Colombo Telegraph

1971 අපේ‍්‍රල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්ණ

ලයනල් බෝපගේ

ආචාර්ය​ ලයනල් බෝපගේ

ආදරණීය සොහොයුරු සොහොයුරියනි, මිතුරු මිතුරියනි

1971 අපේ‍්‍රල් නැඟිටීමෙන් වසර 45 ක් සැපිරෙන මෙම අවස්ථාව, එම නැඟිටීමට නොයෙක් අයුරෙන් දායක වූ, එහි කොටස් කරුවන් බවට පත්ව සිටි අප බොහෝ දෙනෙකුගේ පොදු අරමුණ වූයේ කුමක්දැයි මෙනෙහි කර ගන්නටත්, එම පොදු අරමුණ සිහිපත් කර ගනිමින් වර්තමාන සන්දර්භය තුළ පවතින සමාජ, ආර්ථික හා දේශපාලණ ගැටළු දෙස බැලිය හැක්කේ කෙසේදැයි යන්න සලකා බලන්නටත් ඉඩ ප‍්‍රස්ථාවක් අපට ලබා දී තිබේ. ඒ පිළිබඳව මා දරන අදහස් ස්වල්පයක් ඔබ හමුවේ තබන්නට මම අදහස් කරමි.

1971 අපේ‍්‍රල් නැඟිටීමේ දී දිවි පිදූ විරුවන් සියළු දෙනාගේත්, තවමත් ජීවතුන් අතර සිටින අප සියළු දෙනාගේත් එකම පැතුම වූයේ හැම මිනිසෙකුටම මිනිසෙක් ලෙස නිදහසේ ජීවත් විය හැකි සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟීම බවට ඔබ සියළු දෙනා එකඟ වෙනවා ඇත. සිංහල බෞද්ධ ගැමි පරිසරයක හැදී වැඩුණු අප අතින් කවර ආකාරයේ වැරදි අඩුපාඩුකම් සිදු වූවත්, අප බොහෝ දෙනා තුළ කවර ආකාරයේ වැරදි අඩුපාඩුකම් පැවතුනත්, අපි හුදු ජාති වාදීන් හෝ, ජාතික වාදීන් හෝ, ආගම් වාදීන් හෝ, කුල වාදීන් හෝ නොවූයෙමු. අප එකිනෙකාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික පසුබිම කවරක් වූවද, අප සියළු දෙනාගේ එකම අරමුණ වූයේ සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගත හැකි සමාජවාදී සමාජ, ආර්ථික ක‍්‍රමයක් ගොඩ නඟා ගැනීමයි. එදා මේ සඳහා යොදා ගන්නා ලද උපාය මාර්ග සහ ප‍්‍රතිපත්ති අතර පහත සඳහන් ඒවා අදත් මම යහපත් ඒවා ලෙස සළකමි.

විජේවීර සහ බෝපගේ

පවතින ධනේශ්වර සමාජ ක‍්‍රමයට එරෙහිව කරන අරගලයේදී ධනේශ්වර පන්තිය හා ඔවුන් නියෝජනය කරනු ලබන පක්ෂ සමඟ සභාග ගත නොවුනු, ධනේශ්වර කඳවුරෙන් ස්වාධීනව පවතින්නා වූ වමේ බල වේගයක් ගොඩ නැඟීම;

ලාංකීය සමාජයේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය සහ ධනේශ්වර ක‍්‍රමය තහවුරු කර ගැනීම සඳහා වැඩවසම් නෂ්ටාවශේෂ යොදා ගන්නා ආකාරය හෙළිදරව් කිරීම සහ එම වැඩවසම් නෂ්ටාවශේෂයන් අහෝසි කර දැමීමේ ක‍්‍රියාවලියට දායක වීම;
(අප‍්‍රකට ජාතිකවාදී දේශපේ‍්‍රමයක් සහිතව) ජාත්‍යන්තරවාදයේ ධජය ඔසවා ගෙන පෙරට යෑම;

