Colombo Telegraph

ජ.වි.පෙ සමගින් හීන ලෝකයක රස බැලීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘ජනතා හ`ඩ දිනවමු’’ යැයි ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සත් වන පක්ෂ සංවත්සරයෙන් පසු පැවැත් වූ පළමු මහජන රැුළිය පසුගිය සෙනසුරාදා මහරගම දී පැවැත් වීය. අනුර කුමාර දිසානායක නව නායක ලෙස පත් කෙරුනු පසු ජ.වි.පෙ පැවැත් වූ පළමු මහජන රැුළියද එයයි. ඔවුන්ගේ වෙබ් පුවත් අඩවියට අනුව එයට විශාල සෙනගක් රැුස්ව ඇත. මේ සෙනග වෙනුවෙන් ජ.වි.පෙ ඉදිරිපත් කරන දේශපාලනය කුමක් ද ? රාජපක්ෂ ආණ්ඩුව වේදිකා මත විවේචනය කිරීමේ හැකියාව හැරුණු විට, මේ රටේ සියලූ ප‍්‍රශ්න විසඳීමේ ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල පොතකට නැගීමේ හැකියාව ද ඔවුන්ට ඇත. ඒ වැඩපිළිවෙල විස්තර කර ඇත්තේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ මස ජ.වි.පෙ නිකුත් කළ, ‘‘අපේ දැක්ම’’ නම් ප‍්‍රතිපත්ති මාලාව අඩංගු පිටු 38 ක පොත් පිංචෙහි ය.

එහි ඉතා ආකර්ශනීය කොටස් වෙන් කිරීමක් කර ඇත. ‘‘නිවහල් මිනිසෙක්, ජනතාවාදී පාලනයක්, සාධාරණ සමාජයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්’’ යැයි ඒවා නම් කර ඇත. ඒ සියල්ලට පදනම ලෙස ජ.වි.පෙ යෝජනා කරන්නේ ‘‘නවීන සමාජවාදය’’ නම් නිර්වචනය නොකරනු ලබන, අතිශය අපැහැදිලි සමාජ-ආර්ථික හා දේශපාලන ක‍්‍රමයක් පිළිබඳ සංකල්පීය අදහසකි. එය ඔවුන්ගේ වචන වලින් කිවහොත් ‘‘අප රට අනාගතයට ගෙන යා හැකි, මිනිසකු විසින් මිනිසකු සූරා නොකන, ජාතියක් විසින් තවත් ජාතියක් පීඩාවට පත් නොකරන, ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිස් සමාජයක්,’’ එනම් නවීන සමාජවාදී සමාජයකි.

ජ.වි.පෙ යෝජනා කරන මේ නවීන සමාජවාදී සමාජයේ ඔවුන් දකින ‘‘උසස් මිනිසා’’ ජීවත් වන්නේ පෞද්ගලික ප‍්‍රාග්ධනය හිමි ව්‍යාපාරිකයෙකු ලෙස ද නැති නම්, වැටුප් ලබන ශ‍්‍රමිකයෙකු ලෙස ද ? මේ කියන නවීන සමාජවාදී සමාජයේ ආර්ථික කි‍්‍රයාවලියෙහි ඔවුන් ආඩම්බර වන උසස් මිනිසා ගේ පැවැත්ම ඇත්තේ කෙසේදැයි නොකියවේ. නමුත් ප‍්‍රාග්ධන හිමියාත් වැටුප්ලාභියාත් දෙදෙනාම එකට ජීවත් වන සමාජයක, ‘‘මිනිසකු විසින් මිනිසකු සූරා නොකන’’ සමාජයක් තිබිය නොහැකි බව, මාක්ස් ගේ මූලික සිද්ධාන්තයකි. එනිසා එළෙසින් බෙදුනු සූරාකෑම් සහිත සමාජයක ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය හැක්කේ ප‍්‍රාග්ධනය හිමිකරුවකුට පමණ ය. බහුතර ශ‍්‍රමිකයාට එවැනි ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය නොහැක. ඔවුන්ගේ ‘‘නවීන සමාජවාදය’’ පැහැදිලි කිරීමේ එකම වාක්‍යයෙහි ඇති මේ මූලික පරස්පර විසින්ම, ඒ කියන නවීන සමාජවාදය කි‍්‍රයාත්මක කළ නොහැකි සමාජවාදයක් බව ඔප්පු කරන්නකි.

