1 October, 2020

Blog

එදා කොන්දේසි රහිතව දෙනු ලැබූ තීරණාත්මක මුස්ලිම් සහයෝගය ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීම තහවුරු කළේය

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

අඩ ශතවසක් පුරා මෙහි පැවති යුරෝපා යටත් විජිත පාලනයෙන් පසුව සිරිලකට නිදහස ලැබීමට 1948 වසරෙහි මෙහි වාසය කළ මුස්ලිම්වරුන් විසින් කිසිදු කොන්දේසියක් නොමැතිව එදා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්හx.

ආචාර්ය ටී.බී. ජායා, සර් රාසික් ෆරීඞ්, වෛiාර්්‍ය එම්. සී. එම්. කලීල්, බදියුදීන් මහ්මූද් වැනි ලාංකික මුස්ලිම් නායකයන් විසින් එදා නිදහස ලබා ගැනීමට සහ දේශයට ස්වාධීනත්වය මෙන්ම ස්වාධිපත්‍යයද ලබා ගැනීමට උර දුන් සැටි රටේ ඉතිහාසය අමතක නොකළ සියල්ලන්ටම මතක ඇති බවට සැකයක් නැත. මෙලෙසින් එදත් අදත් රටේ ස්වෛරී දේශපාලන ප‍්‍රගතියට ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරුන් කිසිවිටෙක බාධකයක්ව නොසිටියෝය.

අප රටේ එදා දේශපේ‍්‍රමීන්ට නිදහසේ පිපාසය දැඩි වනවාත් සමගම දෙවන ලෝක සංග‍්‍රාමයේ ගිනි පුපුරු යුරෝපයේ ඇවිලෙන්නට විය. මෙම සටනට පූර්ණ සහය පළ කරන මෙන්ද, එසේ කළහොත් යුද්ධයේ ජයාග‍්‍රාහී නිමාවෙන් පසු නිදහස ප‍්‍රදානය කරන බවටද මහ බි‍්‍රතාන්‍යය සිය රටත් විජිතවලට ප‍්‍රතිඥා දෙන්නට විය.

යුද්ධයද මහ බි‍්‍රතාන්‍යය ඇතුළු මිත‍්‍ර ජාතීන්ට ජය අත් කරදෙමින් අවසන් විය. එයින් පසුව එකී යටත් විජිතවල ස්වෛරී බව සඳහා වන ඉල්ලීම් උණුසුම්වන්නට වූ අතර නිදහස ඉල්ලා සිටින යටත් විජිතවල වාසය කරන වැසියන්ගෙන් හතරෙන් තුනක මනාපයක් මේ සඳහා තිබිය යුතු යැයි රැුජිනගේ ආණ්ඩුව විසින් කොන්දේසියක් දමන ලදී. එවකටද ශ‍්‍රී ලංකාවේ බහුතර සිංහල වැසියන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් තුනෙන් දෙකක්ව පමණක් තිබුනු හෙයින් මෙහි සිටි දමිළ හා මුස්ලිම්වරුන් නිදහසට කැමැත්ත ප‍්‍රකාශ කර සිටීම ලක්මාතාව නිවහල් කර ගැනීමට අනිවාර්්‍ය සාධකයක් විය.

මේ අතර දමිළ කොංග‍්‍රසයේ එවකට නායකයා වූ ජී. ජී. පොන්නම්බලම්, එසේ මනාපය දීමට නම් හරි අඩක් හිමිකම් ද්‍රවිඩ ජනයාට සියළුම ඉසව්වලින් ලබා දීමට සිංහලයන් කැමති විය යුතු යැයි කොන්දේසියක් දැම්මේයx නමුත් ඒ වනවිට බහුතරයේ ඇතැම් වෙනස්කම්වලට ලක්ව සිටියද දේශයේ පොදු අවශ්‍යතාවයකදී ‘ගෙදර නෝක්කඩු’ නිසා එයින් රටට අලාභයක් වීමට ඉඩ දිය නොහැකිය යන ස්ථාවරයේ සිටි මුස්ලිම් ජනයා, කිසිදු කොන්දේසියක් නොමැතිවම සහෝදර සිංහලයන් සමග එකා මෙන් නැගී සිටිමින් සුද්දන්ගෙන් නිදහස එක හ`ඩින් බල කර සිටියහ.

