Colombo Telegraph

මාධ්‍යයෙන් අප ඉල්ලන්නේ මොනවා ද?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

වර්තමාන ලංකාවේ ‘‘මාධ්‍ය නිදහස’’ සහ ‘‘අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය’’ යනු, මට තේරුම් ගැනීමට තරමක අපහසු විෂයකි. වර්තමානයේ ඒ ගැන කෙරෙන සංවාද හා සාකච්ඡුා විසින් එය තවදුරටත් සංකීර්ණ විෂයක් බවට පත් කරන්නේ යැයි සිතේ. කොළඹට සීමා වූ මේ සාකච්ඡුාවන්හි, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, විකල්ප මාධ්‍ය වැනි තේමා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන පුළුල් කතිකාවක ස්ථානගත කර ඇත. එසේ වූ කළ, මේ සංවාද මණ්ඩප කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය වලට සීමා නොකෙරෙන, වැඩි අවධානයක් සිංහල මාධ්‍යයට යොමු නොකරන, විiුත් මාධ්‍ය ගැන හා අන්තර්ජාල සන්නිවේදනය ද ඇතුළත් කර ගන්නා වූ සංවාද මණ්ඩප විය යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බද්ධ කෙරෙන හෙයින්ම, ඒ සංවාද, රටේ සමාජ ආර්ථික පෙළ ගැසීම් දේශපාලන වශයෙන් තේරුම් කෙරෙන සංවාද සාකච්ඡුා සමගින් කෙරෙන්නක් ද විය යුතු ය. එහෙත් එවැනි කතා මේ සංවාද වල නෑසේ.

එය එසේ වන අතරම, තවත් බරපතල අඩුවක් ද මේ සාකච්ඡුා වල දැකිය හැක. තවමත් මේ සාකච්ඡුා ආරම්භ වන්නේ, යුධ සමයේ පැවති මර්දනය අදටත් පොදුකරණය කරමින් ය. එනිසා මේ රාජපක්ෂ ආණ්ඩුව විසින් මාධ්‍ය තවමත් මර්දනය කරන්නේ යැයි මේ සාකච්ඡුා වල මූලික එක`ගත්වයක්ද ඇතැයි පෙනේ. අප දැන් ඉන්නේ යුද්ධය අවසන් වී අවුරුදු 05 ක් සම්පූර්ණ වන්නට ඔන්න මෙන්න කියා ය. මේ කාලය තුල මර්දනයේ දිග පළලත්, ගැඹුරත් එනිසාම එහි ස්වරූපයත් වෙනස් ය. දැනට ඇත්තේ අවුරුදු 05 ට හෝ 06 ට පෙර පැවති මාධ්‍ය මර්දනය නොවේ. දැන් කෙරෙන්නේ වෙනත් ආකාරයකින් මාධ්‍ය හසුරුවා ගැනීමකි. යුද්ධය සමගින් මේ ආණ්ඩුව තහවුරු කරගත් සිංහල බෞද්ධ මතවාදයක් ඇත. එය උතුරේ දෙමළ දේශපාලනයෙන් අභියෝගයට ලක් වූවත් දකුණේ එසේ නැත. විපක්ෂය ද ඒ හා අනුගත වන්නට උත්සාහ කරන හෙයිනි. ඒ පසු බිමෙහිි, ආණ්ඩුවේ හෙංචයියන් ද ඔවුන් හා හිතවත් අලූත් සල්ලිකාරයින් ද මාධ්‍යයට ගොඩ බැස ඇත. එය ද හේතුවක් කරගනිමින් මුද්‍රිත හා විiුත් මාධ්‍යය යැයි වෙනසක් නැතිව, සියලූ කොළඹ මාධ්‍ය ආණ්ඩුවේ මතවාදය හා ගමන් කරන්නේ එක`ගත්වයෙනි. විශේෂයෙන්ම පෞද්ගලික සිංහල මාධ්‍යය එවැනි ය. විiුත් නාලිකා ද බරපතල ලෙස ආණ්ඩුවේ සිංහලවාදී මතය හා ගමන් කරති. එනිසාම අද රාජ්‍ය හා පෞද්ගලික යැයි වෙනසක් නැත.

