

ආචාර්ය ලයනල් බෝපගේ
ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්.
අපගේ සාකච්ඡාව පැවැත්වෙන්නේ මුල් ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ බව මම පිළි ගනිමි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප්‍රජාවල වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.
ශ්‍රී ලංකාවේ අළුත් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවට ලබා දෙන ලද වැදගත් ජනවරමෙන් පිළිබිඹු වන්නේ, යහපත් අනාගතයක් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් සතුව තිබෙන අභිලාෂයන් මෙන්ම පසුගිය පාලන තන්ත්‍රවල පැවති අඩුපාඩු ගැන ඔවුන් තුල තිබුනු බලාපොරොත්තු සුන් වීම යි. ඉදිරි මාවත අභියෝගාත්මක වේ. සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ පොරොන්දු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම මත යි. ‘අරගල ව්‍යාපාරය’ අපේක්ෂා කල ‘ක්‍රම වෙනස’ ඇති කර ලීම සඳහා දේශපාලනඥයන්ගේ, නිලධාරි පැලැන්තියේ සහ ජනතාවගේ කැපවීමත් පරිත්‍යාගයත් අවශ්‍ය වන අතර සාධාරණ හා යුක්ති සහගත අනාගතයක් ගොඩ නැඟීම සඳහා එය තීරණාත්මක වේ.
එක්සත් ජනපදය තම සමස්ත වැඩ පිළිවෙල යලි සකසනු ලැබීමෙන් ඇති කරවන බාධාවන් සහ භූ දේශපාලනික එදිරිවාදිකම් හේතුවෙන් ගෝලීය ආර්ථික පරිසරය සුසමාදර්ශී වෙනසකට භාජනය වෙමින් පවතී. නව ලිබරල් ගෝලීයකරණ යුගයේ අවසානය සටහන් කරමින් ගෝලීය ආර්ථික පාලනයට ඉහළින් ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය ගෙන ඇත. වෙළඳාම, තාක්‍ෂණය සහ ආයෝජන ප්‍රවාහ පාලනය කිරීමට තීරු බදු පැනවීම වැනි වැඩ පිළිවෙළවල් නැවත හඳුන්වා දෙමින් පවතී. මෙම පරිසරය තුළ පිරිවැය කාර්යක්ෂමතාවයේ සිට ආර්ථික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව හා ආරක්ෂාව වෙත අවධාරණය වෙනස් කරමින් ආරක්ෂණ රාජ්‍යය වෙළඳ පොල යටත් කොට ගෙන ඇත.
ආර්ථික සුරක්ෂිතතාව කෙරෙහි මෙසේ අවධානය යොමු කිරීමෙන් පෞද්ගලික තාක්ෂණ හුවමාරුව හා ආයෝජනය පාලනය කරන්නටත්, දේශීය භූමි ප්‍රදේශවලට වඩා සමීප ලෙස අතිශයින් වැදගත් කර්මාන්ත යලි ස්ථානගත කිරීම දිරි ගන්වන්නටත් රජයට අවශ්‍ය වේ. මෙම නව භූ දේශපාලන පරිසරය තුළ, සමාජ–ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ආකෘතිය පශ්චාත් ගෝලීයකරණ යුගයේ සම්මතය බවට පත් වේවි ද? දැනට පවතින භූ ආර්ථික බාධා කිරීම් විසින් තරඟකාරී වාසිදායක තත්වයන් මත බලා පොරොත්තු රඳවා සිටින අපනයනය වෙත නැඹුරු වුනු ආර්ථික ආකෘතීන් කඩා කප්පල් කර දමනු ඇත්ද?
නව NPP ආණ්ඩුවට අවශ්‍ය වන්නේ නව ආණ්ඩුවේ අවංක බව සහ සදාචාරමය අධිෂ්ඨානය පෙන්වා, පසුගිය පාලන තන්ත්‍ර යටතේ පැතිර පැවතුන දූෂණ සහ අකාර්යක්ෂමතා වලින් සමන්විත වුනු විෂම චක්‍රය කඩා බිඳ දැමීමට යි. ආණ්ඩුවේ මඳ පළපුරුද්ද සහ ගැඹුරට මුල් ඇද තිබෙන අභියෝගවලට මුහුණ දීමේ දී යොදා ගන්නා ඇතැම් අකාර්යක්ෂම ක්‍රම තිබුනේ වුවද, මෙම සාධනීය වර්ධනය දිරි ගන්වන සුළු වේ.
ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ආණ්ඩුව, අනාගතය සඳහා වන පොදු දැක්මක් ස්ථාපිත කළ යුතුය. ආණ්ඩුව ණය කළමනාකරණය සඳහා ගන්නා ප්‍රවේශය රටේ භූ දේශපාලන ස්ථාවරය හා සමාජ ස්ථාවරත්වය කෙරෙහි ද බලපෑම් කරනවා ඇත. නව්‍ය ආකාරයේ ආදායම් උපදවන උපාය මාර්ග හා ප්‍රබල පාලන ප්‍රතිසංස්කරණ සමඟ මූල්‍ය විනය ඒකාබද්ධ කිරීමෙන් ආණ්ඩුවට ආර්ථික වෘත්තාන්තය යළි නිර්වචනය කළ හැකිය.
ඩයස්පෝරාවෙන් ද ඇතුළුව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, මූල්‍ය ආයතන කෙරෙහි යළි විශ්වාසය ගොඩනැගීම, ක්‍රමයේ විනිවිදභාවය හා වග වීම හා අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ පුරවැසියන්ගේ සුබසාධනය නොකඩවා සහතික කිරීම මෙයට ඇතුළත් වේ. නිදසුනක් ලෙස, ආර්ථික පුනර්ජීවනය සඳහා බෙහෙවින් අවශ්‍ය විදේශ විනිමය ගෙන එන අන්දමට, දමිල ඩයස්පෝරා ව්‍යාපාරික නායකයන් සම සේ මුදල් යොදවන රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ක් මගින් යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු වෙන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වශයෙන් පියවරෙන් පියවර පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසිය හැකිය. ක්ෂණික අර්බුදවලට විසඳුම් සොයන අතරම දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වය හා සමෘද්ධිය සඳහා අත්තිවාරම දැමීම අත්‍යවශ්‍ය වේ.
දිගු කාලීන ස්ථාවරත්වය අත්පත් කර ගැනීම සහ සර්වග්‍රාහී වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නොකඩවා කරන ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වේ. ණය තිරසරභාවය සහ නිපුණ වෘත්තිකයන් පිටතට ගලා යෑම හා අදාල වන අභියෝග ආමන්ත්‍රණය කරන අතරේ ආණ්ඩුව විසින් ආදායම් ඒකරාශි කිරීම, සමාජ වියදම් හා සමාජ ආරක්ෂණ ජාල ප්‍රතිසංස්කරණය කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. අනෙකුත් මූලික ප්‍රමුඛතා අතරට පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සමාජ සහජීවනය පෝෂණය කිරීම, සිවිල් සමාජය, විශේෂයෙන්ම, යෞවනය බල ගැන්වීම සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ඇතුළත් වේ.
අසාර්ථක වුවහොත් තත්වය විනාශකාරී විය හැකිය. එහෙත් ඒ සමඟ ම, කලබලකාරී ලෙස වෙනස්කම් සිදු කිරීම, දේශපාලනිකව එක තැන පල් වීමකට, දක්ෂිණාංශික ප්‍රතික්‍රියාවකට හෝ අධිකාරවාදී ධනේශ්වර සැලැස්මකට මග පාදමින්, මිතුරන් හා සගයන් විරසක බවට පත් කළ හැකිය. බහුතර වර්ගවාදය සමග අධිකාරවාදී ධනවාදයේ නැගී සිටීම, සමාජ දේහය කොටස්වලට කඩා බිඳ දැමිය හැකිය. ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා පුළුල්, හරස්කඩ සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය කරන සමාජ සම්මුති ඇති කිරීම සඳහා ආණ්ඩුවේ වැඩ පිළිවෙල කටයුතු කළ යුතුය.
