Colombo Telegraph

බෝධ්ගයා – ථෙරවාදී ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

හඳුනා ගන්න. මේ ඉන්දියානු මුජහිදීන්ලා ය. මේ ඔවුන්ගේ නායකත්වයෙන් දෙදෙනකු ය. මේ සොයුරන් දෙදෙන කර්නාටක ප‍්‍රාන්තයේ වෙරළ බඩ නිසල ග‍්‍රාමයක, ශිෂ්‍යයින් වූහ. පසුව ආගමික ශිෂ්‍ය සංවිධානයක සාමාන්‍ය සාමාජිකයෝ වූහ. ඊළ`ගට සු`ඵ අපරාධ සඳහා සිරගත කෙරුණු අපතයින් දෙදෙනකු වූහ. දසකයක් ගත වෙත්ම ඔවුන් ඉන්දියාවේ දරුණුම ත‍්‍රස්ත කල්ලියක් ලෙස නම් වන ඉන්දියානු මුජහිදීන් සංවිධානය ගොනු කළ නායකත්වයට අයත් විය. ඉන්දීය ආරක්ෂක අංශ ‘‘අයි.එම්’’ යනුවෙන් බුද්ධි අංශ කෙටි සටහන් තබන මේ අන්තවාදී මුස්ලිම් සංවිධානය, 2010 ජූනි මස ඉන්දීය ආණ්ඩුව විසින් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර, තහනම් කළේ ය. 2010 ඔක්තෝම්බරයේ දී නවසීලන්ත ආණ්ඩුව එය ත‍්‍රස්තවාදී සංවිධානයක් යැයි තහනම් කළේ ය. 2011 සැප්තැම්බරයේ දීී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම සංවිධානය, ඔවුන්ගේ ත‍්‍රස්තවාදී සංවිධාන ලේඛනයට ඇතුලූ කළේ ය.

එම ඉන්දියානු මුජහිදීන්ලා ගේ ඉන්දියාව ඇතුළත මෙතෙක් දියත් කෙරුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාකාරිත්වයේ කෙටි වාර්තාව මෙවැනි ය.
2005 දී නව දිල්ලි සමූහ බෝම්බ ප‍්‍රහාරය. 2006 දී මුම්බායි හි දුම්රිය ප‍්‍රහාරය. 2007 දී උත්තර් ප‍්‍රදේශ් උසාවි ප‍්‍රහාරය. 2008 දී ජයිපූර් සහ අහමදාබාද් වල සමූහ බෝම්බ ප‍්‍රහාර. 2011 දී නැවත මුම්බායි නුවර ප‍්‍රහාරය. ආසන්නම ප‍්‍රහාරය, 2013 පෙබරවාරි 21 දින හයිද්‍රබාද් ද්විත්ව ප‍්‍රහාරය.

මේ අතර, පසු ගිය අවුරුද්දේ ඔවුන් පූනේ හි බෝම්බ ප‍්‍රහාරයක් සැළසුම් කළ ද එය අසාර්ථක විය. ඊට සම්බන්ධ යැයි සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ තරුණයින් දෙදෙනකු ගෙන් ලබා ගත් තොරතුරු වලට අනුව, ඔවුන් බෝධ්ගයා හි බෞද්ධ සිද්ධස්ථානයට එරෙහි ප‍්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය තොරතුරු එක් රැුස් කර ඇත. හේතුව ? රොහිංගියා මුස්ලිම්වරුන්ට එරෙහිව මියන්මාරයේ ථෙරවාදී බෞද්ධයින් දියත් කර ඇති ප‍්‍රචණ්ඩත්වයට පිළිතුරු දීමට ය. ඉන්දියාව ඒ කාරණයේ දී වගඋත්තරකරුවකු වන්නේ, මියන්මාර හමුදා පාලනයට ආධාර කරන්නා වූ රටක් වශයෙනි.

ඉන්පසු, දිල්ලි පොලීසියේ විශේෂ ඒකකය විසින් පසු ගිය ඔක්තෝම්බරයේ දී බිහාර් පොලීසියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සහ ගයා දිස්ත‍්‍රික් පොලිස් අධිකාරි වෙත, බුද්ධි තොරතුරු රහස්‍ය වාර්තාවකින් ඉන්දියානු මුජහිදීන් ප‍්‍රහාරයක් බෝධ්ගයා බෞද්ධ සිද්ධස්ථාන වලට එල්ල විය හැකි බව දන්වා තිබිණැයි පෙබරවාරි 23 වන දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ය. එහෙත් මේ බෝධ්ගයා සමූහ බෝම්බ ප‍්‍රහාරය සඳහා තවමත් අයිතිකරුවකු නැත.

