Colombo Telegraph

මැයි දිනය – දැන් අයිති කාට ද ?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා –

කොළඹ, ගාලූ මුවදොර පිටිය මේ රටේ විශාලම, විවෘත පිට්ටනියයි. එය දැන් නිදහස් දින සැමරුම හැරුණ විට වෙනත් කිසිවකට යොදා ගන්නේ නම්, ඒ මහා සංගීත සැඳෑවක් සඳහා පමණි. මගේ මතකය නිවැරදි නම්, මීට අවුරුදු 21 ට පෙර ජනාධිපති පේ‍්‍රමදාස ගාලූ මුවදොර පිටියේ පැවැත්වීමට සූදානම් කළ 1993 මැයි දිනය, ගාලූ මුවදොර පිටියේ අවසන් මැයි දින රැුළිය විය. ඉන්පසු, ගාලූ මුවදොර පිටියේ මැයි දින රැුළියක් පැවැත්වීම ගැන කිසිවකු සිතන්නේ වත් නැත. එසේ වන්නේ එම මැයි දිනය එල්.ටී.ටී.ඊය විසින් ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය කෙරුනු අවාසනාවන්ත මැයි දිනයක් වූ නිසාම නොවේ. රාජ්‍ය බලය සහ වියදම් ඇතිව, ආණ්ඩු පක්ෂයේ සියලූ බර දමා සෙන`ග ගෙන්වා ගැනීමෙන් මිස, ගාලූ මුවදොර පිටියේ තම ස්වාධීන හයියෙන් මැයි දිනයක් පැවැත් වීමට හැකි කිසිදු පක්ෂයක් වෘත්තීය සමිති එකතුවක් අද නැති හෙයිනි.

විපක්ෂයේ සිටියදී තම වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සහ පක්ෂ සංවිධාන සතු හයිය මත ගාලූ මුවදොර පිටියේ දැවැන්ත මැයි දිනයක් අවසන් වශයෙන් පැවැත් වූයේ වාමාංශික එක්සත් පෙරමුණ ය. සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂත් පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත් එක් කර හැ¥ වාමාංශික එක්සත් පෙරමුණට පාදක වූ ‘‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’’ 1963 මැයි දිනයේ යෝධ එකමුතු බලය විය. ඉන් පසු රැුස්වීම් සඳහා ගාලූ මුවදොර පිටිය යොදා ගනු ලැබූයේ ආණ්ඩු හයියෙන් පමණි.

තම වෘත්තීය සමිති හා දේශපාලන හයිය මත ගාලූ මුවදොර පිටියේ රැුස්වීම් පැවැත්වූ එකම පක්ෂය ලංකා සමසමාජ පක්ෂය පමණි. බ්‍රේස්ගර්ඞ්ල් වෙනුවෙන් සමසමාජ පක්ෂය ගාලූ මුවදොර පිටියේ රැුස්වීම සංවිධානය කරන විට මේ රටේ මුලූ ජනගහනය, වූයේ මිලියන 5.5 කි. එකල නාගරික කම්කරු පංතිය වූයේ කොළඹ වරාය, වැල්ලවත්ත රෙදි මෝල, කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාව, රජයේ අච්චු කන්තෝරුව (දැන් මුද්‍රණාලය), රජයේ වැඩ දෙපාර්තමේන්තුව, රජයේ ගබඩා අංශය, ට‍්‍රෑම්කාර් සේවය වැනි ආයතනවල ශ‍්‍රමිකයින් සංඛ්‍යාවක් සහ කොළඹ ලොන්ඩරි සේවකයින්, මුද්‍රණ කම්කරුවන්, පෞද්ගලික සමාගම් සේවකයින් හා රියැදුරන්, හෝටල් සේවකයින් වැනි කොන්ත‍්‍රාත් සේවක පිරිසකි. කොළඹ නගරයේ කම්කරුවන් යැයි එකතු කළ හැකි සියල්ල ගත් විට එය ලක්ෂයක් නොවින. ලාංකීය කම්කරු පංතියේ ඉතිරිය හා සාපේක්ෂව වැඩි සංඛ්‍යාවක් වූයේ වැවිලිකරයේ ය. එබැවින් 1930 ගණන් වල කොළඹ විසූ ජනගහනය හා සමස්ථ නාගරික කම්කරු පංතියේ සංඛ්‍යාත්මක ශක්තිය ගැන සිතිය හැක්කේ, අද කොළඹ නගර සීමාව තුල ඉන්නා 3,18,000 ක ජනගහනයෙන් දෙකෙන් පංගුවකට අඩුවෙන් මිස වැඩියෙන් නොවේ.