එවැනි යෝධ, න්‍යායික පරස්පර සහිතව ඉදිරිපත් කරන සමාජය ගැන විස්තරයෙන් පසු, ප‍්‍රතිපත්ති මාලාවෙහි එක් එක් කොටස වෙනුවෙන් උප මාතෘකා ඇත. ‘‘01. රාජ්‍ය ව්‍යුහය 02. මූලික අයිතීන් 03. ජාතික ආරක්ෂාව 04. ජාතික සමගිය 05. විදේශ ප‍්‍රතිපත්තිය’’ එවැනි එක කොටසක උප මාතෘකා කිහිපයකි.

ජ.වි.පෙ ප‍්‍රතිපත්ති මාලාව ඔවුන් ඉදිරිපත් කරන්නේ තිස් අවුරුදු යුද්ධයක් හමුදාමය කි‍්‍රයාන්විතයකින් අවසන් කර, අවුරුදු 04 කුත් මාස 08 ක් ගෙවුනු කල ය. එනිසා එය යුද්ධයේ සියලූ විපාක හා බිඳ වැටීම් සමගින් වේදනා විඳින සමාජයක ඉදිරි ගමන පිළිබඳව කතා කෙරෙන ප‍්‍රතිපත්ති මාලාවක් විය යුතු ය. මේ ප‍්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට එවැනි රටක්, සමාජයක් මතක් වන්නේ නැත. මෙය ධනේශ්වර වර්ධනයේ විකෘතීන් සමග ගෝලීය වෙළඳ පලෙහි කොටු වී ඉන්නා රටක් ගැන කතාවකට සීමා කෙරුණකි. නායකයින්ගේ වංක කම් නිසා ¥ෂණය වංචාව ඉහ වහා ගිය, ණය බරින් මිරිකෙන රටක කතාවකට සීමා කෙරුණකි. ඒ රටේ මිනිසුන් යුද්ධයක පැටලී සිටි බවක් කියැවෙන්නේ නැත. එනිසා අනාථයින් දහස් ගණනකගේ පුනරුත්ථාපනයක් ගැන කතාවක් නැත. යුද්ධයෙන් පසු ඇති විය යුතු ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාකාරකම් ගැන කතා ඇත්තේ ද නැත. එහි ඇත්තේ දුප්පත් කමත් ¥ෂණය හා වංචාවත් ඒ සමග නීතිය කි‍්‍රයාත්මක කිරීමේ අවනඩු හා එවැනිම අධිකරණයකුත් ගැන පොදු කතාවක් පමණි. ඒ අතර එහි ජන වර්ග කිහිපයක් වාසය කරන බව සරළව කියැවේ. එනිසා ඔවුන්ට ඇත්තේ නිදහසේ ජීවත් වන්නට හැකි අයුරු අධ්‍යාපනය, සංස්කෘතික සාධක දියුණු කර ගැනීමේ ප‍්‍රශ්නයක් යැයි අදහස් කෙරේ.

අප ජීවත් වන රට මෙතරම් සරළ ද ? අප ජීවත් වන රටේ ඇත්ත සංකීර්ණ ප‍්‍රශ්නය, නිදහස ලැබූ අවුරුදු 66 පුරාම පැසව පැසවා ඔඩු දිවූ දෙමළ ජනතාවගේ දේශපාලන අපේක්ෂාවන් හා ගැටුණු අර්බූදය ය. ඒ සඳහා විසඳුම් අවශ්‍ය නොවන්නේ ද ? ජ.වි.පෙට ඒ සඳහා වන විසඳුම් කතා කළ නොහැක. ඊට හේතු ඇත. එය ද ඔවුන්ගේ දේශපාලනයේ මූලික ප‍්‍රතිවිරෝධයකි. මෙතෙක් ඉතිහාසයේ ජ.වි.පෙ ඉදිරිපත් කළ දේශපාලන විග‍්‍රහයට අනුව මෙවර ද ඔවුන් නිදහසින් පසු අපේ සියලූ ආණ්ඩු එක ගොන්නට ගෙන කියන්නේ, ‘‘ගෙවුනු වසර 66 ක කාලය තුල රට සංවර්ධනය කරන බවට, ජනතාවගේ ප‍්‍රශ්න විසඳා ‘සුභ අනාගතයක්‘ නිර්මාණය කරන බවට විවිධ පොරොන්දු දී මාරුවෙන් මාරුවට බලයට පැමිණි ධනේශ්වර පාලක කණ්ඩායම් රටත් ජනතාවත් රැුගෙන විත් තිබෙන්නේ විශාල අගාධයක් වෙතට ය.’’(වචනයක් – පිටු ඩ-ඩස* කියා ය.

