Colombo Telegraph

වැදී බණ මැදින් මුනි බණ තෝරා අසනු

ලුක්මාන් හරීස්

ලුක්මාන් හරීස්

අපි අසන බණ මගින් අප අතර සාමය හා සුහදත්වය වර්ධනය විය යුතුය. වෛරය එමගින් වපුරනු ලැබුවහොත්ල බුදුන් වහන්සේද එමගින් උරණු වෙනු ඇතග ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී සංකල්පනාවක් වූල විශාරද නන්දා මලිනීය විසින් ගැයූ ගීතයක් මගින් මෙම පණිවිඩය අගේට හුවා දැක්වේ.

බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොල වුනත් සුදුසෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුල නොදුටු උන් බන පිලිපදිනු
වැදී බන මැදින් මුනි බන තෝරා අසනු
වැදී බන දෙසන සඟ ගණ වුව පිටු දකිනු

මෙහි කියවෙන දේ ක්රි යාවට නැංවීමේ දිරිය හෝ හිතේ හය්ය අප ජනතාවට කවදා ඇතිවේද? පුරා අවුරුදු තිහක කාලයක් ත්ර ස්තවාදයට එරෙහිව නැගී සිට යුධ කල අපේ ජනතාව ල හරි හැටි සැප නින්දක් නොමැතිව දුක් විඳි අපේ ජනතාව ල නැවතත් ඒ ප්රාපාතයට ම වැටීමේ ප්රපවනතාවයක් පෙන්නුම් කිරීම ඛේදනීය තත්වයකි. එදා කොටි අන්තවාදය පරාජය කිරීමට අපට රටේ සම්පත් බංකොලොත් වන තරමට අවි යොදාල ජීවිත දස දහස් ගණනක් බිලි දී ල එය මැඩලීමට සිදු වුනි. අද ආයේ අන්තවාදී අවතාර අප’තර හොල්මන් කරන්නේ අපට හුරු පුරුදු නමකිනි. ඒ. සිංහල බෞද්ධ අන්තවාදයයි. රෝස මල කුමන නමකින් හැඳින්වුවත්…, එය සුන්දරය. සුවන්දවත්ය යන්න ෂේක්ස්පියර් ගේ කියමනකි. එලෙසම ඉවසිය නොහැකි මිනී ගඳක් දෙනිරැෆල්සියා ආනොල්ඩි’ මල කුමන නමක් ගත්තත් දුර්ගන්ධය. අන්තවාදී දුර්ගන්ධය අපෙන් තුරන් විය යුත්තේ එය මනුෂ්ය ත්වයට වින කරන ශාපයක් නිසාවෙනි. අන්තවාදය කුමන හෝ ජාතියක ස්වරූපය ගත්තත්, එය පිළිකුල් සහගතය. අන්තවාදයෙන් අන්ධ වූ විට ල අනුන්ට වෛර කිරීම ල අනුන්ගේ දියුණුව ගැන ඉරිසියා කිරීමල ක්රෝඅධය සිතෙහි පහල වීම සහජය.. අන්තවාදයෙන් මේරු විට සෙසු අයට තිබෙන අවකාශයන් පටු වේග බහුතර වාදයේ නමින් එම අවතාරය ආ විට තවත් භයානකය.

බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාව ප්රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන විශිෂ්ට ජාතියකි. ඔවුහු සහජයෙන් ම සුහදශීලී කරුණාබර හදවත් ඇතිල ජන කොට්ටාශයකි. මුස්ලිම් වරයෙක් වන මාගේ බොහෝ මිත්රුයන් හෝ සගයන් සිංහල සහෝදරවරුන්මය. අපි එකතු වූ විට අප අතර තිබෙන භේදයන් අමතක වේග අපේ අවුරුද්දට ඔවුහු අප නිවසට එති. ඔවුන්ගේ අවුරුද්දට මා ඔවුන්ගේ නිවෙස්වලය. අප අතර තිබුනේ අසහාය බැඳීමකි. සුහදකමකි. ගාලු පුරයේ කොටු පවුර තුල හැදී වැඩුණු මාගේ සුන්දර අතීතයට මසිත දිව යයි. කොටුව ඇතුලේ මුස්ලිම් පල්ලියක්, විහාරස්ථානයක් හා ක්රිතස්තියානි පල්ලියක් ඇත. අපි කුඩා කාලයේ සති අන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන් වෙතට යන්නේ සිංහල ඉගෙන ගන්න. උන් වහන්සේ සැම විටම වදාළේල ළමයිනේ, හැම භාෂාවම දැනගෙන ඉන්න ඕනේ. එවිට තමයි අප’තර අවබෝධය වැඩිවෙන්නේ’ ඒ අවවාදය මගේ සිතේ පැලපදියම් වූනේ කුඩා සන්දියේමයි. ලොකුවුනාම භාෂා දැනුම ප්රායෝජනවත් විය. වැඩ පලේදී ල වෘත්තීය සමිති වැඩවලදී මනුෂ්යයත්වය දැකීමට උපකාර විය. උන් වහන්සේ අපවත් වූ විට, අපගේ මුස්ලිම් සංගමය, එදා පැමිණි සිය ගණන් ජනතාවට කෑම බීම් සැපයීමේ වගකීම බාරගත්හ. එය අප ට ආඩම්බරයක් ම විය.

