Colombo Telegraph

දෙමළ ඩයස්පෝරාවේ අළුත් තත්වය කුමක් ද? ‘ජගත් දෙමළ සංසදය’ එළිපෙහෙලි වීම

කුමාර් ඬේවිඞ්

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනසී යාමෙන් පසු සමස්ත දෙමළ සංවිහිත සමාජය රූපාන්තරණය වීමක් බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සන්නද්ධ සටන්කාමීත්වය (මිනිස් අයිතිවාසිකම් සහ ජනතා නිදහස පාගා දැමීමට අවශ්‍ය වන විට ආරක්ෂක අමාත්‍යාංශය ගිලෙන මායාමය රැුවටිල්ල තුළ මිස* අවසන්ව ඇති අතර, ලාංකීය දෙමළ ජනතාවගේ ප‍්‍රධාන දේශපාලන නියෝජිතයා වශයෙන් දෙමළ ජාතික සන්ධානය ඉස්මතුව තිබේ. (මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනතාවගෙන් වෙන්කොට දැක්වීම සඳහා ‘ලංකා දෙමළ’ යන්න මෙහිදී පාවිච්චි කෙරෙන අතර මේ ලිපිය තුළ වර්ගීය දෙමළ වශයෙන් ගැනෙන්නේ ‘ලංකා දෙමළ’ ය*. කෙසේ වෙතත්, යුද්ධයේ නිමාවට කලින් පැවති තත්වය ඩයස්පෝරාව තුළ වෙනසකට භාජනය වන්නේ හෙමිනි. එය, එක්තරා දුරකට පැහැදිළිව හඳුනාගත නොහැකි තරමි.
එහෙත් මෑතක දී ලන්ඩන් ගිය ගමනක් නිසා ඒ ගැන වඩාත් සමීපයෙන් දැක බලා ගැනීමට මට පිළිවන් විය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පැවති ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම් (ජී.ටී.එෆ*’ හෙවත් ‘ජගත් දෙමළ සංසදයේ’ සමුළුවට මා ද ආරාධිතයෙකු විය. ඊටත් වඩා, ඩයස්පෝරා තරුණයන් සමග ගැවසීමට සහ කතාබහ කිරීමටත් ඒ මගින් මට අවස්ථාවක් ලැබුණි. එහෙත් ඒ, සිංහලයන් කිහිප දෙනෙකු හැරුණු විට, වැඩි වශයෙන් දෙමළ තරුණයන් සමග ය. මේ රචනාව පදනම් වන්නේ, දෙමළ ඩයස්පෝරාවේ, ප‍්‍රධාන වශයෙන් ලන්ඩන් නුවර වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රවණතා ගැන ය. එහෙත් එය, එක්සත් රාජධානියටත්, යුරෝපයටත් පොලාපනින්නට පිළිවන.

මේ ඩයස්පෝරාව තුළ අස්ථාවරත්වයක්, වෙනස්වනසුළු ගතියක් සේම, කැපී පෙනෙන ප‍්‍රවණතාවක ඉස්මතු වීමක් ද පෙනෙන්ට තිබේ. අවසාන කාරණය ගැන පසුව සාකච්ඡුා කරමි.