එය 1939 වර්ෂයේ මාර්තු 5 වෙනි දිනය විය. ස්ථානය කොළඹ සාහිරා විදුහලේ ක‍්‍රීඩා පිටියයි. එදින සර් මොහමඞ් මාකාන් මාකාර්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැුස්නවීමකදී ව්‍යවස්ථාදාවයක මණ්ඩලයේ ප‍්‍රමාණවත් ලෙසින් මුස්ලිම් නියෝජනයක් නොමැති තත්ත්වය පිළිබඳද සිය අදහස් දක්වමින් කථා කළ සමස්ත ලංකා මුස්ලිම් දේශපාලන සමුළුවේ ලේකම් ආචාර්්‍ය බදියුද්දීන් මහ්මූද්, අවසන් වශයෙන් මෙසේ සඳහන් කළේය:

‘සියල්ලටම ප‍්‍රථමයෙන් සිරිලකට පූර්ණ නිදහස ලැබිය යුතු යැයි බල කරන සිටින දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන්ගෙන් මාද කෙනෙකු බව මාගේ සිංහල සොහොයුරන්ට අවධාරනයෙන් කියනු කැමැත්තෙමි. සිංහල වැසියන් තම සංස්කෘතිය හා ජාතිකත්වය සංරක්‍ෂණය කර ගැනීමේ උසස් අරමුණින් ගෙනයන නිදහස් සටන ඉහළින් අගය කරමින් එයට මුළු හදින් සහය දෙන්නන් අතර මාද කෙනෙකු වෙමි යැයිද සඳහන් කරමි. එපමණක් නොව, ඔබට විශ්වාසනීයම මිතුරන් හා දයාන්විත අසල්වැසියන් ලෙසින් මුස්ලිම් ජනයා මෙහි කවදත් ඔබ සමග සිටිනු ඇත යැයිද මාගේ සිංහල සහෝදරයන්ට ඉ`දුරා පවසමි. තවද, ජගත් වේදිකාවේ ස්වාභිමානය ඇති රටක් ලෙසින් තමන්ටමවූ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීම සඳහා මෙම කුඩා දේශයේ දූ පුතුන්ගේ දායකත්වය ලක් මවට අවශ්‍යව සිටින මොහොතක, මාගේ ජනකොටස වෙතින් ඒ සඳහා වන දේශපේ‍්‍රමී උර දීමක් සඳහා කන්නලව් කළ යුුතු තත්ත්වයක් කිසි විටෙක ඔබට ඇති නොවනු ඇත යැයිද මා උදක් කියා සිටින්නෙමි.

‘එමෙන්ම අපගේ මෙම උදාර රටේ එක් ජනකොටසක් පමණක් නොව, මෙම භූමියෙහි වාසය කරන සෑම කෙනෙකුම දේශයේ උදාරත්වය විෂයයෙහි අභිමානයට පත් විය හැකි, ලොවෙහි ඉතාම සශ‍්‍රීක එමෙන්ම විශිෂ්ඨ හා මනරම් දේශයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ වෑයමෙහි, කිසිදු කැපවීමක් විශාල යැයි හෝ කළ නොහැකි එකක් යැයි මා අයත්වන නිර්භීත ජනකොටස කිසි විටෙක සිතනු නොමැත යැයිද මාගේ ලාංකික සිංහල මිතුරන්ට ස්ථිර වශයෙන්ම කියනු කැමැත්තෙමි’

මෙලෙසින්, දිවංගත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මැති`දුන්ගේ අනුග‍්‍රහයෙන් සම්පාදනය කරන ලද ‘ස්වධිපත්‍ය පනතට’ රාජ්‍ය සමුළුව නියෝජනය කළ මුස්ලිම් නායකයන් සිය ජනයා වෙනුවෙන් තම සහයෝගය මුළු හදින්ම ලබා දුන්හ.

එයිනික්බිති 1945 වසරේ නොවැම්බර් 9 වෙනි දින ආචාර්්‍ය ටී. බී. ජායා සහ වෛi කලීල් යන මුස්ලිම් නායකයන් පනතේ කෙටුම්පතට පක්‍ෂව කථනයන් පැවැත්වූ අතර, පසුව එළඹි එම පනත සඳහා ඡුන්දය විමසීමේ සමයෙහි ටීx බීx ජායා මහතා පැමිණ නොසිටි හෙයින්, සර් රාසික් ෆරීඞ් හා වෛi කලීල් දෙදෙන පනතට පක්‍ෂව ඡුන්දය දෙමින් ශ‍්‍රී ලාංකේය මුස්ලිම් ජනයාගේ කැමැත්ත ඒ සඳහා හෘද්‍යාංගමව ප‍්‍රකාශ කර සිටියෝය.