මාධ්‍ය නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ගැන කෙරෙන කොළඹ කතිකාවන් එක්තරා අකාරයකට සාම්ප‍්‍රදායික පීල්ලක දුවන්නේ යැයි සිතේ. එබැවින් මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අර්ථ ගැන්වීමේ එක්තරා ආකාරයක අවුලක් ද ඇත. මේ කාරණා ගැන මාධ්‍යයට, කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට ඇති අර්ථකතනයට වඩා වෙනස් අවධාරණයක් පුරවැසියාට ඇතැයි සිතමි. විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය මාධ්‍ය බාර ගන්නා ආකාරයට වඩා බෙහෙවින් පුළුල් භාවිතයක් සමගින් පුරවැසියා බුක්ති විඳිය යුතු යැයි මම විශ්වාස කරමි. පුරවැසියාට තම ගමේ පාරට සිමෙන්ති දැමීමට තමන් ඡුන්දය දුන් ප‍්‍රාදේශීය සභාව වියදම් කළ රුපියල් ගණනේ සිට, තම පදිංචිය ඇති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගස් කැපීමට අවසර පත් දීම වැනි සියලූ රජයේ කටයුතු ගැන මාධ්‍යයන්හි පළ කෙරෙන නොකෙරෙන ඕනෑම තොරතුරක් දැන ගැනීමේ අයිතිය එහි තිබිය යුතු ය. එනිසා තොරතුරු දැන ගැනීමේ අයිතිය මාධ්‍ය නිදහසෙහි පංගුවක් වූවත් එය මාධ්‍යයට සීමා වන්නක් නොවේ.

එළෙසින්ම, මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය එකට බැඳ ගත් විට, එය දේශපාලන හා නිලධර අතවරයෙන් ස්වාධීනව නිවැරදි තොරතුරු ලබා ගැනීමේත් බුද්ධිමය ඇසුරක් සඳහා ඇවැසි තාර්කික දැනුමත් දියුණු රසාස්වාදයක් සඳහා වන සංස්කෘතික වින්දනයත් සහිත මාධ්‍ය භාවිතයකි. එවැන්නක් අපේ මාධ්‍යයෙන් කියවන්නාට, අසන්නාට හා බලන්නාට ලැබෙන්නේ නැත. අපේ රටේ කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දෛනික රාජකාරිය සඳහා ඔවුන් ඉල්ලා සිටින නිදහස සහ ස්වාධීනත්වය, එක්තරා ආකාරයකට ආණ්ඩුවකින් පැන විය හැකි සීමා කිරීමකට වඩා මාධ්‍ය හිමිකරු ගේ අභිමතය අනුව ද තීන්දු කෙරෙන්නකි. එනිසා කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් ඉල්ලා සිටින නිදහස, පුරවැසියන්ගේ මෙම සාමාජීය අවශ්‍යතාව අභිබවා යා නොහැකි, සමාජ ගිවිසුමකි. අද මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීීමේ නිදහස ගැන සංවාදයට මේ සමාජ වගකීම පිළිබඳ කතාව කෙතරම් ඇතුලූ වන්නේ දැයි බරපතල සැකයෙකි.

එය බරපතල සැකයක් වන්නේ අද අප හමුවේ ඇති මාධ්‍යයන්හි අඩංගුව ගත් විට ය. දෙමළ මාධ්‍ය ගැන කතා කිරීමට මට අයිතියක් නැත. ඒ ගැන කිසිත් මම නොදනිමි. ඊට හේතුව, දෙමළ භාෂාව නොදන්නා මා දෙමළ මාධ්‍ය ඇසුරු කරන්නකු නොවන නිසා ය. සිංහල මාධ්‍ය ගැන කතා කරන විට, ප‍්‍රධාන ඉංගී‍්‍රසි මාධ්‍ය තරමටවත් දෙමළ හා මුස්ලිම් ජන ජීවිතයත් ඒ මත යන ඔවුන්ගේ දේශපාලනයත් ඔවුන්ගේ පැත්තෙන් වැදගත් සාකච්ඡුාවකට බඳුන් කරන්නට ඉඩ දීමක් සිංහල මාධ්‍යයෙහි නැත. එනිසා, සිංහල මාධ්‍ය ජාතික යැයි කියා ගන්නේ සිංහල සමාජයට සීමා වෙමින් ය. මෙය මාධ්‍යයක අහම්බෙන් සිදුවන්නක් හෝ ස්වභාවිකව සිදුවන්නක් නොවේ. බොහෝ සිංහල මාධ්‍ය උතුරේ සහ නැගෙනහිර ජන ජීවිතයත් ඔවුන්ගේ දේශපාලනයත් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට රිසි සේ මිස, එහි සැබෑවම නොවේ. ප‍්‍රවෘත්ති පමණක් නොව, විශේෂාංග ලිපි, වාර්තා වැඩ සටහන්, සාකච්ඡුා පවා සැකසෙන්නේ එළෙසිනි. ඇතැම් අවස්ථාවන්හි එකම ආයතනයක සිංහල සහ ඉංගී‍්‍රසි මාධ්‍ය භාවිතය ගත් විට මේ පරස්පරය දැකිය හැක. ඒ හේතුවෙන් දකුණේ සිංහල සමාජයට මේ රටේම උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි ජන ජීවිතය ගැන ස්වාධීන සිතීමකට, මාධ්‍ය ඉඩ තබන්නේ නැත. මෙය පුරවැසි අයිතිය ගැන කර්තෘ මණ්ඩල දක්වන සැළකීම අනුව සිදු වන්නක් මිස, ආණ්ඩුවේ මර්දනයක් නොවේ යැයි මම සිතමි.