ඉන්පසු සමසමාජ පක්ෂය ප‍්‍රධානව ලංකා කොමියුනිස්ට් පක්ෂයත් අහම්බෙන් මෙන් වේදිකාවට ගොඩ වූ එස්.ඩබ්ලියු.ආර්.ඞී. බණ්ඩාරනායකත් සමග කැඳවූ 1953 අගෝස්තු හර්තාල් රැුස්වීම පැවැත් වූයේත් ගාලූ මුවදොර පිටියේ ය. අවසාන එවැනි වමේ හයිය ගාලූ මුවදොර පිටියට කැඳවූ ඉල්ලීම් 21 ව්‍යාපාරය සමග වාමාංශික එක්සත් පෙරමුණ, 1963 මැයි දින රැුළිය පවත් වන කල මේ රටේ ජනගහනය මිලියන 10.2 කි. අද ඉන්නා ජනගහනයෙන් හරි අඩකි.

එවැනි කල මේ ලංකාවේ විශාලම පිට්ටනිය වන කොළඹ ගාලූ මුවදොර පිටිය පිරෙන්නට සෙනග කැඳවා ගත හැකි වූ සමසමාජ හා වමේ දේශපාලන පක්ෂ වලට හා වෘත්තීය සමිති වලට, අද රටේ ජනගහනය මිලියන 20 ඉක්මවා තිබියදීත් රටේ වැටුප් ලබන සේවක පිරිස මිලියන 08 ට වැඩි යැයි වාර්තා තිබියදීත් ලොකු රැුස්වීමක් යැයි සිතෙන්නේ පර්චස් 100 ට 150 ට පමණ දැන් සීමා කර ඇති හයිඞ් පිටියට පන්සියයක් දහසක් පැමිණියහොත් පමණි. මේ පෙන්වන බිඳ වැටීම, කම්කරු පංතියේ ඛේදවාචකයක් නම්, ඒ මන්දැයි කතා කිරීමේ වැදගත්ම දිනය එළැඹෙන්නේ හෙට මැයි 01 දින ය.

අති පූජනීය විශේෂ ආගමික දිනවල තම ආගමික වතාවත් වෙනුවෙන් ලෝ හැම තැන ඉන්නා ආගම්වාසි ජනතාව එකම දින එකම කාරණාවක් වෙනුවෙන් රැුස්වනවාට අමතරව, එකම කාරණාවක් වෙනුවෙන් පංතිමය දේශපාලනයක් සමග එකම දින ලෝ පුරා වාර්ගික හා ආගම් බේදයෙන් තොර ජනතාවක් රැුස් වන්නේ නම්, ඒ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් වන මැයි පළමු දින පමණි. එනිසා මේ රටේ කම්කරු ජනතාවට කෙසේ වූවත් ඉතිරිව ඇති ඔවුන්ගේ වෘත්තීය සමිති වලට හෙට, වැදගත් දිනයකි.

කැත්තට, පොල්ල යැයි නොකියන්නේ නම්, අති බහුතර සේවක පිරිසකට හෙට තවත් රජයේ නිවාඩු දවසක් පමණි. වෙනසකට ඇත්තේ, පොහොය නිවාඩු දිනට තහනම් කෙරෙන කිසිවක් හෙට තහනම් නොවීම ය. ඒ වෙනස සමග හෙට මැයි දිනය යැයි පාරට බසින ජනතාවක් ඇත්නම්, ඔවුන්ගෙන් අති බහුතරය එසේ පාරට එනවා නොව, පාරට ගෙන්වා ගනු ලබන වුන් ය. ඔවුන් එන්නේ කම්කරු පංතියේ මැයි දිනය සැමරීමට නොව, තම දේශපාලන පක්ෂයේ නායකයින් සතු ජනපි‍්‍රයත්වය හා ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමට ය. දැන් මේ රටේ මැයි දින පැවැත් වීම, එක්තරා ආකාරයක ජනපි‍්‍රය විහිළුවක් බවට ඒ අයුරින් පත්ව ඇත.

