23 April, 2024

Blog

“අපි වෙනුවෙන් අපි’’ මොඩලය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

මෙදා පැවැත් වෙන පළාත් සභා මැතිවරණ තුනෙන් වඩාත් කතා බහට ලක් වන පළාත, වයඹ ය. මහ ඇමතිකම කර තබා ගෙන තමන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි කියූ දයාසිරි ජයසේකර, නාම යෝජනා දෙන්නටත් කලින් ඔහුගේ ප‍්‍රචාරක පුවරු වල තමන් වයඹට මහ ඇමති යැයි ප‍්‍රසිද්ධ කර තිබුණි. එනමුත් ඔහු නාම යෝජනා බාර දෙන්නටවත් නොපැමිණියේ යැයි ද මාධ්‍ය වාර්තා කළේ ය. පොදුජන එක්සත් පෙරමුණේ කුරුණෑගල දිස්ති‍්‍රක් නාම යෝජනා බාරදීම සිදු වූයේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ ගේ ප‍්‍රධානත්වයෙනි. එසේ් නාම යෝජනා බාර දීමට කලින්ම, වයඹ මැතිවරණයේ පෙර මග ළකුණු දැකිය හැකි විය.

මීට අවුරුදු 10 කුත් සහ මාස 06 ට ඉහතින් 1999 ජනවාරියේ පැවති වයඹ පළාත් සභා මැතිවරණය, ඉතිහාසයේ ඉතාම කාලකණ්නි මැතිවරණය ලෙස සනිටුහන් වූවකි. එදා ගැටුම් දිග හැරුණේ බලයේ සිටි චන්ද්‍රිකාගේ ආණ්ඩුව, විපක්ෂයේ හුන් යු.ඇන්.පියට එරෙහිව දියත් කළ මෘගත්වය සමගින් ය. එදා ඒ මෘගත්වයේ කර්තෘත්වය බොහෝ දෙන බාර කෙරුවේ, චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ සිටි බලවතුන් දෙපළ වූ එස්.බීට සහ මංගලට ය. මෙදා එස්.බී එවැනි බලවතෙක් නොවේ. දෙවරක් පැති මාරු කළ ඔහුට, රාජපක්ෂ ආණ්ඩුවේ එවැනි බලයක් ලබා ගත නොහැකිව ඇත. මංගල දැන් විපක්ෂයේ ය. රාජ්‍ය බලය නැතිව ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් මුවහත් කර ගත නොහැක. මෙවර ඇත්තෙන්ම වයඹ ගැන වැඩි පුර කතා වන්නේ එදා මෙන් විපක්ෂය සමග ඇති ගැටුම් මත නොවේ. මෙදා කතා ඇත්තේ ‘‘අපි වෙනුවෙන් අපි’’ ගැටුම් සම්බන්ධයෙනි.

ඒ ගැන කතාව මොහොතකට පමා කොට වයඹ ගැටුම ගැන කතා කළහෝත් එහි ප‍්‍රධාන ති‍්‍රත්වයකි. දයාසිරි සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමති ගේ පුතාත් සාලින්ද දිසානායක ඇමතිගේ බිරිඳත් ඒ ති‍්‍රත්ව යයි. ගැටුම විවෘත කෙරෙන්නේ සාලින්ද දිසානායක ඇමති විසින් ජොන්ස්ටන් ඇමතිට ඉතා සෘජුව නගන චෝදනා වැලකිනි. දයාසිරි ගේ ප‍්‍රචාරක පුවරු කඩා බිඳ ඇතැයි මාධ්‍ය වාර්තා කළේ ය. ඇතැම්වා නාවින්න හන්දියේ පොලිස් මුර පොළක් ආසන්නයේ තිබුණු පුවරු යැයි ද වාර්තා විය. එහෙත් ඒ ගැන ඔහු තවම කිසිවකුට චෝදනා කර නැත.