එය මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් පිලිබඳ ගැටළුවක් ද නොවේ. පරිපූර්ණ නොවුනත් විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇත. එය අනෙක් මාධ්‍ය සඳහා ද අවශ්‍ය නම් සැළකිය යුතු ආකාරයකින් අදාල කර ගත හැක. ඒ අතර වු මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීමේ මාධ්‍ය අමාත්‍යාංශ වෑයම සහ ඒ වෑයම අතහැර දැමීම සිදු වූයේ පසුගිය වසරේ ය. ඊට අවුරුද 15 ට පමණ පෙර, කර්තෘ සංසදය විසින් තමන්ගේම ආචාර ධර්ම පද්ධතියක් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් සකසා ගනු ලැබ තිබිණ. එය පුවත් පත් ප‍්‍රකාශකයින්ගේ සංවිධානය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්ද ශී‍්‍ර ලංකා පුවත් පත් ආයතනය විසින් ද පිළිගත්තකි. තවමත් එය එළෙසින්ම වලංගු වන්නකි.

එම ආචාර ධර්ම පද්ධතියෙහි අංක 02 වන ‘‘නිවැරදි වාර්තාකරණය’’ යටතෙහි අංක 2.2 ලෙස සඳහන් වන්නේ ‘‘පළ කිරීමට ප‍්‍රථම, කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් සැම විසින් වාර්තා සතු නිරවiතාවය හැකි සෑම අයුරකින්ම සහතික කර ගත යුතු ය. එළෙස සහතික කර ගැනීමට නොහැකි සෑම අවස්ථාවකම, ඒ ගැන සටහනක් තැබිය යුතු ය.’’ යනුවෙනි. මේ මූලික වගකීම අවසාන වශයෙන් කර්තෘ විසින් ඉසිළිය යුත්තකි. අද මාධ්‍ය විසින් ඒ වගකීම ඉටු කරනු දැකිය නොහැක. එනිසාම, අද කියවන්නාටත් අසන්නාට හා නරඹන්නාටත් වර්තමාන මාධ්‍ය විසින් ලබා දෙන තොරතුරු කෙතරම් නිරවi දැයි සහතිකයක් නැත.

එවැනි සහතිකයක් ඇතිව වාර්තා කිරීමට තරම් අවශ්‍යතාවක් නැතැයි සිතෙන අද සමස්ථ ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙන් දෙකෙන් පංගුවක් පමණ, ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය හා විපක්ෂ දේශපාලනඳයින්ගේ කතා වලට සීමා වූ වාර්තාකරණයක් බවට පත්ව ඇත. ඒවා විශේෂයෙන් ප‍්‍රධාන ධාරාවේ දේශපාලනඥයින්ගේ මාධ්‍ය ඒකක විසින් සපයන ප‍්‍රවෘත්ති ය. එනිසාම අලූතින් සොයා බලා තොරතුරු එකතු කර කෙරෙන වෙනත් ප‍්‍රවෘත්ති වාර්තා මාධ්‍ය ඔස්සේ කියවන්නාට, අසන්නාට හා බලන්නාට ලැබෙන්නේ ඉතාම අඩුවෙනි. ඒවාද බොහෝ දේශපාලනඥයින් සම්බන්ධ කලා මංගල්ල, කී‍්‍රඩා පුවත් වැනි දෑ ය.

අනෙක මාධ්‍ය විසින් මාධ්‍ය සඳහා සකසා ගත් කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතියෙහි සමාජ සමගිය, වාර්ගික හා ආගමික සංහිඳියාව පිළිබඳව පනවා ගෙන ඇති වැගත් කොන්දේසියක් වන අංක 6.3 දිනපතාම වාගේ උල්ලංඝණය කිරීම ය. එම වගන්තියට අනුව, ‘‘මාධයවේදියෙකු කැමැත්තෙන් හා දැනුවත්ව වාර්ගික හා ආගමික මත භේද සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ප‍්‍රවර්ධනය නොකළ යුතු ය. එය එසේ කීවත් අද වත්මන් මාධ්‍යයෙහි නොවන්නේ ද එයම ය.

