනස අපි දනිමු﮿ ජාතිය යනු රටක කිසියම් ජනවර්ගයක් හැඳින්වීමට යෙදෙන සංකල්පයකි﮿ එය රටේ ප්රධාන ජනවර්ගය හෝ සුළු ජනවර්ගයක් විය හැකිය﮿ ජාතිකත්වය යනු රටේ සමස්ත ජනතාවම හැඳින්වීමට යෙදෙන සංකල්පයකි﮿ ජාතිය යන සංකල්පයෙන් කිසියම්  එක් ජන කොටසක්  ඒකාබද්ධ කෙරෙයි﮿ ජාතිකත්වය යන සංකල්පය රටක සමස්ත ජනතාව ඒකාබද්ධ කිරීමට සමත් වෙයි﮿

රටක සංවර්ධනයට හේතු වන ප්රධාන සාධකයක් වන්නේ එම රටේ ජනතාවගේ  සාමූහිකත්වයයි﮿ සමගි සම්පන්න ජනතාවකට මිස ජාති කුල ගොත්ර අගම් වශයෙන් භෙදභින්න වූ ජනතාවකට රටක සංවර්ධනය අත්පත් කරගත නොහැකිය යන්නට අටුවා ටීකා අනවශ්‍යය﮿ අවංකව රටේ දියුණුව අපෙක්ෂා කරන්නේ නම් භෙද භින්නතා අඩු කරගත හැකි උපාය මාර්ගවලට එළඹිය යුතුම වෙයි﮿ එබැවින් ජාතිය යන සංකල්පය අතහැර ජාතිකත්වයට එළඹීම අනිවාර්ය වෙයි﮿ සාපේක්ෂක වශයෙන් ජාතිය යන සංකල්පයට වඩා ජාතිකත්වය යන සංකල්පය භෙදභින්නතා අවම කරවන්නක් වන බැවිනි﮿ 

සංකල්ප යනු මානසික සංඥා (ආකෘති) හෙවත් මානසිත රාමු වශයෙන් සැලකෙයි﮿ මෙම රාමුවලට කොටු වී සිටීමට පෙළඹෙන්නේ යථාර්ථය නොදන්නා බැවිනි﮿ ජාති‚ කුල‚ ගොත්ර‚ ආගම් වැනි කොටුවලට සිර වී ඒවා ග්රහණය කොට ගෙන සිටීමෙන් කිසිදු යහපත් ප්රතිඵලයක් උදා නොවෙයි﮿ උදා වන එකම ප්රතිඵලය වන්නේ එක් රාමුවක සිටින්නන් හා එබඳු වූ තවත් රාමුවක සිටින්නන් අතර ගැටුම් ඇතිවීම පමණි﮿ 

සංඥා‚ සංකල්ප හා දෘෂ්ටි වලට කොටු වී ඒවාට ඇලී ගැලී සිටීමේ අනතුර ගැන බුදුදහමින් තරම් වෙනත් කිසිදු ආගමකින් කරුණු ඉදිරිපත් කොට නැත﮿ එසේ වී ඇත්තේ එය එතරම්ම මානව සංවර්ධනයටත් මානසික සාමයටත් අහිතකරවන බැවිනි﮿ සංඥා‚ දෘෂ්ටි ගත්තවුන් ඔවුනොවුන් අතර ගැටෙමින් ලෝකයෙහි හැසිරෙතැයි බුදුන්වහන්සේ පැහැදිළිවම පවසති﮿ (සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ඨයන්තා විචරන්ති ලොකෙ) ඒසේ වීමට හේතුව ද උන්වහන්සේ පෙන්වා දෙති﮿ තමන් එල්බගත් දෙය ප්රිය වශයෙන් ගෙන එය උසස් ලෙස සැළකීමටත් අනෙක් ඒවා පහත් කොට සැළකීමටත් මිනිසා පෙළඹෙයි﮿ එක් එක් දෘෂ්ටි හා සංකල්පවල එල්බ මිනිසුන් ගැටුම්වලට පෙළඹෙන සැටි  සුත්තනිපාත අට්ඨක වග්ගයෙහි සූත්ර කිහිපයකින්ම පෙන්වා දී ඇත﮿ 

