25 April, 2024

Blog

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා ගෝඨාභයගේ අතිජාත මිත්‍රයෙක් – කරූ ජයසූරිය

කරූ ජයසූරිය

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍ය  කරූ ජයසූරිය

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍ය
කරූ ජයසූරිය

“නීතිය, පොලිසිය හා සමාජ ආයතන සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ මත්කුඩු උවදුර වසර තුනක් තුලදි සහමුලින්ම පිටු දැකීම සදහා අධිෂ්ඨානශීලිව කැපවෙමු.” මේ 2005 වසරේ ඉදිරිපත් කල මහින්ද චින්තන නම් වූ තොරම්බල් ප්‍රකාශනයේ හත්වන පිටුවේ, මතට තිත ජේදය ආරම්භ කළ ආකාරයයි. ඒ අනුව 2008 වනවිට ලංකාවේ කුඩු උවදුර සහමුලින්ම නිමාවී තිබිය යුතුය. එහෙත් සිදුවූයේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂගේ රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් පමණක් නොව අගමැතිගේද මැදිහත්වීම මත මත්ද්‍රව්‍ය තොග පිටින් කන්ටේනර් පිටින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමය. හෙරොයින් ඇතුළු මත්කුඩු ජාවාරමට අසීමාන්තික නිදහසක්, ඊට තටු ලැබීමත් සිදුවූයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ රට පාලනය කළ සමයේ බව අවිවාදිතය. රටේ ඉහලම නිලබල තන්ත්‍රය දක්වා මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වපසරිය පුළුල් වූයේ එම යුගයේදීය. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ මත්කුඩු ජාවාරම මැඩලීමට සෘජුව වගකිව යුත්තේ ඔහුගේ ආරක්‍ෂක ලේකම්වරයා වූ සහෝදර ගෝඨාභය රාජපක්‍ෂය. ඔහු මත්කුඩු ජාවාරම මර්දනය කළ ආකාරය දැන් අපූරුවට හෙළිවෙමින් පවති.

Gotabaya Rajapaksa Drugs Mohamomad Mubharakhගෝඨාභය රාජපක්‍ෂ තමන්ගේ ආරක්‍ෂක අමාත්‍යාංශය අධීක්‍ෂණය කිරිමට තෝරාපත්කර ගත්තේ මහමග මහදවල් කරන ලද මිනිමැරුම්වලට, ළමා අපචාරවලට, තොග වශයෙන් කළ මත්කුඩු ජාවාරම්වලට, මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි විශුද්ධි කළ බවට චෝදනා ලත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ය. පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට හෙරොයින් සපයන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් ආරක්‍ෂක ලේකම්වරයාගේ අතිජාත මිත්‍රයෙකු බව දැන් හෙළිවී තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ සමග මොහොමඩ් මුජයිඩ් පෙනිසිටි ඡායාරූපය පවා දැන් මාධ්‍යයේ පළවෙමින් තිබේ. ළමා අපචාර, ස්ත්‍රි දූෂණ, පාතාල අපරාධ හා සංවිධානාත්මක අපරාධ පිටු දකින්නට නීතිය ශක්තිමත් කරනවායැයි මහින්ද චින්තනයෙන් රටට දුන් ප්‍රතිඥාව අමු අමුවේ උල්ලංඝනය කළේ දේශප්‍රේමය ගැන පුරාජේරු කථා පවත්වන රාජපක්‍ෂවරුන්ම බව දැන් පැහැදිලිය.

කැසිනෝ සංස්කෘතිය රට තුල ප්‍රවර්ධනය කිරිමට ජේම්ස් පැකර් වැනි කැසිනෝ රජවරු සමග ගිවිසුම් ගැසූ රාජපක්‍ෂලා මෙරට අනාගත පරපුර විනාශ කිරිමට දැරූ නින්දිත ප්‍රයත්නය මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් තොරතුරු හෙලිවීම තුලින් මනාව පැහැදිලි වේ. තරුණ තරුණියන්ගේ සටන්කාමි අදහස් මර්දනය කිරිම සදහා උතුරේ හෙරොයින් භාවිතය පුළුල් කිරිමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්, උතුරු කරයේ නිල් චිත්‍රපට ප්‍රදර්ශනය කිරිම කමක් නැතැයි පැවසු ඉතිහාසයක්ද පසුගිය දිනවල වාර්තා විය. රටේ පිළිගත් සාරධර්ම, යහගුණ, මානව සබදතා සියල්ල බිද දමමින් බලය සදහා ඕනෑම දූෂිත කාර්යයකට කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්‍ෂ ඇතුළු හොර නඩය සූදානම් බවත්, යහපාලනය යනු ඔවුනගේ විෂය නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු බැටළුහම් පොරවාගත් වෘකයෙකු බවත් ඉතාම පැහැදිලිය.

මේ රටේ බහුතර ජනතාව ජනවාරි 08 දා පරාජයට පත්කළේ මෙම දූෂිත, නිර්ලජ්ජි පාලනයයි. යහපාලනය සදහා එක්සත් ජාතික පෙරමුණ සමග අද මාදුළුවාවේ සෝභිත හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුලූ විද්වතුන්, සිවිල් සංවිධාන හා දේශපාලන පක්‍ෂ රැසක් පෙළගැසී ඇත්තේ අගෝස්තු 17 දින මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් වැනි පුද්ගලයින්ට ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන් හරහා යලිත් හිස එසවීමට ඉඩ නොදීමටය. එවැනි දුර්දාන්ත ව්‍යාපාර සදහටම අපේ මාතෘ භුමියෙන් තුරන් කොට අනාගත පරපුර

බේරාගැනීම සදහා කළයුත්තේ අගෝස්තු 17 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ සමග ඔහුගේ හොර නඩය පරාජය කිරිම බව යහපත් සමාජයක් අපේක්ෂා කරන සියල්ලන් තේරුම් ගත යුතුය.

(මොහොමඩ් මුබාරක් මොහොමඩ් හා ගෝඨාභය රාජපක්‍ෂ එකට සිටින ඡායාරූපද මේ සමග එවමි.)

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    GOTA is Godfather of all Drug Kingpins. Kudu Dumi and now Kudu Mubarak.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.