මුලින් කී අස්ථාවරත්වය පවතින්නේ, එල්.ටී.ටී.ඊ. න්‍යාය පත‍්‍රයට, එනම්, ඊලාම් රාජ්‍යයක න්‍යාය පත‍්‍රයට පක්ෂපාතීත්වය දක්වන, සාපේක්ෂ වශයෙන් සුළු කණ්ඩායමක සිත්සතන් තුළ ය. මේ කණ්ඩායම මොන තරම් විශාල ද හෝ කුඩා ද යන්න අනුමාන කිරීමට මම නොයමි. එහෙත් මගේ හමුවීම් තුළ එම දෘෂ්ටිවාදයට දායකවූවන් දෙතුන් දෙනෙකුට වඩා සිටියේ නැත. මේ (එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාත සහ එල්.ටී.ටී.ඊ. නොවන* ඊලාම්වාදී මනෝභාවය තුළ, දෙමළ ජනයාට කිසි දවසක සිංහල බහුතරයෙන් සාධාරණයක් ඉටු නොවෙතැ යි යන හැඟීම තිබේ. එබැවින් තමන්ගේම වන රාජ්‍යයක ඔවුහූ සිය අනාගතය රඳවති. කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නතර කළ තැනින් තමන් පටන්ගත යුතුව ඇතැ යි කියන කිසිවෙකු මට හමුවුණේ නැත. එය, සන්නද්ධ අරගලය වෙත ආපසු යාම නිරර්ථක වන බවක් ව්‍යංගාර්ථවත් කරයි. එහෙත් සන්නද්ධ අරගලය හැරුණු කොට, ඊලාම් රාජ්‍යයක් ලබා ගැනීමට ඇති වෙනත් යථාර්ථවාදී මාර්ග කවරේදැ යි මතුවන ප‍්‍රශ්නයට ඔවුන් සතු පිළිතුරු, අදාළත්වයක් නැති, වැල්වටාරම්වලට සීමා විය.

අතීතයේ දී, ධනවත් ඩයස්පෝරා දෙමළ ජාතිකයෝ වෙනම රාජ්‍යයක් පිළිබඳව දේශනා කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදලින් ආධාර කරන අතරේ, තම ¥දරුවන් වෛද්‍යවරුන්, ගණකාධිකාරීන් සහ ඉංජිනේරුවන් ආදී වශයෙන් සීරුවෙන් ලොකුමහත් කළෝය. එල්.ටී.ටී.ඊ. සමයේ බිල්ලට ගියෝ දිළින්දන්ගේ, ගොවියන්ගේ සහ ධීවරයන්ගේ ¥පුතුන් ය. ධනපති ඩයස්පෝරා දෙමළ ජාතිකයාට බටහිර සමෘද්ධියේ සුඛවිහරණය කරන අතරේ අතරේ ස්වකීය ජාතික අසහනයන් ගැන බණ කියන්ට හැකි වුණේ, සටන් බිමේ සිටි එම පීඩිතයන්ට ස්තුතිවන්ත වන්නට යි. එම අවකාශය, තවදුරටත් සිංහල රාජ්‍යයේ තුවක්කු සඳහා බිළිවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයක් හෝ ‘කොල්ලන්’ හෝ දිළින්දන්ගේ දරුවන් හෝ නැති තත්වය තුළ, මෙකී ධනපති ද්‍රවිඩයන්ට අහිමි වී ගොස් තිබේ.

මැද ප‍්‍රවාහය

මගේ අවබෝධය වන්නේ, දෙමළ ඩයස්පෝරාවේ බහුතරය තවදුරටත් එල්.ටී.ටී.ඊ. දෘෂ්ටිවාදය කරපින්නා ගත්තවුන්් නොවන බව යි. ඒ නිසා, දෙමළ වැඩිහිටි සහ තරුණ මනෝභාවය එල්.ටී.ටී.ඊ. වලිගයකට ලඝු කොට හැඳින්වීම වැරදි ය. ‘දෙමළ අපේක්ෂාව’ වෙනුවෙන් ප‍්‍රබල ලෙස පෙනී සිටින, ඇතැම් විට ආවේගයෙන් පවා පෙනී සිටින, කොටස් නැතිවා නොවේ. එහෙත්, ඒ සමගම, සන්නද්ධ අරගලය සහ සිවිල් යුද්ධය අසාර්ථක වී ඇති බවටත්, වොෂින්ටන්=දිල්ලි මැදිහත්වීමකින් මිස දෙමළ ඊලාමය දවල් හීනයක් පමණක්ම වන බවටත් ඇති අවබෝධයක් ද ඔවුන් අතර තිබේ. නැතහොත්, එවැන්නක් ව්‍යුත්පන්න විය යුත්තේ ජගත් ද්‍රවිඩ ප‍්‍රජාවේ මහා ව්‍යාපාරයකිනි. එහෙත් ඩයස්පෝරා දෙමළ ප‍්‍රජාව යනු, විමල් වීරවංශ මෙන් වාචාල උන්මත්තකයන් පිරිසක් නොවේ. වොෂින්ටන් නුවර සහ දිල්ලිය, මානව හිමිකම් හෝ දේශපාලන විසඳුමක් ක‍්‍රියාත්මක කර ගැනීම සඳහා ප‍්‍රයෝජනවත් විය හැකි වෙතත්, දෙමළ ඊලාමයක ධජධාරීන් විය නොහැකි බව ඔවුහූ දනිති. ඒක=භාෂා රාජ්‍යවාදී ජගත් පරිමාණයේ ද්‍රවිඩ ස්වර්ණභූමියක සිහිනයක් වෙනුවෙන් තමිල්නාඩුවේ හෝ මලයාසියාවේ වෙසෙන දමිළයන් ඔවුන්ගේ වර්තමාන පැවැත්ම හුවමාරු කර ගැනීමකට යොමු වීමට නම්, ඔවුන්ට මොළේ ලෙඩක්ම තිබිය යුතුය.