1980 ගණන් වල ගාල්ලේ මුස්ලිම් සිංහල කෝලහලයක් ඇතිවිය. එයට මුල් වුනේ සිංහල මුස්ලිම් බේබදු දෙන්නෙක් අතර ඇති වූ සිද්දියක් දුර දිග යාමයි. ඒ දින වල බෞද්ධ ස්වාමීන් වහන්සේලා පිරිසක් හා සමාජ සේවක පිරිසක් එක්ක එකතුවී වැඩ කිරීමට මා හට භාග්ය ය ලැබුනි. එදා අපි පත්රිුකා බෙදුවෙමු. රැස්වීම් පැවැත්වූවෙමු. ජාතිවාදයේ අඳුරු සැවනැලි අපි එදා පහකරේ අපේ ජනතාව අතර අවබෝධය වැඩිකිරීම තුලින්ය. කොළොඹ පදිංචි වීමෙන් පසු ද මාගේ අසල්වැසියන් වුයේ සිංහල ජනතාවමය. අපි සුහදත්වයෙන් කල් ගෙව්වෙමු. එකිනෙකා අතර අවබෝධයෙන් ආශ්රජය කළෙමු. මුස්ලිම් වරුන් යනු ඇඳුම් පැළඳුම් වලින් වෙනස් වුවත් සිංහල ජනතාව සමග ඉතිහාසය පුරා සහෝදර බැඳීමකින් ජීවත්වූ ජන කොට්ටාශයකි.

මුස්ලිම් වරු ශත වර්ෂ ගණනාවක් ජීවත් වුයේ සිහල ජනයා අතරය. අප ජන කොටස් දෙකම සිතුම් පැතුම් හා අභිලාෂයන් බෙදා හදා ගෙන ජීවත් වූ පිරිස්ය. ශ්‍රී ලක් මුස්ලිම් වරුන්ට ඇත්තේද මේ රට පමණය. සමහරු පවසන ආකාරයට ඔවුන්ට මැද පෙරදිග හෝ සෞදියට යාමට නොහැක. ආදී අතීතයේ සිටග සිහල රජ කාලයේ සිට මුස්ලිම් වරුන් මේ රටට කිසිදු ද්රෝගහිකමක් කර නොමැත. මැත කාලයේ කොටි ත්රසස්තවාදයට කිසිම අයුරකින් හෝ උල්පන්දම් දී නොමැත. ඊට හාත්පසින් වෙනස්වල ඊලාම් වාදයට එරෙහි වූ නිසා මුස්ලිම් වරුන් කොටි අතින් බට කෑහ. මුස්ලිම් පල්ලි ඇතුලත යාඥාවේ යෙදුනු බැතිමතුන් සිය ගණනක් ඝාතනයට ලක්වුහ. යාපන අර්ධ ද්වීපයෙන් ගෙවල් දොරවල් වලින් එලියට ඇද දමා පැය 72 ක් තුල නෙරපනු ලැබූහ. පශ්චාත් යුද කාලයේ පවා මුස්ලිම් වරුන්ගේ බලාපොරොත්තුව වුයේ සෙසු ජන කොටස් සමග එක්වී එක්සත් ලංකාවක් ගොඩ නැගීමේ කර්තව්ය යට සම්මාදම් වීමටය. ශ්රීු ලංකාවට එරෙහි ජිනීවා මානව අයිතීන් පිළිබඳව යෝජනාව පසුගිය අවුරුදු දෙක තුලම මුස්ලිම් රටවල් ලංකාවට පක්ෂව චන්දය දුන්හ. මුස්ලිම් ආගමික නායකයින් ජිනීවාවට ගොස් මුස්ලිම් රටවල් වල නියෝජිතයින් හමුවී කරුණු පහදා දුන්හ. පෙළපාලි ගියහ. එනමුත් මෙමගින් හැඟෙන්නේ මුස්ලිම් වරුන් සැම දෙනාම සුදනෝ ය අහිංසකය යන අර්ථය නොවේ.