උතුරු පළාත් සභාවට තරග වදින විපක්ෂ අපේක්ෂකයින් හමුදා බුද්ධි අංශ විසින් ප‍්‍රශ්න කිරීමටත් බිය වැද්දීමටත් බඳුන් කර ඇතැයි, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ, නාම යෝජනා බාර ගැනීම අවසන් වන්නටත් පෙර චෝදනා කෙරුවෝය. එහෙත් ඒ ගැන මාධ්‍ය එතරම් උනන්දු වන බවක් දැකිය නොහැක. රටේ දේශපාලනයට වඩා වැදගත් විය හැක්කේ, පළාත් සභා ඉතිහාසයේ පළමු වරට පවත්වන උතුරු පළාත් සභාව තෝරා පත් කර ගැනීමේ මෙම මැතිවරණයයි. කොළඹ සිංහල දේශපාලන නායකත්වය අත හරින්නට අකමැති පළාත් සභා සතු විය යුතු ව්‍යවස්ථාපිත බලය, උතුරු පළාත් සභාවට ලබා ගැනීම ගැන දෙමළ ජාතික සන්ධානය මේ මැතිවරණයේ දී දකුණේ නොවන සංවාදයක් දිග හරිනු ඇත. එවැනි සමාජ කතිකාවකට දකුණ හවුල් වන්නේ නම්, එය වැදගත් දේශපාලන කතිකාවකි. එසේ නොවී, මේ මැතිවරණය නැවත 1981 යු.ඇන්.පිය පැවැත් වූ දිස්ති‍්‍රක් සංවර්ධන සභා මැතිවරණය වැනි මැතිවරණයක් වුවහොත්, එය උතුර සහ දකුණ දේශපාලන බෙදීමකට තල්ලූ කරන්නක් වනු ඇත. එහි වගකීම ද දකුණ බාර ගත යුතු වන්නකි. එසේ නොවුනහොත්, අමාරුවෙන් හෝ උතුරේ ජනතාවට තමනන්ගේ ඡුන්දය දැමිය හැකි වුවහොත් කතාව වෙනස් ය. එසේ වුවහොත් දෙමළ ජාතික සන්ධානය බලයට පත් වීමත් ඉතා අවංක හා සෘජු චරිතයක් ලෙස සැළකෙන විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේස්වරන් මහ ඇමති වීමත් පළාත් සභා සතු විය යුතු බලය පිළිබඳ අලූත් සංවාදයක් ඇති වීමත්, වැළකිය නොහැකි වන්නකි.

ඒ සඳහා ඉඩක් ඇති බවට එක ආරක්ෂාකාරී සාධයක් වන්නේ නොවැම්බරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මාණ්ඩලික රාජ්‍ය නායක සමු`ඵව ය. එය ඉදිරියේ තබා ගෙන ‘81 යු.ඇන්.පිය යාපනයේ කළාක් මෙන් මහා විනාශයක් කිරීමට අද රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි ය. දෙමළ ජාතික සන්ධානය උතුර දිනා ගැනීම තමන්ට ප‍්‍රශ්නයක් නොවන බවත් විග්නේස්වරන් සමග සාකච්ඡුා කිරීමට තමා සූදානම් බවත් ජනාධිපති මාධ්‍යවේදීන් සමග පැවසූයෙන් එය තේරුම් යන්නකි. එසේ තේරී පත් වුවහොත් එම පළාත් සභාව, මෙතෙක් අප අත් දුටු දකුණේ සහ නැගෙනහිර පළාත් සභා මෙන් නොවන, උගත් හා දියුණු නියෝජිතයින්ගේ පළාත් සභාවක් වනු ඇත. තම අයිතීන් ව්‍යවස්ථානුකූලව ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් දකුණේ පළාත් සභා මෙන් දත නියවා ගෙන නොඉන බවද ඉතා පැහැදිලි ය. එනිසාදෝ පොලිස් සහ ඉඩම් බලතල නොදෙන බව ජනාධිපති කල් තියා මාධ්‍යවේදී හමුවේදී පවසා තිබිණ. එසේ කීමෙන් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සටන් පාඨ බාල්දු කළ හැකි යැයි එතුමා කල්පනා කළ ද, දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මහ ඇමති තේරීම මගින් කල් තියා පැවසූයේ ඔවුන්ගේ මැදිහත්වීම ඊට වඩා වෙනස් වන බව ය.

එනිසා පළාත් සභා බලය පිළිබඳ කඹ ඇදිල්ල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සීමා කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් නොවනු ඇත. එම බල තල නොදීම සඳහා තීන්දුවක් ජනාධිපති කියූ පරිදි මේ රාජපක්ෂ ආණ්ඩුව දැනටමත් අරගෙන ඇති නම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීන්දු කිරීමත් බාල විහි`ඵවක් වන්නකි. විග්නේස්වරන් නාම යෝජනා බාර දීමෙන් පසු කළ ඉන්දියාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිබඳ සඳහන මගින් ඉ`ගි කෙරෙන්නේ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති විසින් කල් තියා විහ`ිඵවක් බවට පත් කළ ද දෙමළ දේශපාලන අපේක්ෂාවන් තීන්දු වන්නේ වෙනත් වේදිකා මතින්ය යන්න ය..