සරළව පවසන්නේ නම්, දෙමළ ඩයස්පෝරාවේ විශාල පිරිසකට ඉතා රුදුරු පෞද්ගලික අත්දැකීම් තිබේ. වන්නියේ සිදුවූ මහා මිනිස් ඝාතනය ගැන ඔවුහූ ක්‍රෝධයෙන් සිටිත්. සුළුජාතිය මර්දනය කිරීමට එරෙහිව නැගී සිටීමට සපථ කරත්. ඒ නිසාම, රාජපක්ෂ සහෝදරයන් සහ ඔවුන්ගේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා උපකාරී වීමට පේවී සිටිත්. කෙසේ වෙතත්, වෛරය, පරාරෝපණය සහ අයුක්තිය පිළිබඳ නිෂේධාත්මක හැඟීම් හැරුණු කොට, අනුගමනය කළ යුතු සාධනීය උපාය මාර්ගය කුමක් දැ යි ඔවුහූ නොදනිත්. ඊලාමය යනු අතපෙවිය නොහැකි දෙයක් නම් සහ සතුරා වන්නේ සිංහල ජාතිවාදී රාජ්‍යයම නම්, ඒ සමගම, සිංහල මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ප‍්‍රගතිශීලී කොටස් සමග ඇති කරගන්නා ප‍්‍රජාතන්්ත‍්‍රවාදී සන්ධානයක් පිළිබඳ සැකසාංකාත් ඇත්නම්, ඔවුන්ට කළ හැක්කේ කුමක් ද? එය බෙහෙවින් ව්‍යාකූල යැයි ඔබට සිතේවි. එහෙත් ඇත්තෙන්ම එසේ නැත. ඩයස්පෝරාව විෂ වාතයකින් පරාවර්තී වෙමින් යම් ආලෝකයකට එබී බැලීමේ ක‍්‍රියාවලියක නියුක්තව සිටිනවා මිස, ස්ථිතික ඇනහිටීමක හිර වී නැත: මීදුම පහවෙමින් තිබේ. එහි සාධනීය අංශය දෙස බැලීමට මා කැමති ය.

දෙමළ ඩයස්පෝරාව අද සිටින්නේ, විපරිණාමී ප‍්‍රවාහයක යි. එය, අතීතය අතහරිමින් සිටියත් අනාගතයක් තවම සොයාගෙන නැත. ඒ කාර්යයේ දී ඔවුන් කෙරෙහි අනුනාදී ලක්ෂ්‍යයක් විය හැකිව තිබූ වම මියගොසිනි. රාජපක්ෂගේ සාක්කුවේ ලගින වමේ මළකුණ දනවන්නේම ගන්දස්කාරයකි. වමේ තවත් කුඩා පක්ෂ ඇස ගැසෙන්ට ඇතත්, ඒවා සිටින්නේ රේඩාර් තිරයේ පහළිනි. ඒ කිසිවක වැදගත්කමක් නැත. අවාසනාවකට මෙන්, ලංකාවේ වෙසෙන දෙමළ ප‍්‍රජාව සිතනවාටත් වඩා ඩයස්පෝරා දෙමළ ප‍්‍රජාව ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ පිටස්තර ව්‍යාපාරයක් ලෙසිනි. සහසුද්දෙන්ම ජාතිවාදී නැතත්, තමන්ට දෙන්නට දෙයක් ඊට නැති බවක් ඔවුන්ට හැෙඟ්. ඊට සියයට 101 ක වගකීම පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටමයි. මේ තත්වය තුළ, කොටින් වැළලී ගොස් ඇති මොහොතේ, අකමැත්තෙන් වුවත්, දෙමළ ජනයාට අදාළත්වයක් ඇත්තේ දෙමළ ජාතික සන්ධානය තුළ ය. මේවා නිසරු කියමන් සේ ඇතැමුන්ට පෙනී යා හැකි වෙතත්, ඩයස්පෝරාවේ සිත් තුළ සෙමින් සිදුවෙමින් ඇති පක්ෂපාතීත්වයේ පෙරැුලිය එයාකාර ය.

