Colombo Telegraph

ක‍්‍රිමියාවෙන් පාඩම්: මහින්ද සහ ගෝඨා කුමක් කරයි ද?

කුමාර් ඬේවිඞ්

මහාචාර්ය කුමාර්

යුක්රේන අර්බුදයේ පැතිකඩ දෙකකි. ජාත්‍යන්තර වාද කරුණ වන්නේ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු යුරෝපයේ ඇති වූ විශාලතම අර්බුදය මෙය වීමයි. දෙවැන්න ජිනීවා සමය මැද ශ‍්‍රී ලාංකේය දේශපාලනයට එහි ඇති බලපෑමයි.
පුටින් ගේ උභතෝකෝටිකය

ඇත්තෙන්ම යුක්රේනයේ අප දකින්නේ මීට ශත වර්ෂයකට පමණ පෙර ඇරඹුණ ක‍්‍රියා මාර්ගයක ප‍්‍රතිඵලයකි. 1914‐18 පළමු ලෝක සංග‍්‍රාමයෙන් පැරණි රුසියන්, ජර්මානු සහ ඔස්ටි‍්‍රයානු අධිරාජ්‍යයන් කඩා වැටුණි. කම්කරුවන් රුසියාවේ රාජ්‍ය බලය අල්ලාගත් අතර අනිකුත් දෙකෙහි රාජ්‍ය බලය ඇල්ලීමට ඔවූහූ තැත් කලහ. එදා ඇති වූ ජාතික විමුක්ති රැුල්ල තවම අවසන් වී නොමැත. පෝලන්තයෙන් ඇරඹුණු ජාතික විමුක්ති රැුල්ල දැන් ක‍්‍රිමියාවෙන් මතුවී ඇත.

පළමු ලෝක සංග‍්‍රාමයෙන් පෝලන්තය, හංගේරියාව, චෙකොස්ලොවාකියාව සහ යුගොස්ලාවියාව නව රාජ්‍ය හැටියට මතු විය. සෝවියට් දේශය සහ යුගොස්ලාවියාව කඩාවැටීමත් සමග නව රාජ්‍ය බිහි කරන දෙවන රැුල්ල මතු වී චෙක් ජන රජය, ස්ලොවීනියාව, සර්බියාව, ලැට්වියාව, යුක්රේනය වැනි රාජ්‍ය බිහිවුණි. ඒ් සමගම ඒවායේ නවීකරණයක් ද ඇති විය. පෝලන්තයේ ස්ටැලින්වාදී නිලධාරි පැලැන්තිය මෙන්ම පැරණි රෝමානු කතෝලික පල්ලියේ බලපෑම ද පෙරළා දැමිණ. නවීකරණයත් සමග ඇති වු පශ්චාත් කර්මාන්තමය අපේක්ෂාවන් සමග මෙම රටවල් බටහිර යුරෝපය දෙස බැලීය. මෙම රාජ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වූ අතර නවීකරණය හේතුවෙන් සමාජ, ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රගතියක් ද ඇති විය.

සීතල යුද්ධ ගැටුම මැද අප කලාපයේත් බංග්ලා දේශය 1971 දී බිහි වුනි. එවකට තිබූ නැගෙනහිර පාකිස්ථානයට ඉන්දීය හමුදා යන විට පාකිස්ථානයේ මිතුරන් වූ ඇමෙරිකාව සහ චීනය මැදිහත් නොවූයේ සෝවියට් දේශය නිසාය.

දැන් නව සීතල යුද්ධයක් ඇතිවූවා සේ ය. යුරෝපීය සංගමය සහ නේටෝ සංවිධානය පැරණි වොර්සෝ ගිවිසුමේ සාමාජිකයින් සහ පැරණි සෝවියට් සමුහාණ්ඩු සමග ආර්ථික, දේශපාලන සහ යුදමය සබදකම් ඇතිකර ගනිමින් එම රටවල් බටහිර යුරෝපයට ඈඳා ගැනීමට උත්සාහ දරති. යුක්රේනය සහ ක‍්‍රිමියාව පිහිටා ඇත්තේ මෙම හතර මං හන්දියේ ය. යුක්රේනය තුළ ස්වායත්ත සමූහාණ්ඩුවක් වන ක‍්‍රිමියාවේ ජනගහනයෙන් 58%ක් වාර්ගික රුසියානුවන් වන අතර 24%ක් වාර්ගික යුක්රේනියන්වරු ය. යුක්රේනයේ විශාල මුස්ලිම් ජනතාවක් ද වෙසෙති. යුක්රේනය තුළ බලපෑම් ඇති කිරීමට යුරෝපීය සංගමය සහ රුසියාව අතර කාලයක් තිස්සේ තරඟයක් පවති. තේරීපත් වූ ජනාධිාපති වන යනුකෝවිච් පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයකින් පෙරලා දමා බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි රුසියානූවෝ චෝදනා කළ හ. වහා ක‍්‍රියාත්මක වු රුසියානුවෝ ක‍්‍රිමියාවට හමුදා යවා රුසියාව සමග එක්වීමට ක‍්‍රිමියානු පාර්ලිමෙන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන දැන් එය ජනමත විචාරණයකදී ක‍්‍රිමියානු ජනතාව ලවා අනුමත කරවා ගැනීමට සූදානම් වෙති.