පළාත් සභා පිළිබඳ ඉතා වැදගත් සහ මූලික කාරණා සම්බන්ධ මෙම සංවාදය යට කරමින් ඉස්මත්තට ගෙනෙන ලාබ, සරුවපිත්තල ‘‘රියැලිටි’’ ආස්වාදය ආලේප කෙරුනු ප‍්‍රවෘත්ති වාර්තාකරණය මගින් කතා කෙරෙන්නේ මේ පළාත් සභා මැතිවරණයෙන් දිනන්නේ කවුද පරදින්නේ කවුද යන්නත් ඒ වෙනුවෙන් කවුරුන් මොනවා කරනවාද යන්නත් ය. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතර සිදුවන කැඩුම් බිඳුම්, තුවාල රස කෙරෙන මාධ්‍ය ආවරණ දකුණේ සිංහල ජනයා කෙසේ රස වින්දත් අවසානයේ දකුණේ පළාත් දෙකම රාජපක්ෂලා කෙසේ හෝ දිනා ගනු ඇතැයි දැනටත් අනුමාන කළ හැක. එහෙත් දකුණේ ඇත්ත කතාව මැකිවරණ ප‍්‍රතිඵල මගින් නොකිය වෙන්නකි. දකුණේ සිංහල කතාව දැන් දැකිය හැක්රෙක් පාරට බසින ජනතා අප‍්‍රසාදයෙනි. විරෝධයෙනි. ඉදිරි කාලයේ දී ඡුන්ද හා මේ ඓන්ද්‍රීය ජනතා විරෝධ අතර සැසැඳීමෙහි දී, වැඩි දේශපාලන බරක් ගොනු වනු ඇත්තේ විරෝධයන් සමගය.

උතුරට අමතරව, ඒ සමගින් වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහාද මැතිවරණ පැවැත් වීමට ආණ්ඩුව තීන්දු කළ පසු, මේ රටේ ජනතාව තැන තැන, එකිනෙකට සම්බන්ධයක් නැති කාරණා වෙනුවෙන් පාරට බැස්සාහ. ඒ ජනතා විරෝධයන් මීට කලෙකට ඉහත ප‍්‍රදේශවාසීන් අ`ගුලාන පොලීසිය වට කර පහර දුන්නාට වෙනස් ය. ඉන් පසු කලෙක දොම්පෙ පොලීසියට පහර දුන්නාටද වඩා වෙනස් ය. මේ විරෝධයන් බොහෝමයක් ප‍්‍රදේශයේ පොදු සමාජ වුවමනාවන් ඉස්මත්තට ගෙනෙනු ලැබූ නැතිනම් පවතින සේවාවන්හි බිඳ වැටීම පෙන්නුම් කරන, පක්ෂ දේශපාලනයෙන් නිදහස් වූ, ස්වාධීන විරෝධතා විය.

ඒ ආකාරයට මොරටුවේ වේල්ස් කුමර විදුහලේ විදුහල්පතිගේ ස්ථාන මාරුවට විරුද්ධව දෙමාපිය සිසු විරෝධය ගාලූ පාර වසා දැමුවේ ය. රාවතාවත්තේ වඩු කාර්මික විරෝධය නැවතත් ගාලූ පාර වැසුවා පමණක් නොව, එහි ගිය තැපැල් ඇමති සහ ජනපි‍්‍රය න`ඵවකු වන ජීවන් කුමාරතුංගව වතුර බෝතල් ප‍්‍රහාරයකින් ද පිළිගත්හ. දැරණියගල නූරිය වත්තේ අධිකාරී ඝාතනයට විරුද්ධව එකතු වූ දහසකට වැඩි ප‍්‍රදේශවාසීන් පළාතේ ඝාතන, ස්තී‍්‍ර දූෂණ, ගෙවල් ගිනි තැබීම් වැනි අපරාධ සමූහයක් සඳහා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රාදේශීය සභා සභාපතිට පමණක් නොව, පොලිසියේ ලොකු ලොක්කන්ටත් සබරගමුව මහ ඇමතිටත් ප‍්‍රසිද්ධියේ චෝදනා නැගූහ. අනුරාධපුර පළාතේ ගොවීනට ලබා දුන් සහතික බීජ වර්ග වගා කළ නොහැකි, ගොවීන් අමාරුවේ දැමු බීජ යැයි හුරුලූවැව ගොවීහු නගර මධ්‍යයේ විරෝධය පෑහ. ආණමඩුව සහ තවත් පාසල් ගණනාවක ගුරුවරුන් ආණ්ඩු පක්ෂයේ පළාත් සභා මන්තී‍්‍රගේ නොසණ්ඩාලකමට විරුද්ධව ප‍්‍රසිද්ධ උද්ඝෝෂණ පැවැත් වූ අතර නවගත්තේගම නවෝද්‍යා පාසල වසා දැමුනි. ලග්ගල කලූ ග`ග ජනතාව, ප‍්‍රධාන මාර්ගය වසා දමමින් වැලි ලොරි ධාවනයෙන් මිය යන තම ඥාති ජනතාවගේ ආරක්ෂාව ඉල්ලා සිටි අතර, විරෝධය සමනය කිරීමට ගිය මාතලේ ලක්ෂමන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයාට, විරෝධයේ උණුහුම හමුවේ ආරක්ෂා සහිතව පසු බසින්නට සිදුවිය.