ධනවාදයේ බිඳවැටීම අපේක්ෂා කරන සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් වෙනස් වෙමින්, NPP වැඩ පිළිවෙල ස්ථාපිත දේශපාලන ක්‍රියාවලි තුලින් කරන සාමකාමී සංක්‍රමණයක් අපේක්ෂා කරයි. අධිරාජ්‍යවාදය, නව ලිබරල්වාදය, සහ දැනට “අධිකාරී ධනවාදය” හා ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි චරිත තුළ දක්නට ලැබෙන්නාක් වැනි විවිධ ස්වරූප වෙත ධනවාදය අනුවර්තනය වන බව ප්‍රායෝගික දේශපාලනය පෙන්වා දෙයි. නොයෙක් විට ගැටළු වලට සරල හා කුරිරු ජාතිකවාදී විසඳුම් යෝජනා කරන මෙම ප්‍රවේශය ජනප්‍රියවාදය තුළ මුල් බැස ඇත.
ගෝලීය වශයෙන් ආර්ථික මන්දගාමිත්වයට සහ භූ දේශපාලන ආතතීන්ට මං පෑදිය හැකි අධිකාරවාදී ධනවාදය, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් කෙරෙහි බලපෑම් කළ හැකි ය. දේශීය වශයෙන් ගත් විට, ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධය සහ සමාජ නොසන්සුන් බව විසින් අසමානතාවය අඩු කර ලීම සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අනුබල දීම සඳහා අවශ්‍ය කරන සර්වග්‍රාහී වර්ධනය වෙත බාධා පමුණුවනු ලැබිය හැකිය.
ඓතිහාසික ව, සංවර්ධනය වන රටවල් ලාභදායක ශ්‍රමය වාසිදායක ලෙස යොදා ගෙන, වර්ධනය දිරිමත් කරමින් ආයෝජන ආකර්ෂණය කර ගෙන අපනයන වැඩි දියුණු කර ගෙන ඇත. කෙසේ වෙතත්, ස්වයංක්‍රීය කරණය සහ ඩිජිටල්කරණය මෙම වාසිදායක තත්වය පහත හෙලමින් ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව එහි අවධානය වෙනස් කර ගෙන තිබෙන අතර, අනෙක් ජාතීහු සිය ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා නිෂ්පාදන කටයුතු තම සමීපයට ගෙන්වා ගනිමින් ඇත.
අධිකාරවාදයේ සිට සහභාගිත්වවාදී ධනවාදය දක්වා සංක්‍රමණය වීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාලය අවශ්‍ය වේ. අවසානයේ ගත් විට, අනාගතය රඳා පවතින්නේ සේවක ස්වයං කළමනාකරණය කේන්ද්‍රය වශයෙන් ගනිමින්, ආර්ථික හා වැඩබිම ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගත්, සමාජමය හිමිකාරිත්වය සහිත ආර්ථිකයක් තුළ යි. නූතන සමාජවාදීන්ගේ අරමුණ වන්නේ නිදහස, සමානාත්මතාවය සහ සහයෝගීතාවය සමඟ පෙල ගැසී, ක්‍රමානුකූල, ප්‍රතිසංස්කරණවාදී හෝ විප්ලවවාදී සංක්‍රමණයන් තුලින් ධනවාදය අහෝසි කර ලීම යි.
NPP ආණ්ඩුව ඉලක්ක කරන්නේ සාධාරණ හා යුක්ති සහගත අනාගතයක් නිර්මාණය කිරීමට යි. ප්‍රගතිශීලී දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුනත් ආණ්ඩුව, මුල් බැස ගත් රාජ්‍ය භාවිතාවන් ගේ, දූෂිත සම්ප්‍රදායයන් ගේ සහ දේශපාලන නියෝග මත යැපෙන දේශපාලනීකරණය වුනු සහ අකාර්යක්ෂම නිලධාරි තන්ත්‍රයක විරෝධයට මුහුණ දී සිටියි. මධ්‍ය–වාම ආණ්ඩුව දින 125 ක් තරම් බලයේ සිට ඇති අතර සභාග රාමුවක් තුළ අළුත් හා වඩා යහපත් වැඩ කිරීමේ සංස්කෘතියක් යොදවා ගැනීමේ අභියෝගවලට මුහුණ දී සිටියි. ඒ සඳහා බහුතර සිංහල බෞද්ධයන්ගෙන් සමන්විත ශ්‍රී ලාංකීය සමාජයේ බහුවිධ බව පිළිගැනීම ද ඇතුළුව සම්මුති වලට එළඹීම අවශ්‍ය වේ.