ඊට අමතරව මාධ්‍ය රුචිය ඇත්තේ අපරාධ වාර්තා සහ මිථ්‍යා විශ්වාස ප‍්‍රගුණ කිරීමෙහි ය. අපරාධ වාර්තාකරණය සිදුවන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ අනුව හා විශේෂයෙන් දේශපාලන වැදගත්කමක් ඇති අධිකරණයේ දෛනික කටයුතු අනුසාරයෙනි. ඒවා ද මතු පිටින් ගන්නා තොරතුරු රස කතා ලෙස ඉදිරිපත් කිරීමකට බෙහෙවින් සීමා වන්නේ ය. මිථ්‍යා විශ්වාස, ජ්‍යොතිශය, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්, මහා හාස්කම් ගැන සියලූ සිංහල මාධ්‍යයන්හි එමට ලියැවේ. ඒවා වෙනුවෙන් ලබා දෙන අවධාරණය ද එවැනිම ඉහළ අවධාරණයකි.

වත්මන් මාධ්‍යයට මේ කිසිවක් සඳහා දැනටත් කිසිදු අවහිරයක්, තහංචි පැනවීමක් නැත. මේවා මාධ්‍යවේදීන් හා කර්තෘවරුන් අකමැත්තෙන් කරන්නේ යැයි සිතන්නට ද හේතු නැත. එපමණට මේ හැමෝම ආණ්ඩුව හා එකට ගමන් කරන නිසාවෙනි. ආණ්ඩුවෙන් ලබා දෙන වරදාන, ලක්ෂ 12 ක ණය සහ ලැප්ටොප් ලබා ගැනීමට පෝලිමේ යන මාධ්‍යවේදීන් කර්තෘවරුන් මිස, මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඒවා ප‍්‍රතික්ෂේප කරන කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් ගැන අසන්නට නොලැබෙන හෙයිනි.

එනිසාම මාධ්‍ය නිදහස යැයි ද අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය යැයි ද පුරවැසියා ඉල්ලා සිටිය යුතු ගුණාත්මක මාධ්‍යයක් ගැන සංවාදය, දැනට මේ රටේ මතුව නැත. මාධ්‍යකරණය ගැන කෙතරම් විශ්ව විiාල පාඨමාලා ඇතත් ඒවායේ ද වර්තමාන මාධ්‍ය ගැන කෙරෙන සාකච්ඡුා, සංවාද, ඇගයුම් වාර්තා කිසිවක් ගැන දැන ගන්නට නැත. එවගේම, එවැනි සංවාදයක දී ඒ සඳහා යොදා ගත හැකි ආදර්ශයක් මේ රටේ නැත. එහෙත් ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් විදේශ මාධ්‍ය කිහිපයක් භාවිත කළ හැක. ් එවැන්නකට සිංහල ආදර්ශයක් නැති හෙයින් සිංහල මාධ්‍ය ගැන හොඳ නරක කතා කරන්නට වන්නේ ද විදේශ මාධ්‍ය ඔසසේ ය. අද එනිසා අප ආරම්භ කළ යුතුව ඇත්තේ එවැනි තෝරා ගත් ආදර්ශ සමග ගුණාත්මක මාධ්‍යයක් පිළිබඳ සංවාදය කැයි මම යෝජනා කරමි. මේ පවත්නා මාධ්‍යයෙහි ප‍්‍රවෘත්ති වාර්තාකරණය, විශේෂාංග සඳහා විෂය තේරීම, ඒවායෙහි දැනුම හා බුද්ධිමය අඩංගුව ගැන සාකච්ඡුාවක බරපතල අඩුවක් ඇත. ඒ සඳහා පාරට බහින සටන් පාඨ සහිත ව්‍යාපාර අවශ්‍ය නොවන්නේ ය. අවශ්‍ය වන්නේ, පවත්නා මාධ්‍ය අඩංගුව, අන්තර්ගතය ගැන කෙරෙන වැදගත් සංවාද මණ්ඩපයකි. කර්තෘවරුන්, මාධ්‍යවේදීන් සූදානම් වන්නේ නම් එයට පවතින මාධ්‍යයද යොදා ගත හැකි ය. මේ රටේ දැනට තියෙන්නා වූ මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය එයට ප‍්‍රමාණවත් බැවිනි. අමතක කර දමා ඇතත් තියෙන්නා වූ කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ද ආරම්භයක් සඳහා හොඳටෝම ප‍්‍රමාණවත් හෙයිනි.

Back to Home page