මා කියන්නට තැත් කරන්නේ ප්රාජාවක් වශයෙන් මුස්ලිම් වරුන් ජාතික අභිවුර්ද්ධිය ට එරෙහිව ක්රියා කර නැති බවය. කේවල වශයෙන් මුස්ලිම් වරුන් අතින් කොතෙකුත් වැරදි සිදුවිය හැක. කලයුත්තේ වැරැද්ද කොතනද ල ජාතිය කුමක්ද කියා නොබලා දඬුවම් දීමය. නීතිය ක්රි යාත්මක කරන නිලධාරීන් අපක්ෂපාතීව ක්රිුයා කල යුතුය. නීතියේ ආධිපත්යිය සුරැකිය යුතුය. අද අපි දකින දර්ශන හා පොලිසිය ක්රිරයා කරන ආකාරය ශෝචනීයය. විවිධ බලපෑම් මත විවිධ විදිහට නීතිය ක්රිලයාත්මක කිරීමෙන් සමාජ අසහනය වැඩිවෙනු ඇත. සමාජීය ගිනි කන්ද පුපුරා යාමේ සලකුණු ඒ නිසා මතුවෙමින් පවතී.

මුස්ලිම්වරුන්ටද මා කියන්නේ මේ පනිවිඩයමය. අන්තවාදී කොටස් සැම ජන කොට්ටාශයකම සිටිති. මුස්ලිම් වරුන් අතර ද එසේමය. සිංහල ජනතාව ඉතාමත් සුහද මිත්රාශීලී ජාතියක් බව සතවස් ගණනාවක අත්දැකීමෙන් අපහට කීමට පිළිවන. අද පවතින මෙම අසහනකාරී තත්වය ඇති කර ඇත්තේ සමස්ත සිංහල ජනතාව විසින් නොවේග සුළුතර අන්තවාදී, දෙස් විදෙස් දේශ විරෝධී න්යාසය පත්රඅ අනුව වැඩ කරන කොටසක් විසිනි. මේ අභියෝගාත්මක කාල වකවානුවේ, මුස්ලිම් වරුන් සංයමයකින් යුතුව ක්රිරයා කිරීම ගැන මුස්ලිම් වරයෙක් වශයෙන් මම ආඩම්බර වෙමි. මුස්ලිම්වරුන් වන අපි එලෙසම වගකීමෙන් හා ඉවසිලිවන්තව ක්රිමයා කල යුතුය. ජීවත් විය යුතුය.  අපගේ ආගම ඇදහීමේ හා සංස්කෘතිය පිළිපැදීමේ අයිතීන් සෙසු අයට පීඩා නොවෙන ආකාරයට කරගෙන යා යුතුය. සිංහල මුස්ලිම් දෙමල යන භේදයන්ගෙන් තොරව පොදු මහජන සෙත සලසන ව්යාුපෘතිවල එකමුතුවී වැඩ කල යුතුය. මන්ද ල බඩගින්න යනු, දුප්පත් කම යනු , රෝගයන් යනු ආගම හෝ ජාතීන් අනුව බෙදී නැත, ඒවා පොදු මානව ප්ර්ශ්නයන්ය. නබි නායක තුමාණෝ ද මානව හිතවාදී ක්රිනයා වල යෙදෙන ලෙස දේශනා කළහ. ඉස්ලාමීය ලෝකයේ සතර වන කලීෆා වන අලි තුමාණෝ පැවසුවේ ඉස්ලාමය දෙසන සහෝදරත්වය මුස්ලිම්වරුන්ට පමනක සීමා වුවක් නොව, මුළු මහත් මනුෂ්යස වර්ගයා හටම පොදු සංකල්පයක් යනුවෙනි.