ජාතිය හා ජාතිකත්වය ආදී සංකල්ප සමාජගත වී ඇත්තේ තේරුමක් නැතිවම නොවේ﮿ ඒ්වායේ ප්රායොගික අර්ථය වන්නේ ඒ්වායින් හැඳින්වෙන කිසියම් සමාජ යථාර්ථයක් හඳුනා ගැනීමයි﮿ කිසියම් ජනවර්ගයක අනන්‍යතාව ජාතිය යන්නේ අර්ථය වන විට එය අන්‍ය ජාතිකයන් අයත්වන මනුෂ්‍යත්වයෙන් තමන් වෙන් කොට ගැනීම සඳහා භාවිත කරන්නේ නම් එය බරපතල වරදකි﮿  හැම ජනවර්ගයක්ම එකම මනුෂ්‍යත්වයට අයත් වන බැවිනි﮿ ජාතිවාදී ආකල්පයෙන් මිදී ජාතිකත්වයට ඒම පොදු මනුෂ්‍යත්වයට සමීපවීමේ එක් පියවරකි﮿

ජාතියක් යනු මිනිසාගේ උසස් පහත් බව මනින මිම්මක් නොවේ﮿ කෙනෙකුගේ ජාතිය තීරණය වන්නේ ඔහුගේ උපත අනුවය﮿ සිංහල යනුවෙන් හැඳින්වෙන ජනවර්ගයෙහි උපත ලැබීම නිසා කෙනකු සිංහල ජාතිකයකු යැයි හඳුන්වනු ලැබේ﮿ එසේ උපත ලද පමණින් හෙතෙම උසස් හෝ පහත් පුද්ගලයෙක් නොවේ﮿ න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්රාහ්මණො යනුවෙන් බුදුන් වහන්සේ විසින් පවසා ඇත්තේ එබැවිනි﮿ එසේ නම් බුදුන් වහන්සේ අදහන බෞද්ධ​යකුට ජාතිවාදය ආරක්ෂා කිරීමට ඉදිරිපත්විය හැකිද? 

සිංහල ජාතිය අරක්ෂා කරගතයුතුයයි කෙනකු පවසන්නේ බොහෝ විට සිංහල ජාතිය ශ්රෙෂ්ඨ ජාතියකි යන මතවාදයෙහි එල්ඹ ගනිමිනි﮿ එහෙත් සිංහල ජාතියෙහි ආරම්භය පිළිබඳ  ‌ඉතිහාසගත පුරාවෘත්ත අදහන්නේ නම් කෙනකුට ඒ පිළිබඳව උදම් ඇනිය හැකිද? සිංහලයා ශ්රේෂ්ඨ ජාතියකට අයත් වන්නෙකැයි මතවාදයක් බිහි වී ඇත්තේ සිංහලයා සිංහල ජාතිකයකු වීම නිසා නොව සිංහලයා බෞද්ධ​යකු වීම නිසාය﮿ බුදුදහම වැළඳ ගෙන බෞද්ධ​ ක්රියාකාරකම්වල නිරතවීම නිසා සිංහල ජාතිය උදාර ජාතියෙකි යන මතය බිහි වී තිබේ﮿ එසේනම් ආරක්ෂා විය යුත්තේ සිංහල ජාතියද? බෞද්ධ​ කමද?

අනෙක් අතට සිංහල ජාතිකයන් ශ්රීලාංකිකයන් වශයෙන් හැඳින්වීම සිංහලයන්ට කරන අවමානයක් ද නොවේ﮿ අතීතයෙහි ද එසේ හැඳින් වූ බවට සාධක තිබේ﮿ මිහිඳු මාහිමියන් භාරතයෙහි සිට ගෙනෙන ලද පාලි අටුවා ශ්රීලාංකිකයන්ගේ ප්රයොජනය සඳහා සිංහල භාෂාවට නගනලදැයි බුද්ධඝොෂ හිමියෝ පවසති එහිදී උන්වහන්සේ සිංහලයන් යන්න දීපවාසීන් ලෙස හඳුන්වා ඇත﮿ දීපවාසී යන්නෙහි අදහස දිවයිනෙහි වැසියන් යන්නය﮿ එයින් කියැවෙන්නේ ශ්රීලාංකිකයන් යන්නයි﮿