එම ඓතිහාසික අවස්ථාවෙහි සිය අදහස් පළ කරමින් කථා කළ සර් රාසික් ෆරීඞ්, ‘අද දින ගරු නායකතුමන් විසින් සාකච්ඡුාවෙන් පසුව ගත් තීරණයට ‘සමස්ත ලංකා යෝනක සමිතිය’ සිය පූර්ණ සහයෝගය මෙමගින් ප‍්‍රකාශ කර සිටියි. නායකතුමන්ගේ යෝජනවාට මා මුළු හදින් මෙසේ කැමැත්ත පළ කරනුයේ ඉමහත් සතුටිනිx මා සහ මාගේ සමූහයා සැමදා ඔබ සැම හා අත්වැල් බැඳ සිටියාක් මෙන් මෙම ජයග‍්‍රාහී මොහොතේද නායකතුමන් විසින් යෝජනා කර ඇති ඉලක්ක කරා යන දිග්විජයටද එතුමන්ගේ දෑත් ශක්තිමත් කරන්නට අප මෙලෙසින් ඉදිරිපත්ව ඇත්තෙමු’

පනතට සිය කැමැත්ත පළ කළ ආචාර්්‍ය ටී. බී. ජායා, මුස්ලිම් සමූහයාට අවාසි ගෙන දෙන පනතේ ඇතැම් කරුණු ගැන අදහස් දක්වමින්, ‘සුළු ජාතීන්ට ඇති විය හැකි අවාසි ගැන කථා කරන්නට මෙය මොහොතක් නොවන බව මාගේ හැ`ගීමයි. තවද මාගේ සමූහයාගේ පූර්ණ සහයෝගය නියෝජනය කරමින් මා මෙසේ ප‍්‍රකාශ කරමිx ශ‍්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම්වරුන් නියෝජනය කරන ලංකා මුස්ලිම් ලීගය විසින් දිවයිනේ විවිධ පළාත්වල සිටින මුස්ලිම් ජනයා හමුව මෙම පනතට අදාලව සභාව ඉදිරියේ ඇති වැදගත් කරුණු ගැන නිසියාකාරව සාකච්ඡුා කෙරෙනු මා තහවුරු කර ගතිමි. ඒ අනුව ලක්දිවෙහි වාසය කරන මුස්ලිම් සමූහයාගේ සම්පූර්ණ සහයෝගය මෙය සඳහා තිබෙන බව මා ප‍්‍රකාශ කර සිටිමි.

‘මෙම පනත ඉදිරිපත් කරන ලද සමයෙහි එයට පූර්ණ සහයෝගය දිය යුතු යැයි මුස්ලිම් සමූහයා තීරණය කළේ එකම එක කරුණක් නිසාය. එය නම් මෙම දේශයේ දේශපාලන ස්වාධීනත්වය හා සම්බන්‍ධ වන කරුණක් සඳහා ඕනෑම දුරක් යාමට මාගේ සමූහයාට ඇති කැපවීමය. ඒ සඳහා ජනකොටසක් ලෙසින් තමන්ට ඇති විය හැකි ඇතැම් අවාසි ගැනද නොසලකා සිටීමට මෙම රටේ වාසය කරන ලාංකික මුස්ලිවරුන් සූදානම්ව සිටිති. දේශපාලන නිදහසට වඩා කිසිදු අයිතිවාසිකමක් ශ්‍රේෂ්ඨ විය හැකි යැයි මා නම් නොසිතමි. පටු කෝණයකින් මෙම පනත දෙස බලන විට අපට සිදු විය හැකි අවාසි ගැන මාහටද පෙනෙන නමුත් දේශයේ පොදු අවශ්‍යතාවය උදෙසා මෙම පනතට පූර්ණ සහයෝගය ලබා දීමට මා සූදානම් වූයෙමි’ යැයි කියා සිටියේය.