ආණ්ඩු ක්රම ව්යපවස්ථාවේ බුද්ධාගමට විශේෂත්වයක් දී ඇති බව සැබැවි. ඒ සමගම, අන්යාගමිකයන්ටද ඔවුන්ගේ ආගම් ඇදහීමට ද සංස්කෘතීන් පිලිපදීමටද අයිතිය ද දී ඇත. එම තත්වයන් තුල, මා දකින ආකාරයට අපේ පාලකයින් බුද්ධාගමේ පිළිවෙත් අනුව පාලන තන්ත්රතය හා විධායක යාන්ත්‍රය මෙහෙයවුවොත්, අන්යාගම්වලටත් සංස්කෘතීන් වලටත් අවකාශ තිබෙනවා නේද? අප අතරේ වැඩ වසන, සාමකාමී සහජීවනය ප්රතවර්ධනයට හඬ නගන, ලාංකීය අනන්යවතාවයක් ගොඩ නැගීමට වෙර දරන යෝධවන් අග්ර්ගන්ය යුග පුරුෂයෝ සිටිති. ඒ අතරේ ස්වාමීන් වහන්සේලා ද සිටිති. දඹර අමිල හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල විමලරත්න හිමි, ගල්ලෙපිටියේ ප්රේිමරත්න හිමි වැනි උත්තම බුද්ධ පුත්රමයන් මෙම මහා ජාතික මෙහෙවෙරේ සිටීම මද්යස්තධාරීව සිතන සැමටම හය්යකි. මෙම ශ්රේරෂ්ටයන්ගේ නායකත්වයෙන් ජාතිවාදයට එරෙහි බලවේගයක් මුළු මහත් ලාංකීය ජාතියේම අපේක්ෂාවයි. මෙම රට සැමගේ රටයි. එකම පවුලකි. නිදහස් සටන ජයගත්තේ එකමුතුවය. මහාචාර්ය සුන්දරලිංගම්, ටී බී ග ජායා , ශ්රී මත් මොහම්මඩ් මාකාන් මාකර්, ශ්රී මත් රසික ෆරීඩ් වැනි සුළුතර ජන නායකයෝ, පටු අදහස් අභිබවා, ඩී එස් සේනානායක, එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක වැනි සිංහල නායකයින් සමග අත්වැල් බැඳගත. බ්රිඩතාන්යබ යටත් විජිතවාදී පාලකයින් මුල් ව්යබවස්ථාවේ 29 :2* යන සුළුතර අයිතීන් සුරැකීමට යෙදූ වගන්තියක් ද තිබුණි. එම වගන්තිය 1972 හා 1978 ව්යතවස්ථාවලින් ඉවත් කර මූලික අයිතිවාසිකම් රැසක් හඳුන්වා දෙනු ලැබිණි. ඒ අතර සැම පුරවැසියෙකුටම සමාන අයිතීන් අතර තමන්ට කැමති ආගමක් හෝ සංස්කෘතියක් පිළිපැදීමේ අයිතින් ද අඩංගුයග ලංකාවේ. අද දින යතාර්ථය නම්ල, එය බහු වාර්ගික බහු ආගමික රටකි යන්නය. ඒ පදනම මතල මෙම මුතු ඇට වන් රට සුරැකීම සැම දෙනාගේම වගකීමය. සිංහල බෞද්ධ ජනතාව එම පවුලේ වැඩිමල් සහෝදරයාය. ඔහුට ඇත්තේ සෙසු අයට වඩා වැඩි වගකීමකි. පවුලේ සමගිය රැකීමේ ප්රදධාන වගකීම ඔහු සතුය. සුළු සුළු හෝ ලොකු ප්රනශ්න උදාගතවුවහොත් ල ඔහු කලයුත්තේ මධ්යයස්තධාරීව සිතා සෙසු සහෝදර පිරිසද හවුල් කරගෙන විසඳුම් සෙවීමය.

