Colombo Telegraph

හිංසනය පිළිබඳ විචාරයක් සහිත බලවත් ශිෂ්‍ය ව්‍යාපාරයක්

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

මේ සතියේ මා හෙමින්සැරේ සලකා බලන්නට තෝරාගත්තේ මා කළ කතාවකි. ජූනි මස 20 වැනිදා විරුසිසු සමරුව පැවැත්විණ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ ඒ විරු සිසු සැමරුමට විවිධ විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යශිෂ්‍යාවෝ දහස් ගණනක් සියලූම විශ්වවිද්‍යාලවලින් පේරාදෙණියට පැමිණ සිටියහ. එදින ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මා විනාඩි 15ක් පමණ කතා කළ අතර අන්තරේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැයක් පමණ දිග න්‍යායික කරුණුද සහිත හොඳ කතාවක් කළේය. මා කී කරුණුවලින් කිහිපයක් සාරාංශ කොට කීමට මේ තීරුව යොදා ගනිමි.

විරු සිසු සැමරුම්වලදී ශිෂ්‍ය වීරවරියන් පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. 1987-89 කාලයේ ශිෂ්‍ය අරගලවලදී බොහෝ ශිෂ්‍යාවෝ දිවි පිදූහ. උතුරු නැගෙනහිර පමණක් නොව සිංහල-බෞද්ධ දකුණේද දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදුණ ස්ත‍්‍රීන්ට ද`ඩුවම් දෙනු ලබන්නේ හුදෙක් ”දේශපාලන වැරදි”වලට පමණක් නොවේ. ඔවුන් ස්ත‍්‍රීන් වීමද වරදක් කොට සලකා ද`ඩුවම් කරති. ස්ත‍්‍රීන් ලිංගික හිංසනයට පත් වන්නේ ඒ නිසාය. ස්ත‍්‍රී දේශපාලන ක‍්‍රියාධාරිනියන් දහසක් එකක් තිරිසන් ආකාරවලින් ලිංගික වධදීම්වලට ලක්වීම් එකල සිදු විය. ඒ අපේ හමුදාව දකුණේ සිටි කාලයේය. ඒ නිසා අරගල කළ වරදටත් ස්ත‍්‍රීන් වීම නිසාමත් ද`ඩුවම් විඳි ඒ වීරවරියන්ද අප නිතර සිහි කළ යුතුය.

කෙසේ වෙතත් අපේ රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිස ශිෂ්‍ය ව්‍යාපාරය කළ දායකත්වය අමිලය. ඔවුන් ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවූහ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ප‍්‍රාග්ධනයේ ආක‍්‍රමණයෙන් බේරා ගැනීමට ශිෂ්‍යයන් කළ කැපවීම අතිවිශාලය.

සාමාන්‍යයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය අපේ අධ්‍යාපනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සටන් කරන්නේ නැත. ඔවුන්ගේ අවධානය යොමු වන්නේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමටයි. එහෙත් මෑතකදී ශිෂ්‍යයන් විසින් ජයගත් සමසෞඛ්‍ය අරගලයේදී අධ්‍යාපනයේ අන්තර්ගතය ගැනත් යම් අවධානයක් යොමු කරනු දැකිය හැකි විය. සම සෞඛ්‍ය උපාධිය අවුරුදු හතරක් පුරා විහිදුණු අන්තර්ගතයකින් යුක්ත විය යුත්තේ ඇයි? ඒ අන්තර්ගතය සකස් විය යුත්තේ කෙසේද? ආදී ප‍්‍රශ්න ශිෂ්‍යයෝ සාකච්ඡුා කළහ.
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ධෛර්ය ප‍්‍රාර්ථනා කරන මේ මොහොතේ ශිෂ්‍ය දේශපාලනය විසින් සැලකිල්ලට ගනු ලැබිය යුතු කරුණු කීපයක්ද සිහිපත් කළ යුතුය.

ලංකාවේ රාජ්‍යය යුද්ධයෙන් පසුවත් හිංසනය සිය පාලනයේ ප‍්‍රධාන මෙවලමක් භාවිත කරන බව හලාවත, වැලිවේරිය, රතුපස්වල ආදී සිද්ධිවලින් පෙනේ. අධ්‍යාපනය, සෞඛ්‍යය පිළිබඳ වෘත්තීය අයිතිවාසිමකම් පමණක් නොව ජලයට ඇති අයිතිය පිළිබඳ මහජන සටන්වලට පවා හිංසක ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීම අද දක්නට ඇති දෙයකි. සමසෞඛ්‍ය අරගලයේදී ශිෂ්‍යයන්ට පහර දුන් ආකාරයෙන් එය පෙනේ.

සමසෞඛ්‍ය අරගලය ජයගන්නා විට එක්තරා ඡුායාරූපයක් ලෝක ප‍්‍රසිද්ධ විය. ඒ එක් ශිෂ්‍යයෙකුගේ ඇස පොලිස් පහරදීමෙන් චප්ප වී ඇති සැටි එයින් දැක්විණ. එය අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට ආචාරධාර්මික ශක්තිය සපයන ඡුායාරූපයක් විය යුතුය. ඉන් ඇ`ගවිය යුත්තේ හිංසනය ඉදිරියේ නිර්-හිංසකව තමාගේ සටනෙහි ආචාරධාර්මික ශක්තිය වෙතම රඳා පැවතීමය. මතුපරම්පරාවන්හි අධ්‍යාපන අයිතිය රැුකීම මිස වෙනත් අරමුණක් තමන්ට නැති බව නිර්-හිංසනයෙන් යුතුව පෙන්නා දිය හැක්කේ එවිටය.