ලංකාවේ සංස්කෘතික හා භූ විද්‍යාත්මක සුවිෂේතාවයන්ට අනුකූල වුනු සමාජxආර්ථික සංවර්ධන මාදිළියක් සකස් කර ගැනීම; සහ

සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගැනීම සඳහා, ඒ හා සම්බන්ධ අදහස් ජන කොටස් අතරට ගෙන ගොස් ඒ පිළිබඳව ඔවුහු දැනුවත් කොට සංවිධානය කිරීම.

එදා පැවති අයහපත් මූල ධර්ම සහ උපාය මාර්ග අතර:

කම්කරු ගොවි ජන කොටස් වෙනුවෙන් පක්ෂ සංවිධානය ආදේශ කිරිම;

පක්‍ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය වෙනුවට ඌණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් යුත් මධ්‍යගතවාදයක් ක‍්‍රියාත්මක කිරීම;

සමාජවාදයේ එකම ඒජන්තවරයා සහ උරුමක්කාරයා ලෙස පෙනී සිටිමින් සමාජවාදී හෝ ප‍්‍රගතිශීලී හෝ ඒ හා සම්බන්ධ වෙනස් දේශපාලන මති මතාන්තර හා අදහස් දරන පක්ෂ, කණ්ඩායම්, කොටස් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡුා කිරීම හා ඔවුන් සමඟ එකට කටයුතු කරන්නට ඇති හැකියාව සොයා නොබැලීම හා ප‍්‍රතික්‍ෂේප කිරීම;

පළපුරුදු කම් හා අත්දැකීම් නොමැති යෞවනය දැක්වූ අතිධාවනකාරී ප‍්‍රවණතා කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම;

ලාංකීය විප්ලවය ගත යුතු මඟ පිළිබඳව පැවති බරපතල අවතක්සේරු සහ ප‍්‍රායෝගික ඌණතා;

කණ්ඩායම් හා කට්ටිවාදය ඉස්මතු වෙන්නට ඉඩකඩ ලබා දීම සහ ඒවා කට්ටිවාදී උවමනාවන් සඳහා යොදා ගැනීම; සහ

පක්ෂයේ සංවිධාන සහ සන්නද්ධ ශක්තිය බොහෝ ලෙස අධිතක්සේරු කිරීම

ඒ එදා පැවති තත්වය පිළිබඳව මා දකින අන්දම යි. එහෙත් ඉහත සඳහන් කරන ලද කරුණු අසම්පූර්ණ පමණක් නොව අඩුපාඩු සහිත ද විය හැකිය.

අනෙක් අතට, වර්තමාන ජාත්‍යන්තර හා දේශීය සමාජ, ආර්ථික, දේශපාලණික, යුද්ධමය සහ සංස්කෘතික සන්දර්භය එදා පැවති පසුබිමට වඩා වෙනස්වෙයි.