ඉන්දියාවත් මියන්මාරයේ බෞද්ධ ප‍්‍රචණ්ඩත්වයත් ආසියානු මුස්ලිම් ජනයා විනාශ කිරීමේ යෙදෙන්නේ යැයි පාකිස්තානි ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානයක් වන ලක්ෂාර්-ඊ ටයිබා සංවිධානයේ නායකයා ලෙස සැළකෙන හෆීස් මුහමඞ් සයීඞ් පසු ගිය ජූනි මාසයේ දී ප‍්‍රකාශ කර තිබිණ. ඊට වසරකට පෙර, මියන්මාරයේ මුස්ලිම් ජනයාට එරෙහිව සංවිධානාත්මකව දියත් කෙරෙන බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් බෞද්ධයින්ගෙන් පලි ගන්නා බවට අල්-කිඩාහ් සම්බන්ධකම් ඇතැයි පැවසෙන පාකිස්තානයේ ටෙහ්රික්-ඊ තලිබාන් ප‍්‍රකාශ කර තිබිණැයි, බෝධ්ගයා ප‍්‍රහාරයෙන් පසු ‘‘බෝධ්ගයා බෝම්බ ප‍්‍රහාර – මෙතරම් අනතුරු ඇගවීම් නොසළකා හැරියේ ඇයි ?’’ යනුවෙන් ඉන්දීය ‘‘ෆස්ට් පෝස්ට්’’ පුවත් පතේ ප‍්‍රවීන් ස්වාමි, ජූලි 08 වන දින එහි ප‍්‍රධාන ලිපියක් ලියුවේ ය.

ඒ සියල්ලෙන් එක කාරණයක් පැහැදිලි ය. බෝධ්ගයා ප‍්‍රහාරය මේ අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්ත සංවිධාන වලින් කවර සංවිධානයක් දියත් කෙරුවත් ඔවුන්ගෙන් කිසිවකු දියත් නොකෙරුවත් මියන්මාරයේ මුස්ලිම් සු`ඵතරයට එරෙහිව බෞද්ධ අන්තවාදය දියත් කරන්නාවූ මෘග ප‍්‍රහාර, මේ නූතන ලෝකයේ මියන්මාරයට සීමා නොවන්නේ ය. මියන්මාරයේ සු`ඵතර මුස්ලිම් ජනතාවට පමණක් නොව, කි‍්‍රස්තියානි ප‍්‍රජාවටත් එරෙහිව සංඝයා පෙරටු කරගත් අන්තවාදී බෞද්ධ සංවිධාන විසින් පසු ගිය අවුරුදු කිහිපයක සිට ඉතා කාලකණ්නි, මෘග ප‍්‍රහාර දියත් කරති. එය දකුණු තායිලන්තයේ ද සිදු වන්නකි. මෙරටට ගෙන්වූ පිටපත් 4,000 ක් රේගුව විසින් තහනම් කෙරුනු ජූලි 01 ටයිම් ස`ගරාවට මියන්මාරයේ බෞද්ධ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය ගැන කවරයේ කතාව ලියූ හන්නාහ් බීච්, දකුණු තායිලන්තයේ බෞද්ධ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය ගැන පමණක් නොව, ශී‍්‍ර ලංකාවේ බෞද්ධ අන්තවාදයේ ප‍්‍රචණ්ඩත්වය ගැනත් කෙටි සටහනක් තබා තිබිණ.