ඒ කතාව ගැන මට ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ ජ.වි.පෙ නායකත්වයට ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ මේ තිබෙන්නේත් ජ.වි.පෙ කියන එවැනි ආණ්ඩුවකි. මේ ආණ්ඩුව ආඩම්බරයෙන් කතා කරන ඔවුන්ගේ වැඩපිළිවෙල යැයි කියන ‘‘මහින්ද චින්තනය’’ හැදුවේද ජ.වි.පෙ හවුල් වීමෙනි. ඒ හැ¥ ‘‘මහින්ද චින්තනය’’ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ලෙස කි‍්‍රයාත්මක කරන්නට, ‘‘විවිධ පොරොන්දු දී මාරුවෙන් මාරුවට බලයට පැමිණි ධනේශ්වර පාලක කණ්ඩායම්’’ අතුරින් එකක් වන ශී‍්‍ර.ල.නි.ප නායකත්වයෙන්, ජ.වි.පෙ ඒ ආණ්ඩුවට හවුල් විය. එසේ හවුල් වන්නේ පළමු වරටත් නොවේ. ඒ වන විට ජ.වි.පෙ චන්ද්‍රිකා ජනාධිපති යටතේ 2000 වසරේ පරිවාස යැයි එවැනිම ආණ්ඩුවකට හවුල් විය. ඊළ`ගට 2004 අපේ‍්‍රල් වලදී ඔවුන් නැවත චන්ද්‍රිකාගේ ජනාධිපතිකම යටතේ එවැනිම ඊළ`ග ආණ්ඩුව හැදුවේ ය. එහි ඇමතිකම් ද දැරුවේ ය. එවැනි ආණ්ඩු වලට තමන් හවුල් වීම ගැන කිසිදු සඳහනක්, වරද පිළිගැනීමක් නැතිව කරන පාරිශුද්ධ දේශපාලන ප‍්‍රකාශවල අවංකත්වයක් නැත. ඇත්තේ හොරෙන් කුඩු විකුණා ප‍්‍රසිද්ධියේ සිල් ගැනීම වැනි අවස්ථාවාදී පෙනුමක් පමණි.

එය බරපතල දේශපාලන ප‍්‍රතිවිරෝධයක් වන්නේ, ජ.වි.පෙ 2005 දී ජනාධිපති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කරවා, ඔහුට මහින්ද චින්තනයක් ද ලියා දී ඔහුගේ ආණ්ඩුවට හවුල් වී, කොන්දේසි විරහිතව යුද්ධය වෙනුවෙන් දේශපාලන තර්ක, න්‍යාය ඉදිරිපත් කිරීම ගැන අද කිසිදු පැහැදිලි කිරීමක් නොකිරීමෙහි ය. එදා අතුරුදහන්වීම්, පැහැර ගැනීම්, ඝාතන කිසිවක් ජ.වි.පෙට මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්න නොවුනි. ඔවුන්ට ඒවා, යුද්ධයක අනිවාර්ය ලක්ෂණ විය. එදා මාධ්‍යවේදීන් ට සහ මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව දියත් කළ මර්දනය, යුද්ධය වෙනුවෙන් කළ යුතු වූවකැයි ඔවුන්ගේ එදා දේශපාලනය විය. අද මාධ්‍ය නිදහස ගැන කතා කරන විට, එදා තමන්ගේ කල්කිරියාව හරිද ? වැරදි ද යැයි කෙටියෙන් කිව යුතුව ඇත.

යුද්ධයෙන් පසු අප ඉන්නේ ඒ සියලූ බරපතල ව්‍යසන සමග ගොඩ ගැසුනු අර්බූද ගහණ කන්දක් උඩ ය. එනිසා ‘‘සියලූ ජන කොටස් වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානතා පදනම මත අයිතීන් තහවුරු කිරීම අරමුණු කොට සම්පාදනය කරන ලද ‘ජාතික ගැටළුව විසඳීම සඳහා ප‍්‍රවේශය‘ මගින් ඉදිරිපත් කළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කෙරේ.’’ (04. ජාතික සමගිය – පිට 06* යැයි පැරණි කතාවම යළි කීවාට, උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ගැටුම එසේ අවසන් කළ නොහැක. එයට දෙමළ ජනතාවගේ හවුලක් අනිවාර්ය වන්නකි. ජාතික සමගිය වෙනුවෙන් මේ කියන ජ.වි.පෙ සතු වැඩපිළිවෙලට, උතුරු නැගෙනහිර ජනතාවගේ සම්බන්ධය කුමක් ද ? ජ.වි.පෙ කියන ඔවුන්ගේ එම ජාතික ගැටළුව විසඳීමේ වැඩපිළිවෙලට, මේ වන විට දෙමළ ජනතාවගේ තනි දේශපාලන නියෝජනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ලබා ගැනීමට සමත් වූ දෙමළ ජාතික සන්ධානය හා ඇත්තේ කවර ගනුදෙනුවක් ද ? දෙමළ දේශපාලනය හා එවැනි කිසිදු ගනුදෙනුවක් නැති තමන්ගේ පක්ෂයේ න්‍යායික අර්ථකතනයක් ඊට සම්බන්ධයක් නැති දෙමළ ජනතාව පිළිගත යුත්තේ ඇයි ?