1971 අපේ‍්‍රල් නැඟිටීම සිදු වූයේ එදා පැවති සුවිශේෂ ඵෙතිහාසික වාතාවරනය තුළයි. එදා රුසියාවේ, සෝවියට් දේශයේ, චීනයේ හෝ කියුබාවේ සන්දර්භය තුල අප සැලකිල්ලට ගත් සමාජවාදය හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්ප, අද 21 වන සිය වසේ සමකාලීන තත්වයන් හා අනුකූල වන ලෙස යොදාගත යුතුව තිබේ. නව සංදර්භය තුළ ජගත් ධනේශ්වර ක‍්‍රමය සිය කටයුතු කර ගෙන යන ආකාරය මෙන්ම එහි ගතිකත්වයන් ද වෙනස්කම් වලට භාජනය වී තිබේ. එහෙයින් සමාජ සාධාරණත්වය සඳහා කරන ලද අරගලවල ජාත්‍යන්තර හා ඵෙතිහාසික අත්දැකීම් විචාරාත්මක ලෙස අගැයුමට ලක් කොට,සමාජ සාධාරණත්වය සඳහා අද කර ගෙන යනු ලබන අරගලවලට නිවැරුදි ප‍්‍රවේශයක් ඇති කර ගන්නට හැකි වෙන ආකාරයෙන් එම අගැයුමෙන් පාඩම් උකහා ගත යුතුය.ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ සමාජ සාධාරණත්වය සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යාපාර තුළ සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති බරපතල අවශ්‍යතාවයයි. රාජ්‍ය බලය දරා සිටින එවැනි ව්‍යාපාර තුළ පක්‍ෂය සහ රාජ්‍යය අතර පවත්වා ගත යුතු සම්බන්ධතාවයන් ද ආර්ථික කළමණාකරණයේදී දැක්විය යුතු නම්‍යශීලිත්භාවයන් ද,සමාජxආර්ථික, සංස්කෘතික සමාණත්වයක් ගොඩනැඟීම සඳහා කටයුතු කිරීමේදී දේපල අයිතිය පිළිබඳව ඇති බහුවිධ ආකෘතිවල අවශ්‍යතාවය පීළිගැනීම ද අවශ්‍ය බව පෙනෙන්නට ඇත.

ඒ සමඟම,ශක්ති සම්පන්න නවලිබරල්වාදී ධනේශ්වර ආර්ථික ක‍්‍රමයක් රජයන ලෝකයක සමාජවාදය ගොඩ නැඟීම, විශේෂයෙන්ම අපේ වැනි රටවල්වල සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම, ප‍්‍රබල සමාජවාදී කඳවුරක් පැවති වකවානුවේ දී බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ, දිග් ගැස්සුණු හා විවිධාකාර වූ ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. මේ සඳහා තනි මාදිලියක් හෝ ආකෘතියක් හෝ කෙටි පාරක් හෝ සොයා ගත හැකියයි මම කල්පනා නොකරමි.

එහෙත්,විප්ලවකාරී භාවිතාවේ ෙසෙද්ධාන්තික පදනම හා විශ්ලේෂණයේ විධික‍්‍රමය වශයෙන් මාක්ස්වාදය යොදාගත නොහැකියයි ද, සමාජවාදය භාවිතාවේ යෙදිය නොහැකියයි ද පවසමින් මාක්ස්වාදය අපකීර්තියට පත් කරන්නට දරන උත්සාහය මුළුමණින් ප‍්‍රතික්‍ෂේප කළ යුතුව තිබේ. විසිවෙනි සියවසේ ප‍්‍රධාන දේශපාලන ක‍්‍රියාවලි වූයේ යටත් විජිතවාදය මහා පරිමාණයෙන් ලෝකයෙන් අතුගෑවී යෑමත් සමාජවාදී කඳවුරේ ආරම්භයත් ධනේශ්වර කඳවුර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජගත් මුර දේවතාවා ලෙස පෙනී සිටින්නට පටන් ගැනීමත් ය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාවේ යෙදූ බටහිර ධනේශ්වර රටවල් ආරක්‍ෂා කළේ ආර්ථික ඒකාධිකාරයන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්නෙන් සමාජ ආර්ථික අසමානතා අවම කර දැමීමක් ඔවුන්ට කිසිසේත් අදහස් වූයේ නැත.