සභාග වැඩ කිරීමේ සංස්කෘතියක් මෙම සන්දර්භය තුළ ඉල්ලා සිටින්නේ විවිධ දෘෂ්ටි කෝණයන් හඳුනා ගැනීම, සර්වග්‍රාහී ක්‍රියාකාරිත්වයන් තුලින් සම්මුතිය ගොඩනැගීම සහ ‘පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්‘ නමැති NPP වැඩසටහනේ දක්වා ඇති පරිදි ප්‍රායෝගික මාවතක් අනුගමනය කිරීම යි. සියළු දෙනා වෙනුවෙන් සාධනීය අනාගතයක් ගොඩනැගීම පිළිබඳ විශ්වාසය වර්ධනය කිරීම සඳහා සියලු ජන කොටස් සමඟ ඵලදායී අන්දමින් සන්නිවේදනයේ යෙදීම සමග සම්මුති ගොඩනැගීම එකට බැඳී පවතී.
ඒ හැරුණු කොට, සීමිත පරිපාලන අත්දැකීම් සහ නිලධරයේ උපදෙස් මත රඳා පවතින්නට සිදුවීම හේතුවෙන් NPP ආණ්ඩුව බාධක වලට මුහුණ දී ඇති බව පෙනේ. මහා පරිමාණ ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා සියලු පාර්ශ්ව කරුවන්ට සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සහ උපදේශනාත්මක වනවා මෙන්ම ඔවුන්ට එසේ පෙනෙන විස්තීර්ණ දේශපාලන හා නෛතික ප්‍රතිපත්ති රාමුවක් අනුගමනය කිරීම අවශ්‍ය වේ.
අතීතයේ කරන ලද අසාධාරණ උදෙසා කරන වගවීම තවමත් විසඳී නොමැත. අරගලය ව්‍යාපාරය ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යි; දූෂණයට තිත තැබීම සහ වගවීම යි. සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක් ගත වී තිබුණත්, වින්දිතයෝ, ඔවුන්ගේ පවුල් සහ දරුණු අන්දමේ අතිරේක හානිවලට ලක් වූ අය තවමත් සත්‍යය, යුක්තිය සහ වන්දිය බලාපොරොත්තුව සිටිති. පසුගිය දශක හත දස දහස් ගණන් දෙනා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට සාක්ෂි දැරීය. සිය දහස් ගණන් දෙනා මරා දමන ලද අතර ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් තොරව විනාශ කර දමන ලදී.
අපරාධකරුවන්ට ලබා දී තිබෙන දණ්ඩ මුක්තිය නිසාවෙන් සතුටුදායක සහ අර්ථවත් අන්දමේ ප්‍රගතියක් මෙතෙක් අත් පත් කර ගෙන නැත. අතීතයේ සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු වෙනස්කම් ආණ්ඩුව විසින් සිදු කළ යුතුව ඇත. ව්‍යවස්ථාවේ තිබෙන දශක හතරකට ආසන්න කාලයක් වයසැති 13 වැනි සංශෝධනය සපුරා ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය තවමත් පැහැදිලි නැත. ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට නම්, ආන්තික බවට පත් කර තිබෙන ප‍්‍රජාවන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරන, ඔවුන්ගේ අභිමානය, සමානාත්මතාවය සහ ආර්ථික සංවර්ධනය සහතික කරන අන්දමේ පුළුල් ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන්, සියළු දෙනාට ම සමාන ආකාරයෙන් සලකන පුරවැසිභාවයකුත්, බෙද හදා ගනු ලබන ආර්ථිකයකුත් තීරණාත්මක වන්නේය.
නිගමනය
කෝවිඩ් වසංගතය සහ යුක්‍රේන යුද්ධය සංවර්ධනය වන රටවල ආර්ථික වශයෙන් පවතින අවදානම් සහගත තත්වයන් නිරාවරණය කලේය. අනන්‍යතා දේශපාලනය, ශ්‍රී ලංකාවේ කුඩා ජන ප්‍රජාවන් ආන්තික බවට පත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් කරමින් සංස්කෘතික බෙදීම් ගැඹුරු බවට පත් කල හැකිය; එය දක්ෂිණාංශික දේශපාලනයට මෙන්ම අධිකාරවාදයට අනුග්‍රහය දක්වමින්, දරිද්‍රතාවයට හා අභ්‍යන්තර ගැටුම්වලට මඟ පෑදිය හැකිය.