එයම ජ.වි.පෙ කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙළසීමකි. ඔවුන් කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානතා පදනම, ¥ෂණය කිරීමකි. සියලූ ජන කොටස් වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සමානතා පදනමක් මත විසඳුම් ඉදිරිපත් කිරීමට නම්, අද, මේ මොහොතේ බාර ගත යුතු වගකීමක් ඇත. උතුරු පළාත් සභා මහ ඇමති, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේස්වරන් මහතා පසුගිය පෙබරවාරි 13 වන දින විශ්ව විiාල සනාථන සභාවෙහි ආරාධනාව මත ටාජ් සමූද්‍රා හෝටලයේ පැවති ජාතික සමුළුව අමතා එහි ආරාධිත දේශක ලෙස කියු මේ කාරණාව, ඒ වෙනුවෙන් වහා අවධානයට ගත යුතුව ඇත. ‘‘….මෙහි තේරුම නම්, සන්නද්ධ හමුදා අවම කරමින්, අතුරු සන්නද්ධ කණ්ඩායම් විසුරුවා හරිමින් සිවිල් ආයතන වලින් හමුදාව ඉවත් කරමින් සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික ජීවිතයෙන් හමුදාව ඉවත් කරමින් සමස්ථයක් ලෙස සමාජය වහා නිර්හමුදාකරණය කිරීම ආරම්භ කළ යුතු බව ය.’’ (පශ්චාත් යුධ සමාජ ආර්ථික සංවර්ධනය සහ ශී‍්‍ර ලාංකීය පිටමං සමාජය සමග වන සාධනීය ගනුදෙනුව සම්බන්ධ ජාතික සමුළුව* ඊළ`ගට ඔහු අසන මේ ප‍්‍රශ්න සඳහා පැහැදිලි උත්තර තිබිය යුතු ය. ‘‘උතුරු පළාත් වැසියන් සහභාගි නොකර, පශ්චාත් යුධ අවශ්‍යතා පිළිබඳව ඇගයුමක් නොකර, හමුදාකරණය හේතුවෙන් පශ්චාත් යුධ සන්දර්භයෙහි මතුව ඇති බිම් මට්ටමේ යතාර්ථය නොසළකා, සකස් කෙරුනු සංවර්ධන සැළැස්මක් කඩිනම් සංවර්ධනයට නොව, සාමාන්‍ය සංවර්ධනයකට හෝ හේතු විය හැක්කේ කෙසේ ද ?’’

විග්නේස්වරන් මතු කරන්නේ මේ ආණ්ඩුවේ කොළඹ කේන්ද්‍රීය සැළසුම් උතුරු නැගෙනහිර ජනතාවට අදාල නොවීම පිළිබඳ කතාව ය. එය ඒ ආකාරයෙන්ම ජ.වි.පෙ බත්තරමුල්ලේ සිට ලියූ ‘‘ජාතික ගැටළුව විසඳීම සඳහා ප‍්‍රවේශය’‘ ලියැවිල්ලට ද අදාල ය. අද දෙමළ ජනතාව මුල් වූ ජාතික ගැටළුව විසඳිය හැක්කේ දෙමළ ජනතාව හවුල් කර ගැනීමෙන් පමණි. පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයේදීත් පසුව උතුරු පළාත් සභාව සඳහා පැවති මැතිවරණයේදීත් දෙමළ ජනතාව එක රොත්තට ඡුන්දය දෙමින් දෙමළ ජාතික සන්ධානයට ලබා දුන් දේශපාලන අවසරය එය ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානතා පදනම ඇත්ත ලෙස බලාත්මක කළ හැක්කේ දෙමළ ජාතික සන්ධානය අද දෙමළ ජනතාවගේ දේශපාලන නියෝජනය ලෙස පිළිගන්නා හවුලකින් මිස වාක්‍ය කණ්ඩ මගින් නොවේ.