සමාජවාදී රටවල් විසින් අත්කර ගන්නා ලද ජයග‍්‍රහණයන් අතර කෙටි කාලයක් තුළ, දිළිඳුකම සහ නූගත්කම මුලිනුපුටා දැමීම, විරැුකියාව අහෝසි කිරීම, අධ්‍යාපනය, සෙෘඛ්‍ය සේවා, නිවාස වැනි ක්‍ෂේත‍්‍ර තුල සමාජ සුරක්‍ෂිතතා ජාලයක් ඇති කිරීම වැනි දේ කැපී පෙනුණි. සමාජවාදී කඳවුරේ පුරෝගාමිත්වයෙන් කරන ලද වෙනස්කම් මඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු රටේ පුරවැසියන්ට සමාජ හා ආර්ථික ක්‍ෂේත‍්‍රවල සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම බව ආදර්ශයෙන් පෙන්වා දීමත් සමඟම, බටහිර ධනේශ්වර රාජ්‍යයන් එම අභියෝගයට මුහුණ දුන්නේ තම රාජ්‍ය පද්ධති ප‍්‍රජාතන්තී‍්‍රකරණයට ලක් කිරීමෙන් සහ ඊට පෙර කිසිදාක ඉඩ නොදුන් ආකාරයට වැඩ කරන ජනතා කොටස්වල අයිතීන් පාර්ශ්වික ලෙස ලබා දීමෙන් සහ ශුභසාධන පියවර ඇති කිරීමෙනි. එංගලන්තය, ප‍්‍රංශය, ස්කැන්ඩිනේවියානු වැනි රටවල පුරවැසියන්ට ඒ අනුව රැුකියා විරහිත අයට ශුභසාධන ක‍්‍රමයක්, සෞඛ්‍ය සේවා සහ විශ‍්‍රාම වැටුප් හඳුන්වා දෙන ලද්දේ ඒ රටවල ජන අරගල හේතුවෙනුත්, සමාජවාදී රාජ්‍යයන් තුළ එවැනි ආදර්ශයන් ඇති කිරීමෙන් පසු කාලීනවයි.

පසු කාලයේ කරලියට පැමිණි ජර්මන්, ඉතාලි සහ ජපන් පැසිස්ට්වාදය පරාජය කරන්නට කළ එක්සත් අරගලයේ දී අත් කර ගන්නා ලද ජයග‍්‍රහණයන් හේතුවෙන් ධනේශ්වර විරෝධී බලවේගයන්ට එරෙහිව ලෝකය පුරා කරන ලද අරගල ධනේශ්වර ක‍්‍රමය විසින් හඳුන්වාදෙන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ඒකාධිපතිවාදී බලවේග අතර කෙරුණු අරගලයක් ලෙසිනි. පසුගිය ශතකයේ අගභාගයේ දී සමාජවාදී රාජ්‍ය ප‍්‍රශ්ණ සහ අර්බුද වලට මුහුණ දීමත් සමඟ බටහිර රටවල් එම ශුභසාධන කටයුතු සහ සහන යලි කප්පාදු කර දැමීම ආරම්භ කිරීමත්, මේ දශකයේ දී එවැනි කප්පාදු කිරීම් දැඩි ලෙස උත්සන්න කර තිබීමත් තුලින් පැහැදිලි වන්නේ මෙම සෘජු සම්බන්ධතාවයයි. මේ අනුව ගත් විට අප අද මානව ශිෂ්ඨාචාරයෙන් වෙන් කළ නොහැකි ලෙස සළකන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් බටහිර හෝ් ධනේශ්වර නිෂ්පාදනයක් නොව, වැඩ කරන ජන කොටස් විසින් සමාජ සාධාරණත්වය උදෙසා කරන ලද අරගලවල ප‍්‍රථිඵලයක් බව අප වටහා ගත යුතුය.