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිලිවෙලක් පිළිබඳ යම් උනන්දුවක් පැහැදිළිවම ඔවුන් තුළ තිබුණ ද, යම් අපේක්ෂා භංගත්වයක් මා තුළ දනවන කාරණය වන්නේ, සමාජ=ආර්ථිකය කෙරෙහි ඔවුන් යොමු කර ගැනීමට ඇති දුෂ්කරතාවයි. මොන තරම් තැත් කළත් එහි දී කෙනෙකුට නතර වන්ට සිදුවන්නේ හිස් තැනකිනි. මගේ අපේක්ෂාව පමණට වඩා වැඩි ද? ඊට යම් කාලයක් අවශ්‍ය කෙරේ. එල්.ටී.ටී.ඊ. මුළාවෙන් ඔවුන් තවම ගොඩ විත් නැත. සමහර විට දශකයක් පමණ ඊට යාවි. ඒකාන්තික=ජාතිකවාදි චින්තනයේ එක්ටැම් ගෙය මොන තරම් නිස්සාර ද යන්න පසක් කරගත හැකි වන්නේ, ලංකාවට විත් සැබෑ ප‍්‍රශ්න සමග පොරබදන්නට පටන්ගන්නා තරුණ පරම්පරාවකට පමණි. අනිත් අතට, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙලක් සඳහා දුරු රටකින් ලැබෙතැ යි සිතිය හැකි සම්මාදමක් ද නැත. නව ව්‍යවස්ථාවක්, ආර්ථික උපායමාර්ග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සමාජ ප‍්‍රශ්න (සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කාන්තා* සැලකිල්ලට ගත යුතුව තිබේ. නව ඌරුවකට හුරුව ඇති දෙමළ ඩයස්පෝරාවේ තරුණ බහුතරය නැවත ලංකාවට නොඑන හෙයින් ඔවුන්ගේ ප‍්‍රධාන සම්මාදම වනු ඇත්තේ, පොදුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත්, විශේෂයෙන් සුළුජාතික අයිතීන් සඳහාත් අවශ්‍ය කරන ජාත්‍යන්තර බලපෑම ගොනු කිරීමයි: එය පවා වටනේය.

ජගත් දෙමළ සංසදයේ තෙවන සම්මේලනය

පෙබරවාරි අග බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පැවති ‘ජගත් දෙමළ සංසදයේ’ තෙවන සම්මේලනය, පර්යාලෝක පිළිබඳ විවාද කෙරෙන සහ අනාගත වැඩපිළිවෙලවල් ඉදිරිපත් කෙරෙන සම්මන්ත‍්‍රණයක් වෙනවාට වඩා, ගාම්භීර උත්සවයක් පමණක් විය. ඒ අර්ථයෙන් ගත් කල එය බෙහෙවින් සාර්ථක වූ අතර, ඒ මගින් ජයග‍්‍රහණ දෙකක් අත්කර ගැනුණි.