මේ රටවල් තුනෙහිම බහුතරය ථෙරවාදී බෞද්ධයින් වන අතර, මේ රටවල් තුනෙහිම මුස්ලිම් ප‍්‍රජාව සහ කි‍්‍රස්තියානි ප‍්‍රජාවන් සු`ඵතර ප‍්‍රජාවන් ය. මේ රටවල් තුනෙහිම, ඒකාධිකාරී රාජ්‍ය දේශපාලනය බහුතර බෞද්ධ අපේක්ෂාවන් නියෝජනය කරන අතර, රාජ්‍ය හමුදා මේ බෞද්ධ අන්තවාදය සඳහා අනුග‍්‍රහය දක්වති. මියන්මාරයේ විරාතු භික්ෂුවට ප‍්‍රසිද්ධියේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂණ කැඳවීමටත් රොහිංගියා මුස්ලිම් ගම්මාන වලට කඩා වදින බෞද්ධ මැරයින්ට හමුදා පොලීසි බාධක නොමැති වීමත්, දකුණු තායිලන්තයේ බෞද්ධ – මුස්ලිම් ගැටුමෙහි, තායිලන්ත හමුදා ඒකක පන්සල් වල නතර වීමත් භික්ෂුන් ප‍්‍රමුඛ අතුරු සන්නද්ධ බෞද්ධ කණ්ඩායම් පුහුණුකර නවීන අවි ලබා දීමත්, මෙරට බෞද්ධ අන්තවාදය සඳහා පොලිස් රැුකවරණ ලැබීමත්, වාර්ගික අසමගිතාවයට හේතු වන කුපිත කිරීම් වෙනුවෙන් බෞද්ධ අන්තවාදීන් අත් අඩංගුවට නොගැනීමත් නඩු නොපැවරීමත් කොළඹ සියලූ සිංහල මාධ්‍ය මේ අන්තවාදී බෞද්ධ සංවිධාන සඳහා පුදුමාකාර ප‍්‍රසිද්ධියක් ලබා දීමත්, මේ රටවල බලයේ ඉන්නා ආණ්ඩු සහ ඒවායේ රජයන්, බහුතර අන්තවාදය සමග කොයි තරම් දුරක් යන්නට සූදානම් දැයි පෙන් වන්නකි. අනෙක් අතට, මේ රටවල සු`ඵතර විරෝධයන් පමණක් දේශද්‍රෝහී අන්තවාදී කි‍්‍රයාවන් ලෙස සැළකීමත් ඒවා පමණක් විනාශකාරී ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු වන්නේ යැයි ද සැළකීමේ ආණ්ඩු පිළිවෙතත්, මහා ජාතීන්ට දක්වන පක්ෂග‍්‍රාහිත්වයේ ඉතා නිරුවත් සාධකයකි.

මේ රටවල් තුනම, මේ පෘථිවි තලයේ ඇති අධිකාරවාදී ථෙරවාදී බෞද්ධ රාජ්‍යයන් ය. මේ ආකාර ආගමික හා වාර්ගික පදනම් මත දේශපාලන බලය තහවුරු කර ගැනීමට රාජ්‍ය බලය යොදා ගැනීමෙන් ඉදිරියේ දී මියන්මාරය පමණක් නොව, අනෙක් ථෙරවාදී බෞද්ධ රටවල සු`ඵතර මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම දියත්වන ප‍්‍රචණ්ඩත්වය, දේශ සීමා නොතකන කලාපීය මුස්ලිම් අන්තවාදයේ ඉලක්ක වනු ඇත. එනිසා ඉදිරි අවුරුද්දක – දෙකක කාලය ගත වනු ඇත්තේ, මේ කලාපයේ දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක් දිනා ගැනීමට නොව, එය වඩාත් අස්ථාවර කරමින් ප‍්‍රචණ්ඩ, අධිකාරවාදී පාලන සහිත ආරාජික සමාජ නිර්මාණය කර ගැනීමට ය.

බෝධ්ගයා ප‍්‍රහාරය අපේ ලංකාවට සම්බන්ධ නැතැයි විදේශ ඇමති පීරිස් කියන්නේ එය අපේ රටේ සිදු වීමක් නොවන හෙයින් සහ චෝදනා කිරීමට එල්.ටී.ටී.ඊය නැවත පණ ගසා නැගිට ඇතැයි කීමට නොහැකි හෙයිනි. එනමුත් අප ද එකම අන්තවාදී නූල් බෝලයේ පැට`ඵනු, එකම ප‍්‍රචණ්ඩ ගැටයක හිර වී ඉන්නා බෞද්ධ අන්තවාදයෙන් ගොඩ යන්නට හදන මුරණ්ඩු ආණ්ඩු පාලනයකට හසුවූ රටකි. මේ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයේ කොණක ඊශ‍්‍රායලය ද පැටලී ඉන්නා හෙයින් ඔවුන් ද අපේ ආරක්ෂක අංශ හා සෘජු සම්බන්ධකම් පවත් වන්නේ ය. රාජ්‍ය පාලනයේ ඉතා වියුක්ත තේරුම් ගැනීම් හා මර්දනකාරී විසඳුම් ද භයානක ය. තමන්ගේ බලය වෙනුවෙන් සිංහල බෞද්ධ අන්තවාදයට ඉඩ ලබා දීමෙන් ප‍්‍රකෝපකර ගන්නා සු`ඵතර විරෝධ, අන්තවාදය දක්වා තල්ලූ කිරීමට කොළඹ සිංහලවාදී ආණ්ඩු කි‍්‍රයා කළ ආකාරය, මේ රටේ දෙමළ දේශපාලනය සමග තිබූ ගනු දෙනුවෙහිදී අපි අත් දුටුවෙමු.