එදත් අදත් මෙම ජාතිවාදී ප්රාශ්නයට පිළිතුර මෙම අන්තවාදී ප්රසවනතාවය පැරද්දීමේ රහස තිබෙන්නේල අප’තර තිබෙන අනවබෝධය දුරුකිරීම තුලය. මෙවැනි තීරණාත්මක මොහොතේ හුදෙක් නිහඬතාවය නොරැක, උදාසීන පිළිවෙතින් මිදී මෙවැනි අන්තවාදී හෝ වෛරයේ විෂ ජනතාව අතර පැතිරවීම වැලැක්වීම මගිනි. හිට්ලර්ට එදා සිටි ප්ර්බල හිතවතෙක් නම්, ඔහුගේ නාසි වාදයේ අවතාරය ජර්මනිය තුල පැවතී සහජීවනයට කණ කොක් හඬලද්දී, ජාත්යින්තර ප්රතජාව දැක්වූ උදාසීන ස්ථාවරයයි. මෙවැනි උදාසීන පිළිවෙත්ල ලෝකයේ නිහැඬියාව දෙවෙනි ලෝක යුද්ධය තරමටම දික් ගැසුණි. රුවන්ඩාවේ ගෝත්ර දෙකක් අතර පවතී යුද්ධය නිසා ලක්ෂ අටකට වඩා මිනිසුන් සමුල ඝාතනය වෙද්දී,ලෝකය ක්රිතයාමක වූයේ පමා වීය. එලෙසම මෙවැනි කාල වකවානුවේ පවතින අන්තවාදී ල ජාතිවාදී ද්වෙශාත්මක කතා හා ක්රිටයා කලාපයන් අපි හෙලා දැක ඊට එරෙහිව අපි නො පමාව ක්රියයාත්මක නොවුවහොත්, සිදු වන්නේ මහා ඛේදයකි. ඉමහත් වින්නැහියෙකි. අපි අපගේ මතු පරම්පරාවට තබා යාමට අදහස් කරන්නේ වෛරයෙන් පිරිච්ච ජන හදවත් කැඩිච්ච රටක් දායාද කරලද? අපගේ සදාදරණීය ගෞරවයට පාත්ර වූ ස්වාමීන් වහන්සේලා අතර සිටින බුදු දහමේ වගකීම් හරියාකාර තේරුම් නොගත්, සමහර හිමිවරුන්ගේ ක්රි යා කලාපයන් නිසා ජාතිවාදී වෛරය අපගේ නොදරුවන්ගේ හදවත් වල ට කිඳා බැස හමාරය. මෙය නම් ලෝකය නුහුලන අපරාධයකි.

ක්රෝධයෙන් වෛරයෙන් හා ද්වේශයෙන් ඈත්වී අප’තර ජාතික සමගිය ගොඩනගමු. ලාංකීය අනන්යයතාවයක් ඇති කරමු. මෙම තිස් වසක යුද්ධයෙන් බැට කා හෙම්බත්වූ අපේ රටේ ජනතාවට ජාති ආගම් භේදයෙන් තොර මානව අයිතීන් සුරකිනු ලබන එක්සත් එක්සිත් ශ්රී ලකක් ඉදිකර දිය යුතුය. අප මතු පරපුරට යහ හා ධර්මිෂ්ට සමාජයක් ඉතිරි කර අපි යා යුතුය. මෙම උතුම් මෙහවරට කාගේත් සහයෝගය ලබා දිය යුතුය. ඊට වින කරන කුමන බලවත් බලවේගය වුවද ල ඊට එරෙහිව නැගී සිටීමට දිරිය ගත යුතුය. ද්වේශ කථනය කවුරු තෙපලුවදල ඒවා පිටු දැකිය යුතුය. මන්ද, කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නිසාය. අති පූජ්යක මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පසුගිය දවසක සම්මුක සාකච්චාවකදී පවසා සිටියේි අපේ අය තම තමන්ගේ ආගම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ලැහැස්තිය. ජීවිත පූජා කිරීමට වුවත් ලැහැස්තිය. හැබැයි ආගම් අනුව ජීවත්වීමට ලැහැස්ති නැත යනුවෙනි. කෙතරම් සත්යද?

අවසාන වශයෙන් 2004 දී දොරට වදිනු ලැබූිතෙවත’ නම් මා විසින් පබැඳු තුන් ඇඳුතු කාව්ය සංග්රෙහයේ අඩංගුි ලක් මෑ ණි ගේ කඳුලැලි පිස දමමු’ කවියෙන් මෙලෙස උපුටා දක්වමි
ලක්භූමියයි මා දිනු මව්බිම වන්නේග
එහි සිහ ධජය මා හද තුල ලෙල දෙන්නේ
ඇගේ සිරියාව දැක මගේ සිත නැළ වෙන්නේ
මගේ ලක් මෑණි ඇයි අප අද හඬ වන්නේ

උතුර දකුණ බටහිර නැගනා හිරය
පැත්ත කුමක් වුවත් එක ලක්බිමය
වාසය කල යුතුයි එක පවුලක් ලෙසයග
නොතකමු භේදයන් ජාතිය හෝ බසය

Back to Home page