මුලින්ම, ලංකාවේ දේශපාලන විසඳුමක් සඳහා බි‍්‍රතාන්‍ය දේශපාලනික සංස්ථාව (දක්ෂිණාංශික, ලිබරල්=ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ කම්කරු පක්ෂ* පෙනී සිටීමට සූදානම් බව එහි දී පෙන්නුම් කෙළේය. ඒ සමගම, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ නිර්දේශවලට අදාළව ජාතික සංහිඳියාව, වගවීම සහ ස්වාධීන පරීක්ෂණ සඳහා ඒකමතිකත්වයක් ප‍්‍රකාශයට පත්විය. ඒ සඳහා, එරික් සොල්හයිම්, යස්මින් සූකා සහ ගෝර්ඩන් වෙයිස්ට අමතරව අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයත් අනුග‍්‍රහ දැක්වීය.

දෙවැනි සාර්ථකත්වය වන්නේ, ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි ඒ මගින් ඇති කරන ලද බලපෑමයි. ජිනීවා නුවර හතර පැත්තෙන් කොටු වී සිටින ලංකා ආණ්ඩුවේ දේශීය කුණුවීම= දෝෂාභියෝග විගඩම, දිවිනැගුම සෙල්ලම, දරුමුණුපුරන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු නීතිය අපහරණය කිරීම= ජාත්‍යන්තරය ඉදිරියේ බරපතල විවේචනයට ලක්වෙමින් තිබේ. මෙය, බොහෝ කලකට පෙර ගිලී යා යුතුව තිබු දිරාපත් පාලම් පාරුවකි.

මේ අතර, ‘ජගත් දෙමළ සංසදය’ පැත්තෙන් සාර්ථක නොවූ එක් කාර්යයක් වන්නේ, බහු=වාර්ගික ව්‍යාපාරයක ප‍්‍රථම පියවරක් වශයෙන්, ප‍්‍රගතිශීලී සිංහල ක‍්‍රියාධරයන්, වාමාංශිකයන් සහ මාධ්‍යවේදීන් විසි ගණනක් එම අවස්ථාවට සහභාගී කර ගැනීමට තිබු අභිප‍්‍රාය ව්‍යර්ථ වීමයි. අවසානයේ, හතර පස් දෙනෙකුට වඩා සිංහලයන් එහි සිටියේ නැත. ප‍්‍රසිද්ධියක් ඇති සිංහලයෙකුගේ කිසි කථිකාවක් එහි දී ඉදිරිපත් වුණේ ද නැත. කමක් නැත. මේ, පටන්ගත් ගමන් ය. මෙවැනි අවස්ථාවකට සහභාගී වී සිංහලයෙකුට ආපසු ලංකාවට පැමිණීම, රජයේ සහ ජාතිවාදීන්ගේ තාඩනපීඩනවලට නිමිත්තක් විය හැකිය.