යුරෝපීය සංගමයට ඇමෙරිකාවේ සහය ලැබුණ ද ක‍්‍රිමියාවේ රුසියානු උවමනාකම් සහ ක‍්‍රියාවන් අධිරාජ්‍ය විරෝධී අරගලයක් ලෙස දැකීම වරදකි. රුසියන් බස කථා කරන ක‍්‍රිමියානුවන් දෑකැත්ත සහ මිටිය සහිත කොඩි වැනුව ද පුටින්ගේ රුසියාව පූර්ව-සෝවියට් මෙන්ම පශ්චාත්-සෝවියට් රුසියාවකි. ඔහුගේ රුසියානු ජාතිකවාදය ස්ලාව් වාර්ගික භාවයෙන් පෝෂණය වී ඇති අතර රුසියානු ගතානුගතික පල්ලිය ඇතුළු නැගෙනහිර යුරෝපයේ ප‍්‍රතිගාමී කොටස් මත පදනම් වී ඇත. පුටින් ද බටහිර නායකයින් ගේ අච්චුවේ පරහිතකාමීයෙකි.

යුක්රේන ජනතාවට හොඳම දෙය වන්නේ බටහිර යුරෝපයෙන් මෙන්ම රුසියාවෙන් ද ස්වාධීන වී තම ඉරණම තමන් ගේ අවශ්‍යතාවයන් අනුව නිර්ණය කර ගැනීම ය. ක‍්‍රි‍්‍රමියානුවන්ට ද හොඳ එයම ය. ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය. නවීන ලෞකික සමාජයක් ගොඩනැගීමට ඔවුන් දරණ උත්සාහයට ප‍්‍රගතිශිලීන් ගේ සහාය ලැබිය යුතු ය.

රාජපක්ෂ කුමක් කරයි ද?

මහින්ද , ගෝඨාභය සහ සිංහළ ජාතිකවාදීන්ට රුසියානුවන් දී ඇත්තේ තද හිසරදයකි. රුසියානු බස කථාකරන යුක්රේනවරුන් ”ආරක්ෂා” කිරීමට තම තනි තීරණයෙන් ක‍්‍රිමියාව ආක‍්‍රමණය කර, ඉන්පසු යුක්රේනයෙන් වෙන්වීමට ක‍්‍රිමියානු පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන දැන් එය අනුමත කර ගැනීමට මාර්තු 16 වෙනි දා රුසියාවේ අනුග‍්‍රහයෙන් ජනමත විචාරණයක් පැවැත් වේ. මෙය එක්සත් ශී‍්‍ර ලංකාවක් පිළිබඳ විශ්වාසයක් ඇති සැමට ඉතා නරක පූර්වාදර්ශයකි. ජනමත විචාරණයේ දී යුක්රේනයෙන් වෙන්වී යෑමට අනුමත වීම නියතය. ක‍්‍රිමියාව රුසියානු ෆෙඩරේශනයට එක්වීම ප‍්‍රතික්ෂේප කිරීමට පුටින්ට හෝ රුසියානු පාර්ලිමේන්තුවට නොහැක. මෙම ජනමත විචාරණය පැවැත් වෙන්නේ ජිනීවා හී ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පෙර ය. රුසියානු ක‍්‍රියා මාර්ගය ශ‍්‍රි ලංකාව අනුමත නොකළහොත් එයට රුසියාවෙන් ලැබීමට නියමිත සහාය ට කුමක් වේ ද? අනික් අතට මෙසේ ස්වාධීන රටක කොටසක් තව රටකට ඈඳීම අනුමත කළ හැකි ද? රුසියානු ක‍්‍රියා මාර්ගය චීනය අනුමත කිරීමෙන් ශි‍්‍ර ලංකාව වඩාත් අසීරු තත්ත්වයකට වැටේ.

රුසියානු ක‍්‍රියා මාර්ගය අනුමත කිරීමේ තේරුම කුමක්ද? මේ සියල්ල සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කොටස් යෝජනා කරන පසුබිමක ය. රට තුල දෙමළ ජාතික සන්ධානයට එහායින් සිටින අන්තවාදී කොටස් ද මෙවැනිම හඬක් නගති. ඉන්දියාවේ හෝ රටවල් කිහිපයක හමුදා උතුරු නැගෙනහිරට ඇතුල්වීම හෝ උතුරු පලාත් සභාව වෙන්වීම පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා සිටීම ක‍්‍රිමියාවේ රුසියානු ක‍්‍රියාවන් වලට අනුරූප නොවන්නේ ද? මේවා ඉතා බැ?රුම් ප‍්‍රශ්න ය. එහෙත් ක‍්‍රිමියාවේ රුසියානු ක‍්‍රියාවන් දෙස බලන විට මේවා සම්පුර්ණයෙන්ම මන:කල්පිත සිදුවීම් පෙළක් නොවන්නේ ය. ශ‍්‍රී ලංකාව තුළ මතුවී ඇති ගැටළු වලට රට තුළම විසඳුම් සොයා නොගෙන ලෝක බලවතුන් පසුපස යෑම තුළ ක‍්‍රිමියානු බියකරු සිහිනය මෙහිද සැබැවීමට මග පෑදීමක් වීමේ භයානක අනතුර පවතී. රටේ ගැටළුවක් නොමැති ලෙස වසාගෙන සිටින දෑස් ඇර ක‍්‍රිමියාවෙන් පාඩම් ඉගෙනීම කා හටත් යෙහෙකි.

Back to Home page