සමාජවාදී ක‍්‍රමයේ පසුබෑම් යොදා ගෙන,ධනේශ්වර ක‍්‍රමය එහි නව ලිබරල් වාදී අවධිය තුල වඩා යුදවාදී බවටත් ආක‍්‍රමණශීලී බවටත් පත්වී තිබේ. මුළු මහත් ලෝකය පුරා වැඩ කරන ජනයා මත අධිරාජ්‍යවාදී කොල්ලකාරී ගෝලීයකරණයත් බිහිසුණු නව ලිබරල්වාදයත් බලහත්කාරී ලෙස පටවමින් තිබේ. මේ සඳහා ඉරාකය, අප්ගනිස්ථානය, ලිබියාව,පලස්තීනය සහ ඊශ‍්‍රාලය-ඇමෙරිකානු අක්‍ෂය වැනි උදාහරණ බහුල ලෙස දැක්විය හැකිය. අනෙක් අතට, මෙම නව ලිබරල්වාදී ආධිපත්‍යවාදයට එරෙහිව ලෝකය පුරා කරනු ලබන අරගල ද උත්සන්න වෙමින් පවතී. ඉරාකයේ, ඇප්ගන්ස්ථානයේ, පලස්තීනයේ, ලෙබනනයේ කෙරෙන ආක‍්‍රමණවලට එරෙහිව කෙරෙන අරගල සහ විරෝධය පෑම්ද, අධිරාජ්‍යවාදී කොල්ලකෑම්වලට සහ නව ලිබරල් වාදී ප‍්‍රතිපත්ති වලට එරෙහිව ලතින් ඇමෙරිකාව පුරා බ‍්‍රසීලය, වෙනිසියුලාව, බොලීවියාව, ඉක්වදෝරය, නිකරගුවාව සහ උරුගුවායි වැනි රටවල ඇති වී තිබෙන අරගලද කදිම උදාහරණ වෙයි.

බටහිර ලෝකය පුරා පවතින ආර්ථික අර්බුදයෙන් ද, මුළු මහත් ලෝකය පුරා පවතින සරණාගතයන් පිළිබඳ අර්බුදයෙන් ද පැහැදිලි ලෙස දිගින් දිගටම දක්වනු ලබන්නේ සමාජ සාධාරණත්වය සඳහා ධනේශ්වර ක‍්‍රමය කටයුතු නොකරන බවයි. යළි යටත්විජිතකරණයට ලක් කරනු ලැබීමට එරෙහිව, සම්පත් කොල්ලකා ගැනීමට එරෙහිව, මෘග ආකාරයෙන් යුද්ධ බලය යොදා ගැනීමට එරෙහිව ධනේශ්වර ලෝකයේද ඇතුළුව ලොව පුරා කෙරෙන විරෝධය පෑම් සහ අරගල විසින් විදහා පානු ලබන්නේ ධනේශ්වර සමාජ ආර්ථික ක‍්‍රමයෙන් වෙනස් වූ විකල්ප සාධාරණ සමාජ ආර්ථික ක‍්‍රම ගොඩ නැඟීම සඳහා ඇති අවශ්‍යතාවයයි.

සමාජවාදී කඳවුර මගින් සමාජ සාධාරණත්වය ඇති කිරීම පිළිබඳව කරන ලද අත්හදා බැලීම්වල අසාර්ථකත්වය, හුදෙක්, ධනේශ්වර රටවල් සහ ඒවායේ ඔත්තු සේවා මඟින් ඇති කරන ලද කඩා කප්පල් ක‍්‍රියා නිසාවෙන් පමණක් ඇතිවූවක් ලෙස සැළකිය නොහැකිය; නොසැළකිය යුතුය. එසේ වන්නට බල පෑ ප‍්‍රධාන හේතු ලෙස, සමාජවාදය නමැති සංකල්පය පිළිබඳව සහ සමකාලීන ලෝකයේ යථාර්තයන් පිළිබඳව තිබුන තක්සේරුවල ස්වභාවයත් සමාජවාදී වෙනස්කම් ඇති කිරීමේ කාල පරිච්ඡේදයේදී මුහුණ දෙන ලද ප‍්‍රායෝගික ගැටළුත් දැක්විය හැකියයි සිතමි. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ මහා පරිමාණ කාර්මීකරණයන් ඇති කරන්නට තරම් දියුණු තාක්‍ෂණයක්, සමාජ කාර්යක්‍ෂමතාවයක් සහ ඵලදායකත්වයක් නොතිබෙණ සමාජවල, ඒ රටවල ජීවත් වෙන පුරවැසියන්ගේ පෞද්ගල අවශ්‍යතා සැළකිල්ලට ගැනීමෙන් තොරව, පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් තොරව, ධනේශ්වර නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට ඉඩකඩ සැපයෙන අයුරෙන් නිෂ්පාදන සම්බන්ධතා වැඩි දියුණු කිරීමෙන් තොරව පොදු සමාජවාදී වෙනස්කම් ඇති කළ හැකිද, එවැනි සංක‍්‍රමණ කාල පරිච්ඡේදවලදී ඇතිවෙන අකාර්යක්‍ෂමතා, අල්ලස් හා දූෂණ සහ පාලකයන්ගේ හා පරිපාලකයන්ගේ අතිතනෝමතික ක‍්‍රියා කළමණාකරණය කරන්නේ කෙසේද යන ගැටළු අපේ සාකච්ඡුාවල මුල් තැනක් ගත යුතුව තිබේ යයි මම කල්පනා කරමි.