මේ සඳහා අපේ ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ගේ ඉතිහාසය පිළිබඳ අවංක වූද මැදහත් වූද තක්සේරුවක් කළ මනාය. නිදර්ශන දෙකක් දක්වන්න කැමැත්තෙමි. අප 1988 දී කොළඹ විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වී සති දෙකක් යන විට උපකුලපතිවරයා වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා සිය කාර්යාලයේදීම වෙඩි තබා මරා දමන ලදී. මේ හිංසක ක‍්‍රියාවට එවකට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධද යන්න මම නොදනිමි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඒ ඝාතනය පිළිබඳ කිසිම විචාරාත්මක විස්තර කිරීමක් හෝ හෙලා දැකීමක් නොතිබිණ. මා සිතන්නේ විශ්වවිද්‍යාලයක් තුළදී උපකුලපතිවරයෙකු ඝාතනය වීම වැනි දේ කිසිම විටෙක සිදු නොවිය යුතු බවයි.

ඊ ළ`ගට එවකට ශිෂ්‍ය නායකයෙකු වූ දයා පතිරණ ගෙල කපා මරා දැමිණ. ඊට ශිෂ්‍ය ව්‍යාපාරය දායක වූයේ කෙසේදැයි මම හරියට නොදනිමි. එහෙත් එය එවකට ශිෂ්‍ය ව්‍යාපාරය අනුමැතිය ලද ඝාතනයක් යැයි මම සිතමි. මම අදත් විරුසිසුවන් වෙනුවෙන් නිහ`ඩතාව රකින්නට නැගිට සිටි විට දයා පතිරණ සිහි කරමි. කිසිම ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් හේතුවෙන් මියයායුතු නැත.

හිංසනය පිළිබඳ සියලූ වගකීම ඉතිහාසයට පැවරීම ඉතිහාසය යන්න ඉතා යාන්ත‍්‍රිකව ගැනීමකි. ඉතිහාසයේ ප‍්‍රවාහයේදී මිනිස් කාරකත්වයක් ඇත. මිනිසාට සිතීමට ඉඩක් ඇත. එසේ නැතිනම් ඒ අවකාශය ගොඩ නැගිය යුතුය.

අපේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ අවංක විචාරාත්මක තක්සේරුව කරන්නට පටන් ගෙන ඇති බව පසුගිය දවසක ගිනිසිළුව පුවත්පතේ ඇති ලිපියකින්ද පෙනිණ. එහිදී තර්ක කෙරුණේ විශ්වවිද්‍යාලවල උපසංස්කෘතිය වෙනුවට ප‍්‍රති-සංස්කෘතිකවත් බව ඇති කළ යුතු බවයි. මෙය අගනා අදහසකි. උප-සංස්කෘතිය යනුවෙන් පවතින්නේ මහා සමාජයේ ඇති භේදභින්නතාවල සහ අගතීන්ගේ අනුරුවක් නම් ඒ උපසංස්කෘතියෙන් පලක් නැත. මහා සමාජයේ පවත්නා අගතීන් ප‍්‍රශ්න කර ඒවා වෙනුවට වඩා යහපත් ලක්ෂණ ඇති කරන ප‍්‍රතිසංස්කෘතිකවත් චින්තනයක් විශ්වවිද්‍යාලයේ පැවතිය යුතුය. අපේ සංස්කෘතියේ ඇති සියලූ දේ අපේ වන නිසාම අවිචාරවත්ව භාර නොගෙන පරිවර්තනීය ආකාරයකින් චින්තනයේ යෙදීම ප‍්‍රතිසංස්කෘතික චින්තනයයි. එවැනි චින්තනයක යෙදෙන්නට සහ විචාරාත්මක කාර්යක යෙදෙන්නට අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි වෙතියි මම අපේක්ෂා කරමි. විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගිය හැක්කේ එවිටය.

ශිෂ්‍ය ව්‍යාපාරයටත් මහා සමාජයටත් හිංසනය සහ බලය අතර සම්බන්ධය යළි සලකා බලන්නට උදව් වෙන වැදගත් කෘතියක් ඇත. ඒ හන්නා ඇරෙන්ඞ්ගේ ”හිංසනය ගැන ආලෝචනා” නම් කෘතියයි. ඒ කෘතියේ එක් තැනෙක අරෙන්ඞ් මෙසේ කියයි:

“දේශපාලනික වශයෙන් ගත් කල බලය සහ හිංසනය යනු එකක් නොවේ. බලය සහ හිංසනය යනු එකිනෙකට විරුද්ධ දෙකකි. හිංසනය ඇති වන්නේ බලය අනතුරට වැටී දුර්වල වී තිබෙන විටය. හිංසනයට එලෙසම වැඩෙන්නට දුන්නොත් එහි කෙළවර බලය ඇතිවීම නොව බලය සම්පූර්ණයෙන්ම නැතිව යාමයි. හිංසනයට බලය විනාශ කළ හැකි නමුත් බලය නිර්මාණය කිරීමේලා හිංසනය අතිශයින්ම අසමත්ය.”

ලංකාවේ රාජ්‍ය තවතවත් හිංසනය දෙසට ඇදෙන්නට ඇති ඉඩ වැඩිය. ශිෂ්‍ය ව්‍යාපාරය වඩවඩාත් “බලය” වෙත යා යුතුය. ඒ නම් අන් කිසිවක් නොව අධ්‍යාපනයේ අයිතිය අනුල්ලංඝනීය මිනිස් අයිතියක් නිසා සෑම මිනිසෙකුටට එය නොමිලේ ලැබිය යුතුය යන අදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සමාජගත කිරීමයි.

Back to Home page