ශ‍්‍රී ලාංකේය සිංහල ජනයා වෙනුවෙන් මුස්ලිම් සමූහයාට සිය කෘතඥතාවය පළ කරමින් කථා කළ දිවංගත බණ්ඩාරනායක මැති`දුන් මුස්ලිම් ජනයා විසින් මතු ඉදිරිපත් කර සාධාරණ ඉල්ලීම් සියල්ලක් ගැනම තමා සලකා බලන බවට ප‍්‍රතිඥා දෙමින් මෙසේද පැවසුවේය: ‘මෙම ගිවිසුම යහපත් ආකාරයෙන් ස්ථාපිත වීම සඳහා දායකත්වය ලබා දුන් මෙම රටේ සියළුම දෙනා අතුරින් ගරු ටී. බී. ජායා මහතාගේ ත්‍යාගශීලී ආකල්පයෙන් යුත් දායකත්වයට වැඩිම පැසසුමක් හිමි විය යුතු යැයි මා උදක් සඳහන් කරනු කැමැත්තෙමිx ඔහු විසින් අද දින පවත්වන ලද කථනය මෙම රටේ ජීවත් වන විවිධ ජන කොටස් අතර එක්සත් බවට තුඩු දෙනු ඇති අතර අපගේ මෙම වෑයම සඳහා වන සංවේදී බවක්ද ඔවුන් අතර ඇති කරනු නිසැකය. එහි අවසන් ස්වරූපය කිනම් ආකාරයකින් හැඩ ගැසුනද, සියල්ලන්ටම සෑහීමට පත් විය හැකි ආකාරයේ ස්වෛරීබවක් අප රටට ලබා දීමට අප අවංකව කි‍්‍රයා කරන්නෙමු.

‘ටී. බී. ජායා, දොස්තර කලීල් හා රාසික් ෆරීඞ් යන තිදෙනා මෙරටට කුමක් කර ඇත්තෝද? නියෝජන සැලැස්ම අනුව ඇතැම් කරුණුවලදී යම් යම් දුෂ්කරතා මුස්ලිම් සමූහයාට ඇති විය හැකිය යන ප‍්‍රතිපත්තිමය සඳහනක් මෙම පනතේ ඇති නමුත් දේශයට ලැබෙන ස්වාධීනත්වයේ සංකල්පයට මුල් තැන දෙමින් මෙම තිදෙන අධිෂ්ඨාණපූර්වව මෙයට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් වී ඇත්තාහ.

‘එසේ වුවද, මෙම රටේ සිටින බහුතර ජන කොටස හෙවත් මා නියෝජනය කරන ජනකොටස වෙනුවෙන් එක් සහතිකයක් ජායා මහතාහට දීමට මට හැකියx සෝල්බරි කොමිසම විසින් මෙම පනතේ නිර්දේශ කර ඇති දේ කුමක් වුවද, මුස්ලිම් සමූහයා විසින් ඉදිරිපත්කරනු ලබන ඕනෑම සාධාරණ ඉල්ලීමක් සලකා බැලීමට අප නිරන්තරයෙන්ම සූදානම්ව සිටින බව එතුමාට මා කියනු කැමැත්තෙමි’

මෙනයින් නිවහල් බවින් ලක්මව මුදා ගැනීම සඳහා අවශ්‍ය වූ වැඩි ඡුන්දයේ දායකත්වය එදා මුස්ලිම් ජනතාව විසින් නොවලහා ලබා දෙන ලදී.

එයිනික්බිති 1948 පෙබරවාරි 4 වෙනි දින, ලක් මෑණියන්ට වසර පනහක පමණ කාලයක් දමා තිබූ වහල්බවේ සියළු යදම් බිඳ දමන ලද අතර, එය සෙසු ලෝකයාට සාඩම්බරයෙන් ප‍්‍රකාශ කිරීම සනිටුහන් කරමින් ජාතියේ පියා ගරු ඞී. එස්. සේනානායක මැති`දුන් රැුජිනගේ කොඩිය පහත් කර ශ‍්‍රී ලංකාවේ සිංහ ධජය ස්ථම්භයේ මුදුනට එසවූයේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    ලතීෆ් ෆාරුක් –

    Kiyapu Okkoma atta.

    Namuth, Lankave Dan inne Mahana Budda Minissu,

    Buddha Agam Karayo Nemai,

    Mara Agam Karaya.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.