මැයි දිනය 1957 සිට මේ රටේ නිවාඩු දිනයක් වන්නටත් පෙර, ඉතා සටන්කාමී මැයි දින රැුළි පැවැත් වීමට තම පෞද්ගලික නිවාඩු මත කම්කරුවන් කැඳවා ගැනීමේ විශ්වාසයක් හා ශක්තියක් දිනා සිටි සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ, ඔවුන්ට දැන් ඉතිරිව ඉන්නා වැඩිමහල් පිරිස් සමග පුරුද්දට කියන කතා කීමට රාජපක්ෂ මැයි දින සැණකෙළියට නොගොසින් නුගේගොඩ යති. මේ අතර හැම අවුරුද්දෙම සිංහල – හින්දු අලූත් අවුරුද්ද පසු වෙත්ම, ‘‘කම්කරු පංතියේ එක්සත්කම’’ ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය යැයි කලබල වන අධි සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති නායකයින් දුසිම් දෙකක් දෙකහමාරක් පමණ ඇත. ඔවුන් කතා කරන්නේ දේශපාලන පක්ෂ වලින් ස්වාධීන වූ වෘත්තීය සමිති එකතුවීම් ගැන ය. දැන් බොහෝ විට, ඔවුන්ටම ගැලපෙන ලෙස ‘‘වෘත්තීය සමිති එක්සත්කම’’ යැයි ඔවුන් සටන් පාඨය ද වෙනස් කරගෙන ඇත.

එබැවින් දැන් මැයි දිනය, දේශපාලන පක්ෂ විසින් තම පටු වුවමනාවන් වෙනුවෙන් යොදා ගන්නා අයුරුම, කම්කරු දෙපාර්තමේන්තුවේ ලියා පදිංචිය ඇති වෘත්තීය සමිති නායකයින් ද ඔවුන්ගේ එකමුතුකම, එක වේදිකාවක් මත මාධ්‍යයට ප‍්‍රදර්ශනය කිරීමට යොදා ගන්නා දිනයක් බවට මැයි දිනය පත් කරගෙන ඇත. ඒ අනුව මැයි දිනය සඳහා පමණක් දිග වෘත්තීය සමිති නාමාවලියක් මුද්‍රණය කර ප‍්‍රසිද්ධ කරන එකමුතු ලේඛන වල, කම්කරු පංතියේ එක්සත්කම තිබේදැයි ඇසිය යුත්තේ ද හෙට මැයි දිනය ඉලක්ක කරගෙන ය.

දසකයක දෙකක පමණ සිට මේ මැයි දින සැමරුම් කිසිවක කම්කරු පංතියේ කිසිදු නියෝජනයක් මතු කෙරෙන්නේ නැත. එවැනි නියෝජනයක් සඳහා අද අත්‍යාවශ්‍යම කාරණාව නම්, ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා කන්නලව් කරන වෘත්තීය සමිති නායකයින් තම සංවිධාන ප‍්‍රජාතන්තී‍්‍රය කිරීමට මැයි දිනයේ දී හෝ පොරොන්දු වීම ය. අද වෘත්තීය සමිති සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. ඕනෑම සංවිධානයක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා තිබිය යුතු මූලික ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් වැදගත්ම හා ප‍්‍රධානම සාධකය නම්, නායකත්වය දක්වා සියලූ සාමාජිකත්වය නියෝජනය වන්නා වූ සංවිධාන ව්‍යුහයක් කි‍්‍රයාත්මකව තිබීම ය. එවැනි සකී‍්‍රය, විහිදුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත සංවිධාන සතු වෘත්තීය සමිති ගොඩ නැගෙන්නේ වැඩපල, කම්හල, කාර්යාලය නියෝජනය වන සාමාජිකත්වයක් ඇතිව ය. අතීතයේ දී එය මැයි දින රැුළි මගින් දැකිය හැකි විය. රජයේ මුද්‍රණාල ශාඛාව, ර.ලි.සේ.ස නුවරඑළිය ශාඛාව, රත්මලාන දුම්රිය සේවක ශාඛාව, බාටා සේවක ශාඛාව, කොළඹ දකුණ රෝහල් ශාඛාව, බදුල්ල දිස්ති‍්‍රක් ගුරු ශාඛාව වැනි නන් දෙසින් පැමිණෙන සේවක පිරිස් තම අනන්‍යතාව සහිතව මැයි දින රැුළියට අතීතයේ දී සහභාගි වූහ. අද එවැනි සේවක අනන්‍යතාවක් මේ මැයි දින රැුළි කිසිවක නැත.