මෙය වැළැක්වීමට නම් ආණ්ඩුව, සම අයිතිවාසිකම් සහ අවස්ථා ප්‍රවර්ධනය කරන සර්වග්‍රාහී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලක් අනුගමනය කළ යුතුය. ආර්ථික වර්ධනය රැඳෙන්නේ උසස් තාක්ෂණ වේද සහ කුසලතා යොදා ගනිමින් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන හා සේවා යන ක්ෂේත්‍රවල ආරම්භක ව්‍යාපෘති සංවර්ධනය කිරීම මත යි. පරිසර දූෂණය වැනි ගැටළු මඟ හරවා ගැනීම සඳහා කාර්මීකරණය, බලශක්ති උත්පාදනය සහ අපනයනය කිරීමේ උපාය මාර්ග අර්ථාන්විත ලෙස ආමන්ත්‍රණය කිරීම අතිශයින් වැදගත් වේ.
සමාජ සුබසාධන වැඩසටහන් වඩා හොඳින් ඉලක්ක කරා යොමු කල යුතුය. මෑත කාලයේ අත් අඩංගුවේ පසු වෙද්දී සිදු කරන ලද මරණ හේතුවෙන් නීතිය බලාත්මක කිරීම පරීක්ෂාවට ලක් වේ. න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ මිල අධික සහ අවදානම් සහගත අනාගත විකල්පයක් ගවේෂණය කිරීමත් සමඟ පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය පසුගාමී ව තිබෙන බවක් පෙනේ. අතීතයේ ගෙන යන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති 1994 සිට අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාවට මිල අධික, පරිසර දූෂණය ඇති කරවන සහ පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් මත අඩුවෙන් රඳා පවතින තත්වයකට පත් විය හැකිව තිබුණි.
ප්‍රකෘතිමත් බවට පත් වීමේ ආර්ථික අතු රිකිලි දැකිය හැකි වුවත්, ආර්ථිකය අවදානම් සහගත තත්වයක පවතී. සර්වග්‍රාහී අන්දමින් ආර්ථිකය ස්ථාවර කිරීමටත් වර්ධනය කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ ආණ්ඩුව කටයුතු කරයි. ආර්ථික පරිවර්තන පනතේ සහ දේපල බද්දේ සිදු කරන වෙනස්කම් තුලින් රාජ්‍ය අංශයේ ප්‍රමාණය සහ සම්පත් බෙදී යෑම තුලනය කිරීම අරමුණු කරයි. සංචිත වැඩි වී තිබුනත්, මෝටර් රථ ආනයන සීමා ඉවත් කිරීම ගෙවුම් ශේෂ හා අනෙක් ගැටළු මතු කරවිය හැකිය.
ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම පුහුණු වෘත්තිකයන් රට හැර යෑමේ වේගය අඩු විය හැකිය. ඩයස්පෝරාව ආකර්ෂණය කර ගැනීම සඳහා සතුටුදායක සමාජ දේශපාලන හා ආර්ථික පරිසරයක් වර්ධනය කර ලීම අවශ්‍ය වේ. ආණ්ඩුව පුරවැසියන්ගේ අවශ්‍යතා සහ ඔවුන් සැලකිලිමත් වන කරුණු ආමන්ත්‍රණය කරන පෙර නිමිති දක්වයි.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස්කම් වලට ලක් කිරීම සහ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමත්, සියළු දෙනා ඇතුළත් කර ගන්නා මාවතක් අනුගමනය කිරීම මත රැඳී පවතියි. ඒ සඳහා සර්වග්‍රාහී ජාතික දැක්මක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, වගවීම සහ සංහිඳියාව ශක්තිමත් කරමින් සමාජ–ආර්ථික හා සංස්කෘතික ගැටුම් විසඳා ලිය යුතුය.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය තවමත් පසු වන්නේ සන්ධිස්ථානයක යි. වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ, සටන් කළ සහ තම ජීවිත පරිත්‍යාග කල අය වෙනුවෙන්, ඔවුන් ගෙන ගිය සටන් අප මතකයේ තබා ගැනීම ත්, වඩා සාධාරණ හා සමාජීය වශයෙන් අන්තර්ගත කර ගන්නා සමාජයක් ගොඩනැගීම ත් සඳහා අප ඔවුන්ගෙන් ඉගෙන ගත යුතුව ඇත.