බුදුන් වහන්සේගේ සමයෙහි භාරතයෙහි ඒ ඒ රාජ්‍යයන්හි පුරවැසියන් හඳුනවන ලද්දේ ඒ ඒ රාජ්‍යයන්ගේ නම් උපයොගී කොට ගෙනය﮿ වරක් කොසොල් රජතුමා තමන් හා බුදුන්වහන්සේ හඳුන්වාගෙන ඇත්තේ කෝසල රාජ්‍යයෙහි වැසියන් ලෙසය﮿ ඔවුන් අයත් වන ජාති නාමයෙන් නොවේ﮿ එහිදී රජු පවසන්නේ මමත් කොසොල් වැසියෙකි ඔබවහන්සේ ද කොසොල් වැසියෙකි යනුවෙන් (අහම්පි කොසලිකො ත්වම්පි කොසලිකො)﮿ එහිදී බුදුන් වහන්සේ නැත නැත මහරජ මම ශාක්‍ය වංශිකයෙක්මැයි තමන් ජාතිවාදයෙන් හඳුන්වා ගැනීමට ක්රියා නොකළහ﮿ බිම්බිසාර රජුන් හඳුන්වා ඇත්තේද මගධ රටෙහි වැසියකු ලෙසය (මාගධො සෙනියො බිම්බිසාරො)﮿

දැනට පවත්නා උප්පැන්න සහතිකයෙහි ලාංකික පුරවැසියන්ගේ ජනවර්ග අනුව ජාතිය නම් කෙරෙයි﮿ සිංහල ද්රවිඩ මුස්ලිම් ආදි වශයෙනි﮿ එසේ පැවතීම නිසා කිසිදු ජාතියක් නොනැසී ආරක්ෂා විනැයි කිසිවෙකුට සහතික විය හැකිද? එය ජාතිවාදය තහවුරු වීමට හේතුවක් වූවා පමණක් නොව ජාතික ආරක්ෂාවට‚රටේ සංවර්ධනයට‚ ජාතීන් අතර සාමයට හා මානසික සාංහිඳියාවට ශාපයක් වු බව නම් මෑත අතීතයේ සිට මේ දක්වා සිදු වූ ක්රියාකාරකම්වලින් අපට සිහිපත් කරවයි﮿

ජාතිය සඳහන් වීම අවශ්‍ය නම් යොජිත උප්පැන්න සහතික ආකෘතියෙහි ජනවර්ගය යටතේ එය සඳහන් කිරීමට ඉඩකඩ සළසා ඇතිබව කියවෙයි﮿ සිංහල ජාතිය ජනවර්ගයක් සේ සැළකීම සිංහල ජාතිය  කුඩම්මාගේ සැළකීමට ලක් කිරීමකැයි යමකු පවසන්නේ නම් එවැන්නකු ජාතිවාදයෙන් උමතු වූවකු විය යුතුය﮿ එවැන්නකුට හැර අන් කිසිවතකුට ජනවර්ගයක් තවත් ජනවර්ගයකට වඩා උසස් හෝ පහත්යැයි සිතිය හැකි නොවේ﮿ 

ජාතිවාදය අවශ්‍ය වන්නේ රටේ සාමාන්‍ය ජනතාවට නොවන බව ඔවුන්ගේ භාවිතයෙන් පැහැදිළි වෙයි﮿ එක් එක් ජන කොටස්වල ජාතිවාදය කරපින්නා ගෙන ජනමනස දූෂණය කරන්නෝ වෙන කවුරුත් නොව ඒ ඒ ජන කොටස්වල දේශපාලන නායකයින්යයි කියා ගන්නා ඇතැමුන්  හා ඔවුන්ට දරදිය අදින්නන් බවට සාධක අනවශ්‍යය﮿ දේශපාලන බලයට පැමිණීමේ පහසුම උපාය මාර්ගය ජන කොටස් අතර ජාතිවාදය ඇවිස්සීම බව ඔවුහු දනිති﮿ එමගින් සිදුවී ඇත්තේ ජනතාව අතර භෙදභින්නතා වැඩි වීමත් ඔවුනොවුන් අතර ද්වෙෂය වර්ධනය වීමත් රටේ සංවර්ධනය අඩාල වීමත්ය﮿ 