අපේ රටද ඇතුළුව ලොව පුරා රැුකියා, සමාජ සුරක්‍ෂිතතා සහ ජීවනෝපායයන් වෙත එල්ල කොට ඇති ප‍්‍රහාරවලට එරෙහිව වැඩ කරන ජනතාවගේ පැත්තෙන් කෙරෙන අරගල සහ විරෝධය පෑම් මෙම අධිරාජ්‍යවාදී ගෝලීයකරණයේ සහ නව ලිබරල් ධනවාදයේ යුදවාදී සහ ආක‍්‍රමණකාරී ප‍්‍රසාරණයට එරෙහිව පවතින ව්‍යාපාරයේ හදවත බඳු වෙයි. මෙම තත්වය තුල, සමාජවාදය හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්ප අද 21 වන සිය වසේ සමකාලීන තත්වයන්ට අනුකූල කර ගන්නට නම් ජාතික හා මානව වාර්ගික පීඩා පිළිබඳ ප‍්‍රශ්ණ, පාරිසරික ප‍්‍රශ්ණ, ලිංගික වෙනස්කම් මත කරනු ලබන පීඩා සහ මර්දනය කිරීම් වැනි ප‍්‍රශ්ණද ඇතුලත් කර ගත යුතුය. අපේ ලෝකයේ පරිසරයට, ජීවත් වෙන්නට සහ එහි පැවැත්මටම තර්ජනයක් වී පවතින්නාවූ ද කෙසේ හෝ ලාභ උපරිම කිරීම පමණක් ඉලක්කය කර ගත්තාවූ ද කෑදර ධනේශ්වර සමාජ ක‍්‍රමය සාර්ථක ලෙස පවත්වා ගෙන යා නොහැකි ක‍්‍රමයක් බව වැඩි වැඩියෙන් සනාථ වෙමින් තිබේ. ධනේශ්වර සමාජ ක‍්‍රමයට ඇති එකම විකල්පය විය හැක්කේ සමාජවාදී සමාජ ක‍්‍රමයක් පමණක් බව මගේ කල්පනාවයි.