ඒ කිසිවක් විරෝධතා මතු වන්නට පෙර විසඳිය නොහැකි වූ ගැට`ඵ නොවින. ඒ සියල්ල මේ සමාජයේ ප‍්‍රාථමික ඉල්ලීම් ය. අවශ්‍යතා ය. සු`ඵ, ස්ථානගත ගැට`ඵ ය. ප‍්‍රාථමික අවශ්‍යතා හෝ මහා ගාලගෝට්ටි වන තෙක් විසඳා ගැනීමට නොහැකි ආණ්ඩුවක් බවට දැන් මේ රාජපක්ෂ ආණ්ඩුව පත්ව ඇති බව ඒවායින් පමණක් නොව, පසුගිය සතිය පුරා දිග හැරුණු වැලිවේරිය, රතුපස්වල ජනතා විරෝධයෙන් ද ඔප්පු වූවකි. මාස ගණනාවක් පුරා ප‍්‍රදේශයේ ජනතාවගේ ජල ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමට අපොහොසත් වන බලධාරීන්ගෙන් බොන්න, උයන්න, නාන්න වතුර ඉල්ලා පාරට බැස්ස ජනතාවට අවසානයේ ආණ්ඩුව පිළිතුරු දෙනු ලැබූයේ රණ විරුවන් යැවීමෙනි. වතුර ඉල්ලන ජනතාව, ප‍්‍රචණ්ඩ කණ්ඩායමක් යැයි නම් කිරීමෙනි.

ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පිහිටු වීමෙන් පසු වසර ගණනාවක් තිස්සේ ක‍්‍රමානුකූලව වර්ධනය වූයේ යැයි ජනතාව චෝදනා නගන මේ වතුර ප‍්‍රශ්නය විසඳීමට, මාස ගණන් කල් මරන්නට අවශ්‍ය නොවුනකි. ඒ සඳහා අවශ්‍ය වූයේ පරිසර අමාතයාංශයත් කර්මාන්ත අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කාලයක් පුරා විසඳුම් නොදුන් නිසා කුපිත වූ ජනතාව සමග ගනු දෙනු කළ හැකි ශිෂ්ඨ සිවිල් බලධාරීන් කිහිප දෙනෙකුත් පමණි. එහෙත් ඒ වෙනුවට එයට මැදිහත් වූයේ රාජ්‍ය නිලධාරීන් ගස් බඳින, නීතියක් නොදන්නා, තමන් කියන ආකාරයට සියල්ල කළ යුතු යැයි සිතා ඉන්නා ඇමතිවරයෙකුය. කර්මාන්ත ශාලා හිතු මනාපෙට අරින්න බැරි පරිදිම, ඇමතිවරයෙකුගේ හිතුමනාපෙට කර්මාන්ත ශාලා වසන්නට ද නොහැකි බව නොදන්නා ඇමතිවරයෙකු ය. එවැනි මෝඩ ගනු දෙනුවකට පසු එහි එන්නේ මෙවැනි ප‍්‍රශ්නයකට කිසිසේත් අදාල නොවන ආරක්ෂක අංශය ය. තීන්දු ගන්නේ යුධ කීර්තිය සමග සියල්ල තමන්ගේ නියෝග අනුව සිදු විය යුතු බවට දකුණේ සිංහල ජනතාවට පාඩමක් කියා දෙන වීර සෙබ`ඵන් ය. බරපතල මර්දනයකට ප‍්‍රදේශවාසීන් යටත් කරමින් ඔවුන්ගේ නොවිසඳුනු වතුර ප‍්‍රශ්නයට උත්තර ලබා දීම වෙනුවට ප‍්‍රදේශවාසී බාල මහලූ, ගැහැණු පිරිමි දහස් ගණනක ජනතාවක් හමුදා ප‍්‍රහාරයකට ගොදුරු කළහ. මිය යෑම්, රෝහල්ගත වීම් ප‍්‍රශ්නයට ආසන්න පිළිතුරු විය. මාධ්‍යවේදීන්ට පහර දී එලවීමත් ඔවුන්ගේ විසඳුමේ තවත් අංගයක් විය. බලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ ඔලමොට්ටල කම් නිසා මාස ගණනාවක් පුරා නොවිසª ඒ ප‍්‍රදේශවාසීන්ගේ වතුර ප‍්‍රශ්නය, දැන් පෙට‍්‍රල් බෝම්බ, වැලි බෝම්බ අත තියා ගත් ප‍්‍රචණ්ඩ කණ්ඩායමක විරෝධයක් යැයි මාධ්‍ය ප‍්‍රකාශකයෝ කියති. එසේ කී විගස, වීර හමුදාවගේ වෙඩි තැබීම සාධාරණය වන්නේ ය. එය වතුර පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, දකුණේ ප‍්‍රචණ්ඩත්වයට දෙනු ලැබූ සාධාරණ උත්තරයක් බවට පත් වන්නේ ය.