උප්පැන්න සහතිකයෙහි ජාතිය සිංහල වශයෙන් සඳහන් වීම සිංහල ජාතිය ආරක්ෂා වීමට හේතුවක් වේ නම් රට හැර ගොස් විදේශයන්හි පුරවැසිකම් ලබා සිටින සිංහලයන්ගේ සිංහලකමට කුමක් විය යුතුද? ඔවුහු එහිදී ශ්රීලාංකික උප්පැන්න සහතිකය භාවිත නොකරති﮿ ඔවුන්ගේ දරු පරම්පරාවන් වර්ධනය වූ විට ඔවුන් අසිංහලයයි නම් කළ හැකිද? ඔවුන්ගේ උප්පැන්න සහතිකයන්හි ජාතිය සිංහලයයි සඳහන් නොවනු ඇත එහෙත් එබැවින්ම ඔවුහු අසිංහලයෝ නොවෙති﮿ 

පුද්ගලයකුගේ ජාත්‍යන්තර ක්රියාකාරකම් වලදී අවශ්‍ය වන්නේ උප්පැන්න සහතිකය නොව ගමන් බලපත්රයයි﮿ එහි සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් ජාතියක නමක් සඳහන් නොවෙයි﮿  සඳහන් වන්නේ ජාතිකත්වයයි﮿ ශ්රීලාංකිකයන්ගේ ගමන් බලපත්රයෙහි ශ්රීලාංකික යනුවෙන් සඳහන් වෙයි﮿ උප්පැන්න සහතිකයෙහි ජාතිය සොයන්නවුන් ගමන් බලපත්රයෙහි ජාතිය නොසොයන්නේ ඇයිදැයි ඇසීමට සිදු වෙයි﮿ ජාතිය ගැන උදම් අනන්නවුන් තම ජාතිය පෙන්විය යුත්තේ  ස්වජාතිකයන්ට නොව විජාතිකයන්ටය﮿ 

ජාතිවාදයේ ගිනි දළු අවුළුවා ගැනීම මගින් අතිමහත් විනාශයන්ට මුහුණ පෑ රටක ජීවත් වන්නන් වශයෙන් තවදුරටත් අප තමතන්ගේ ජාතීන් ඔසවා තබා ගැනීමේ ව්‍යාපාරයන්හි රැඳී සිටිය යුතුද? ජාතිකත්වය තුළින් සාමූහිකත්වය හා සමගිය ගොඩනගා ගනිමින් රට පෙරට ගෙන ඒමට නම් ජාතිය වැනි පටු ආකල්පවලින් නිදහස් වීම අත්‍යවශ්‍ය වෙයි﮿ මෙය එක් ජනවර්ගයකට පමණක් කළ හැක්කක් නොවේ﮿ හැම ජනවර්ගයක් ම ජාතිවාදයේ ඇති අනර්ථකාරී බව ගැන සබුද්ධික විය යුතුය﮿ මේ සඳහා බුදුදහමෙහි එන මගපෙන්වීම් බෙහෙවින් අගය කළ යුතුය﮿ 

තමන්ගෙන් බාහිර වූවන් අනුන්ය යන හැගීම සියලු භෙදභින්නතාවලට හේතුවයි﮿ සමගිය හා සාමූහිකත්වය උදා කර ගත හැක්කේ අනුන් තමන් හා සමාන කොට බැලීමෙනි﮿ බුදුදහමෙහි සමානාත්මතා යන ගුණයෙන් දැක්වෙන්නේ අනුන් තමන් හා සමාන කොට දැකීමයි﮿ මෙහිදී විශෙෂයෙන් පුද්ගලයන් සැප දුක් දෙකට දක්වන ආකල්පයෙහි සමානත්වය සළකා බැලෙයි﮿ හැම කෙනෙක්ම එකසේ සැපතට කැමතිය﮿ දුකට අකැමැතිය﮿ (සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා)﮿ එබැවින් අනුන් තමන් හා සමාන කොට බලා අනුන්ට හිරිහැර වන සේ නොහැසිරෙන්නැයි බුදුදහම අනුශාසනා කරයි (අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයෙ)﮿ බෞද්ධ​ පංචශීල ප්රතිපත්තිය තුළින් නිරූපනය වන්නේ ද මෙම උත්තරීතර සමානාත්මතා ගුණාංගයම බව ද අවධාරණය කළ යුතුය﮿

