Colombo Telegraph

අමරපුර භික්ෂුත්වයේ දේශපාලන අභියෝගය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

මේ රටේ සංඝ සමාජයේ පසුගිය සියවස් දෙකක පමණ ඉතිහාසයෙහි නොසිතු මොහොතක අතිශය පූජනීය තීන්දුවක් ගැන අසන්නට ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 24 වන සඳුදා දින අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් සෘජු නැතිනම් විවෘත දේශපාලනය, බෞද්ධ භික්ෂුවට අකැප යැයි තීන්දු කිරීමත් සමග ය. ඒ අනුව ඔවුන්ගේ නිකායේ භික්ෂුවට විවෘත දේශපාලනයේ යෙදීම තහනම් වන්නේ ය. පසු ගිය අවුරුදු කිහිපයේ මේ රටේ දේශපාලනයෙහි බෞද්ධ භික්ෂුව පාරට බසින, ප‍්‍රචණ්ඩ කි‍්‍රයාකාරී සංස්කෘතියකට මග පාදා ගනු ලැබිණ. ඊට විරුද්ධව කතා කිරීම පවා අනතුරුදායක වූ අවස්ථා තිබිණ. ප‍්‍රධාන සංඝ නිකාය වල මහ නායක හිමිවරුද මේ ප‍්‍රචණ්ඩ දේශපාලන ප‍්‍රවණතාවයේ බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වය විවේචනය කිරීමට මැලි වූහ. සංඝයා පාරට බැස රටේ දේශපාලනය ඔවුනට රිසි සේ තීන්දු කරවා ගැනීමට, සමාජීය අනුගත වීමක් සමගින් ලබා ගන්නා බලහත්කාර බලයක් හමුවේ ඝණින්නාන්සේලාගේ යුගයකට අප අවුරුදු 225 ට පමණ පසු ලිස්සා ගොසින් ඇත. අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් සංඝ සමාජය නිර්දේශපාලනය කිරීමේ තීන්දුව විප්ලවීය තීන්දුවක් වන්නේ ඒ පසු බිමෙහි ය.

අමරපුර නිකායේ උත්පත්තියද ඓතිහාසික සංසිද්ධියකි. අපේ රටේ බෞද්ධ ඉතිහාසයට අනුව, සංඝ සමාජයේ හැම අව ගමනකදීම පිළියම් සොයා ගනු ලැබූයේ රජුගේ අනුග‍්‍රහය ඇතිව ය. බෞද්ධ භික්ෂුව ඝණින්නාන්සේලා ගේ තත්ත්වයට පිරිහී තිබූ පළවන විමලධර්මසූරිය ගේ කාලයේත් දෙවන විමලධර්මසූරියගේ කාලයේත් රාජ්‍ය මැදිහත් වීමෙන් උපසම්පදාව නැවත පිහිටුවා සංඝ සමාජය ගොඩ ගැනීමට ගත් උත්සාහ තිබිණ. අවසානයේ දී කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ ආධාර ඇතිව, වැලිවිට සරණංකර හිමියන්ගේ වුවමනාව මත, සියමෙන් වැඩම කළ උපාලි ථෙරණුවන්ගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍යාමෝපාලි සියම් නිකාය 1753 දී මල්වතු මහ විහාර භූමියේ දී පිහිටුවනු ලැබිණ.

එය පසුව මල්වතු හා අස්ගිරිය යැයි දෙබෑ වූ අතර, සියම් නිකායේ උපසපන් වීම 1764 දී උඩරට ගොවිගම ඉහළ පැලැන්තියට සීමා කරගනු ලැබිණ. ඒ හේතුවෙන් පහත රට දකුණේ සංඝයා සඳහා උපසම්පදාව අහිමි විය. එබැවින් 1772 දී තොටගමුව විහාරයේ දී සහ 1798 දී තංගල්ලේ දී කන්ද උඩරට රජුගේ අනුමැතියක් නොමැතිව හා වෙරළබඩ පාලනය කළ බි‍්‍රතාන්‍යයින්ගේ කැමැත්තෙන් තොරව, උපසම්පදා උළෙල දෙකක් පැවැත් වින. ඒ කිසිත් ශ්‍යාමෝපාලි සියම් නිකාය විසින් පිළිගනු නොලැබිණ. අමරපුර නිකාය බිහි වන්නේ ඊට එරෙහිව ය. මේ රටේ බෞද්ධ ඉතිහාසයේ පළමු වරට,

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට තේරි පත් වන්නේ මෙම නිකායේ උපසම්පදාව ලබා ගත් සංඝයා වහන්සේ නමක් ලෙසින් ය.

රාජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව දකුණේ වෙළඳ ප‍්‍රජාවගේ ආධාර ඇතිව, බලපිටියේ භික්ෂුවක් වූ වැලිතොට ඥාණවිමලතිස්ස ථෙරුන් බුරුමයේ අමරපුර නුවරින් උපසම්පදාව ගෙනැවිත් 1803 වෙසක් පොහෝ දින මාදු ගෙ`ග් උඩකුප්කේප සීමාවක පැවැත් වූ උත්සවයකින් අමරපුර නිකාය ආරම්භ කෙරින. අවුරුදු 211 ට පසු සංඝ සමාජයේ නැවත එවැනි විප්ලවීය තීන්දුවක් ගැන කතා කරන්නට සිදුවන්නේ ද අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකායේ කාරක සංඝ සභාව විසින් ගනු ලැබූ මේ තීන්දුව සමගින් ය.

වර්තමාන භික්ෂුන් වහන්සේලා දේශපාලනයට හවුල් වීම ගැන දීර්ග ලෙස සාකච්ඡුා කර එය ශික්ෂුවට අකැප යැයි තම නිකායේ කාරක සංඝ සභාව ඒකමතිකව තීන්දු කළ බව එහි සම ලේඛකාධිකාරි බලපිටියේ සිරිසීවලි ථෙරනුවෝ මාධ්‍යයට ප‍්‍රකාශ කළහ. ඒ සමග එම නිකායේ සංඝයා වහන්සේට මැතිවරණ තරග කිරීමටත්, පෙළපාලි විරෝධතා වලට සහභාගී වීමටත් පොලීසිය හා ගැටුම් ඇති වන කි‍්‍රයාවලට හවුල් වීමත් සංඝයා නිගරුවට පත් කෙරෙන එවැනි වෙනත් දේශපාලන කි‍්‍රයාවන්හි යෙදීමත් තහනම් බැව්, සිරිසීවලි හිමියෝ පැවසූහ.

මේ තීන්දුව, දකුණේ වර්තමාන දේශපාලනයෙහි සිංහල බෞද්ධ පදනම විවෘතව අභියෝග කරන්නකි. ජාතික චින්තනය යැයි නලින් ද සිල්වා සිංහල සමාජයේ තහවුරු කළ සිංහල බෞද්ධ දේශපාලන මතවාදය විසින් භික්ෂුව, දේශපාලන කි‍්‍රයාධරයෙකු ලෙස ඔසවා තැබීය. පැරණි රජ දවසේ ද භික්ෂුව රට ජාතිය බේරා ගැනීමට රජුට උවදෙස් දුන් බවත් දේශපාලනය ඒ අර්ථයෙන් බෞද්ධ භික්ෂුවට අකැප නොවන්නේ යැයි ද තර්ක කෙරුනි. නලින් ද සිලවාගේ ජාතික චින්තනය, අනතුරුව ජාතික හෙළ උරුමය හා සිංහල බෞද්ධ ඡුන්ද වෙනුවෙන් දේශපාලනයේ නිරත වූ ජ.විපෙ හා රොක් වූ අමරසේකරලා වැනි උදවිය විසින් භික්ෂුව පාර්ලිමේන්තුවට වැඩම කිරීම දක්වා වර්ධනය කෙරුණකි. බොදු බල සේනා, සිහල රාවය වැනි අතිශය වර්ගවාදී, අන්‍ය ආගම් විරෝධී ප‍්‍රචණ්ඩ සංවිධාන සංඝයා වහන්සේ ගේ ප‍්‍රධානත්වයෙන් බිහි වන්නේ ඒ මතවාදයේ ඊළ`ග දිගුව ලෙස ය. ඔවුන්ගේ දේශපාලනය ඒ අනුව, සිංහල බෞද්ධ මතවාදයේ අන්තවාදී, හිංසාකාරි ප‍්‍රකාශනයක් ලෙස පාරට එන්නේ ය.

අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය අබෞද්ධ යැයි ප‍්‍රතික්ෂේප කරන්නේ මේ සම්ස්ථයයි. එම නිකායේ මහ නායක අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි හිමි ‘‘ලංකාහෙරල්ඞ්’’ වෙබ් පුවත් පත සමගින් කළ අදහස් දැක්වීමක දී එය සරළව පැහැදිලි කරන්නේ මෙලෙසින් ය. ‘‘හාමුදුරුවරු පාරෙ බැහැලා වීදි ගානේ කලකෝලාහල කරන තත්ත්වෙටම පත් වෙලා තියෙනවානේ. බැලූවම ඇත්තටම මහත්තයෝ, ඔය දර්ශනය හොඳ මදි. මිනිස්සුත් එක්ක ගහ ගන්නවා. පොලීසියෙන් ඇද ගෙන යනවා. බෙල්ලෙන් අල්ලන් යනවා. ජීප් එකට නග්ග ගන්නවා. එතකොට අපේ සංඝයා වහන්සේලා ගේ තිබිය යුතු භික්ෂුන්ගේ කි‍්‍රයාපටිපාටියට ඒක ගැලපෙන්නේ නෑ නේ……දැන් අද වෙලා තියෙන දේ පේනවනේ. දැන් හෙළ උරුමෙට වෙච්ච දේත් පේනවනේ. අන්තිමට කලකෝලාහල වලට යන තත්ත්වෙටම වැටුනනේ. ……දැන් ගිහියෝ අතරෙත් ඒ දේවල් තියෙනවා නම්, භික්ෂුන් වහන්සේලා අතරත් ඒ ගැටළු තියෙනවා නම්, භික්ෂුවයි ගිහියයි අතරේ කිසිම වෙනසක් නෑ නේ….’’

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට තේරි පත් වන්නේ මෙම නිකායේ උපසම්පදාව ලබා ගත් සංඝයා වහන්සේ නමක් ලෙසින් ය. එබැවින් රතන හිමි ගේ තත්ත්වය ගැන ද අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහ නා හිමි පැවසූහ. අතුරලියේ මන්තී‍්‍ර හිමි අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකායෙන් වෙන්ව වෙනම පිරිසක් සමගින් තවත් පාර්ශවයක් ලෙස ඉන්නා බව ප‍්‍රකාශ කර ඇතත්, එවැනි පාර්ශවයක් කොහේවත් පිළිගෙන නැතැයි සිරිසීල විසුද්ධි මහ නා හිමි පැවසූහ. ‘‘දැන් අපේ අමරපුර නිකායේ කොටස් 22 ක් තියෙනවා. සංඝ ව්‍යවස්ථාවට අනුව ඒ කොටස් වැඩි කරන්න බැහැ. ඒ නිසා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඒ අයව වෙනම නිකායක් හැටියට පිළිඅරන් නැහැ.’’ උන් වහන්සේ කීහ. ඒ අනුව රතන මන්තී‍්‍ර හිමියන් සම්බන්ධව ‘‘….අපි කියනවා, මේ තීරණය ගත් දිනයේ සිට දේශපාලනයේ නිරත වෙන්න එපා කියලා. ආයෙත් නිකායට එන්න ඕනෑ නම්, එයාට දේශපාලනයෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. දේශපාලනයක් කරන්න ඕනැ නම්, සිවුර තියලා ගෙදර ගිහින් ඕනැ එකක් කරගන්න පුළුවන්. එච්චරයි මහත්තයෝ කතාව.’’ සිරිසීල විසුද්ධි මහ නා හිමි අවසන් වශයෙන් පැවසූහ.