එහෙත් ධනේශ්වර සමාජ ක‍්‍රමය බිඳ වැටීම ඉබේ සිදුවන්නක් නොවේ. එය දැනුවත් බවට පත් සංවිධානය වූ පෙරටුගාමී බලවේගයක් ලෙස වැඩ කරන ජන කොටස් විසින් ඉවත් කොට දැමිය යුතුය. මේ සම්බන්ධයෙන් අපේ අනිවාර්ය දුබලතාවයට හේතු වන්නේ අප අපේම ශක්තිය පිළිබඳව, සමාජවාදයේ ශක්තිය පිළිබඳව අධිතක්සේරු කිරීමත් ධනේශ්වර ක‍්‍රමයේ ශක්තිය පිළිබඳව අවතක්සේරු කිරීමත් ය. මෙම වැරදි සහගත තක්සේරු කිරීම හේතුවෙන් සමාජ සාධාරණත්වය සඳහා කරනු ලබන මතවාදී අරගලය නිරන්තරයෙන් මුවහත් කොට ශක්තිමත් කරන්නට ඇති වුවමනාව මොට බවටපත් වෙයි. සමාජ සාධාරණත්වය සඳහා අවශ්‍ය වෙනස් කම් කරන්නට අත්‍යවශ්‍ය කරන මනෝමූල සාධකය මත පදනම් වෙමින් තීරණාත්මක ලෙස මැදිහත් වෙන්නට ඇති හැකියාවද මෙයින් මොට කෙරෙයි.මෙයින් මා අදහස් කරන්නේ වාස්තවික තත්වයන් පිළිබඳව වාස්තවික විශ්ලේෂණයක ඇති අවශ්‍යතාවය යි. එවැනි විශ්ලේෂණයක් මත පදනම් වී කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවය යි.

1971 අපේ‍්‍රල් නැඟිටීම අවධියේ පැවතුනු සම්ප‍්‍රදායික පැරණි වමේ පක්‍ෂ අද වන විට නාම මාත‍්‍රික කොටස් බවට පත්ව ඇත. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වැනි සංවිධාන පෙරට වඩා දුර්වලය. පොදුවේ ගත් විට, වමේ ශක්තිමත් බවක් පෙනෙන්නට නැත. රටේ සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටළු සමස්තයක් වශයෙන් ගෙන කරන විශ්ලේෂණයක්, ඒ ගැටළු වෙත විද්‍යාත්මක පදනමක් මත ගොඩ නඟා ගන්නා ලද විසඳුමක් ඉදිරිපත් කරන බවක්ද පෙනෙන්නට නැත. උදාහරණ වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා කරන අරගල, ජාතික ගැටළුව හා ජන වාර්ගික සංහිඳියාව, යුද අපරාධ හා සම්බන්ධ ගැටළු, කාන්තා සහ ගොවි ජන ගැටළු වැනි කරුණු දැක්විය හැකිය.

සමාජ සාධාරණත්වය සඳහා අද දිනයේ කටයුතු කරන ඕනෑම වමේ හෝ ප‍්‍රගතිශීලී සංවිධානයක් ජාතිවාදයේ, ජාතික වාදයේ, හා ආගම්වාදයේ පැරණි පෙකැණි වැලෙන් නියත ලෙසම කැඞී වෙන් විය යුතුව ඇත. 1971 ප‍්‍රකට ලෙස නොතිබුනු ජාතිකවාදය 1987-x89 වන විට අති ප‍්‍රකට ජාතික වාදයක් බවටත්,වක‍්‍ර ආකාරයෙන් ආගම්වාදයකටත් පෙරලා ගෙන තිබුන බව ඉතිහාසය විසින් සනාථ කොට තිබේ. වමේ හෝ ප‍්‍රගතිශීලී ව්‍යාපාර ලෙස අද ප‍්‍රධාන වශයෙන් පෙනී සිටින අයගේ මැදිහත් වීමෙන් 1980 දශකයේ මැද භාගයේ දී අන්ත දක්‍ෂිණාංශික සංවිධාන සහ පුද්ගලයන් ඒකරාශි කොට දකුණේ ජන කොටස් ජාතිවාදී, ජාතික වාදී සහ ආගම්වාදී මතවාදයෙන් සන්නද්ධ කෙරුනේය. මෙම දක්‍ෂිණාංශික මතවාදය විසින් මෙහෙයවනු ලැබූ සංවිධාන දමිල සටන්කාමිත්වයට එරෙහිව දියත් කරන ලද යුද්ධයේ දී කොන්දේසි විරහිතව රාජ්‍ය යාන්ත‍්‍රණයට ආධාර අනුබල දුන්නා පමණක් නොව,තම සාමාජිකයන් යුද්ධයට යවන්නට පවා සූදානම්ව සිටියහ.