මේ එහි අනෙක ය. මුස්ලිම් අන්තවාදය කර පින්නා ගන්නා සිංහල බෞද්ධ අරාජිකත්වය මේ නූතන ලෝකයේ දේශ සීමා වලට කොටු නොවන බව, කවුරුන් බෝම්බ තැබූවත් බෝධ්ගයා දැන් ඔප්පු කර අහවර ය. එබැවින් මෙහි භයානකත්වය ඇත්තේ මේ රට අස්ථාවර කිරීම ඇතැම් විට තීන්දු කළ හැක්කේ, මේ රටේ දේශපාලන කි‍්‍රයාකාරිත්වය නොවීම ය. එහෙත් එය මේ රටේ සිංහල බෞද්ධ අන්තවාදයට ඉඩ දෙන මේ ආණ්ඩුව නිසාවෙන් ජනතාව ලබන්නා වූ ද`ඩුවමක් ලෙස පැහැදිලි කර ගත යුත්තකි. එය එළෙසින්ම මියන්මාරයට සහ තායිලන්තයට ද වලංගු වන්නකි. එහි දීී අසල්වැසිකම් මත, අවතැන් වූවන් සහ ගැටුමින් පලා යනවුන් මුස්ලිම් දේශ සීමා හරහා යෑම නිසා තවත් රටවල් කිහිපයක් මේ බෞද්ධ අන්තවාදයට කොටු වන්නට ඉඩ ඇත. දැනටමත් එවැනි අතුරු සිදුවීම්, අති බහුතර මුස්ලිම් සමාජ වන මලයාසියාවට සහ බංගලාදේශයට කඩා වැදී ඇත.

මූලධර්මවාදී මුස්ලිම් අන්තවාදය සමග මේ ථෙරවාදී රටවල් තුනෙහි බෞද්ධ අන්තවාදය අශීලාචාර, පාදඩ ගමනකට රාජ්‍ය අනුග‍්‍රහය සමගින් පාරට බැස සිටීම නිසා, ඉදිරි අවුරුද්ද දෙක ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානය හරහා බංගලාදේශය, මලයාසියාව, මියන්මාරය පසුකර තායිලන්තය දක්වා ආසියාවේ අතිශය විශාල භූමි ප‍්‍රදේශයක ජීවත් වන මිලියන 2,000 ක පමණ ජනතාවක් ආගමික හා වාර්ගික ගැටුම් වලට ගොදුරුව අනාථ වූ ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වන්නට බෙහෙවින් ඉඩ ඇත. එහි දී ඉන්දියාවටද ඉතා අසීරු ජීවිතයක් ගත කරන්නට සිදු වන්නේ ඔවුන්ගේ අන්තවාදී කල්ලි ද මේ ආගමික, වාර්ගික ගැටුම් මගින් පෝෂණය වීම, වැළකිය නොහැකි වන නිසා ය.

අවාසනාව, මෙවැනි පසු බිමක, තවමත් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය පතා ගෙන ජෙනීවා යන, ලන්ඩන්, නිව් යෝක් යන සිවිල් සමාජීය නායකයින්, සෘජු හෝ වක‍්‍ර රාජ්‍ය අනුග‍්‍රහයක් ඇතිව වැඩෙන වාර්ගික හා ආගමික අන්තවාදයටත් ප‍්‍රචණ්ඩත්වයටත් මේ කලාපයේ හමුදාකරණයටත් එරෙහිව, කලාපීය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කලාපීය ජනතා සන්ධානයක් ගැන සිතන්නට කිසිදු උනන්දුවක් නොදැක්වීම ය. එය එසේ වූවත් මේ කලාපයේ ගැට`ඵ වෙනුවෙන් උත්තර සොයන්නට මේ කලාපයේ ජනතා සහයෝගිතාවක් ගොඩ නගන්නට මැදිහත් වීමේ කාලය දැන් එළැඹ ඇත.

Back to Home page