දෙවැනුව, එවැනි පිරිසක් සහභාගී කර ගැනීම සඳහා ‘ජගත් දෙමළ සංසදය’ පැත්තෙන් සිදුවිය යුතුව තිබූ මූලික වැඩ කොටස ඉෂ්ට කෙරී තිබුණේ ද නැත. මේ සංවිධානයත්, එහි වැඩසටහන ගැනත් ලංකාව නොදනී. එවැන්නකට සිංහලයෙකු කෙසේ සහභාගී වන්න ද? සිංහලයන් සෑහෙන පිරිසක් සහභාගී විය යුතුව තිබුණි නම්, එහි වැඩපිළිවෙල සහ න්‍යාය පත‍්‍රය කල්තියා බෙදාහැර ඒ ගැන සාකච්ඡුා කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත්, ‘ජගත් දෙමළ සංසදයට’ එරෙහිව එල්ල කෙරෙන එක චෝදනාවක් මම බැහැර කරමි. එනම්, මේ සංවිධානය කලක් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ සහායකයන් වශයෙන් සිටි පිරිස්වලින් සමන්විත බවයි. වර්තමානයේ තිබෙන ඕනෑම දෙමළ සංවිධානයක, අතීත එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිටිනු ඇත. ලංකාව ඇතුළතත්, පිටතත් අවුරුදු තිස් ගණනක් තිස්සේ බලපෑම් කළ සංවිධානයකට නොගෑවුණු කෙනෙකු සොයා ගැනීමට පහසු නැත. රාජපක්ෂ ආණ්ඩුවට පවා එවැන්නෝ සිටිත්: කරුණා, පිල්ලෙයාන්, කේ.පී සහ අද පවා ආයුධ සන්නද්ධව සිටින පිරිස් ඊට අයත් වෙත්. ඩග්ලස් දේවානන්ද, හිටපු එල්.ටී.ටී.ඊ. කාරයෙකු නොවුණත් සන්නද්ධ දෙමළ සම්ප‍්‍රදායට අයත් වන්නෙකි. දෙමළ ජනතාව නියෝජනය කරන ඕනෑම සංවිධානයක අද මෙන්ම තවත් ඉදිරියට ද හිටපු එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිටිනු ඇත. ලංකාවේ රාජ්‍යයත්, හමුදාව සහ ජාතිවාදීනුත් දෙමළ දේශපාලන ක‍්‍රියාකාරීත්වය කොන් කිරීම සඳහා අද කටගාන මේ ගෝනිබිල්ලා පිළිබඳ ප‍්‍රවාදය ඉවතලීමට දැන් කාලයයි. දෙමළ ජාතික සන්ධානය සහ වෙනත් සෑම දෙමළ දේශපාලනික සහ අදේශපාලනික සංවිධාන තුළ මෙන්ම ‘ජගත් දෙමළ සංසදය’ තුළත්, හිටපු එල්.ටී.ටී.ඊ. අනුගාමිකයන් සිටින බව මට විශ්වාසයි. මට එහි ප‍්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ, එම සංවිධානයේ වර්තමාන සහ අනාගත වැඩපිළිවෙලයි.

මේ රචනාව තුළ පෙන්වා දෙන ලද දේශපාලනික ගතිකත්වයන් පිළිබඳ අවබෝධයක් ‘ජගත් දෙමළ සංසදයේ’ නායකත්වයට ඇති බව මගේ හැඟීමයි. සැබෑ දේශපාලන විසඳුමකට සංවේදී වන ඔවුහූ ලංකාවේ ප‍්‍රායෝගික දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය පිළිගනිති. දකුණ සමග යම් වැඩපිළිවෙලක් මත ඇති කරගත හැකි සන්ධානයන් ගැන පරීක්ෂාවෙන් සිටිති. රැුඩිකල්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සිංහල සහ මුස්ලිම් ව්‍යාපාර සමග ඇති කරගත හැකි ප‍්‍රගතිශීලී සන්ධාන ගැන විමසිලිමත් වෙති. අවසානයේ කී කාරණය සම්බන්ධයෙන් එහි ක‍්‍රියාකාරීත්වය කළල වියේ පසුවෙතත්, අනාගතයේ දී එය වර්ධනය වෙනු ඇත. පරිණත පේ‍්‍රක්ෂාවලියක් හරහා පැතිරී ඇති සහායක පදනම් දෙස එහි නායකත්වය හැම විටකම ඇස ගසාගෙන සිටී. දේශනා කිරීමට වඩා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීම, එම පදනම මේරීමට උදව්වක් වනු ඇත. ‘ජගත් දෙමළ සංසදය’ යනු ඉදිරි දැක්මක් ඇති ඩයස්පෝරා බලවේගයක් ය යන්න මගේ හැඟීමයි. ශ‍්‍රී ලංකාවේ ජීවත් වෙන සෑම ප‍්‍රජාවකම ක‍්‍රියාධරයන් එය සමග සංවාදයකට එළැඹීම ප‍්‍රතිඵල දායක ය. මේ යෝජනාව ගැන ජාතිවාදී සහ ස්වෝත්තමවාදීන් වෙතින් එල්ල විය හැකි කෑකෝගැසීම් සහ රාජපක්ෂ ආණ්ඩුවේ නොවැළැක්විය හැකි බියගැන්වීම් තිබියදීත්, ඒ ගැන සළකා බැලීම වටනේය.

*2013 මාර්තු 16 වැනි දා පළවූ The GTF Comes Out Of The Shadows: What’s New In The Tamil Diaspora? ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page