කම්කරු දෙපාර්තමේන්තුව වෙත වාර්ෂිකව ඉදිරිපත් කරන පෝරමයේ ඉන්නා සාමාජික සංඛ්‍යාව ඇත්තටම වෘත්තීය සමිති සමගින් ඉන්නේ නම්, මේ එකතු වන වෘත්තීය සමිති නායකයින්ට මැයි දින රැුළි පැවැත් වීමට නැවත ගාලූ මුවදොර පිටියට යා හැක. එනමුත් එසේ යා නොහැකි බව අපට වඩා හොඳින් මේ රාජපක්ෂ ආණ්ඩුව දන්නේ ය. එනිසා අද වෘත්තීය සමිති වලට ආණ්ඩු වෙත බලපෑම් කළ නොහැක. මෑත ඉතිහාසයේ ඇත්ත බලපෑමක් කළ හැකි වූ එකම අවස්ථාව වූයේ 2011 මැයි 24 දින කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් පෞද්ගලික අංශය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අනිවාර්ය විශ‍්‍රාම වැටුපට විරුද්ධව පාරට බැසීම ය. ඒ වෙනුවෙන් නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිතිය සිය ශාඛා මගින් කටුනායක හා බියගම පුරා මසක පමණ දැනුවත් කිරීමේ ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කර තිබිණ. ඒවා ඉඳහිට තැනක කෙරෙන කි‍්‍රයාකාරකම් මිස, පොදුවේ වෘත්තීය සමිති වල සම්මත කි‍්‍රයාකාරිත්වය නොවේ.

එවැනි අවාසනාවන්ත පසු බිමක, මැයි දිනය කුමක් සඳහා දැයි ඇසීමට පෙර, මැයි දිනය දැන් කාගේ දැයි ඇසිය යුතුව ඇත. මැයි දිනය අන් කාගේ වූවත් එය කම්කරු පංතියේ මැයි දිනයක් කරන්නට නම්, වේදිකා නගින නායකයින්ගේ නම් ලැයිස්තු පැත්තකින් තබා, වැඩපල, වැඩ බිම්, කාර්යාල සේවකයින්ගේ එකමුතු ගැන කතා කළ යුතුව ඇත. එයට හේතුව කම්කරු පංතියේ එක්සත්කම යනු නායක ලැයිස්තු නොව, වැඩපල, වැඩබිම්, කාර්යාල මට්ටමේ සේවක එකතු වීම් වන හෙයිනි. එක්සත්කම යනු සේවකයින්ගේ, කම්කරුවන්ගේ එක්සත්කමක් විය යුතු හෙයිනි.

මේ කතා කරන්නේ වෙනත් කතාවකි. මේ කතා කරන්නේ වෘත්තීය සමිති නායකයින් කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන නොව, කම්කරුවන්ට අත් විඳිය හැකි එකමුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන ය. එවැනි එක්සත්කමක් සඳහා ඇත්තටම අද මේ තියෙන්නාවූ දැඩි නිලධරවාදී, නායක හිමිකාරිත්වයකට යටත් කෙරුනු, කල් ඉකුත් වූ වෘත්තීය සමිති පවත්වා ගන්නා සංවිධාන රටාව අවශ්‍ය නොවේ. එය ගැලපෙන්නේ ද නැත. අවශ්‍ය වන්නේ අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන ව්‍යුහයකි. නිරන්තර සංවාදයක් පවත්වා ගත හැකි හවුලකි. ඇත්ත සේවක හවුලක් ලෙස තීන්දුගත හැකි අලූත් සම්මතයන් හදා ගැනීමේ අවකාශයකි. අවශ්‍ය නම් ඒවාට වෘත්තීය සමිති යැයි කිව හැක. නොකීවාට ප‍්‍රශ්නයක් ඇත්තේ ද නැත. ප‍්‍රශ්නය වන්නේ වෘත්තීය සමිති යැයි කීවාට සාමාජිකත්වයක් නැති, සාමාජිකත්වයක් ඇත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති විට ය. සේවකයින් හවුල් වන්නේ නම්, ඔවුන් නිරන්තර සංවාදයක ඉන්නේ නම්, තීන්දු ගන්නේ ද ඔවුන් නම්, ඒ එකමුතුවට අලවන නාමය, ලේබලය එතරම්ම ප‍්‍රශ්නයක් නොවන්නේ, ඒවා සැබෑ කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති එකතුවීම් වන හෙයිනි.

එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු හවුල් අතරින් අද මේ වෘත්තීය සමිති නායකයින් ඉදිරිපත් කරනවාට වඩා වෙනස් අලූත් ඉල්ලීම් මතු වන්නට ඉඩ ඇත. ඔවුන්ට ඇත්තටම බලපාන්නා වූ ගැට`ඵ පිළිබඳව සහ ඔවුන් තම සේවය ගැන වෙනත් මත ඇතිව ඉන්නවා විය හැක. ඇතැම් විට, ඔවුන් වෘත්තීය සමිති නායකයින් නිල වශයෙන් හවුල් වන්නා පඩි පාලක සභා මගින් තීන්දු කරන්නා වූ අවම වැටුප සහමුලින් ප‍්‍රතික්ෂේප කර ඊට වෙනස් වැටුපක් අවමය ලෙස ඉල්ලන්ට ඉඩ ඇත. ඇතැම් විට ඔවුන් පාරිතෝෂිකය වෙනුවට වැඩි මාසික විශ‍්‍රාම වැටුපක් සමග වෛi පහසුකම් සඳහා විශේෂ වාර්ෂික දීමනාවක් ඉල්ලන්නටද ඉඩ ඇත.

සේවක අයිතීන් හා අවශ්‍යතා පිළිබඳව සම්මත අයුරු ආකාරගතව සිතන නායකයින්ට වඩා වැඩ බිමේ කම්කරුවාගේ ඉල්ලීම වෙනස් යැයි ඔප්පු කෙරුනු එක් ඓතිහාසික වැඩ වර්ජනයක් 1976 ඔක්තෝම්බරයේ පමණ ආරම්භ වූයේ ‘‘ජා-ජා මොරේ ව්‍යාපාරය’’ යැයි සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති නායකයින් හැඳින්වූ කම්කරු උද්ඝෝෂණයකිනි. රත්මලාන දුම්රිය කම්හලේ සාමාන්‍ය කම්කරුවකු විසින් කිසිදු වෘත්තීය සමිති සහායක් නොමැතිව ආරම්භ කළ එම කම්කරු උද්ඝෝෂණය අවසන් වශයෙන් සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුව බරපතල අසීරුවකට පත් කෙරුවා පමණක් නොව, එතෙක් ඉතිහාසයේ වෘත්තීය සමිති නායකයින් හීනෙකින්වත් නොසිතූ අලූත් දීමනාවක් ද දිනා ගත් වැඩ වර්ජනයක් ලෙස අවසන් විය. මේ රටේ රජයේ සේවකයින්ට පළමු වරට තම දරුවන්ගේ නව වසරේ පාසල් පොත් ගැනීම සඳහා රුපියල් 50 ක දීමනාව තීන්දු වූයේ ඒ වර්ජනයේ එකම ඉල්ලීම අනුව ය.

හෙට දිනයේ අලූත් කම්කරුවන්ගේ අලූත් ඉල්ලීම් ව්‍යාපාරයකට මුල පිරිය හැකි මැයි දිනයක් වන්නේ නම්, ඊළ`ග වසරේ මැයි දිනය කම්කරුවන්ට හිමි මැයි දිනයක් ලෙස ‘‘අප යන්නේ කොයි පාරේ – ගෝල්පේස් යන පාරේ’’ යැයි යා හැක. ඒ වෙනුවෙන් මේ, මගේ ආචාරයයි.

Back to Home page