ජ.වි.පෙ ඉදිරිපත් කරන්නා වූ ඔවුන්ගේ දැක්ම, මේ රටේ ප‍්‍රධාන හා මූලික කාරණා දෙක වන ආර්ථිකය හා ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ මහ පොලොවේ ඇති දේශපාලන යතාර්ථයට අදාලව ඉදිරිපත් කරන්නක් නොවන බැව් එබැවින් පැහැදිලි ය. ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික ව්‍යුහයේ පදනම ගෝලීය ආර්ථික කි‍්‍රයාවලිය හා බැඳෙන වෙළඳ පල ආර්ථිකයක් නොවන්නේ නම්, එය කුමක් ද ? එය අන්ත ¥ෂිත, නිලධර තන්ත‍්‍රයක් ලෙස කොමියුනිස්ට් පක්ෂය නමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොදන්නා මහජන චීනයේ කි‍්‍රයාත්මක කරන මහ පරිමාන විදේශ ආයෝජන මත දුවන වෙළඳ පල ආර්ථිකයක් ද ? නැතිනම් දුප්පත්කම වෙනුවෙන් හරියාකාර උත්තර නැති, අමාරුවෙන් ලෝක වෙළඳ පල හා ගැට ගැසී ඉන්නා අතර සංවෘත වෙළඳ පලක් පවත්වා ගන්නා නිලධර තන්ත‍්‍රයකින් පාලනය කරන, සමාජවාදී කියුබාවක් ද ? එසේත් නැතිනම්, කිම් ඉල් සුංගේ ‘‘ජුචේ’’ සමාජවාදය අනුව පුතාගෙන් මුණුබුරාට බාර දෙන හමුදාව යටතේ ඇති උතුරු කොරියාවක් ද ? ජ.වි.පෙ කතා කරන ‘‘නවීන සමාජවාදය’’ ගැන අවුල, ඒ කිසිවක් ගැන කිසිත් නොකීම ය.

ඔවුන්ගේ සමානතා පදනම මත විසඳන ජාතික ගැටළුව ගැන කතාව ද එවැනිම නිලධරවාදී කතාවකි. ‘ජාතික ගැටළුව විසඳීම සඳහා ප‍්‍රවේශය‘ ලෙස ජ.වි.පෙ ඉදිරිපත් කරන සැළසුම කි‍්‍රයාවට දැමීමට ජ.වි.පෙ කවදා හෝ බලයට පැමිණ, නවීන සමාජවාදී සමාජයක් පිහිටු වන තෙක් දෙමළ ජනතාව මේ තුවාල සියල්ල සමගින් සිටිය යුතු ය. එනමුත් එය දෙමළ ජනතාවට හවුලක් ඇති විසඳුමක් නොවේ. ජ.වි.පෙ කතා කරන නවීන සමාජවාදී සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ අප දන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් වඩා යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නම්, ඔවුන් ගේ විසඳුම ප‍්‍රතික්ෂේප කිරීමට දෙමළ ජනතාවට අයිතියක් තිබිය යුතු ය. එවැනි විටෙක ජාතික ගැටළුවට විසඳුම් සොයන්නේ නැවත හමුදා බලයෙන් දැයි මම අසමි.

මනඃකල්පිත ලෝක වල ජීවත් වීමේ අවුල එයයි. අද ජ.වි.පෙට පමණක් නොව, රටටම ඇති අවුලත් එයම ය. විකල්ප සොයා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා විවෘත මෙන්ම බුද්ධිමය සංවාදයකට ජ.වි.පෙ එක`ග විය යුතු ය. එවැනි සංවාදයකට යෝජනාව එන්නේ උතුරෙන් වීමත්, වැදගත් ය. ටාජ් සමුද්‍රා හෝටලයේ විග්නේස්වරන් පසුගිය දින කළ කතාව ඔහු අවසන් කෙරුවේ සංවාදයක් සඳහා යෝජනා කිහිපයක් සමගින් ය. ඉන් වැදගත්ම යෝජනාව වන්නේ, ‘‘වාර්ගික බෙදීම් පරයා, ජාතික වැදගත්කමක් ඇති ගැටළු වෙනුවෙන් විසඳුම් සෙවීම සඳහා දියුණු මහජන කතිකාවක් ඇති කිරීමට, නායකයින් ලෙස කටයුතු කරන්න.’’ යැයි කෙරුනු ඉල්ලීම ය. ‘‘අපේ දැක්ම’’ හදා ගැනීමේ කතාව ආරම්භ විය යුත්තේ එතැනින් ය.

Back to Home page