leelagemalli / March 27, 2025
Dear Readers,
Wilpaththu Joker states:
„In legal terms, Ranil is a beneficiary of money acquired through insider trading, as well as guilty of obstructing the extradition of Arjuna Mahendran from Singapore“.
https://www.colombotelegraph.com/index.php/batalanda-ranil-wickremesinghe-criminal-justice-a-legacy-tarnished-forever/comment-page-1/
This is what I found regarding the updates of the investigations:
In particular, the Singapore government cited that the offenses Arjun Mahendran (the accused, former CBSL governor) was charged with in Sri Lanka, related to the Bond Scam—a massive financial scandal in 2015 involving the central bank—did not meet the legal criteria required for extradition under the existing extradition treaty between the two countries.
One of the main reasons for the rejection from Singapore govt was that the charges against Mahendran were seen as financial crimes, but they didn’t meet the strict definitions of “serious criminal offenses” as outlined in the extradition agreement.
Additionally, there were concerns that the Sri Lankan legal process may not fully align with the legal safeguards in place in Singapore’s judicial system.
This decision was based on a request for further clarification from the Sri Lankan government regarding whether Mahendran’s charges fit within the scope of offenses that are extraditable under the bilateral treaty. The legal complexities surrounding this case, particularly with the financial nature of the allegations, were a key reason for the rejection.
/
leelagemalli / March 28, 2025
ලංකා දේශපාලනයේ විෂම චක්‍රය:
එය හරියට රවුමෙන් ඉවත් නොවී වටරවුමක රිය පදවන වාහනයක් වැනිය.
–
එජාප->චන්ද්‍රිකා——> රාජපක්ෂ-> රාජපක්ෂ -> යහපාලනය -> රාජපක්ෂ -> ඒකේඩී බොරුකාරයා -> නාමල් රාජපක්ෂ (2029) –>………Chances on SJB is much less because Sajith is a not a good leader. If RANIL would join them only they can win an election.
–
බලාපොරොත්තු ඇති අය ටැන්ටලස් වධහිංසාවලට සමානව හසු වෙති- people suffer on and on.
–
කාට දොස් පැවරිය යුතුද?
–
ශ්‍රී ලංකාවේ ජනගහනය/මිනිසුන් වහලුන් මෙන් සැබෑ ය
මාධ්‍ය ගණිකා නිවාස- ශ්‍රී ලංකා මාධ්‍ය යනු වඩාත්ම අපයෝජනකාරී මාෆියා ජාලයයි
ආගමික අපරාධකරුවන් (සිංහල බෞද්ධයන්, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු)
/
leelagemalli / March 29, 2025
සති අන්තය ආරම්භ වෙනවා. දිගු සතියකට පසු, චිත්‍රපටයක් නැරඹීම වඩා හොඳ යැයි මම සිතුවෙමි. අද මම අපේ රාත්‍රී ආහාරයට ශ්‍රී ලාංකික කෑමක් ද කෑවෙමි.. ඉතින් පසුගිය මාස කිහිපය තුළ මම දකුණු ආසියානු රටවල් පිළිබඳ චිත්‍රපට නැරඹීමට පුරුදු වී සිටිමි.
ඊට පස්සේ මට අහම්බෙන් පහත චිත්‍රපටය හමු වුණා
https://www.youtube.com/watch?v=HXLP_u5tccE
–
මාධ්‍ය පෙරමුණ ගන්නේ නම් පමණක්, අපට උතුරේ සහ දකුණේ සාමයේ සහ සංහිඳියාවේ බීජ වැපිරීමට හැකිය. එය ජීවමාන ක්‍රියාවලියක් විය යුතු අතර අප සෑම කෙනෙකුම එයට අපගේම දායකත්වය ලබා දිය යුතුය.
:
මෙම චිත්‍රපටය මාව නැවත මගේ මව් රටට ගෙන ගිය අතර චිත්‍රපටයේ පර්යේෂකයා මා වැනි පුද්ගලයෙකි. මේ රටේ සුළුතර අයිතිවාසිකම්වලට රැඩිකල් ලෙස විරුද්ධ වන සිංහලයන්ට එරෙහිව අප සියලු දෙනා නැගී සිටිය යුතු යැයි මම සිතමි.
/