දමිල ජනයා මුහුණ දී සිටින්නේ සිංහල ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්ණවලටම බවත්, එම ප‍්‍රශ්ණවලට විසඳුම් ලබා ගත හැක්කේ සමාජවාදය තුල පමණක් හෙයින් දමිල ජනයා තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම අනවශ්‍ය බවත් පවසා සිටි මෙම සංවිධාන, දමිල ජනයාගේ ගැටළු විසඳ​ගන්නට ඉදිරිපත් කළ හැකි යෝජනා, ජන වාර්ගික කොටස් අතර සංහිඳියාව ඇති කිරීම, නව ව්‍යවස්ථාවක් සැකසීමට අදහස් ඉදිරිපත් කිරීම, ජිනීවා යෝජනා, යුද අපරාධ විභාග කිරීම, ඒ හා අදාල යාන්ත‍්‍රන සකස් කිරීම සම්බන්ධයෙන් ඇල් මැරුණු පිළිවෙත් අනුගමනය කරනු පෙනේ. අද දිනයේ පවා අත්තනෝමතිකත්වයේ සහ පවුල් බලයේ ශක්තිය පදනම් කොට ගෙන ඇත්තේ එම ජාතිවාදී, ජාතික වාදී සහ ආගම්වාදී මතවාදය මත බව අළුතෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. සමාජ සාධාරණත්වය සඳහා අරගල කරන සියළු දෙනාම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගන්නටත්, තහවුරු කර ගන්නටත්, දකුණේ සාමාන්‍ය සිංහල සමාජය තුල ජාතිවාදී, ජාතික වාදී සහ ආගම්වාදී මතවාදය පැතිරවීමට එරෙහි වන්නටත්, එම මතවාදය පරාජය කරන්නටත් අපේ රටේ සෑම පුර වැසියෙකුටම සමානයන් ලෙස සැලකීමේ, සහ සම අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දකුණේ ජන කොටස් සූදානම් කරන්නටත් කටයුතු කළ යුතුව ඇත.

1971 අපේ‍්‍රල් නැඟිටීමෙන් වසර 46 ක් සැපිරෙන මෙම මොහොතේ, එම අරගලයේදී දිවි පිදූ, විවිධාකාරයේ කැප කිරීම් කළ සහෝදර සහෝදරියන් සියළු දෙනාගේ පොදු අරමුණ, ඔවුන් සියළු දෙනාගේ එකම පැතුම වූයේ අපේ ලෝකයේ, විශේෂයෙන්ම අපේ රටේ වාසය කරන හැම මිනිසෙකුටම මිනිසෙක් ලෙස නිදහසේ ජීවත් විය හැකි ආකාරයේ සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟීම යි. එය අප සියළු දෙනාගේම පොදු අරමුණ ද, එකම පැතුම ද විය යුතුය. අප බොහෝ දෙනා අතර කවර ආකාරයේ අඩු ලූහුඬුකම් පැවතුන ද, අප ජාති වාදීන් හෝ ජාතික වාදීන් හෝ ආගම් වාදීන් හෝ කුල වාදීන් හෝ නොවිය යුතුය. එකිනෙකාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික පසුබිම් කවරක් වූවද, අප සියළු දෙනාගේ එකම අරමුණ විය යුත්තේ සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගත හැකි සමාජයකට අත්තිවාරම දැමීම යි. මේ සඳහා අප සියළු දෙනාට අධිෂ්ඨානයත්, ශක්තියත්, ධෛර්යයත් ලැබේවා යයි ප‍්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමු ගන්නෙමි.

ඔබ සැම දෙනාටම ශුභ අනාගතයක්! සියළු දෙනාටම ජය වේවා!

Back to Home page