අනෙක් සියලූ නිකාය වල මහ නා හිමිවරුන් මෙතෙක් එම තීන්දුව නොගත්තේ මන්දැයි තමන් වහන්සේ නොදන්නා නමුත්, ඒ ගැන උන්වහන්සේ මෙලෙසින් අදහස් දැක් වූහ. ‘‘අපි කරපු කි‍්‍රයාව ගැන අනෙක් මහ නායක හිමිවරුන් විසින් පූර්වාදර්ශයක් අරගෙන, මේ ගැන හිතලා, අපේ බුද්ධ ශාසනය බේර ගන්න, සංඝ සමාජය බේර ගන්න, මේ කි‍්‍රයා මාර්ගයට එකතු වෙන්න ඕන.’’

මෙය කිහිප අත දුවන පැහැදිලි හා නිශ්චිත අභියෝගයකි. මෙතැන් සිට ගිහි බෞද්ධයින් මේ තීන්දුව බාර ගනු ලබන්නේ කෙසේ ද ? ඔවුන්ට මේ රටේ බහුතර ආගම ලෙස බුද්ධාගම තබා ගැනීමේ දී සංඝයා විනය ගරුක පැවිදි පිරිසක් ලෙස සිටීමේ වැදගත් කමක් නැති ද ? ව්‍යවහාරික බුද්ධාගම ඝණින්නාන්සේලාගේ දේශපාලන බලයක් ලෙස හසුරුවන කල, එය බහුතරයේ බෞද්ධාගම නොවන බැව් අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකායේ විනය තීන්දුවෙන් පැහැදිලි කරන්නකි. එනිසාම, බුද්ධාගම ආරක්ෂා කර ගැනීමටත් සංඝ සමාජය ආරක්ෂා කර ගැනීමටත් සියලූ නිකාය එම තීන්දුව පූර්වාදර්ශයක් කරගත යුතු යැයි කීමේ එකම අරුත වන්නේ ය. තම පන්සලේ හාමුදුරුවරුන් ද ඒ අනුව කි‍්‍රයා කළ යුතු යැයි බල කිරීමට දායක සභා කෙතරම් සූදානම් ද යන්න, මේ තීන්දුව සමාජයට ඉදිරිපත් කරන අභියෝගය වේ.

අනෙක් පැත්තෙන් දූෂිත දේශපාලනඥයින් හා එවැනිම මැති ඇමතිවරුන් අත මාධ්‍ය ඉදිරියේ පිරිත් නූල් බඳින සංඝයා වහන්සේ මේ තීන්දුව ගැන කුමක් කියනු ඇති ද ? මෙතැන් සිට එවැනි දේශපාලන නූල් බැඳීම් උන් වහන්සේලා ප‍්‍රතික්ෂේප කරනු ඇති ද ? එසේ ප‍්‍රතික්ෂේප නොකරන්නේ නම්, බෞද්ධ සමාජය එවැනි සංඝයා පිළිගනු ලබන්නේ කෙසේ ද ? සංඝ සමාජයට උත්තර සොයන්නට සිදුවන තවත් ප‍්‍රශ්නයක් වන්නේ බෞද්ධාගම යොදා ගෙන කෙරෙන එවැනි දේශපාලන කාර්යන් ය.