එවැනිම රාජ්‍ය විසඳුමක් 2012 මැයි කටුනායක වෙළඳ කලාපයේ සේවක විරෝධයට ද දෙනු ලැබිණ. රොෂේන් චානක ගේ මරණය ගැන සහ එම විරෝධය ගැන සෙවීමට පත් කළ තනි පුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව අදටත් එළි දක්වා නැත. එක පැත්තකින් සැළකුවහොත් ඒවා එළි දැක්වීමේ අර්ථයක් ද නැත. අවසන් වශයෙන් එයින් නිගමනය කෙරෙන්නේ විරෝධතාවයේ, උද්ඝෝෂණයේ නිරත වූවන්ගේ ප‍්‍රචණ්ඩත්වය හමුවේ පොලීසිය හෝ හමුදාව සාධාරණව කි‍්‍රයා කළේ ද නැති ද යන්නයි. එහෙත් නිගමනය නොවන්නේ හමුදා පොලීසි යෙදවීමට සිදු වූ ආණ්ඩුවේ බංකොලොත්කම ය. ආණ්ඩු කි‍්‍රයාපිළිවෙත් බංකොලොත් නොවන්නේ නම්, එසේ පොලීසි හමුදා කැරළි මැඩලීමට අවශ්‍ය නොවන බව, එවැනි වාර්තා නොකියයි.

රතුපස්වලටත් කටුනායකට මෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් විය හැක. රතුපස්වල ජනතාව වෙනුවෙන් විශේෂයෙන් වයඹ සහ මධ්‍යම පළාත් මැතිවරණයේ දී ඉදිරි සති වල දී අලෙවි කළ හැකි තවත් ජනපි‍්‍රය පියවර ද මේ ආණ්ඩුව තිබිය හැක. එහෙත් පළාත් සභා මැතිවරණයෙන් අවසන් නොවන, මහජන විරෝධතා යුගයකට මේ රට අවතීර්ණ විය හැකි බව පසු ගිය සති කිහිපය පෙන්නුම් කළේ ය. එළෙසින්ම, මැතිවරණ විසින් පාලනය කළ නොහැකි, තමන්ගේ සහ තමන් ජීවත් වන ප‍්‍රදේශයන්හි නොවිසඳුනු සරළ වූවත් හිංසාකාරී ප‍්‍රශ්න වෙනුවෙන් පාරට එන ජනතා විරෝධයන් මින් මතු විසඳන්නේ අදාල අමාත්‍යාංශ හරහා නොව, රතුපස්වල මොඩලයෙන් බව ද මේ මැතිවරණ ජයග‍්‍රහණ සහතික කරනු ඇත. එවැනි හමුදාමය පියවර සාධාරණ යැයි මැතිවරණ ජයග‍්‍රහණ මගින් ජනතාව පිළිගෙන ඇති බවට ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකයින් කියනු ඇත. එනිසා මේ එන්නේ දකුණේ සිංහල අපි, අපි වෙනුවෙන් හදා ගත් රණ විරු යුගයකි. උතුරේ දෙමළ ජනතාව ඒවා ගැන කුමක් කියනු ඇති දැයි නොදනිමි. මැතිවරණ ඒ වෙනුවෙන් ආභරණ පමණක් වන බැව් මතක තබා ගැනීම වැදගත් යැයි එනමුත් කිව යුතු ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.