බුදුදහමෙහි මෛත්රී යන ගුණයෙන් දැක්වෙන්නේ ද අනුන් නිදුක්ව සුවපත්ව සිටිනු දැකීමේ කැමැත්තයි﮿ ඔවුනොවුන් කෙරෙහි දුකක් අපෙක්ෂා නොකළ යුතුයයි (නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය) අවධාරණය කරන බුදුදහම එයින් බලාපොරොත්තු වන්නේ හැමදෙනා තුළ පැවතියයුතු සුහදතාවයි﮿ එක් ජනවර්ගයක ජනතාව වෙනත් ජනවර්ගයන්ගෙන් කවර හේතු නිසා හෝ වෙන්ව සිටීමට අදහස් කරන්නේ නම් ජනකොටස් අතර සමගිය සමාදානය හා සංහිඳියාව කිසිවිටෙක ඇති නොවේ﮿ සමගිය හා එකමුතුකම නොපවතින තාක් කල් එබඳු ජනවර්ගයන් පවතින රටක අභිවෘද්ධියක් නම් අපේක්ෂා කළ නොහැකිය﮿

රටක අභිවෘද්ධියට හේතු දක්වන අපරිහානීය ධර්ම අතර ප්රමුඛත්වය ගෙන ඇත්තේ සාමූහිකව සමගියෙන් ක්රියා කිරීමයි﮿ වජ්ජීන් අතර අපරිහානීය ධර්ම පවතින තෙක් ඔවුන්ගේ පරිහානියක් සිදු නොවන බව බුදුන් වහන්සේ විසින් අවධාරණය කොට තිබේ﮿ සිංහල බෞද්ධයන් මහ ජාතිය වන අප රටේ ජනතාව බුද්ධාගමට  තම දිවි දීමට ඉදිරියට ඒම වෙනුවට බුදුදහමේ ගුණාංග තම දිවි මගට ඇතුළු කර ගන්නේ නම් රටේත් ජනතාවගේත් සංවර්ධනය දුෂ්කර කාර්යයක් නොවන බව සක්සුදක් සේ පැහැදිළිය﮿

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ආදරණීය ජනයෙනි, අපේ ජනතාව තනිවම හරකිරි කළහ. අනතුරේ බරපතලකම නොදැන ඔවුන් එය තනිවම කළා. එය එක් අතකි, දැන් එය නැවත දැකීමට ප්‍රමාද වැඩිය. ඔබ වැරදුණු තැන ඉගෙන ගැනීමට ඔබට දැන් තවත් වසර 5 ක් බලා සිටීමට සිදු වේ. රාජපක්ෂ අවජාතකයන් 2015 වන විට ඔවුන් ක්‍රියා කළ ආකාරය අපි හොඳින් දනිමු. එහිදී අපට රොකට් විද්‍යාව හැදෑරීමට අවශ්‍ය නොවේ. ඔබ තනිව සිටියත් අන් අය සමඟ සිටියත් සෞඛ්‍ය මනස ඔබට යහපතක් වනු ඇත. ඔබව වැඩිදියුණු කරන බවක් නොපෙනෙන දරුණු සමාජ හා දේශපාලන බලවේගයන් මෙය සාක්ෂාත් කරගන්නේ කෙසේද? එය දීර් process ක්‍රියාවලියක් වන නමුත් සමාජයේ දියුණුව සඳහා කටයුතු කරන සමාජවාදීන් හා මනෝ විද්‍යා ologists යින් සමඟ අප කටයුතු කළ යුතුය.

    to be continued.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.