එවැනි දේශපාලන පිළිවෙත් වලින් එහාට යන තවත් කතාවක් ඇත. භික්ෂුව ද ගිහි දේශපාලනයේ ලෞකික නියෝජිතයෙකු බවට පත් කෙරුනු සිංහල මතවාදයෙන් පසු, ලිබරල් හා වාමවාදී දේශපාලනයද දැන් එයට අනුගතව ඇත. එනිසා වර්තමානයේ භික්ෂුව දේශපාලනයේ නිරතව වීම අනුමත වන්නේ ජාතික හෙළ උරුමය හා ජ.වි.පෙ වැනි විවෘත සිංහලවාදී දේශපාලනයෙන් පමණක් නොවේ. සිංහලවාදී ලේබල් ප‍්‍රතික්ෂේප කරන්නා වූ විපක්ෂ දේශපාලනයේ නිහ`ඩ එක`ගත්වය ද ඇතිව ය. එනිසා අද දකුණේ දේශපාලනයෙහි සංඝයා විවෘත හා සෘජු දේශපාලනයට පැමිණීම විවෘතවම පිළිගත්තකි. එය එළෙසින් කොතෙක් අනුමතව ඇත්තේ දැයි දැකිය හැක්කේ සංඝයා දේශපාලනයට වැඩම කළ සිංහල බෞද්ධ දේශපාලනයේ ඓන්ද්‍රීය නියෝජනය වන වර්තමාන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට එරෙහිව, විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නට යෝජනා කරන පොදු අපේක්ෂකයා ද භික්ෂුවක් වීමෙහි ය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඒ පොදු අපේක්ෂකත්වය බාර ගැනීමට සූදානම් බව කිහිප වර පවසා තිබිණ. මේ සිංහලවාදී ආණ්ඩුවේ සියලූ දෝස මකන්නට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමි පොදු අපේක්ෂකත්වයට යෝජනා කරන්නේ, කොළඹ කේන්ද්‍රීය ඉහළ පෙල සමාජ කි‍්‍රයාකාරීන්ද ඇතුලූ වාමවාදී දේශපාලනයේ නියමු එකතුවකිනි. ඔවුන් පෙනී සිටින දේශපාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා බහු වාර්ගික, බහු ආගමික සමාජයක පුරවැසි සමානාත්මතාවයට බෞද්ධ භික්ෂුවක් ඉදිරිපත් කිරීමම පරස්පරයකි. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන් සපථ කරන අයුරු එදා කෙසේ වූවත් වත්මන් සෝභිත හිමි වාර්ගික හා ආගමික භේද මත තීන්දු නොගන්නවා පමණක් නොව උන්වහන්සේ ගේ කාර්ය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ නිශ්චිත දේශපාලන කාර්යකි. මොහොතකට එය එසේ පිළිගත්තත්, අද අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් දේශපාලනය පිළිබඳව ගන්නා ලද හා ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබූ තහනම් නියෝගය හමුවේ සෝභිත හිමිට බෞද්ධ භික්ෂුවක් ලෙස ඒ දේශපාලනය අකැප ය. ඒ ගැන උන්වහන්සේ කුමක් කියනු ඇති ද ?

සෝභිත හිමි තම පොදු අපේක්ෂකයා කර ගැනීමට යෝජනා කරන විපක්ෂයේ ඇත්තන් අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකායේ තහනම් නියෝගය ප‍්‍රතික්ෂේප කරන්නේ ද ? ඔවුන් එය ප‍්‍රතික්ෂේප කළහොත් ඔවුන් ද ජාතික හෙළ උරුමයේ දේශපාලනය හා සමපාත වන්නේ ය. තහනම පිළිගතහොත් මෙතෙක් සොයා ගත නොහැකි වූ පොදු ගිහි අපේක්ෂකයෙකු යළි සොයන්නට සිදු වන්නේ ය. විපක්ෂ ඔවුන්ගේ කෝදුවෙන් ගණන් බලන්නේ නම්, ඔවුන්ගේ දේශපාලනය භික්ෂුවක් නොමැතිව දුර්වල වන්නේ ය. දැන් විපක්ෂයට ඇති විසඳුම කුමක් ද ?

ශ්‍යාමෝපාලි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, ගලගම ශී‍්‍ර අත්ථදස්සි හිමි ද ගිහියන් කරන වැඩ භික්ෂූන් නොකළ යුතු බැවින් අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් ගන්නා ලද තීන්දුව අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව මාධ්‍යයට පවසා ඇත. අස්ගිරිය එසේ කියන්නේ නම්, එය වැදගත් වෙනසකි. අනෙක් සියලූ නිකායන්ට ද එය මග හැර යෑම, අසීරු වනු ඇත. බෞද්ධාගම එයට නිසි ගෞරවය සමගින් පැත්තකින් තබා, ලෞකික දේශපාලනයක් ගැන අලූතින් සිතන්නට විපක්ෂයේ වම දකුණ හැමට දැන් එනිසා සිදු වන්නේය. අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් ගන්නා ලද තීන්දුවෙහි ඇති ඓතිහාසික දේශපාලන වැදගත්කම එවැනි ය. එය සමස්ථ බෞද්ධ සමාජයේ මූලික වටිනාකම් හා පැවැත්ම අලූත් සංවාදයකට ඇද දමන්නකි.

Back to Home page